ත්‍රිපිටකය
3. චක්කවත්තිසුත්තං 3. චක්කවත්ති සීහනාද සූත්‍රය
අත්තදීපසරණතා අත්තදීපසරණතා
දළ්හනෙමිචක්කවත්තිරාජා දළ්හනෙමී චක්‍රවර්ත්ති රජ
චක්කවත්තිඅරියවත්තං සක්විතිවත්
84
‘‘‘කතමං පන තං, දෙව, අරියං චක්කවත්තිවත්ත’න්ති ? ‘තෙන හි ත්වං, තාත, ධම්මංයෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො (ගරුකරොන්තො (සී. ස්‍යා. පී.)) ධම්මං මානෙන්තො ධම්මං පූජෙන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්‍යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහස්සු අන්තොජනස්මිං බලකායස්මිං ඛත්තියෙසු අනුයන්තෙසු (අනුයුත්තෙසු (සී. පී.)) බ්‍රාහ්මණගහපතිකෙසු නෙගමජානපදෙසු සමණබ්‍රාහ්මණෙසු මිගපක්ඛීසු. මා ච තෙ, තාත, විජිතෙ අධම්මකාරො පවත්තිත්ථ. යෙ ච තෙ, තාත, විජිතෙ අධනා අස්සු, තෙසඤ්ච ධනමනුප්පදෙය්‍යාසි (ධනමනුප්පදජ්ජෙය්‍යාසි (සී. ස්‍යා. පී.)). යෙ ච තෙ, තාත, විජිතෙ සමණබ්‍රාහ්මණා මදප්පමාදා පටිවිරතා ඛන්තිසොරච්චෙ නිවිට්ඨා එකමත්තානං දමෙන්ති, එකමත්තානං සමෙන්ති, එකමත්තානං පරිනිබ්බාපෙන්ති, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡෙය්‍යාසි පරිග්ගණ්හෙය්‍යාසි - ‘‘කිං, භන්තෙ, කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං, කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය අස්ස, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය අස්සා’’ති? තෙසං සුත්වා යං අකුසලං තං අභිනිවජ්ජෙය්‍යාසි, යං කුසලං තං සමාදාය වත්තෙය්‍යාසි. ඉදං ඛො, තාත, තං අරියං චක්කවත්තිවත්ත’න්ති.
84
‘දෙවයන් වහන්ස, ඒ නිවැරදි සක්විතිවත් කවරේද’ (මෙසේයි)
[1] “පුත්‍රය, නුඹ ධර්මයෙහි පිහිටා ධර්මයට සත්කාර කරමින් ධර්මය ගරු කරමින්, ධර්මය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මධ්වජයක්ව ධර්මකෙතුවක්ව ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹුදරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කරව.
[2] බල සෙනඟද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කරව.
[3] ක්ෂත්‍රියයන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙළ කරව.
[4] බ්‍රාහ්මණ ගෘහපතීන්ද සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්ෂාව පිළියෙළ කරව.
[5] නිගම ජනපද වාසීන්ද රැක ගැනීම කරව.
[6] මහණ බමුණන්ද රැක ගැනීම කරව.
[7] සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්ෂා කරව.
[8] සිය රටෙහි අධර්මක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කරව.
[9] සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය දෙව.
[10] පුත්‍රය, සිය රටෙහි ආසා ආදි මදයෙන් හා පඤ්චකාම ගුණයෙන් වෙන්වූ ඉවසීමෙහි හා කරුණාවන්ත භාවයෙහි පිහිටියාවූ රාගාදිය දමනය කළ, සමනයකළ විනාශ කළ යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුන් කරා කලින්කල පැමිණ ‘ස්වාමීනි, කුශලය නම් කුමක්ද? අකුශලය නම් කුමක්ද? වරද නම් කුමක්ද? නිවරද නම් කුමක්ද? කුමක් සේවනය කළ යුතුද? කුමක් සේවනය නොකළ යුතුද? කුමක් කරනු ලබන්නාවූ මට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද? කුමක් හෝ කරනු ලබන්නාවූ මට හිත පිණිස, සැප පිණිස වන්නේදැ”යි ප්‍රශ්න කළ යුතුයි. මෙසේ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුයි. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුයි. පුත්‍රය, නිවැරදි සක්විතිවත් මේවායි’ කීය.
චක්කරතනපාතුභාවො චක්කරතනපාතුභාවො
දුතියාදිචක්කවත්තිකථා දුතියාදිචක්කවත්තිකථා
ආයුවණ්ණාදිපරියානිකථා ආයුවණ්ණාදිපරියානිකථා
දසවස්සායුකසමයො දසවස්සායුකසමයො
ආයුවණ්ණාදිවඩ්ඪනකථා ආයුවණ්ණාදිවඩ්ඪනකථා
සඞ්ඛරාජඋප්පත්ති සඩ්ඛ රජ උපත
මෙත්තෙය්‍යබුද්ධුප්පාදො මෛත්‍රෙය බුදු උපත
භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා