ත්‍රිපිටකය
8. සක්කපඤ්හසුත්තං 8. සක්කපඤ්හ සූත්‍රය
344
එවං මෙ සුතං - එකං සමයං භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. තෙන ඛො පන සමයෙන සක්කස්ස දෙවානමින්දස්ස උස්සුක්කං උදපාදි භගවන්තං දස්සනාය. අථ ඛො සක්කස්ස දෙවානමින්දස්ස එතදහොසි - ‘‘කහං නු ඛො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො’’ති? අද්දසා ඛො සක්කො දෙවානමින්දො භගවන්තං මගධෙසු විහරන්තං පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. දිස්වාන දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි - ‘‘අයං, මාරිසා, භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. යදි පන, මාරිසා, මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති? ‘‘එවං භද්දන්තවා’’ති ඛො දෙවා තාවතිංසා සක්කස්ස දෙවානමින්දස්ස පච්චස්සොසුං.
344
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය.
“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි.
මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු දුටුවේය. දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.
“නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරුදිගින් වෙදික නම් පර්වත සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන්වහන්සේ වැඩවෙසෙති. නිදුකාණෙනි අප අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.
345
අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං (ගන්ධබ්බපුත්තං (ස්‍යා.)) ආමන්තෙසි - ‘‘අයං, තාත පඤ්චසිඛ, භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. යදි පන , තාත පඤ්චසිඛ, මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති? ‘‘එවං භද්දන්තවා’’ති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා බෙලුවපණ්ඩුවීණං ආදාය සක්කස්ස දෙවානමින්දස්ස අනුචරියං උපාගමි.
345
එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට නැගෙනහිර දිගින් අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහිවූ වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා, “පින්වතුන් වහන්ස, එසේයයි” සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු ලඟට පැමිණියේය.
346
අථ ඛො සක්කො දෙවානමින්දො දෙවෙහි තාවතිංසෙහි පරිවුතො පඤ්චසිඛෙන ගන්ධබ්බදෙවපුත්තෙන පුරක්ඛතො සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය; එවමෙව දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො මගධෙසු පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ පච්චුට්ඨාසි. තෙන ඛො පන සමයෙන වෙදියකො පබ්බතො අතිරිව ඔභාසජාතො හොති අම්බසණ්ඩා ච බ්‍රාහ්මණගාමො යථා තං දෙවානං දෙවානුභාවෙන. අපිස්සුදං පරිතො ගාමෙසු මනුස්සා එවමාහංසු - ‘‘ආදිත්තස්සු නාමජ්ජ වෙදියකො පබ්බතො ඣායතිසු (ඣායතස්සු (ස්‍යා.), පජ්ඣායිතස්සු (සී. පී.)) නාමජ්ජ වෙදියකො පබ්බතො ජලතිසු (ජලතස්සු (ස්‍යා.), ජලිතස්සු (සී. පී.)) නාමජ්ජ වෙදියකො පබ්බතො කිංසු නාමජ්ජ වෙදියකො පබ්බතො අතිරිව ඔභාසජාතො අම්බසණ්ඩා ච බ්‍රාහ්මණගාමො’’ති සංවිග්ගා ලොමහට්ඨජාතා අහෙසුං.
346
එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් යම්සේ දිග හරින්නේද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේද එපරිද්දෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගම වේද ඊට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.
එකල්හි වෙදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත්විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේකීහ “වෙදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් වැඩියක් හටගත් ආලෝක ඇත්තේ දැයි” සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.
347
අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං ආමන්තෙසි - ‘‘දුරුපසඞ්කමා ඛො, තාත පඤ්චසිඛ, තථාගතා මාදිසෙන, ඣායී ඣානරතා, තදන්තරං (තදනන්තරං (සී. ස්‍යා. පී. ක.)) පටිසල්ලීනා. යදි පන ත්වං, තාත පඤ්චසිඛ, භගවන්තං පඨමං පසාදෙය්‍යාසි, තයා, තාත, පඨමං පසාදිතං පච්ඡා මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්‍යාම අරහන්තං සම්මාසම්බුද්ධ’’න්ති. ‘‘එවං භද්දන්තවා’’ති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා බෙලුවපණ්ඩුවීණං ආදාය යෙන ඉන්දසාලගුහා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ‘‘එත්තාවතා මෙ භගවා නෙව අතිදූරෙ භවිස්සති නාච්චාසන්නෙ, සද්දඤ්ච මෙ සොස්සතී’’ති එකමන්තං අට්ඨාසි.
347
එවිට සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව පංචසිඛය, ධ්‍යාන ඇත්තාවූ ධ්‍යානයෙහි ඇලුනාවූ, ඊටපසුව එකඟ කළ සිත් ඇත්තාවූ තථාගතයන් වහන්සේලා ලඟට මා වැන්නෙකු විසින් පැමිණීම පහසුනැත. දරුව පංචසිඛය තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? දරුව තොප විසින් පළමුව සතුටුකරන ලද්දාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම පිණිස යන්නෙමු.”
“පින්වතුන් වහන්ස, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රතෙම සක් දෙවිඳුගේ වචනය සතුටින් පිළිගෙන බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්‍රසාල ගුහාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිටියේය.
පඤ්චසිඛගීතගාථා පඤ්චසිඛගීතගාථා
348
එකමන්තං ඨිතො ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො බෙලුවපණ්ඩුවීණං (වෙළුවපණ්ඩුවීණං ආදාය (ස්‍යා.)) අස්සාවෙසි, ඉමා ච ගාථා අභාසි බුද්ධූපසඤ්හිතා ධම්මූපසඤ්හිතා සඞ්ඝූපසඤ්හිතා අරහන්තූපසඤ්හිතා කාමූපසඤ්හිතා -
‘‘වන්දෙ තෙ පිතරං භද්දෙ, තිම්බරුං සූරියවච්ඡසෙ;
යෙන ජාතාසි කල්‍යාණී, ආනන්දජනනී මම.
‘‘වාතොව සෙදතං කන්තො, පානීයංව පිපාසතො;
අඞ්ගීරසි පියාමෙසි, ධම්මො අරහතාමිව.
‘‘ආතුරස්සෙව භෙසජ්ජං, භොජනංව ජිඝච්ඡතො;
පරිනිබ්බාපය මං භද්දෙ, ජලන්තමිව වාරිනා.
‘‘සීතොදකං පොක්ඛරණිං, යුත්තං කිඤ්ජක්ඛරෙණුනා;
නාගො ඝම්මාභිතත්තොව, ඔගාහෙ තෙ ථනූදරං.
‘‘අච්චඞ්කුසොව නාගොව, ජිතං මෙ තුත්තතොමරං;
කාරණං නප්පජානාමි, සම්මත්තො ලක්ඛණූරුයා.
‘‘තයි ගෙධිතචිත්තොස්මි, චිත්තං විපරිණාමිතං;
පටිගන්තුං න සක්කොමි, වඞ්කඝස්තොව අම්බුජො.
‘‘වාමූරු සජ මං භද්දෙ, සජ මං මන්දලොචනෙ;
පලිස්සජ මං කල්‍යාණි, එතං මෙ අභිපත්ථිතං.
‘‘අප්පකො වත මෙ සන්තො, කාමො වෙල්ලිතකෙසියා;
අනෙකභාවො සමුප්පාදි, අරහන්තෙව දක්ඛිණා.
‘‘යං මෙ අත්ථි කතං පුඤ්ඤං, අරහන්තෙසු තාදිසු;
තං මෙ සබ්බඞ්ගකල්‍යාණි, තයා සද්ධිං විපච්චතං.
‘‘යං මෙ අත්ථි කතං පුඤ්ඤං, අස්මිං පථවිමණ්ඩලෙ;
තං මෙ සබ්බඞ්ගකල්‍යාණි, තයා සද්ධිං විපච්චතං.
‘‘සක්‍යපුත්තොව ඣානෙන, එකොදි නිපකො සතො;
අමතං මුනි ජිගීසානො (ජිගිංසානො (සී. ස්‍යා. පී.)), තමහං සූරියවච්ඡසෙ.
‘‘යථාපි මුනි නන්දෙය්‍ය, පත්වා සම්බොධිමුත්තමං;
එවං නන්දෙය්‍යං කල්‍යාණි, මිස්සීභාවං ගතො තයා.
‘‘සක්කො චෙ මෙ වරං දජ්ජා, තාවතිංසානමිස්සරො;
තාහං භද්දෙ වරෙය්‍යාහෙ, එවං කාමො දළ්හො මම.
‘‘සාලංව න චිරං ඵුල්ලං, පිතරං තෙ සුමෙධසෙ;
වන්දමානො නමස්සාමි, යස්සා සෙතාදිසී පජා’’ති.
348
එක පැත්තක සිටියාවූ පංචසිඛ නම් ගාන්ධර්ව පුත්‍ර තෙම බෙලුවපණ්ඩු වීණාව වාදනය කළේය. බුදු ගුණ සහිතවූද, දහම් ගුණ සහිතවූද, සඟ ගුණ සහිතවූද, කාම ගුණ සහිතවූද, මේ ගාථාවන්ද කීයේය.
“ශොභමානවූ මට සතුටු උපදවන්නාවූ තරුණ සූරියවච්ඡසාවෙනි, යමෙක් නිසා තී උපන්නී නම් ‘තිම්බරු’ නම්වූ ඒ තිගේ පියාට වඳිමි.”
“වෙහෙසවූවකුට (ඩාදිය ඇත්තෙකුට) සිත් සතුටු කරන්නාවූ සුලඟක්මෙන්ද, තිබහඇත්තෙකුට බොන වතුරක්මෙන්ද, රහතුන්ට ධර්මය මෙන්ද, ලෙඩවූවෙකුට බෙහෙතක් මෙන්ද, බඩගිනි ඇත්තෙකුට ආහාරයක්මෙන්ද, එම්බා ශරීරකාන්තිය ඇත්තිය, තී මට ප්‍රිය වෙහිය. එම්බා සුන්දරිය, ඇවිලෙන ගින්නක් ජලයෙන් නිවන්නාක් මෙන් (මගේ ආසාව නමැති දැවිල්ල) නිවා දමව.
“ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ඇතෙක් පියුම් රේණු වලින් යුක්තවූ, සිසිල් දිය ඇති පොකුණකට බසින්නාක් මෙන් (මම) තිගේ ශරීරය නමැති පොකුණට බසින්නෙමි.
“අකුස්සට (හෙන්ඩුවට) කීකරු නොවන මද කිපුන ඇතෙක් මෙන්, මා විසින් කණ මුල විදින කටුව හා පා විදින කටුව (තෝමර) ජයගන්නා ලද්දේය. (තිගේ) ලක්ෂණ ශරීරයෙන් මත් කරන ලද්දාවූ මම රාගය නැති කරන විදිය නොදනිමි.
“තී කෙරෙහි පිළිබඳ සිත් ඇත්තෙමි. හිත පෙරලුනේය. බිලිය ගිල්ලාවූ මාලුවෙක් මෙන් නවතින්ට නොහැක්කෙමි.”
“යහපත් රූපශ්‍රියෙන් යුත් සුන්දරිය, මා වැලඳ ගනුව, මඳ බැල්මෙන් බලන ඇස් ඇත්තිය, මා වැලඳ ගනුව, එම්බා කල්‍යාණිය මා හාත්පසින් වැලඳ ගනුව, මා විසින් මෙය නිතර ප්‍රාර්ථනා කරන ලදී.”
“ඒකාන්තයෙන් මාගේ ස්වල්පවූම ආසාව, බොකුටු කෙස් ඇති තී ගැනම ඇතිවූයේ රහත් කෙනෙකුට දුන් දානයක් මෙන් නොයෙක් කොටස් ඇතිවූයේය.
“මා විසින් එබඳු රහතුන් විෂයෙහි කරන ලද යම් පිනක් ඇත්තේද, සර්වාංග කල්‍යාණිය, මගේ ඒ පිණ තී සමගම විපාක දේවා.
“මේ මහ පොලොවෙහි මා විසින් කරණලද යම් පිණක් ඇත්තේද, මාගේ ඒ සියලුම පින් තී සමගම විපාක දේවා.
“ධ්‍යානයෙන් එකඟ බවට පැමිණි නුවණින් හා සිහියෙන් යුක්තවූ ශාක්‍ය පුත්‍රවූ මුනීන්ද්‍රතෙම අමෘත මහා නිර්වාණය සොයන්නාක් මෙන්, සුරියවච්ඡසාවෙනි, මම තී සොයා හැසිරෙමි.
“බුද්ධ මුනිතෙම උතුම් බුදු බවට පැමිණ යම්සේ සතුටු වන්නේද, සුන්දරිය තී හා එක්වීමට පැමිණියාවූ මමද එපරිද්දෙන් සතුටු වෙමි.
“තව්තිසා වැසි දෙවියන්ට අධිපතිවූ සක්දෙවි තෙම (දිව්‍ය රාජ්‍යය ගනුවයි) මට වරයක් දෙන්නේද, එම්බා සුන්දරිය, මම එය හැර තී පතන්නෙමි. මාගේ ආසාව මෙසේ මහත්වේ.
“යමෙකුට මෙබඳු දුවක් වීද, සුන්දර ප්‍රඥා ඇත්තිය කලකින් මල් පිපුනාවූ සල්වනයක් වැනිවූ තීගේ පියාට වඳිමින් නමස් කාර කරමි.”
349
එවං වුත්තෙ භගවා පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං එතදවොච - ‘‘සංසන්දති ඛො තෙ, පඤ්චසිඛ, තන්තිස්සරො ගීතස්සරෙන, ගීතස්සරො ච තන්තිස්සරෙන; න ච පන (නෙව පන (ස්‍යා.)) තෙ පඤ්චසිඛ, තන්තිස්සරො ගීතස්සරං අතිවත්තති, ගීතස්සරො ච තන්තිස්සරං. කදා සංයූළ්හා පන තෙ, පඤ්චසිඛ, ඉමා ගාථා බුද්ධූපසඤ්හිතා ධම්මූපසඤ්හිතා සඞ්ඝූපසඤ්හිතා අරහන්තූපසඤ්හිතා කාමූපසඤ්හිතා’’ති? ‘‘එකමිදං, භන්තෙ, සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්‍රොධෙ පඨමාභිසම්බුද්ධො . තෙන ඛො පනාහං, භන්තෙ, සමයෙන භද්දා නාම සූරියවච්ඡසා තිම්බරුනො ගන්ධබ්බරඤ්ඤො ධීතා, තමභිකඞ්ඛාමි. සා ඛො පන, භන්තෙ, භගිනී පරකාමිනී හොති; සිඛණ්ඩී නාම මාතලිස්ස සඞ්ගාහකස්ස පුත්තො, තමභිකඞ්ඛති. යතො ඛො අහං, භන්තෙ, තං භගිනිං නාලත්ථං කෙනචි පරියායෙන. අථාහං බෙලුවපණ්ඩුවීණං ආදාය යෙන තිම්බරුනො ගන්ධබ්බරඤ්ඤො නිවෙසනං තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා බෙලුවපණ්ඩුවීණං අස්සාවෙසිං, ඉමා ච ගාථා අභාසිං බුද්ධූපසඤ්හිතා ධම්මූපසඤ්හිතා සඞ්ඝූපසඤ්හිතා අරහන්තූපසඤ්හිතා කාමූපසඤ්හිතා -
‘‘වන්දෙ තෙ පිතරං භද්දෙ, තිම්බරුං සූරියවච්ඡසෙ;
යෙන ජාතාසි කල්‍යාණී, ආනන්දජනනී මම. ...පෙ....
සාලංව න චිරං ඵුල්ලං, පිතරං තෙ සුමෙධසෙ;
වන්දමානො නමස්සාමි, යස්සා සෙතාදිසී පජා’’ති.
‘‘එවං වුත්තෙ, භන්තෙ, භද්දා සූරියවච්ඡසා මං එතදවොච - ‘න ඛො මෙ, මාරිස, සො භගවා සම්මුඛා දිට්ඨො අපි ච සුතොයෙව මෙ සො භගවා දෙවානං තාවතිංසානං සුධම්මායං සභායං උපනච්චන්තියා. යතො ඛො ත්වං, මාරිස, තං භගවන්තං කිත්තෙසි, හොතු නො අජ්ජ සමාගමො’ති. සොයෙව නො, භන්තෙ, තස්සා භගිනියා සද්ධිං සමාගමො අහොසි. න ච දානි තතො පච්ඡා’’ති.
349
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට මෙසේ ප්‍රකාශ කළෝය. “පංචසිඛය, තාගේ වීණා තත් හඬ ගී හඬ සමගද, ගී හඬ වීණා තත් හඬ සමගද ගැළපේමය. පංචසිඛය, තාගේ වීණා තත් හඬ ගී හඬ ඉක්මවා නාද නොකෙරේ. ගී හඬ හෝ තත් හඬ ඉක්මවා නාද නොකෙරේ. පංචසිඛය, තාගේ මේ බුදු ගුණ ඇත්තාවූද, දහම් ගුණ ඇත්තාවූද, සඟ ගුණ ඇත්තාවූද කාම ගුණ දන්නාවූද මේ ගාථාවෝ කවර කලෙක්හි ගොතනලද්දාහුද?”
“ස්වාමීනි, මෙහි එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වෙහි නෙරංජරා ගංතෙර නුග රුක මුල බුදු බවට පැමිණි මුල් කාලයේම වැඩ සිටියහ. ස්වාමීනි, ඒ කාලයේදි තරුණ හිරු මඬල වැනි ශරීරයක් ඇති භද්‍රා නම්වූ තිම්බරු නම් ගන්ධර්ව රජුගේ දුවක් වීද, මම ඈ කැමැත්තෙමි. ස්වාමීනි, ඒ දෙව් දූ වෙන අයට කැමැති වන්නියක් වේ. මාතලී නම් සංග්‍රාහකයාගේ සිඛණ්ඩි නම් පුත්‍රයාට ඈ කැමති වේ. ස්වාමීනි, යම් හේතුවකින් මම ඒ දෙව්දුව මොන ක්‍රමයකිනුදු නොලද්දෙමි. එවිට මම බෙලුව පණ්ඩු නම් වීණාව ගෙන තිම්බරු නම් ගන්ධර්ව රජුගේ නිවෙස යම් තැනෙක්හිද එතැනට ගියෙමි. ගොස් බෙලුව පණ්ඩු වීණාව ශබ්ද කෙළෙමි. බුදු ගුණ සහිතවූද, දහම් ගුණ සහිතවූද, සඟ ගුණ සහිතවූද, කාමයද යන මේ කියන (මේ අදහස් ඇති) ගාථාවන්ද කීයෙමි.”
“ලක්ෂණවූ මට සතුටු උපදවන්නාවූ තරුණ සුරියවච්ඡසාවෙනි, යමෙක් නිසා තී උපන්නී නම් “තිම්බරු” නම්වූ ඒ තිගේ පියාට වඳිමි.”
“වෙහෙසවූවෙකුට (ඩාදිය ඇත්තෙකුට) සතුටු වන්නාවූ සුලඟක් මෙන්ද, තිබහ ඇත්තෙකුට බොන වතුරක් මෙන්ද, ලෙඩවූවෙකුට බෙහෙතක් මෙන්ද, බඩගිනි ඇත්තෙකුට ආහාරයක් මෙන්ද, එම්බා ශරීර කාන්තිය ඇත්තිය, තී මට ප්‍රිය වෙහිය. එම්බා සුන්දරිය, ඇවිලෙන ගින්නක් ජලයේන නිවන්නාක් මෙන් (මාගේ ආසාව නමැති දැවිල්ල) නිවා දමව.”
“ග්‍රීෂ්මයෙන් තැවුනාවූ ඇතෙක් පියුම් රේණු වලින් යුක්තවූ සිසිල් දිය ඇති පොකුණකට බසින්නාක් මෙන් (මම) තිගේ ශරීරය නමැති පොකුණට බසින්නෙමි.”
“අකුස්සට (හෙන්ඩුවට) කීකරු නොවන මද කිපුණ ඇතෙක් මෙන්, මා විසින් කණ මුල විදින කටුව හා පා විදින කටුව (තෝමර) ජයගන්නා ලද්දේය. (තිගේ) ලක්ෂණ ශරීරයෙන් මත්කරන ලද්දාවූ මම රාගය නැති කරන ආකාරයක් නොදනිමි.”
“තී කෙරෙහි පිළිබඳ සිත් ඇත්තෙමි, හිත පෙරළුනේය. බිලිය ගිල්ලාවූ මාලුවෙක් මෙන් නවතින්ට නොහැක්කෙමි.”
“යහපත් රූපශ්‍රීයෙන් යුත් සුන්දරිය, මා වැලඳ ගනුව! මඳ බැල්මෙන් බලන ඇස් ඇත්තිය මා වැලඳ ගනුව. මා විසින් මෙය නිතර ප්‍රාර්ථනා කරන ලදී.”
“ඒකාන්තයෙන් මාගේ ස්වල්පවූම ආසාව බොකුටු කෙස් ඇති තී ගැනම ඇතිවූයේ රහත් කෙනෙකුට දුන් දානයක් මෙන් නොයෙක් කොටස් ඇති වූයේය.”
“මා විසින් එබඳු රහතුන් විෂයෙහි කරනලද යම් පිණක් ඇත්තේද සර්වාංග කල්‍යාණිය, මාගේ ඒ පිණ තී සමගම විපාක දේවා.”
“මේ මහපොළොවෙහි මා විසින් කරන ලද යම් පිණක් ඇත්තේද මාගේ ඒ සියලුම පින් තී සමග විපාක දෙත්වා.”
“ධ්‍යානයෙන් එකඟබවට පැමිණි නුවණින් හා සිහියෙන් යුක්තවූ ශාක්‍යපුත්‍ර මුනින්ද්‍ර තෙම අමෘත මහා නිර්වාණය සොයන්නාක් මෙන්, සුරියවච්ඡසාවෙනි, මම තී සොයා හැසිරෙමි.
“බුද්ධ මුනිතෙම උතුම් බුදු බවට පැමිණ යම්සේ සතුටු වන්නේද, සුන්දරිය, තී හා එක්වීමට පැමිණියාවූ මමද එපරිද්දෙන් සතුටු වෙමි.
“තව්තිසා වැසි දෙවියන්ට අධිපතිවූ සක්දෙවිතෙම (දිව්‍ය රාජ්‍යය ගනුවයි) මට වරයක් දෙන්නේද, එම්බා සුන්දරිය, මම එය හැර තී පතන්නෙමි. මාගේ ආශාව මෙසේ මහත්වේ.
“යමෙකුට මෙබඳු දුවක් වීද, සුන්දර ප්‍රඥා ඇත්තිය, කලකින් මල් පිපුණාවූ සල්වනයක් වැනිවූ තිගේ ඒ පියාට වඳිමින් නමස්කාර කරමි.”
“ස්වාමීනි මෙසේ කී කල්හි තරුණ හිරු මඩලක්වැනිවූ ඒ භද්‍රාව මට මෙසේ කීවාය. ‘නිදුකාණෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටම නොදුටුවෙමි. එසේද වුවත් තව්තිසා වැසි දෙවියන්ගේ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි නටද්දී ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන අසන ලද්දේමය. නිදුකාණනි, යම් හෙයකින් ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන කියන්නෙහි නම් අද අපගේ එකතුවීම වේවා” යි කීවාය. ස්වාමිනි, එයම ඒ දෙව්දුව සමග අපගේ සමාගම වූයේය. ඉන්පසු දැන් නැත්තේයයි කීය.
සක්කූපසඞ්කම සක්කූපසඞ්කම
ගොපකවත්ථු ගොපකවත්ථු
වෙදනාකම්මට්ඨානං වෙදනාකම්මට්ඨානං
පාතිමොක්ඛසංවරො පාතිමොක්ඛසංවරො
ඉන්ද්‍රියසංවරො ඉන්ද්‍රියසංවරො
සොමනස්සපටිලාභකථා සොමනස්සපටිලාභකථා