ත්‍රිපිටකය
10. සඞ්ගීතිසුත්තං 10. සංගීති සූත්‍රය
296
එවං මෙ සුතං - එකං සමයං භගවා මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන පාවා නාම මල්ලානං නගරං තදවසරි. තත්‍ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ.
296
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්‍යජනපදවල ගමන් කරනුයේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයා සමග මල්‍යයන්ගේ පාවා නම් නුවර යම් තැනකද එතැනට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වාසය කරති.
උබ්භතකනවසන්ධාගාරං උබ්භතකනවසන්ධාගාරං
භින්නනිගණ්ඨවත්ථු භින්නනිගණ්ඨවත්ථු
එකකං එකකං
දුකං දුකං
තිකං තිකං
චතුක්කං චතුක්කං
පඤ්චකං පඤ්චකං
ඡක්කං ඡක්කං
සත්තකං සත්තකං
අට්ඨකං අට්ඨකං
නවකං නවකං
340
‘‘අත්ථි ඛො, ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන නව ධම්මා සම්මදක්ඛාතා; තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං...පෙ.... අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙ නව?
‘‘නව ආඝාතවත්ථූනි. ‘අනත්ථං මෙ අචරී’ති ආඝාතං බන්ධති; ‘අනත්ථං මෙ චරතී’ති ආඝාතං බන්ධති; ‘අනත්ථං මෙ චරිස්සතී’ති ආඝාතං බන්ධති; ‘පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරී’ති ආඝාතං බන්ධති...පෙ.... අනත්ථං චරතීති ආඝාතං බන්ධති...පෙ.... අනත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති; ‘අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරී’ති ආඝාතං බන්ධති...පෙ.... අත්ථං චරතීති ආඝාතං බන්ධති...පෙ.... අත්ථං චරිස්සතීති ආඝාතං බන්ධති.
‘‘නව ආඝාතපටිවිනයා. ‘අනත්ථං මෙ අචරි (අචරීති (ස්‍යා. ක.) එවං ‘‘චරති චරිස්සති’’ පදෙසුපි), තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති ; ‘අනත්ථං මෙ චරති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති; ‘අනත්ථං මෙ චරිස්සති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති; ‘පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි...පෙ.... අනත්ථං චරති...පෙ.... අනත්ථං චරිස්සති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති; ‘අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි...පෙ.... අත්ථං චරති...පෙ.... අත්ථං චරිස්සති, තං කුතෙත්ථ ලබ්භා’ති ආඝාතං පටිවිනෙති.
340
“ඇවැත්නි, දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් හොඳින් දේශනා කරණ ලද්දාවූ ධර්මයෝ නවදෙනෙක් ඇත්තාහ.
“යම්සේ මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව බොහෝ කල් පවත්නේ වේද චිරස්ථායි වේද, එසේ සියල්ලන් විසින් එක්ව මේ ධර්මය සජ්ජායනා (එක්ව කීම) කළ යුත්තේය. විවාද නොකළ යුත්තේය. එය බොහෝදෙනාට හිත පිණිසද බොහෝදෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ට වැඩ පිණිසද හිත පිණිසද සැප පිණිසද වන්නේය.
“කවර නවදෙනෙක්ද යත්?
“ආඝාත වස්තු (ක්‍රෝධයට කරුණු) නවයක් වෙත් ‘මට අවැඩක් කෙළේයයි.’ ක්‍රෝධය බඳියි. ‘මට අවැඩක් කරයි කියා’ ක්‍රෝධය බඳියි. ‘මට අවැඩක් කරන්නේයයි කියා’ ක්‍රෝධය බඳියි. ‘මාගේ ප්‍රියවූ මනාපවූවහුට අවැඩක් කෙළ්ය. අවැඩක් කරයි. අවැඩක් කරන්නේයයි’ ක්‍රෝධය බඳියි. ‘මාගේ අප්‍රියවූ අමනාප වූවහුට යහපතක් කෙළේය, යහපතක් කරයි.’ යහපතක් කරන්නේයයි ක්‍රෝධය බඳියි. (යන නවයයි)
“ක්‍රෝධය දුරුකිරීම් නවයක් වෙත්. ‘මට අවැඩක් කළේය ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකි දැයි’ සිතා ක්‍රෝධය දුරු කරයි. ‘මට අවැඩක් කරයි, ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකි දැයි’ සිතා ක්‍රෝධය දුරු කරයි. ‘මට අවැඩක් කරන්නේය, ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකි දැයි’ සිතා ක්‍රෝධය දුරු කරයි. ‘මාගේ ප්‍රියවූ මනාප වූවහුට අවැඩක් කළේය. අවැඩක් කරයි, අවැඩක් කරන්නේය, ඒ අනිකාගේ අවැඩ නොකිරීම මා විසින් කෙසේ ලැබිය හැකි දැයි’ සිතා ක්‍රෝධය දුරු කරයි. ‘මාගේ අප්‍රියවූ අමනාප වූවහුට යහපතක් කළේය. යහපතක් කරයි, යහපතක් කරන්නේය එසේ අප්‍රිය වූවහුට අන්‍යයා විසින් යහපතක් නොකිරීම මා විසින් නොලැබිය හැකියයි’ සිතා ක්‍රෝධය දුරු කරයි. (යන නවයයි)
341
‘‘නව සත්තාවාසා. සන්තාවුසො, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමො සත්තාවාසො.
‘‘සන්තාවුසො, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා බ්‍රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියො සත්තාවාසො.
‘‘සන්තාවුසො, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා ආභස්සරා. අයං තතියො සත්තාවාසො.
‘‘සන්තාවුසො , සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථො සත්තාවාසො.
‘‘සන්තාවුසො, සත්තා අසඤ්ඤිනො අප්පටිසංවෙදිනො, සෙය්‍යථාපි දෙවා අසඤ්ඤසත්තා (අසඤ්ඤිසත්තා (ස්‍යා. කං.)). අයං පඤ්චමො සත්තාවාසො.
‘‘සන්තාවුසො, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං ඡට්ඨො සත්තාවාසො.
‘‘සන්තාවුසො, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං සත්තමො සත්තාවාසො.
‘‘සන්තාවුසො, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චාඤ්ඤායතනූපගා. අයං අට්ඨමො සත්තාවාසො.
‘‘සන්තාවුසො , සත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම (සමතික්කම්ම සන්තමෙතං පණීතමෙතන්ති (ස්‍යා. කං.)) නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා. අයං නවමො සත්තාවාසො.
341
“සත්වාවාස (සත්වයන් වාසය කරණ ස්ථාන) නවයක් වෙත්. නොයෙක් ශරීර ඇති නොයෙක් ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. මනුෂ්‍යයෝද, ඇතැම් දෙවියෝද, ඇතැම් විනිපාතික ප්‍රේතයෝද යම්සේද එමෙනි. මේ පළමුවන සත්වා වාසයයි.
“ඇවැත්නි, වෙනස් ශරීර ඇති සමානප්‍රතිසන්ධි ඇති සත්වයෝ වෙත්. පළමුවන ධ්‍යානයෙන් උපන්නාවූ බ්‍රහ්මකායික බඹලොව වැසි දෙවියෝ යම්සේද එමෙනි. මේ දෙවැනි සත්වාවාසයයි.
“ඇවැත්නි, එකසමාන ශරීර ඇති වෙනස් ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. ආභාස්වර දෙවියෝ යම්සේද එමෙනි. මේ තුන්වන සත්වාවාසයයි.
“ඇවැත්නි, එකසමාන ශරීර ඇති එකසමාන ප්‍රතිසන්ධි විඤ්ඤාණ ඇති සත්වයෝ වෙත්. සුභකිණ්හ දෙවියන් මෙනි. මේ සතරවන සත්වාවාසයයි.
“ඇවැත්නි, හැඟීමක් නැත්තාවූ විඳීමක් නැත්තාවූ සත්වයෝ වෙත්. අසඤ්ඤසත්ත දෙවියන් මෙනි. මේ පස්වන සත්වාවාසයයි.
“ඇවැත්නි, සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසනඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සයවන සත්වාවාසයයි.
“ඇවැත්නි, සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ සත්වන සත්වාවාසයයි.
“ඇවැත්නි, සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ අටවන සත්වාවාසයයි.
“ඇවැත්නි, සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියාවූ සත්වයෝ වෙත්. මේ නවවන සත්වාවාසයයි. (යන නවයයි)
342
‘‘නව අක්ඛණා අසමයා බ්‍රහ්මචරියවාසාය. ඉධාවුසො , තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ච දෙසියති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයඤ්ච පුග්ගලො නිරයං උපපන්නො හොති. අයං පඨමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං, ආවුසො, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ච දෙසියති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයඤ්ච පුග්ගලො තිරච්ඡානයොනිං උපපන්නො හොති. අයං දුතියො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං...පෙ.... පෙත්තිවිසයං උපපන්නො හොති. අයං තතියො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං...පෙ.... අසුරකායං උපපන්නො හොති. අයං චතුත්ථො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං...පෙ.... අඤ්ඤතරං දීඝායුකං දෙවනිකායං උපපන්නො හොති. අයං පඤ්චමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං...පෙ.... පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති මිලක්ඛෙසු (මිලක්ඛකෙසු (ස්‍යා. කං.) මිලක්ඛූසු (ක.)) අවිඤ්ඤාතාරෙසු, යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. අයං ඡට්ඨො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං...පෙ.... මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති. සො ච හොති මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං (සුකට දුක්කටානං (සී. පී.)) කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. අයං සත්තමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං...පෙ.... මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති. සො ච හොති දුප්පඤ්ඤො ජළො එළමූගො, නප්පටිබලො සුභාසිතදුබ්භාසිතානමත්ථමඤ්ඤාතුං. අයං අට්ඨමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං, ආවුසො, තථාගතො ච ලොකෙ න (කත්ථචි නකාරො න දිස්සති) උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො, ධම්මො ච න දෙසියති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො, පටිබලො සුභාසිත-දුබ්භාසිතානමත්ථමඤ්ඤාතුං. අයං නවමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
342
“බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ නොකල් නවයක් වෙත්. ඇවැත්නි, මේ ලෝකයෙහි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳු වන්නාවූ, කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥාන අවබෝධයට යන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළවූ ධර්මයද දේශනා කරනු ලැබේ. මේ පුද්ගලයා නිරයෙහි උපන්නේ වෙයි. (එහෙයින් ඒ) බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ පළමුවන නොකාලය වෙයි.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳු වන්නාවූ, කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥාන අවබෝධයට යන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළවූ ධර්මයද දේශනා කරණු ලැබේ. මේ පුද්ගල තෙමේද තිරිසන් යෝනියෙහි උපන්නේ වෙයි. (එහෙයින්) බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ මේ දෙවෙනි නොකාලයයි.
“නැවත අනිකක්ද කියමි, ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳු වන්නාවූ සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥාන අවබෝධයට යන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළවූ ධර්මයද දේශනා කරනු ලබයි. මේ පුද්ගලතෙමේද ප්‍රෙත ලෝකයෙහි උපන්නේ වෙයි. බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ මේ තුන්වන අකාලයයි.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ග ඥානය කරා ගමන් කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරනු ලබයි. මේ පුද්ගල තෙමේද අසුර කායයෙහි උපන්නේ වෙයි. බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ මේ සතර වන අකාලයයි.
“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද, ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ග ඥානය කරා ගමන් කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරනු ලැබෙයි. මේ පුද්ගලතෙමේද දීර්ඝ ආයුෂ ඇති අසඤ්ඤතලයෙහි හෝ අරූප තලයෙහි හෝ උපන්නේ වෙයි. බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ මේ පස්වන අකාලයයි.
“නැවත අනිකක්ද කියමි ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේ ලෝකයේ උපන්නේ වේද, කෙලෙස් සංසිඳු වන්නාවූ සහමුලින් කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ සතර මාර්ගඥානය අවබෝධයට ගමන් කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළාවූ ධර්මයද දේශනා කරනු ලැබේද. යම් තැනක භික්ෂූන්ගේද භික්ෂුණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද පැමිණීමක් නැත්තේද, එබඳුවූ ම්ලේච්ඡවූ අප්‍රසිද්ධවූ පිටිසර පෙදෙස්වල මේ පුද්ගල තෙමේ උපන්නේ වේද, බ්‍රහ්මචරිය වාසයට නුසුදුසුවූ මේ සයවන අකාලය වේ.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතයන් වහන්සේද ලොව උපන්නේ වේ. කෙලෙස් සංසිඳුවන්නාවූ සතර මාර්ගඥානය අවබෝධය කරා ගමන්කරන්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළවූ ධර්මයද දේශනා කරනු ලබයි. මේ පුද්ගලයාද මධ්‍ය දෙශයෙහි ඉපදුනේ වෙයි, හෙතෙමේද පෙරළුණු දැකුම් ඇති මිථ්‍යාදෘෂ්ටියෙක් වේ. එනම් දීමෙහි විපාක නැත. මහ දන් දීමෙහි විපාක නැත. පිදීමෙහි විපාක නැත. යහපත් අයහපත් වශයෙන් කරණලද කර්මයන්ගේ ඵලයක් විපාකයක් නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, මවූට උපකාර කිරීමේ ඵල නැත, පියාට උපකාර කිරීමේ ඵල නැත, මැරී උපදින්නාවූ සත්වයෝ නැත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේ හොඳ නුවණින් දැන අවබෝධ කොට ප්‍රකාශ කෙරෙද්ද, එබඳුවූ හොඳ මාර්ගයෙහි ගමන්කළාවූ හොඳ පිළිවෙත පිළිපදින්නාවූ මහණ බමුණෝ ලෝකයෙහි නැත කියායි. මේ බ්‍රහ්මචරිය වාසයට නුසුදුසු කාලයවූ සත්වන අකාලයයි.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේද ලොව උපන්නේ වෙයි. කෙලෙස් සංසිඳුවන්නාවූ, සහමුලින් කෙලෙස් නැති කිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ, සතර මාර්ගඥානය අවබෝධය කරා ගමන් කරන්නාවූ සුගතයන්වහන්සේ විසින් දැන වදාළවූ ධර්මයද දේශනා කරණු ලැබේ. මේ පුද්ගලයාද මධ්‍ය දෙශයෙහි උපන්නේ වෙයි. හෙතෙමේද මෝඩවූ කෙල තොලුවූ හොඳ නරක කියුම්වල අර්ථය දැන ගන්නට බැරි නුවණ නැත්තෙක් වේ. මේ බ්‍රහ්මචරිය වාසයට සුදුසු නොවූ අටවැනි අකාලයයි.
“නැවත අනිකක්ද කියමි. ඇවැත්නි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේද ලොව නූපන්නේ වෙයි. කෙලෙස් සංසිඳු වන්නාවූ, සහමුලින් කෙලෙස් නැතිකිරීමෙන් පිරිනිවීම පිණිස පවත්නාවූ, සතර මාර්ගඥානය අවබෝධය පිණිස පවත්නාවූ සුගතයන් වහන්සේ විසින් දැන වදාළවූ ධර්මයද දේශනා කරණු නොලැබේ. මේ පුද්ගල තෙමේද මධ්‍යම දෙශයෙහි ඉපදුනේ වෙයි. හෙතෙමේද මෝඩ නුවූ, කෙලතොලු නොවූ හොඳ නරක කියුම්වල අර්ථය දැනගන්ට සමර්ථවූ නුවණැත්තෙක් වෙයි. මේ බ්‍රහ්මචරියවාසයට නුසුදුසුවූ නව වන අකාලයයි. (යන නවයයි)
343
‘‘නව අනුපුබ්බවිහාරා. ඉධාවුසො, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා...පෙ.... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා ...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා...පෙ.... ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති.
343
“අනුපූර්ව විහරණ (පිළිවෙළින් සමවැදිය යුතු විසීම්) නවයක් වෙත්. ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන් ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රිතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන් ද්විතීය ධ්‍යානයට පැමිණ වාසයකරයි. ප්‍රීතියගේද වැළක්මෙන් තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපය දුරුකිරීමෙන් චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ගැටීම් සංඥාවන් නැසීමෙන් නොයෙක් සංඥාවන් සිහි නොකිරීමෙන් අනන්තවූ ආකාසයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා අනන්තවූ විඤ්ඤාණයයි, විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසයකරයි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවෙදයිත නිරෝධයට (නිරෝධය සමාපත්තියට) පැමිණ වාසය කරයි. (යන නවයයි)
344
‘‘නව අනුපුබ්බනිරොධා. පඨමං ඣානං සමාපන්නස්ස කාමසඤ්ඤා නිරුද්ධා හොති. දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්ති. තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හොති. චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාස්සා නිරුද්ධා හොන්ති. ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හොති. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හොති. සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්ති.
‘‘ඉමෙ ඛො, ආවුසො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන නව ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං...පෙ.... අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
344
“අනුපූර්ව නිරෝධ (පිළිවෙළින් නැති කිරීම්) නවයක් වෙත්. ප්‍රථම ධ්‍යානයට පැමිණියහුගේ කාම හැඟීම නැතිවේ. ද්විතීය ධ්‍යානයට පැමිණියහුගේ විතර්ක විචාරයෝ නැතිවෙත්. තෘතීය ධ්‍යානයට පැමිණියහුගේ ප්‍රීතිය නැතිවේ. චතුර්ථ ධ්‍යානයට පැමිණියහුගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැතිවෙත්. ආකාසානඤ්චායතනයට පැමිණියහුගේ රූප සංඥාව නැතිවේ. විඤ්ඤාණඤ්චායතනයට පැමිණියහුගේ ආකාසානඤ්චායතන සංඥාව නැතිවේ. ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියහුගේ විඤ්ඤාණඤ්චායතන සංඥාව නැතිවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියහුගේ ආකිඤ්චඤ්ඤායතන සංඥාව නැති වේ. සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණියහුගේ සංඥාවද විඳීමද නැතිවෙත්.
“ඇවැත්නි, දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක්සම්බුදධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මයෝ නවදෙන හොඳින් දේශනා කරණ ලද්දාහු වෙත්.
“යම්සේ මේ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව බොහෝ කල් පවත්නේ වේද චිරස්ථායී වේද එසේ මේ ධර්මය සියල්ලන් විසින් එක්ව සජ්ජායනා (එක්ව කීම) කළ යුත්තේය. විවාද නොකළ යුත්තේය. එය බොහෝදෙනාට හිත පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙවි මිනිසුන්ට වැඩ පිණිසද සැප පිණිසද වන්නේය.
දසකං දසකං