ත්‍රිපිටකය
2. උදුම්බරිකසුත්තං 2. උදුම්බරික සීහනාද සූත්‍රය
නිග්‍රොධපරිබ්බාජකවත්ථු නිග්‍රොධ පරිබ්‍රාජක වස්තුව
තපොජිගුච්ඡාවාදො තපොජිගුච්ඡාවාදො
උපක්කිලෙසො උපක්ලේශයන්
පරිසුද්ධපපටිකප්පත්තකථා පරිසුද්ධපපටිකප්පත්තකථා
පරිසුද්ධතචප්පත්තකථා පරිසුද්ධතචප්පත්තකථා
පරිසුද්ධඵෙග්ගුප්පත්තකථා පරිසුද්ධඵෙග්ගුප්පත්තකථා
පරිසුද්ධඅග්ගප්පත්තසාරප්පත්තකථා පරිසුද්ධඅග්ගප්පත්තසාරප්පත්තකථා
නිග්‍රොධස්ස පජ්ඣායනං නිග්‍රොධස්ස පජ්ඣායනං
බ්‍රහ්මචරියපරියොසානසච්ඡිකිරියා බ්‍රහ්මචරියපරියොසානසච්ඡිකිරියා
77
එවං වුත්තෙ, නිග්‍රොධො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘අච්චයො මං, භන්තෙ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, ය්වාහං එවං භගවන්තං අවචාසිං. තස්ස මෙ, භන්තෙ, භගවා අච්චයං අච්චයතො පටිග්ගණ්හාතු ආයතිං සංවරායා’’ති. ‘‘තග්ඝ ත්වං (තං (සී. ස්‍යා. පී.)), නිග්‍රොධ, අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යො මං ත්වං එවං අවචාසි. යතො ච ඛො ත්වං, නිග්‍රොධ, අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොසි, තං තෙ මයං පටිග්ගණ්හාම. වුද්ධි හෙසා, නිග්‍රොධ, අරියස්ස විනයෙ, යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති ආයතිං සංවරං ආපජ්ජති. අහං ඛො පන, නිග්‍රොධ, එවං වදාමි -
‘එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා (යථානුසිට්ඨං (?)) පටිපජ්ජමානො, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්තවස්සානි. තිට්ඨන්තු, නිග්‍රොධ, සත්ත වස්සානි. එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති ඡ වස්සානි. පඤ්ච වස්සානි... චත්තාරි වස්සානි... තීණි වස්සානි... ද්වෙ වස්සානි... එකං වස්සං. තිට්ඨතු, නිග්‍රොධ, එකං වස්සං. එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො අහමනුසාසාමි අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්ත මාසානි. තිට්ඨන්තු, නිග්‍රොධ, සත්ත මාසානි... ඡ මාසානි... පඤ්ච මාසානි ... චත්තාරි මාසානි... තීණි මාසානි... ද්වෙ මාසානි... එකං මාසං... අඩ්ඪමාසං. තිට්ඨතු, නිග්‍රොධ, අඩ්ඪමාසො. එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්තාහං’.
77
මෙසේ කී කල නිග්‍රොධ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “ස්වාමීනි, බාලයකු, මෝඩයකු අදක්ෂයකු කරා වරද යම්සේ පැමිණේද, එසේ වරද මා කරා පැමිණියේය. ඒ මම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවෙමි. ස්වාමීනි, මතු සංවරය (හික්මීම) පිණිස ඒ මාගේ වරද, වරද වශයෙන් පිළිගන්නා සේක්වා.”
“එසේ නම් නිග්‍රොධය, බාලයකු, මෝඩයකු, අදක්ෂයකු කරා වරද යම්සේ පැමිණේද එසේ යම්බඳුවූ ඔබ මෙසේ වරද කීයෙහිද, එසේ කීමෙන් වරද වැරදිකරුවූ ඔබ වෙත පැමිණියේය. නිග්‍රොධය, යම් තැනක පටන් ඔබ වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කරන්නෙහිද, ඔබගේ ඒ වරද අපි පිළිගණිමු. නිග්‍රොධය, යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මයවූ පරිදි පිළියම් කෙරේද ඉන්මතු සංවරයට (හික්මීමට) පැමිණේද එය ආර්‍ය්‍ය විනයෙහි වැඩීමක්මය.
“නිග්‍රොධය, මම වනාහි මෙසේ කියමි. “කෛරාටික නොවූ’ මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇත්තාවූ නුවණැති පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා, මම අනුශාසනා කරමි. මම ධර්මදේශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින්නේ ‘කුල පුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා ඉතා උසස් ඥානයෙන් දැන සත්වසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය. නිග්‍රොධය, සත් වස තිබේවා. කෛරාටික නොවූ, මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇත්තාවූ නුවණැති පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා! මම අනුශාසනා කරමි. මම ධර්මදේශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින්නේ, කුලපුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද නිරුත්තරවූ බ්‍රහ්මච්‍ය_ය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා ඉතා උසස් ඥානයෙන් දැන සය වසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය. පස්වසක්, සිවුවසක්, තුන්වසක්, දෙවසක්, එක්වසක් තුළදී ඊට පැමිණ නාසය කරන්නේය. නිග්‍රොධය එක් වසක් තිබේවා. කෛරාටික නොවූ, මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇති නුවණැත්තාවූ පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා, මම අනුශාසනා කරමි. මම ධර්මදේශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින පුද්ගල තෙමේ, කුල පුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා විශිෂ්ට ඥානයෙන් දැන සත්මසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය. නිග්‍රොධය, සත්මසක් තිබේවා. සය මසක්, පස් මසක්, සිවු මසක්, තුන් මසක්, දෙමසක්, එක් මසක්, අඩ මසක් තුළදී ඊට පැමිණ වාසය කරයි. නිග්‍රොධය අඩමස තිබේවා. කෛරාටික නොවූ, මායා නැත්තාවූ, ඍජු ස්වභාව ඇති නුවණැත්තාවූ පුරුෂ තෙමේ මා වෙත පැමිණේවා, මම අනුශාසනා කරමි. මම ධර්මදේශනා කරමි. අනුශාසනා පරිදි පිළිපදින පුද්ගල තෙමේ, කුල පුත්‍රයෝ යමක් සඳහා ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඉතා උතුම්වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ අර්හත් ඵලය මේ ආත්මයෙහිදීම තමා ඉතා උසස් ඥානයෙන් දැන සත් දවසක් තුළදී ඊට පැමිණ වාසය කරන්නේය.
පරිබ්බාජකානං පජ්ඣායනං පරිබ්බාජකානං පජ්ඣායනං