ත්‍රිපිටකය
8. සිඞ්ගාලසුත්තං 8. සිගාලක සූත්‍රය
242
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සිඞ්ගාලකො (සිගාලකො (සී.)) ගහපතිපුත්තො කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා (පුථුද්දිසා (සී. ස්‍යා. පී.)) නමස්සති - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං.
242
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්දකනිවාප නම්වූ, වෙළුවන වෙහෙරෙහි වාසය කළහ.
එකල සිගාලක නම් ගෘහපති පුත්‍ර තෙම කල් ඇතිවම නැගිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත්වූ ඇඳුම් ඇතුව තෙත්වූ හිසකෙස් ඇතුව ඇඳිලිබැඳගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, යට දිසාවය, උතුරු දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන් නමස්කාර කරන්නේය.
243
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා සිඞ්ගාලකං ගහපතිපුත්තං කාලස්සෙව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථං අල්ලකෙසං පඤ්ජලිකං පුථුදිසා නමස්සන්තං - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං. දිස්වා සිඞ්ගාලකං ගහපතිපුත්තං එතදවොච - ‘‘කිං නු ඛො ත්වං, ගහපතිපුත්ත, කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා නමස්සසි - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිස’’න්ති? ‘‘පිතා මං, භන්තෙ, කාලං කරොන්තො එවං අවච - ‘දිසා, තාත, නමස්සෙය්‍යාසී’ති. සො ඛො අහං, භන්තෙ, පිතුවචනං සක්කරොන්තො ගරුං කරොන්තො මානෙන්තො පූජෙන්තො කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා නමස්සාමි - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිස’’න්ති.
243
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස ගියෝය.
කල් ඇතිවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත් වූ ඇඳුම් ඇතිව, තෙත්වූ හිස කෙස් ඇතිව ඇඳිලි බැඳගෙන (ඇඟිලි එකට තබාගෙන) නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය, යන බොහෝ දිසාවන් වඳින්නවූ සිගාලක නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ දුටුවෝය. (එසේ) දැක සිගාලක නම් ගෘහපති පුත්‍රයාට මෙය කීවාහුය. “ගෘහපති පුත්‍රය, නුඹ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව ඇදිලි බැඳ ගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන්ට කුමක් හෙයින් වඳින්නෙහිදැ”යි, ඇසූහ.
“ස්වාමීන් වහන්ස, (මගේ) පියා මැරෙණ කල මට මෙසේ කීයේය. ‘දරුව, දිශාවන්ට නමස්කාර කරව” (කියායි.)
“ස්වාමීන් වහන්ස, ඒ මම පියාගේ වචනයට සත්කාර කරන්නේ, ගෞරව කරන්නේ, බුහුමන්කරන්නේ, පුදන්නේ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව, ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිශාවය, දකුණු දිශාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිශාවය යන බොහෝ දිශාවන්ට නමස්කාර කරමි’යි කීයේය.
ඡ දිසා ඡ දිසා
චත්තාරොකම්මකිලෙසා චත්තාරොකම්මකිලෙසා
චතුට්ඨානං චතුට්ඨානං
ඡ අපායමුඛානි ඡ අපායමුඛානි
සුරාමෙරයස්ස ඡ ආදීනවා සුරාමෙරයස්ස ඡ ආදීනවා
විකාලචරියාය ඡ ආදීනවා විකාලචරියාය ඡ ආදීනවා
සමජ්ජාභිචරණස්ස ඡ ආදීනවා සමජ්ජාභිචරණස්ස ඡ ආදීනවා
ජූතප්පමාදස්ස ඡ ආදීනවා ජූතප්පමාදස්ස ඡ ආදීනවා
251
‘‘ඡ ඛොමෙ, ගහපතිපුත්ත, ආදීනවා ජූතප්පමාදට්ඨානානුයොගෙ. ජයං වෙරං පසවති, ජිනො විත්තමනුසොචති, සන්දිට්ඨිකා ධනජානි, සභාගතස්ස (සභායෙ තස්ස (ක.)) වචනං න රූහති, මිත්තාමච්චානං පරිභූතො හොති, ආවාහවිවාහකානං අපත්ථිතො හොති - ‘අක්ඛධුත්තො අයං පුරිසපුග්ගලො නාලං දාරභරණායා’ති. ඉමෙ ඛො, ගහපතිපුත්ත, ඡ ආදීනවා ජූතප්පමාදට්ඨානානුයොගෙ.
251
“ගෘහපති පුත්‍රය, ප්‍රමාදයට කරුණුවූ දූකෙළියෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සයක් වෙත්. දිනූ තැනැත්තේ වෛර රැස්කර ගනියි. පරදිනු ලැබූ තැනැත්තේ වස්තුව ගැන නැවත නැවත සෝක කරයි. තමන් බලාසිටියදීම වස්තු විනාශ වේ. සභාවකට පැමිණි ඔහුගේ වචනය නොපිළිගනියි. අසල් වැසියන් විසින් නින්දා කරනු ලබන්නෙක් වෙයි. දූකෙළියෙහි යෙදෙන මොහු අඹුවන් පොෂණයට නුසුදුසුයයි ආවාහ විවාහකයන් විසින් නොපතන ලද්දේ වෙයි. ගෘහපති පුත්‍රය, ප්‍රමාදයට කරුණුවූ දූකෙළියෙහි නැවත නැවත යෙදීමෙහි මේ දොෂ සය වෙත්.
පාපමිත්තතාය ඡ ආදීනවා පාපමිත්තතාය ඡ ආදීනවා
ආලස්‍යස්ස ඡ ආදීනවා ආලස්‍යස්ස ඡ ආදීනවා
මිත්තපතිරූපකා මිත්තපතිරූපකා
සුහදමිත්තො සුහදමිත්තො
ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩං ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩං