ත්‍රිපිටකය
3. චක්කවත්තිසුත්තං 3. චක්කවත්ති සීහනාද සූත්‍රය
අත්තදීපසරණතා අත්තදීපසරණතා
දළ්හනෙමිචක්කවත්තිරාජා දළ්හනෙමී චක්‍රවර්ත්ති රජ
චක්කවත්තිඅරියවත්තං සක්විතිවත්
චක්කරතනපාතුභාවො චක්කරතනපාතුභාවො
දුතියාදිචක්කවත්තිකථා දුතියාදිචක්කවත්තිකථා
ආයුවණ්ණාදිපරියානිකථා ආයුවණ්ණාදිපරියානිකථා
දසවස්සායුකසමයො දසවස්සායුකසමයො
ආයුවණ්ණාදිවඩ්ඪනකථා ආයුවණ්ණාදිවඩ්ඪනකථා
සඞ්ඛරාජඋප්පත්ති සඩ්ඛ රජ උපත
106
‘‘අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු තයො ආබාධා භවිස්සන්ති, ඉච්ඡා, අනසනං, ජරා. අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු අයං ජම්බුදීපො ඉද්ධො චෙව භවිස්සති ඵීතො ච, කුක්කුටසම්පාතිකා ගාමනිගමරාජධානියො (ගාමනිගමජනපදා රාජධානියො (ක.)). අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු අයං ජම්බුදීපො අවීචි මඤ්ඤෙ ඵුටො භවිස්සති මනුස්සෙහි, සෙය්‍යථාපි නළවනං වා සරවනං (සාරවනං (ස්‍යා.)) වා. අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු අයං බාරාණසී කෙතුමතී නාම රාජධානී භවිස්සති ඉද්ධා චෙව ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු ඉමස්මිං ජම්බුදීපෙ චතුරාසීතිනගරසහස්සානි භවිස්සන්ති කෙතුමතීරාජධානීපමුඛානි. අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු කෙතුමතියා රාජධානියා සඞ්ඛො නාම රාජා උප්පජ්ජිස්සති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවිස්සන්ති, සෙය්‍යථිදං, චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවිස්සන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසිස්සති.
106
මිනිසුන් අතර අවුරුදු අසූ දහසක් පරමායුෂ ඇති කල්හි ආහාර ආශාවය, බත්මතය, මහළුවීමය යන ආබාධ තුන පමණක් ඇත්තේ වෙයි.
මහණෙනි, මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි මේ දඹදිව අතිශයින් සමෘද්ධ වූයේද, සම්පත්තියෙන් පිරුණේද වන්නේය. ගම්, නියම්ගම්, ජනපද, රාජධානි එකිනෙක සම්බන්ධව පවත්නේය.
මහණෙනි, මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි මේ දඹදිව උන වනයක් බට වනයක් මෙන් මිනිසුන් ගෙන් අතුරු සිදුරු නැති වන්නේය.
මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ ඇති කල්හි මේ බරණැස් නුවර, දියුණුව බොහෝ ජනයන්ගෙන් ගැවසී ගත්තාවූ බොහෝ ආහාර ඇතිවූ කෙතුමතී නම් රාජධානියක් වන්නේය. මහණෙනි, මිනිසුන් අතර අසූ දහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි මේ දඹදිව කෙතුමති රාජධානිය ප්‍රමුඛ කොට ඇති අසූසාර දහසක් නගරයෝ වහළෙන් වහළයට කුකුළෙකුට යා හැකි සේ වන්නාහ.
මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි ඒ කෙතුමතී නම් නුවර ධාර්මිකවූ සාගර හතර කෙළවර කොට ඇති මුළු පොළොව ජය ගත්තාවූ ජනපදයන්හි ස්ථිර බවට පැමිණියාවූ, චක්‍රරත්නය, හස්ති රත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායකරත්නය යන රත්න හතෙන් යුක්තවූ සඩ්ඛ නම් චක්‍රවර්ති රජෙක් වන්නේය. ඒ රජුට සූරවූ, වීරවූ, පරසෙනා මර්දනය කරන්නාවූ දහසකට අධික පුත්‍රයෝ වන්නාහ. ඒ රජ තෙමේ දඬුවම් නොකොට, ආයුධ නොගෙන මේ මුළු පොළොව ධර්මයෙන් දිනා වාසය කරන්නේය.
මෙත්තෙය්‍යබුද්ධුප්පාදො මෛත්‍රෙය බුදු උපත
භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා