ත්‍රිපිටකය
10. සඞ්ගීතිසුත්තං 10. සංගීති සූත්‍රය
296
එවං මෙ සුතං - එකං සමයං භගවා මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන පාවා නාම මල්ලානං නගරං තදවසරි. තත්‍ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ.
296
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්‍යජනපදවල ගමන් කරනුයේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයා සමග මල්‍යයන්ගේ පාවා නම් නුවර යම් තැනකද එතැනට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වාසය කරති.
උබ්භතකනවසන්ධාගාරං උබ්භතකනවසන්ධාගාරං
භින්නනිගණ්ඨවත්ථු භින්නනිගණ්ඨවත්ථු
එකකං එකකං
දුකං දුකං
තිකං තිකං
චතුක්කං චතුක්කං
පඤ්චකං පඤ්චකං
315
‘‘අත්ථි ඛො, ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඤ්ච ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං...පෙ.... අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙ පඤ්ච?
‘‘පඤ්චක්ඛන්ධා. රූපක්ඛන්ධො වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො.
‘‘පඤ්චුපාදානක්ඛන්ධා. රූපුපාදානක්ඛන්ධො (රූපූපාදානක්ඛන්ධො (සී. ස්‍යා. කං. පී.) එවමිතරෙසුපි) වෙදනුපාදානක්ඛන්ධො සඤ්ඤුපාදානක්ඛන්ධො සඞ්ඛාරුපාදානක්ඛන්ධො විඤ්ඤාණුපාදානක්ඛන්ධො.
‘‘පඤ්ච කාමගුණා. චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසඤ්හිතා රජනීයා , සොතවිඤ්ඤෙය්‍යා සද්දා... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසඤ්හිතා රජනීයා.
‘‘පඤ්ච ගතියො - නිරයො, තිරච්ඡානයොනි, පෙත්තිවිසයො, මනුස්සා, දෙවා.
‘‘පඤ්ච මච්ඡරියානි - ආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.
‘‘පඤ්ච නීවරණානි - කාමච්ඡන්දනීවරණං, බ්‍යාපාදනීවරණං, ථිනමිද්ධනීවරණං, උද්ධච්චකුක්කුච්චනීවරණං, විචිකිච්ඡානීවරණං.
‘‘පඤ්ච ඔරම්භාගියානි සඤ්ඤොජනානි - සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො, කාමච්ඡන්දො, බ්‍යාපාදො.
‘‘පඤ්ච උද්ධම්භාගියානි සඤ්ඤොජනානි - රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා.
‘‘පඤ්ච සික්ඛාපදානි - පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා වෙරමණී.
315
ඇවැත්නි, දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් ප්‍රකාශ කරණ ලද්දාවූ ධර්මයෝ පස්දෙනෙක් වෙත්.
“යම්සේ මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව බොහෝ කල් පවත්නේ වේද චිරස්ථායී වේද එසේ සියල්ලන් විසින් එක්ව ඒ ධර්මය සජ්ජායනා (එක්ව කීම) කළ යුත්තේය, විවාද නොකළ යුත්තේය. එය බොහෝ දෙනාට හිත පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ට වැඩ පිණිසද සැප පිණිසද වන්නේය.
“ඒ කවර ධර්ම පසක්ද?
“රූපස්කන්ධය (රූප රාශිය) වේදනා ස්කන්ධය (විඳීම් රාශිය) සංඥාස්කන්ධය, (හැඟීම් රාශිය) සංස්කාරස්කන්ධය (හැඟීම් විඳීම දෙක හැර ඉතිරි චෛතසික රාශිය) විඥානස්කන්ධය (සිත් රාශිය)යි මෙසේ ස්කන්ධ (රාශි) පසක් වෙත්.
“උපාදානස්කන්ධ (තණ්හා දිට්ඨි දෙකින් අල්වා ගනු ලබන ස්කන්ධ) පසකි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥාඋපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය, (යන පසයි)
“කාමගුණ පසකි. කැමැතිවූ, මනාපවූ, ප්‍රියවූ, කාමයන් ඇසුරුකළාවූ, ඇළුම් කටයුතුවූ, ඇසින් දැකගතයුතුවූ රූපයෝ වෙත්. කණින් දැනගතයුතුවූ ශබ්දයෝ, නාසයෙන් ආඝ්‍රාණය කටයුතුවූ ගන්ධයෝ, දිවෙන් දැනගතයුතුවූ රසයෝ, කයින් දැනගතයුතුවූ, මනාපවූ ප්‍රියවූ කැමතිවූ කාමයන් ඇසුරු කළාවූ, ඇළුම් කටයුතුවූ, ස්පර්ශයෝ වෙත්. (යන පසයි)
“ගති පසක් වෙත්. නිරය, තිරිසන් යෝනිය, ප්‍රෙත ආත්මය, මනුෂ්‍යයෝය, දෙවියෝය. (යන පසයි)
“මාත්සර්‍ය්‍ය (මසුරුකම්) පසක් වෙත්. ආවාස මාත්ස්‍ය_ය, කුල මාත්සර්‍ය්‍යය, ලාභ මාත්සර්‍ය්‍යය, වර්ණ මාත්සර්‍ය්‍යය, ධර්ම මාත්සර්‍ය්‍යය, (යන පසයි)
“නීවරණ (වැලකීම්) පසක්වෙත්, කාමච්ඡන්දනීවරණය, ව්‍යාපාදනීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්චකුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය (යන පසයි)
“ඔරම්භාගිය සංයෝජන පසක් වෙත්. සත්කාය දෘෂ්ටිය (මමය, මාගේය යන හැඟීම) විචිකිච්ඡාව, (සැකය) සීලබ්බත පරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය, (යන පසයි)
“උද්ධම්භාගිය සංයෝජන පසක් වෙත්. රූපරාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාය, (යන පසයි.)
“ශික්ෂාපද පසක් වෙත්. ප්‍රාණඝාතයෙන් වැළකීමය, සොර කමින් වැළකීමය, කාම මිථ්‍යාචාරයෙන් වැළකීමය, මුසාවාදයෙන් වැළකීමය, සුරාපානයෙන් වැළකීමය, (යන පසය.)
316
‘‘පඤ්ච අභබ්බට්ඨානානි. අභබ්බො, ආවුසො, ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියිතුං (ආදාතුං (ස්‍යා. කං. පී.)). අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවිතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං, සෙය්‍යථාපි පුබ්බෙ ආගාරිකභූතො.
‘‘පඤ්ච බ්‍යසනානි - ඤාතිබ්‍යසනං, භොගබ්‍යසනං, රොගබ්‍යසනං, සීලබ්‍යසනං, දිට්ඨිබ්‍යසනං. නාවුසො, සත්තා ඤාතිබ්‍යසනහෙතු වා භොගබ්‍යසනහෙතු වා රොගබ්‍යසනහෙතු වා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. සීලබ්‍යසනහෙතු වා, ආවුසො, සත්තා දිට්ඨිබ්‍යසනහෙතු වා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.
‘‘පඤ්ච සම්පදා - ඤාතිසම්පදා, භොගසම්පදා, ආරොග්‍යසම්පදා, සීලසම්පදා, දිට්ඨිසම්පදා. නාවුසො, සත්තා ඤාතිසම්පදාහෙතු වා භොගසම්පදාහෙතු වා ආරොග්‍යසම්පදාහෙතු වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සීලසම්පදාහෙතු වා, ආවුසො, සත්තා දිට්ඨිසම්පදාහෙතු වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
‘‘පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. ඉධාවුසො , දුස්සීලො සීලවිපන්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච්ඡති, අයං පඨමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. පුන චපරං, ආවුසො, දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අයං දුතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. පුන චපරං, ආවුසො, දුස්සීලො සීලවිපන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, අවිසාරදො උපසඞ්කමති මඞ්කුභූතො, අයං තතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. පුන චපරං, ආවුසො, දුස්සීලො සීලවිපන්නො සම්මූළ්හො කාලං කරොති, අයං චතුත්ථො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා. පුන චපරං, ආවුසො, දුස්සීලො සීලවිපන්නො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, අයං පඤ්චමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
‘‘පඤ්ච ආනිසංසා සීලවතො සීලසම්පදාය. ඉධාවුසො, සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති, අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන චපරං, ආවුසො, සීලවතො සීලසම්පන්නස්ස කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන චපරං, ආවුසො, සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්‍රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො, අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන චපරං, ආවුසො, සීලවා සීලසම්පන්නො අසම්මූළ්හො කාලං කරොති, අයං චතුත්ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය. පුන චපරං, ආවුසො, සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
‘‘චොදකෙන , ආවුසො, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො. කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තචිත්තෙන (මෙත්තාචිත්තෙන (කත්ථචි)) වක්ඛාමි නො දොසන්තරෙනාති. චොදකෙන, ආවුසො, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො.
316
“අභව්‍ය (නුසුදුසු) කරුණු පසක් වෙත්. ඇවැත්නි, රහත්වූ මහණතෙම දැනගෙන සතෙකු නැසීමට අභව්‍ය වේ. (නුසුදුසු වේ.) රහත්වූ මහණ තෙම නුදුන් දෙයක් සොර සිතින් ගැනීමට නුසුදුසු වේ. රහත්වූ මහණ තෙම මෛථුන සේවනයට නුසුදුසු වේ. රහත්වූ මහණ තෙම දැන දැන බොරු කීමට නුසුදුසු වේ. රහත්වූ මහණ තෙම පෙර ගිහි කාලයෙහි මෙන් සන්නිධිකාර වශයෙන් (රැස්කර තබාගෙන) කාම වස්තූන් පරිභොග කරන්ට නුසුදුසු වේ. (යන පසයි)
“ව්‍යසන (විනාශ) පසක් වෙත්. ඤාති ව්‍යසනය, භොග ව්‍යසනය, රොග ව්‍යසනය, සීල ව්‍යසනය, දෘෂ්ටි ව්‍යසනය, (යන පසයි) ඇවැත්නි, සත්වයෝ ඤාති විනාශය හේතුකොට හෝ භොග විනාශය හේතුකොට හෝ රොග විනාශය හේතු කොට හෝ ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති හෙයින් අපාය නම්වූ, දුකටම තැන් වන හෙයින් දුර්ගති නම්වූ යටිකුරුවූ වැටෙන හෙයින් විනිපාත නම්වූ, නරකයෙහි නූපදිත්. ඇවැත්නි, සත්වයෝ සීල විනාශය හේතුකොට හෝ දෘෂ්ටි විනාශය හේතුකොට හෝ ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි අපාය නම්වූ, දුර්ගති නම්වූ, විනිපාත නම්වූ නරකයෙහි උපදිත්.
“සම්පත් පසක් වෙත්. ඥාති සම්පත්ය, භොග සම්පත්ය, ආරොග්‍ය සම්පත්ය, සීල සම්පත්ය, දෘෂ්ටි සම්පත්ය (යන පසයි.)
“ඇවැත්නි, සත්වයෝ ඤාති සම්පත්තිය හේතුකොට හෝ භොග සම්පත්තිය හේතු කොට හෝ, ආරොග්‍ය සම්පත්තිය හේතු කොට හෝ, ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි නූපදිත්. ඇවැත්නි, සත්වයෝ සීල සම්පත්තිය හේතු කොට හෝ දෘෂ්ටි සම්පත්තිය හේතු කොට හෝ ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදිත්.
“දුස්සීලයාගේ සීල විපත්තියෙහි ආදීනව පසක් වෙත්. ඇවැත්නි මේ ශාසනයෙහි දුස්සීලතෙම සීල විපත්තියට පැමිණියේ ප්‍රමාදය හේතුකොට ගෙණ මහත් වස්තු විනාසයට පැමිණේ. දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ පළමුවන ආදීනවයයි. නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, සීලවිපත්තියට පැමිණියාවූ දුස්සීලයාගේ අපකීර්තිය පැන නගියි. දුස්සීලයාගේ සීලවිපත්තියෙහි මේ දෙවන ආදීනවයයි. නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, සීලවිපත්තියට පැමිණියාවූ දුස්සීලයා ක්ෂත්‍රිය පිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ කිසියම් පිරිසකට පැමිණෙයි නම් භයින් හැකිලී පැමිණෙයි. දුස්සීලයාගේ සීල විපත්තියෙහි මේ තුන්වෙනි ආදීනවයයි. නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, සීල විපත්තියට පැමිණි දුස්සීලයා සිහි මුළාවී මැරෙයි. දුස්සීලයාගේ සීලවිපත්තියෙහි මේ සතරවන ආදීනවයයි. නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, සීලවිපත්තියට පැමිණි දුස්සීලයා ශරීරය බිඳීමෙන් මරණින් මතු අපාය නම්වූ, දුර්ගතිනම්වූ, විනිපාතනම්වූ, නරකයෙහි උපදියි. දුස්සීලයාගේ සීලවිපත්තියෙහි මේ පස්වන ආදීනවයයි.
“සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි ආනිසංස පසක් වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි සීලයෙන් සම්පූර්ණවූ සිල්වත් තෙමේ අප්‍රමාදය හේතු කොට මහත්වූ වස්තු රාශියට පැමිණේ. සිලවත්හුගේ සීල සම්පත්තියෙහි මේ පළමුවන ආනිසංසයයි. නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, සීලසම්පන්නවූ සිල්වත්හුගේ යහපත් කීර්තිය පැන නගියි. සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ දෙවන ආනිසංසයයි. නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, සීලසම්පන්නවූ සිල්වත් තෙමේ ක්ෂත්‍රිය පිරිසකට හෝ බ්‍රාහ්මණ පිරිසකට හෝ ගෘහපති පිරිසකට හෝ ශ්‍රමණ පිරිසකට හෝ කිසියම් පිරිසකට පැමිණේ නම් භය නැතිව එඩිතරව පැමිණෙයි. සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ තුන්වෙනි ආනිසංසයයි. නැවත අනිකක්ද කියමි, සීල සම්පන්නවූ සිල්වත් තෙමේ සිහි මුළානොවූයේ මැරෙයි. සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි මේ සතර වන ආනිසංසයයි. නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, සීලයෙන් යුක්තවූ සිල්වත් තෙම ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ගලෝකයෙහි උපදියි. සිල්වත්හුගේ සීල සම්පත්තියෙහි මේ පස්වන ආනිසංසයයි.
“ඇවැත්නි, අනුන්ට චොදනා කරණු කැමැතිවූ චොදක භික්ෂුව විසින් ධර්ම පසක් තමා කෙරෙහි පිහිටුවා අන්‍යයාට චොදනා කටයුත්තේය. සුදුසු කාලයෙහි කියන්නෙමි, නුසුදුසු කාලයෙහි නොකියන්නෙමි. වූවක් කියන්නෙමි, නුවූවක් නොකියන්නෙමි, මිහිරි බසින් කියන්නෙමි, ඵරුෂ බසින් නොකියන්නෙමි, අර්ථයෙන් යුක්තවූවක් කියන්නෙමි, අනර්ථයෙන් යුක්තවූවක් නොකියන්නෙමි, මෛත්‍රියෙන් කියන්නෙමි, ක්‍රෝධයෙන් නොකියන්නෙමි යන පසයි. ඇවැත්නි, අනුන්ට චොදනා කරණු කැමැතිවූ, චොදක භික්ෂුව විසින් මේ කරුණු පස තමා කෙරෙහි පිහිටුවා අනුන්ට චොදනා කටයුතුයි.
317
‘‘පඤ්ච පධානියඞ්ගානි. ඉධාවුසො, භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො, ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අප්පාබාධො හොති අප්පාතඞ්කො, සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අසඨො හොති අමායාවී, යථාභූතං අත්තානං ආවිකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්‍රහ්මචාරීසු. ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.
317
“ප්‍රධානියංග (වීර්යය කරණ මහණහුගේ අංග) පසක් වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම ශ්‍රද්ධාව ඇත්තේවෙයි, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයි ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙන් රහත්ය, සම්‍යක්සම්බුද්ධය, විද්‍යාචරණ සම්පන්නය, සුගතය, ලොකවිදූය, අනුත්තරපුරිස දම්ම සාරථිය, දෙවි මිනිසුන්ට ශාස්තෘය, බුද්ධය, භගවත්යයි අදහයි.
“ස්වල්ප ආබාධ ඇත්තේ ඉතා ශීතද නොවූ ඉතා උෂ්ණද නොවූ මධ්‍යමවූ වීර්යයට සුදුසුවූ සමව ආහාර දිරවන ගින්නෙන් යුක්තවූයේ වෙයි. ශාස්තෲන්වහන්සේ කෙරෙහි හෝ නුවණැත්තාවූ සබ්‍රම්සරුන් (එකට වාසය කරන භික්ෂූන්) කෙරෙහි හෝ තමා පිළිබඳ කරුණු ඇතිසැටියෙන් ප්‍රකාශ කරන කපටිනොවූ රැවටිලි නැත්තෙක් වෙයි. අකුසල් දුරු කිරීම පිණිස කුසල් වැඩීම පිණිස, ශක්ති ඇතිව දැඩිවූ වීර්යය ඇතිව කුසල ධර්මයන්හි අත්නොහරිනලද වීර්යය ඇතිව පටන් ගන්නාලද වීර්යය ඇත්තේවෙයි. ආර්‍ය්‍යවූ, කලකිරීම ඇති කරන්නාවූ, හොඳින් දුක් නැතිකිරීමට පමුණුවන්නාවූ උදය ව්‍යයගාමිනී (ඇතිවීම හා නැතිවීම දක්වන) ප්‍රඥාවෙන් යුක්ත වූයේ ප්‍රඥාව ඇත්තේ වෙයි. (යන පසයි)
318
‘‘පඤ්ච සුද්ධාවාසා - අවිහා, අතප්පා, සුදස්සා, සුදස්සී, අකනිට්ඨා.
‘‘පඤ්ච අනාගාමිනො - අන්තරාපරිනිබ්බායී, උපහච්චපරිනිබ්බායී, අසඞ්ඛාරපරිනිබ්බායී, සසඞ්ඛාරපරිනිබ්බායී, උද්ධංසොතොඅකනිට්ඨගාමී.
318
“සුද්ධාවාස පසක් වෙත්. අවිහය, අතප්පය, සුදස්සය, සුදස්සිය, අකනිට්ඨය, (යන පසයි)
“අනාගාමීහු පස්දෙනෙක් වෙත්, අන්තරා පරිනිබ්බායීය, උපහච්ච පරිනිබ්බායීය, අසඩ්ඛාර පරිනිබ්බායීය, සසඩ්ඛාර පරිනිබ්බායීය, උද්ධංසොත අකනිට්ඨාගාමීය, (යන පස්දෙනයි)
319
‘‘පඤ්ච චෙතොඛිලා. ඉධාවුසො, භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො, ආවුසො, භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඨමො චෙතොඛිලො. පුන චපරං, ආවුසො, භික්ඛු ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති...පෙ.... සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති... සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති... සබ්‍රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො. යො සො, ආවුසො, භික්ඛු සබ්‍රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඤ්චමො චෙතොඛිලො.
319
“චෙතොඛිල (චිත්තයාගේ තද බැව්) පසක් වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා උපදවයි. නිශ්චය නොකරයි, නොපහදියි, ඇවැත්නි, යම් මේ භික්ෂුවක් තෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරේද, විචිකිච්ඡා උපදවාද නිශ්චය නොකෙරේද, නොපහදීද ඔහුගේ සිත වීර්යය පිණිස අනුයොගය පිණිස නිතර කිරීම පිණිස ප්‍රධානය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත වීර්යය පිණිස අනුයොගය පිණිස නිතර කිරීම පිණිස ප්‍රධානය පිණිස නොනැමේද මේ පළමුවන චෙතොඛිලයයි (හිතේ ඇති තද බවයි.) නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණ තෙම ධර්මයෙහි සැක කෙරෙයි, විචිකිච්ඡා උපදවයි, සංඝයා කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා උපදවයි, ශික්ෂාවෙහි සැක කරයි, විචිකිච්ඡා උපදවයි, සබ්‍රම්සරුන් (එක්ව වසන සංඝයා) කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ, නැසුනු සිත් ඇත්තේ හටගත් හුල් ඇත්තේ වෙයි, ඇවැත්නි, යම් මේ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නොසතුටු සිත් ඇත්තේ නැසුනු සිත් ඇත්තේ හටගත් හුල් ඇත්තේ වේද ඔහුගේ සිත වීර්යය පිණිස අනුයොගය පිණිස නිතර කිරීම පිණිස ප්‍රධානය පිණිස නොනැමේ. යමෙකුගේ සිත වීර්යය පිණිස අනුයෝගය පිණිස නිතර කිරීම පිණිස ප්‍රධානය පිණිස නොනැමේද මේ පස්වන චෙතොඛිලයයි.
320
‘‘පඤ්ච චෙතසොවිනිබන්ධා. ඉධාවුසො, භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො, ආවුසො, භික්ඛු කාමෙසු අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. අයං පඨමො චෙතසො විනිබන්ධො. පුන චපරං, ආවුසො, භික්ඛු කායෙ අවීතරාගො හොති...පෙ.... රූපෙ අවීතරාගො හොති...පෙ.... පුන චපරං, ආවුසො, භික්ඛු යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්‍යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති...පෙ.... පුන චපරං, ආවුසො, භික්ඛු අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ්මචරියං චරති - ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති. යො සො, ආවුසො, භික්ඛු අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ්මචරියං චරති - ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. අයං පඤ්චමො චෙතසො විනිබන්ධො.
‘‘පඤ්චින්ද්‍රියානි - චක්ඛුන්ද්‍රියං, සොතින්ද්‍රියං, ඝානින්ද්‍රියං, ජිව්හින්ද්‍රියං, කායින්ද්‍රියං.
‘‘අපරානිපි පඤ්චින්ද්‍රියානි - සුඛින්ද්‍රියං, දුක්ඛින්ද්‍රියං, සොමනස්සින්ද්‍රියං, දොමනස්සින්ද්‍රියං, උපෙක්ඛින්ද්‍රියං.
‘‘අපරානිපි පඤ්චින්ද්‍රියානි - සද්ධින්ද්‍රියං, වීරියින්ද්‍රියං, සතින්ද්‍රියං, සමාධින්ද්‍රියං, පඤ්ඤින්ද්‍රියං.
320
“සිත පිළිබඳ විනිබන්ධ (බැමි) පසක් වෙත්, ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්හි පහව නොගිය රාගය ඇත්තේ, පහව නොගිය ඡන්දය ඇත්තේ, පහව නොගිය ප්‍රේමය ඇත්තේ, පහව නොගිය පිපාස ඇත්තේ පහව නොගිය පරිළාහ (දැවිල්ල) ඇත්තේ, පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වෙයි.
“ඇවැත්නි, යම් මේ මහණෙක් තෙම කාමයන්හි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ඡන්දය ඇත්තේ, පහව නොගිය ප්‍රේමය ඇත්තේ පහව නොගිය පිපාසා ඇත්තේ පහව නොගිය පරිළාහය ඇත්තේ, පහව නොගිය තෘෂ්ණාව ඇත්තේ වේද, ඔහුගේ සිත වීර්යය පිණිස අනුයෝගය පිණිස නිතර කිරීම පිණිස ප්‍රධානය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත වීර්යය පිණිස අනුයෝගය පිණිස නිතර කිරීම පිණිස ප්‍රධානය පිණිස නොනැමේද මේ පළමුවන චිත්ත විනිබන්ධය (හිතේ ඇතිවන බැම්ම) යි.
“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම (තමාගේ) කයෙහි පහව නොගිය රාගය ඇත්තේ පහව නොගිය ඡන්දය (කැමැත්ත) ඇත්තේ, පහව නොගිය ප්‍රේමය ඇත්තේ, පහව නොගිය පිපාස ඇත්තේ, පහව නොගිය දැවිල්ල ඇත්තේ, පහව නොගිය තෘෂ්ණාව ඇත්තේ වෙයි. ඇවැත්නි යම් මේ මහණෙක්තෙම පහවනොගිය රාග ඇත්තේ පහවනොගිය ඡන්දය ඇත්තේ, පහවනොගිය ප්‍රෙමය ඇත්තේ, පහවනොගිය පිපාස ඇත්තේ, පහවනොගිය දැවිල්ල ඇත්තේ, පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වේද, ඔහුගේ සිත වීර්යය පිණිස, අනුයෝගය පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත වීර්යය පිණිස, අනුයොගය පිණිස, නිතර කිරීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමේද, මේ සිත පිළිබඳ දෙවන විනිබන්ධයයි.
“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම තමාගෙන් අන්‍යවූ රූපයෙහි පහව නොගිය රාගය ඇත්තේ, පහවනොගිය ඡන්දය ඇත්තේ, පහවනොගිය ප්‍රෙමය ඇත්තේ, පහවනොගිය පිපාස ඇත්තේ, පහව නොගිය දැවිල්ල ඇත්තේ, පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් මේ මහණ තෙම පහව නොගිය රාගය ඇත්තේ, පහව නොගිය ඡන්දය ඇත්තේ, පහවනොගිය ප්‍රෙමය ඇත්තේ, පහව නොගිය පිපාස ඇත්තේ, පහව නොගිය දැවිල්ල ඇත්තේ, පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වේද, ඔහුගේ සිත වීර්යය පිණිස, අනුයොගය පිණිස, නිතර පැවැත්වීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත වීර්යය පිණිස, අනුයොගය පිණිස, නිතර යෙදීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමේද, මේ සිත පිළිබඳ තුන්වන විනිබන්ධයයි.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, මහණතෙම බඩ පිරෙන තෙක් වළඳා සයන සැපය, පස්ස (ඇලයෙන් ඇලයට හැරි හැරී නිදන) සැපය, නිද්‍රා සැපය යන මෙහි යෙදුනේ, වාසය කරයිද. ඔහුගේ සිත වීර්යය පිණිස, අනුයෝගය පිණිස, නිතර යෙදීම පිණිස, ප්‍රධානය පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත වීර්යය පිණිස, අනුයෝගය පිණිස, නිතර යෙදීම පිණිස ප්‍රධානය පිණිස, නොනැමේද මේ සිත පිළිබඳ සතරවන විනිබන්ධයයි.
“මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි, දෙවියන්ගෙන් එක්තරා කෙනෙකු හෝ වන්නෙමියි, මහණ තෙම කිසියම් දෙවි කොටසක් පතා බ්‍රහ්මචරියාවෙහි හැසිරේද ඔහුගේ සිත වීර්යය පිණිස, අනුයොගය පිණිස, නිතර යෙදීම පිණිස, ප්‍රධානය පිණිස, නොනැමෙයි, යමෙකුගේ සිත වීර්යය පිණිස, අනුයොගය පිණිස, නිතර යෙදීම පිණිස, ප්‍රධානය පිණිස නොහැසිරේද, මේ පස්වන චිත්තවිනිබන්ධය වේ.
“ඉන්ද්‍රිය පසක් වෙත්. චක්ෂු ඉන්ද්‍රිය, ශ්‍රොත ඉන්ද්‍රිය, ඝ්‍රාණ ඉන්ද්‍රිය, ජිව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රියය (යන පසයි.)
“අනිකුදු ඉන්ද්‍රිය පසක් වෙත්. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය සොමනස්ස ඉන්ද්‍රිය, දොමනස්ස ඉන්ද්‍රිය, උපෙක්ෂා ඉන්ද්‍රිය යන පසයි.
“අනිකුදු ඉන්ද්‍රිය පසක් වෙත්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්යය ඉන්ද්‍රිය, ස්මෘති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, යන පසයි.
321
‘‘පඤ්ච නිස්සරණියා (නිස්සාරණීයා (සී. ස්‍යා. කං. පී.) ටීකා ඔලොකෙතබ්බා) ධාතුයො. ඉධාවුසො, භික්ඛුනො කාමෙ මනසිකරොතො කාමෙසු චිත්තං න පක්ඛන්දති න පසීදති න සන්තිට්ඨති න විමුච්චති. නෙක්ඛම්මං ඛො පනස්ස මනසිකරොතො නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං කාමෙහි. යෙ ච කාමපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා (විඝාතපරිළාහා (ස්‍යා. කං.)), මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං කාමානං නිස්සරණං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනො බ්‍යාපාදං මනසිකරොතො බ්‍යාපාදෙ චිත්තං න පක්ඛන්දති න පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අබ්‍යාපාදං ඛො පනස්ස මනසිකරොතො අබ්‍යාපාදෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං බ්‍යාපාදෙන. යෙ ච බ්‍යාපාදපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං බ්‍යාපාදස්ස නිස්සරණං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනො විහෙසං මනසිකරොතො විහෙසාය චිත්තං න පක්ඛන්දති න පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අවිහෙසං ඛො පනස්ස මනසිකරොතො අවිහෙසාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං විහෙසාය. යෙ ච විහෙසාපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං විහෙසාය නිස්සරණං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනො රූපෙ මනසිකරොතො රූපෙසු චිත්තං න පක්ඛන්දති න පසීදති න සන්තිට්ඨති න විමුච්චති. අරූපං ඛො පනස්ස මනසිකරොතො අරූපෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං රූපෙහි. යෙ ච රූපපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං රූපානං නිස්සරණං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනො සක්කායං මනසිකරොතො සක්කායෙ චිත්තං න පක්ඛන්දති න පසීදති න සන්තිට්ඨති න විමුච්චති. සක්කායනිරොධං ඛො පනස්ස මනසිකරොතො සක්කායනිරොධෙ චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං විසංයුත්තං සක්කායෙන. යෙ ච සක්කායපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතා පරිළාහා, මුත්තො සො තෙහි, න සො තං වෙදනං වෙදෙති. ඉදමක්ඛාතං සක්කායස්ස නිස්සරණං.
321
“නිස්සරණීය (නික්මීම්) ධාතු පසක් වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි කාමයන් මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ සිත ඒ කාමයන්හි නොපැමිණෙයිද, නොපහදියිද, නොසිටියිද, බැසනොගනියිද, නෛෂ්ක්‍රම්‍යය (දශ අශුභයන්ගෙන් උපදවන ලද ප්‍රථම ධ්‍යානය) වනාහි සිහි කරන්නාවූ ඔහුගේ සිත නෛෂ්ක්‍රම්‍යයෙහි පැමිණෙයිද, පහදියිද, පිහිටයිද, බැසගනියිද, ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණෙන ලද්දේය. යහපත් කොට වඩන ලද්දේය. යහපත් කොට නැගී සිටින ලද්දේය. කාමයන්ගෙන් මිදුණේය, වෙන්වූයේය. කාමය නිසා දුක්වූ, දාහ සහිතවූ යම් ආශ්‍රව (කෙලෙස්) කෙනෙක් උපදිත්ද, හෙතෙම ඒ කෙලෙස්වලින් මිදුනේ වෙයි. හෙතෙම ඒ වේදනාව නොවිඳියි. මේ කාමයන් කෙරෙන් නික්මීම යයි කියන ලදී.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, ව්‍යාපාදය (ක්‍රෝධය) මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ සිත ව්‍යාපාදයෙහි නොපැමිණෙයිද නොපහදියිද නොසිටියිද බැස නොගනියිද මෛත්‍රිය ධ්‍යානය වනාහි මෙනෙහි කරන්නාවූ මොහුගේ සිත මෛත්‍රියෙන් උපදවනලද ධ්‍යානයට පැමිණෙයිද පහදියිද පිහිටයිද, බැසගනීද ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණෙනලදී. මනාකොට වඩනලදී. මනාකොට නැගීසිටින ලදී. මනාකොට බැසගන්නාලදී. ව්‍යාපාදයෙන් මිදුණේ වෙයි, වෙන්වූයේ වෙයි. ක්‍රෝධය නිසා දුක්වූ දාහ සහිතවූ යම් ආශ්‍රව කෙනෙක් (කෙලෙස්) උපදිත්ද එයින් හෙතෙම මිදුනේ වෙයි. හෙතෙම ඒ වේදනාව නොවිඳියි. මේ ව්‍යාපාදයෙන් නික්මීමයයි කියනලදී.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, සත්වහිංසාව මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ සිත සත්ව හිංසාවෙහි නොපැමිණෙයිද නොපහදියිද, නොසිටියිද, බැසනොගනියිද කරුණාධ්‍යානය වනාහි මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත කරුණාධ්‍යානයට පැමිණෙයිද පහදියිද පිහිටයිද බැසගනියිද ඔහුගේ ඒ සිත යහපත් අරමුණට පැමිණෙනලදී. යහපත්කොට වඩනලදී. යහපත්කොට බැසගන්නාලදී. යහපත්කොට නැගීසිටිනලදී. විහිංසාවෙන් වෙන් වූයේ වෙයි. විහිංසාව නිසා දුක්වූ දැවීම් සහිතවූ, යම් ක්ලෙශයක් උපදිත්ද, ඔවුන්ගෙන් හෙතෙම මිදුනේ වෙයි. හෙතෙම ඒ වේදනාව නොවිඳියි. මේ විහිංසාව කෙරෙන් නික්මීමයයි කියන ලදී.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, රූප මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ සිත රූපයන්හි නොපැමිණෙයිද, නොපහදියිද, නොසිටියිද, බැසනොගනියිද, අරූපධ්‍යාන වනාහි මෙනෙහි කරන්නාවූ භික්ෂුහුගේ සිත අරූපධ්‍යානයෙහි පැමිණෙයිද, පහදියිද, පිහිටයිද, බැසගනියිද, ඔහුගේ ඒ සිත අරමුණට යහපත්ව පැමිණෙනලදී යහපත්කොට වඩනලදී. යහපත්ව නැගී සිටිනලදී. බැසගන්නාලදී. රූපයන්ගෙන් මිදුනේ වෙන් වූයේ වෙයි. රූපය නිසා දුක්වූ දැවීම් සහිතවූ, යම් ක්ලේශයක් උපදිත්ද ඔවුන්ගෙන් හෙතෙම මිදුනේවෙයි. හෙතෙම ඒ වේදනාව නොවිඳියි. මේ රූපයන් කෙරෙන් නික්මීමයැයි කියන ලදී.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, පඤ්චඋපාදාන ස්කන්ධය (තෘෂ්ණා දෘෂ්ටි දෙකින් අල්වාගනු ලබන ස්කන්ධ පස) මෙනෙහිකරන්නාවූ භික්ෂුහුගේ සිත පඤ්චඋපාදාන ස්කන්ධයෙහි නොපැමිණෙයිද, නොපහදියිද, නොපිහිටයිද, බැසනොගනියිද, අර්හත්ඵල සමාපත්තිය වනාහි මෙනෙහි කරන්නාවූ ඔහුගේ සිත අර්හත්ඵල සමාපත්තියෙහි පැමිණෙයිද, පහදියිද, පිහිටයිද, බැසගනීද ඔහුගේ ඒ සිත අරමුණට යහපත්ව පැමිණෙනලදී. යහපත්කොට වඩනලදී. යහපත්ව නැගීසිටින ලදී. බැසගන්නා ලදී. පඤ්ච උපාදානස්කන්ධයන් ගෙන් මිදුනේ වෙන්වූයේ වෙයි. පඤ්ච උපාදානස්කන්ධය නිසා දුක්වූ දැවීම් සහිතවූ යම් කෙලෙස් කෙනෙක් උපදිත්ද ඔවුන් ගෙන් හෙතෙම මිදුනේ වෙයි. හෙතෙම ඒ වේදනාව නොවිඳියි. මේ පඤ්ච උපාදානස්කන්ධයන් කෙරෙන් නික්මීමයයි කියනලදී.
322
‘‘පඤ්ච විමුත්තායතනානි. ඉධාවුසො, භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්‍රහ්මචාරී. යථා යථා, ආවුසො, භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්‍රහ්මචාරී . තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං පඨමං විමුත්තායතනං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්‍රහ්මචාරී, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති...පෙ.... අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති...පෙ.... අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති...පෙ.... අපි ච ඛ්වස්ස අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය. යථා යථා, ආවුසො, භික්ඛුනො අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති , සුඛිනො චිත්තං සමාධියති. ඉදං පඤ්චමං විමුත්තායතනං.
‘‘පඤ්ච විමුත්තිපරිපාචනීයා සඤ්ඤා - අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා.
‘‘ඉමෙ ඛො, ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඤ්ච ධම්මා සම්මදක්ඛාතා; තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං...පෙ.... අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං (සඞ්ගිතියපඤ්චකං නිට්ඨිතං (ස්‍යා. කං.)).
322
“විමුත්තායතන (මිදීමට කරුණු) පසක් වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ තෙරුන් වහන්සේ කෙනෙක් හෝ ධර්මය දේශනා කරයිද ඇවැත්නි, යම් යම් ආකාරයකින් භික්ෂුහට ශාස්තෲන්වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ එක්තරා තෙර කෙනෙක් හෝ ධර්මය දේශනා කෙරේද හෙතෙම ඒ ඒ ආකාරයෙන් ඒ ධර්මයෙහි අර්ථය දැනගන්නේ වෙයිද, බුද්ධධර්මය දැනගන්නේ වෙයිද අර්ථය දන්නාවූද බුද්ධධර්මය දන්නාවූද ඔහුට සතුට උපදියි. හටගත් සතුට ඇත්තහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ නාමකය සංසිඳෙයි සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි, සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ පළමුවන විමුත්තායතනය (මිදීම) යි.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂූහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ තෙරුන් වහන්සේ කෙනෙක් හෝ ධර්මය දේශනා නොකෙරෙයි. එහෙත් හෙතෙම ඇසූ පරිදි, දැනගත් පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරයි.
“ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් භික්ෂු තෙම ඇසූ පරිදි දැනගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැන ගන්නේත් වෙයි. බුද්ධධර්මය දැනගන්නේත් වෙයි. අර්ථය දැනගත්තාවූ බුද්ධධර්මය දැනගත්තාවූ ඔහුට සතුට උපදියි. සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි. සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ දෙවන විමුත්තායතනය (මිදීම) යි.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ එක්තරා තෙර කෙනෙක් හෝ ධර්මය දේශනාද නොකරත්, ඇසූ පරිදි උගත් පරිදි හෙතෙම ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනාද නොකරයි. එහෙත් ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරයි (නැවත නැවත කියයි.)
“ඇවැත්නි, යම් යම් පරිද්දකින් මහණ තෙම ඇසූ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරයිද ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද, බුද්ධ ධර්මය දැනගත්තේද වෙයි. අර්ථය දැනගත්තාවූද, බුද්ධ ධර්මය දැන ගත්තාවූද ඔහුට සතුට උපදියි. සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ නාමකය සංසිඳෙයි, සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ තුන් වෙනි විමුත්තායතනය (මිදීම) යි.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරු තන්හි සිටියාවූ කිසියම් තෙර කෙනෙක් හෝ ධර්මදේශනාද නොකරත්. ඒ භික්ෂුව ඇසූ පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනාද නොකරයි. ඇසූ පරිදි උගත්පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ජායනාද නොකරයි. එහෙත් ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය සිතින් කල්පනා කරයි. විමසා බලයි, සලකා බලයි, ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් මහණ තෙම ඇසූ පරිදි, උගත් පරිදි ධර්මය සිතින් කල්පනා කෙරේද විමසා බලාද, සලකා බලාද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද, බුද්ධ ධර්මය දැන ගත්තේද වෙයි, අර්ථය දැනගත්තාවූද, බුද්ධධර්මය දැනගත්තාවූද ඔහුට සතුට උපදියි. සතුටුවූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ නාමකය සංසිඳෙයි, සංසිඳුනු නාමකය ඇත්තේ සැපය විඳියි, සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි, මේ සතරවන විමුත්තායතනය (මිදීම) යි.
“නැවත අනිකක්ද කියමි ඇවැත්නි, භික්ෂුහට ශාස්තෲන් වහන්සේ හෝ ගරුතන්හි සිටියාවූ කිසියම් තෙරුන්වහන්සේ කෙනෙක් හෝ ධර්මය දේශනාද නොකරත්. ඒ භික්ෂුව ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනාද නොකරයි. ඇසූ පරිදි, උගත් පරිදි, ධර්මය විස්තර වශයෙන් සජ්ජායනාද නොකරයි, ඇසූපරිදි උගත් පරිදි, ධර්මය සිතින් කල්පනාද නොකරයි. විමසාද නොබලයි, සලකාද නොබලයි. එහෙත් ඔහු විසින් එක්තරා සමාධිනිමිත්තක් (අට තිස් අරමුණුවලින් ලැබූ එක්තරා සමාධියක්) යහපත්ව ඉගෙන ගන්නා ලද්දේද, යහපත්ව මෙනෙහි කරන ලද්දේද, යහපත්ව සිතින් දරණ ලද්දේද නුවණින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේද වෙයි.
“ඇවැත්නි, යම් යම් පරිද්දකින් ඔහු විසින් එක්තරා සමාධි නිමිත්තක් හොඳින් උගන්නා ලද්දේ, හොඳින් මෙනෙහි කරන ලද්දේ, හොඳින් සලකා බලන ලද්දේ, ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේද, ඒ ඒ පරිද්දෙන් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථය දැනගත්තේද බුද්ධධර්මය දැනගත්තේද වෙයි. අර්ථය දැනගත්තාවූද, බුද්ධධර්මය දැනගත්තාවූද, ඔහුට සතුට උපදියි, සතුටු වූවහුට ප්‍රීතිය උපදියි, ප්‍රීති සිත් ඇත්තාහුගේ නාමකය සංසිඳේ, සංසිඳුණු නාම කය ඇත්තේ සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත එකඟ වෙයි. මේ පස්වන විමුත්තායතනයයි.
“විමුක්තිය (රහත් බව) මුහුකුරු වන්නාවූ සංඥා (හැඟීම්) පසක් වෙත්. අනිත්‍ය සංඥාය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාය, දුකෙහි අනාත්මසංඥාය, ප්‍රහාණ සංඥාය, විරාග සංඥාය යන පසයි.
“ඇවැත්නි, දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ප්‍රකාශ කරන ලද්දාවූ මේ පසක් පසක්වූ ධර්මයෝ වෙත්.
“යම්සේ මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව බොහෝ කල් පවත්නේ වේද, චිරස්ථායී වේද, එසේ සියල්ලන් විසින් එක්ව මේ ධර්මය සජ්ජායනා (එක්ව කීම) කළ යුත්තේය. විවාද නොකළ යුත්තේය. එය බොහෝ දෙනාට හිත පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ට වැඩ පිණිසද සැප පිණිසද වන්නේය.
ඡක්කං ඡක්කං
සත්තකං සත්තකං
අට්ඨකං අට්ඨකං
නවකං නවකං
දසකං දසකං