ත්‍රිපිටකය
මජ්ඣිමනිකායො මජ්ඣිම නිකාය
මූලපණ්ණාසපාළි මූලපණ්ණාසක (මුල් සූත්‍ර පණස.)
1. මූලපරියායවග්ගො 1. මූල පරියාය වර්ගය
1. මූලපරියායසුත්තං 1. මූල පරියාය සූත්‍රය
2. සබ්බාසවසුත්තං 2. සබ්බාසව සූත්‍රය
3. ධම්මදායාදසුත්තං 3. ධම්ම දායාද සූත්‍රය
4. භයභෙරවසුත්තං 4. භයභෙරව සූත්‍රය
5. අනඞ්ගණසුත්තං 5. අනංගණ සූත්‍රය
6. ආකඞ්ඛෙය්‍යසුත්තං 6. ආකඩ්ඛෙය්‍ය සූත්‍රය
7. වත්ථසුත්තං 7. වත්ථ සූත්‍රය
8. සල්ලෙඛසුත්තං 8. සල්ලේඛ සූත්‍රය
9. සම්මාදිට්ඨිසුත්තං 9. සම්මා දිට්ඨි සූත්‍රය
10. මහාසතිපට්ඨානසුත්තං 10. සතිපට්ඨාන සූත්‍රය
105
එවං මෙ සුතං - එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසධම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
105
“මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනි”යි කථා කළෝය. භික්ෂූහු “ස්වාමීන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.
106
‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා, සොකපරිදෙවානං (පරිද්දවානං (සී. පී.)) සමතික්කමාය, දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා.
‘‘කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
106
“මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙතෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීමය, වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හටගන්නා දුක්ය. සිතෙහි හටගන්නා දුක්ය, යන මොවුන්ගේ දුරලීම පිණිසද ඤාය නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබෝධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේයයි” දේශනා කළාහුය.
“ඒ සතර (සතිපට්ඨාන ධර්මයෝ) කවරහුද යත්? මහණෙනි, මේ සස්නෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්ය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව, සිහියෙන් යුක්තව මේ ශරීරයෙහි ලෝභයද, ක්‍රෝධයද සිංසිඳුවාගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇතුව, යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව විඳීම් රාශියෙහි, ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව වාසයකෙරේද, කෙලෙසුන් තවන වීර්ය ඇතුව යහපත් ප්‍රඥා ඇතුව සිහි ඇතුව සිත් සමූහයෙහි ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන සිත් කෙරෙහි සිත් අනුව දක්නා ස්වභාව ඇතිව වාසය කෙරේද, කෙලෙසුන් තවන වීර්ය ඇතිව, සිහි ඇතිව යහපත් ප්‍රඥා ඇතිව, නීවරණාදී ධර්ම රාශියෙහි ලෝභය හා දොම්නස (ක්‍රෝධය) සංසිඳුවාගෙන නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව සිහි කරමින් වාසය කෙරේද (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්)
107
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති, පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව (සතො (සී. ස්‍යා.)) පස්සසති. දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති, ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති , ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, දක්ඛො භමකාරො වා භමකාරන්තෙවාසී වා දීඝං වා අඤ්ඡන්තො ‘දීඝං අඤ්ඡාමී’ති පජානාති, රස්සං වා අඤ්ඡන්තො ‘රස්සං අඤ්ඡාමී’ති පජානාති; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො ‘දීඝං අස්සසාමී’ති පජානාති, දීඝං වා පස්සසන්තො ‘දීඝං පස්සසාමී’ති පජානාති, රස්සං වා අස්සසන්තො ‘රස්සං අස්සසාමී’ති පජානාති, රස්සං වා පස්සසන්තො ‘රස්සං පස්සසාමී’ති පජානාති; ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමී’ති සික්ඛති; ‘පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමී’ති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො (එවම්පි (සී. ස්‍යා. පී.)), භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
107
“මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්යංකය බැඳ (අරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳිනේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය, සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය, දීර්ඝ කොට (කල් ගනිමින් හෙමින් හෙමින්) ආශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට (කල් ගනිමින්) ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය ලුහුඬු කොට (ඉක්මණින්) ආශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ආශ්වාස කරන්නෙමියි’ දන්නේය. ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නේ හෝ ‘ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි’ දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාසය ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාසය දැන ප්‍රකට කරගන්නෙමියි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
“මහණෙනි, දක්‍ෂවූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දික් කොට අදින්නේ හෝ දික් කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, ලුහුඬුව අදින්නේ හෝ එසේ ලුහුඬු කොට අදින්නෙමියි කියා යම්සේ දනීද, එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙමේ දීර්ඝ කොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. ලුහුඬුකොට ආශ්වාස කරන්නේ හෝ ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. ලුහුඬුකොට ප්‍රශ්වාස කරන්නේ හෝ ලුහුඬු කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස දැන ගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. මුල මැද අග යන සියලු ප්‍රශ්වාස දැනගනිමි යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය. සියලු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුවමි. යන අදහසින් ප්‍රශ්වාස කරන්නෙමියි පුරුදු කරන්නේය.
මෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව නුවණින් බලමින් වාසය කරන්නේය. අනුන්ගේ හා තමන්ගේ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස) ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ හටගැනීම බලමින් හෝ වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. කලෙක හටගැනීම, කලෙක විනාශය බලමින් හෝ වාසය කරන්නේය. මොහුට සත්ව පුද්ගල නොවූ ආශ්වාස ප්‍රශ්වාස කය පමණක් ඇත්තේය යන සිහිය එළඹ සිටියා වෙයි. එය ඥානය වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් දුරුව වසන්නේද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි, කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගන්නේය. මහණෙනි, මෙසේද මහණතෙම ශරීරයෙහි, ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.”
108
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගච්ඡන්තො වා ‘ගච්ඡාමී’ති පජානාති, ඨිතො වා ‘ඨිතොම්හී’ති පජානාති, නිසින්නො වා ‘නිසින්නොම්හී’ති පජානාති, සයානො වා ‘සයානොම්හී’ති පජානාති. යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
108
“මහණෙනි, නැවතද මහණ තෙම යන්නේ හෝ යන්නෙමියි දන්නේය. සිටියෝ හෝ සිටියෙමියි දන්නේය. හුන්නේ හෝ හුන්නෙමියි දන්නේය. ශයනය කරන්නේ හෝ ශයනය කරන්නෙමියි දන්නේය. ඔහුගේ කය වනාහි යම් යම් ඉරියව්වකින් පිහිටුවනලදද ඒ ඒ ආකාරයෙන් දන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශවීම් ස්වභාව දන්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය, කියා සිහිය එළඹසිටියේ වෙයි. එය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් (දුරුව) වාසය කරන්නේය. මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි මහණෙනි, භික්ෂු තෙම මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
109
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
109
“මහණෙනි, නැවතද මහණ තෙමේ ඉදිරියට යාමෙහිද ආපසු ඊමෙහිද සිහියෙන් දැන කරන්නේ වෙයි. ඉදිරිපිට බැලීමෙහිද සරස බැලීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද ප්‍රඥාවෙන් දැන කරන්නේය පාත්‍රා, දෙපට සිවුරු තනිපට සිවුරු දැරීමෙහිද ප්‍රඥාවෙන් දැන දරන්නේය. අනුභව කිරීමෙහිද පානය කිරීමෙහිද, කඩාකෑමෙහිද රස බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. මළමුත්‍ර පහකිරීමෙහිද නුවණින් දැන කරන්නේය. යාමෙහිද, සිටීමෙහිද, හිඳීමෙහිද, නිදීමෙහිද, නිදි දුරුකිරීමෙහිද, කථා කිරීමෙහිද, කථා නොකිරීමෙහිද, ප්‍රඥාවෙන් දැන ඒ ඒ කෘත්‍ය පවත්වන්නේ මෙසේ තමාගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ කය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ හෝ ශරීරයෙහි ඇතිවීම බලමින් හෝ වාසය කරන්නේය. විනාශය බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ඉපදීම කලෙක නැතිවීම බලමින් හෝ වාසය කරන්නේය. මේ යෝගාවචරයාහට වනාහි සත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේයයි සිහිය එළඹ සිටියේ වෙයි, (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද වෙයි. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනාගෙන් දුරුව වාසය කරන්නේය. ශරීර ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් නොගන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේද මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය.
110
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා, අධො කෙසමත්ථකා, තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං න්හාරු (නහාරු (සී. ස්‍යා. පී.)) අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්ත’න්ති (මුත්තං මත්ථලුඞ්ගන්ති (ක.)).
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, උභතොමුඛා පුතොළි (මූතොළී (සී. ස්‍යා. පී.)) පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස, සෙය්‍යථිදං - සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. තමෙනං චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්‍ය - ‘ඉමෙ සාලී ඉමෙ වීහී ඉමෙ මුග්ගා ඉමෙ මාසා ඉමෙ තිලා ඉමෙ තණ්ඩුලා’ති. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා, අධො කෙසමත්ථකා, තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා...පෙ.... මුත්ත’න්ති.
‘‘ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
110
“නැවතද මහණෙනි, මහණ තෙම පාදතලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නානාවිධ අසුචියෙන් පිරීසිටි මේ ශරීරයම සිහි කරන්නේය. (කෙසේදයත්) මේ ශරීරයෙහි හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දෙතිස් දත්ය, හමය, මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුවය, හෘදයමාංශයය, අක්මාවය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය, නොදිරූ ආහාරය, මලය, හිස්මොලය පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය (යන මේ කුණපයෝ) ඇත්තාහ.
මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් පුරවනලද උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද, කිනම් ධාන්‍යවලින් යුත් මල්ලක්ද යත්? හැල්වීය, මහවීය, මුංය, මෑය, තලය, සහල්ය, (යන මේ ධාන්‍යවලිනි.) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල ලිහා මේ හැල්ය, මේ මහ වීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල්යයි යම්සේ මෙනෙහි කරන්නේද එපරිද්දෙන්ම මහණෙනි, මහණ තෙම පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් ආකාර අසුචිවලින් පිරුණාවූ මේ ශරීරයම සිහි කරන්නේය. ඒ කෙසේදයත්: හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දත්ය, සමය, මස්පිඩුය, නහරය, ඇටය ඇට මිදුළුය, වකුගඩුය, හෘදයමාංශය, අක්මාවය දළබුවය, බඩදිවය, පෙණහැලිය, අතුණුය. අතුණුබහන්ය, නොපැසුණු ආහාරය, මලය, හිස්මොලය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය, (යන මේ කුණපයෝ) මේ ශරීරයෙහි ඇත්තාහ. කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඉපදීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. ශරීරයෙහි විනාශවීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව හෝ අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. තණ්හා දෘෂ්ටි දෙදෙනෙ ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් ආත්මාදී වශයෙන් නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
111
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති.
‘‘සෙය්‍යථාපි , භික්ඛවෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා චතුමහාපථෙ (චාතුම්මහාපථෙ (සී. ස්‍යා. පී.)) බිලසො විභජිත්වා නිසින්නො අස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ , භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
111
“මහණෙනි, නැවතද භික්ෂුව යම් ඉරියව්වකින් සිටියාවූද යම් ආකාරයකින් තබන ලද්දාවූද මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය. මේ ශරීරයෙහි පෘථිවි ධාතුව (තද ගතිය) ඇත්තේය. ආපෝ ධාතුව (බැඳීම් ගතිය) ඇත්තේය. තේජෝ ධාතුව (උණු ගතිය) ඇත්තේය. වායො ධාතුව (පිම්බීම් ගතිය) ඇත්තේය කියායි.
“මහණෙනි, යම්සේ දක්ෂවූ ගවයන් මරන්නෙක් හෝ, ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ ගවයකු මරා සතර මංසන්ධියක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා උන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, භික්ෂුව මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය කෙසේදයත්? මේ ශරීරයෙහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තෙජො ධාතුව, වායො ධාතුව ඇත්තේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයාගේ නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ධාතු මාත්‍රවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
112
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති (එතං අනතීතොති (සී. පී.)). ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං කඞ්කෙහි වා ඛජ්ජමානං සුනඛෙහි වා ඛජ්ජමානං බ්‍යග්ඝෙහි වා ඛජ්ජමානං දීපීහි වා ඛජ්ජමානං සිඞ්ගාලෙහි වා (ගිජ්ඣෙහි වා ඛජ්ජමානං, සුවානෙහි වා ඛජ්ජමානං, සිගාලෙහි වා (ස්‍යා. පී.)) ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං නිමංසලොහිතමක්ඛිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකානි අපගතසම්බන්ධානි (අපගතන්හාරුසම්බන්ධානි (ස්‍යා.)) දිසා විදිසා වික්ඛිත්තානි, අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ගොප්ඵකට්ඨිකං (‘‘අඤ්ඤෙන ගොප්ඵකට්ඨික’’න්ති ඉදං සී. ස්‍යා. පී. පොත්ථකෙසු නත්ථි) අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරුට්ඨිකං අඤ්ඤෙන කටිට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ටකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන පිට්ඨිට්ඨිකං අඤ්ඤෙන ඛන්ධට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ටකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ගීවට්ඨිකං අඤ්ඤෙන හනුකට්ඨිකං අඤ්ඤෙන දන්තට්ඨිකං අඤ්ඤෙන සීසකටාහං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණපටිභාගානි (සඞ්ඛවණ්ණූපනිභානි (සී. ස්‍යා. පී.)) ...පෙ.... අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරොවස්සිකානි...පෙ.... අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි . සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
112
“මහණෙනි, නැවතද භික්ෂුව, මැරී එක දවසක් ගියාවූ හෝ දෙදවසක් ගියාවූ හෝ තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුනාවූ නිල්වූ සැරව වැගිරෙන්නාවූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දකින්නේද ඒ භික්ෂුව තම ශරීරය ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේද? මේ ශරීරය මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයකට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාව නොඉක්ම සිටියේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව කවුඩන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ උකුසන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ නොයෙක් සතුන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ අමු සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද ඒ භික්ෂුව විසින් තමාගේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත්? මේ ශරීරයද මෙබඳුවූ ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාවය නොඉක්ම සිටියේය කියාය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි විනාශවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව ලේ මස් සහිතවූ නහරවලින් බැඳුනාවූ ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළමිනියක් යම්සේ දක්නේ වේද, ඒ භික්ෂුව මේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. කෙසේදයත්? මේ (මගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි.
ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව මස් ලේ දෙකින් පහවූ නහරින් බැඳුන ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව නහර බැඳුම්වලින් වෙන්වූ දිශා අනුදිශාවන්හි විසුරුණු ඇට කැබලිද, වෙන දිශාවක විසිරුණු පාඇටද, වෙන දිශාවක විසුරුණු කෙණ්ඩා ඇටද, වෙන දිශාවක විසුරුණු කලවා ඇටද, වෙන දිශාවක විසුරුණු කටී ඇටද, වෙන දිශාවක විසුරුණු පිටකටුද, වෙන දිශාවක විසුරුණු හිස්කැබලිද ඇතිව සොහොනෙහි දමනලද මළමිනිය යම්සේ දකීද,ඒ භික්ෂුව (තම) ශරීරය ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය. කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියාවෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව සක්ගෙඩියක පාටට සමාන ස්වභාව ඇති සුදුවූ ඇට ඇත්තාවූ සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී තෘෂ්ණාදෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය,
“මහණෙනි, නැවතද භික්ෂුව අවුරුදු ගණන් ඉක්මගිය ඇට ගොඩක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තමා) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
“මහණෙනි, නැවතද භික්ෂුව කුණුවූ, සුණුවූ ඇට කැබලිවලට පැමිණි සොහොනෙහි දමනලද මළමිණියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි, ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම් පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
113
‘‘කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සුඛං වා (සුඛං, දුක්ඛං, අදුක්ඛමසුඛං (සී. ස්‍යා. පී. ක.)) වෙදනං වෙදයමානො ‘සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; දුක්ඛං වා (සුඛං, දුක්ඛං අදුක්ඛමසුඛං (සී. ස්‍යා. පී. ක.)) වෙදනං වෙදයමානො ‘දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති; අදුක්ඛමසුඛං වා වෙදනං වෙදයමානො ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; සාමිසං වා සුඛං වෙදනං වෙදයමානො ‘සාමිසං සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; නිරාමිසං වා සුඛං වෙදනං වෙදයමානො ‘නිරාමිසං සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; සාමිසං වා දුක්ඛං වෙදනං වෙදයමානො ‘සාමිසං දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති; නිරාමිසං වා දුක්ඛං වෙදනං වෙදයමානො ‘නිරාමිසං දුක්ඛං වෙදනං වෙදයාමී’ති පජානාති; සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘සාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදයාමී’ති පජානාති; ඉති අජ්ඣත්තං වා වෙදනාසු වෙදනානුපස්සී විහරති, බහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා වෙදනාසු විහරති, වයධම්මානුපස්සී වා වෙදනාසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා වෙදනාසු විහරති. ‘අත්ථි වෙදනා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති , න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති.
113
“මහණෙනි, කෙසේ නම් භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේද? මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව සැප වේදනාවක් විඳින්නේ, සැප වේදනාවක් විඳීමියි දැනගනී. දුක් වේදනාවක් විඳින්නේ, දුක් වේදනාවක් විඳිමියි දැනගනී. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ දුක්ද නොවූ, සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක්ද නොවූ සැපද නොවූ (උපෙක්ෂා) වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී. මෙසේ තමන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම්, අනුව බලමින් වාසය කරන්නේය තමන්ගේ හා අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය. කලෙක වේදනාවන්හි ඇතිවීම් ස්වභාව හා කලෙක වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ වේදනා (විඳීම්) ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.
114
‘‘කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සරාගං වා චිත්තං ‘සරාගං චිත්ත’න්ති පජානාති, වීතරාගං වා චිත්තං ‘වීතරාගං චිත්ත’න්ති පජානාති; සදොසං වා චිත්තං ‘සදොසං චිත්ත’න්ති පජානාති, වීතදොසං වා චිත්තං ‘වීතදොසං චිත්ත’න්ති පජානාති; සමොහං වා චිත්තං ‘සමොහං චිත්ත’න්ති පජානාති, වීතමොහං වා චිත්තං ‘වීතමොහං චිත්ත’න්ති පජානාති; සංඛිත්තං වා චිත්තං ‘සංඛිත්තං චිත්ත’න්ති පජානාති, වික්ඛිත්තං වා චිත්තං ‘වික්ඛිත්තං චිත්ත’න්ති පජානාති; මහග්ගතං වා චිත්තං ‘මහග්ගතං චිත්ත’න්ති පජානාති, අමහග්ගතං වා චිත්තං ‘අමහග්ගතං චිත්ත’න්ති පජානාති; සඋත්තරං වා චිත්තං ‘සඋත්තරං චිත්ත’න්ති පජානාති, අනුත්තරං වා චිත්තං ‘අනුත්තරං චිත්ත’න්ති පජානාති; සමාහිතං වා චිත්තං ‘සමාහිතං චිත්ත’න්ති පජානාති, අසමාහිතං වා චිත්තං ‘අසමාහිතං චිත්ත’න්ති පජානාති; විමුත්තං වා චිත්තං ‘විමුත්තං චිත්ත’න්ති පජානාති, අවිමුත්තං වා චිත්තං ‘අවිමුත්තං චිත්ත’න්ති පජානාති. ඉති අජ්ඣත්තං වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, බහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති. ‘අත්ථි චිත්ත’න්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති . එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති.
114
“මහණෙනි, භික්ෂුව කෙසේනම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේදයත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙමේ සරාග (අටවැදෑරුම් ලෝභ සහගත) සිත හෝ රාගසහිත සිතයයි දැනගනී. වීතරාග (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී. සදොස (දෙවදෑරුම් දොසමූල) සිත හෝ සදොස සිතයයි දැනගනී. වීතදොස (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීතදොස සිතයයි දැනගනී. සමොහ (දෙවැදෑරුම්) මෝහමූලවූ හෝ දොළොස් අකුසල්වූ) සිත හෝ සමොහ සිතයයි දැනගනී. වීතමොහ (ලෞකික කුසල් විපාක ක්‍රියා) සිත හෝ වීත මෝහ සිතයයි දැනගනී. සංඛිත්ත (ථීනමිද්ධයන් - චිත්ත චෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය හා යෙදුණ) සිත හෝ සංඛිත්ත සිතයයි දැනගනී. වික්ඛිත්ත (උද්ධච්චය - සිතේ විසිරයාම - හා යෙදුණ) සිත හෝ වික්ඛිත්ත සිතයයි දැනගනී. මහග්ගත (රූපාවචර අරූපාවචර) සිත හෝ මහග්ගත සිතයයි දැනගනී. අමහග්ගත (කාමාවචර) සිත හෝ අමහග්ගත සිතයයි දැන ගනී. සඋත්තර (කාමාවචර) සිත හෝ සඋත්තර සිතයයි දැනගනී. අනුත්තර (රූපාවචර අරූපාවචර) සිත හෝ අනුත්තර සිතයයි. දැනගනී. සමාහිත (අපර්ණා සමාධි උපචාර සමාධියෙන් යුත්) සිත හෝ සමාහිත සිතයයි දැනගනී. අසමාහිත (අර්පණා සමාධි උපචාර සමාධියෙන් තොරවූ) සිත හෝ අසමාහිත සිතයයි දැනගනී. විමුක්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් මිදුණ) සිත විමුක්ත සිතයයි දැනගනී, අවිමුත්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් නොමිදුණු) සිත හෝ අවිමුත්ත සිතයයි දැන ගනී.)
මෙසේ තමාගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය සිතෙහි ඉපදීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. විනාශවීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. ඔහුට සත්ව පුද්ගල නොවූ සිත ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. ඒ භික්ෂුව තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කෙරේ. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කරන්නේය.
115
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු?
‘‘ඉධ , භික්ඛවෙ, භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං ‘අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං ‘නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති; යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං බ්‍යාපාදං ‘අත්ථි මෙ අජ්ඣත්තං බ්‍යාපාදො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං බ්‍යාපාදං ‘නත්ථි මෙ අජ්ඣත්තං බ්‍යාපාදො’ති පජානාති; යථා ච අනුප්පන්නස්ස බ්‍යාපාදස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස බ්‍යාපාදස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස බ්‍යාපාදස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං ථීනමිද්ධං ‘අත්ථි මෙ අජ්ඣත්තං ථීනමිද්ධ’න්ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං ථීනමිද්ධං ‘නත්ථි මෙ අජ්ඣත්තං ථීනමිද්ධ’න්ති පජානාති, යථා ච අනුප්පන්නස්ස ථීනමිද්ධස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස ථීනමිද්ධස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස ථීනමිද්ධස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං ‘අත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්ච’න්ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං ‘නත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්ච’න්ති පජානාති; යථා ච අනුප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස උද්ධච්චකුක්කුච්චස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං ‘අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං ‘නත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති; යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති , සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු.
115
“මහණෙනි, භික්ෂුව කෙසේනම් ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පංචනීවරණ ධර්මයන් (කුසල් ආවරණය කරන කෙලෙස් පස) කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්ෂුව පංචනීවරණ ධර්මයන් කෙරෙහි (ඒ නීවරණ) ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කෙරේද? මේ ශාසනයෙහි භික්ෂුව තමා කෙරෙහි ඇත්තාවූ හෝ කාමච්ඡන්දය (පස්කම් සැපයෙහි ආසාව) මා තුළ කාමච්ඡන්දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ කාමච්ඡන්දය, මා තුළ කාමච්ඡන්දය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීම වේද, ඒ කාරණයත් දැනගනී. යම් කරුණකින් උපන්නාවූ කාමච්ඡන්දයාගේ දුරුකිරීම් වන්නේද ඒ කාරණයද, දැනගනී. යම් කරුණකින් දුරු කරන ලද කාමච්ඡන්දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණයද දැනගනී.
ඇත්තාවූ හෝ ආධ්‍යාත්මිකවූ (තමා තුළවූ) ව්‍යාපාදය (ක්‍රෝධය) මා තුළ (ආධ්‍යාත්මක) ව්‍යාපාද ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ, හෝ ක්‍රෝධය, මා තුළ ක්‍රෝධය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ ක්‍රෝධයේ ඉපදීම වේද, ඒ කරුණද දැනගනී. යම්කරුණකින් උපන්නාවූ ක්‍රෝධයේ දුරුවීම වන්නේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ක්‍රෝධයෝ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.
තමා තුළ ඇත්තාවූ හෝ ථීනමිද්ධය (චිත්ත චෛතසිකයන්ගේ මැලිබව) මා තුළ ථීනමිද්ධය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තා වූ හෝ ථීනමිද්ධය, මා තුළ ථීනමිද්ධය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ථීනමිද්ධයාගේ ඉපදීම වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් ථීනමිද්ධයාගේ දුරුවීම වන්නේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ථීනමිද්ධයාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.
තමා තුළ ඇත්තාවූ හෝ උද්ධච්චකුක්කුච්චය (නොසන්සුන්කම හා පසුතැවිල්ල) මා තුළ උද්ධච්චකුක්කුච්චය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ උද්ධච්චකුක්කුච්චය මා තුළ උද්ධච්චකුක්කුච්චය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීම වන්නේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ උද්ධච්චකුක්කුච්චයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ විචිකිච්ඡාව (බුද්ධාදි අට තැන්හි සැකය) මා තුළ විචිකිච්ඡාව ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව නැතැයි දන්නේය. යම් කරුණකින් නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් උපන් විචිකිච්ඡාවගේ දුරුකිරීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් දුරුවූ විචිකිච්ඡාව නැවත නූපදින්නේද, එයද දන්නේය.
මෙසේ තමා තුළවූ හෝ (පංචනීවරණ) ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරව පවත්නාවූ හෝ (අනුන් පිළිබඳවූ) නීවරණ ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්මයන් කෙරෙහි හෝ ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
ඒ ධර්මයන්ගේ ඉපදීම ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ඒ ධර්මයන්ගේ නැතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. විටක ඉපදීම් ස්වභාව හා විටක නැතිවීම් ස්වභාව හෝ බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ නීවරණ ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. ඒ සිහිය නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (මමය මගේ යයි) ගැනීම නොකරන්නේය. මහණෙනි, ඒ භික්ෂුව මෙසේ පඤ්චනීවරණ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
116
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු? ඉධ, භික්ඛවෙ, භික්ඛු - ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො; ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථඞ්ගමො; ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථඞ්ගමො; ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති; ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු උපාදානක්ඛන්ධෙසු.
116
“මහණෙනි, භික්ෂුව නැවතද පසක්වූ උපාදාන ස්කන්ධ (රූප, වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
“මහණෙනි, භික්ෂුව පසක්වූ උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසයකරන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ රූපරාශියයි, මේ රූපයන් පහළවීමේ හේතුවයි. මේ රූපයන්ගේ විනාශයයිද, මේ වේදනාවය (විඳීමය) මේ වේදනාව පහළවීමේ හේතුවය. මේ වේදනාවගේ විනාශයයිද, මේ සංඥාවය, මේ සංඥාව පහළවීමේ හේතුවය. මේ සංඥා විනාශයයිද, මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ පහළවීමේ හේතුවය, මේ සංස්කාර විනාශයයිද මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ පහළවීමේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ විනාශයයිද මෙසේ තමා තුළවූ (පංචස්කන්ධ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරවූ (අනුන් තුළවූ) හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් කෙරෙහිවූ හෝ අනුන් කෙරෙහිවූ හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ ඇතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ විනාශවීම් ස්වභාවය හෝ බලමින් වාසය කරන්නේය. කලෙක ධර්මයන්ගේ පහළවීම හා කලෙක ධර්මයන්ගේ විනාශවීම හෝ බලමින් වාසය කරන්නේය. ඔහුට (සත්ව පුද්ගල නොවන) ස්කන්ධධර්මයෝ ඇත්තාහුය. (යන) සිහිය හොඳින් පිහිටියා වෙයි (ඒ සිහිය) නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ඇසුරුනොකොට වාසය කරයි. (පංච ස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මෙය මාගේයයි ගැනීමක් නොකරන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේ පඤ්ච උපදාන ස්කන්ධයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
117
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු?
‘‘ඉධ , භික්ඛවෙ, භික්ඛු චක්ඛුඤ්ච පජානාති, රූපෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘සොතඤ්ච පජානාති, සද්දෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘ඝානඤ්ච පජානාති, ගන්ධෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘ජිව්හඤ්ච පජානාති, රසෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘කායඤ්ච පජානාති, ඵොට්ඨබ්බෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘මනඤ්ච පජානාති, ධම්මෙ ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං තඤ්ච පජානාති, යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති තඤ්ච පජානාති, යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති තඤ්ච පජානාති.
‘‘ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු.
117
“මහණෙනි, නැවතද භික්ෂුව තමන් තුළවූ සය ආයතනයන්ද (ඇස, කණ, නාසය, දිව, කය, සිත,) පිටතවූ සය ආයතනයන්ද (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම) යන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. මහණෙනි, භික්ෂුව තමන් තුළවූද, පිටතවූද සය ආයතනයන් කෙරෙහි ධර්මයන් අනුව කෙසේනම් බලමින් වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ඇසද දැනගනී. රූපයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීම හේතුකොටගෙන යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද, දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී. කණද දැනගනී. ශබ්දයද දැනගනී ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී. නාසයද දැනගනී. ගන්ධයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.
දිවද දැනගනී. රසයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද, එයද දැනගනී.
කයද දැනගනී. ස්පර්ශයද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද එයද, දැනගනී.
සිතද දැනගනී. ධර්මයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද එයද දැනගනී.
මෙසේ තමා තුළවූ (ආයතන) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. පිටත්හිවූ ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. තමන් තුළවූද පිටත්හි වූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. කලෙක ධර්මයන්ගේ ඉපදීම හා කලෙක විනාශවීම බලමින් හෝ වාසය කෙරේ. ඔහුට (සත්ත්ව පුද්ගල නොවන) ආයතන ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. (එය) නුවණ වැඩීම පිණිසද, සිහිය දියුණුවීම පිණිසද පවතී ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන අසුරු නොකොට වාසය කරන්නේය. (ආයතන ධර්ම) ලෝකයෙහි කිසිවක් (මමය, මාගේයයි) ගැනීම නොකෙරේ. මහණෙනි ඒ භික්ෂුව මෙසේ තමන් තුළවූද, පිටත්හි වූද දොළොස් ආයතන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
118
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු? ඉධ, භික්ඛවෙ, භික්ඛු සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති , යථා ච අනුප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති .
‘‘ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු.
118
“මහණෙනි, නැවතද භික්ෂුව සප්තබොද්ධ්‍යංග (අවබෝධයට හේතුවන අවයව හත) ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි භික්ෂුව සත් වැදෑරුම් බොද්ධ්‍යංග ධර්මයන් අනුව කෙසේ බලමින් වාසය කෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තමා තුළ ඇත්තාවූ හෝ සතිසම්බොජ්ජඩ්ගය, (සිහිය) මා තුළවූ සතිසම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ සතිසම්බොජ්ජඩ්ගය මා තුළ සතිසම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් සතිසම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ සතිසම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
තමා කෙරෙහිඇත්තාවූ හෝ ධම්මවිචය (ප්‍රඥාව) සම්බොජ්ජඩ්ගය, මා තුළ ධම්මවිචය සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ ධම්මවිචය සම්බොජ්ජඩ්ගය, මා තුළ ධම්මවිචය සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ධම්මවිචය සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ විරිය (වීර්ය) සම්බොජ්ජඩ්ගය හෝ මා තුළ විරිය සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ විරිය සම්බොජ්ජඩ්ගය මා තුළ විරිය සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් විරිය සම්බොජ්ජඩ්යාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ විරිය සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ පීති (ප්‍රීතිය) සම්බොජ්ජඩ්ගය, හෝ මා තුළ පීති සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පීති සම්බොජ්ජඩ්ගය මා තුළ පීති සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් පීති සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ පීති සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ පස්සද්ධි (සංසිඳීම) සම්බොජ්ජඩ්ගය, මා තුළ පස්සද්ධි සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පස්සද්ධි සම්බොජ්ජඩ්ගය මා තුළ පස්සද්ධි සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නා වූ පස්සද්ධි සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නා වූ පස්සද්ධි සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ සමාධි (සිතේ එතඟකම) සම්බොජ්ජඩ්ගය, මා තුළ සමාධි සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ සමාධි සම්බොජ්ජඩ්ගය මා තුළ සමාධි සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නා වූ සමාධි සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නා වූ සමාධි සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද එයද දැනගනී.
තමා කෙරෙහි ඇත්තාවූ හෝ උපෙක්ඛා (මැදහත් බව) සම්බොජ්ජඩ්ගය, මා තුළ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගය මා තුළ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නා වූ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නා වූ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද එයද දැනගනී.
මෙසේ තමා කෙරෙහි ඇත්තාවූ හෝ (සප්ත බොද්ධ්‍යංග) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. අනුන් පිළිබඳවූ (සප්ත බොද්ධ්‍යංග) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කරයි.
ඒ භික්ෂුවට (සත්ත්ව පුද්ගල නොවන) බොද්ධ්‍යංග ධර්මයෝ ඇතැයි යන සිහිය හොඳින් එළඹෙන ලද්දීය. (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. (ඒ භික්ෂුව) තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්‍රය නොකොට වාසය කරයි. ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් ගැනීම නොකරයි. මහණෙනි, භික්ෂුව මෙසේ සප්ත බොද්ධ්‍යංග ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි.
119
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
119
“මහණෙනි, භික්ෂුව නැවතද චතුරාර්ය සත්‍ය (උතුම් සත්‍ය හතර) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. මහණෙනි, භික්ෂුව චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමේ මාර්ගය යයි ඇති සැටියෙන් දැනගනී.
120
‘‘කතමඤ්ච , භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො (‘‘අප්පියෙහි...පෙ.... විප්පයොගොපි දුක්ඛො’’ති පාඨො චෙව තංනිද්දෙසො ච සී. පී. පොත්ථකෙසු න දිස්සති, සුමඞ්ගලවිලාසිනියංපි තංසංවණ්ණනා නත්ථි), යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (පඤ්චුපාදානක්ඛන්ධාපි (ක.)) දුක්ඛා.
120
(මෙම කොටසේ පරිවර්තනය සඳහා දීඝ නිකායේ සතිපට්ඨාන සූත්‍රය බලන්න)
121
‘‘කතමා ච, භික්ඛවෙ, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති, භික්ඛවෙ, ජාති.
121
122
‘‘කතමා ච, භික්ඛවෙ, ජරා? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්‍රියානං පරිපාකො, අයං වුච්චති, භික්ඛවෙ, ජරා.
122
123
‘‘කතමඤ්ච, භික්ඛවෙ, මරණං? යං (සුමඞ්ගලවිලාසිනී ඔලොකෙතබ්බා) තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලඞ්කිරියා ඛන්ධානං භෙදො කළෙවරස්ස නික්ඛෙපො ජීවිතින්ද්‍රියස්සුපච්ඡෙදො, ඉදං වුච්චති, භික්ඛවෙ, මරණං.
123
124
‘‘කතමො ච, භික්ඛවෙ, සොකො? යො ඛො, භික්ඛවෙ, අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො, අයං වුච්චති, භික්ඛවෙ, සොකො.
124
125
‘‘කතමො ච, භික්ඛවෙ, පරිදෙවො? යො ඛො, භික්ඛවෙ, අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං, අයං වුච්චති, භික්ඛවෙ, පරිදෙවො.
125
126
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛං? යං ඛො, භික්ඛවෙ, කායිකං දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛං.
126
127
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දොමනස්සං? යං ඛො, භික්ඛවෙ, චෙතසිකං දුක්ඛං චෙතසිකං අසාතං මනොසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චති, භික්ඛවෙ, දොමනස්සං.
127
128
‘‘කතමො ච, භික්ඛවෙ, උපායාසො? යො ඛො, භික්ඛවෙ, අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති, භික්ඛවෙ, උපායාසො.
128
129
‘‘කතමො ච, භික්ඛවෙ, අප්පියෙහි සම්පයොගො දුක්ඛො? ඉධ යස්ස තෙ හොන්ති අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා ධම්මා, යෙ වා පනස්ස තෙ හොන්ති අනත්ථකාමා අහිතකාමා අඵාසුකකාමා අයොගක්ඛෙමකාමා, යා තෙහි සද්ධිං සඞ්ගති සමාගමො සමොධානං මිස්සීභාවො, අයං වුච්චති, භික්ඛවෙ, අප්පියෙහි සම්පයොගො දුක්ඛො.
129
130
‘‘කතමො ච, භික්ඛවෙ, පියෙහි විප්පයොගො දුක්ඛො? ඉධ යස්ස තෙ හොන්ති ඉට්ඨා කන්තා මනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා ධම්මා, යෙ වා පනස්ස තෙ හොන්ති අත්ථකාමා හිතකාමා ඵාසුකකාමා යොගක්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා මිත්තා වා අමච්චා වා ඤාතිසාලොහිතා වා, යා තෙහි සද්ධිං අසඞ්ගති අසමාගමො අසමොධානං අමිස්සීභාවො, අයං වුච්චති, භික්ඛවෙ, පියෙහි විප්පයොගො දුක්ඛො.
130
131
‘‘කතමඤ්ච, භික්ඛවෙ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං? ජාතිධම්මානං, භික්ඛවෙ , සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත මයං න ජාතිධම්මා අස්සාම, න ච වත නො ජාති ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. ජරාධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත මයං න ජරාධම්මා අස්සාම, න ච වත නො ජරා ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. බ්‍යාධිධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත මයං න බ්‍යාධිධම්මා අස්සාම, න ච වත නො බ්‍යාධි ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. මරණධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත මයං න මරණධම්මා අස්සාම, න ච වත නො මරණං ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත මයං න සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා අස්සාම, න ච වත නො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා ආගච්ඡෙය්‍යු’න්ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
131
132
‘‘කතමෙ ච, භික්ඛවෙ, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා? සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං.
132
133
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛසමුදයං (දුක්ඛසමුදයො (ස්‍යා.)) අරියසච්චං? යායං තණ්හා පොනොබ්භවිකා (පොනොභවිකා (සී. පී.)) නන්දීරාගසහගතා (නන්දිරාගසහගතා (සී. ස්‍යා. පී.)) තත්‍රතත්‍රාභිනන්දිනී. සෙය්‍යථිදං - කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.
‘‘සා ඛො පනෙසා, භික්ඛවෙ, තණ්හා කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති, කත්ථ නිවිසමානා නිවිසති? යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ...පෙ.... ඝානං ලොකෙ... ජිව්හා ලොකෙ... කායො ලොකෙ... මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපා ලොකෙ... සද්දා ලොකෙ... ගන්ධා ලොකෙ... රසා ලොකෙ... ඵොට්ඨබ්බා ලොකෙ... ධම්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘චක්ඛුවිඤ්ඤාණං ලොකෙ... සොතවිඤ්ඤාණං ලොකෙ... ඝානවිඤ්ඤාණං ලොකෙ... ජිව්හාවිඤ්ඤාණං ලොකෙ... කායවිඤ්ඤාණං ලොකෙ... මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘චක්ඛුසම්ඵස්සො ලොකෙ... සොතසම්ඵස්සො ලොකෙ... ඝානසම්ඵස්සො ලොකෙ... ජිව්හාසම්ඵස්සො ලොකෙ... කායසම්ඵස්සො ලොකෙ... මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘චක්ඛුසම්ඵස්සජා වෙදනා ලොකෙ... සොතසම්ඵස්සජා වෙදනා ලොකෙ... ඝානසම්ඵස්සජා වෙදනා ලොකෙ... ජිව්හාසම්ඵස්සජා වෙදනා ලොකෙ... කායසම්ඵස්සජා වෙදනා ලොකෙ... මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපසඤ්ඤා ලොකෙ... සද්දසඤ්ඤා ලොකෙ... ගන්ධසඤ්ඤා ලොකෙ... රසසඤ්ඤා ලොකෙ... ඵොට්ඨබ්බසඤ්ඤා ලොකෙ... ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපසඤ්චෙතනා ලොකෙ... සද්දසඤ්චෙතනා ලොකෙ... ගන්ධසඤ්චෙතනා ලොකෙ... රසසඤ්චෙතනා ලොකෙ... ඵොට්ඨබ්බසඤ්චෙතනා ලොකෙ... ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපතණ්හා ලොකෙ... සද්දතණ්හා ලොකෙ... ගන්ධතණ්හා ලොකෙ... රසතණ්හා ලොකෙ... ඵොට්ඨබ්බතණ්හා ලොකෙ... ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපවිතක්කො ලොකෙ... සද්දවිතක්කො ලොකෙ... ගන්ධවිතක්කො ලොකෙ... රසවිතක්කො ලොකෙ... ඵොට්ඨබ්බවිතක්කො ලොකෙ... ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපවිචාරො ලොකෙ... සද්දවිචාරො ලොකෙ... ගන්ධවිචාරො ලොකෙ... රසවිචාරො ලොකෙ... ඵොට්ඨබ්බවිචාරො ලොකෙ... ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛසමුදයං අරියසච්චං.
133
134
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛනිරොධං (දුක්ඛනිරොධො (ස්‍යා.)) අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.
‘‘සා ඛො පනෙසා, භික්ඛවෙ, තණ්හා කත්ථ පහීයමානා පහීයති, කත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති? යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සොතං ලොකෙ...පෙ.... ඝානං ලොකෙ... ජිව්හා ලොකෙ... කායො ලොකෙ... මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපා ලොකෙ... සද්දා ලොකෙ... ගන්ධා ලොකෙ... රසා ලොකෙ... ඵොට්ඨබ්බා ලොකෙ... ධම්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘චක්ඛුවිඤ්ඤාණං ලොකෙ... සොතවිඤ්ඤාණං ලොකෙ... ඝානවිඤ්ඤාණං ලොකෙ... ජිව්හාවිඤ්ඤාණං ලොකෙ... කායවිඤ්ඤාණං ලොකෙ... මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘චක්ඛුසම්ඵස්සො ලොකෙ... සොතසම්ඵස්සො ලොකෙ... ඝානසම්ඵස්සො ලොකෙ... ජිව්හාසම්ඵස්සො ලොකෙ... කායසම්ඵස්සො ලොකෙ... මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘චක්ඛුසම්ඵස්සජා වෙදනා ලොකෙ... සොතසම්ඵස්සජා වෙදනා ලොකෙ... ඝානසම්ඵස්සජා වෙදනා ලොකෙ... ජිව්හාසම්ඵස්සජා වෙදනා ලොකෙ... කායසම්ඵස්සජා වෙදනා ලොකෙ... මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපසඤ්ඤා ලොකෙ... සද්දසඤ්ඤා ලොකෙ... ගන්ධසඤ්ඤා ලොකෙ... රසසඤ්ඤා ලොකෙ... ඵොට්ඨබ්බසඤ්ඤා ලොකෙ... ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපසඤ්චෙතනා ලොකෙ... සද්දසඤ්චෙතනා ලොකෙ... ගන්ධසඤ්චෙතනා ලොකෙ... රසසඤ්චෙතනා ලොකෙ... ඵොට්ඨබ්බසඤ්චෙතනා ලොකෙ... ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපතණ්හා ලොකෙ... සද්දතණ්හා ලොකෙ... ගන්ධතණ්හා ලොකෙ... රසතණ්හා ලොකෙ... ඵොට්ඨබ්බතණ්හා ලොකෙ... ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපවිතක්කො ලොකෙ... සද්දවිතක්කො ලොකෙ... ගන්ධවිතක්කො ලොකෙ... රසවිතක්කො ලොකෙ... ඵොට්ඨබ්බවිතක්කො ලොකෙ... ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපවිචාරො ලොකෙ... සද්දවිචාරො ලොකෙ... ගන්ධවිචාරො ලොකෙ... රසවිචාරො ලොකෙ... ඵොට්ඨබ්බවිචාරො ලොකෙ... ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං. එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣාමානා නිරුජ්ඣති. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛනිරොධං අරියසච්චං.
134
135
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි? යං ඛො, භික්ඛවෙ, දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාදිට්ඨි.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො? නෙක්ඛම්මසඞ්කප්පො අබ්‍යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාවාචා? මුසාවාදා වෙරමණී (වෙරමණි (ක.)), පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී . අයං වුච්චති, භික්ඛවෙ, සම්මාවාචා.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාකම්මන්තො? පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාකම්මන්තො.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො? ඉධ, භික්ඛවෙ, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිතං කප්පෙති. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාආජීවො.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාවායාමො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාවායාමො.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාසති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාසති.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාසමාධි? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාසමාධි. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං.
135
136
‘‘ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු.
136
(මෙහි ගැළපීම සම්පුර්ණ නැත)
මෙසේ තමන් තුළවූ (චතුරාර්ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. අනුන් පිළිබඳවූ (චතුරාර්ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූ හා අනුන් පිළිබඳවූ (චතුස්සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතුවූ (ප්‍රත්‍යය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්ය සත්‍ය) ධර්මයන්ගේ විනාශයට හේතුවූ (ප්‍රත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. කලෙක (චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ උත්පත්තියද කලෙක විනාශයද දක්නේ හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ත්ව පුද්ගල නොවන) චතුරාර්ය සත්‍ය ධර්මයෝ ඇත්තාහ යන එළඹ සිටි සිහිය ඇත්තේ වෙයි. ඒ සිහිය ඥානය වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. (ඒ භික්ෂුව) තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, මෙසේ භික්ෂුව (චතුරාර්ය සත්‍ය) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
137
‘‘යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ත වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
‘‘තිට්ඨන්තු, භික්ඛවෙ, සත්ත වස්සානි. යො හි කොචි , භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ වස්සානි...පෙ.... පඤ්ච වස්සානි... චත්තාරි වස්සානි... තීණි වස්සානි... ද්වෙ වස්සානි... එකං වස්සං... තිට්ඨතු, භික්ඛවෙ, එකං වස්සං. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ත මාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා. තිට්ඨන්තු, භික්ඛවෙ, සත්ත මාසානි. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ මාසානි...පෙ.... පඤ්ච මාසානි... චත්තාරි මාසානි... තීණි මාසානි... ද්වෙ මාසානි... එකං මාසං... අඩ්ඪමාසං... තිට්ඨතු, භික්ඛවෙ, අඩ්ඪමාසො. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තාහං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති.
137
“මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය.)
“මහණෙනි, සත් වර්ෂයක් කල් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය.)
“මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා. යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය.)
“මහණෙනි, පස් වසක් කල් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
“මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් භවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය.
“මහණෙනි, තුන්අවුරුද්දක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමිඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය.)
“මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, සත් මසක් කල්තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හයමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, පස් මාසයක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, සාරමසක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, තුන් මාසයක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මාස දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, මාස දෙකක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් ධර්මයන් පසළොස් දිනක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අරහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි වීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
“මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත්දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අරහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
138
‘‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා’ති. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
138
“මහණෙනි, රාගාදී කෙලෙස් නැතිව සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද ශෝක පරිදෙව දුඃඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ග වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණය පිණිස වදාරණ ලද්දේය.”
භාග්‍යවත්වූ බුදුරජාණන් වහන්සේ මේ (සතර සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව) මෙසේ දේශනා කොට වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව සතුටින් පිළිගත්හ.