ත්‍රිපිටකය
3. චක්කවත්තිසුත්තං 3. චක්කවත්ති සීහනාද සූත්‍රය
අත්තදීපසරණතා අත්තදීපසරණතා
දළ්හනෙමිචක්කවත්තිරාජා දළ්හනෙමී චක්‍රවර්ත්ති රජ
චක්කවත්තිඅරියවත්තං සක්විතිවත්
චක්කරතනපාතුභාවො චක්කරතනපාතුභාවො
දුතියාදිචක්කවත්තිකථා දුතියාදිචක්කවත්තිකථා
ආයුවණ්ණාදිපරියානිකථා ආයුවණ්ණාදිපරියානිකථා
දසවස්සායුකසමයො දසවස්සායුකසමයො
ආයුවණ්ණාදිවඩ්ඪනකථා ආයුවණ්ණාදිවඩ්ඪනකථා
105
‘‘අථ ඛො තෙසං, භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති - ‘මයං ඛො අකුසලානං ධම්මානං සමාදානහෙතු එවරූපං ආයතං ඤාතික්ඛයං පත්තා. යංනූන මයං කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යංනූන මයං පාණාතිපාතා විරමෙය්‍යාම, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තෙ පාණාතිපාතා විරමිස්සන්ති, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති. තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති, වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති . තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං දසවස්සායුකානං මනුස්සානං වීසතිවස්සායුකා පුත්තා භවිස්සන්ති.
‘‘අථ ඛො තෙසං, භික්ඛවෙ, සත්තානං එවං භවිස්සති - ‘මයං ඛො කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪාම, වණ්ණෙනපි වඩ්ඪාම. යංනූන මයං භිය්‍යොසොමත්තාය කුසලං කරෙය්‍යාම. කිං කුසලං කරෙය්‍යාම? යංනූන මයං අදින්නාදානා විරමෙය්‍යාම... කාමෙසුමිච්ඡාචාරා විරමෙය්‍යාම... මුසාවාදා විරමෙය්‍යාම... පිසුණාය වාචාය විරමෙය්‍යාම... ඵරුසාය වාචාය විරමෙය්‍යාම... සම්ඵප්පලාපා විරමෙය්‍යාම... අභිජ්ඣං පජහෙය්‍යාම... බ්‍යාපාදං පජහෙය්‍යාම... මිච්ඡාදිට්ඨිං පජහෙය්‍යාම... තයො ධම්මෙ පජහෙය්‍යාම - අධම්මරාගං විසමලොභං මිච්ඡාධම්මං... යංනූන මයං මත්තෙය්‍යා අස්සාම පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තෙය්‍යාමා’ති. තෙ මත්තෙය්‍යා භවිස්සන්ති පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො, ඉදං කුසලං ධම්මං සමාදාය වත්තිස්සන්ති.
‘‘තෙ කුසලානං ධම්මානං සමාදානහෙතු ආයුනාපි වඩ්ඪිස්සන්ති, වණ්ණෙනපි වඩ්ඪිස්සන්ති. තෙසං ආයුනාපි වඩ්ඪමානානං වණ්ණෙනපි වඩ්ඪමානානං වීසතිවස්සායුකානං මනුස්සානං චත්තාරීසවස්සායුකා පුත්තා භවිස්සන්ති... චත්තාරීසවස්සායුකානං මනුස්සානං අසීතිවස්සායුකා පුත්තා භවිස්සන්ති... අසීතිවස්සායුකානං මනුස්සානං සට්ඨිවස්සසතායුකා පුත්තා භවිස්සන්ති... සට්ඨිවස්සසතායුකානං මනුස්සානං වීසතිතිවස්සසතායුකා පුත්තා භවිස්සන්ති... වීසතිතිවස්සසතායුකානං මනුස්සානං චත්තාරීසඡබ්බස්සසතායුකා පුත්තා භවිස්සන්ති. චත්තාරීසඡබ්බස්සසතායුකානං මනුස්සානං ද්වෙවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති... ද්වෙවස්සසහස්සායුකානං මනුස්සානං චත්තාරිවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති... චත්තාරිවස්සසහස්සායුකානං මනුස්සානං අට්ඨවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති... අට්ඨවස්සසහස්සායුකානං මනුස්සානං වීසතිවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති... වීසතිවස්සසහස්සායුකානං මනුස්සානං චත්තාරීසවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති... චත්තාරීසවස්සසහස්සායුකානං මනුස්සානං අසීතිවස්සසහස්සායුකා පුත්තා භවිස්සන්ති... අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු පඤ්චවස්සසතිකා කුමාරිකා අලංපතෙය්‍යා භවිස්සන්ති.
105
මහණෙනි, එකල්හි ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. අපි අකුශලධර්මයන්හි යෙදුනබැවින් මහත්වූ මෙබඳුවූ නැදෑයින් විනාසයට පැමිණියෝ වමු. අපි කුසල්කරන්නෙමු නම් යහපති. කවර කුසලක් කරන්නමුද? අපි ප්‍රාණඝාතයෙන් වළකින්නමු නම් මැනවි. මේ කුසල ධර්මය සමාදන්ව පවත්නෝවමු’ කියායි. ඔව්හු ප්‍රාණඝාතයෙන් වළකින්නාහුය. මේ කුසල ධර්මය සමාදන්ව පවත්නාහුය. ඔව්හු කුශල ධර්මයන් සමාදන්වීම හේතුකොට ගෙන ආයුෂයෙන්ද වැඩෙන්නාහ. වර්ණයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ ඒ මිනිසුන්ට විසිවස් ඇති පුත්‍රයෝ වන්නාහ.
මහණෙනි, ඒ මිනිසුන්ට මෙබඳු අදහසෙක් වන්නේය. ‘අපි වනාහි කුශලධර්ම සමාදන්ව ආරක්ෂා කිරීම නිසා ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙමු. අපි අතිශයින් කුසල් කරන්නමු නම් ඉතා යහපත්ය කියායි. කවර කුසලක් කරන්නමුද? අපි හොරකමින් වළකින්නමු නම් ඉතා යහපති. කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, කේලාම් කීමෙන්, ඵරුස වචනයෙන්, සම්ඵප්‍රලාපයෙන් වළකින්නමු නම්, තද ආසාව දුරුකරන්නමු නම්, ක්‍රෝධය දුරුකරන්නමු නම්, මිථ්‍යාදෘෂ්ටිය දුරුකරන්නමු නම්, අධර්මරාගය (මව් පිය නැදි මයිල් ආදි අයුතු තැන උපදවන රාගය), විසම ලෝභය (පරිභොග කළ යුතු වස්තුවෙහිද ඉතා බලවත් ආශාව), මිථ්‍යාධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිද, ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිද උපදවන රාගය) යන තුන දුරුකරන්නමු නම් යහපති. අපි මව කෙරෙහි, පියා කෙරෙහි, ශ්‍රමණයන් කෙරෙහි, බ්‍රාහ්මණයන් කෙරෙහි, මනාකොට පවත්නෝ වමු. කුලදෙටුවන් පුදන්නෝ වමු නම් යහපතැයි සිතා, මහණෙනි, ඔව්හු මව කෙරෙහි, පියා කෙරෙහි, ශ්‍රමණයන් කෙරෙහි, බ්‍රාහ්මණයන් කෙරෙහි මනාකොට පවත්නෝ වන්නාහුය. කුලදෙටුවන් පුදන්නෝ වන්නාහුය. මෙසේ කුශලධර්ම සමාදන්ව පවතිත්. ඔව්හු කුසල ධර්ම සමාදන්ව පැවතීමෙන් ආයුෂයෙන්ද වර්ණයෙන්ද වැඩෙන්නාහ. ආයුෂයෙන්ද, වර්ණයෙන්ද වැඩෙනු ලබන්නාවූ විසි අවුරුද්දක් පරමායුෂ කොට ඇති ඒ මිනිසුන්ට අවුරුදු සතලිසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු සතලිසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අසූවක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු අසූවක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු එකසිය හැටක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු එකසිය හැටක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු තුන්සිය හැටක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු තුන්සිය හැටක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු හයසිය සතලිසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු හයසිය සතලිසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු දෙදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු දෙදහසක් ආයු ඇති මිනිසුන්ට අවුරුදු සාරදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු සාර දහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අට දහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු අටදහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු විසිදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු විසිදහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු සතලිස් දහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ. අවුරුදු සතලිස් දහසක් පරමායුෂ ඇති මිනිසුන්ට අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති පුත්‍රයෝ වන්නාහ.
මහණෙනි, මිනිසුන් අතර අවුරුදු අසූදහසක් පරමායුෂ ඇති කල්හි අවුරුදු පන්සියයක් වයස්වූ කුමාරිකාවෝ ස්වාමි කුලයට යායුතු වන්නාහ.
සඞ්ඛරාජඋප්පත්ති සඩ්ඛ රජ උපත
මෙත්තෙය්‍යබුද්ධුප්පාදො මෛත්‍රෙය බුදු උපත
භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා