ත්‍රිපිටකය
9. ආටානාටියසුත්තං 9. ආටානාටිය සූත්‍රය
පඨමභාණවාරො ප්‍රථම බණවර
දුතියභාණවාරො දෙවන බණවර
285
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉමං, භික්ඛවෙ, රත්තිං චත්තාරො මහාරාජා මහතියා ච යක්ඛසෙනාය මහතියා ච ගන්ධබ්බසෙනාය මහතියා ච කුම්භණ්ඩසෙනාය මහතියා ච නාගසෙනාය චතුද්දිසං රක්ඛං ඨපෙත්වා චතුද්දිසං ගුම්බං ඨපෙත්වා චතුද්දිසං ඔවරණං ඨපෙත්වා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං පබ්බතං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙපි ඛො, භික්ඛවෙ, යක්ඛා අප්පෙකච්චෙ මං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ මයා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
285
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, මේ ඉකුත් රාත්‍රියෙහි සතර වරම් මහ රජදරුවෝ මහත්වූ යක්ෂ සේනාවෙන්ද, මහත්වූ ගාන්ධර්ව සේනාවෙන්ද, මහත්වූ කුම්භාණ්ඩ සේනාවෙන්ද, මහත්වූ නාග සේනාවෙන්ද, සතර දිසාවෙහි ආරක්ෂා පිහිටුවා, සතර දිසාවෙහි බලසෙනග පිහිටුවා, සතර දිසාවෙහි රැකවල් ලවා, රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි, (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ජකූට පර්වතය බබුළුවා මම යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ, මට හොඳාකාර වැඳ, එකපැත්තකින් හුන්නාහුය. ඒ යක්ෂයෝද සමහර කෙනෙක් මට වැඳ එකපැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් මා සමග සතුටු වූවාහුය, සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකපැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් මා දෙසට දොහොත් මුදුන්දී වැඳ එක පැත්තකටවී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගොත්‍රය කියා එකපැත්තක හුන්නාහුය.
286
‘‘එකමන්තං නිසින්නො ඛො, භික්ඛවෙ, වෙස්සවණො මහාරාජා මං එතදවොච - ‘සන්ති හි, භන්තෙ, උළාරා යක්ඛා භගවතො අප්පසන්නා...පෙ.... සන්ති හි , භන්තෙ නීචා යක්ඛා භගවතො පසන්නා. යෙභුය්‍යෙන ඛො පන, භන්තෙ, යක්ඛා අප්පසන්නායෙව භගවතො. තං කිස්ස හෙතු? භගවා හි, භන්තෙ, පාණාතිපාතා වෙරමණියා ධම්මං දෙසෙති... සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා වෙරමණියා ධම්මං දෙසෙති. යෙභුය්‍යෙන ඛො පන, භන්තෙ, යක්ඛා අප්පටිවිරතායෙව පාණාතිපාතා... අප්පටිවිරතා සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා. තෙසං තං හොති අප්පියං අමනාපං. සන්ති හි, භන්තෙ, භගවතො සාවකා අරඤ්ඤවනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි පටිසල්ලානසාරුප්පානි. තත්ථ සන්ති උළාරා යක්ඛා නිවාසිනො, යෙ ඉමස්මිං භගවතො පාවචනෙ අප්පසන්නා, තෙසං පසාදාය උග්ගණ්හාතු, භන්තෙ, භගවා ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා’ති. අධිවාසෙසිං ඛො අහං, භික්ඛවෙ, තුණ්හීභාවෙන. අථ ඛො, භික්ඛවෙ, වෙස්සවණො මහාරාජා මෙ අධිවාසනං විදිත්වා තායං වෙලායං ඉමං ආටානාටියං රක්ඛං අභාසි -
286
එකපැත්තක හුන්නාවූ වෛශ්‍රවණ නම්වූ මහරජ තෙම මට මේ කරුණ කීයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ උසස් (බලවත්) යක්ෂයෝද ඇත්තාහුය, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ උසස් (බලවත්) යක්ෂයෝද ඇත්තාහුමය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ මද්ධ්‍යම ආනුභාව ඇති යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ මද්ධ්‍යම ආනුභාව ඇත්තාවූ යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ පහත්වූ යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුටුවූ පහත් යක්ෂයෝත් ඇත්තාහුමය. ස්වාමීනි, බොහෝ සෙයින් යක්ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. සොරකම් කිරීමෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. බොරු කීමෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. මත් බවට හා ප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් වැළකීම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්ෂයෝ සතුන් මැරීමෙන් නොවැළක්කාහුමය. සොරකම් කිරීමෙන් නොවැළක්කාහුමය. කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළක්කාහුමය. බොරු කීමෙන් නොවැලක්කාහුමය. මත්බවට ප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් නොවැළක්කාහුමය. ඒ යක්ෂයන්ට ඒ ධර්මදේශනාව අප්‍රිය වේ. හිත් සතුටු වන්නේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූද, ගම් සීමාව ඉක්මවූ වන සේනාසනවූද (කැලෑවෙහි) ඉතා දුරවූද නිශ්ශබ්ද වූද කලබල නැත්තාවූද මිනිසුන්ගෙන් තොරවූ සුලඟ ඇත්තාවූද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතුවලට යොග්‍යවූද, හිත එකඟකර ගැනීමට සුදුසුවූද, සේනාසනයන් (වසනතැන්) සේවනය කරති.
ඒ තන්හි නිතර වාසය කරන්නාවූ මහා බලසම්පන්නවූ යක්ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහුද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්ෂූන්ගේද භික්ෂුණීන්ගේද උපාසකවරුන්ගේද උපාසිකාවන්ගේද පාලනය පිණිසද ආරක්ෂාව පිණිසද, වෙහෙස නොවන පිණිසද, පහසු හැසිරීම පිණිසද භාග්‍යවතුන් වහන්සේ (ආටානාට නම් නගරයෙහි බඳින ලද හෙයින්) මේ ආටානාටිය (නම්වූ) පිරිත පිළි ගත මැනව”යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළි ගැණීම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.
287
‘විපස්සිස්ස ච නමත්ථු, චක්ඛුමන්තස්ස සිරීමතො.
සිඛිස්සපි ච නමත්ථු, සබ්බභූතානුකම්පිනො.
‘වෙස්සභුස්ස ච නමත්ථු, න්හාතකස්ස තපස්සිනො;
නමත්ථු කකුසන්ධස්ස, මාරසෙනාපමද්දිනො.
‘කොණාගමනස්ස නමත්ථු, බ්‍රාහ්මණස්ස වුසීමතො;
කස්සපස්ස ච නමත්ථු, විප්පමුත්තස්ස සබ්බධි.
‘අඞ්ගීරසස්ස නමත්ථු, සක්‍යපුත්තස්ස සිරීමතො;
යො ඉමං ධම්මං දෙසෙසි, සබ්බදුක්ඛාපනූදනං.
‘යෙ චාපි නිබ්බුතා ලොකෙ, යථාභූතං විපස්සිසුං;
තෙ ජනා අපිසුණාථ, මහන්තා වීතසාරදා.
‘හිතං දෙවමනුස්සානං, යං නමස්සන්ති ගොතමං;
විජ්ජාචරණසම්පන්නං, මහන්තං වීතසාරදං.
287
“පසැස් ඇත්තාවූ සොභාමත්වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා. සියලු සත්වයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්තවූ සිඛී නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
“කෙලෙස් විනාස කළාවූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා. මාරයන් යටත් කළාවූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
“සියලු පව් අහක් කළාවූ වැස නිමවනලද බ්‍රහ්මචර්‍ය්‍යය ඇති, කොනාගමන නම් සර්වඥයන් වහන්සේට නමස්කාරවේවා
“සියලු කෙලෙසුන්ගෙන් මිදුනාවූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
“යම් තථාගතකෙනෙක් සියලු සංසාරදුක් දුරුකරන්නාවූ මේ ධර්මය දේශනා කළාහුද ශ්‍රීමත්වූ ශාක්‍ය පුත්‍රවූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට නමස්කාර වේවා.
“ලෝකයෙහි යම් රහත් කෙනෙක් පිරිනිවියාහුද තත්වූ පරිද්දෙන් දැක වදාළහුද ඒ රහත්හු පිසුණු (අර්ථ නැති වචන) නොකියන්නාහ. මහත් බවට පැමිණියහ. භය නැති කළහ. (උන්වහන්සේලාට) නමස්කාර වේවා
“අෂ්ටවිද්‍යා පසළොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්තවූ මහත් බවට පැමිණියාවූ භය නැති කළාවූ දෙවි මිනිසුන්ට හිතවූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේටද නමස්කාර වේවා.
288
‘යතො උග්ගච්ඡති සූරියො, ආදිච්චො මණ්ඩලී මහා.
යස්ස චුග්ගච්ඡමානස්ස, සංවරීපි නිරුජ්ඣති;
යස්ස චුග්ගතෙ සූරියෙ, ‘‘දිවසො’’ති පවුච්චති.
‘රහදොපි තත්ථ ගම්භීරො, සමුද්දො සරිතොදකො;
එවං තං තත්ථ ජානන්ති, ‘‘සමුද්දො සරිතොදකො’’.
‘ඉතො ‘‘සා පුරිමා දිසා’’, ඉති නං ආචික්ඛතී ජනො;
යං දිසං අභිපාලෙති, මහාරාජා යසස්සි සො.
‘ගන්ධබ්බානං අධිපති, ‘‘ධතරට්ඨො’’ති නාමසො;
රමතී නච්චගීතෙහි, ගන්ධබ්බෙහි පුරක්ඛතො.
‘පුත්තාපි තස්ස බහවො, එකනාමාති මෙ සුතං;
අසීති දස එකො ච, ඉන්දනාමා මහබ්බලා.
‘තෙ චාපි බුද්ධං දිස්වාන, බුද්ධං ආදිච්චබන්ධුනං;
දූරතොව නමස්සන්ති, මහන්තං වීතසාරදං.
‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
කුසලෙන සමෙක්ඛසි, අමනුස්සාපි තං වන්දන්ති;
සුතං නෙතං අභිණ්හසො, තස්සා එවං වදෙමසෙ.
‘‘ජිනං වන්දථ ගොතමං, ජිනං වන්දාම ගොතමං;
විජ්ජාචරණසම්පන්නං, බුද්ධං වන්දාම ගොතමං’’.
288
“දිලිසෙන මහත් මණ්ඩල ඇති, සූර්‍ය්‍යතෙම යම් තැනකින් උදාවේද, යමෙක් උදාවන කල්හි රාත්‍රියද අන්තර්ධාන වේද, යම් දිසාවකින් හිරු උදාවූ කල්හි දවස යයි කියනු ලැබේද, එහි ගැඹුරුවූ පැතුරුණාවූ ජලය ඇති සමුද්‍රයයි කියනලද දිය විලෙක්ද ඇත්තේය.
“ඒ ස්ථානයෙහි පැතුරුණාවූ ජලය ඇති ඒ දියවිල ‘සමුද්‍රයයි, මෙසේ දනිත්. මේ නිසා ඒ දිසාවට නැගෙනහිර දිසාවයයි ජනයා කියන්නේය. යස පිරිවර ඇත්තාවූ ඒ මහරජ තෙම යම් දිසාවක් ආරක්ෂා කෙරේද,
“ගාන්ධර්වයන්ට අධිපතිවූ ඔහු ධ්‍රතරාෂ්ට්‍රය නම් වන්නේය. ඒ මහරජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වෙසෙයි.
“ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදී.
“ඔවුහුද මහත් බවට පැමිණියාවූ විශාරදවූ බුද්ධ නම්වූ (සූර්‍ය්‍ය වංශයෙහි උපන් හෙයින්) ආදිච්චබන්ධු නම් වූ සර්වඥයන්වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන්වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවයි කියා දුරදීම නමස්කාර කරති.
“දක්ෂවූ සර්වඥතාඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුෂ්‍යයෝද නුඹවහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.
“ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි’ (අප විසින් විචාරණ ලද යක්ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති.) විද්‍යාචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්තවූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය.)
289
‘යෙන පෙතා පවුච්චන්ති, පිසුණා පිට්ඨිමංසිකා.
පාණාතිපාතිනො ලුද්දා, චොරා නෙකතිකා ජනා.
‘ඉතො ‘‘සා දක්ඛිණා දිසා’’, ඉති නං ආචික්ඛතී ජනො;
යං දිසං අභිපාලෙති, මහාරාජා යසස්සි සො.
‘කුම්භණ්ඩානං අධිපති, ‘‘විරූළ්හො’’ ඉති නාමසො;
රමතී නච්චගීතෙහි, කුම්භණ්ඩෙහි පුරක්ඛතො.
‘පුත්තාපි තස්ස බහවො, එකනාමාති මෙ සුතං;
අසීති දස එකො ච, ඉන්දනාමා මහබ්බලා.
‘තෙ චාපි බුද්ධං දිස්වාන, බුද්ධං ආදිච්චබන්ධුනං;
දූරතොව නමස්සන්ති, මහන්තං වීතසාරදං.
‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
කුසලෙන සමෙක්ඛසි, අමනුස්සාපි තං වන්දන්ති;
සුතං නෙතං අභිණ්හසො, තස්මා එවං වදෙමසෙ.
‘‘ජිනං වන්දථ ගොතමං, ජිනං වන්දාම ගොතමං;
විජ්ජාචරණසම්පන්නං, බුද්ධං වන්දාම ගොතමං’’.
289
“යම් දිසාවකින් මළමිනී ගෙනයනු ලැබෙත්ද? පිසුණු (කේලාම්) කියන්නාවූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නාවූ, ප්‍රාණඝාත කරන ගති ඇති රෞද්‍රවූ සොර සිත් ඇත්තාවූ වඤ්චාකාරීවූ ජනයෝ (යම් දිශා භාගයකින්) ගෙනයනු ලැබෙතියි කියත්ද,
“යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජතෙම යම් දිසාවක් ආරක්ෂා කෙරේද, ජනතෙම ඒ දිසාවට දකුණු දිසාවයයි කියන්නේය. මෙයින් ඕ තොමෝ දකුණු දිසා නම් වන්නීය.
“කුම්භාණ්ඩයන්ට අධිපතිවූ විරූඪය යන නම් ඇති ඒ රජතෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වාසය කරයි.
“ඒ රජහුගේ එක නම් ඇති බොහෝවූ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදී. මහත් බල ඇති ඉන්ද්‍ර නම් ඇත්තාවූ ඔව්හුද අනූඑක් දෙනෙක් වන්නාහ. ඒ පුත්‍රයෝද ආදිච්චබන්ධුවූ මහත් බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන් වහන්සේ දැක දුරදීම පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා, පුරුෂ උත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවායි නමස්කාර කරති.
“සර්වඥතාඥානයෙන් ලෝකය බලනසේක (එහෙයින්) අමනුෂ්‍යයෝද ඔබ වහන්සේට වඳිති. මේ වචනය අප විසින් නිතර අසන ලදී. එහෙයින් මෙසේ කියම්හ.
“ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරව්දැයි, (අසම්හ, එසේ අප විසින් අසන ලද යක්ෂයෝ) ගෞතම නම් බුදුන්ට නමස්කාර කරම්හ. විද්‍යාචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති.)
290
‘යත්ථ චොග්ගච්ඡති සූරියො, ආදිච්චො මණ්ඩලී මහා.
යස්ස චොග්ගච්ඡමානස්ස, දිවසොපි නිරුජ්ඣති;
යස්ස චොග්ගතෙ සූරියෙ, ‘‘සංවරී’’ති පවුච්චති.
‘රහදොපි තත්ථ ගම්භීරො, සමුද්දො සරිතොදකො;
එවං තං තත්ථ ජානන්ති, සමුද්දො සරිතොදකො.
‘ඉතො ‘‘සා පච්ඡිමා දිසා’’, ඉති නං ආචික්ඛතී ජනො;
යං දිසං අභිපාලෙති, මහාරාජා යසස්සි සො.
‘නාගානඤ්ච අධිපති, ‘‘විරූපක්ඛො’’ති නාමසො;
රමතී නච්චගීතෙහි, නාගෙහෙව පුරක්ඛතො.
‘පුත්තාපි තස්ස බහවො, එකනාමාති මෙ සුතං;
අසීති දස එකො ච, ඉන්දනාමා මහබ්බලා.
‘තෙ චාපි බුද්ධං දිස්වාන, බුද්ධං ආදිච්චබන්ධුනං;
දූරතොව නමස්සන්ති, මහන්තං වීතසාරදං.
‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
කුසලෙන සමෙක්ඛසි, අමනුස්සාපි තං වන්දන්ති;
සුතං නෙතං අභිණ්හසො, තස්මා එවං වදෙමසෙ.
‘‘ජිනං වන්දථ ගොතමං, ජිනං වන්දාම ගොතමං;
විජ්ජාචරණසම්පන්නං, බුද්ධං වන්දාම ගොතමං’’.
290
“යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්‍ය්‍යයා බැසයයිද, සූර්‍ය්‍යයා බැස ගිය කල්හි දවල් කාලය නැති වේද
“යම් සූර්‍ය්‍යයෙකු බැස ගිය කල්හි රාත්‍රියයි කියනු ලැබේද, ඒ සූර්‍ය්‍යයා බැස ගිය තන්හි (ඇත්තාවූ) ඒ විල ගැඹුරුවූ පැතුරුණාවූ ජලය ඇති සමුද්‍රය නම් වන්නේය.
“ඒ සූර්‍ය්‍යයා බැස ගිය තන්හි (ඇත්තාවූ) ඒ විල පැතුරුණාවූ ජලය ඇත්තාවූ සමුද්‍රයයි දනිති. මෙයින් ඒ දිශාව බස්නාහිර දිශාවයයි ජනතෙම මෙසේ කියන්නේය.
“යස පිරිවර ඇත්තාවූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්ෂා කෙරේද, නාගයන්ට අධිපතිවූ විරූපාක්ෂ නම්වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වාසය කරයි.
“ඒ වරම් රජහුගේ එක නම් ඇති බොහෝවූ පුත්‍රයෝද ඇත්තාහයි, මා විසින් අසන ලදී. මහත් බල ඇත්තාවූ ඉන්ද්‍ර නම් ඔවුහු අනූ එක් දෙනෙක් වන්නාහ.
“ඔව්හුද සූර්‍ය්‍ය වංශයට නෑවූ මහත් බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන් වහන්සේ දැක දුරදීම පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා, පුරුෂොත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවායි නමස්කාර කරත්.
“දක්ෂවූ සර්වඥතාඥානයෙන් ජනයා බලන්නෙහියයි කියා අමනුෂ්‍යයෝද ඔබවහන්සේට නමස්කාර කරති. මේ කාරණය අප විසින් නිතර අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.
“(තොපි) ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරව්දැයි (අප විසින් අසනලද යක්ෂයෝ) ‘ගෞතම’ නම්වූ සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හ. ඒ විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට අපි නමස්කාරකරම්හයි කියති.
291
‘යෙන උත්තරකුරුව්හො, මහානෙරු සුදස්සනො.
මනුස්සා තත්ථ ජායන්ති, අමමා අපරිග්ගහා.
‘න තෙ බීජං පවපන්ති, නාපි නීයන්ති නඞ්ගලා;
අකට්ඨපාකිමං සාලිං, පරිභුඤ්ජන්ති මානුසා.
‘අකණං අථුසං සුද්ධං, සුගන්ධං තණ්ඩුලප්ඵලං;
තුණ්ඩිකීරෙ පචිත්වාන, තතො භුඤ්ජන්ති භොජනං.
‘ගාවිං එකඛුරං කත්වා, අනුයන්ති දිසොදිසං;
පසුං එකඛුරං කත්වා, අනුයන්ති දිසොදිසං.
‘ඉත්ථිං වා වාහනං කත්වා, අනුයන්ති දිසොදිසං;
පුරිසං වාහනං කත්වා, අනුයන්ති දිසොදිසං.
‘කුමාරිං වාහනං කත්වා, අනුයන්ති දිසොදිසං;
කුමාරං වාහනං කත්වා, අනුයන්ති දිසොදිසං.
‘තෙ යානෙ අභිරුහිත්වා,
සබ්බා දිසා අනුපරියායන්ති;
පචාරා තස්ස රාජිනො.
‘හත්ථියානං අස්සයානං,
දිබ්බං යානං උපට්ඨිතං;
පාසාදා සිවිකා චෙව,
මහාරාජස්ස යසස්සිනො.
‘තස්ස ච නගරා අහු,
අන්තලික්ඛෙ සුමාපිතා;
ආටානාටා කුසිනාටා පරකුසිනාටා,
නාටසුරියා පරකුසිටනාටා.
‘උත්තරෙන කසිවන්තො,
ජනොඝමපරෙන ච;
නවනවුතියො අම්බරඅම්බරවතියො,
ආළකමන්දා නාම රාජධානී.
‘කුවෙරස්ස ඛො පන, මාරිස, මහාරාජස්ස විසාණා නාම රාජධානී;
තස්මා කුවෙරො මහාරාජා, ‘‘වෙස්සවණො’’ති පවුච්චති.
‘පච්චෙසන්තො පකාසෙන්ති, තතොලා තත්තලා තතොතලා;
ඔජසි තෙජසි තතොජසී, සූරො රාජා අරිට්ඨො නෙමි.
‘රහදොපි තත්ථ ධරණී නාම, යතො මෙඝා පවස්සන්ති;
වස්සා යතො පතායන්ති, සභාපි තත්ථ සාලවතී නාම.
‘යත්ථ යක්ඛා පයිරුපාසන්ති, තත්ථ නිච්චඵලා රුක්ඛා;
නානා දිජගණා යුතා, මයූරකොඤ්චාභිරුදා;
කොකිලාදීහි වග්ගුහි.
‘ජීවඤ්ජීවකසද්දෙත්ථ, අථො ඔට්ඨවචිත්තකා;
කුක්කුටකා කුළීරකා, වනෙ පොක්ඛරසාතකා.
‘සුකසාළික සද්දෙත්ථ, දණ්ඩමාණවකානි ච;
සොභති සබ්බකාලං සා, කුවෙරනළිනී සදා.
‘ඉතො ‘‘සා උත්තරා දිසා’’, ඉති නං ආචික්ඛතී ජනො;
යං දිසං අභිපාලෙති, මහාරාජා යසස්සි සො.
‘යක්ඛානඤ්ච අධිපති, ‘‘කුවෙරො’’ ඉති නාමසො;
රමතී නච්චගීතෙහි, යක්ඛෙහෙව පුරක්ඛතො.
‘පුත්තාපි තස්ස බහවො, එකනාමාති මෙ සුතං;
අසීති දස එකො ච, ඉන්දනාමා මහබ්බලා.
‘තෙ චාපි බුද්ධං දිස්වාන, බුද්ධං ආදිච්චබන්ධුනං;
දූරතොව නමස්සන්ති, මහන්තං වීතසාරදං.
‘නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම;
කුසලෙන සමෙක්ඛසි, අමනුස්සාපි තං වන්දන්ති;
සුතං නෙතං අභිණ්හසො, තස්මා එවං වදෙමසෙ.
‘‘ජිනං වන්දථ ගොතමං, ජිනං වන්දාම ගොතමං;
විජ්ජාචරණසම්පන්නං, බුද්ධං වන්දාම ගොතම’’න්ති.
291
“යම් දිසාවෙක්හි රම්‍යවූ උතුරුකුරු දිවයින පිහිටියේද, දැකුම් කටයුතුවූ මහාමෙරූ පර්වතය වන්නේද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේ යයි ගැනීමක් නැත්තාවූ භාර්‍ය්‍යා පරිග්‍රහයක් (භාර්‍ය්‍යාවන් අයත්කර ගැන්මක්) නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.
“ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සීසෑම පිණිස නගුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානාලද භූමියෙහි හටගෙන පැසුනාවූ ඇල්සාල් බත් අනුභවකරත්.
“කුඩු නැත්තාවූද පොතු නැත්තාවූද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵල කොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැලියෙන් ගත් කෑම කති.
“ඔව්හු (වෛශ්‍රවණ වරම් රජහුගේ පිරිවර යක්ෂයෝ) ගවදෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිසානුදිසාවන්හි සංචාරය කරති.
“ස්ත්‍රියක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. පුරුෂයෙකු හෝ වාහනය කොට දිසානුදිසාවන්හි හැසිරෙත්.
“තරුණියක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. තරුණයෙක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කෙරෙති.
“ඒ රජහුගේ පිරිවරවූ ඔවුහු වාහනවල නැග සියලු දිසා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තාවූ වෙසවුණු මහ රජහට හස්ති යානද, අස්ව යානද, දිව්‍ය යානද, ප්‍රාසාදද, සිවි ගෙවල්ද, උඩුමහල් ගෙවල්ද රන්සිවි ගෙවල්ද වන්නාහ.
“ඒ රජහට අහස්හි (උස්ස්ථානවල හෝ උසට) මවන ලද ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපුරිය, පරකුසිතනාට යන නගරයෝ වූවහුය.
“උතුරු දිසාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිසාවෙහි ජනොඝය, නවනවුතියය, අම්බර අම්බරවතියය යන නගර හා ආලකමන්දා නම් රාජධානියද වන්නාහුය.
‘නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක්ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහරජ තෙම වෛශ්‍රවනයයි කියනු ලැබේ.
වෙන වෙනම කරුණු පරීක්ෂාකර කියන්නාවූ තතොලාය, තත්තලාය, තතොතලාය, ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය, රාජය, අරිෂ්ටය, නෙමිය යන යක්ෂයෝ දොළොස් දෙනෙක් වෙති.
යමකින් ජලය ගෙන වර්ෂාව වසීද, වර්ෂාව යමකින් පැතිරේද, ඒ රාජධානියෙහිවූ විලද ධරණි නම් වන්නීය ඒ විල අද්දර යක්ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.
“ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තාවූද නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුණාවූද මොනරුන් කොස්වා ලිහිනින් හා කෝකිල ආදී පක්ෂීන් විසින්ද පවත්වන ලද සිත් පිනවන නාද ඇති වෘක්ෂයෝ ඇත්තාහ.
“තවද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝද වන කුකුලෝද පියුම්වනයෙහි රන්වන් කකුළුවෝද, තල් රෙහෙරුද, හැසිරෙන්නාහ.
“මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්ෂීහුද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජහුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබලන්නීය.
“යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජතෙම යම් දිසාවක් ආරක්ෂා කෙරේද ඒ දිසාව උතුරු දිසාවයයි මෙසේ ජනතෙම ඒ දිසාවට කියන්නේය.
“යක්ෂයන්ට අධිපතිවූ කුවෙර යන නමක් ඇත්තාවූ ඒ වරම් රජතෙම යක්ෂ සේනාවන් විසින් පිරිවරනලද්දේ නැටුම් ගී කීම්වලින් සිත් අලවා වාසය කරන්නේය.
“ඒ රජහුගේ බොහෝ පුත්‍රයෝද, සමාන නම් ඇත්තාහයි, මා විසින් අසන ලදී. මහත්වූ බල ඇති ඉන්ද්‍ර නම්වූ ඔව්හු අනූඑක් දෙනෙක් වෙති.
“ඔව්හුද ප්‍රබුද්ධවූ ආදිත්‍ය බන්ධුවූ මහත්බවට පැමිණියාවූ පහවූ භය ඇති සර්වඥයන්වහන්සේ දුරදීම දැක පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමයන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවායි නමස්කාර කරත්.
“දක්ෂවූ සර්ඥතා ඥානයෙන් ජනයා බලන්නෙහියයි අමනුෂ්‍යයෝද නුඹ වහන්සේට වඳිති. මේ කාරණය අප විසින් නිතර අසනලදී. එහෙයින් මෙසේ කියම්හ.
“ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරව්දැයි (අසන ලද්දාවූ ඔව්හු) ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරම්හ. විද්‍යාචරණ ගුණයෙන් යුක්තවූ ගෞතම සර්වඥයන් වහන්සේට නමස්කාර කරම්හයි කියති.”
292
‘අයං ඛො සා, මාරිස , ආටානාටියා රක්ඛා භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරාය. යස්ස කස්සචි, මාරිස, භික්ඛුස්ස වා භික්ඛුනියා වා උපාසකස්ස වා උපාසිකාය වා අයං ආටානාටියා රක්ඛා සුග්ගහිතා භවිස්සති සමත්තා පරියාපුතා තං චෙ අමනුස්සො යක්ඛො වා යක්ඛිනී වා...පෙ.... ගන්ධබ්බො වා ගන්ධබ්බී වා...පෙ.... කුම්භණ්ඩො වා කුම්භණ්ඩී වා...පෙ.... නාගො වා නාගී වා නාගපොතකො වා නාගපොතිකා වා නාගමහාමත්තො වා නාගපාරිසජ්ජො වා නාගපචාරො වා, පදුට්ඨචිත්තො භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය, ඨිතං වා උපතිට්ඨෙය්‍ය, නිසින්නං වා උපනිසීදෙය්‍ය, නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය. න මෙ සො, මාරිස, අමනුස්සො ලභෙය්‍ය ගාමෙසු වා නිගමෙසු වා සක්කාරං වා ගරුකාරං වා. න මෙ සො, මාරිස, අමනුස්සො ලභෙය්‍ය ආළකමන්දාය නාම රාජධානියා වත්ථුං වා වාසං වා. න මෙ සො, මාරිස, අමනුස්සො ලභෙය්‍ය යක්ඛානං සමිතිං ගන්තුං. අපිස්සු නං, මාරිස, අමනුස්සා අනාවය්හම්පි නං කරෙය්‍යුං අවිවය්හං. අපිස්සු නං, මාරිස, අමනුස්සා අත්තාහි පරිපුණ්ණාහි පරිභාසාහි පරිභාසෙය්‍යුං. අපිස්සු නං, මාරිස, අමනුස්සා රිත්තංපිස්ස පත්තං සීසෙ නික්කුජ්ජෙය්‍යුං. අපිස්සු නං, මාරිස, අමනුස්සා සත්තධාපිස්ස මුද්ධං ඵාලෙය්‍යුං. සන්ති හි, මාරිස, අමනුස්සා චණ්ඩා රුද්ධා රභසා, තෙ නෙව මහාරාජානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති. තෙ ඛො තෙ, මාරිස, අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති. සෙය්‍යථාපි, මාරිස, රඤ්ඤො මාගධස්ස විජිතෙ මහාචොරා. තෙ නෙව රඤ්ඤො මාගධස්ස ආදියන්ති, න රඤ්ඤො මාගධස්ස පුරිසකානං ආදියන්ති, න රඤ්ඤො මාගධස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති. තෙ ඛො තෙ, මාරිස, මහාචොරා රඤ්ඤො මාගධස්ස අවරුද්ධා නාම වුච්චන්ති. එවමෙව ඛො, මාරිස, සන්ති අමනුස්සා චණ්ඩා රුද්ධා රභසා, තෙ නෙව මහාරාජානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති. තෙ ඛො තෙ, මාරිස, අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති. යො හි කොචි, මාරිස, අමනුස්සො යක්ඛො වා යක්ඛිනී වා...පෙ.... ගන්ධබ්බො වා ගන්ධබ්බී වා...පෙ.... කුම්භණ්ඩො වා කුම්භණ්ඩී වා...පෙ.... නාගො වා නාගී වා...පෙ.... පදුට්ඨචිත්තො භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා උපගච්ඡෙය්‍ය, ඨිතං වා උපතිට්ඨෙය්‍ය, නිසින්නං වා උපනිසීදෙය්‍ය, නිපන්නං වා උපනිපජ්ජෙය්‍ය. ඉමෙසං යක්ඛානං මහායක්ඛානං සෙනාපතීනං මහාසෙනාපතීනං උජ්ඣාපෙතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං - ‘අයං යක්ඛො ගණ්හාති, අයං යක්ඛො ආවිසති, අයං යක්ඛො හෙඨෙති, අයං යක්ඛො විහෙඨෙති, අයං යක්ඛො හිංසති, අයං යක්ඛො විහිංසති, අයං යක්ඛො න මුඤ්චතී’ති.
292
“නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහි භික්ෂූන්ටද, භික්ෂුණීන්ටද, උපාසකවරුන්ටද උපාසිකාවරුන්ටද, ආරක්ෂාව පිණිසද සැපසේ විසීම පිණිසද නොවෙහෙසීම පිණිසද වන්නේය. නිදුකාණන්වහන්සේ, යම්කිසි භික්ෂුවක් විසින් හෝ භික්ෂුණියක් විසින් හෝ උපාසකයෙකු විසින් හෝ උපාසිකාවක් විසින් හෝ මේ ආටානාටිය නම් ආරක්ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දීද, අක්ෂර පද නොපිරිහෙලා සම්පූර්ණකොට ඉගෙන ගන්නා ලද්දීද, ඉදින් යම් අමනුෂ්‍යවූ යක්ෂයෙක් හෝ යක්ෂණියක් හෝ යක්ෂපොතකයෙක් හෝ යක්ෂපොතිකාවක් හෝ යක්ෂ මහා මාත්‍යයෙක් හෝ යක්ෂ පිරිසෙහි වූවෙක් හෝ යක්ෂ වැඩකරුවෙක් හෝ ගාන්ධර්වයෙක් හෝ ගාන්ධර්ව ස්ත්‍රියක් හෝ ගාන්ධර්ව පොතකයෙක් හෝ ගාන්ධර්ව පොතිකාවක් හෝ ගාන්ධර්ව මහාමාත්‍යයෙක් හෝ ගාන්ධර්ව පිරිසෙහි වූවෙක් හෝ ගාන්ධර්ව වැඩකරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පෝතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පිරිසෙහි වූවෙක් හෝ කුම්භාණ්ඩ වැඩකාරයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පොතකයෙක් හෝ නාග පොතිකාවක් හෝ නාග මහාමාත්‍යයෙක් හෝ නාග පිරිසෙහි වූවෙක් හෝ නාග මෙහෙකරුවෙක් හෝ නපුරු සිත් ඇතිව, භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයකු හෝ උපාසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදා ගන්නේ හෝ වේද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම් ගම්වල හෝ සත්කාරයක් හෝ ගරු කිරීමක් හෝ නොලබන්නේය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ආළකමන්දා නම්වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ ස්ථිර වාසයක් හෝ නොලබන්නේය. නිදුකාණන්වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ යක්ෂයන්ගේ සමාගමට යන්ටද නොලබන්නේය. නිදුකාණන්වහන්ස, තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සකුද කරන්නාහුය. නිදුකාණන්වහන්ස, තවද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවය දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. නිදුකාණන්වහන්ස, තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස්වූ ලොහ පාත්‍රයක්ද මුනින් නමන්නාහුය. නිදුකාණන්වහන්ස, තවද ඔහුගේ හිසද සත් කඩක් කොට පලන්නාහුය.
“නිදුකාණන්වහන්ස. රෞද්‍රවූ නපුරු ගති ඇති එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ (වචනය) නොඅදහත්. සතරවරම් මහරජදරුවන්ගේ අමාත්‍යයන්ගේ වචනය නොපිළිගනිති. යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ වචනය නොපිළිගනිති. නිදුකාණන්වහන්ස, ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහ රජදරුවන්ට අකීකරු වූවෝයයි කියනු ලැබෙත්. යම්සේ මගධරටට අධිපතිවූ රජහුගේ රටෙහි සොරු වෙත්ද, ඒ සොරු මගධ රටට අධිපතිවූ රජහුගේ වචනය නොපිළිගනිද්ද, මගධ රජහුගේ අමාත්‍යයන්ගේ වචනය නොපිළිගනිද්ද, මගධ රජහුගේ අමාත්‍යයන් වෙනුවට සිටින පුරුෂයන්ගේ වචනය නොපිළිගනිද්ද. නිදුකාණන්වහන්ස, ඒ මහසොරහු වනාහි මගධ රජහට අකීකරු වූවෝ නම් වෙත්යයි කියනු ලැබෙත්.
‘නිදුකාණන්වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍රවූ එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතර වරම් මහ රජදරුවන්ගේ වචනය නොපිළිගනිත්. වරම් මහ රජදරුවන්ගේ සෙනෙවියන්ගේ වචනය නොපිළිගනිති. වරම් රජදරුවන්ගේ සෙනෙවියන් වෙනුවට සිටින පුරුෂයන්ගේ වචනය නොපිළිගනිත්. නිදුකාණන්වහන්ස, ඒ මේ අමනුෂ්‍යයෝ වරම් රජදරුවන්ට අකීකරු වූවෝයයි කියනුලැබෙත්. නිදුකාණන් වහන්ස, යම් කිසි අමනුෂ්‍ය යක්ෂයෙක් හෝ යක්ෂනියක් හෝ යක්ෂ පොතකයෙක් හෝ යක්ෂ පොතිකාවක් හෝ යක්ෂ මහාමාත්‍යයෙක් හෝ යක්ෂ පිරිසෙහි වූවෙක් හෝ යක්ෂ වැඩ කාරයෙක් හෝ ගන්ධර්වයෙක් හෝ ගන්ධර්ව ස්ත්‍රියක් හෝ ගන්ධර්වපොතකයෙක් හෝ ගන්ධර්ව පොතිකාවක් හෝ ගන්ධර්ව මහාමාත්‍යයෙක් හෝ ගන්ධර්ව පිරිසෙහි වූවෙක් හෝ ගන්ධර්ව වැඩකරුවෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියක් හෝ කුම්භාණ්ඩ පොතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පිරිසෙහි වූවෙක් හෝ කුම්භාණ්ඩ වැඩකරුවෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පොතකයෙක් හෝ නාග පොතිකාවක් හෝ නාගමහාමාත්‍යයෙක් හෝ නාග පිරිසෙහි වූවෙක් හෝ නාග මෙහෙකරුවෙක් හෝ නපුරු සිතින්, භික්ෂුවක් හෝ භික්ෂුනියක් හෝ උපාසකයෙකු හෝ උපාසිකාවක් හෝ යන්නහු සමග (පසු පස්සේ) යන්නේ හෝ වේද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේද, මේ යක්ෂ තෙම අල්වන්නේය. මේ යක්ෂ තෙම ආවෙශ වන්නේය. මේ යක්ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය, මේ යක්ෂ තෙම හිංසා කරන්නේය, මේ යක්ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්ෂවූ යක්ෂ සේනාවට අධිපතිවූ එහෙයින්ම මහා සේනාපතිවූ මේ යක්ෂයන්ට යක්ෂ තෙම නොහරනේ යයි ඝෝෂා කොට දැන්විය යුතුයි. ශබ්ද නගා කිය යුතුයි. මුරගා කිය යුතුයි.
293
‘කතමෙසං යක්ඛානං මහායක්ඛානං සෙනාපතීනං මහාසෙනාපතීනං?
‘ඉන්දො සොමො වරුණො ච, භාරද්වාජො පජාපති;
චන්දනො කාමසෙට්ඨො ච, කින්නුඝණ්ඩු නිඝණ්ඩු ච.
‘පනාදො ඔපමඤ්ඤො ච, දෙවසූතො ච මාතලි;
චිත්තසෙනො ච ගන්ධබ්බො, නළො රාජා ජනෙසභො.
‘සාතාගිරො හෙවමතො, පුණ්ණකො කරතියො ගුළො;
සිවකො මුචලින්දො ච, වෙස්සාමිත්තො යුගන්ධරො.
‘ගොපාලො සුප්පරොධො ච, හිරි නෙත්ති ච මන්දියො;
පඤ්චාලචණ්ඩො ආළවකො, පජ්ජුන්නො සුමනො සුමුඛො;
දධිමුඛො මණි මාණිවරො දීඝො, අථො සෙරීසකො සහ.
‘ඉමෙසං යක්ඛානං මහායක්ඛානං සෙනාපතීනං මහාසෙනාපතීනං උජ්ඣාපෙතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං - ‘‘අයං යක්ඛො ගණ්හාති, අයං යක්ඛො ආවිසති, අයං යක්ඛො හෙඨෙති, අයං යක්ඛො විහෙඨෙති, අයං යක්ඛො හිංසති, අයං යක්ඛො විහිංසති, අයං යක්ඛො න මුඤ්චතී’’ති. අයං ඛො, මාරිස, ආටානාටියා රක්ඛා භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරාය. හන්ද ච දානි මයං, මාරිස, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා’’’ති. ‘‘‘යස්ස දානි තුම්හෙ මහාරාජානො කාලං මඤ්ඤථා’’’ති.
293
කවර යක්ෂ කෙනෙකුන්ට, කවර මහා යක්ෂ කෙනෙකුන්ට, කවර සෙනෙවිරත් කෙනෙකුන්ට, කවර මහ සෙනෙවිරත් කෙනෙකුන්ටද යත්?
“ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුඝණ්ඩුය, නිඝණ්ඩුය.
“පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය. සාතා ගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තියය, ගුලය, සීචකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය.
“ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීඝය (යන යක්ෂ සෙනාධිපතීහුද) තවද, මොවුන් හා එක්වූ සෙරිස්සක නම් යක්ෂයෙක්ද, ඇත්තේය.
“මේ යක්ෂ තෙම අල්වාගන්නේය. මේ යක්ෂ තෙම ආවෙශ වන්නේය. මේ යක්ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්ෂ තෙම අත්නොහරින්නේයයි කියා ප්‍රධාන යක්ෂවූ යක්ෂ සේනාපතිවූ මහා සේනාපතිවූ මේ යක්ෂයන්ට මෙපරිද්දෙන් දැන්විය යුත්තේය, ඝොෂා කොට කිය යුත්තේය, ශබ්ද නගා කියයුත්තේය. මුරගා කිය යුත්තේය.
“නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂූන්ගේද භික්ෂුනීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද, (යක්ෂොපද්‍රවවලින්) නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිසද පවත්නේය.
“නිදුකාණන් වහන්ස, අපි බොහෝ වැඩ කටයුතු ඇත්තම්හ එබැවින් දැන් අපි යම්හයි” භාග්‍යවතුන් වහන්සේට දැන්වූවාහුය.
“වරම් රජදරුවෙනි, තෙපි දැන් යම් ගමනක් සිතව්ද? එයට කාලය බව දනිව්” යයි වදාළසේක.
294
‘‘අථ ඛො, භික්ඛවෙ, චත්තාරො මහාරාජා උට්ඨායාසනා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු. තෙපි ඛො, භික්ඛවෙ, යක්ඛා උට්ඨායාසනා අප්පෙකච්චෙ මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු. අප්පෙකච්චෙ මයා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා තත්ථෙවන්තරධායිංසු. අප්පෙකච්චෙ යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා තත්ථෙවන්තරධායිංසු. අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා තත්ථෙවන්තරධායිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා තත්ථෙවන්තරධායිංසු.
294
ඉක්බිත්තෙන් සතර වරම් මහරජදරුවෝ උන් ආසනවලින් නැගිට මට නමස්කාර කොට ප්‍රදක්ෂිණා කොට එතන්හිම අන්තර්ධාන වූවාහුය. (නොපෙනී ගියහ.)
ඒ (අනිකුත්) යක්ෂයෝද, උන් ආසනවලින් නැගිට සමහර කෙනෙක් මට වැඳ පැදකුණු කොට එතන්හිම නොපෙනී ගියාහුය. ඇතැම්කෙනෙක් මා සමග සතුටු වූවාහුය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථා පවත්වා එතන්හිම නොපෙනී ගියාහුය ඇතැම් කෙනෙක් මට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාමගොත්‍ර කියා එතන්හිම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියාම) එතන්හිම නෙපෙනී ගියාහුය.
295
‘‘උග්ගණ්හාථ , භික්ඛවෙ, ආටානාටියං රක්ඛං. පරියාපුණාථ, භික්ඛවෙ, ආටානාටියං රක්ඛං. ධාරෙථ, භික්ඛවෙ, ආටානාටියං රක්ඛං. අත්ථසංහිතා (අත්ථසංහිතායං (ස්‍යා.)), භික්ඛවෙ, ආටානාටියා රක්ඛා භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා’’ති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
295
“මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. මහණෙනි, ආටානාටිය නම් පිරිත නිතර පුහුණු කරව්. මහණෙනි, ආටානාටිය නම් පිරිත සිත්හි ලා දරාගනිව්. මහණෙනි, ආටානාටිය පිරිත වැඩදායක වන්නේය. භික්ෂූන්ගේද භික්ෂුණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්ෂාව පිණිසද පීඩා නොවීම පිණිසද සැපසේ වාසයකිරීම පිණිසද වන්නේය” යන මෙය භාග්‍යවතුන්වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තාවූ භික්ෂූහු ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.