ත්‍රිපිටකය
3. චක්කවත්තිසුත්තං 3. චක්කවත්ති සීහනාද සූත්‍රය
අත්තදීපසරණතා අත්තදීපසරණතා
දළ්හනෙමිචක්කවත්තිරාජා දළ්හනෙමී චක්‍රවර්ත්ති රජ
චක්කවත්තිඅරියවත්තං සක්විතිවත්
චක්කරතනපාතුභාවො චක්කරතනපාතුභාවො
දුතියාදිචක්කවත්තිකථා දුතියාදිචක්කවත්තිකථා
ආයුවණ්ණාදිපරියානිකථා ආයුවණ්ණාදිපරියානිකථා
දසවස්සායුකසමයො දසවස්සායුකසමයො
ආයුවණ්ණාදිවඩ්ඪනකථා ආයුවණ්ණාදිවඩ්ඪනකථා
සඞ්ඛරාජඋප්පත්ති සඩ්ඛ රජ උපත
මෙත්තෙය්‍යබුද්ධුප්පාදො මෛත්‍රෙය බුදු උපත
107
‘‘අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු මෙත්තෙය්‍යො නාම භගවා ලොකෙ උප්පජ්ජිස්සති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සෙය්‍යථාපාහමෙතරහි ලොකෙ උප්පන්නො අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙස්සති, සෙය්‍යථාපාහමෙතරහි ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙමි. සො ධම්මං දෙසෙස්සති ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙස්සති; සෙය්‍යථාපාහමෙතරහි ධම්මං දෙසෙමි ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙමි. සො අනෙකසහස්සං (අනෙකසතසහස්සං (ක.)) භික්ඛුසංඝං පරිහරිස්සති, සෙය්‍යථාපාහමෙතරහි අනෙකසතං භික්ඛුසංඝං පරිහරාමි.
107
මහණෙනි, මිනිසුන් අතර අසූදහසක් අවුරුදු පරමායුෂ කොට ඇති කල්හි, මම දැන් යම් සේ ලෝකයෙහි උපන්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලෝකවිදූවූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවිමිනිසුන්ට ශාස්තෘවූ බුද්ධවූ භාග්‍යවත් වූයේ යම්සේද එසේ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ, විද්‍යාචරණ සම්පන්නවූ, සුගතවූ, ලොකවිදූ වූ, නිරුත්තරවූ, පුරිසදම්මසාරථීවූ දෙවි මිනිසුන්ට ශාස්තෘවූ, බුද්ධවූ, මෛත්‍රෙය නම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපදින්නේය. ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද තමන් වහන්සේගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කරන්නේය. මම දැන් දෙවියන් සහිත, මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත මේ ලෝකයද, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ජනයාද යම්සේ දැන ප්‍රකාශ කෙරෙම්ද එසේය. මම යම්සේ දැන් මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්වසම්පූර්ණවූ, පිරිසිදුවූ, බ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙම්ද එසේ ඒ බුදුරජාණන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, අවසානය යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ, බ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කරන්නේය. යම්සේ මම දැන් නොයෙක් සියගණන් භික්ෂු සංඝයා පරිහරණය කෙරෙම්ද එසේ ඒ බුදුරජාණන් වහන්සේ නොයෙක් සිය දහස් ගණන් භික්ෂු සංඝයා පරිහරණය කරන්නේය.
108
‘‘අථ ඛො, භික්ඛවෙ, සඞ්ඛො නාම රාජා යො සො යූපො රඤ්ඤා මහාපනාදෙන කාරාපිතො. තං යූපං උස්සාපෙත්වා අජ්ඣාවසිත්වා තං දත්වා විස්සජ්ජිත්වා සමණබ්‍රාහ්මණකපණද්ධිකවණිබ්බකයාචකානං දානං දත්වා මෙත්තෙය්‍යස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සති. සො එවං පබ්බජිතො සමානො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති.
108
මහණෙනි, එකල්හි සඩ්ඛ නම් රජතෙමේ මහාපනාද නම් රජහු විසින් කරවනලද ගංගා නදියෙහි ගිලී පවත්නා ප්‍රාසාදය මතුකොට ගොඩට නංවා එහි කලක් වැස එය අන්‍යයනට හැරදමා මහණ, බමුණු, දුගී, මගී, යාචක, ආදීන්ට දන්දී මෛත්‍රෙය නම් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් කපා සිවුරු හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වන්නේය. මෙසේ පැවිදිවූ හෙතෙමේ තනිව අප්‍රමාදව කෙළෙස් තවන වීර්යයෙන් යුක්තව නිවන් පිණිස යොමු කරන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උසස්වූ බ්‍රහ්මචර්‍ය්‍යය අවසාන කොට ඇති ඒ අර්හත් ඵලය තමාම ඉතා උසස් ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරන්නේය.
109
‘‘අත්තදීපා, භික්ඛවෙ, විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී...පෙ.... චිත්තෙ චිත්තානුපස්සී...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො.
109
මහණෙනි, තමාම ආරක්ෂාස්ථාන කොට තමාම පිහිට කොට අනෙක් සරණක් නැත්තෝව වසව්. ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මයම පිහිටකොට අනෙක් සරණක් නැත්තෝව වසව්. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් තමාම ආරක්ෂාස්ථාන කොට තමාම පිහිටකොට, අනෙක් සරණක් නැතිව ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මයම පිහිටකොට අනෙක් සරණක් නැතිව වෙසේද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙළෙස් තවන වීර්යය ඇතිව, යහපත් නුවණින් යුක්තව, සිහි ඇතිව ස්කන්ධ ලෝකයෙහි ඇල්මත් මානසික දුකත් දුරලා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන මෙහි යෙදී වාසය කරයි. මහණෙනි, මහණ තෙමේ තමාම ආරක්ෂාස්ථාන කොට, තමාම පිහිට කොට, අනෙක් සරණක් නැතිව, ධර්මයම ආරක්ෂාස්ථාන කොට ධර්මයම පිහිටකොට අනෙක් සරණක් නැතිව වසනුයේ මෙසේය.
භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා භික්ඛුනොආයුවණ්ණාදිවඩ්ඪනකථා