ත්‍රිපිටකය
8. සක්කපඤ්හසුත්තං 8. සක්කපඤ්හ සූත්‍රය
344
එවං මෙ සුතං - එකං සමයං භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. තෙන ඛො පන සමයෙන සක්කස්ස දෙවානමින්දස්ස උස්සුක්කං උදපාදි භගවන්තං දස්සනාය. අථ ඛො සක්කස්ස දෙවානමින්දස්ස එතදහොසි - ‘‘කහං නු ඛො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො’’ති? අද්දසා ඛො සක්කො දෙවානමින්දො භගවන්තං මගධෙසු විහරන්තං පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. දිස්වාන දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි - ‘‘අයං, මාරිසා, භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. යදි පන, මාරිසා, මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති? ‘‘එවං භද්දන්තවා’’ති ඛො දෙවා තාවතිංසා සක්කස්ස දෙවානමින්දස්ස පච්චස්සොසුං.
344
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය.
“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි.
මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු දුටුවේය. දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.
“නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරුදිගින් වෙදික නම් පර්වත සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන්වහන්සේ වැඩවෙසෙති. නිදුකාණෙනි අප අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.
345
අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං (ගන්ධබ්බපුත්තං (ස්‍යා.)) ආමන්තෙසි - ‘‘අයං, තාත පඤ්චසිඛ, භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. යදි පන , තාත පඤ්චසිඛ, මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති? ‘‘එවං භද්දන්තවා’’ති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා බෙලුවපණ්ඩුවීණං ආදාය සක්කස්ස දෙවානමින්දස්ස අනුචරියං උපාගමි.
345
එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිගින් අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහිවූ වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා, “පින්වතුන් වහන්ස, එසේයයි” සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු ලඟට පැමිණියේය.
346
අථ ඛො සක්කො දෙවානමින්දො දෙවෙහි තාවතිංසෙහි පරිවුතො පඤ්චසිඛෙන ගන්ධබ්බදෙවපුත්තෙන පුරක්ඛතො සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය; එවමෙව දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො මගධෙසු පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ පච්චුට්ඨාසි. තෙන ඛො පන සමයෙන වෙදියකො පබ්බතො අතිරිව ඔභාසජාතො හොති අම්බසණ්ඩා ච බ්‍රාහ්මණගාමො යථා තං දෙවානං දෙවානුභාවෙන. අපිස්සුදං පරිතො ගාමෙසු මනුස්සා එවමාහංසු - ‘‘ආදිත්තස්සු නාමජ්ජ වෙදියකො පබ්බතො ඣායතිසු (ඣායතස්සු (ස්‍යා.), පජ්ඣායිතස්සු (සී. පී.)) නාමජ්ජ වෙදියකො පබ්බතො ජලතිසු (ජලතස්සු (ස්‍යා.), ජලිතස්සු (සී. පී.)) නාමජ්ජ වෙදියකො පබ්බතො කිංසු නාමජ්ජ වෙදියකො පබ්බතො අතිරිව ඔභාසජාතො අම්බසණ්ඩා ච බ්‍රාහ්මණගාමො’’ති සංවිග්ගා ලොමහට්ඨජාතා අහෙසුං.
346
එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් යම්සේ දිග හරින්නේද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේද එපරිද්දෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගම වේද ඊට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.
එකල්හි වෙදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත්විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේකීහ “වෙදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් වැඩියක් හටගත් ආලෝක ඇත්තේ දැයි” සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.
347
අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං ආමන්තෙසි - ‘‘දුරුපසඞ්කමා ඛො, තාත පඤ්චසිඛ, තථාගතා මාදිසෙන, ඣායී ඣානරතා, තදන්තරං (තදනන්තරං (සී. ස්‍යා. පී. ක.)) පටිසල්ලීනා. යදි පන ත්වං, තාත පඤ්චසිඛ, භගවන්තං පඨමං පසාදෙය්‍යාසි, තයා, තාත, පඨමං පසාදිතං පච්ඡා මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති. ‘‘එවං භද්දන්තවා’’ති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා බෙලුවපණ්ඩුවීණං ආදාය යෙන ඉන්දසාලගුහා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ‘‘එත්තාවතා මෙ භගවා නෙව අතිදූරෙ භවිස්සති නාච්චාසන්නෙ, සද්දඤ්ච මෙ සොස්සතී’’ති එකමන්තං අට්ඨාසි.
347
එවිට සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව පංචසිඛය, ධ්‍යාන ඇත්තාවූ ධ්‍යානයෙහි ඇලුනාවූ, ඊටපසුව එකඟ කළ සිත් ඇත්තාවූ තථාගතයන් වහන්සේලා ලඟට මා වැන්නෙකු විසින් පැමිණීම පහසුනැත. දරුව පංචසිඛය තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? දරුව තොප විසින් පළමුව සතුටුකරන ලද්දාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම පිණිස යන්නෙමු.”
“පින්වතුන් වහන්ස, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රතෙම සක් දෙවිඳුගේ වචනය සතුටින් පිළිගෙන බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්‍රසාල ගුහාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිටියේය.
පඤ්චසිඛගීතගාථා පඤ්චසිඛගීතගාථා
සක්කූපසඞ්කම සක්කූපසඞ්කම
ගොපකවත්ථු ගොපකවත්ථු
353
‘‘ඉධෙව, භන්තෙ, කපිලවත්ථුස්මිං ගොපිකා නාම සක්‍යධීතා අහොසි බුද්ධෙ පසන්නා ධම්මෙ පසන්නා සඞ්ඝෙ පසන්නා සීලෙසු පරිපූරකාරිනී. සා ඉත්ථිත්තං (ඉත්ථිචිත්තං (ස්‍යා.)) විරාජෙත්වා පුරිසත්තං (පුරිසචිත්තං (ස්‍යා.)) භාවෙත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. දෙවානං තාවතිංසානං සහබ්‍යතං අම්හාකං පුත්තත්තං අජ්ඣුපගතා. තත්‍රපි නං එවං ජානන්ති - ‘ගොපකො දෙවපුත්තො, ගොපකො දෙවපුත්තො’ති. අඤ්ඤෙපි, භන්තෙ, තයො භික්ඛූ භගවති බ්‍රහ්මචරියං චරිත්වා හීනං ගන්ධබ්බකායං උපපන්නා. තෙ පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරයමානා අම්හාකං උපට්ඨානං ආගච්ඡන්ති අම්හාකං පාරිචරියං. තෙ අම්හාකං උපට්ඨානං ආගතෙ අම්හාකං පාරිචරියං ගොපකො දෙවපුත්තො පටිචොදෙසි - ‘කුතොමුඛා නාම තුම්හෙ , මාරිසා, තස්ස භගවතො ධම්මං අස්සුත්ථ (ආයුහිත්ථ (ස්‍යා.)) - අහඤ්හි නාම ඉත්ථිකා සමානා බුද්ධෙ පසන්නා ධම්මෙ පසන්නා සඞ්ඝෙ පසන්නා සීලෙසු පරිපූරකාරිනී ඉත්ථිත්තං විරාජෙත්වා පුරිසත්තං භාවෙත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා, දෙවානං තාවතිංසානං සහබ්‍යතං සක්කස්ස දෙවානමින්දස්ස පුත්තත්තං අජ්ඣුපගතා. ඉධාපි මං එවං ජානන්ති ‘‘ගොපකො දෙවපුත්තො ගොපකො දෙවපුත්තො’ති. තුම්හෙ පන, මාරිසා, භගවති බ්‍රහ්මචරියං චරිත්වා හීනං ගන්ධබ්බකායං උපපන්නා. දුද්දිට්ඨරූපං වත, භො, අද්දසාම, යෙ මයං අද්දසාම සහධම්මිකෙ හීනං ගන්ධබ්බකායං උපපන්නෙ’ති. තෙසං, භන්තෙ, ගොපකෙන දෙවපුත්තෙන පටිචොදිතානං ද්වෙ දෙවා දිට්ඨෙව ධම්මෙ සතිං පටිලභිංසු කායං බ්‍රහ්මපුරොහිතං, එකො පන දෙවො කාමෙ අජ්ඣාවසි.
353
“ස්වාමීනි, මේ කපිලවස්තු පුරයෙහිම බුදුන් කෙරෙහි පැහැදුනාවූද, ධර්මය කෙරෙහි පැහැදුනාවූද, සංඝයා කෙරෙහි පැහැදුනාවූද, සීලයන් සම්පූර්ණ කරන්නාවූද ගොපිකා නම් ශාක්‍ය දුවක් වූවාය. ඈ ස්ත්‍රීභාවය පිළිබඳ සිත පහකොට පුරුෂ්‍ය භාවය සම්බන්ධ සිත වඩා ශරීරය බිඳීමෙන්වූ මරණින් මතු සොභන ගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ ලෝකයෙහි (දෙව් ලොව) උපන්නීය. අපගේ පුත්‍ර බවට පැමිණ තව්තිසා වැසි දෙවියන් සහ එක්වීමට පැමිණියාය. එහිදීද, ඔහු ගොපක දිව්‍ය පුත්‍රයාය, ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්. ස්වාමීනි, වෙනත් භික්ෂූන් තුන් නමක්ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්‍ය්‍යාව) උසස් හැසිරීම කොට පහත්වූ ගන්ධර්ව කොටසක උපන්නාහුය. ඔවුහු පස්කම් සැප විඳින්නාහු, එයින් යුක්ත වූවාහු, එහි ඉන්ද්‍රියයන් හසුරුවන්නාහු අපගේ උපස්ථානයට පැමිණෙත්. අපගේ සේවය පිණිස පැමිණියාවූ ඔවුන්ට ගොපක දිව්‍ය පුත්‍රයා මෙසේ සිහි කෙරෙව්වේය ‘නිදුකාණනි, තොපි කවර ආකාරයකින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඇසුවාහුද?’ ‘මම වනාහි ස්ත්‍රියක්වම බුදුන් කෙරෙහි පැහැදී, ධර්මය කෙරෙහි පැහැදී, සංඝයා කෙරෙහි පැහැදී සීලයන් සම්පූර්ණ කොට ස්ත්‍රී භාවය සම්බන්ධවූ සිත දුරුකොට පිරිමි බව ගැන සිත වඩා ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි යහපත් ගති ඇත්තාවූ දෙව්ලොව ඉපදී සක්දෙවිඳුගේ පුත්‍ර බවට පැමිණ, තව්තිසා වැසි දෙවියන්ගේ එක්වීමට පැමිණියෙමි. මෙහිද මා ගොපක දිව්‍ය පුත්‍රයාය. ගොපක දිව්‍ය පුත්‍රයාය යන නමින් දැනගනිත්.
“නිදුකාණනි, තොපි වනාහි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි (බ්‍රහ්මචර්‍ය්‍යාව) උතුම් හැසිරීම කොට පහත්වූ ගන්ධර්ව නිකායට පැමිණියාහුය. ඒකාන්තයෙන් දැකීමට නුසුදුසු ආකාරයක් දුටුවෙමු. අපි යම් බඳුවූ පහත්වූ ගන්ධර්ව නිකායට පැමිණියාවූ සහ ධාර්මිකයන් (එකට හැසුරුණු අය) දුටුවෙමු නම් එයයි. ස්වාමීනි, ගොපක දිව්‍ය පුත්‍රයා විසින් සිහි කරවන ලද්දාවූ ඔවුන්ගෙන් දෙවිවරු දෙදෙනෙක් මේ ආත්මයේදීම (ධ්‍යානයෙන් යුත්) සිහිය හා බ්‍රහ්ම පුරෝහිත ශරීර ලැබූහ. එක් දෙවි කෙනෙක් ඒ කාමයන්හිම ගැලී විසුවේය
354
‘‘‘උපාසිකා චක්ඛුමතො අහොසිං,
නාමම්පි මය්හං අහු ‘ගොපිකා’ති;
බුද්ධෙ ච ධම්මෙ ච අභිප්පසන්නා,
සඞ්ඝඤ්චුපට්ඨාසිං පසන්නචිත්තා.
‘‘‘තස්සෙව බුද්ධස්ස සුධම්මතාය,
සක්කස්ස පුත්තොම්හි මහානුභාවො;
මහාජුතීකො තිදිවූපපන්නො,
ජානන්ති මං ඉධාපි ‘ගොපකො’ති.
‘‘‘අථද්දසං භික්ඛවො දිට්ඨපුබ්බෙ,
ගන්ධබ්බකායූපගතෙ වසීනෙ;
ඉමෙහි තෙ ගොතමසාවකාසෙ,
යෙ ච මයං පුබ්බෙ මනුස්සභූතා.
‘‘‘අන්නෙන පානෙන උපට්ඨහිම්හා,
පාදූපසඞ්ගය්හ සකෙ නිවෙසනෙ;
කුතොමුඛා නාම ඉමෙ භවන්තො,
බුද්ධස්ස ධම්මානි පටිග්ගහෙසුං (බුද්ධස්ස ධම්මං න පටිග්ගහෙසුං (ස්‍යා.)).
‘‘‘පච්චත්තං වෙදිතබ්බො හි ධම්මො,
සුදෙසිතො චක්ඛුමතානුබුද්ධො;
අහඤ්හි තුම්හෙව උපාසමානො,
සුත්වාන අරියාන සුභාසිතානි.
‘‘‘සක්කස්ස පුත්තොම්හි මහානුභාවො,
මහාජුතීකො තිදිවූපපන්නො;
තුම්හෙ පන සෙට්ඨමුපාසමානා,
අනුත්තරං බ්‍රහ්මචරියං චරිත්වා.
‘‘‘හීනං කායං උපපන්නා භවන්තො,
අනානුලොමා භවතූපපත්ති;
දුද්දිට්ඨරූපං වත අද්දසාම,
සහධම්මිකෙ හීනකායූපපන්නෙ.
‘‘‘ගන්ධබ්බකායූපගතා භවන්තො,
දෙවානමාගච්ඡථ පාරිචරියං;
අගාරෙ වසතො මය්හං,
ඉමං පස්ස විසෙසතං.
‘‘‘ඉත්ථී හුත්වා ස්වජ්ජ පුමොම්හි දෙවො,
දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො’;
තෙ චොදිතා ගොතමසාවකෙන,
සංවෙගමාපාදු සමෙච්ච ගොපකං.
‘‘‘හන්ද වියායාම (විගායාම (ස්‍යා.), විතායාම (පී.)) බ්‍යායාම (වියායමාම (සී. පී.)),
මා නො මයං පරපෙස්සා අහුම්හා’;
තෙසං දුවෙ වීරියමාරභිංසු,
අනුස්සරං ගොතමසාසනානි.
‘‘ඉධෙව චිත්තානි විරාජයිත්වා,
කාමෙසු ආදීනවමද්දසංසු;
තෙ කාමසංයොජනබන්ධනානි,
පාපිමයොගානි දුරච්චයානි.
‘‘නාගොව සන්නානි ගුණානි (සන්දානගුණානි (සී. පී.), සන්තානි ගුණානි (ස්‍යා.)) ඡෙත්වා,
දෙවෙ තාවතිංසෙ අතික්කමිංසු;
සඉන්දා දෙවා සපජාපතිකා,
සබ්බෙ සුධම්මාය සභායුපවිට්ඨා.
‘‘තෙසං නිසින්නානං අභික්කමිංසු,
වීරා විරාගා විරජං කරොන්තා;
තෙ දිස්වා සංවෙගමකාසි වාසවො,
දෙවාභිභූ දෙවගණස්ස මජ්ඣෙ.
‘‘‘ඉමෙහි තෙ හීනකායූපපන්නා,
දෙවෙ තාවතිංසෙ අභික්කමන්ති’;
සංවෙගජාතස්ස වචො නිසම්ම,
සො ගොපකො වාසවමජ්ඣභාසි.
‘‘‘බුද්ධො ජනින්දත්ථි මනුස්සලොකෙ,
කාමාභිභූ සක්‍යමුනීති ඤායති;
තස්සෙව තෙ පුත්තා සතියා විහීනා,
චොදිතා මයා තෙ සතිමජ්ඣලත්ථුං.
‘‘‘තිණ්ණං තෙසං ආවසිනෙත්ථ (අවසීනෙත්ථ (පී.)) එකො,
ගන්ධබ්බකායූපගතො වසීනො;
ද්වෙ ච සම්බොධිපථානුසාරිනො,
දෙවෙපි හීළෙන්ති සමාහිතත්තා.
‘‘‘එතාදිසී ධම්මප්පකාසනෙත්ථ,
න තත්ථ කිංකඞ්ඛති කොචි සාවකො;
නිතිණ්ණඔඝං විචිකිච්ඡඡින්නං,
බුද්ධං නමස්සාම ජිනං ජනින්දං’.
‘‘යං තෙ ධම්මං ඉධඤ්ඤාය,
විසෙසං අජ්ඣගංසු (අජ්ඣගමංසු (ස්‍යා.)) තෙ;
කායං බ්‍රහ්මපුරොහිතං,
දුවෙ තෙසං විසෙසගූ.
‘‘තස්ස ධම්මස්ස පත්තියා,
ආගතම්හාසි මාරිස;
කතාවකාසා භගවතා,
පඤ්හං පුච්ඡෙමු මාරිසා’’ති.
354
“මම පසැස් ඇත්තාවූ බුදුන් වහන්සේගේ උපාසිකාවක්වීමි. මට ගොපිකා යන නමක්ද විය. බුදුන් කෙරෙහිද, ධර්මය කෙරෙහිද විශේෂයෙන් පැහැදී, පැහැදුනු සිතින් සංඝයාට උපස්ථාන කෙළෙමි.
“ඒ බුදුන්ගේම ධර්මයේ යහපත් කමින් මහත් ආනුභාව ඇත්තාවූ, මහත් ආලෝක ඇත්තාවූ දිව්‍ය ලෝකයෙහි උපන්නාවූ මම ශක්‍රයාගේ පුත්‍රයෙක් වීමි. මෙහිදී මා ගොපක දිව්‍ය පුත්‍රයායයිද (නමින්) දැන ගනිත්.
“එකල්හි මම, ගන්ධර්ව නිකායට වාසය පිණිස ආවාවූ පෙර දක්නා ලද්දාවූ භික්ෂූන් දුටුවෙමි. පෙර මනුෂ්‍යවූ ගෞතම ශ්‍රාවකවූ, අපි යම්බඳුවූ ඒ භික්ෂූන්ට පය සේදීම් ආදියෙන් සංග්‍රහකොට ආහාරයෙන් හා පානවලින්ද උපස්ථාන කෙළෙමුද, මේ පින්වත්හු කවර නම් කරුණකින් බුද්ධ ධර්මය නොපිළි ගත්තාහුද?
“පසැස් ඇත්තාවූ බුදුරදුන් විසින් අවබෝධ කරන ලද්දාවූ, දේශනා කරන ලද්දාවූ ධර්මය වනාහි තමාගේ දැකීමෙන්ම දතයුත්තේ වේ. මමද තෙපිද ඒ උත්තමයන්ගේ යහපත් වචනයන් අසා බුදුන් (උපාසනය) ආශ්‍රය කරන්නෝවීමු.
“(මම) මහත් ආනුභාව ඇති, මහත් කාන්ති ඇති, දිව්‍ය ලෝකයෙහි උපන්නාවූ ශක්‍රයාගේ පුත්‍රයෙක් වෙමි. පින්වත්නි, තෙපි වනාහි ශ්‍රේෂ්ඨවූ බුදුන් ආශ්‍රයකරමින් ඉතා උතුම් ශාසනයෙහි උතුම් හැසිරීම් (බඹසර) කොට ලාමකවූ තැනක උපන්නාහුය පින්වතුන්ගේ උත්පත්තිය සුදුසු නොවේ. පහත් තැනක උපන්නාවූ සහ ධාර්මිකයන් (එකට කටයුතුකළ අය) දැකීමට සුදුසු නැති ආකාරයකින් දුටුවෙමු.
“තෙපි ගන්ධර්ව නිකායට පැමිණියාහු දෙවියන්ගේ දාස බවට පැමිණියාහුය, ගිහිගෙයිම විසුවාවූ මාගේ මේ වෙනස බලව.
“ඒ මම ස්ත්‍රියක්වී අද දිව්‍යකාමයන්ගෙන් යුක්තවූ දිව්‍ය පුරුෂයෙක් වෙමි. ගෞතම ශ්‍රාවකවූ මා විසින් සිහි කරවන ලද්දාවූ ඔවුහු ගොපක දිව්‍ය පුත්‍රවූ මා වෙත පැමිණ සංවෙගයට පැමිණියාහුය. දැන් අපි උසස් බවට යමු උත්සාහ කරමු. අනුන්ගේ පණිවිඩ කාරයෝ නොවෙමු.
“ඔවුන්ගෙන් දෙදෙනෙක් වීර්‍ය්‍ය කිරීමට පටන් ගත්තාහුය. ගෞතමයන් වහන්සේගේ අනුශාසනයන් සිහි කරන්නෝවූහ. ඔවුහු මෙහිදීම සිත් නොඅලවා පංචකාමයන්ගේ දොස් දැක්කාහුය. පාපීවූ මාරයාගේ යෙදුම්වූ දුකසේ පහ කළ යුත්තාවූ කාම සංයෝජනයන් හා කාම බැඳුම් සිඳදැමීම වශයෙන් දැක්කාහුය.
“දම්වැල් කඩාගන ගිය ඇතෙක් මෙන් තවුතිසා වැසි දෙවියන් ඉක්මවූහ. ඉන්ද්‍රයා (ශක්‍රයා) සහිත දෙවියෝද ප්‍රජාපතී සහිත දෙවියෝද යන සියල්ලෝම සුධර්මා නම් දිව්‍ය සභාවෙහි උන්නාහුය.
“එකට උන්නාවූ ඔවුන් අතරින් අනාගාමි මාර්ගය උපද වන්නාවූ දක්ෂවූ රාගය නැති කළාවූ ඔවුහු, ඔවුන් (එකට උන් අනික් දෙවියන්) ඉක්ම වූහ. දෙවියන් මැඩ පවත්නාවූ ශක්‍රයා ඔවුන් දැක දෙවි සමූහයා මැද සංවේගයක් ඇති කෙළේය.
“හීන නිකායකට පැමිණි ඒ මොව්හු තව්තිසා වැසි දෙවියන් ඉක්මවත්යයි හටගත් සංවේග ඇති ශක්‍රයාගේ වචනය අසා ගොපක දිව්‍ය පුත්‍රයා ශක්‍රයාට (මෙසේ) කීයේය”
“දෙවෙන්ද්‍රය, මනුෂ්‍ය ලෝකයෙහි බුදු කෙනෙක් ඇත. කාමයන් මැඩපැවැත්තුවාවූ ශාක්‍ය මුනියයි ප්‍රසිද්ධවේ. මොව්හු උන්වහන්සේගේ පුත්‍රයෝ වෙත්. (ධ්‍යානගත) සිහියෙන් වෙන්ව චුතවූ ඔවුහු මා විසින් නැවතත් සිහිය උපදවනු ලැබූහ.
“ඔවුන් අතුරින් ගන්ධර්ව නිකායට පැමිණි එක්කෙනෙක් මෙහි වාසයට පත්විය. (කෙලෙස්) වසඟ කළාවූ අනාගාමි මාර්ගයට අනුවවූ සමාධි ගත සිත් දෙදෙනෙක්ම දෙවියන් යටත් කෙරෙත්.
“මේ ශාසනයෙහි මෙබඳුවූ ධර්ම ප්‍රකාශවේ. එහි කිසියම් ශ්‍රාවකයෙක් කුමකටවත් සැක නොකෙරේ කාම ආදි ගංගාවලින් එතරවූ සැකය සිඳින ලද්දාවූ, පංචමාරයන් ජයගත්තාවූ බුදුරජාණන් වහන්සේ වඳිමු
“මෙහි ඔබ වහන්සේගේ යම් ධර්මයක් දැන, ඔවුන් අතරින් විශේෂයකට පැමිණි ඒ දෙදෙනෙක් බ්‍රහ්ම පුරෝහිත බඹ ලොවට පැමිණ මාර්ගඵල විශේෂයක් අවබෝධ කළාහුද,
“නිදුකාණන් වහන්ස, ඒ ධර්මයට පැමිණීම පිණිස ආවෙමු නිදුකාණන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් අවසර දෙන ලද්දාවූ අපි ප්‍රශ්න අසන්නෙමුයි” කීය.
355
අථ ඛො භගවතො එතදහොසි - ‘‘දීඝරත්තං විසුද්ධො ඛො අයං යක්ඛො (සක්කො (සී. ස්‍යා. පී.)), යං කිඤ්චි මං පඤ්හං පුච්ඡිස්සති, සබ්බං තං අත්ථසඤ්හිතංයෙව පුච්ඡිස්සති, නො අනත්ථසඤ්හිතං. යඤ්චස්සාහං පුට්ඨො බ්‍යාකරිස්සාමි, තං ඛිප්පමෙව ආජානිස්සතී’’ති.
355
එවිට භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. ‘මේ ශක්‍රයා බොහෝ කලක් මුලුල්ලේම පිරිසිදුය. යම් කිසි ප්‍රශ්නයක් මගෙන් අසන්නේද, ඒ සියල්ල වැඩ ඇතිවම අසන්නේය. වැඩකට නැතිව නොඅසන්නේය. මගෙන් ඇසූ යමක් මම පහදා දෙන්නෙම්ද, එය වහාම දැනගන්නේය’ කියායි.
356
අථ ඛො භගවා සක්කං දෙවානමින්දං ගාථාය අජ්ඣභාසි -
‘‘පුච්ඡ වාසව මං පඤ්හං, යං කිඤ්චි මනසිච්ඡසි;
තස්ස තස්සෙව පඤ්හස්ස, අහං අන්තං කරොමි තෙ’’ති.
356
නැවත භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජුට ගාථාවකින් මෙසේ වදාළහ.
“ශක්‍රය, මගෙන් ප්‍රශ්න අසව. තට යම් කිසිවක් කැමති නම්, තාගේ ඒ ඒ ප්‍රශ්න මම කෙළවර කරමි” යි කියායි.
357
කතාවකාසො සක්කො දෙවානමින්දො භගවතා ඉමං භගවන්තං (දෙවානමින්දො භගවන්තං ඉමං (සී. පී.)) පඨමං පඤ්හං අපුච්ඡි -
‘‘කිං සංයොජනා නු ඛො, මාරිස, දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා යෙ චඤ්ඤෙ සන්ති පුථුකායා, තෙ - ‘අවෙරා අදණ්ඩා අසපත්තා අබ්‍යාපජ්ජා විහරෙමු අවෙරිනො’ති ඉති ච නෙසං හොති, අථ ච පන සවෙරා සදණ්ඩා සසපත්තා සබ්‍යාපජ්ජා විහරන්ති සවෙරිනො’’ති? ඉත්ථං සක්කො දෙවානමින්දො භගවන්තං පඤ්හං (ඉමං පඨමං පඤ්හං (සී. පී.)) අපුච්ඡි. තස්ස භගවා පඤ්හං පුට්ඨො බ්‍යාකාසි -
‘‘ඉස්සාමච්ඡරියසංයොජනා ඛො, දෙවානමින්ද, දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා යෙ චඤ්ඤෙ සන්ති පුථුකායා, තෙ - ‘අවෙරා අදණ්ඩා අසපත්තා අබ්‍යාපජ්ජා විහරෙමු අවෙරිනො’ති ඉති ච නෙසං හොති, අථ ච පන සවෙරා සදණ්ඩා සසපත්තා සබ්‍යාපජ්ජා විහරන්ති සවෙරිනො’’ති. ඉත්ථං භගවා සක්කස්ස දෙවානමින්දස්ස පඤ්හං පුට්ඨො බ්‍යාකාසි. අත්තමනො සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දි අනුමොදි - ‘‘එවමෙතං, භගවා, එවමෙතං, සුගත. තිණ්ණා මෙත්ථ කඞ්ඛා විගතා කථංකථා භගවතො පඤ්හවෙය්‍යාකරණං සුත්වා’’ති.
357
කරණ ලද අවකාශ ඇති ශක්‍ර දෙවෙන්ද්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ පළමුවැනි ප්‍රශ්නය ඇසුවේය. ‘නිදුකාණන් වහන්ස, මනුෂ්‍යයෝද අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද, මෙයින් අන්‍යවූ බොහෝ ජනයෝ වෙත් නම් ඔව්හුද ක්‍රොධ නැත්තාහු දඬුවම් නැත්තාහු සතුරන් නැත්තාහු සතුටු සිත් ඇත්තාහු ‘අපි අවෛරීව වසන්නෙමුයි’ ඔවුන්ගේ ප්‍රාර්ථනාවක් වේද, ඒ ඇති කල්හිත් ඔව්හු ක්‍රොධ සහිත වූවාහු දඬුවම් සහිතවූවාහු, සතුරන් සහිතවූවාහු, සිත් අසතුටු සහිතවූවාහු වෛර ඇත්තෝව වසති. ඒ කිනම් බැඳීමකින් බැඳීම නිසාද?” මෙසේ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් පළමුවෙනි ප්‍රශ්නය ඇසුවේය. ප්‍රශ්න අසන ලද්දාවූ භාග්‍යවතුන් වහන්සේ ඕහට මෙය ප්‍රකාශ කළෝය. “දෙවෙන්ද්‍රය, ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍ය (අනුන්ගේ සම්පත් නොඉවසීම, තම සම්පත් සැඟවීම) යන බැඳුම්වලින් බැඳීම හේතුකොට ගෙන දෙවියෝද, මනුෂ්‍යයෝද, අසුරයෝද, නාගයෝද, ගන්ධර්වයෝද, මෙයින් අන්‍යවූ බොහෝ ජනයෝ වෙත් නම් ඔව්හුද ක්‍රොධ නැත්තාහු දණ්ඩන නැත්තාහු සතුරන් නැත්තාහු අසතුටු සිත් රහිතවූවාහු අපි අවෛරීව වසන්නෙමුයයි ඔවුන්ගේ ප්‍රාර්ථනාවක්වේද, එතකුදු වුවත් ඔව්හු ක්‍රොධ ඇත්තාහු දඬුවම් ඇත්තාහු සතුරන් ඇත්තාහු අසතුටු සිත් ඇත්තාහු වෛර ඇත්තෝව වෙසෙත්යයි’ ශක්‍ර දෙවෙන්ද්‍රයා විසින් අසන ලද්දාවූ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළෝය. සතුටු සිත් ඇති ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්තේය, අනුමෝදන් විය. “භාග්‍යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම් ඇසීමෙන් මෙහි ‘කෙසේ කෙසේදැයි’ පැවති සැකය නැති විය. මාගේ සැකය දුරින්ම දුරු විය.”
358
ඉතිහ සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං (උත්තරිං (සී. ස්‍යා. පී.)) පඤ්හං අපුච්ඡි -
‘‘ඉස්සාමච්ඡරියං පන, මාරිස, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං; කිස්මිං සති ඉස්සාමච්ඡරියං හොති; කිස්මිං අසති ඉස්සාමච්ඡරියං න හොතී’’ති? ‘‘ඉස්සාමච්ඡරියං ඛො, දෙවානමින්ද, පියාප්පියනිදානං පියාප්පියසමුදයං පියාප්පියජාතිකං පියාප්පියපභවං; පියාප්පියෙ සති ඉස්සාමච්ඡරියං හොති, පියාප්පියෙ අසති ඉස්සාමච්ඡරියං න හොතී’’ති.
‘‘පියාප්පියං ඛො පන, මාරිස, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං; කිස්මිං සති පියාප්පියං හොති; කිස්මිං අසති පියාප්පියං න හොතී’’ති? ‘‘පියාප්පියං ඛො, දෙවානමින්ද, ඡන්දනිදානං ඡන්දසමුදයං ඡන්දජාතිකං ඡන්දපභවං; ඡන්දෙ සති පියාප්පියං හොති; ඡන්දෙ අසති පියාප්පියං න හොතී’’ති.
‘‘ඡන්දො ඛො පන, මාරිස, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො; කිස්මිං සති ඡන්දො හොති; කිස්මිං අසති ඡන්දො න හොතී’’ති? ‘‘ඡන්දො ඛො, දෙවානමින්ද, විතක්කනිදානො විතක්කසමුදයො විතක්කජාතිකො විතක්කපභවො; විතක්කෙ සති ඡන්දො හොති; විතක්කෙ අසති ඡන්දො න හොතී’’ති.
‘‘විතක්කො ඛො පන, මාරිස, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො; කිස්මිං සති විතක්කො හොති; කිස්මිං අසති විතක්කො න හොතී’’ති? ‘‘විතක්කො ඛො, දෙවානමින්ද, පපඤ්චසඤ්ඤාසඞ්ඛානිදානො පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදයො පපඤ්චසඤ්ඤාසඞ්ඛාජාතිකො පපඤ්චසඤ්ඤාසඞ්ඛාපභවො; පපඤ්චසඤ්ඤාසඞ්ඛාය සති විතක්කො හොති; පපඤ්චසඤ්ඤාසඞ්ඛාය අසති විතක්කො න හොතී’’ති.
‘‘කථං පටිපන්නො පන, මාරිස, භික්ඛු පපඤ්චසඤ්ඤාසඞ්ඛානිරොධසාරුප්පගාමිනිං පටිපදං පටිපන්නො හොතී’’ති?
358
මෙසේ ශක්‍ර දෙවෙන්ද්‍ර තෙමේ භාග්‍යවතුන්වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව භාග්‍යවතුන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය. “නිදුකාණන් වහන්ස, අනුන්ගේ සැප නොඉවසීම හා තම සැප සැඟවීම යන දෙක කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම වේද? කුමක් නැති කල අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම නොවේදැයි” කීවාය.
“දෙවෙන්ද්‍රය, අන් සැප නොඉවසීම හා තම සැප සැඟවීම යනු දෙක, ප්‍රියවූදේද, අප්‍රියවූ දේද, මූලකාරණාකොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය දේ හේතුවකොට ඇත්තේය. ප්‍රිය අප්‍රියදේ ජාතිකොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය දේ ඉපදීමකොට ඇත්තේය. ප්‍රිය අප්‍රිය දේ ඇති කල්හිම ඊර්‍ෂාව හා මාත්සර්‍ය්‍යය වන්නේය. ප්‍රිය අප්‍රිය නැති කල්හි ඊර්ෂ්‍යාව හා මසුරු බව නොවේයයි” කීවෝය.
“නිදුකාණන් වහන්ස, ප්‍රිය අප්‍රිය දෙක වනාහි කුමක් නිදානකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ඉපදීමකොට ඇත්තේද? කුමක් ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක වේද? කුමක් නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේදැයි” ඇසීය.
“දෙවෙන්ද්‍රය, ප්‍රිය අප්‍රිය දෙක වනාහි ආසාව මුල්කොට ඇත්තේය. ආසාව හේතුකොට ඇත්තේය ආසාව ජාති කොට ඇත්තේය ආසාව ඉපදීමකොට ඇත්තේය. ආසාව ඇති කල්හි ප්‍රිය අප්‍රිය දෙක ඇතිවේ. ආසාව නැති කල්හි ප්‍රිය අප්‍රිය දෙක නොවේයයි” කීවෝය.
“නිදුකාණන් වහන්ස, ආසාව වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් ජාති කොට ඇත්තේද? කුමක් ඉපදීම කොට ඇත්තේද? කුමක් ඇති කල්හි ආසාව වේද? කුමක් නැති කල්හි ආසාව නොවේදැයි’ ඇසුවේය. “දෙවෙන්ද්‍රය, ආසාව වනාහි හිතින් පරීක්ෂාකර බැලීම මුල්කොට ඇත්තේය සිතින් පරීක්ෂා කර බැලීම හේතුකොට ඇත්තේය. හිතින් පරීක්ෂාකර බැලීම ජාතිකොට ඇත්තේය. හිතින් පරීක්ෂාකරබැලීම ඉපදීම කොට ඇත්තේය. හිතින් පරීක්ෂාකර බැලීම ඇතිකල්හි ආසාව වේ, පරීක්ෂාකිරීම නැති කල්හි ආසාව නොවේය”යි කීවාහුය.
“නිදුකාණන් වහන්ස, හිතින් පරීක්ෂාකර බැලීම වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුවකොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ඉපදීමකොට ඇත්තේද? කුමක් ඇති කල්හි පරීක්ෂා කිරීම වේද? කුමක් නැති කල්හි සිතින් පරීක්ෂාකර බැලීම නොවේදැයි” ඇසුවේය.
“දෙවෙන්ද්‍රය, සිතින් විනිශ්චය කිරීම වනාහි ප්‍රමාදයට හේතුව ආශාව හා එක්ව යෙදුණ හැඟීම් මුල් කොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ජාතිකොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඉපදීමකොට ඇත්තේය. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් ඇතිකල්හි පරීක්ෂාකිරීම වේ. ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්ව යෙදුණ හැඟීම් නැති කල්හි පරීක්ෂාකිරීම නොවේය” යි වදාළෝය.
“නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපදින්නාවූ භික්ෂු තෙමේ ප්‍රමාදයට හේතුවූ ආශාව හා එක්වයෙදුණ හැඟීම් දුරු කිරීමට සුදුසුවූ මාර්ගයෙහි පිළිපදින්නේ වේදැ”යි ඇසුවේය.
වෙදනාකම්මට්ඨානං වේදනාකම්මට්ඨානං
පාතිමොක්ඛසංවරො පාතිමොක්ඛසංවරො
ඉන්ද්‍රියසංවරො ඉන්ද්‍රියසංවරො
සොමනස්සපටිලාභකථා සොමනස්සපටිලාභකථා