ත්‍රිපිටකය
3. චක්කවත්තිසුත්තං 3. චක්කවත්ති සීහනාද සූත්‍රය
අත්තදීපසරණතා අත්තදීපසරණතා
දළ්හනෙමිචක්කවත්තිරාජා දළ්හනෙමී චක්‍රවර්ත්ති රජ
චක්කවත්තිඅරියවත්තං සක්විතිවත්
චක්කරතනපාතුභාවො චක්කරතනපාතුභාවො
දුතියාදිචක්කවත්තිකථා දුතියාදිචක්කවත්තිකථා
ආයුවණ්ණාදිපරියානිකථා ආයුවණ්ණාදිපරියානිකථා
දසවස්සායුකසමයො දසවස්සායුකසමයො
103
‘‘භවිස්සති , භික්ඛවෙ, සො සමයො, යං ඉමෙසං මනුස්සානං දසවස්සායුකා පුත්තා භවිස්සන්ති. දසවස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු පඤ්චවස්සිකා (පඤ්චමාසිකා (ක. සී.)) කුමාරිකා අලංපතෙය්‍යා භවිස්සන්ති. දසවස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු ඉමානි රසානි අන්තරධායිස්සන්ති, සෙය්‍යථිදං, සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං ලොණං. දසවස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු කුද්‍රූසකො අග්ගං භොජනානං (අග්ගභොජනං (ස්‍යා.)) භවිස්සති. සෙය්‍යථාපි, භික්ඛවෙ, එතරහි සාලිමංසොදනො අග්ගං භොජනානං; එවමෙව ඛො, භික්ඛවෙ, දසවස්සායුකෙසු මනුස්සෙසු කුද්‍රූසකො අග්ගං භොජනානං භවිස්සති.
‘‘දසවස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු දස කුසලකම්මපථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති, දස අකුසලකම්මපථා අතිබ්‍යාදිප්පිස්සන්ති (අතිවිය දිප්පිස්සන්ති (ස්‍යා. පී.), අතිව්‍යාදිප්පිස්සන්ති (සී.)). දසවස්සායුකෙසු , භික්ඛවෙ, මනුස්සෙසු කුසලන්තිපි න භවිස්සති, කුතො පන කුසලස්ස කාරකො. දසවස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු යෙ තෙ භවිස්සන්ති අමත්තෙය්‍යා අපෙත්තෙය්‍යා අසාමඤ්ඤා අබ්‍රහ්මඤ්ඤා න කුලෙ ජෙට්ඨාපචායිනො, තෙ පුජ්ජා ච භවිස්සන්ති පාසංසා ච. සෙය්‍යථාපි, භික්ඛවෙ, එතරහි මත්තෙය්‍යා පෙත්තෙය්‍යා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලෙ ජෙට්ඨාපචායිනො පුජ්ජා ච පාසංසා ච; එවමෙව ඛො, භික්ඛවෙ, දසවස්සායුකෙසු මනුස්සෙසු යෙ තෙ භවිස්සන්ති අමත්තෙය්‍යා අපෙත්තෙය්‍යා අසාමඤ්ඤා අබ්‍රහ්මඤ්ඤා න කුලෙ ජෙට්ඨාපචායිනො, තෙ පුජ්ජා ච භවිස්සන්ති පාසංසා ච.
‘‘දසවස්සායුකෙසු , භික්ඛවෙ, මනුස්සෙසු න භවිස්සති මාතාති වා මාතුච්ඡාති වා මාතුලානීති වා ආචරියභරියාති වා ගරූනං දාරාති වා. සම්භෙදං ලොකො ගමිස්සති යථා අජෙළකා කුක්කුටසූකරා සොණසිඞ්ගාලා (සොණසිගාලා (සී. පී.)).
‘‘දසවස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු තෙසං සත්තානං අඤ්ඤමඤ්ඤම්හි තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති තිබ්බො බ්‍යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං. මාතුපි පුත්තම්හි පුත්තස්සපි මාතරි; පිතුපි පුත්තම්හි පුත්තස්සපි පිතරි; භාතුපි භගිනියා භගිනියාපි භාතරි තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති තිබ්බො බ්‍යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං. සෙය්‍යථාපි, භික්ඛවෙ, මාගවිකස්ස මිගං දිස්වා තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො හොති තිබ්බො බ්‍යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං; එවමෙව ඛො, භික්ඛවෙ, දසවස්සායුකෙසු මනුස්සෙසු තෙසං සත්තානං අඤ්ඤමඤ්ඤම්හි තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති තිබ්බො බ්‍යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං. මාතුපි පුත්තම්හි පුත්තස්සපි මාතරි; පිතුපි පුත්තම්හි පුත්තස්සපි පිතරි; භාතුපි භගිනියා භගිනියාපි භාතරි තිබ්බො ආඝාතො පච්චුපට්ඨිතො භවිස්සති තිබ්බො බ්‍යාපාදො තිබ්බො මනොපදොසො තිබ්බං වධකචිත්තං.
103
යම් හේතුවකින් මේ මිනිසුන්ගේ පුත්‍රයෝ අවුරුදු දහයක් ආයුෂ ඇත්තෝ වන්නාහුද? එබඳු කාලයක් වන්නේය. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි පස් අවුරුදු කුමරිය ස්වාමියකුට දීමට සුදුසු කොට සලකන්නාහ. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී, සකුරු, ලුණු යන මේ රස නැතිවී යන්නේය. මහණෙනි, යම් සේ මේ කාලයෙහි ආහාර අතුරෙන් හැල්බත්, මස් අග්‍රභොජනය වන්නේද? එසේ මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි කුරහන් අග්‍රභෝජනය වන්නේය. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි දශකුශල කර්පපථයෝ මුළුමනින් නැති වන්නාහ. දශඅකුශල කර්මපථයෝ අතිශයින් පැතිරෙන්නාහ. මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි කුශලය යන නමවත් ඇති නොවන්නේය. එසේ කල කුසල් කරන්නෙක් කොයින්ද?
මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි මව කෙරෙහි වරදවා පිළිපදින්නාවූ, පියා කෙරෙහි වරදවා පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරෙන්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි වැරදිලෙස හැසිරෙන්නාවූ සිය පවුලෙහි වැඩිහිටියන්ට ගරු නොකරන්නාවූ යම් ඒ කෙනෙක් වන්නාහුද, ඔව්හු පිදිය යුත්තෝද ප්‍රශංසා කළ යුත්තෝද වන්නාහ. මහණෙනි මේ කාලයෙහි මව කෙරෙහි මනාව පිළිපදින්නාවූ, පියා කෙරෙහි මනාව පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි නිවැරදි ලෙස හැසිරෙන්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි නිවැරදි ලෙස හැසිරෙන්නාවූ, සිය පවුලෙහි වැඩිහිටියන්ට ගරු කරන්නාවු අය යම්සේ පිදිය යුත්තාහු, ප්‍රශංසා කළ යුත්තාහු වෙත්ද, මහණෙනි, එපරිද්දෙන් මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි මව කෙරෙහි වරදවා පිළිපදින්නාවූ, පියා කෙරෙහි වරදවා පිළිපදින්නාවූ, ශ්‍රමණයන් කෙරෙහි වැරදිලෙස හැසිරෙන්නාවූ, බ්‍රාහ්මණයන් කෙරෙහි වැරදිලෙස හැසිරෙන්නාවූ, සිය පවුලෙහි වැඩිහිටියන්ට ගරු නොකරන්නාවූ අය පිදියයුත්තෝද, ප්‍රශංසා කළ යුත්තෝද වන්නාහුය.
මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි මවය කියා හෝ සුලු මවය කියා හෝ නැන්දාය කියා හෝ ගුරුභාර්‍ය්‍යයා කියා හෝ සුලු පියාගේ භාර්‍ය්‍යාවය කියා හෝ නොවන්නේය. එළුවන්, බැටළුවන්, ඌරන්, කුකුළන්, බල්ලන්, සිවලුන් යම්සේද එසේ ලෝවැසි තෙමේ වෙනසකට නොපැමිණෙන්නේය. මහණෙනි මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂ කොට ඇති කල්හි ඒ සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වන්නේය. මහණෙනි, මුවන් මරන්නකුට මුවකු දැක දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය ඇති වන්නේ යම්සේද එසේ පුත්‍රයා කෙරෙහි මවටද, මව කෙරෙහි පුත්‍රයාටද, පුත්‍රයා කෙරෙහි පියාටද, පියා කෙරෙහි පුත්‍රයාටද, සහෝදරිය කෙරෙහි සහෝදරයාටද, සහෝදරයා කෙරෙහි සහෝදරියටද ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධකචිත්තය ඇතිවන්නේය.
104
‘‘දසවස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු සත්තාහං සත්ථන්තරකප්පො භවිස්සති. තෙ අඤ්ඤමඤ්ඤම්හි මිගසඤ්ඤං පටිලභිස්සන්ති. තෙසං තිණ්හානි සත්ථානි හත්ථෙසු පාතුභවිස්සන්ති. තෙ තිණ්හෙන සත්ථෙන ‘එස මිගො එස මිගො’ති අඤ්ඤමඤ්ඤං ජීවිතා වොරොපෙස්සන්ති.
‘‘අථ ඛො තෙසං, භික්ඛවෙ, සත්තානං එකච්චානං එවං භවිස්සති - ‘මා ච මයං කඤ්චි (කිඤ්චි (ක.)), මා ච අම්හෙ කොචි, යංනූන මයං තිණගහනං වා වනගහනං වා රුක්ඛගහනං වා නදීවිදුග්ගං වා පබ්බතවිසමං වා පවිසිත්වා වනමූලඵලාහාරා යාපෙය්‍යාමා’ති. තෙ තිණගහනං වා වනගහනං වා රුක්ඛගහනං වා නදීවිදුග්ගං වා පබ්බතවිසමං වා (තෙ තිණගහනං වනගහනං රුක්ඛගහනං නදීවිදුග්ගං පබ්බතවිසමං (සී. පී.)) පවිසිත්වා සත්තාහං වනමූලඵලාහාරා යාපෙස්සන්ති. තෙ තස්ස සත්තාහස්ස අච්චයෙන තිණගහනා වනගහනා රුක්ඛගහනා නදීවිදුග්ගා පබ්බතවිසමා නික්ඛමිත්වා අඤ්ඤමඤ්ඤං ආලිඞ්ගිත්වා සභාගායිස්සන්ති සමස්සාසිස්සන්ති - ‘දිට්ඨා, භො, සත්තා ජීවසි, දිට්ඨා, භො, සත්තා ජීවසී’ති.
104
මහණෙනි, මිනිසුන් අතර දස අවුරුද්ද පරමායුෂකොට ඇති කල්හි සත්දවසක් මුළුල්ලෙහි ශස්ත්‍ර අන්තර් කල්පය (ආයුධවලින් ඇන කොටා ගෙන විනාශ වන කාලය) වන්නේය. ජනයා අතර ඔවුනොවුන් කෙරෙහි මෘගසංඥාව (මුවෙකැයි යන හැඟීම) ඇති වන්නේය. ඔවුන් අතට අසුවූ අසුවූ දැය ආවුධ වන්නේය. ඔව්හු තියුණු ආවුධවලින් මේ මුවෙක මේ මුවෙකැයි ඔවුනොවුන් කපා, කොටා ජීවිත විනාශකර ගන්නාහ.
මහණෙනි, ඒ මිනිසුන්ට මෙබඳු අදහසක් වන්නේය. “ අපි කිසිවෙකු නොමරමු. කිසිවෙක් අප නොමරත්වා. අපි තණ ලැහැප්වලට හෝ පඳුරුවලින් ගැවසීගත් ස්ථානවලට හා ගස්වලින් ගැවසීගත් ස්ථානවලට හෝ ගංගා මැද දූපත් වලට හෝ කඳු මුදුන්වලට හෝ පැමිණ, වනයෙහිවූ අලමුල් පල වැල කා ජීවත්වන්නෙමු නම් යහපතැ’යි සිතා, ඔව්හු ඒ තණවලින් ගැවසීගත් ස්ථාන ආදියට පැමිණ සතියක් ජීවත්වෙත්. නැවත ඒ තණලැහැප් ආදීන් නික්ම අවුත් ඔවුනොවුන් වැළඳ ගෙන ‘අපි යම්සේ ජීවත් වෙමුද එසේ ජීවත්වන සත්වයෝ දක්නා ලද්දාහුයයි’ සතුටුසාමීචි කථාකොට මිත්‍රයන් කෙරෙත්.
ආයුවණ්ණාදිවඩ්ඪනකථා ආයුවණ්ණාදිවඩ්ඪනකථා
සඞ්ඛරාජඋප්පත්ති සඩ්ඛ රජ උපත
මෙත්තෙය්‍යබුද්ධුප්පාදො මෛත්‍රෙය බුදු උපත
භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා