ත්‍රිපිටකය
9. මහාසතිපට්ඨානසුත්තං 9. මහා සතිපට්ඨාන සූත්‍රය
372
එවං මෙ සුතං - එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසධම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භද්දන්තෙ’’ති (භදන්තෙති (සී. ස්‍යා. පී.)) තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
372
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනියි” කථා කළෝය. භික්ෂුහු “ස්වාමින් වහන්ස,”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.
උද්දෙසො උද්දෙසො
කායානුපස්සනා ආනාපානපබ්බං කායානුපස්සනා ආනාපානපබ්බං
කායානුපස්සනා ඉරියාපථපබ්බං කායානුපස්සනා ඉරියාපථපබ්බං
කායානුපස්සනා සම්පජානපබ්බං කායානුපස්සනා සම්පජානපබ්බං
කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං
377
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො, මංසං න්හාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං, හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං, අන්තං අන්තගුණං උදරියං කරීසං (කරීසං මත්ථලුඞ්ගං (ක.)), පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො, අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්ත’න්ති.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, උභතොමුඛා පුතොළි (මූතොළී (ස්‍යා.), මුතොලි (පී.)) පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස, සෙය්‍යථිදං සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. තමෙනං චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්‍ය - ‘ඉමෙ සාලී, ඉමෙ වීහී ඉමෙ මුග්ගා ඉමෙ මාසා ඉමෙ තිලා ඉමෙ තණ්ඩුලා’ති. එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති - ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා...පෙ.... මුත්ත’න්ති.
ඉති අජ්ඣත්තං වා...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
377
නැවතද මහණෙනි, යොගාවචරතෙම පාදාන්තයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නානාවිධ අසුචියෙන් පිරීසිටි මේ ශරීරයම සිහි කරන්නේය. (කෙසේද යත්) මේ ශරීරයෙහි හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දෙතිස් දත්ය, හමය, මස් පිඩුය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුවය, අක්මාවය, හෘදයමාංසය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය නොදිරූ අහාරය, මලය, හිස් මොලය, පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳ මිදුලුය, මුත්‍රය, (යනමේ කුණපයෝ) ඇත්තාහ.
මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන්ගෙන් පුරවනලද උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද, කිනම් ධාන්‍යවලින් යුත් මල්ලක්දයත්? හැල්වීය, මහවීය, මුංය, මෑය, තලය, සහල්ය, (යනමේ ධාන්‍යවලිනි) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය පිරූ මල්ල (මුදා) ලිහා මේ හැල්ය, මේ මහවීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල්යයි යම්සේ මෙනෙහි කරන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, යොගාවචර තෙම පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නොයෙක් ආකාර අසුචි වලින් පිරුණාවූ මේ ශරීරයම සිහි කරන්නේය. ඒ කෙසේදයත්. නියපොතුය, දත්ය, සමය මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුළුය, වකුගඩුය, හෘදය. මාංසය, අක්මාව, සැරවය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, අතුණුය, අතුණු බහණය, නොපැසුණු ආහාරය, මලය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සොටුය, සඳමිදුලුය, මුත්‍රය (යන මේ කුණපයෝ) මේ ශරීරයෙහි ඇත්තාහ. කියායි.
මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඉපදීම් ස්වභාවය බලමින් හෝ වාසය කරන්නේය. ශරීරයෙහි විනාශවීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය, කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව හෝ අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්ව පුද්ගල වශයෙන් නොව) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටුවන ලද්දේය. ඒ සිහිය ඥාණයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. කෙලෙස් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය, මේ ලෝකයෙහි කිසිවක් ආත්මාදි වශයෙන් නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං
කායානුපස්සනා නවසිවථිකපබ්බං කායානුපස්සනා නවසිවථිකපබ්බං
වෙදනානුපස්සනා වේදනානුපස්සනා
චිත්තානුපස්සනා චිත්තානුපස්සනා
ධම්මානුපස්සනා නීවරණපබ්බං ධම්මානුපස්සනා නීවරණපබ්බං
ධම්මානුපස්සනා ඛන්ධපබ්බං ධම්මානුපස්සනා ඛන්ධපබ්බං
ධම්මානුපස්සනා ආයතනපබ්බං ධම්මානුපස්සනා ආයතනපබ්බං
ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං
ධම්මානුපස්සනා සච්චපබ්බං ධම්මානුපස්සනා සච්චපබ්බං
404
‘‘යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තවස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
‘‘තිට්ඨන්තු, භික්ඛවෙ, සත්තවස්සානි. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ වස්සානි...පෙ.... පඤ්ච වස්සානි... චත්තාරි වස්සානි... තීණි වස්සානි... ද්වෙ වස්සානි... එකං වස්සං... තිට්ඨතු, භික්ඛවෙ, එකං වස්සං. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තමාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
‘‘තිට්ඨන්තු , භික්ඛවෙ, සත්ත මාසානි. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ මාසානි...පෙ.... පඤ්ච මාසානි... චත්තාරි මාසානි... තීණි මාසානි ... ද්වෙ මාසානි... එකං මාසං... අඩ්ඪමාසං... තිට්ඨතු, භික්ඛවෙ, අඩ්ඪමාසො. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තාහං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
404
මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සත්වර්ෂයක් කල් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, පස් වසක් කල් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් බවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, තුන් අවුරුද්දක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමී ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, සත් මසක් කල් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන මේ දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, පස් මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සාරමසක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි වීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, තුන්මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතරසතිපට්ඨානයන් මාසදෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනාකරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, මාස දෙකක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් පසළොස් දිනක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිවීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය.)
405
‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානාති. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
405
මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුඃඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.
භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ මේ සතරසතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව මෙසේ දේශනා කොට වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව සතුටින් පිළිගත්හ.