ත්‍රිපිටකය
3. චක්කවත්තිසුත්තං 3. චක්කවත්ති සීහනාද සූත්‍රය
අත්තදීපසරණතා අත්තදීපසරණතා
දළ්හනෙමිචක්කවත්තිරාජා දළ්හනෙමී චක්‍රවර්ත්ති රජ
චක්කවත්තිඅරියවත්තං සක්විතිවත්
චක්කරතනපාතුභාවො චක්කරතනපාතුභාවො
දුතියාදිචක්කවත්තිකථා දුතියාදිචක්කවත්තිකථා
ආයුවණ්ණාදිපරියානිකථා ආයුවණ්ණාදිපරියානිකථා
91
‘‘අථ ඛො, භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො අමච්චෙ පාරිසජ්ජෙ ගණකමහාමත්තෙ අනීකට්ඨෙ දොවාරිකෙ මන්තස්සාජීවිනො සන්නිපාතෙත්වා අරියං චක්කවත්තිවත්තං පුච්ඡි. තස්ස තෙ අරියං චක්කවත්තිවත්තං පුට්ඨා බ්‍යාකරිංසු. තෙසං සුත්වා ධම්මිකඤ්හි ඛො රක්ඛාවරණගුත්තිං සංවිදහි, නො ච ඛො අධනානං ධනමනුප්පදාසි. අධනානං ධනෙ අනනුප්පදියමානෙ දාලිද්දියං වෙපුල්ලමගමාසි. දාලිද්දියෙ වෙපුල්ලං ගතෙ අඤ්ඤතරො පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියි. තමෙනං අග්ගහෙසුං. ගහෙත්වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සෙසුං - ‘අයං, දෙව, පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියී’ති. එවං වුත්තෙ, භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තං පුරිසං එතදවොච - ‘සච්චං කිර ත්වං, අම්භො පුරිස, පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියී’ති (ආදියසීති (ස්‍යා.))? ‘සච්චං, දෙවා’ති. ‘කිං කාරණා’ති? ‘න හි, දෙව, ජීවාමී’ති. අථ ඛො, භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තස්ස පුරිසස්ස ධනමනුප්පදාසි - ‘ඉමිනා ත්වං, අම්භො පුරිස, ධනෙන අත්තනා ච ජීවාහි, මාතාපිතරො ච පොසෙහි, පුත්තදාරඤ්ච පොසෙහි, කම්මන්තෙ ච පයොජෙහි, සමණබ්‍රාහ්මණෙසු (සමණෙසු බ්‍රාහ්මණෙසු (බහූසු)) උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙහි සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනික’න්ති. ‘එවං, දෙවා’ති ඛො, භික්ඛවෙ, සො පුරිසො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස පච්චස්සොසි.
‘‘අඤ්ඤතරොපි ඛො, භික්ඛවෙ, පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියි. තමෙනං අග්ගහෙසුං. ගහෙත්වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සෙසුං - ‘අයං, දෙව, පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියී’ති. එවං වුත්තෙ, භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තං පුරිසං එතදවොච - ‘සච්චං කිර ත්වං, අම්භො පුරිස, පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියී’ති? ‘සච්චං, දෙවා’ති. ‘කිං කාරණා’ති? ‘න හි, දෙව, ජීවාමී’ති. අථ ඛො, භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තස්ස පුරිසස්ස ධනමනුප්පදාසි - ‘ඉමිනා ත්වං, අම්භො පුරිස, ධනෙන අත්තනා ච ජීවාහි, මාතාපිතරො ච පොසෙහි, පුත්තදාරඤ්ච පොසෙහි, කම්මන්තෙ ච පයොජෙහි, සමණබ්‍රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙහි සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනික’න්ති. ‘එවං, දෙවා’ති ඛො, භික්ඛවෙ, සො පුරිසො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස පච්චස්සොසි .
91
මහණෙනි, ඉක්බිති ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජ තෙමේ අමාත්‍යයන්ද, රජපිරිසෙහි වූවන්ද, ගණිතඥයන්ද, මහාමාත්‍යයන්ද, හස්ත්‍යාචාර්‍ය්‍යාදීන්ද, දොරටු පාලයන්ද, පණ්ඩිතමහාමාත්‍යයන්ද රැස් කරවා නිදොස් සක්විතිවත් ඇසුවේය. එසේ අසනලද්දාවූ ඔව්හු රජුට නිදොස් සක්විතිවත් ප්‍රකාශ කළාහුය. ඒ සක්විතිවත් අසා දැහැමි ආරක්ෂා, ආවරණ, රැකවල් තැබීය. එසේද වුවත් දුප්පතුන්ට ධනය නුදුන්නේය. දුප්පතුන්ට ධනය නොදීමෙන් දිළිඳුකම මහත්විය. දිළිඳුකම මහත්වූ කල්හි එක්තරා පුරුෂයෙක් අනුන් අයත්, වස්තුහිමියන් විසින් නුදුන් වස්තුව හොරහිතින් ගත්තේය. මිනිස්සු ඒ පුරුෂයා අල්ලා ගත්තාහුය. අල්ලා ගෙන ඔටුණුපැළඳි, ක්ෂත්‍රිය රජුට දැක්වූවාහුය. දෙවයන් වහන්ස, මේ පුරුෂ තෙමේ අනුන් අයත්, වස්තු හිමියන් විසින් නුදුන් වස්තුව සොර සිතින් ගත්තේය.
මහණෙනි, එකල්හි ඔටුණු පළන් ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාට මෙසේ කීයේය. ‘පින්වත් පුරුෂය, නුඹ අනුන් අයත් වස්තු හිමියන් නුදුන් වස්තුව සොරසිතින් ගත්තේය යන කීම ඇත්තද? ‘දෙවයන් වහන්ස ඇත්තය.’ කවර කරුණක් නිසාද? ‘දෙවයන් වහන්ස, ජීවත්වීමට ක්‍රමයක් නැති නිසායි.’ මහණෙනි, එවිට ඔටුණු පළඳින ලද, ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාට ධනය දුන්නේය. පින්වත් පුරුෂය, නුඹ මේ ධනයෙන් තමාද ජීවත් වෙව. මව්පියන් ද පොෂ්‍ය කරව, අඹුදරුවන්ද පොෂ්‍ය කරව, කර්මාන්තද කරව, මතුමත්තෙහි යහපත් විපාක ඇත්තාවූ, ස්වර්ගයට හිතවූ, සැප විපාක උපදවන්නාවූ, ස්වර්ගය පිණිස පවත්නාවූ දක්ෂිණාව ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි පිහිටුවව. මහණෙනි, ඒ පුරුෂ තෙමේ ‘දෙවයන් වහන්ස, එසේය’යි ඔටුණු පැළඳි ක්ෂිත්‍රිය රජුට උත්තර දුන්නේය. මහණෙනි, අනෙක් පුරුෂයෙක්ද අනුන් අයත්, වස්තුහිමියන් විසින් නුදුන් වස්තුව හොර හිතින් ගත්තේය. මිනිස්සු ඒ පුරුෂයා අල්ලාගත්තාහුය. අල්ලාගෙන ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට දැක්වූවාහුය. දෙවයන් වහන්ස, මේ පුරුෂයා අනුන් අයත්, වස්තු හිමියන් විසින් නුදුන් වස්තුව, සොරසිතින් ගත්තෙහියයි කීවාහුය. මහණෙනි එකල්හි ඔටුනු පැළඳි, ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාට මෙසේ කීයේය. පින්වත් පුරුෂය, නුඹ අනුන් අයත්, වස්තු හිමියන් නුදුන්වස්තු සොරසිතින් ගත්තේය යන කීම ඇත්තද?’ දෙවයන් වහන්ස, ඇත්තය. කවර කරුණක් නිසාද, දෙවයන් වහන්ස, ජීවත් වීමට ක්‍රමයක් නැති නිසයි’ මහණෙනි, ඉක්බිති ඔටුණු පළඳින ලද, ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාටද ධනය දුන්නේය. ‘පින්වත් පුරුෂය, නුඹ මේ ධනයෙන් නුඹද ජීවත් වෙව. මව්පියන්ද පොෂ්‍යකරව, අඹුදරුවන්ද පොෂ්‍ය කරව. කර්මාන්තද කරව, මතුමත්තෙහි යහපත් විපාක ඇත්තාවූ, ස්වර්ගයට හිතවූ, දක්ෂිණාව ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි පිහිටුවව. මහණෙනි, ඒ පුරුෂයා ‘දෙවයන් වහන්ස, එසේයයි’ ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට උත්තර දුන්නේය.
92
‘‘අස්සොසුං ඛො, භික්ඛවෙ, මනුස්සා - ‘යෙ කිර, භො, පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියන්ති, තෙසං රාජා ධනමනුප්පදෙතී’ති. සුත්වාන තෙසං එතදහොසි - ‘යංනූන මයම්පි පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියෙය්‍යාමා’ති. අථ ඛො, භික්ඛවෙ, අඤ්ඤතරො පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියි. තමෙනං අග්ගහෙසුං. ගහෙත්වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සෙසුං - ‘අයං, දෙව, පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියී’ති. එවං වුත්තෙ, භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තං පුරිසං එතදවොච - ‘සච්චං කිර ත්වං, අම්භො පුරිස, පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියී’ති? ‘සච්චං, දෙවා’ති. ‘කිං කාරණා’ති? ‘න හි, දෙව, ජීවාමී’ති. අථ ඛො, භික්ඛවෙ, රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස එතදහොසි - ‘සචෙ ඛො අහං යො යො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියිස්සති, තස්ස තස්ස ධනමනුප්පදස්සාමි, එවමිදං අදින්නාදානං පවඩ්ඪිස්සති. යංනූනාහං ඉමං පුරිසං සුනිසෙධං නිසෙධෙය්‍යං, මූලඝච්චං (මූලඝච්ඡං (ස්‍යා.), මූලඡෙජ්ජ (ක.)) කරෙය්‍යං, සීසමස්ස ඡින්දෙය්‍ය’න්ති. අථ ඛො, භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො පුරිසෙ ආණාපෙසි - ‘තෙන හි, භණෙ, ඉමං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං (පච්ඡාබාහුං (ස්‍යා.)) ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛමිත්වා දක්ඛිණතො නගරස්ස සුනිසෙධං නිසෙධෙථ, මූලඝච්චං කරොථ, සීසමස්ස ඡින්දථා’ති. ‘එවං, දෙවා’ති ඛො, භික්ඛවෙ, තෙ පුරිසා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස පටිස්සුත්වා තං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කරිත්වා ඛරස්සරෙන පණවෙන රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං පරිනෙත්වා දක්ඛිණෙන ද්වාරෙන නික්ඛමිත්වා දක්ඛිණතො නගරස්ස සුනිසෙධං නිසෙධෙසුං, මූලඝච්චං අකංසු, සීසමස්ස ඡින්දිංසු.
92
යම් කෙනෙක් අනුන් අයත්, වස්තුහිමියන් විසින් නුදුන් වස්තුව, සොර සිතින් ගණිත්ද, ඔවුන්ට රජ තෙමේ ධනය දෙන්නේයයි’ මිනිසුන් විසින් අසනලදී. ඒ අසා ඔවුන්ට මෙබඳු අදහසෙක් වීය. අපිද අනුන් අයත් නුදුන් වස්තුව, සොරහිතින් ගන්නමු නම් ඉතා යහපතැයි’ කියායි.
මහණෙනි, එවිට එක්තරා පුරුෂයෙක් අනුන් අයත් නුදුන් වස්තුව, සොරසිතින් ගත්තේය. මිනිස්සු ඒ පුරුෂයා අල්ලා ගත්තාහුය. අල්ලාගෙන, ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට දැක්වූවාහුය. දෙවයන් වහන්ස, මේ පුරුෂයා අනුන් අයත් නුදුන් වස්තුව, සොරහිතින් ගත්තේය’ කියායි. මහණෙනි, එකල්හි ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජ තෙමේ ඒ පුරුෂයාට මෙසේ කීයේය. ‘පින්වත් පුරුෂය, නුඹ අනුන් අයත් නුදුන් වස්තුව, සොර සිතින් ගත්තේය යන කීම ඇත්තද?’ ‘දෙවයන් වහන්ස, ඇත්තයි. කවර කරුණක් නිසාද? දෙවයන් වහන්ස, ජීවත් වීමට ක්‍රමයක් නැති නිසායි.’
මහණෙනි, එවිට ඔටුණු පැළඳි ක්ෂත්‍රියරජුට මෙබඳු අදහසෙක් වීය. ‘ඉඳින් යම් කෙනෙක් අනුන් අයත්, නුදුන් වස්තුව, සොරසිතින් ගන්නේද, ඒ ඒ අයට මම ධනය දෙන්නෙමි. මේ කාරණයෙන් සොරකම වැඩෙන්නේය. මම මේ පුරුෂයා නැවත සොරකම් නොකරණ සේ වළකන්නෙම් නම් ඉතා යෙහෙකි. මුල් සිඳින්නෙම් නම් ඉතා යෙහෙකි, මේ පුරුෂයගේ හිස සිඳින්නෙම් නම් ඉතා යෙහෙකි. මහණෙනි, එවිට ඔටුණු පැළඳි, ක්ෂත්‍රිය රජ තෙමේ රාජ පුරුෂයන්ට අණ කෙළේය. රාජපුරුෂයිනි, එසේවීනම් මේ පුරුෂයා අත් පස්සට තබා රැහැනින් දැඩි කොට බැඳ, හිස මුඩු කොට, වදබෙර හඬින් වීථියක් පාසා මංසන්ධියක් පාසා පමුණුවා නුවර දකුණු දොරින් පිටතට ගෙන ගොස්, නුවරට දකුණු පැත්තේදී නැවත සොරකම් නොකරන සේ වලකව්, මුල්සිඳිව්, මොහුගේ හිස සිඳිව්ය’යි නියම කෙළේ.
“මහණෙනි, ‘දෙවයන් වහන්ස එසේයයි’ ඒ පුරුෂයෝ ඔටුණු පැළඳි, ක්ෂත්‍රිය රජුට උත්තරදී ඒ පුරුෂයා අත් පස්සට තබා රැහැනින් දැඩිකොට බැඳ හිස මුඩුකොට, වදබෙර හඬින්, වීථියක් පාසා මංසන්ධියක් පාසා පමුණුවා නුවර දකුණු දොරින් පිටතට ගෙණ ගොස් නුවරට දකුණු පැත්තේදී නැවත සොරකම් නොකරන සේ වැළැක්වූවාහුය. මුල් සින්දාහුය. හිස සින්දාහුය.
93
‘‘අස්සොසුං ඛො, භික්ඛවෙ, මනුස්සා - ‘යෙ කිර, භො, පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියන්ති, තෙ රාජා සුනිසෙධං නිසෙධෙති, මූලඝච්චං කරොති, සීසානි තෙසං ඡින්දතී’ති. සුත්වාන තෙසං එතදහොසි - ‘යංනූන මයම්පි තිණ්හානි සත්ථානි කාරාපෙස්සාම (කාරාපෙය්‍යාම (ස්‍යා. පී.) කාරාපෙය්‍යාමාති (ක. සී.)), තිණ්හානි සත්ථානි කාරාපෙත්වා යෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියිස්සාම, තෙ සුනිසෙධං නිසෙධෙස්සාම, මූලඝච්චං කරිස්සාම, සීසානි තෙසං ඡින්දිස්සාමා’ති. තෙ තිණ්හානි සත්ථානි කාරාපෙසුං, තිණ්හානි සත්ථානි කාරාපෙත්වා ගාමඝාතම්පි උපක්කමිංසු කාතුං, නිගමඝාතම්පි උපක්කමිංසු කාතුං, නගරඝාතම්පි උපක්කමිංසු කාතුං, පන්ථදුහනම්පි (පන්ථදූහනංපි (සී. ස්‍යා. පී.)) උපක්කමිංසු කාතුං. යෙසං තෙ අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියන්ති, තෙ සුනිසෙධං නිසෙධෙන්ති, මූලඝච්චං කරොන්ති, සීසානි තෙසං ඡින්දන්ති.
93
මහණෙනි, යම් ඒ කෙනෙක් අනුන් අයත්, නුදුන් වස්තුව, සොරසිතින් ගණිත්ද? රජතෙමේ, ඔවුන් නැවත සොරකම් නොකරනසේ වළකයි මුල්සිඳියි. ඔවුන්ගේ හිස් සිඳී, යයි මිනිස්සු ඇසුවාහුය. අසා, “අපිත් තියුණු ආයුධ සාදවන්නෙමු නම් සාදවා යම් ඒ කෙනෙකුන්ගේ නුදුන් වස්තුව සොර සිතින් ගන්නමුද ඔවුන් වළකන්නමු නම් ඔවුන්ගේ මුල් සිඳින්නමු නම් ඔවුන්ගේ හිස් සිඳින්නමු නම් ඉතා යෙහෙකැ”යි ඔවුනට මෙබඳු අදහසෙක් වීය. ඔව්හු තියුණු ආයුධ කරවුවාහුය. තියුණු ආයුධ කරවා ගම් පැහැරීමට පටන් ගත්තාහුය. නියම්ගම් පැහැරීමට පටන්ගත්තාහුය. නගර පැහැරීමට පටන්ගත්තාහුය. මංකොල්ලකෑමට පටන්ගත්තාහුය. ඔව්හු යම් කෙනෙකුන්ගේ නුදුන් වස්තුව සොර සිතින් ගණිත්ද? ඔවුන්ගේ වැළකීම කෙරෙත්. මුල් සිඳිත්. හිස් සිඳිත්.
94
‘‘ඉති ඛො, භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදියමානෙ දාලිද්දියං වෙපුල්ලමගමාසි, දාලිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි, අදින්නාදානෙ වෙපුල්ලං ගතෙ සත්ථං වෙපුල්ලමගමාසි, සත්ථෙ වෙපුල්ලං ගතෙ පාණාතිපාතො වෙපුල්ලමගමාසි, පාණාතිපාතෙ වෙපුල්ලං ගතෙ තෙසං සත්තානං ආයුපි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං අසීතිවස්සසහස්සායුකානං මනුස්සානං චත්තාරීසවස්සසහස්සායුකා පුත්තා අහෙසුං.
‘‘චත්තාරීසවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු අඤ්ඤතරො පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියි. තමෙනං අග්ගහෙසුං. ගහෙත්වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස දස්සෙසුං - ‘අයං, දෙව, පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියී’ති. එවං වුත්තෙ, භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො තං පුරිසං එතදවොච - ‘සච්චං කිර ත්වං, අම්භො පුරිස, පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියී’ති? ‘න හි, දෙවා’ති සම්පජානමුසා අභාසි.
94
මහණෙනි, මෙසේ දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. දිළිඳු බව අතිශයින් පැතිරී ගිය කල්හි සොරකම මහත් වීය. සොරකම මහත්වූ කල්හි අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩුණු කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද අසූ දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, සතළිස් දහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ. මහණෙනි, මනුෂ්‍යයන් අතර සතළිස්දහසක් අවුරුදු ආයු ඇති කල්හි එක්තරා පුරුෂයෙක්, අනුන් අයත් නුදුන් වස්තුව සොර සිතින් ගත්තේය. ඒ පුරුෂයා අල්ලා ගත්තාහුය. අල්ලාගෙන රජුට දැක්වූවාහුය. ‘දෙවයන් වහන්ස, මේ පුරුෂයා අනුන් අයත්, නුදුන් වස්තුව සොරසිතින් ගත්තේය. මහණෙනි, එසේ කී කල්හි ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජතෙමේ ඒ පුරුෂයාට මෙසේ කීයේය. ‘පින්වත් පුරුෂය, අනුන් අයත් නුදුන් වස්තුව, සොරසිතින් ගත්තේය යන මේ කීම ඇත්තක්ද? ‘දෙවයන් වහන්ස, නැතැයි දැන දැන බොරු කීයේය.’
95
‘‘ඉති ඛො, භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදියමානෙ දාලිද්දියං වෙපුල්ලමගමාසි. දාලිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි, අදින්නාදානෙ වෙපුල්ලං ගතෙ සත්ථං වෙපුල්ලමගමාසි. සත්ථෙ වෙපුල්ලං ගතෙ පාණාතිපාතො වෙපුල්ලමගමාසි, පාණාතිපාතෙ වෙපුල්ලං ගතෙ මුසාවාදො වෙපුල්ලමගමාසි , මුසාවාදෙ වෙපුල්ලං ගතෙ තෙසං සත්තානං ආයුපි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං චත්තාරීසවස්සසහස්සායුකානං මනුස්සානං වීසතිවස්සසහස්සායුකා පුත්තා අහෙසුං.
‘‘වීසතිවස්සසහස්සායුකෙසු , භික්ඛවෙ, මනුස්සෙසු අඤ්ඤතරො පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියි. තමෙනං අඤ්ඤතරො පුරිසො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස ආරොචෙසි - ‘ඉත්ථන්නාමො, දෙව, පුරිසො පරෙසං අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියී’ති පෙසුඤ්ඤමකාසි.
95
මහණෙනි, මෙසේ වනාහි දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. දිළිඳු බව අතිශයින් පැතිරී ගිය කල්හි සොරකම මහත්වීය. සොරකම මහත්වූ කල්හි අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩුණු කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩුණ කල්හි බොරුකීම වැඩී ගියේය. බොරුකීම වැඩීගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, සතළිස්දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, විසිදහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.
‘මහණෙනි, මිනිසුන් අතර විසිදහසක් අවුරුදු ආයු ඇතිකල්හි එක්තරා පුරුෂයෙක් අනුන් අයත් නුදුන් වස්තුව, සොරසිතින් ගත්තේ’ යයි ඔටුණු පැළඳි ක්ෂත්‍රිය රජුට කේලම් කීයේය.
96
‘‘ඉති ඛො, භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදියමානෙ දාලිද්දියං වෙපුල්ලමගමාසි. දාලිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි, අදින්නාදානෙ වෙපුල්ලං ගතෙ සත්ථං වෙපුල්ලමගමාසි, සත්ථෙ වෙපුල්ලං ගතෙ පාණාතිපාතො වෙපුල්ලමගමාසි, පාණාතිපාතෙ වෙපුල්ලං ගතෙ මුසාවාදො වෙපුල්ලමගමාසි, මුසාවාදෙ වෙපුල්ලං ගතෙ පිසුණා වාචා වෙපුල්ලමගමාසි, පිසුණාය වාචාය වෙපුල්ලං ගතාය තෙසං සත්තානං ආයුපි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං වීසතිවස්සසහස්සායුකානං මනුස්සානං දසවස්සසහස්සායුකා පුත්තා අහෙසුං.
‘‘දසවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු එකිදං සත්තා වණ්ණවන්තො හොන්ති, එකිදං සත්තා දුබ්බණ්ණා. තත්ථ යෙ තෙ සත්තා දුබ්බණ්ණා, තෙ වණ්ණවන්තෙ සත්තෙ අභිජ්ඣායන්තා පරෙසං දාරෙසු චාරිත්තං ආපජ්ජිංසු.
96
“මහණෙනි, මෙසේ වනාහි දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. දිළිඳු බව අතිශයින් පැතිරී ගිය කල්හි සොරකම මහත්වීය. සොරකම මහත්වූ කල්හි අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩී ගිය කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩී ගිය කල්හි බොරුකීම වැඩී ගියේය. බොරුකීම වැඩී ගිය කල්හි කේලාම් කීම වැඩී ගියේය. කේලාම් කීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද විසි දහසක් අවුරුදු ආයු ඇති ඒ මනුෂ්‍යයන්ගේ පුත්‍රයෝ දස දහසක් අවුරුදු ආයු ඇත්තෝ වූහ.
‘මහණෙනි, මිනිසුන් අතර දසදහසක් අවුරුදු ආයු ඇති කල්හි ඇතැම් සත්ව කෙණෙක් යහපත් වර්ණ ඇත්තාහු වෙත්. ඇතැම් සත්ව කෙනෙක් අයහපත් වර්ණ ඇත්තාහු වෙත්. ඔවුන් අතර යම් ඒ සත්ව කෙනෙක් දුර්වර්ණ වූවාහුද? ඔව්හු ශොභමාන අය කෙරෙහි ඇල්ම උපදවා පරදාර සේවනයෙහි යෙදුනාහ.
97
‘‘ඉති ඛො, භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදියමානෙ දාලිද්දියං වෙපුල්ලමගමාසි. දාලිද්දියෙ වෙපුල්ලං ගතෙ...පෙ.... කාමෙසුමිච්ඡාචාරො වෙපුල්ලමගමාසි, කාමෙසුමිච්ඡාචාරෙ වෙපුල්ලං ගතෙ තෙසං සත්තානං ආයුපි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං දසවස්සසහස්සායුකානං මනුස්සානං පඤ්චවස්සසහස්සායුකා පුත්තා අහෙසුං.
97
මහණෙනි, මෙසේ වනාහි දුප්පතුන්ට ධනය නොදෙනු ලබන කල්හි දිළිඳු බව අතිශයින් පැතිරී ගියේය. දිළිඳු බව අතිශයින් පැතිරී ගිය කල්හි සොරකම මහත් වීය. පරදාර සේවනය මහත්වූ කල අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩී ගිය කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩී ගිය කල්හි බොරුකීම වැඩී ගියේය. බොරුකීම වැඩී ගිය කල්හි කේලාම් කීම වැඩී ගියේය. කේලාම් කීම වැඩී ගිය කල්හි කාමයන්හි වරදවා හැසිරීම වැඩී ගියේය. කාමයන්හි වරදවා හැසිරීම වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, දසදහසක් අවුරුදු ආයුෂ ඇති ඒ මනුෂ්‍යයන්ගේ පුත්‍රයෝ පන්දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.
98
‘‘පඤ්චවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ , මනුස්සෙසු ද්වෙ ධම්මා වෙපුල්ලමගමංසු - ඵරුසාවාචා සම්ඵප්පලාපො ච. ද්වීසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු තෙසං සත්තානං ආයුපි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං පඤ්චවස්සසහස්සායුකානං මනුස්සානං අප්පෙකච්චෙ අඩ්ඪතෙය්‍යවස්සසහස්සායුකා, අප්පෙකච්චෙ ද්වෙවස්සසහස්සායුකා පුත්තා අහෙසුං.
98
මහණෙනි, පන්දහසක් අවුරුදු ආයු ඇති මිනිසුන් අතර මේ ධර්මයෝ දෙදෙනෙක් මහත් භාවයට ගියහ. පරුෂ වචනය, සම්ඵප්‍රලාපය (හිස් වචනකීම) යන දෙකයි. මේ ධර්ම දෙක අතිශයින් පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද පන්දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ පුත්‍රයෝ, ඇතැම් කෙනෙක් දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. ඇතැම් කෙනෙක් දෙදහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.
99
‘‘අඩ්ඪතෙය්‍යවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු අභිජ්ඣාබ්‍යාපාදා වෙපුල්ලමගමංසු. අභිජ්ඣාබ්‍යාපාදෙසු වෙපුල්ලං ගතෙසු තෙසං සත්තානං ආයුපි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං අඩ්ඪතෙය්‍යවස්සසහස්සායුකානං මනුස්සානං වස්සසහස්සායුකා පුත්තා අහෙසුං.
99
මහණෙනි, දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් අතර තද ආශාව. ක්‍රෝධය යන දෙක අතිශයින් පැතුරුනේය. තද ආශාව ක්‍රෝධය යන දෙක අතිශයින් පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, දෙදහස් පන්සියයක් අවුරුදු ආයුෂ ඇති ඒ මිනිසුන්ගේ පුත්‍රයෝ දහසක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.
100
‘‘වස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු මිච්ඡාදිට්ඨි වෙපුල්ලමගමාසි. මිච්ඡාදිට්ඨියා වෙපුල්ලං ගතාය තෙසං සත්තානං ආයුපි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං වස්සසහස්සායුකානං මනුස්සානං පඤ්චවස්සසතායුකා පුත්තා අහෙසුං.
100
මහණෙනි, දහසක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන් අතර මිථ්‍යාදෘෂ්ටිය අතිශයින් පැතිරී ගියේය. මිථ්‍යාදෘෂ්ටිය අතිශයින් පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, දහසක් අවුරුදු ආයු ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ පන්සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.
101
‘‘පඤ්චවස්සසතායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු තයො ධම්මා වෙපුල්ලමගමංසු. අධම්මරාගො විසමලොභො මිච්ඡාධම්මො. තීසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු තෙසං සත්තානං ආයුපි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං පඤ්චවස්සසතායුකානං මනුස්සානං අප්පෙකච්චෙ අඩ්ඪතෙය්‍යවස්සසතායුකා, අප්පෙකච්චෙ ද්වෙවස්සසතායුකා පුත්තා අහෙසුං.
‘‘අඩ්ඪතෙය්‍යවස්සසතායුකෙසු, භික්ඛවෙ , මනුස්සෙසු ඉමෙ ධම්මා වෙපුල්ලමගමංසු. අමත්තෙය්‍යතා අපෙත්තෙය්‍යතා අසාමඤ්ඤතා අබ්‍රහ්මඤ්ඤතා න කුලෙ ජෙට්ඨාපචායිතා.
101
මහණෙනි, මිනිසුන් අතර පන්සියයක් අවුරුදු ආයු ඇතිවූ කල්හි අධර්ම රාගය, (මවු පිය නැදි මයිල් ආදීවූ අයුතු තන්හි උපදින රාගය) විසම ලෝභය, (බලවත් තණ්හාව) මිථ්‍යාධර්මය (පුරුෂයන් පුරුෂයන් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් උපදවන රාගය) යන තුන අතිශයින් පැතිරී ගියේය. මේ අධර්ම තුන අතිශයින්පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයදපිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන්පිරිහෙනු ලබන්නාවූද පන්සියයක් අවුරුදු ආයුෂ ඇති ඒ සත්වයන්ගේ පුත්‍රයෝ, ඇතැම් කෙනෙක් දෙසිය පණහක් අවුරුදු ආයුෂ ඇත්තෝද, ඇතැම් කෙනෙක් දෙසියයක්අවුරුදු ආයුෂ ඇත්තෝදවූහ.
මහණෙනි, මිනිසුන් අතර දෙසියපණසක් ආයුෂ ඇති කල්හි මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියාකෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදිලෙස හැසිරීම, බ්‍රාහ්මණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සියපවුලෙහි වැඩිහිටියන්ට යටහත් නොවන බව, යන මේ වරදපස පැතිර ගියේය.
102
‘‘ඉති ඛො, භික්ඛවෙ, අධනානං ධනෙ අනනුප්පදියමානෙ දාලිද්දියං වෙපුල්ලමගමාසි. දාලිද්දියෙ වෙපුල්ලං ගතෙ අදින්නාදානං වෙපුල්ලමගමාසි. අදින්නාදානෙ වෙපුල්ලං ගතෙ සත්ථං වෙපුල්ලමගමාසි. සත්ථෙ වෙපුල්ලං ගතෙ පාණාතිපාතො වෙපුල්ලමගමාසි. පාණාතිපාතෙ වෙපුල්ලං ගතෙ මුසාවාදො වෙපුල්ලමගමාසි. මුසාවාදෙ වෙපුල්ලං ගතෙ පිසුණා වාචා වෙපුල්ලමගමාසි. පිසුණාය වාචාය වෙපුල්ලං ගතාය කාමෙසුමිච්ඡාචාරො වෙපුල්ලමගමාසි. කාමෙසුමිච්ඡාචාරෙ වෙපුල්ලං ගතෙ ද්වෙ ධම්මා වෙපුල්ලමගමංසු, ඵරුසා වාචා සම්ඵප්පලාපො ච. ද්වීසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු අභිජ්ඣාබ්‍යාපාදා වෙපුල්ලමගමංසු. අභිජ්ඣාබ්‍යාපාදෙසු වෙපුල්ලං ගතෙසු මිච්ඡාදිට්ඨි වෙපුල්ලමගමාසි. මිච්ඡාදිට්ඨියා වෙපුල්ලං ගතාය තයො ධම්මා වෙපුල්ලමගමංසු, අධම්මරාගො විසමලොභො මිච්ඡාධම්මො. තීසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු ඉමෙ ධම්මා වෙපුල්ලමගමංසු, අමත්තෙය්‍යතා අපෙත්තෙය්‍යතා අසාමඤ්ඤතා අබ්‍රහ්මඤ්ඤතා න කුලෙ ජෙට්ඨාපචායිතා. ඉමෙසු ධම්මෙසු වෙපුල්ලං ගතෙසු තෙසං සත්තානං ආයුපි පරිහායි, වණ්ණොපි පරිහායි. තෙසං ආයුනාපි පරිහායමානානං වණ්ණෙනපි පරිහායමානානං අඩ්ඪතෙය්‍යවස්සසතායුකානං මනුස්සානං වස්සසතායුකා පුත්තා අහෙසුං.
102
මහණෙනි, මෙසේ වනාහි දුප්පතුන්ට ධනය නොදීමෙන් දිළිඳු බව අතිශයින් පැතිර ගියේය. දිළිඳු බව අතිශයින් පැතිර ගිය කල්හි සොරකම මහත් වීය. සොරකම මහත්වූ කල්හි අවි ආයුධ වැඩී ගියේය. අවි ආයුධ වැඩී ගිය කල්හි ප්‍රාණඝාතය වැඩී ගියේය. ප්‍රාණඝාතය වැඩීගිය කල්හි බොරු කීම වැඩී ගියේය. බොරුකීම වැඩී ගිය කල්හි කේලාම් කීම වැඩී ගියේය. කේලාම් කීම වැඩී ගිය කල්හි කාමයන්හි වරදවා හැසිරීම වැඩී ගියේය. කාමයන්හි වරදවා හැසිරීම වැඩී ගිය කල්හි පරුෂවචන, සම්ඵප්‍රලාප (හිස්වචන) දෙකවැඩී ගියේය. මේ දෙක වැඩී ගිය කල්හි තද ආසාව ක්‍රෝධය යන දෙක වැඩී ගියේය. ඒ දෙක වැඩී ගිය කල්හ මිථ්‍යාදෘෂ්ටිය වැඩී ගියේය. මිථ්‍යාදෘෂ්ටිය වැඩී ගිය කල්හි අධර්ම රාගය, විසමලෝභය, මිථ්‍යාධර්මය යන වරද තුණ වැඩී ගියේය. මේ තුණ වැඩී ගිය කල්හි මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියා කෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදිලෙස පිළිපැදීම, බ්‍රාහ්මණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සිය පවුලෙහි වැඩි හිටියන්ට ගරු නොකිරීම, යන මේ වරද පස වැඩී ගියේය. මේ පස වැඩී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂද පිරිහිණි. වර්ණයද පිරිහිණි. ආයුෂයෙන් පිරිහෙනු ලබන්නාවූද, වර්ණයෙන් පිරිහෙනු ලබන්නාවූද, දෙසියපණසක් අවුරුදු ආයුෂ ඇති සත්වයන්ගේ පුත්‍රයෝ අවුරුදු සියයක් ආයු ඇත්තාහු වූහ.
දසවස්සායුකසමයො දසවස්සායුකසමයො
ආයුවණ්ණාදිවඩ්ඪනකථා ආයුවණ්ණාදිවඩ්ඪනකථා
සඞ්ඛරාජඋප්පත්ති සඩ්ඛ රජ උපත
මෙත්තෙය්‍යබුද්ධුප්පාදො මෛත්‍රෙය බුදු උපත
භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා