ත්‍රිපිටකය
9. මහාසතිපට්ඨානසුත්තං 9. මහා සතිපට්ඨාන සූත්‍රය
372
එවං මෙ සුතං - එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසධම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භද්දන්තෙ’’ති (භදන්තෙති (සී. ස්‍යා. පී.)) තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
372
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාසදම්‍ය නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කළාහුය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනියි” කථා කළෝය. භික්ෂුහු “ස්වාමින් වහන්ස,”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළාහුය.
උද්දෙසො උද්දෙසො
කායානුපස්සනා ආනාපානපබ්බං කායානුපස්සනා ආනාපානපබ්බං
කායානුපස්සනා ඉරියාපථපබ්බං කායානුපස්සනා ඉරියාපථපබ්බං
කායානුපස්සනා සම්පජානපබ්බං කායානුපස්සනා සම්පජානපබ්බං
කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං
කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං
කායානුපස්සනා නවසිවථිකපබ්බං කායානුපස්සනා නවසිවථිකපබ්බං
වෙදනානුපස්සනා වේදනානුපස්සනා
චිත්තානුපස්සනා චිත්තානුපස්සනා
ධම්මානුපස්සනා නීවරණපබ්බං ධම්මානුපස්සනා නීවරණපබ්බං
ධම්මානුපස්සනා ඛන්ධපබ්බං ධම්මානුපස්සනා ඛන්ධපබ්බං
ධම්මානුපස්සනා ආයතනපබ්බං ධම්මානුපස්සනා ආයතනපබ්බං
ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං
385
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු. කථඤ්ච පන, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු? ඉධ, භික්ඛවෙ, භික්ඛු සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං වීරියසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස වීරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘සන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති , අසන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.
‘‘ඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති, සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති ‘අත්ථි ධම්මා’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු.
385
මහණෙනි, නැවතද භික්ෂුව සප්තබොද්ධ්‍යංග (අවබෝධයට හේතුවන අවයව හත) ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි, භික්ෂුව සත්වැදෑරුම් බොධ්‍යංග ධර්මයන් අනුව කෙසේ බලමින් වාසය කෙරේද?
[1] මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තමාතුළ ඇත්තාවූ හෝ සති සම්බොජ්ඣංගය, (සිහිය) මා තුළවූ සතිසම්බොජ්ඣංගය, ඇතැයි දැනගනී. තමාතුළ නැත්තාවූ හෝ සති සම්බොජ්ඣංගය මා තුළ සති සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් සතිසම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ සති සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
[2] තමා කෙරෙහි ඇත්තාවූ හෝ ධම්මවිචය (ප්‍රඥාව) සම්බොජ්ඣංගය, මාතුළ ධම්මවිචය සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ ධම්මවිචය සම්බොජ්ඣංගය, මාතුළ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
[3] තමා කෙරෙහි ඇත්තාවූ හෝ විරිය (වීර්යය) සම්බොජ්ඣංගය, මා තුළ විරිය සම්බොජ්ඣංගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ විරිය සම්බොජ්ඣංගය මාතුළ විරිය සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් විරියසම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ විරිය සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
[4] තමා කෙරෙහි ඇත්තාවූ පීති (ප්‍රිතිය) සම්බොජ්ඣඩ්ගය, හෝ මාතුළ පීති සම්බොජ්ඣඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පීති සම්බොජ්ඣඩ්ගය, මාතුළ පීති සම්බොජ්ඣඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් පීති සම්බොජ්ඣඩ්ගයාගේ ඉපදීමක් වේද, එයද දැන ගනී. යම් කරුණකින් උපන්නාවූ පීති සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
[5] තමා කෙරෙහි ඇත්තාවූ හෝ පස්සද්ධි (සංසිඳීම) සම්බොජ්ඣඩ්ගය මාතුළ පස්සද්ධි සම්බොජ්ඣඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පස්සද්ධි සම්බොජ්ඣඩ්ගය මා තුළ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් හෝ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
[6] තමා කෙරෙහි ඇත්තාවූ හෝ සමාධි (සිත එකඟ කිරීම) සම්බොජ්ඣඩ්ගය, මා තුළ සමාධි සම්බොජ්ඣඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ සමාධි සම්බොජ්ඣඩ්ගය, මා තුළ සමාධි සම්බොජ්ඣඩ්ගය නැතැයි දැන ගනී. යම් කරුණකින් නූපන්නාවූ සමාධි සම්බොජ්ඣඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ සමාධි සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
[7] තමා කෙරෙහි ඇත්තාවූ හෝ උපෙක්ඛා (මැදහත් බව) සම්බොජ්ඣඩ්ගය, මා තුළ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගය ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තාවූ හෝ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගය, මාතුළ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
මෙසේ තමා කෙරෙහි ඇත්තාවූ හෝ (සප්ත බොධ්‍යංග) ධර්මයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරයි. අනුන් පිළිබඳවූ (සප්තබොද්ධ්‍යංග) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කරයි. ඒ භික්ෂුවට (සත්ව පුද්ගල නොව) බොද්ධ්‍යංග ධර්මයෝ ඇතැයි යන සිහිය හොඳින් එළඹෙන ලද්දීය. (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. (ඒ භික්ෂුව) කෙලෙසුන්ගෙන් දුරුව වාසය කරයි. ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් ගැනීම නොකරයි. මහණෙනි, භික්ෂුව මෙසේ සප්ත බොද්ධ්‍යංග ධර්මයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරයි.
ධම්මානුපස්සනා සච්චපබ්බං ධම්මානුපස්සනා සච්චපබ්බං
404
‘‘යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තවස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
‘‘තිට්ඨන්තු, භික්ඛවෙ, සත්තවස්සානි. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ වස්සානි...පෙ.... පඤ්ච වස්සානි... චත්තාරි වස්සානි... තීණි වස්සානි... ද්වෙ වස්සානි... එකං වස්සං... තිට්ඨතු, භික්ඛවෙ, එකං වස්සං. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තමාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
‘‘තිට්ඨන්තු , භික්ඛවෙ, සත්ත මාසානි. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය ඡ මාසානි...පෙ.... පඤ්ච මාසානි... චත්තාරි මාසානි... තීණි මාසානි ... ද්වෙ මාසානි... එකං මාසං... අඩ්ඪමාසං... තිට්ඨතු, භික්ඛවෙ, අඩ්ඪමාසො. යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්තාහං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා; සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
404
මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම කැමතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සත්වර්ෂයක් කල් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම්, මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, පස් වසක් කල් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් බවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, තුන් අවුරුද්දක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමී ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, සත් මසක් කල් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන මේ දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය)
මහණෙනි, පස් මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, සාරමසක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි වීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, තුන්මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතරසතිපට්ඨානයන් මාසදෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනාකරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, මාස දෙකක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් පසළොස් දිනක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිවීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)
මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැතිවිය යුතුයි. (ලැබිය යුතුය.)
405
‘‘එකායනො අයං, භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානාති. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්ත’’න්ති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
405
මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුඃඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද යම් මේ සතර සතිපට්ඨාන ධර්මයෙක් ඇද්ද එය එකම මාර්ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.
භාග්‍යවත්වූ බුදුරජාණන්වහන්සේ මේ සතරසතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව මෙසේ දේශනා කොට වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කථාව සතුටින් පිළිගත්හ.