ත්‍රිපිටකය
7. මහාසමයසුත්තං 7. මහා සමය සූත්‍රය
331
එවං මෙ සුතං - එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි; දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්‍යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච. අථ ඛො චතුන්නං සුද්ධාවාසකායිකානං දෙවතානං (දෙවානං (සී. ස්‍යා. පී.)) එතදහොසි - ‘‘අයං ඛො භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි; දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්‍යෙන සන්නිපතිතා හොන්ති භගවන්තං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච. යංනූන මයම්පි යෙන භගවා තෙනුපසඞ්කමෙය්‍යාම; උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ පච්චෙකං ගාථං (පච්චෙකගාථං (සී. ස්‍යා. පී.), පච්චෙකගාථා (ක. සී.)) භාසෙය්‍යාමා’’ති.
331
මාගේ ඇසීම මෙසේය: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහිවූ කිඹුල්වත්පුරය සමීපයෙහිවූ මහ වනයෙහි සියල්ලම රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂු සංඝයා සමග වාසය කරනසේක. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජුන්ද භික්ෂු සංඝයාද දැකීම පිණිස බොහෝසෙයින් රැස්වූවෝ වෙත්.
ඉක්බිත්තෙන් ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි වසන්නාවූ බ්‍රහ්මයන් සතර දෙනෙකුන්ට මේ අදහස විය. “මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයට ආසන්නවූ මහ වනයෙහි සියල්ල රහත්වූ පන්සියයක් භික්ෂූන්ගෙන් යුක්තවූ මහත් භික්ෂු සංඝයා හා වාසය කරති. දස දහසක් ලොක ධාතුවෙන්ද දෙවියෝ බුදුරජහුන්ද භික්ෂු සංඝයාද දැකීමට බොහෝසෙයින් රැස්වූවෝ වෙත්. අපිත් යම් හෙයිකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතනට පැමිණෙන්නෙමු නම් පැමිණ බුදුන් හමුයෙහි එකි එකී ගාථාවක් කියන්නෙමු නම් ඉතා යෙහෙකැයි” කියායි.
332
අථ ඛො තා දෙවතා සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය , එවමෙව සුද්ධාවාසෙසු දෙවෙසු අන්තරහිතා භගවතො පුරතො පාතුරහෙසුං. අථ ඛො තා දෙවතා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘මහාසමයො පවනස්මිං, දෙවකායා සමාගතා;
ආගතම්හ ඉමං ධම්මසමයං, දක්ඛිතායෙ අපරාජිතසඞ්ඝ’’න්ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘තත්‍ර භික්ඛවො සමාදහංසු, චිත්තමත්තනො උජුකං අකංසු (උජුකමකංසු (සී. ස්‍යා. පී.));
සාරථීව නෙත්තානි ගහෙත්වා, ඉන්ද්‍රියානි රක්ඛන්ති පණ්ඩිතා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘ඡෙත්වා ඛීලං ඡෙත්වා පලිඝං, ඉන්දඛීලං ඌහච්ච (උහච්ච (ක.)) මනෙජා;
තෙ චරන්ති සුද්ධා විමලා, චක්ඛුමතා සුදන්තා සුසුනාගා’’ති.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘යෙකෙචි බුද්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස්සන්ති අපායභූමිං;
පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස්සන්තී’’ති.
332
එවිට ඒ දෙවියෝ ශක්තිමත් පුරුෂයෙක් හකුලන ලද අත යම්සේ දිගු කරන්නේද, දිගු කරනලද අත යම්සේ හකුළුවන්නේද එපරිද්දෙන්ම ශුද්ධාවාස බඹලොව දෙවියන් අතුරෙන් අතුරුදහන් වූවාහු භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූහ.
ඉක්බිති ඒ දෙවියෝ බුදුරජාණන් වහන්සේට නමස්කාරකොට එක්පැත්තක සිටියහ.
[1] එකත්පසෙක සිටියාවූ එක් දෙවියෙක් බුදුරජාණන් වහන්සේ හමුයෙහි මේ ගාථාව කීය.
“මේ මහ වනයෙහි මහා සමාගමක් විය. දිව්‍ය සමූහයෝ රැස්වූහ. කෙලෙස් මරුන් විසින් නොපරදවනලද සංඝයා දක්නා පිණිස මේ ධර්ම සමාගමට ආම්හයි” කියායි.
[2] එවිට අනික් දෙවි කෙනෙක් බුදුරජුන් හමුවෙහි මේ ගාථාව කීය.
“ඒ මහා සමූහයෙහි භික්ෂුහු තමන්ගේ සිත සමාධියෙහි පිහිටවූහ. ඍජු කළාහුය. ලනුවෙන් ගෙන රියැදුරා රථය හසුරුවන්නාක් මෙන් නුවණ ඇති අය පසිඳුරන් රකිත්යයි” කීය.
[3] එවිට අනික් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය.
“(කෙලෙස් නමැති) හුල් කපා (කෙලෙසුන් නමැති) පලිඝය සිඳ ඉන්ද්‍රඛීලය උදුරා තෘෂ්ණා රහිතවූ පිරිසිදුවූ (කෙලෙස්) කසට නැති පසැස් ඇති බුදුරජුන් විසින් හොඳින් දමනය කරන ලද්දාවූ ඒ තරුණ රහත්හු හැසිරෙත්’ යයි කීය.
[4] ඉක්බිති තවත් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“යම් කිසිවෙක් බුදුන් සරණ ගියෝද ඒ සත්වයෝ අපායට නොයත්, මිනිස් සිරුර හැර දිව්‍ය ශරීර සම්පූර්ණ කරන්නාහු (දෙවි බවට පැමිණෙත්)” යයි කීය.
දෙවතාසන්නිපාතා දෙවතාසන්නිපාතා
333
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘යෙභුය්‍යෙන, භික්ඛවෙ, දසසු ලොකධාතූසු දෙවතා සන්නිපතිතා හොන්ති (( ) සී. ඉපොත්ථකෙසු නත්ථි), තථාගතං දස්සනාය භික්ඛුසඞ්ඝඤ්ච . යෙපි තෙ, භික්ඛවෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතංපරමායෙව (එතපරමායෙව (සී. ස්‍යා. පී.)) දෙවතා සන්නිපතිතා අහෙසුං සෙය්‍යථාපි මය්හං එතරහි. යෙපි තෙ, භික්ඛවෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතංපරමායෙව දෙවතා සන්නිපතිතා භවිස්සන්ති සෙය්‍යථාපි මය්හං එතරහි. ආචික්ඛිස්සාමි, භික්ඛවෙ, දෙවකායානං නාමානි; කිත්තයිස්සාමි, භික්ඛවෙ, දෙවකායානං නාමානි; දෙසෙස්සාමි, භික්ඛවෙ, දෙවකායානං නාමානි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං.
333
ඉක්බිත්තෙන් භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට කථා කළසේක. “මහණෙනි, දස දහසක් ලෝක ධාතුවෙහි දෙවියෝ තථාගතයන්ද භික්ෂු සංඝයාද දැකීමට බොහෝ සෙයින් රැස්වූහ. මහණෙනි, යටගිය කාලයෙහි අර්හත්වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වූවාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වූහ. දැන් මා දැක්මට යම් පමණක් රැස්වූවෝද, එතරම්ය.
“මහණෙනි, මතු කාලයෙහි අර්හත්වූ යම් ඒ සම්‍යක් සම්බුදුවරයෝ වන්නාහුද, ඒ භාග්‍යවතුන් වහන්සේලාටද මෙපමණම දෙවියෝ රැස්වන්නාහුය. දැන් මා දැක්මට යම් පමණක් රැස්වූවෝද, එතරම්ය.
“මහණෙනි, දිව්‍ය සමූහයන්ගේ නම් කියන්නෙමි. මහණෙනි, දිව්‍ය සමූහයන්ගේ නම් පහළ කරන්නෙමි. මහණෙනි, දිව්‍ය සමූහයන්ගේ නම් දේශනා කරන්නෙමි. එය අසව්, මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” කීවෝය.
“එසේය ස්වාමීනියි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
334
භගවා එතදවොච -
‘‘සිලොකමනුකස්සාමි, යත්ථ භුම්මා තදස්සිතා;
යෙ සිතා ගිරිගබ්භරං, පහිතත්තා සමාහිතා.
‘‘පුථූසීහාව සල්ලීනා, ලොමහංසාභිසම්භුනො;
ඔදාතමනසා සුද්ධා, විප්පසන්නමනාවිලා’’ (විප්පසන්නාමනාවිලා (පී. ක.)).
භිය්‍යො පඤ්චසතෙ ඤත්වා, වනෙ කාපිලවත්ථවෙ;
තතො ආමන්තයී සත්ථා, සාවකෙ සාසනෙ රතෙ.
‘‘දෙවකායා අභික්කන්තා, තෙ විජානාථ භික්ඛවො’’;
තෙ ච ආතප්පමකරුං, සුත්වා බුද්ධස්ස සාසනං.
තෙසං පාතුරහු ඤාණං, අමනුස්සානදස්සනං;
අප්පෙකෙ සතමද්දක්ඛුං, සහස්සං අථ සත්තරිං.
සතං එකෙ සහස්සානං, අමනුස්සානමද්දසුං;
අප්පෙකෙනන්තමද්දක්ඛුං , දිසා සබ්බා ඵුටා අහුං.
තඤ්ච සබ්බං අභිඤ්ඤාය, වවත්ථිත්වාන (වවක්ඛිත්වාන (සී. ස්‍යා. පී.), අවෙක්ඛිත්වාන (ටීකා)) චක්ඛුමා;
තතො ආමන්තයී සත්ථා, සාවකෙ සාසනෙ රතෙ.
‘‘දෙවකායා අභික්කන්තා, තෙ විජානාථ භික්ඛවො;
යෙ වොහං කිත්තයිස්සාමි, ගිරාහි අනුපුබ්බසො.
334
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“(අක්ෂරපද නියමිත) ගාථා කියන්නෙමි. යම් මේ තැනෙක්හි බුමාටු දෙවියෝ වෙසෙද්ද රහත්වූ ඒ ඒ තැන ඇසුරු කරන්නෝය. (භාවනාවට) යවනලද සිත් ඇත්තාවූ ලොමු ඩැහැගැනීම මැඩපැවැත්වූ පිරිසිදු සිත් ඇත්තාවූ ශුද්ධවූ වෙසෙසින් පැහැදුනු, නොකැළඹුනු සිත් ඇත්තාවූ සිංහරාජයන් මෙන් සැඟවුනාවූ යම් බොහෝ රහත්හු පර්වත ගුහා ඇසුරු කළාහුද?”
නැවත ශාස්තෲන් වහන්සේ කිඹුල්වත් පුරයට නුදුරුවූ මහ වනයෙහි සස්නෙහි ඇලුනාවූ පන්සියයකට වැඩිවූ ශ්‍රාවකයන් දැක, අඬගා වදාළසේක. “මහණෙනි, දිව්‍ය සමූහයා රැස් වූවෝය. ඒ දිව්‍ය සමූහයන් දනිව්” කියායි. ඒ රහත්හුද බුදු රජාණන් වහන්සේගේ වචනය අසා වීර්‍ය්‍යය කළාහුය.
ඒ භික්ෂූන්ට (දෙවාදි) අමනුෂ්‍යයන් දක්නාවූ දිව්‍ය ඥානය පහළවිය. ඇතැම් රහත්හු (අමනුෂ්‍යයන්) සියයක් දුටහ. ඇතැම් රහත්හු දහසක් ද තවත් සමහැ සැත්තෑ දහසයක්ද, ඇතැම් රහත්හු ලක්ෂයක්ද දුටහ. ඇතැම් රහත්හු කෙළවරක් නැති දෙවි බඹුන් දුටුවාහුය. සියලු දිශාවෝ (දෙවි බඹුන්ගෙන්) පිරුණාහුය. පසැස් ඇත්තාවූ ශාස්තෘවරයන් වහන්සේ ඒ සියල්ලම උතුම් නුවණින් දැන වෙන්කොට නැවත සසුන්හි ඇලුනාවූ ශ්‍රාවකයන්ට අඩගා වදාළහ.
“මහණෙනි, දිව්‍ය සමූහයා රැස්වූහ. මම තොපට යම් දිව්‍ය සමූහයක් නම්වලින් පිළිවෙළින් ප්‍රකාශ කරම්ද, ඒ දිව්‍ය සමූහයන් දනිව්.
335
‘‘සත්තසහස්සා තෙ යක්ඛා, භුම්මා කාපිලවත්ථවා.
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘ඡසහස්සා හෙමවතා, යක්ඛා නානත්තවණ්ණිනො;
ඉද්ධිමන්තො ජුතීමන්තො (ජුතීමන්තො (සී. පී.)), වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘සාතාගිරා තිසහස්සා, යක්ඛා නානත්තවණ්ණිනො;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘ඉච්චෙතෙ සොළසසහස්සා, යක්ඛා නානත්තවණ්ණිනො;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘වෙස්සාමිත්තා පඤ්චසතා, යක්ඛා නානත්තවණ්ණිනො;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘කුම්භීරො රාජගහිකො, වෙපුල්ලස්ස නිවෙසනං;
භිය්‍යො නං සතසහස්සං, යක්ඛානං පයිරුපාසති;
කුම්භීරො රාජගහිකො, සොපාගා සමිතිං වනං.
335
“කිඹුල්වත් පුරයෙහි වාසය කරන්නාවූ ඍද්ධි ඇත්තාවූ බැබලීම් ඇත්තාවූ ශරීර වර්ණය ඇත්තාවූ දිව්‍යමය යසස් ඇත්තාවූ සත් දහසක් බූමාටු දෙවියෝද සතුටුවෙමින් රහත් භික්ෂු සමූහයා දැක්මට මහ වනයට පැමිණියාහුය.
“හිමාලයෙහි වසන්නාවූ නොයෙක් පැහැයෙන් යුක්තවූ ඍද්ධි ඇත්තාවූ බැබලීම් හා වර්ණ ඇත්තාවූ යසස් ඇත්තාවූ සය දහසක් දෙවියෝද සතුටු වෙමින් රහත් භික්ෂූන් සමූහයා දැක්මට මහ වනයට පැමිණියාහ.
“සාතාගිරි පර්වතවාසීවූ නොයෙක් පැහැ ඇත්තාවූ ඍද්ධි ඇත්තාවූ, බැබලීම් හා වර්ණ ඇත්තාවූ, යසස් ඇත්තාවූ තුන් දහසක් දෙවියෝ සතටුවෙමින් අර්හත් භික්ෂූන් දැකීම සඳහා මහවනයට පැමිණියහ.
“මෙසේ නොයෙක් ආලෝක ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද යසස් ඇත්තාවූද මේ දහසය දහසක් දෙවියෝද සතුටුවෙමින් අර්හත් භික්ෂුසමූහය දක්නට මහ වනයට පැමිණියහ.
“වෙස්සාමිත්ත නම් පර්වතයෙහි වැසි නොයෙක් ආලෝක ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසැස් ඇත්තාවූද පන්සියයක් දෙවියෝ සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට මහවනයට පැමිණියහ.
“රජගහනුවර උපන්නාවූ කුම්භීර නම් යක් සෙනෙවියෙක් විය. ඔහුගේ වාසස්ථානය වෙපුල්ල පර්වතය වන්නේය. ඔහු ලක්ෂයකට වැඩි යක්ෂ පිරිසක් ආශ්‍රය කරයි. රජගහනුවර උපන් ඒ කුම්භීර නම් යක් සෙනෙවියාද රහත් භික්ෂු සමූහයා දක්නට මහවනයට ආයේය.
336
‘‘පුරිමඤ්ච දිසං රාජා, ධතරට්ඨො පසාසති.
ගන්ධබ්බානං අධිපති, මහාරාජා යසස්සිසො.
‘‘පුත්තාපි තස්ස බහවො, ඉන්දනාමා මහබ්බලා;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘දක්ඛිණඤ්ච දිසං රාජා, විරූළ්හො තං පසාසති (තප්පසාසති (ස්‍යා.));
කුම්භණ්ඩානං අධිපති, මහාරාජා යසස්සිසො.
‘‘පුත්තාපි තස්ස බහවො, ඉන්දනාමා මහබ්බලා;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘පච්ඡිමඤ්ච දිසං රාජා, විරූපක්ඛො පසාසති;
නාගානඤ්ච අධිපති, මහාරාජා යසස්සිසො.
‘‘පුත්තාපි තස්ස බහවො, ඉන්දනාමා මහබ්බලා;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘උත්තරඤ්ච දිසං රාජා, කුවෙරො තං පසාසති;
යක්ඛානඤ්ච අධිපති, මහාරාජා යසස්සිසො.
‘‘පුත්තාපි තස්ස බහවො, ඉන්දනාමා මහබ්බලා;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘පුරිමං දිසං ධතරට්ඨො, දක්ඛිණෙන විරූළ්හකො;
පච්ඡිමෙන විරූපක්ඛො, කුවෙරො උත්තරං දිසං.
‘‘චත්තාරො තෙ මහාරාජා, සමන්තා චතුරො දිසා;
දද්දල්ලමානා (දද්දළ්හමානා (ක.)) අට්ඨංසු, වනෙ කාපිලවත්ථවෙ.
336
“පෙරදිග්හි රජවූ ධ්‍රතරාෂ්ට්‍ර වරම් රජතෙමේ ඒ පෙර දිගට අනුශාසනා කරයි. ගන්ධර්වයන්ට අධිපතිවූ යසස් ඇති ඒ ධ්‍රතරාෂ්ට්‍ර නම් මහරජ තෙමේද ඒ වරම් රජහුගේ ඉන්ද්‍ර යන නම් ඇත්තාවූද, මහත් ශක්ති ඇත්තාවූ ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා නොයෙක් පැහැ ඇත්තාවූද, යසස් ඇත්තාවූද බොහෝ පුත්‍රයෝද සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට මහවනයට පැමිණියාහුය.
“දකුණු දෙසට රජවූ විරූඪ නම් වරම් රජතෙමේද ඒ දිසාවට අනුශාසනා කරයි. කුම්භාණ්ඩයින්ට අධිපතිවූ යසස් ඇත්තාවූ ඒ විරූඪ නම් මහරජ තෙමේද ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා නොයෙක් පැහැ ඇත්තාවූද, යසස් ඇත්තාවූද ඉන්ද්‍ර යන නම් ඇති ඔහුගේ බොහෝ පුත්‍රයෝද සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට පැමිණියහ.
“බටහිර දික්හි රජවූ විරූපාක්ෂ නම් වරම් රජතෙමේ ඒ දිශාවට අනුශාසනා කරයි. නයින්ට අධිපතිවූ යසස් ඇත්තාවූ ඒ විරූපාක්ෂ නම් මහරජ තෙමේද ඔහුගේ ඉන්ද්‍ර යන නම් ඇති මහත් බල ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා නොයෙක් පැහැ ඇත්තාවූද, යසස් ඇත්තාවූද බොහෝ පුත්‍රයෝද සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට පැමිණියහ.
“උතුරු දිග්හි රජවූ වෛශ්‍රවණ නම් වරම් රජ තෙමේ ඒ දිසාවට අනුසාසනා කරයි. යකුන්ට අධිපතිවූ යසස් ඇත්තාවූ ඒ වෛශ්‍රවණ නම් මහරජ තෙමේද ඉන්ද්‍ර යන නම් ඇති මහත් බල ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා නොයෙක් පැහැ ඇත්තාවූද, යසස් ඇත්තාවූද ඔහුගේ බොහෝ පුත්‍රයෝද සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට පැමිණියහ.
“නැගෙනහිර දික්හි ධ්‍රතරාෂ්ට්‍ර නම් වරම් රජද දකුණු දික්හි විරූඪ නම් වරම් රජද, බස්නාහිර දික්හි විරූපාක්ෂ නම් වරම් රජද උතුරු දික්හි වෛශ්‍රවණ නම් වරම් රජද මෙකී සිව්වරම් මහරජදරුවෝ හාත්පසින් සිව්දිසාවන්හි කිඹුල්වත් පුරයට සමීප මහවනයෙහි දිලිසෙමින් සිටියාහ.
337
‘‘තෙසං මායාවිනො දාසා, ආගුං (ආගූ (ස්‍යා.), ආගු (සී. පී.) එවමුපරිපි) වඤ්චනිකා සඨා.
මායා කුටෙණ්ඩු විටෙණ්ඩු (වෙටෙණ්ඩු (සී. ස්‍යා. පී.)), විටුච්ච (විටූ ච (ස්‍යා.)) විටුටො සහ.
‘‘චන්දනො කාමසෙට්ඨො ච, කින්නිඝණ්ඩු (කින්නුඝණ්ඩු (සී. ස්‍යා. පී.)) නිඝණ්ඩු ච;
පනාදො ඔපමඤ්ඤො ච, දෙවසූතො ච මාතලි.
‘‘චිත්තසෙනො ච ගන්ධබ්බො, නළොරාජා ජනෙසභො (ජනොසභො (ස්‍යා.));
ආගා පඤ්චසිඛො චෙව, තිම්බරූ සූරියවච්චසා (සුරියවච්චසා (සී. පී.)).
‘‘එතෙ චඤ්ඤෙ ච රාජානො, ගන්ධබ්බා සහ රාජුභි;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
337
“ඒ සිව්වරම් දෙවි රජුන්ගේ මායා ඇත්තාවූ වංචා කරන්නාවූ කෛරාටිකවූ දාසයෝද, මායාකාරවූ කුටෙණ්ඩුය, වෙටෙණ්ඩුය, විටූච්චය, විටුඩය යන මොවුහුද ඔවුන් සමග ආවාහුය. චන්දනය, කාමසෙට්ඨය, කින්නුඝණ්ඩුය, නිඝණ්ඩුය, පනාදය, ඔපමඤ්ඤය, මාතලී දෙව්පුත්ය, ගාන්ධර්වවූ චිත්‍රය, සේනය යන දෙදෙනාද නළකාර නම් දෙව් රජද ජනෙසභ නම් දෙව්පුත්ද පඤ්චසිඛ දෙව්පුත්ද තිම්බරූ නම් ගාන්ධර්වයාද සුරියවච්ඡසා නම් දෙව්දුවද ආවාහුය.
“මෙකී ගාන්ධර්ව රජදරුවෝද අන් ගන්ධර්වයෝද තමන්ගේ රජුන් හා සතුටුවෙමින් රහත් භික්ෂු සමූහයා දක්නට මහ වනයට පැමිණියාහ.
338
‘‘අථාගුං නාගසා නාගා, වෙසාලා සහතච්ඡකා.
කම්බලස්සතරා ආගුං, පායාගා සහ ඤාතිභි.
‘‘යාමුනා ධතරට්ඨා ච, ආගූ නාගා යසස්සිනො;
එරාවණො මහානාගො, සොපාගා සමිතිං වනං.
‘‘යෙ නාගරාජෙ සහසා හරන්ති, දිබ්බා දිජා පක්ඛි විසුද්ධචක්ඛූ;
වෙහායසා (වෙහාසයා (සී. පී.)) තෙ වනමජ්ඣපත්තා, චිත්‍රා සුපණ්ණා ඉති තෙස නාමං.
‘‘අභයං තදා නාගරාජානමාසි, සුපණ්ණතො ඛෙමමකාසි බුද්ධො;
සණ්හාහි වාචාහි උපව්හයන්තා, නාගා සුපණ්ණා සරණමකංසු බුද්ධං.
338
එවිට නාභස නම් නාගයෝද විසාලී නාලොව වැසි නාගයෝද තච්ඡක නම් නාග පිරිස හා ආවෝය. කම්බල අස්සතර යන කුල දෙක්හි නාගයෝද පායාග නම් නාලොව වැසි නාගයෝද නෑයන් හා ආවෝය.
යමුනා නම් ගඟ වැසි නාගයෝද. ධ්‍රතරාෂ්ට්‍ර නම් කුලයෙහි උපන් නාගයෝද යසස් ඇත්තාවූ නාගයෝද ආවෝය. ඓරාවන නම් මහා නාග තෙමේද අර්හත් භික්ෂු සමූහය දක්නට මහවනයට ආය. දිව්‍යානුභාවය ඇත්තාවූ ද්විජ නම්වූ පිරිසිදු ඇස් ඇත්තාවූ යම් ගරුඬ පක්ෂීහු නා රජුන් වහා ගෙනයද්ද ඒ පක්ෂීහු මහවනයට අහසින් පැමිණියාහුය. චිත්‍රය, සුපණ්ණය යනු ඔවුන්ගේ නාමයෝයි.
එකල්හි නා රජුන්ට භය නැති විය. සර්වඥයන් වහන්සේ ගුරුළන් කෙරෙන් භය නැති කළ සේක. නාගයෝද ගුරුළෝද මොළොක් වචනයෙන් කැඳවනු ලබන්නෝ බුදුන් සරණ ගියාහුය.
339
‘‘ජිතා වජිරහත්ථෙන, සමුද්දං අසුරාසිතා.
භාතරො වාසවස්සෙතෙ, ඉද්ධිමන්තො යසස්සිනො.
‘‘කාලකඤ්චා මහාභිස්මා (කාලකඤ්ජා මහාභිංසා (සී. පී.)), අසුරා දානවෙඝසා;
වෙපචිත්ති සුචිත්ති ච, පහාරාදො නමුචී සහ.
‘‘සතඤ්ච බලිපුත්තානං, සබ්බෙ වෙරොචනාමකා;
සන්නය්හිත්වා බලිසෙනං (බලීසෙනං (ස්‍යා.)), රාහුභද්දමුපාගමුං;
සමයොදානි භද්දන්තෙ, භික්ඛූනං සමිතිං වනං.
339
සක්දෙව් රජහු විසින් ජයගන්නා ලද මුහුද ආශ්‍රය කරන්නාවූ සක්දෙව් රජහුගේ සහෝදරවූ ඍද්ධි ඇත්තාවූ යසස් ඇත්තාවූ මේ අසුරයෝද, මහත් බියකරුවූ කාලකඤ්ජ නම් අසුරයෝද, දානවේඝස නම් අසුරයෝද වෙපචිත්ති නම් අසුරෙන්ද්‍රයාද, සුචිත්තී නම් අසුරේන්ද්‍රයාද, පහාරාද නම් අසුරේන්ද්‍රයාද, වසවත් මරු සමග ආවෝය. සියල්ලෝම වෙරොව යන නම් ඇති බලී නම් අසුරයාගේ පුත්‍රයෝ සිය දෙනෙක්ද බලසෙනග ගෙණ සැරසී රාහු අසුරිඳු කරා පැමිණියාහුය. “ නුඹවහන්සේට යහපත් වේවා. දැන් රහත් භික්ෂු සමූහය දක්නට මහ වනයට යාමට කල් වන්නේය.”
340
‘‘ආපො ච දෙවා පථවී, තෙජො වායො තදාගමුං.
වරුණා වාරණා (වාරුණා (ස්‍යා.)) දෙවා, සොමො ච යසසා සහ.
‘‘මෙත්තා කරුණා කායිකා, ආගුං දෙවා යසස්සිනො;
දසෙතෙ දසධා කායා, සබ්බෙ නානත්තවණ්ණිනො.
‘‘ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘වෙණ්ඩුදෙවා සහලි ච (වෙණ්හූච දෙවා සහලීච (සී. පී.)), අසමා ච දුවෙ යමා;
චන්දස්සූපනිසා දෙවා, චන්දමාගුං පුරක්ඛත්වා.
‘‘සූරියස්සූපනිසා (සුරියස්සූපනිසා (සී. ස්‍යා. පී.)) දෙවා, සූරියමාගුං පුරක්ඛත්වා;
නක්ඛත්තානි පුරක්ඛත්වා, ආගුං මන්දවලාහකා.
‘‘වසූනං වාසවො සෙට්ඨො, සක්කොපාගා පුරින්දදො;
දසෙතෙ දසධා කායා, සබ්බෙ නානත්තවණ්ණිනො.
‘‘ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘අථාගුං සහභූ දෙවා, ජලමග්ගිසිඛාරිව;
අරිට්ඨකා ච රොජා ච, උමාපුප්ඵනිභාසිනො.
‘‘වරුණා සහධම්මා ච, අච්චුතා ච අනෙජකා;
සූලෙය්‍යරුචිරා ආගුං, ආගුං වාසවනෙසිනො;
දසෙතෙ දසධා කායා, සබ්බෙ නානත්තවණ්ණිනො.
‘‘ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘සමානා මහාසමනා, මානුසා මානුසුත්තමා;
ඛිඩ්ඩාපදොසිකා ආගුං, ආගුං මනොපදොසිකා.
‘‘අථාගුං හරයො දෙවා, යෙ ච ලොහිතවාසිනො;
පාරගා මහාපාරගා, ආගුං දෙවා යසස්සිනො;
දසෙතෙ දසධා කායා, සබ්බෙ නානත්තවණ්ණිනො.
‘‘ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘සුක්කා කරම්භා (කරුම්හා (සී. ස්‍යා. පී.)) අරුණා, ආගුං වෙඝනසා සහ;
ඔදාතගය්හා පාමොක්ඛා, ආගුං දෙවා විචක්ඛණා.
‘‘සදාමත්තා හාරගජා, මිස්සකා ච යසස්සිනො;
ථනයං ආග පජ්ජුන්නො, යො දිසා අභිවස්සති.
‘‘දසෙතෙ දසධා කායා, සබ්බෙ නානත්තවණ්ණිනො;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘ඛෙමියා තුසිතා යාමා, කට්ඨකා ච යසස්සිනො;
ලම්බීතකා ලාමසෙට්ඨා, ජොතිනාමා ච ආසවා;
නිම්මානරතිනො ආගුං, අථාගුං පරනිම්මිතා.
‘‘දසෙතෙ දසධා කායා, සබ්බෙ නානත්තවණ්ණිනො;
ඉද්ධිමන්තො ජුතිමන්තො, වණ්ණවන්තො යසස්සිනො;
මොදමානා අභික්කාමුං, භික්ඛූනං සමිතිං වනං.
‘‘සට්ඨෙතෙ දෙවනිකායා, සබ්බෙ නානත්තවණ්ණිනො;
නාමන්වයෙන ආගච්ඡුං (ආගඤ්ඡුං (සී. ස්‍යා. පී.)), යෙ චඤ්ඤෙ සදිසා සහ.
‘‘‘පවුට්ඨජාතිමඛිලං (පවුත්ථජාතිං අඛිලං (සී. පී.)), ඔඝතිණ්ණමනාසවං;
දක්ඛෙමොඝතරං නාගං, චන්දංව අසිතාතිගං’.
340
එකල්හි අපොකසින (සමාපත්තියෙන් උපන්) දෙවියෝද එසේම තෙජෝ කසිණ (සමවතින්) උපන් දෙවියෝද වායො කසිණ සමවතින් උපන් දෙවියෝද ආවෝය. වරුණය, වාරුණය යන දෙවියෝද සොම නම් දෙවියාද යස නම් දෙවියන් සමග ආවාහුය. යසස් ඇත්තාවූ මෙත්තා කායික, කරුණා කායික දෙවියෝද ආවෝය. සියල්ලෝම නොයෙක් පැහැවත්වූ දස ආකාරයකින් යුක්තවූ සියල්ලෝම ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා වර්ණවත්වූද, යසස් ඇත්තාවූද මේ දෙවසමූහ දසය සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට ආවාහුය.
වෙණ්හුය, සහලීය, අසමය, යම යන නම් දෙවියෝ දෙදෙනද, සඳ දෙවියන් ඇසුරු කරන්නාවූ දෙවියෝ සඳ දෙවියන් පෙරටුකොටද ආවෝය. හිරු දෙවියන් ඇසුරුකරන්නාවූ දෙවියෝ හිරු දෙවියන් පෙරටුකොටද නැකත් දෙවියන් (තරු) ඇසුරු කරණ දෙවියෝ නැකත් දෙවියන් පෙරටු කොටද ආවාහුය. මන්දවළාහක නම් දෙවියෝද ආවෝය. වසු දෙවියන්ට අධිපති හෙයින් වාසව නම්වූද, පුරින්දද නම්වූද ශක්‍රයාත් ආයේය.
දස ආකාරයකින් නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද, මේ දෙව සමූහ දසය සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට ආවාහුය.
නැවත සහභු නම් දෙවියෝ ගිනි සිළු මෙන් බබලමින් ආවෝය. අරිට්ඨක නම් දෙවියෝද රොජ නම් දෙවියෝද (දියබෙරලිය මල් පැහැයෙන්) බබලන උම්මාපුප්ඵ නම් දෙවියෝද, වරුණය, සහධම්මය, අච්චුතය, අනෙජකය, සූලෙය්‍යය රුචිරය, යන දෙවියෝද, ආවාහුය. වාසවනෙසී නම් දෙවියෝද ආවාහුය.
දස ආකාරයකින් යුක්තවූ සියල්ලෝම නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද මේ දෙව සමූහ දසය සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහය දක්නට ආවාහුය.
සමානය, මහා සමානය, මානුසය, මානුසුත්තමය. ඛිඩිඩාපදූසිකය යන දෙවියෝද ආවෝය. නැවත හරිනම් දෙවියෝද රත්ගල් වැසිවූ යම් දෙවිකෙනෙක් වෙද්ද ඔව්හුද, පාරග නම්වූද, මහාපාරග නම්වූද යසස් ඇත්තාවූ දෙවියෝද ආවාහුය.
දස ආකාරයකින් යුක්තවූ සියල්ලෝම නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද මේ දෙව සමූහයෝ දස දෙන සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට ආවාහුය.
සුක්කාය, කරුම්හාය, අරුණය යන දෙවියන් සමග වෙඛනසා නම් දෙවියෝද ආවෝය. ඔදාතගය්හ නම්වූ පාමොක්ඛ නම් දෙවියෝද විචක්ඛණ නම් දෙවියෝද ආවෝය. සදාමත්ත නම් දෙවියෝද, හාරගජ නම් දෙවියෝද, යසස් ඇත්තාවූ මිස්සක නම් දෙවියෝද යම් දෙවියෙක් දිශාවන්හි වැසි කෙරේද, ඒ පජ්ජුන්න නම් දෙවි තෙමේද මේඝනාද කරමින් ආයේය.
දස ආකාරයකින් යුක්තවූ සියල්ලෝම නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද බැබලීම් හා වර්ණ ඇත්තාවූද මේ දෙව සමූහයෝ දසදෙන සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට ආවාහුය.
ඛෙමිය නම් දෙවියෝද තුසී (පුර වැසි) දෙවියෝද යාම නම් (දෙව්ලොව) වැසි දෙවියෝද යසස් ඇත්තාවූ කට්ඨක නම් දෙවියෝද ලම්බීතක නම් දෙවියෝද ලාමසෙට්ඨ නම් දෙවියෝද ජෝති නම් දෙවියෝද ආසව නම් දෙවියෝද නිර්මාණරති නම් (දෙව්ලොව වැසි) දෙවියෝද ආවාහුය. නැවත පරනිර්මිතවසවර්ති (දෙව්ලොව වැසි) දෙවියෝද ආවෝය.
දස ආකාරයකින් යුක්තව සියල්ලෝම නොයෙක් පැහැ ඇත්තාවූද, ඍද්ධි ඇත්තාවූද, බැබලීම් හා වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද මේ දෙව සමූහයෝ දසදෙන සතුටුවෙමින් අර්හත් භික්ෂු සමූහයා දක්නට ආවෝය.
මේ සැටක් දෙවි සමූහයෝ සියල්ලෝම නොයෙක් පැහැයෙන් යුක්තවූවෝම තම තමන්ගේ නම් ගොත් වශයෙන් ආවාහුය. යම් සෙසු දෙවියෝද නම් ආදියෙන් සමාන වෙත් නම් ඔවුන් සමග ආවාහුය. පහවූ ජාති ඇත්තාවූ රාගාදී උල්රහිතවූ චතුරොඝයෙන් එතරවූ කෙලෙස් නැතිකළාවූ නාග නම්වූ කෘෂ්ණ භාවය ඉක්මවා ගියාවූ පූර්ණචන්ද්‍රයා වැනිවූ බුදු රජුන්ද දක්නෙමු.
341
‘‘සුබ්‍රහ්මා පරමත්තො ච (පරමත්ථො ච (ක.)), පුත්තා ඉද්ධිමතො සහ.
සනඞ්කුමාරො තිස්සො ච, සොපාග සමිතිං වනං.
‘‘සහස්සං බ්‍රහ්මලොකානං, මහාබ්‍රහ්මාභිතිට්ඨති;
උපපන්නො ජුතිමන්තො, භිස්මාකායො යසස්සිසො.
‘‘දසෙත්ථ ඉස්සරා ආගුං, පච්චෙකවසවත්තිනො;
තෙසඤ්ච මජ්ඣතො ආග, හාරිතො පරිවාරිතො.
341
ඍද්ධි ඇත්තාවූ ආර්‍ය්‍ය පුත්‍රවූ සුබ්‍රහ්ම නම්වූද පරමත්ත නම්වූ බ්‍රහ්මයෝද සනං කුමාර නම් මහා බ්‍රහ්මයාද තිස්ස නම් මහා බ්‍රහ්මයාද සිය පිරිස් සමග අර්හත් භික්ෂු සමූහය දක්නට මහ වනයට ආවාහුය.
බඹලෝ දහසකින් බ්‍රහ්මයන් දහසක්ද ආයේය. බඹලොව උපන්නාවූ ශොභාවත්වූ, මහත් කයක් ඇත්තාවූ, යසස් ඇත්තාවූ මහා බ්‍රහ්මයෙක්ද සිටින්නේය. මේ බඹ පිරිසෙහි වෙන වෙනම තම තමන්ගේ පිරිස් වසඟයෙහි පවත්වන්නාවූ ප්‍රධානවූ බඹුන් දසදෙනෙක් ආවෝය. ඒ මහ බඹුන්ගේ මද්ධ්‍යයෙහි බඹුන් විසින් පිරිවරණ ලද්දාවූ හාරිත නම් බඹරජ තෙමේද ආයේය.
342
‘‘තෙ ච සබ්බෙ අභික්කන්තෙ, සඉන්දෙ (සින්දෙ (ස්‍යා.)) දෙවෙ සබ්‍රහ්මකෙ.
මාරසෙනා අභික්කාමි, පස්ස කණ්හස්ස මන්දියං.
‘‘‘එථ ගණ්හථ බන්ධථ, රාගෙන බද්ධමත්ථු වො;
සමන්තා පරිවාරෙථ, මා වො මුඤ්චිත්ථ කොචි නං’.
‘‘ඉති තත්ථ මහාසෙනො, කණ්හො සෙනං අපෙසයි;
පාණිනා තලමාහච්ච, සරං කත්වාන භෙරවං.
‘‘යථා පාවුස්සකො මෙඝො, ථනයන්තො සවිජ්ජුකො; +
තදා සො පච්චුදාවත්ති, සඞ්කුද්ධො අසයංවසෙ (අසයංවසී (සී. පී.)).
342
මහ වනයට රැස්වූ ශක්‍රයා සහිතවූ, බඹුන් සහිතවූ, ඒ සියලු දෙවියන් කරා මාර සේනාවෝ පැමිණියාහුය. මාරයාගේ අඥානකම බලව. එව්, අල්වා ගනිව්, සියලු දිව්‍ය සමූහයා රාගයෙන් බඳනාලද්දේ වේවා, හාත්පසින් පිරිවරව්, තෙපි කිසිවෙක් ඒ දිව පිරිසෙන් එකෙකුදු නොමුදව්. මෙසේ කියා මහත් සේනාවක් ඇති ඒ වසවත් මරුතෙමේ අත්ලෙන් පොලෝතලයට ගසා විදුලිය සහිතවූ වැසි කල්හිවූ හෙවත් වර්ෂා කරන්නාවූ මේඝයෙක් තෙමේ යම්සේ ගර්ජනා කරන්නේද එමෙන් බියජනක නාදකොට මර සෙනග ඒ දිව පිරිස මැදට යැවීය. එසමයෙහි ඒ වසවර්තිමාර තෙමේ දෙව් පිරිස තම වසඟයෙහි පවත්වාගත නොහැකිවූයේ අතිශයින් කිපුනෙක්ව ආපසු හැරීගියේය.
343
තඤ්ච සබ්බං අභිඤ්ඤාය, වවත්ථිත්වාන චක්ඛුමා.
තතො ආමන්තයී සත්ථා, සාවකෙ සාසනෙ රතෙ.
‘‘මාරසෙනා අභික්කන්තා, තෙ විජානාථ භික්ඛවො;
තෙ ච ආතප්පමකරුං, සුත්වා බුද්ධස්ස සාසනං;
වීතරාගෙහි පක්කාමුං, නෙසං ලොමාපි ඉඤ්ජයුං.
‘‘‘සබ්බෙ විජිතසඞ්ගාමා, භයාතීතා යසස්සිනො;
මොදන්ති සහ භූතෙහි, සාවකා තෙ ජනෙසුතා’’ති.
343
ඉක්බිත්තෙන් නුවණ නැමැති ඇස් ඇති බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල දැන ව්‍යවස්ථා කොට සස්නෙහි ඇලුනාවූ ශ්‍රාවකයන්ට කථාකර මෙසේ කීවෝය.
“මහණෙනි, මාර සේනාවෝ පැමිණියාහුය. ඒ මරුන් දනිව්” ඒ භික්ෂූද බුදුන්ගේ ධර්ම වචනය අසා කෙලෙස් තැවීමට වීර්‍ය්‍ය කළාහුය. වීතරාගීවූ දෙව් බඹුන් කෙරෙන් පහව ගියාහුය. ඒ වීතරාගීන්ගේ රෝමයකුදු කම්පා නොකළාහුය. ජයගත් මාර යුද්ධය ඇති ඉක්මවනලද බිය ඇති යසස් ඇත්තාවූ ජනයන් අතුරෙහි ප්‍රකටවූ ඒ සියලු බුදු සව්වෝම දේව බ්‍රහ්මාදී ආර්‍ය්‍ය ශ්‍රාවකයන් හා සතුටුවෙත්.”