ත්‍රිපිටකය
8. සිඞ්ගාලසුත්තං 8. සිගාලක සූත්‍රය
242
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සිඞ්ගාලකො (සිගාලකො (සී.)) ගහපතිපුත්තො කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා (පුථුද්දිසා (සී. ස්‍යා. පී.)) නමස්සති - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං.
242
මා විසින් (මේ සූත්‍රය) මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර (ලෙහෙනුන්ට වැටුප් දුන් හෙයින්) කලන්දකනිවාප නම්වූ, වෙළුවන වෙහෙරෙහි වාසය කළහ.
එකල සිගාලක නම් ගෘහපති පුත්‍ර තෙම කල් ඇතිවම නැගිට රජගහ නුවරින් පිටත්ව ගොස් තෙත්වූ ඇඳුම් ඇතුව තෙත්වූ හිසකෙස් ඇතුව ඇඳිලිබැඳගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, යට දිසාවය, උතුරු දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන් නමස්කාර කරන්නේය.
243
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා සිඞ්ගාලකං ගහපතිපුත්තං කාලස්සෙව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථං අල්ලකෙසං පඤ්ජලිකං පුථුදිසා නමස්සන්තං - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං. දිස්වා සිඞ්ගාලකං ගහපතිපුත්තං එතදවොච - ‘‘කිං නු ඛො ත්වං, ගහපතිපුත්ත, කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා නමස්සසි - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිස’’න්ති? ‘‘පිතා මං, භන්තෙ, කාලං කරොන්තො එවං අවච - ‘දිසා, තාත, නමස්සෙය්‍යාසී’ති. සො ඛො අහං, භන්තෙ, පිතුවචනං සක්කරොන්තො ගරුං කරොන්තො මානෙන්තො පූජෙන්තො කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුදිසා නමස්සාමි - පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිස’’න්ති.
243
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන රජගහනුවරට පිඬු පිණිස ගියෝය.
කල් ඇතිවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත් වූ ඇඳුම් ඇතිව, තෙත්වූ හිස කෙස් ඇතිව ඇඳිලි බැඳගෙන (ඇඟිලි එකට තබාගෙන) නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය, යන බොහෝ දිසාවන් වඳින්නවූ සිගාලක නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ දුටුවෝය. (එසේ) දැක සිගාලක නම් ගෘහපති පුත්‍රයාට මෙය කීවාහුය. “ගෘහපති පුත්‍රය, නුඹ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව ඇදිලි බැඳ ගෙන නැගෙනහිර දිසාවය, දකුණු දිසාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිසාවය යන බොහෝ දිසාවන්ට කුමක් හෙයින් වඳින්නෙහිදැ”යි, ඇසූහ.
“ස්වාමීන් වහන්ස, (මගේ) පියා මැරෙණ කල මට මෙසේ කීයේය. ‘දරුව, දිශාවන්ට නමස්කාර කරව” (කියායි.)
“ස්වාමීන් වහන්ස, ඒ මම පියාගේ වචනයට සත්කාර කරන්නේ, ගෞරව කරන්නේ, බුහුමන්කරන්නේ, පුදන්නේ කල් ඇතුවම නැගිට රජගහ නුවරින් නික්ම ගොස් තෙත්වූ ඇඳුම් ඇතිව තෙත්වූ හිස කෙස් ඇතිව, ඇඳිලි බැඳගෙන නැගෙනහිර දිශාවය, දකුණු දිශාවය, බස්නාහිර දිසාවය, උතුරු දිසාවය, යට දිසාවය, උඩ දිශාවය යන බොහෝ දිශාවන්ට නමස්කාර කරමි’යි කීයේය.
ඡ දිසා ඡ දිසා
චත්තාරොකම්මකිලෙසා චත්තාරොකම්මකිලෙසා
චතුට්ඨානං චතුට්ඨානං
ඡ අපායමුඛානි ඡ අපායමුඛානි
සුරාමෙරයස්ස ඡ ආදීනවා සුරාමෙරයස්ස ඡ ආදීනවා
විකාලචරියාය ඡ ආදීනවා විකාලචරියාය ඡ ආදීනවා
සමජ්ජාභිචරණස්ස ඡ ආදීනවා සමජ්ජාභිචරණස්ස ඡ ආදීනවා
ජූතප්පමාදස්ස ඡ ආදීනවා ජූතප්පමාදස්ස ඡ ආදීනවා
පාපමිත්තතාය ඡ ආදීනවා පාපමිත්තතාය ඡ ආදීනවා
ආලස්‍යස්ස ඡ ආදීනවා ආලස්‍යස්ස ඡ ආදීනවා
මිත්තපතිරූපකා මිත්තපතිරූපකා
සුහදමිත්තො සුහදමිත්තො
ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩං ඡද්දිසාපටිච්ඡාදනකණ්ඩං
266
‘‘කථඤ්ච, ගහපතිපුත්ත, අරියසාවකො ඡද්දිසාපටිච්ඡාදී හොති? ඡ ඉමා, ගහපතිපුත්ත, දිසා වෙදිතබ්බා. පුරත්ථිමා දිසා මාතාපිතරො වෙදිතබ්බා, දක්ඛිණා දිසා ආචරියා වෙදිතබ්බා, පච්ඡිමා දිසා පුත්තදාරා වෙදිතබ්බා, උත්තරා දිසා මිත්තාමච්චා වෙදිතබ්බා, හෙට්ඨිමා දිසා දාසකම්මකරා වෙදිතබ්බා, උපරිමා දිසා සමණබ්‍රාහ්මණා වෙදිතබ්බා.
266
“ගෘහපති පුත්‍රය, කෙසේ නම් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ සදිසාවන් වසන්නේ (රකින්නේ) වේද, ගෘහපති පුත්‍රය, මේ දිසා සයක් වෙත්. මව්පියෝ නැගෙනහිර දිසාවයයි දත යුතුයි. ගුරුවරු දකුණු දිසාවයයි දතයුතුයි. අඹුදරුවෝ බස්නාහිර දිසාවයයි දතයුතුයි. යාලු මිත්‍රයෝ උතුරු දිසාවයයි දතයුතුයි. දැසි දස් කම්කරුවෝ යටදිසාවයයි දතයුතුයි. මහණ බමුණෝ උඩදිසාවයයි දතයුතුයි.
267
‘‘පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨාතබ්බා - භතො නෙ (නෙසං (බහූසු)) භරිස්සාමි, කිච්චං නෙසං කරිස්සාමි, කුලවංසං ඨපෙස්සාමි, දායජ්ජං පටිපජ්ජාමි, අථ වා පන පෙතානං කාලඞ්කතානං දක්ඛිණං අනුප්පදස්සාමීති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි පුත්තං අනුකම්පන්ති. පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නිය්‍යාදෙන්ති (නිය්‍යාතෙන්ති (ක. සී.)). ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨිතා ඉමෙහි පඤ්චහි ඨානෙහි පුත්තං අනුකම්පන්ති. එවමස්ස එසා පුරත්ථිමා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
267
“ගෘහපති පුත්‍රය, නැගෙනහිර දිසාවවූ මව්පියෝ පුත්‍රයා විසින් කරුණු පසකින් උපස්ථාන කටයුතු වෙත්. මව්පියන් විසින් පොෂණය කරන ලද මම ඒ මව්පියන් පොෂ්‍ය කරන්නෙමි, ඒ මව්පියන්ගේ කටයුතු කරන්නෙමි. කුල පරම්පරාව පිහිටුවන්නෙමි. දායාදය පිළිපදිමි. (මව්පියන් සතු වස්තුව රැකගනිමි) තවද මිය පරලොව ගිය මව්පියන්ට දක්ෂිණාව දෙන්නෙමි. (පින් අනුමෝදන් කරවන්නෙමි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් පුත්‍රයා විසින් උපස්ථාන කරනලද නැගෙනහිර දිසාවවූ මව්පියෝ දරුවන්ට කරුණු පසකින් අනුකම්පා කරත්. පවින් වළක්වත්. යහපතෙහි යොදවත්. සිල්ප ශාස්ත්‍රය උගන්වත්, සුදුසුවූ භාර්‍ය්‍යාවක් හා යොදවත්. සුදුසු කාලයෙහි දායාදය (මව්පියන් සතු වස්තුව) පාවා දෙත්. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් පුත්‍රයා විසින් උපස්ථාන කරනලද නැගෙනහිර දිසාවවූ මව්පියෝ මේ කරුණු පසින් පුත්‍රයාට අනුකම්පා කරත්. මෙසේ ඒ පුත්‍රයා විසින් මේ නැගෙනහිර දිසාව වසන (රකින) ලද්දී නිර්භය වූවා වන්නීය.
268
‘‘පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨාතබ්බා - උට්ඨානෙන උපට්ඨානෙන සුස්සුසාය පාරිචරියාය සක්කච්චං සිප්පපටිග්ගහණෙන (සිප්පං පටිග්ගහණෙන (ස්‍යා.), සිප්පඋග්ගහණෙන (ක.)). ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි අන්තෙවාසිං අනුකම්පන්ති - සුවිනීතං විනෙන්ති, සුග්ගහිතං ගාහාපෙන්ති, සබ්බසිප්පස්සුතං සමක්ඛායිනො භවන්ති, මිත්තාමච්චෙසු පටියාදෙන්ති (පටිවෙදෙන්ති (ස්‍යා.)), දිසාසු පරිත්තාණං කරොන්ති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා ඉමෙහි පඤ්චහි ඨානෙහි අන්තෙවාසිං අනුකම්පන්ති. එවමස්ස එසා දක්ඛිණා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
268
“ගෘහපති පුත්‍රය, කරුණු පසකින් අතවැස්සා (ගෝළයා) විසින් දකුණු දිශාවවූ ගුරුවරයෝ උපස්ථාන කටයුතු වෙත්. දැක, උන් ආසනයෙන් නැගිටීමෙන්ද, උපස්ථාන කිරීමෙන්ද, ගුරුවරයාගේ වචන හොඳින් ඇසීමෙන්ද, කටයුතු වත් පිළිවෙත් කිරීමෙන්ද සකස්කොට ශිල්ප ඉගෙණීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් අතවැස්සා විසින් උපස්ථාන කරණ ලද්දාවූ දකුණු දිශාවවූ ගුරුවරු කරුණු පසකින් අතවැසියාට (ගෝලයාට) අනුකම්පා කරත්. යහපත් කොට හික්මවත්, හොඳින් උගන්වත්, (තමන් දත්) සියලු ශිල්පශාස්ත්‍ර හා ධර්මය මනාව කියා දෙන්නාහු වෙත්. මිත්‍රජනයා අතරෙහි කියා පෙන්වාදෙත්, දිශාවන්හි ආරක්ෂාව ඇතිකෙරෙත්, ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් අතවැස්සා විසින් උපස්ථාන කරණ ලද්දාවූ දකුණු දිශාවවූ ගුරුවරු මේ කරුණු පසින් අතවැස්සාට අනුකම්පා කරත්. මෙසේ ඔහු විසින් මේ දකුණු දිසාව වසන (රකින) ලද්දී භය රහිත වූවා වේ.
269
‘‘පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨාතබ්බා - සම්මානනාය අනවමානනාය (අවිමානනාය (ස්‍යා. පී.)) අනතිචරියාය ඉස්සරියවොස්සග්ගෙන අලඞ්කාරානුප්පදානෙන. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි සාමිකං අනුකම්පති - සුසංවිහිතකම්මන්තා ච හොති, සඞ්ගහිතපරිජනා (සුසඞ්ගහිතපරිජනා (සී. ස්‍යා. පී.)) ච, අනතිචාරිනී ච, සම්භතඤ්ච අනුරක්ඛති, දක්ඛා ච හොති අනලසා සබ්බකිච්චෙසු. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා ඉමෙහි පඤ්චහි ඨානෙහි සාමිකං අනුකම්පති. එවමස්ස එසා පච්ඡිමා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
269
“ගෘහපති පුත්‍රය, කරුණු පසකින් සැමියා විසින් බස්නාහිර දිසාවවූ භාර්‍ය්‍යා තොමෝ උපස්ථාන කටයුත්තීය. බුහුමන් කිරීමෙන්ද, අවමන් නොකිරීමෙන්ද, අන් අඹුවන් සේවනය නොකිරීමෙන්ද, සැප ඉසුරු පාවා දීමෙන්ද, අලංකාරයට සුදුසු ඇඳුම් පැළඳුම් දීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් සැමියා විසින් උපස්ථාන කරණලද බස්නාහිර දිසාවවූ භාර්‍ය්‍යාතොමෝ කරුණු පසකින් සැමියාට අනුකම්පා කරයි. හොඳින් කටයුතු පිළියෙල කරයි. පිරිවර ජනයාට හොඳින් සංග්‍රහකරයි පරපුරුෂයන් සේවනය නොකරයි. ස්වාමියා රැස්කළ වස්තුව ආරක්ෂාකරයි. සියලු කටයුතුවල දක්ෂවූවා අලස නොවෙයි. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් ස්වාමියා විසින් උපස්ථාන කරනලද බස්නාහිර දිසාවවූ භාර්‍ය්‍යා තොමෝ මේ කරුණු පසින් ස්වාමියාට අනුකම්පා කරයි. මෙසේ මොහු විසින් මේ බස්නාහිර දිසාව වසන ලද්දී නිර්භයවූවා වේ.
270
‘‘පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි කුලපුත්තෙන උත්තරා දිසා මිත්තාමච්චා පච්චුපට්ඨාතබ්බා - දානෙන පෙය්‍යවජ්ජෙන (වියවජ්ජෙන (ස්‍යා. ක.)) අත්ථචරියාය සමානත්තතාය අවිසංවාදනතාය. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි කුලපුත්තෙන උත්තරා දිසා මිත්තාමච්චා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි කුලපුත්තං අනුකම්පන්ති - පමත්තං රක්ඛන්ති, පමත්තස්ස සාපතෙය්‍යං රක්ඛන්ති, භීතස්ස සරණං හොන්ති, ආපදාසු න විජහන්ති, අපරපජා චස්ස පටිපූජෙන්ති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි කුලපුත්තෙන උත්තරා දිසා මිත්තාමච්චා පච්චුපට්ඨිතා ඉමෙහි පඤ්චහි ඨානෙහි කුලපුත්තං අනුකම්පන්ති. එවමස්ස එසා උත්තරා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
270
“ගෘහපති පුත්‍රය, කරුණු පසකින් වනාහි කුල පුත්‍රයා විසින් උතුරු දිශාවවූ මිතුරු ජනයෝ උපස්ථාන කටයුත්තාහුය. දීමෙන්ද, ප්‍රිය වචනයෙන්ද, හිතවැඩ සැලසීමෙන්ද, සමානාත්මතාවයෙන්ද (තමන් හා සමාන කොට සැලකීමෙන්ද) නොරැවටීමෙන්ද (යන මෙයිනි.) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් වනාහි කුල පුත්‍රයා (යහපත් ගිහියා) විසින් උපස්ථාන කරනලද, උතුරු දිශාවවූ මිතුරු ජනයෝ මේ කරුණු පසකින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. ප්‍රමාදවූවහු රකිත්. ප්‍රමාදවූ කුලපුත්‍රයාගේ (යහපත් ගිහියාගේ) වස්තුව රකිත්. භයවූවහුට පිහිට වෙත්. විපත් පැමිණිකල්හි අත් නොහරිත්. ඒ කුලපුත්‍රයාගේ අනික් පිරිසටද සැලකිලි කරත්. ගෘහපති පුත්‍රය, කුලපුත්‍රයා විසින් මේ කරුණු පසින් උපස්ථාන කරනලද උතුරු දිශාවවූ මිතුරු ජනයෝ මේ කරුණු පසින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. මෙසේ ඔහු විසින් මේ උතුරු දිශාව වසන (රකින) ලද්දී, භය රහිත කරන ලද්දේ වේ.
271
‘‘පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි අය්‍යිරකෙන (අයිරකෙන (සී. ස්‍යා. පී.)) හෙට්ඨිමා දිසා දාසකම්මකරා පච්චුපට්ඨාතබ්බා - යථාබලං කම්මන්තසංවිධානෙන භත්තවෙතනානුප්පදානෙන ගිලානුපට්ඨානෙන අච්ඡරියානං රසානං සංවිභාගෙන සමයෙ වොස්සග්ගෙන. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අය්‍යිරකෙන හෙට්ඨිමා දිසා දාසකම්මකරා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි අය්‍යිරකං අනුකම්පන්ති - පුබ්බුට්ඨායිනො ච හොන්ති, පච්ඡා නිපාතිනො ච, දින්නාදායිනො ච, සුකතකම්මකරා ච, කිත්තිවණ්ණහරා ච. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අය්‍යිරකෙන හෙට්ඨිමා දිසා දාසකම්මකරා පච්චුපට්ඨිතා ඉමෙහි පඤ්චහි ඨානෙහි අය්‍යිරකං අනුකම්පන්ති. එවමස්ස එසා හෙට්ඨිමා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
271
“ගෘහපති පුත්‍රය, කරුණු පසකින් ස්වාමියා විසින් යටදිශාවවූ දාසි දාස කම්කරු ජනයෝ උපස්ථාන කටයුත්තාහුය. ශක්තිවූ පරිද්දෙන් කටයුතු නියමකිරීමෙන්ද, බත් වැටුප් දීමෙන්ද, ගිලන්වූකල උපස්ථාන කිරීමෙන්ද, අමුතු රසවත් ආහාර බෙදා දීමෙන්ද, සුදුසු කල දියයුතු දේ දීමෙන්ද (යන මෙයිනි) ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් වනාහි ස්වාමියා විසින් උපස්ථාන කරන ලද්දාවූ යට දිශාවවූ දාසි දාස කම්කරුවෝ කරුණු පසකින් ස්වාමියාට අනුකම්පා කරත්. පළමු කොට නැගී සිටින්නාහුද වෙත්. පසුව නිදන්නාහුද වෙත්. දුන් දෙය පමණක් ගන්නාහුද වෙත්. හොඳින් කර්මාන්ත කරත්. ගුණ කීර්තිය පතළකර හරින්නාහුද වෙත්. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් වනාහි ස්වාමියා විසින් උපස්ථාන කරනලද යට දිසාවවූ දාසි දාස කම්කරුවෝ මේ කරුණු පසින් ස්වාමියාට අනුකම්පා කරත්. මෙසේ මොහු විසින් මේ යට දිසාව වසන (රකින) ලද්දී භය රහිත කරනලද්දී වේ.
272
‘‘පඤ්චහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි කුලපුත්තෙන උපරිමා දිසා සමණබ්‍රාහ්මණා පච්චුපට්ඨාතබ්බා - මෙත්තෙන කායකම්මෙන මෙත්තෙන වචීකම්මෙන මෙත්තෙන මනොකම්මෙන අනාවටද්වාරතාය ආමිසානුප්පදානෙන. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි කුලපුත්තෙන උපරිමා දිසා සමණබ්‍රාහ්මණා පච්චුපට්ඨිතා ඡහි ඨානෙහි කුලපුත්තං අනුකම්පන්ති - පාපා නිවාරෙන්ති, කල්‍යාණෙ නිවෙසෙන්ති, කල්‍යාණෙන මනසා අනුකම්පන්ති, අස්සුතං සාවෙන්ති, සුතං පරියොදාපෙන්ති, සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති. ඉමෙහි ඛො, ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි කුලපුත්තෙන උපරිමා දිසා සමණබ්‍රාහ්මණා පච්චුපට්ඨිතා ඉමෙහි ඡහි ඨානෙහි කුලපුත්තං අනුකම්පන්ති. එවමස්ස එසා උපරිමා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා’’ති.
272
“ගෘහපති පුත්‍රය, කරුණු පසකින් වනාහි කුලපුත්‍රයා විසින් උඩ දිශාවවූ මහණ බමුණෝ උපස්ථාන කටයුත්තාහු වෙත්. මෛත්‍රීසහගතවූ කයින් කරන කර්මයෙන්ද, මෛත්‍රී සහගතවූ වචනයෙන් කරන කර්මයෙන්ද, මෛත්‍රීසහගතවූ හිතින් කරන කර්මයෙන්ද, (හෙවත් මෙත් සිත් පෙරටු සිතිවිලිවලින්ද,) නොවසන ලද දොරටු ඇති බැවින්ද, ආහාර පානාදිය දීමෙන්ද, (යන මෙයිනි.) ගෘහපතිපුත්‍රය, මේ කරුණු පසින් වනාහි කුලපුත්‍රයා විසින් උපස්ථාන කරන ලද උඩ දිශාවවූ මහණ බමුණෝ කරුණු සයකින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. පව්කම්වලින් වළක්වත්. සුචරිතයෙහි යොදවත්, යහපත් සිතින් අනුකම්පා කරත්. නොඇසූ ධර්මය අසවත්, ඇසූ ධර්මය පිරිසිදු කරත්. දෙව්ලොවට යන මග කියා දෙත්. ගෘහපති පුත්‍රය, මේ කරුණු පසින් කුලපුත්‍රයා විසින් උපස්ථාන කරන ලද උඩ දිශාවවූ මහණ බමුණෝ මේ කරුණු පසින් කුලපුත්‍රයාට අනුකම්පා කරත්. මෙසේ මොහු විසින් උඩ දිශාව වසන (රකින) ලද්දී නිර්භය කරන ලද්දී වේය”යි. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළාහුය.
273
ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘මාතාපිතා දිසා පුබ්බා, ආචරියා දක්ඛිණා දිසා;
පුත්තදාරා දිසා පච්ඡා, මිත්තාමච්චා ච උත්තරා.
‘‘දාසකම්මකරා හෙට්ඨා, උද්ධං සමණබ්‍රාහ්මණා;
එතා දිසා නමස්සෙය්‍ය, අලමත්තො කුලෙ ගිහී.
‘‘පණ්ඩිතො සීලසම්පන්නො, සණ්හො ච පටිභානවා;
නිවාතවුත්ති අත්ථද්ධො, තාදිසො ලභතෙ යසං.
‘‘උට්ඨානකො අනලසො, ආපදාසු න වෙධති;
අච්ඡින්නවුත්ති මෙධාවී, තාදිසො ලභතෙ යසං.
‘‘සඞ්ගාහකො මිත්තකරො, වදඤ්ඤූ වීතමච්ඡරො;
නෙතා විනෙතා අනුනෙතා, තාදිසො ලභතෙ යසං.
‘‘දානඤ්ච පෙය්‍යවජ්ජඤ්ච, අත්ථචරියා ච යා ඉධ;
සමානත්තතා ච ධම්මෙසු, තත්ථ තත්ථ යථාරහං;
එතෙ ඛො සඞ්ගහා ලොකෙ, රථස්සාණීව යායතො.
‘‘එතෙ ච සඞ්ගහා නාස්සු, න මාතා පුත්තකාරණා;
ලභෙථ මානං පූජං වා, පිතා වා පුත්තකාරණා.
‘‘යස්මා ච සඞ්ගහා (සඞ්ගහෙ (ක.) අට්ඨකථායං ඉච්ඡිතපාඨො) එතෙ, සම්මපෙක්ඛන්ති (සමවෙක්ඛන්ති (සී. පී. ක.)) පණ්ඩිතා;
තස්මා මහත්තං පප්පොන්ති, පාසංසා ච භවන්ති තෙ’’ති.
273
ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය දේශනාකර වදාරා නැවත මෙසේ දේශනා කළාහුය.
[1] “මව්පියෝ නැගෙනහිර දිශාවය, ගුරුවරු දකුණු දිශාවය, අඹුදරුවෝ බස්නාහිර දිශාවය, මිතුරු ජනයෝ උතුරු දිසාවය.
[2] “දැසි දස් කම්කරුවෝ යට දිශාවය, මහණ බමුණෝ උඩ දිශාවය, මේ දිසාවන්ට නමස්කාර කරන්නේ නම්, ඒ ගෘහස්ථයා කුලයෙහි (ගිහිගෙයි) විසීමට සමර්ථ වන්නේය.
[3] “නුවණැත්තාවූ සීලයෙන් යුක්තවූ මොලොක් ගති ඇති, වැටහෙන නුවණින් යුත් යටහත් පැවතුම් ඇති තදගති නැත්තාවූ එබඳු තැනැත්තේ සැප ලබන්නේය.
[4] “නොපසුබට වීර්යය ඇති අලස නොවූ තැනැත්තේ විපත්වලදී කම්පා නොවේද, සිදුරු නොවූ (කැලැල් රහිත) පැවතුම් ඇති නුවණ ඇත්තාවූ එබඳු තැනැත්තේ සැප ලබන්නේය.
[5] “සංග්‍රහ කරන්නාවූ මිත්‍රයන් ඇතිකරන්නාවූ (මිත්‍රයන්ගේ) වචන දන්නාවූ මසුරුමල දුරුකළාවූ, (හිත වැඩට) පමුණුවන්නාවූ විශේෂයෙන් හික්මවන්නාවූ නැවත නැවත හික්මවන්නාවූ එබඳු තැනැත්තේ යසස් ලබන්නේය.”
[6] “දීමද, ප්‍රිය වචන කීමද, අනුන්ට වැඩ පිණිස හැසිරීමද, තමන්සේ අනුන් සැළකීමද, යන මේ ලෝකයෙහි ධර්මයන්හි සුදුසු පරිද්දෙන් ඒ ඒ තන්හි පිළිපැදීම යන යමක් වෙයිද
[7] “ලෝකයෙහි මේ සංග්‍රහයෝ ගමන්කරන්නාවූ රථයාගේ කඩඇනය මෙනි. මේ සතර සංග්‍රහ වස්තු නොවනාහු නම්, මව දරුවන් කරණ කොට බුහුමනක් හෝ පිදීමක් හෝ නොලබන්නේය. පියාද දරුවන් කරණ කොට (එය) නොලබන්නේය.
[8] “යම් හේතුවකින් නුවණැත්තෝ මේ සතර සංග්‍රහ වස්තූන් හොඳාකාර සලකා බලත්ද, එහෙයින් ඔව්හු මහත් බවට පැමිණෙත්. පැසසිය යුත්තෝද වෙත්.”
274
එවං වුත්තෙ, සිඞ්ගාලකො ගහපතිපුත්තො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ! අභික්කන්තං, භන්තෙ! සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු, අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
274
මෙසේ වදාළ කල්හි සිගාලක නම් ගෘහපති පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීන් වහන්ස ඉතා යහපත, ස්වාමීන් වහන්ස (මේ ධර්මය) ඉතා යහපත, ස්වාමීන් වහන්ස, යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, වසා තබන ලද්දක් වැසුම් හැර දක්වන්නේ හෝ යම්සේද, මං මුළාවූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, කළුවරෙහි තෙල්පහනක් දරන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්ම දේශනා කරන ලද්දේය. ස්වාමීන් වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, භික්ෂු සංඝයාද, සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් ජීවිතාන්තය දක්වා සරණ ගිය උපාසකයෙකැයි පිළිගන්නා සේක්වා”යි කීයේය.