ත්‍රිපිටකය
9. මහාසතිපට්ඨානසුත්තං 9. මහා සතිපට්ඨාන සූත්‍රය
372
එවං මෙ සුතං - එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසධම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භද්දන්තෙ’’ති (භදන්තෙති (සී. ස්‍යා. පී.)) තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
372
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනියි” කථා කළෝය. භික්ෂුහු “ස්වාමින් වහන්ස,”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.
උද්දෙසො උද්දෙසො
කායානුපස්සනා ආනාපානපබ්බං කායානුපස්සනා ආනාපානපබ්බං
කායානුපස්සනා ඉරියාපථපබ්බං කායානුපස්සනා ඉරියාපථපබ්බං
කායානුපස්සනා සම්පජානපබ්බං කායානුපස්සනා සම්පජානපබ්බං
කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං
කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං
කායානුපස්සනා නවසිවථිකපබ්බං කායානුපස්සනා නවසිවථිකපබ්බං
වෙදනානුපස්සනා වේදනානුපස්සනා
චිත්තානුපස්සනා චිත්තානුපස්සනා
ධම්මානුපස්සනා නීවරණපබ්බං ධම්මානුපස්සනා නීවරණපබ්බං
ධම්මානුපස්සනා ඛන්ධපබ්බං ධම්මානුපස්සනා ඛන්ධපබ්බං
ධම්මානුපස්සනා ආයතනපබ්බං ධම්මානුපස්සනා ආයතනපබ්බං
ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං
ධම්මානුපස්සනා සච්චපබ්බං ධම්මානුපස්සනා සච්චපබ්බං
386
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
386
මහණෙනි, භික්ෂුව නැවතද චතුරාර්‍ය්‍යසත්‍යය (උතුම් සත්‍ය හතර) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. මහණෙනි, භික්ෂුව චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීම යයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක්නැති කිරීමේ මාර්ගය යයි ඇති සැටියෙන් දැනගනී.
387
‘‘කතමඤ්ච , භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියෙහි සම්පයොගොපි දුක්ඛො, පියෙහි විප්පයොගොපි දුක්ඛො (අප්පියෙහි...පෙ.... විප්පයොගො දුක්ඛොතිපාඨො චෙව තංනිද්දෙසො ච කත්ථචි න දිස්සති, අට්ඨකථායංපි තංසංවණ්ණනා නත්ථි), යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා (පඤ්චුපාදානක්ඛන්ධාපි (ක.)) දුක්ඛා.
387
මහණෙනි, දුඃඛාර්‍ය්‍ය සත්‍යය නම් කවරේද? ඉපදීමද දුකය. දිරීමද (මහලුවීම) දුකය. රොගයද දුකය. මරණයද දුකය. ශොක කිරීමය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, ශොක කිරීමෙන් වන වෙහෙසය යන මොවුහු දුක් වන්නාහුය. අකමැති දෙය හා එක්වීමද දුක්වන්නේය. කැමති දෙයින් වෙන්වීමද දුක් වන්නේය. යම් කැමති දෙයක් නොලැබීමද දුක්වන්නේය. කොටින් කියතොත් උපාදානස්කන්ධ පසම දුක් වන්නේය.
388
‘‘කතමා ච, භික්ඛවෙ, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චති, භික්ඛවෙ, ජාති.
388
මහණෙනි, ජාතිය (උත්පත්තිය) නම් කවරේද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයන්හි ඉපදීමක් වේද, හටගැන්මක් වේද, (උත්පත්තියට) ඇතුළත් වීමක් වේද, විශේෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළ වීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද මහණෙනි, මෝ තොමෝ ජාතිය (ඉපදීම) යයි කියනු ලැබේ.
389
. ‘‘කතමා ච, භික්ඛවෙ, ජරා? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්‍රියානං පරිපාකො, අයං වුච්චති, භික්ඛවෙ, ජරා.
389
මහණෙනි, ජරාව (මහලු වීම) නම් කවරේද? ඒ ඒ සත්ව වර්ගයන්හි ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක් වේද, දිරන බවක් වේද කැඩුණු (වැටුනු) දත්ඇති බවක් වේද, පැසී සුදුවූ කෙස් ඇති බවක් වේද, (හම) රැලි වැටීමක් වේද ආයුෂයාගේ පිරිහීමක්වේද, ඉන්ද්‍රියයන්ගේ මේරීමක් වේද, මේ ජරාවයයි කියනු ලැබේ.
390
‘‘කතමඤ්ච, භික්ඛවෙ, මරණං? යං (අට්ඨකථා ඔලොකෙතබ්බා) තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භෙදො කළෙවරස්ස නික්ඛෙපො ජීවිතින්ද්‍රියස්සුපච්ඡෙදො, ඉදං වුච්චති, භික්ඛවෙ, මරණං.
390
මහණෙනි, මරණය නම් කවරේද? ඒ ඒ සත්වවර්ගයන්හි ඒ ඒ සත්වයන්ගේ චුතවීමක් වේද, වෙන්වීමක් වේද, බිඳීමක් වේද, අතුරුදන් වීමක් වේද, මිය යාමක් වේද, කාලක්‍රියාවක් වේද, ස්කන්ධයන්ගේ බිඳීමක් වේද, ශරීරයාගේ බැහැර දැමීමක් වේද, මහණෙනි, මෙය මරණයයි කියනු ලැබේ.
391
‘‘කතමො ච, භික්ඛවෙ, සොකො? යො ඛො, භික්ඛවෙ, අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තොසොකො අන්තොපරිසොකො, අයං වුච්චති, භික්ඛවෙ, සොකො.
391
මහණෙනි, සොකය නම් කවරේද? යම් යම් විපතකින් යුක්තවූ සත්වයාගේද, යම් යම් දුකකට පැමිණි සත්වයාගේද ශෝකයක් වේද, ශොකකරන බවක් වේද, ශොක කිරීමක් වේද, ඇතුළත වියලන ස්වභාවයක් වේද, ඇතුළත විශේෂයෙන් වියලන ස්වභාවයක් වේද මහණෙනි, මෙය ශෝකයයි කියනු ලැබේ.
392
‘‘කතමො ච, භික්ඛවෙ, පරිදෙවො? යො ඛො, භික්ඛවෙ, අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං, අයං වුච්චති, භික්ඛවෙ පරිදෙවො.
392
මහණෙනි, පරිදෙවය නම් කුමක්ද? යම් යම් විපතකින් යුක්තවූව හුගේද යම් යම් දුකකට පත්වූවහුගේද යම් වැලපීමක් වේද, විලාප කීමක් වේද, නම් කිය කියා හැඬීමක් වේද, ගුණ කිය කියා හැඬීමක් වේද, යම් හැඬීම් බවක් වේද, යම් විලාප කීමක් වේද, මහණෙනි, මෙය පරිදෙවයයි කියනු ලැබේ.
393
‘‘කතමඤ්ච , භික්ඛවෙ, දුක්ඛං? යං ඛො, භික්ඛවෙ, කායිකං දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛං.
393
මහණෙනි, දුක නම් කවරේද? මහණෙනි, කයෙහිවූ යම් දුකක් ඇද්ද, කයෙහිවූ යම් නොසැපක් වේද කායස්පර්ශයෙන් හටගත්තාවූ දුකක්වේද නොසැපවූ විඳීමක් වේද මහණෙනි, මෙය දුකයයි කියනු ලැබේ.
394
‘‘කතමඤ්ච , භික්ඛවෙ, දොමනස්සං? යං ඛො, භික්ඛවෙ, චෙතසිකං දුක්ඛං චෙතසිකං අසාතං මනොසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චති, භික්ඛවෙ, දොමනස්සං.
394
මහණෙනි, දොම්නස නම් කවරක්ද? මහණෙනි, සිතෙහි හටගත්තාවූ යම් දුකක් වේද, සිතෙහිවූ යම් අමිහිරි බවක් වේද, සිතේ ස්පර්ශ නිසා හටගත් යම්දුකක් වේද, සැපනොවූ යම් විඳීමක් වේද මහණෙනි, මෙය දොම්නසයයි කියනු ලැබේ.
395
‘‘කතමො ච, භික්ඛවෙ, උපායාසො? යො ඛො, භික්ඛවෙ, අඤ්ඤතරඤ්ඤතරෙන බ්‍යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චති, භික්ඛවෙ, උපායාසො.
395
මහණෙනි, උපායාස නම් කවරේද? යම් යම් විපතකින් යුක්ත වූවහුගේද, යම් යම් දුකකින් යුක්තවූවහුගේද යම් දැඩි වෙහෙසක් ඇත්තේද යම් ක්ලාන්ත වීමක් වේද, යම් බලවත් ක්ලාන්ත වීමක් ඇත්තේද මෙය මහණෙනි, උපායාසයයි කියනු ලැබේ.
396
‘‘කතමො ච, භික්ඛවෙ, අප්පියෙහි සම්පයොගො දුක්ඛො? ඉධ යස්ස තෙ හොන්ති අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා ධම්මා, යෙ වා පනස්ස තෙ හොන්ති අනත්ථකාමා අහිතකාමා අඵාසුකකාමා අයොගක්ඛෙමකාමා, යා තෙහි සද්ධිං සඞ්ගති සමාගමො සමොධානං මිස්සීභාවො, අයං වුච්චති, භික්ඛවෙ, අප්පියෙහි සම්පයොගො දුක්ඛො.
396
(පරිවර්තනයේ මේ කොටස නැත)
397
‘‘කතමො ච, භික්ඛවෙ, පියෙහි විප්පයොගො දුක්ඛො? ඉධ යස්ස තෙ හොන්ති ඉට්ඨා කන්තා මනාපා රූපා සද්දා ගන්ධා රසා ඵොට්ඨබ්බා ධම්මා, යෙ වා පනස්ස තෙ හොන්ති අත්ථකාමා හිතකාමා ඵාසුකකාමා යොගක්ඛෙමකාමා මාතා වා පිතා වා භාතා වා භගිනී වා මිත්තා වා අමච්චා වා ඤාතිසාලොහිතා වා, යා තෙහි සද්ධිං අසඞ්ගති අසමාගමො අසමොධානං අමිස්සීභාවො, අයං වුච්චති, භික්ඛවෙ, පියෙහි විප්පයොගො දුක්ඛො.
397
(පරිවර්තනයේ මේ කොටස නැත)
398
‘‘කතමඤ්ච , භික්ඛවෙ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං? ජාතිධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත මයං න ජාතිධම්මා අස්සාම, න ච වත නො ජාති ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. ජරාධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති - ‘අහො වත මයං න ජරාධම්මා අස්සාම, න ච වත නො ජරා ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. බ්‍යාධිධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති ‘අහො වත මයං න බ්‍යාධිධම්මා අස්සාම, න ච වත නො බ්‍යාධි ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. මරණධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති ‘අහො වත මයං න මරණධම්මා අස්සාම, න ච වත නො මරණං ආගච්ඡෙය්‍යා’ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මානං, භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති ‘අහො වත මයං න සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා අස්සාම, න ච වත නො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා ආගච්ඡෙය්‍යු’න්ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
398
මහණෙනි, “කැමතිවූ යමක් නොලබාද එයද දුක් වන්නේය” යනු කවරේද? මහණෙනි, ඉපදීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමත්තක් (ආසාවක්) උපදී. (කෙසේද?) “අනේ! අපි සසර උපදින ස්වභාව නැත්තෝවෙමු නම්, එකාන්තයෙන් සසර හටගැන්ම අපවෙත නොඑන්නේ නම් ඉතා හොඳය” යනුවෙනි. මේ කාරණය කැමැත්තෙන් (ආසාවෙන්) පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.
මහණෙනි, දිරීම (මහළුවීම) ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි මහලු වන ස්වභාව නැත්තෝවෙමු නම්, එකානත්යෙන් මහලුවීම අපවෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.
මහණෙනි, රෝගයන්ගෙන් පෙළෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි රොගීවන ස්වභාව නැත්තෝ වෙමු නම්, ඒකාන්තයෙන් අපවෙත රෝග නොඑන්නේ නම් ඉතා හොඳය” කියාය. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.
මහණෙනි, මරණයට පැමිණෙන ස්වභාව ඇත්තාවූ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි මැරෙණ ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් මරණය අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” (කියායි.) මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.
මහණෙනි, ශෝකයට (කනගාටුවට) පැමිණීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි ශෝකයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම් එකාන්තයෙන් ශෝකය අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි, මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.
මහණෙනි, වැළපීමට පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි වැළපීමට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් වැළපීම අපවෙත නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය” කියායි, මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.
මහණෙනි, දුකට (කායිකදුක) පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි දුකට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් දුක අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.
මහණෙනි, දොම්නසට (සිතේ දුකට) පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ! අපි දොම්නසට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් දොම්නස අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.
මහණෙනි, උපායාසයට (බලවත් වෙහෙසට) පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ! අපි උපායාසයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, ඒකාන්තයෙන් අප වෙත උපායාසය නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ, මෙයද ආසා කරනයමක් නොලැබීමේ දුකකි.
399
‘‘කතමෙ ච, භික්ඛවෙ, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා? සෙය්‍යථිදං - රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං.
399
මහණෙනි, සංක්ෂෙපයෙන් දුක්වූ පඤ්ච උපාදානස්කන්ධයෝ නම් කවරහුද? හේ මෙසේයි. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥාඋපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥානඋපාදානස්කන්ධය, යන මොහුයි. මහණෙනි සංක්ෂෙපයෙන් දුක් වන්නාහු යම් පඤ්ච උපාදානස්කන්ධයෝයි. මහණෙනි මෙය දුඃඛර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
400
‘‘කතමඤ්ච , භික්ඛවෙ, දුක්ඛසමුදයං (දුක්ඛසමුදයො (ස්‍යා.)) අරියසච්චං? යායං තණ්හා පොනොබ්භවිකා (පොනොභවිකා (සී. පී.)) නන්දීරාගසහගතා (නන්දිරාගසහගතා (සී. ස්‍යා. පී.)) තත්‍රතත්‍රාභිනන්දිනී, සෙය්‍යථිදං - කාමතණ්හා භවතණ්හා විභවතණ්හා.
‘‘සා ඛො පනෙසා, භික්ඛවෙ, තණ්හා කත්ථ උප්පජ්ජමානා උප්පජ්ජති, කත්ථ නිවිසමානා නිවිසති? යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ...පෙ.... ඝානං ලොකෙ... ජිව්හා ලොකෙ... කායො ලොකෙ... මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපා ලොකෙ... සද්දා ලොකෙ... ගන්ධා ලොකෙ... රසා ලොකෙ... ඵොට්ඨබ්බා ලොකෙ... ධම්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘චක්ඛුවිඤ්ඤාණං ලොකෙ... සොතවිඤ්ඤාණං ලොකෙ... ඝානවිඤ්ඤාණං ලොකෙ... ජිව්හාවිඤ්ඤාණං ලොකෙ... කායවිඤ්ඤාණං ලොකෙ... මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘චක්ඛුසම්ඵස්සො ලොකෙ... සොතසම්ඵස්සො ලොකෙ... ඝානසම්ඵස්සො ලොකෙ... ජිව්හාසම්ඵස්සො ලොකෙ... කායසම්ඵස්සො ලොකෙ... මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘චක්ඛුසම්ඵස්සජා වෙදනා ලොකෙ... සොතසම්ඵස්සජා වෙදනා ලොකෙ... ඝානසම්ඵස්සජා වෙදනා ලොකෙ... ජිව්හාසම්ඵස්සජා වෙදනා ලොකෙ... කායසම්ඵස්සජා වෙදනා ලොකෙ... මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපසඤ්ඤා ලොකෙ... සද්දසඤ්ඤා ලොකෙ... ගන්ධසඤ්ඤා ලොකෙ... රසසඤ්ඤා ලොකෙ... ඵොට්ඨබ්බසඤ්ඤා ලොකෙ... ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපසඤ්චෙතනා ලොකෙ... සද්දසඤ්චෙතනා ලොකෙ... ගන්ධසඤ්චෙතනා ලොකෙ... රසසඤ්චෙතනා ලොකෙ... ඵොට්ඨබ්බසඤ්චෙතනා ලොකෙ... ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපතණ්හා ලොකෙ... සද්දතණ්හා ලොකෙ... ගන්ධතණ්හා ලොකෙ... රසතණ්හා ලොකෙ... ඵොට්ඨබ්බතණ්හා ලොකෙ... ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපවිතක්කො ලොකෙ... සද්දවිතක්කො ලොකෙ... ගන්ධවිතක්කො ලොකෙ... රසවිතක්කො ලොකෙ... ඵොට්ඨබ්බවිතක්කො ලොකෙ... ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති.
‘‘රූපවිචාරො ලොකෙ... සද්දවිචාරො ලොකෙ... ගන්ධවිචාරො ලොකෙ... රසවිචාරො ලොකෙ... ඵොට්ඨබ්බවිචාරො ලොකෙ... ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, එත්ථ නිවිසමානා නිවිසති. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛසමුදයං අරියසච්චං.
400
මහණෙනි දුක්ඛ සමුදය (දුක් ඉපදීමේ හේතුව) ආර්‍ය්‍ය සත්‍යය කවරේද? නැවත නැවත සත්වයාගේ ඉපදීම ඇතිකරන්නාවූ, ඇලීම් සහගතවූ ඒ ඒ උපන් ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් තණ්හාවක් (ආසාවක්) වේද, ඒ කවරේදයත්? කාම තණ්හාය (පංචකාමයන් කෙරෙහි ඇති ආසාව) භව තණ්හාය (ශාස්වතදෘෂ්ටිය සමග ඇති ආශාව) විභව තණ්හාය (උච්ඡේදදෘෂ්ටිය සමග පවත්නා ආශාව) යන මොහුයි.
මහණෙනි ඒ මේ තණ්හාව උපදිනු ලබන්නේ, කවර තැනෙක්හි උපදීද? පවතිනු ලබන්නේ කවර තැනක පවතීද? ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, සැප ස්වභාව ඇත්තේද එහි උපදිනු ලබන්නාවූ මේ තණ්හාව උපදී පවතිනු ලබන්නාවූ මේ තණ්හාව පවතී.
ලෝකයෙහි කුමක් නම් ප්‍රියස්වභාවය ඇත්තේද? සැප ස්වභාව ඇත්තේද? ලෝකයෙහි ඇස ප්‍රියස්වභාවය ඇත්තේය. සැපස්වභාවය ඇත්තේය, උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී, පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලෝකයෙහි කණ ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාවය ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලෝකයෙහි නාසය ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලෝකයෙහි දිව ප්‍රිය ස්වභාවය ඇත්තේය. සැප ස්වභාවය ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලෝකයෙහි ශරීරය ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී. ලෝකයෙහි සිත ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලෝකයෙහි රූපයද, ලෝකයෙහි ශබ්දයද, ලෝකයෙහි සුවඳද, ලෝකයෙහි රසයද, ලෝකයෙහි ස්පර්ශයද, ලෝකයෙහි ධර්මයද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලෝකයෙහි චක්ඛු විඤ්ඤාණයද, (රූපය දැන ගන්නා සිත) ලෝකයෙහි සොත විඤ්ඤාණයද, (ශබ්දය දැන ගන්නා සිත) ලෝකයෙහි ඝාණ විඤ්ඤාණයද, (ගඳ සුවඳ දැන ගන්නා සිත) ලෝකයෙහි ජිව්හා විඤ්ඤාණයද, (රස දැන ගන්නා සිත) ලෝකයෙහි කාය විඤ්ඤාණයද, (ස්පර්ශ දැන ගන්නා සිත) ලෝකයෙහි මනො විඤ්ඤාණයද, (චක්ඛුවිඤ්ඤාණාදියෙන් අන්‍යවූ සිත) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලෝකයෙහි චක්ඛුසම්ඵස්සයද, (චක්ඛුද්වාරයෙහි ස්පර්ශය) ලෝකයෙහි සොත සම්ඵස්සයද (සොත ද්වාරයෙහි ස්පර්ශය) ලෝකයෙහි ඝාන සම්ඵස්සයද (ඝාන ද්වාරයෙහි ස්පර්ශය) ලෝකයෙහි ජිව්හා සම්ඵස්සයද (ජිව්හා ද්වාරයෙහි ස්පර්ශය) ලෝකයෙහි කාය සම්පස්සයද (කායද්වාරයෙහි ස්පර්ශය) මනො සම්පස්සයද (මනඃ ස්පර්ශයද) ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලෝකයෙහි ඇස හා රූපය ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලෝකයෙහි කණ හා ශබ්දය ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලෝකයෙහි නාසය හා ගඳ සුවඳ ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලෝකයෙහි දිව හා රසය ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලෝකයෙහි කය හා ස්පර්ශය එක් වීමෙන් ඇතිවන විඳීමද, ලෝකයෙහි සිත හා ධර්මයන් ස්පර්ශවීමෙන් ඇතිවන විඳීමද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලෝකයෙහි රූප සංඥාවද, ලෝකයෙහි ශබ්ද සංඥාවද, ලෝකයෙහි ගන්ධ සංඥාවද, ලෝකයෙහි රස සංඥාවද, ලෝකයෙහි ස්පර්ශ සංඥාවද, ලෝකයෙහි ධර්ම සංඥාවද, ප්‍රිය ස්වභාව ඇත්තේය, සැප ස්වභාව ඇත්තේය, උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී, පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලෝකයෙහි රූපය නිසා පවත්නා චෙතනාවද, ලෝකයෙහි ශබ්දය නිසා පවත්නා චෙතනාවද, ලෝකයෙහි ගඳ සුවඳ නිසා පවත්නා චෙතනාවද, ලෝකයෙහි ස්පර්ශය නිසා පවත්නා චෙතනාවද, ලෝකයෙහි ධර්මය නිසා පවත්නා චෙතනාවද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලෝකයෙහි රූප තණ්හාවද, ලෝකයෙහි ශබ්ද තණ්හාවද, ලෝකයෙහි ගන්ධ තණ්හාවද, ලෝකයෙහි රස තණ්හාවද, ලෝකයෙහි ස්පර්ශ තණ්හාවද, ලෝකයෙහි ධර්ම තණ්හාවද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලෝකයෙහි රූපය නිසා හටගන්නා විතර්කයද ලෝකයෙහි ශබ්දය නිසා හටගන්නා විතර්කයද ලෝකයෙහි ගන්ධය නිසා හටගන්නා විතර්කයද, ලෝකයෙහි රස නිසා හටගන්නා විතර්කයද, ලෝකයෙහි ස්පර්ශය නිසා හටගන්නා විතර්කයද, ලෝකයෙහි ධර්ම අරමුණු නිසා හටගන්නා විතර්කයද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ තණ්හාව මෙහි පවතී.
ලෝකයෙහි රූපය නිසා හටගන්නා විචාරයද, ලෝකයෙහි ශබ්දය නිසා හටගන්නා විචාරයද, ලෝකයෙහි ගන්ධය නිසා හටගන්නා විචාරයද, ලෝකයෙහි රසය නිසා හටගන්නා විචාරයද, ලෝකයෙහි ස්පර්ශය නිසා හටගන්නා විචාරයද, ලෝකයෙහි ධර්ම අරමුණු නිසා හටගන්නා විචාරයද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
මහණෙනි මේදුක්ඛ සමුදය නම්වූ ආර්‍ය්‍යසත්‍යය යයි.
401
‘‘කතමඤ්ච , භික්ඛවෙ, දුක්ඛනිරොධං (දුක්ඛනිරොධො (ස්‍යා.)) අරියසච්චං? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.
‘‘සා ඛො පනෙසා, භික්ඛවෙ, තණ්හා කත්ථ පහීයමානා පහීයති, කත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති? යං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘කිඤ්ච ලොකෙ පියරූපං සාතරූපං? චක්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. සොතං ලොකෙ...පෙ.... ඝානං ලොකෙ... ජිව්හා ලොකෙ... කායො ලොකෙ... මනො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපා ලොකෙ... සද්දා ලොකෙ... ගන්ධා ලොකෙ... රසා ලොකෙ... ඵොට්ඨබ්බා ලොකෙ... ධම්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘චක්ඛුවිඤ්ඤාණං ලොකෙ... සොතවිඤ්ඤාණං ලොකෙ... ඝානවිඤ්ඤාණං ලොකෙ... ජිව්හාවිඤ්ඤාණං ලොකෙ... කායවිඤ්ඤාණං ලොකෙ... මනොවිඤ්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘චක්ඛුසම්ඵස්සො ලොකෙ... සොතසම්ඵස්සො ලොකෙ... ඝානසම්ඵස්සො ලොකෙ... ජිව්හාසම්ඵස්සො ලොකෙ... කායසම්ඵස්සො ලොකෙ... මනොසම්ඵස්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘චක්ඛුසම්ඵස්සජා වෙදනා ලොකෙ... සොතසම්ඵස්සජා වෙදනා ලොකෙ ... ඝානසම්ඵස්සජා වෙදනා ලොකෙ... ජිව්හාසම්ඵස්සජා වෙදනා ලොකෙ... කායසම්ඵස්සජා වෙදනා ලොකෙ... මනොසම්ඵස්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපසඤ්ඤා ලොකෙ... සද්දසඤ්ඤා ලොකෙ... ගන්ධසඤ්ඤා ලොකෙ... රසසඤ්ඤා ලොකෙ... ඵොට්ඨබ්බසඤ්ඤා ලොකෙ... ධම්මසඤ්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපසඤ්චෙතනා ලොකෙ... සද්දසඤ්චෙතනා ලොකෙ... ගන්ධසඤ්චෙතනා ලොකෙ... රසසඤ්චෙතනා ලොකෙ... ඵොට්ඨබ්බසඤ්චෙතනා ලොකෙ... ධම්මසඤ්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපතණ්හා ලොකෙ... සද්දතණ්හා ලොකෙ... ගන්ධතණ්හා ලොකෙ... රසතණ්හා ලොකෙ... ඵොට්ඨබ්බතණ්හා ලොකෙ... ධම්මතණ්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපවිතක්කො ලොකෙ... සද්දවිතක්කො ලොකෙ... ගන්ධවිතක්කො ලොකෙ... රසවිතක්කො ලොකෙ... ඵොට්ඨබ්බවිතක්කො ලොකෙ... ධම්මවිතක්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති.
‘‘රූපවිචාරො ලොකෙ... සද්දවිචාරො ලොකෙ... ගන්ධවිචාරො ලොකෙ... රසවිචාරො ලොකෙ... ඵොට්ඨබ්බවිචාරො ලොකෙ... ධම්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං , එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣති. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛනිරොධං අරියසච්චං.
401
මහණෙනි දුක් නැති කිරීම නම් වූ උතුම් සත්‍යය (නිවන) කවරේද? එම තණ්හාවගේම ඉතුරු නොවන යම් නොඇලීම නම්වූ නිරුද්ධ (නැති) කිරීමක් වේද, අත්හැරීමක් වේද, සම්පූර්ණයෙන් දුරලීමක් වේද, මිදීමක් (ගැලවීමක්) වේද, ආලය නොකිරීමක් වේද එයයි.
මහණෙනි පහවනු ලබන්නාවූ මේ තණ්හාව කවර තැනෙක්හි පහවන්නේද? නැතිවන්නාවූ මේ තණ්හාව කවර තැනෙක නැති (නිරුද්ධ) වේද? ලෝකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, යමක් සැප ස්වභාව ඇත්තේද පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ. ලෝකයෙහි කුමක් නම් ප්‍රිය ස්වභාව ඇත්තේද? කුමක් නම් සැප ස්වභාව ඇත්තේද? ලෝකයෙහි ඇස ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.
ලෝකයෙහි කණද, ලෝකයෙහි නාසයද, ලෝකයෙහි දිවද, ලෝකයෙහි කයද, ලෝකයෙහි සිතද, ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.
ලෝකයෙහි රූපයද, ලෝකයෙහි ශබ්දයද, ලෝකයෙහි ගඳ සුවඳද, ලෝකයෙහි රසයද, ලෝකයෙහි ස්පර්ශයද ලෝකයෙහි ධර්මයද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.
ලෝකයෙහි චක්ඛුවිඤ්ඤාණයද, (රූපදක්නා සිතද) ලෝකයෙහි සොතවිඤ්ඤාණයද, (ශබ්ද අසනා සිතද) ලෝකයෙහි ඝාණවිඤ්ඤාණයද, (ගඳ සුවඳ දැන ගන්නා සිතද) ලෝකයෙහි ජිව්හා විඤ්ඤාණයද, (රස දැන ගන්නා සිතද) ලෝකයෙහි කාය විඤ්ඤාණයද, (පහස දැන ගන්නා සිතද) ලෝකයෙහි මනො විඤ්ඤාණයද (එම සිත් පසින් අන්‍ය සිත්ද) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.
ලෝකයෙහි චක්ෂු ස්පර්ශ (ඇස නිසා හටගන්නා ස්පර්ශය) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහ වන්නේය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය. ලෝකයෙහි ශ්‍රොත ස්පර්ශයද (කණ නිසා උපදින ස්පර්ශය) ලෝකයෙහි ඝ්‍රාණ ස්පර්ශයද, (නාසය නිසා උපදින ස්පර්ශයද) ලෝකයෙහි ජිව්හා ස්පර්ශයද (දිව නිසා උපදින ස්පර්ශයද) කාය ස්පර්ශයද (කය නිසා උපදින ස්පර්ශයද, ලෝකයෙහි මනඃ ස්පර්ශයද (සිත නිසා ඇතිවන ස්පර්ශයද) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැති වන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය
ලෝකයෙහි ඇස හා රූපය ගැටීමෙන් උපදින වේදනාව (විඳීම) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය, නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය. ලෝකයෙහි කණ හා ශබ්දය ගැටීමෙන් උපදින වේදනාවද, නාසය හා ගන්ධය ගැටීමෙන් උපදින වේදනාවද, දිව හා රසය ගැටීමෙන් උපදින වේදනාවද, කය හා ස්පර්ශය ගැටීමෙන් උපදින වේදනාවද, සිත හා අරමුණු ගැටීමෙන් උපදින වේදනාවද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවන්නේය.
ලෝකයෙහි රූපය යන හැඟීම ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය. ලෝකයෙහි ශබ්දය යන හැඟීමද, ලෝකයෙහි ගන්ධය යන හැඟීමද ලෝකයෙහි රසය යන හැඟීමද ලෝකයෙහි ස්පර්ශය යන හැඟීමද ලෝකයෙහි ධර්මය යන හැඟීමද ප්‍රියස්වභාව ඇත්තේය. සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.
ලෝකයෙහි රූපයෙහි පැවති සිත ප්‍රියස්වභාව ඇත්තේය. සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.
ලෝකයෙහි ශබ්දයෙහි පැවති සිතද, ලෝකයෙහි ගන්ධයෙහි පැවති සිතද, ලෝකයෙහි රසයෙහි පැවති සිතද, ලෝකයෙහි ස්පර්ශයෙහි පැවති සිතද, ලෝකයෙහි ධර්මයෙහි පැවති සිතද ප්‍රියස්වභාව ඇත්තේය, සැපස්වභාව ඇත්තේය, පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය නැති වන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.
ලෝකයෙහි රූප තණ්හාව (රූපයට ආශාව) ප්‍රියස්වභාව ඇත්තේය. සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය, නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවන්නීය. ලෝකයෙහි ශබ්ද තණ්හාවද (ශබ්දයට ආශාව) ලෝකයෙහි ගන්ධ තණ්හාවද (සුවඳට ආශාව) ලෝකයෙහි රස තණ්හාවද (රසයට ආශාව) ලෝකයෙහි ස්පර්ශ තණ්හාවද (පහසට ආශාව) ලෝකයෙහි ධර්ම තණ්හාවද (රූපාදියෙන් අන්‍යදේට ආශාව) ප්‍රියස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය, නැති වන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.
ලෝකයෙහි රූපය නිසා උපදින චෙතනාව (සිත මෙහෙය වන ස්වභාවය) ද, ලෝකයෙහි ශබ්දය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලෝකයෙහි ගන්ධය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලෝකයෙහි රසය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලෝකයෙහි ස්පර්ශය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලෝකයෙහි රූපාදි අරමුණු පසින් අනික් අරමුණක් නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ප්‍රියස්වභාව ඇත්තේය, සැපස්වභාව ඇත්තේය, පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේතණ්හාව මෙහි නැතිවන්නීය.
ලෝකයෙහි රූපයෙහි පැවති විතර්කය ද, (කල්පනාවද) ලෝකයෙහි ශබ්දයෙහි පැවති කල්පනාවද, ලෝකයෙහි ගන්ධයෙහි පැවති කල්පනාවද, ලෝකයෙහි රසයෙහි පැවති කල්පනාවද, ලෝකයෙහි ස්පර්ශයෙහි පැවති කල්පනාවද, ලෝකයෙහි ධර්මයෙහි පැවති කල්පනාවද, ප්‍රියස්වභාව ඇත්තේය සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේතණ්හාව මෙහි නැතිවන්නීය. මහණෙනි මෙය දුක්ඛ නිරෝධ ආර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
402
‘‘කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සෙය්‍යථිදං - සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි? යං ඛො, භික්ඛවෙ, දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච්චති, භික්ඛවෙ, සම්මාදිට්ඨි.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාසඞ්කප්පො? නෙක්ඛම්මසඞ්කප්පො අබ්‍යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො, අයං වුච්චති භික්ඛවෙ, සම්මාසඞ්කප්පො.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාවාචා? මුසාවාදා වෙරමණී (වෙරමණි (ක.)) පිසුණාය වාචාය වෙරමණී ඵරුසාය වාචාය වෙරමණී සම්ඵප්පලාපා වෙරමණී, අයං වුච්චති, භික්ඛවෙ, සම්මාවාචා.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාකම්මන්තො? පාණාතිපාතා වෙරමණී අදින්නාදානා වෙරමණී කාමෙසුමිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චති, භික්ඛවෙ, සම්මාකම්මන්තො.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාආජීවො? ඉධ, භික්ඛවෙ, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිතං කප්පෙති, අයං වුච්චති, භික්ඛවෙ, සම්මාආජීවො.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාවායාමො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති; උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්‍යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාවායාමො.
‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාසති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං; ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති, භික්ඛවෙ, සම්මාසති.
‘‘කතමො ච, භික්ඛවෙ, සම්මාසමාධි? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, භික්ඛවෙ , සම්මාසමාධි. ඉදං වුච්චති, භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං.
402
මහණෙනි, දුඃඛනිරෝධගාමිනි ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය නම් කවරේද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ කවරේද? සත්‍යය ඇති සැටියෙන් දක්නා ප්‍රඥාවය, යහපත් වචනය, හෙවත් වාග් දුශ්චරිතයෙන් වැළකීමය, යහපත් කල්පනාවය, හෙවත් මනො දුශ්චරිතයෙන් වැළකීමය යහපත් කර්මාන්තය හෙවත් කාය දුශ්චරිතයෙන් වැළකීමය, යහපත් ජීවිකාව හෙවත් දුශ්චරිතයෙන් වැළකුණ දිවි පැවැත්වීමය, යහපත් උත්සාහය හෙවත් අකුසල් නොකිරීමෙහිත් කුසල්කිරීමෙහිත් උත්සාහය, යහපත් සිහිය, යහපත් සමාධිය, යනුයි.
[1] මහණෙනි, යහපත් ප්‍රඥාව නම් කවරේද, මහණෙනි, දුක පිළිබඳ යම් දැනීමක් වේද, දුකට හේතුව පිළිබඳ යම් දැනීමක් වේද, දුක නිරුද්ධ කිරීම පිළිබඳ යම් දැනීමක් වේද, දුක් නැති කිරීමට පමුණුවන මාර්ගය පිළිබඳ යම් දැනීමක් වේද, මහණෙනි, මේ සම්මා දිට්ඨි (යහපත් ප්‍රඥාව) යයි කියනු ලැබේ.
[2] මහණෙනි, සම්‍යක් සංකල්පය (යහපත් කල්පනාව) නම් කවරේද? නෛෂ්ක්‍රම්‍ය (ගිහි සැප අත්හැරීමේ) සංකල්පනාවය, අව්‍යාපාද (ක්‍රොධ නොකිරීමේ) සංකල්පනාවය, අවිහිංසා (හිංසා නොකිරීමේ) සංකල්පනාවය යන මෙය සම්‍යක් සංකල්ප (යහපත් කල්පනාව) යයිකියනු ලැබේ.
[3] මහණෙනි, සම්‍යක් වචනය කවරේද? බොරු කීමෙන් වැළකීමය, කේළාම් කීමෙන් වැළකීමය, රළු වචන කීමෙන් වැළකීමය, හිස් කථා කීමෙන් වැළකීමය, යන මේ සම්‍යක් වචනයයි කියනු ලැබේ.
[4] මහණෙනි, සම්‍යක් කර්මාන්තය නම් කවරේද යත්? සතුන් මැරීමෙන් වැළකීමය, අන්සතුවූ නුදුන්දෙය ගැනීමෙන් වැළකීමය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය, යන මේ සම්‍යක්කර්මාන්තයයි කියනු ලැබේ.
[5] මහණෙනි, සම්‍යක්ආජීවය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම වරද සහිතවූ ජීවත්වීම හැර නිවරදවූ අන්දමින් ජීවිකාව කෙරේද, මහණෙනි, මේ සම්‍යක් ආජීවයයි කියනුලැබේ.
[6] මහණෙනි, සම්‍යක් ව්‍යායාමය (යහපත් උත්සාහය) නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන් අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවාද උත්සාහකෙරේද, වීර්ය ආරම්භ කෙරේද, සිත දැඩි කොට ඔසවයිද, බලවත්සේ උත්සාහ කෙරේද, උපන්නාවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්යය පටන්ගනීද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් උත්සාහ කෙරේද, නූපන්කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද, වීර්යය පටන්ගනීද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, උපන් කුසල ධර්මයන්ගේ පැවතීම පිණිසද, මුළා නොවීම පිණිසද වැඩීම පිණිසද, මහත්බව පිණිසද භාවනාවන් සම්පූර්ණ කිරීම පිණිසද කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්යය පටන්ගනීද, සිත දැඩි කොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, මහණෙනි, මෙය යහපත් උත්සාහයයි (සම්මා වායාමයයි) කියනු ලැබේ.
[7] මහණෙනි, සම්‍යක්ස්මෘතිය (යහපත් සිහිය) කවරේදයත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව මේ ශරීර නම්වූ ලෝකයෙහි ලෝභයද ද්‍වෙෂයද සංසිඳුවාගෙන වාසය කෙරේද, විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව මේ වේදනාස්කන්ධනම්වූ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවාගෙන වාසය කෙරේද, සිතෙහි සිත අනුව දක්නේ කෙලෙසුන් තවන වීර්යය ඇතිව නුවණින් යුතුව සිහියෙන් යුක්තව මේ විඥානස්කන්ධ නම් ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවාගෙන වාසය කෙරේද, ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව මේ සංස්කාර ස්කන්ධ නම් ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවාගෙන වාසයකෙරේද මහණෙනි, මෙය සම්‍යක් ස්මෘතියයි (යහපත් සිහියයයි) කියනු ලැබේ.
[8] මහණෙනි, සම්‍යක් සමාධිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පංචකාම ගුණයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් දුරුව විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් ඇතිවන ප්‍රීතිය හා සැප ඇත්තාවූ පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිත පහදවන්නාවූ සිත එකඟ කරන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් උපන් ප්‍රීති සැප ඇත්තාවූ දෙවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, යම් ධ්‍යානයක් පිළිබඳව ආර්‍ය්‍යයෝ උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපයෙන් වාසය කෙරේයයි කියත්ද ප්‍රීතියෙන් වෙන්ව සිහියෙන් යුක්ත වූයේ නුවණින් යුක්ත වූයේ සැපය කයින් විඳිමින් ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, සුඛය පහ කිරීමෙන්ද දුඃඛය පහකිරීමෙන්ද සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ෂාවගේද සිහියගේද පිරිසිදු භාවය ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද මහණෙනි, මෙය සම්‍යක් සමාධියයි කියනු ලැබේ. මහණෙනි, මෙය (දුක් නැතිකිරීම සඳහා පිළිපැදීම නම්වූ) දුඃඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
403
‘‘ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු.
403
මෙසේ තමන්තුළවූ (චතුරාර්‍ය්‍ය සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. අනුන් පිළිබඳවූ (චතුරාර්‍ය්‍යසත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූ හා අනුන් පිළිබඳවූ (චතුස්සත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්‍ය්‍ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතුවූ (ප්‍රත්‍යය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන්ගේ) විනාශයට හේතුවූ (ප්‍රත්‍ය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසයකරන්නේය. කලෙක චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මයන්ගේ උත්පත්තියද කලෙක විනාශයද දක්නේ හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුව (සත්වපුද්ගල නොව) චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මයෝ ඇත්තාහ යන එළඹසිටි සිහිය ඇත්තේවෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහියගේ වැඩීමපිණිසද පවතී. (ඒ භික්ෂුව) කෙලෙසුන් කරණ කොට කිසිවක් ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්මවශයෙන්) නොගනී. මහණෙනි, මෙසේ භික්ෂුව (චතුරාර්‍ය්‍ය සත්‍ය) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
404
‘‘යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තවස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
‘‘තිට්ඨන්තු, භික්ඛවෙ, සත්තවස්සානි. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ වස්සානි...පෙ.... පඤ්ච වස්සානි... චත්තාරි වස්සානි... තීණි වස්සානි... ද්වෙ වස්සානි... එකං වස්සං... තිට්ඨතු, භික්ඛවෙ, එකං වස්සං. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තමාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
‘‘තිට්ඨන්තු , භික්ඛවෙ, සත්ත මාසානි. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ මාසානි...පෙ.... පඤ්ච මාසානි... චත්තාරි මාසානි... තීණි මාසානි ... ද්වෙ මාසානි... එකං මාසං... අඩ්ඪමාසං... තිට්ඨතු, භික්ඛවෙ, අඩ්ඪමාසො. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තාහං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
404
මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සත්වර්ෂයක් කල් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, පස් වසක් කල් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් බවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, තුන් අවුරුද්දක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමී ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, සත් මසක් කල් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන මේ දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, පස් මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සාරමසක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි වීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, තුන්මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතරසතිපට්ඨානයන් මාසදෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනාකරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, මාස දෙකක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් පසළොස් දිනක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිවීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය.)
405
‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානාති. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
405
මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුඃඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.
භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ මේ සතරසතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව මෙසේ දේශනා කොට වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව සතුටින් පිළිගත්හ.