ත්‍රිපිටකය
7. ලක්ඛණසුත්තං 7. ලක්ඛණ සූත්‍රය
ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි
(1) සුප්පතිට්ඨිතපාදතාලක්ඛණං (1) සුප්පතිට්ඨිතපාදතාලක්ඛණං
(2) පාදතලචක්කලක්ඛණං (2) පාදතලචක්කලක්ඛණං
(3-5) ආයතපණ්හිතාදිතිලක්ඛණං (3-5) ආයතපණ්හිතාදිතිලක්ඛණං
(6) සත්තුස්සදතාලක්ඛණං (6) සත්තුස්සදතාලක්ඛණං
(7-8) කරචරණමුදුජාලතාලක්ඛණානි (7-8) කරචරණමුදුජාලතාලක්ඛණානි
(9-10) උස්සඞ්ඛපාදඋද්ධග්ගලොමතාලක්ඛණානි (9-10) උස්සඞ්ඛපාදඋද්ධග්ගලොමතාලක්ඛණානි
(11) එණිජඞ්ඝලක්ඛණං (11) එණිජඞ්ඝලක්ඛණං
(12) සුඛුමච්ඡවිලක්ඛණං (12) සුඛුමච්ඡවිලක්ඛණං
(13) සුවණ්ණවණ්ණලක්ඛණං (13) සුවණ්ණවණ්ණලක්ඛණං
218
‘‘යම්පි , භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො අක්කොධනො අහොසි අනුපායාසබහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජි න කුප්පි න බ්‍යාපජ්ජි න පතිත්ථීයි, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. දාතා ච අහොසි සුඛුමානං මුදුකානං අත්ථරණානං පාවුරණානං (පාපුරණානං (සී. ස්‍යා. පී.)) ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්‍යසුඛුමානං කම්බලසුඛුමානං. සො තස්ස කම්මස්ස කටත්තා උපචිතත්තා...පෙ.... සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති. සුවණ්ණවණ්ණො හොති කඤ්චනසන්නිභත්තචො.
‘‘සො තෙන ලක්ඛණෙන සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී...පෙ.... රාජා සමානො කිං ලභති? ලාභී හොති සුඛුමානං මුදුකානං අත්ථරණානං පාවුරණානං ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්‍යසුඛුමානං කම්බලසුඛුමානං. රාජා සමානො ඉදං ලභති... බුද්ධො සමානො කිං ලභති? ලාභී හොති සුඛුමානං මුදුකානං අත්ථරණානං පාවුරණානං ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්‍යසුඛුමානං කම්බලසුඛුමානං. බුද්ධො සමානො ඉදං ලභති’’. එතමත්ථං භගවා අවොච.
218
“මහණෙනි, යම් හේතුවකින් තථාගත තෙමේ පෙර ජාතියෙහි, පෙර භවයෙහි, පෙර වාසයෙහි, පෙර මනුෂ්‍යයෙක් වූයේ ක්‍රොධ නොකරන්නෙක් විය. ක්‍රෝධය බහුල කොට නැත්තෙක් විය. බොහෝ කොට බැන්නේද වක්වූ කටුවක් මෙන් ඇමිණී නොගියේය. නොකිපුණේය. ව්‍යාපාද නොකෙළේය. වෛර නොකෙළේය. කෝපයද, දෝෂයද, දොම්නසද තුන් දොරින් ප්‍රකට නොකෙළේය. සියුම්වූ මොලොක්වූ ඇතිරිලිද, බිම එලන සියුම් කොමු රෙදිද, සියුම් කපු රෙදිද, සියුම්වූ කොස්‍යෙය්‍ය ඇඳුම්ද සියුම්වූ කම්බලද දෙන ලද්දේය. හෙතෙම ඒ කර්මය කළ බැවින් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියි. හෙතෙම එහි අන්‍ය දෙවිවරුන්ට වඩා කරුණු දහයකින් වැඩිවෙයි. දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ පාටෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ පිරිවරින්ද, දිව්‍යමයවූ අධිපතිභාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ ගන්ධයෙන්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්ශයෙන්ද යන කරුණු දහයෙන් වැඩි වෙයි. හෙතෙම එතැනින් චුතව මිනිස්බවට පැමිණියේ මේ මහ පුරිස් ලකුණ ලබයි. රන්වන්වූ රන් හා සමානවූ සම ඇත්තේ වෙයි. ඒ ලකුණින් යුක්තවූ
හෙතෙම ඉදින් ගිහිගෙයි වාසය කෙරේද? සක්විති රජ වෙයි.
“ඔහුට මේ රත්න හත පහළ වෙත්. (ඒ කවරේද?) චක්‍ර රත්නය, ඇත් රත්නය, අස්ව රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පර සේනාවන් මැඩලිය හැකි සූරවූ දෙව් පුතුන් හා සමාන ශරීර ඇති දහසකට වැඩිවූ පුත්‍රයෝ වෙත්. හෙතෙම සයුර හිම් කොට ඇති මේ පෘථිවිය සොරුන් නැති, සඵලවූ සියලු සැපතින් පිරීගිය, නිර්භය, අනතුරු රහිත, උවදුරු රහිත කොට දඬුවම් රහිතව, ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කරයි.
“රජ වූයේ කුමක් ලබාද? සියුම්වූ මෘදුවූ ඇතිරිලිද, පොරෝනාද සියුම් කොමු රෙදිද සියුම් කපු රෙදිද සියුම්වූ කොසෙය්‍ය ඇඳුම්ද, සියුම්වූ කම්බලද ලබන්නේ වේ. රජ වූයේ මෙය ලබයි.
“ඉඳින් ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ නම් කෙලෙස් නමැති වැස්ම සිඳ දමා අර්හත් සම්මා සම්බුදු වන්නේය.
බුදුවූයේ කුමක් ලබාද? සියුම්වූ මෘදුවූ ඇතිරිලිද සියුම් කොමු රෙදිද සියුම්වූ කපු රෙදිද සියුම්වූ කොසෙය්‍ය වස්ත්‍රද, සියුම්වූ කම්බලද ලබන්නේ වේ. බුදුවූයේ මෙය ලබයි. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.
219
තත්ථෙතං වුච්චති -
‘‘අක්කොධඤ්ච අධිට්ඨහි අදාසි (අදාසි ච (සී. පී.)),
දානඤ්ච වත්ථානි සුඛුමානි සුච්ඡවීනි;
පුරිමතරභවෙ ඨිතො අභිවිස්සජි,
මහිමිව සුරො අභිවස්සං.
‘‘තං කත්වාන ඉතො චුතො දිබ්බං,
උපපජ්ජි (උපපජ්ජ (සී. පී.)) සුකතඵලවිපාකමනුභුත්වා;
කනකතනුසන්නිභො ඉධාභිභවති,
සුරවරතරොරිව ඉන්දො.
‘‘ගෙහඤ්චාවසති නරො අපබ්බජ්ජ,
මිච්ඡං මහතිමහිං අනුසාසති (පසාසති (ස්‍යා.));
පසය්හ සහිධ සත්තරතනං (පසය්හ අභිවසන-වරතරං (සී. පී.)),
පටිලභති විමල (විපුල (ස්‍යා.), විපුලං (සී. පී.)) සුඛුමච්ඡවිං සුචිඤ්ච.
‘‘ලාභී අච්ඡාදනවත්ථමොක්ඛපාවුරණානං,
භවති යදි අනාගාරියතං උපෙති;
සහිතො (සුහිත (ස්‍යා.), ස හි (සී. පී.)) පුරිමකතඵලං අනුභවති,
න භවති කතස්ස පනාසො’’ති.
219
එහි මෙසේ කියනු ලැබේ.
[1]“අක්‍රෝධය (මෛත්‍රිය) අධිෂ්ඨාන කෙළේය. යහපත් ස්පර්ශය ඇති සියුම් වස්ත්‍රද දන් දුන්නේය. ඉතා පෙර භවයන්හි සිටියේ යහපත් ස්පර්ශය ඇති සියුම් වස්ත්‍රද දන් දුන්නේය. ඉතා පෙර භවයන්හි සිටියේ මහා පෘථිවියට වසින්නාවූ මහා වැස්සක් මෙන් එකී (දාන වස්තූන්) දන් දුන්නේය.”
[2]“ඒ යහපත් කර්මය කොට මෙලොවින් චුතව දෙව් ලොව ඉපද යහපත් ලෙස කර්මයන්ගේ ඵලවිපාක විඳ මේ ලෝකයෙහි රන්වන් ශරීරයෙන් යුක්ත වූයේ දෙවියන් අතර අතිශයින් ශ්‍රේෂ්ඨවූ ශක්‍රයා මෙන් (රූපකායෙන්) සියල්ලන් යටත් කෙරේ.”
[3]“මහණවනු නොකැමැති ඒ මනුෂ්‍ය තෙමේ ගිහිගෙයි වසයිද, මහාපොළොව හොඳින් අනුශාසනා කරයි හෙතෙම රත්න හතද නිර්මලවූ පිරිසිදු සිවියක්ද ලබයි.”
[4]“ඉදින් ගිහිගෙන් නික්ම මහණවන්නේ නම් හඳිනා ඇඳුම් හා උතුම් පොරෝනා (සිවුරු ආදිය) යන මේ දේ ලබන්නෙක් වේ. හෙතෙම පෙර කළ කර්මයාගේ විපාකය විඳීම කෙරේද, ඒ කළ කර්මයන්ගේ ඵලය විනාශ නොවේ.”
(14) කොසොහිතවත්ථගුය්හලක්ඛණං (14) කොසොහිතවත්ථගුය්හලක්ඛණං
(15-16) පරිමණ්ඩලඅනොනමජණ්ණුපරිමසනලක්ඛණානි (15-16) පරිමණ්ඩලඅනොනමජණ්ණුපරිමසනලක්ඛණානි
(17-19) සීහපුබ්බද්ධකායාදිතිලක්ඛණං (17-19) සීහපුබ්බද්ධකායාදිතිලක්ඛණං
(20) රසග්ගසග්ගිතාලක්ඛණං (20) රසග්ගසග්ගිතාලක්ඛණං
(21-22) අභිනීලනෙත්තගොපඛුමලක්ඛණානි (21-22) අභිනීලනෙත්තගොපඛුමලක්ඛණානි
(23) උණ්හීසසීසලක්ඛණං (23) උණ්හීසසීසලක්ඛණං
(24-25) එකෙකලොමතාඋණ්ණාලක්ඛණානි (24-25) එකෙකලොමතාඋණ්ණාලක්ඛණානි
(26-27) චත්තාලීසඅවිරළදන්තලක්ඛණානි (26-27) චත්තාලීසඅවිරළදන්තලක්ඛණානි
(28-29) පහූතජිව්හාබ්‍රහ්මස්සරලක්ඛණානි (28-29) පහූතජිව්හාබ්‍රහ්මස්සරලක්ඛණානි
(30) සීහහනුලක්ඛණං (30) සීහහනුලක්ඛණං
(31-32) සමදන්තසුසුක්කදාඨාලක්ඛණානි (31-32) සමදන්තසුසුක්කදාඨාලක්ඛණානි