ත්‍රිපිටකය
4. අග්ගඤ්ඤසුත්තං 4. අග්ගඤ්ඤ සූත්‍රය
වාසෙට්ඨභාරද්වාජා වාසෙට්ඨභාරද්වාජා
111
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන වාසෙට්ඨභාරද්වාජා භික්ඛූසු පරිවසන්ති භික්ඛුභාවං ආකඞ්ඛමානා. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො පාසාදා ඔරොහිත්වා පාසාදපච්ඡායායං (පාසාදච්ඡායායං (ක.)) අබ්භොකාසෙ චඞ්කමති.
111
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ මිගාර මාතෘ ප්‍රාසාද නම් පූර්වාරාමයෙහි වැඩවසන්නාහ. එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමණෙර දෙනම භික්ෂු භාවය බලාපොරොත්තුවෙමින් භික්ෂූන් සමීපයෙහි වෙසෙත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිට ප්‍රාසාදයෙන් බැස (ඊට නැගෙනහිර දික්හි) පහයෙහි සෙවනැල්ල පවත්නා පසුභාගයෙහි අවකාශස්ථානයෙක සක්මන් කළහ.
112
අද්දසා ඛො වාසෙට්ඨො භගවන්තං සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතං පාසාදා ඔරොහිත්වා පාසාදපච්ඡායායං අබ්භොකාසෙ චඞ්කමන්තං. දිස්වාන භාරද්වාජං ආමන්තෙසි - ‘‘අයං, ආවුසො භාරද්වාජ, භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො පාසාදා ඔරොහිත්වා පාසාදපච්ඡායායං අබ්භොකාසෙ චඞ්කමති. ආයාමාවුසො භාරද්වාජ, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම; අප්පෙව නාම ලභෙය්‍යාම භගවතො සන්තිකා (සම්මුඛා (ස්‍යා. ක.)) ධම්මිං කථං සවනායා’’ති. ‘‘එවමාවුසො’’ති ඛො භාරද්වාජො වාසෙට්ඨස්ස පච්චස්සොසි.
112
වාසෙට්ඨ නම් සාමණෙර තෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියාවූ, පහයෙන් බැස ප්‍රාසාද සෙවනැල්ල පවත්නා අවකාශස්ථානයෙක්හි සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාරද්වාජ නම් සාමණේර නමට කථා කළේය. කථා කොට
“ආයුෂ්මත් භාරද්වාජයෙනි, මේ භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගීසිට පහයෙන් බැස ප්‍රාසාද සෙවනැල්ල පවත්නා අවකාශස්ථානයෙහි සක්මන් කරන්නාහුය. ආයුෂ්මත් භාරද්වාජය, (අපි) යමු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතන්හි පැමිණෙන්නෙමු. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ධර්ම කථාවක් අසන්නට ලබන්නෙමු නම් ඉතා යහපතැ”යි කීය.
“ඇවැත්නි, එසේය”යි භාරද්වාජ තෙමේ වාසෙට්ඨ හට උත්තර දුන්නේය.
113
අථ ඛො වාසෙට්ඨභාරද්වාජා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවන්තං චඞ්කමන්තං අනුචඞ්කමිංසු. අථ ඛො භගවා වාසෙට්ඨං ආමන්තෙසි - ‘‘තුම්හෙ ඛ්වත්ථ, වාසෙට්ඨ, බ්‍රාහ්මණජච්චා බ්‍රාහ්මණකුලීනා බ්‍රාහ්මණකුලා අගාරස්මා අනගාරියං පබ්බජිතා, කච්චි වො, වාසෙට්ඨ, බ්‍රාහ්මණා න අක්කොසන්ති න පරිභාසන්තී’’ති? ‘‘තග්ඝ නො, භන්තෙ, බ්‍රාහ්මණා අක්කොසන්ති පරිභාසන්ති අත්තරූපාය පරිභාසාය පරිපුණ්ණාය, නො අපරිපුණ්ණායා’’ති. ‘‘යථා කථං පන වො, වාසෙට්ඨ, බ්‍රාහ්මණා අක්කොසන්ති පරිභාසන්ති අත්තරූපාය පරිභාසාය පරිපුණ්ණාය, නො අපරිපුණ්ණායා’’ති? ‘‘බ්‍රාහ්මණා, භන්තෙ, එවමාහංසු - ‘බ්‍රාහ්මණොව සෙට්ඨො වණ්ණො, හීනා අඤ්ඤෙ වණ්ණා (හීනො අඤ්ඤො වණ්ණො (සී. පී. ම. නි. 2 මධුරසුත්ත)). බ්‍රාහ්මණොව සුක්කො වණ්ණො , කණ්හා අඤ්ඤෙ වණ්ණා (කණ්හො අඤ්ඤො වණ්ණො (සී. පී. ම. නි. 2 මධුරසුත්ත)). බ්‍රාහ්මණාව සුජ්ඣන්ති, නො අබ්‍රාහ්මණා. බ්‍රාහ්මණාව (බ්‍රාහ්මණා (ස්‍යා.)) බ්‍රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ්මජා බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මදායාදා. තෙ තුම්හෙ සෙට්ඨං වණ්ණං හිත්වා හීනමත්ථ වණ්ණං අජ්ඣුපගතා, යදිදං මුණ්ඩකෙ සමණකෙ ඉබ්භෙ කණ්හෙ බන්ධුපාදාපච්චෙ. තයිදං න සාධු, තයිදං නප්පතිරූපං, යං තුම්හෙ සෙට්ඨං වණ්ණං හිත්වා හීනමත්ථ වණ්ණං අජ්ඣුපගතා යදිදං මුණ්ඩකෙ සමණකෙ ඉබ්භෙ කණ්හෙ බන්ධුපාදාපච්චෙ’ති. එවං ඛො නො, භන්තෙ, බ්‍රාහ්මණා අක්කොසන්ති පරිභාසන්ති අත්තරූපාය පරිභාසාය පරිපුණ්ණාය, නො අපරිපුණ්ණායා’’ති.
113
එවිට වාසෙට්ඨ භාරද්වාජ දෙදෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨහට කථාකොට මෙසේ කීවාහුය. “වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවහුය. බ්‍රාහ්මණයන් අතුරෙහි කුලසම්පන්න වූවහුය. බ්‍රාහ්මණ කුලයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි මහණ වූවහුය. වාසෙට්ඨය, කිම? (අන්‍ය) බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙද්ද? හෙළාදැකීම නොකෙරෙද්ද?”
“ස්වාමීන් වහන්ස, එකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති. තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නොවූ කථාවෙන් හෙළා දැකීම කෙරෙති”යි කීය.
“වාසෙට්ඨය, බ්‍රාහ්මණයෝ තොපට ඒ කෙසේ නම් තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නුවූ කථාවෙන් අපහාස කෙරෙද්ද? හෙළා දැකීම කෙරෙද්ද?”
“ස්වාමීනි, බ්‍රාහ්මණයෝ මෙසේ කියති: ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. බ්‍රාහ්මණයෝම ශුද්ධ වෙති. බ්‍රාහ්මණ නුවූවෝ ශුද්ධ නොවෙති. බමුණෝම මහා බ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළ වූවාහුය (ඔහු විසින්) හෘදයෙහි තබා වඩන ලද්දාහුය. නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුණාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වංශය හැරපියා හීනවූ මාර පක්ෂයෙහිවූ බඹහුගේ පාදයෙන් උපන්නාවූ අපිරිසිදුවූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම්වූ යම් ඒ හීන වංශයකට පැමිණීමක් ඇද්ද මහබඹහුගේ පාදයෙන් උපන්නාවූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම්වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි.”
“ස්වාමීනි, බමුණෝ මෙසේ අපට තම තමන්ට සුදුසුවූ සම්පූර්ණවූ අසම්පූර්ණ නුවූ කථාවෙන් අපහාස කෙරෙති. හෙළා දැකීම කෙරෙති.
114
‘‘තග්ඝ වො, වාසෙට්ඨ, බ්‍රාහ්මණා පොරාණං අස්සරන්තා එවමාහංසු - ‘බ්‍රාහ්මණොව සෙට්ඨො වණ්ණො, හීනා අඤ්ඤෙ වණ්ණා; බ්‍රාහ්මණොව සුක්කො වණ්ණො, කණ්හා අඤ්ඤෙ වණ්ණා; බ්‍රාහ්මණාව සුජ්ඣන්ති, නො අබ්‍රාහ්මණා; බ්‍රාහ්මණාව බ්‍රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ්මජා බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මදායාදා’ති. දිස්සන්ති ඛො පන, වාසෙට්ඨ, බ්‍රාහ්මණානං බ්‍රාහ්මණියො උතුනියොපි ගබ්භිනියොපි විජායමානාපි පායමානාපි. තෙ ච බ්‍රාහ්මණා යොනිජාව සමානා එවමාහංසු - ‘බ්‍රාහ්මණොව සෙට්ඨො වණ්ණො, හීනා අඤ්ඤෙ වණ්ණා; බ්‍රාහ්මණොව සුක්කො වණ්ණො, කණ්හා අඤ්ඤෙ වණ්ණා; බ්‍රාහ්මණාව සුජ්ඣන්ති, නො අබ්‍රාහ්මණා; බ්‍රාහ්මණාව බ්‍රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්‍රහ්මජා බ්‍රහ්මනිම්මිතා බ්‍රහ්මදායාදා’ති. තෙ (තෙ ච (ස්‍යා. ක.)) බ්‍රහ්මානඤ්චෙව අබ්භාචික්ඛන්ති, මුසා ච භාසන්ති, බහුඤ්ච අපුඤ්ඤං පසවන්ති.
114
වාසෙට්ඨය, ඒකාන්තයෙන් තොපගේ බ්‍රාහ්මණයෝ මුල සිහි නොකරමින් මෙසේ කියති. එනම්: ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේ වෙයි. අන්‍යයෝ පහත් වංස ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංස ඇත්තේ වෙයි. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝයි. බ්‍රාහ්මණයෝම මහාබ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළ වූවාහුය. (ඔහු විසින්) හෘදයෙහි තබා වඩන ලද්දාහුය. නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුනාහුය. බ්‍රහ්මයා කෙරෙන් උපන්නාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය’ කියායි.
වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප්වූද, දරුගැබ් ඇත්තාවූද, දරුවන් වදන්නාවූද, දරුවන්ට කිරි පොවන්නාවූද, බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යොනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ‘බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ පහත් වංශ ඇත්තෝය. බ්‍රාහ්මණ තෙමේම පිරිසිදු වංශ ඇත්තේය. අන්‍යයෝ අපිරිසිදු වංශ ඇත්තෝය. බ්‍රාහ්මණයෝම සුද්ධ වෙති. බමුණුනුවූවෝ සුද්ධ නොවෙති. බ්‍රාහ්මණයෝම මහාබ්‍රහ්මයාගේ පුත්‍රයෝය. (ඔහුගේ) කටින් පහළවූවාහ. ඔහු විසින් හෘදයෙහි තබා වඩනා ලද්දාහුය නොහොත් හෘදයෙහි වැස කටින් නික්මුනාහුය. බ්‍රහ්මයා විසින් මවන ලද්දාහුය. බ්‍රහ්මයාගේම නෑදෑයෝ වෙත්ය කියායි. ඔහු තුමූ බ්‍රහ්මයාටද බොරුවෙන් හෙළාදකිත්. බොරුද කියත්. බොහෝ පව්ද රැස්කර ගනිත්.
චතුවණ්ණසුද්ධි චතුවණ්ණසුද්ධි
රසපථවිපාතුභාවො රසපථවිපාතුභාවො
චන්දිමසූරියාදිපාතුභාවො චන්දිමසූරියාදිපාතුභාවො
භූමිපප්පටකපාතුභාවො භූමිපප්පටකපාතුභාවො
පදාලතාපාතුභාවො පදාලතාපාතුභාවො
අකට්ඨපාකසාලිපාතුභාවො අකට්ඨපාකසාලිපාතුභාවො
ඉත්ථිපුරිසලිඞ්ගපාතුභාවො ඉත්ථිපුරිසලිඞ්ගපාතුභාවො
මෙථුනධම්මසමාචාරො මෙථුනධම්මසමාචාරො
සාලිවිභාගො සාලිවිභාගො
මහාසම්මතරාජා මහාසම්මතරාජා
බ්‍රාහ්මණමණ්ඩලං බ්‍රාහ්මණමණ්ඩලං
වෙස්සමණ්ඩලං වෙස්සමණ්ඩලං
සුද්දමණ්ඩලං සුද්දමණ්ඩලං
දුච්චරිතාදිකථා දුච්චරිතාදිකථා
බොධිපක්ඛියභාවනා බොධිපක්ඛියභාවනා