ත්‍රිපිටකය
6. මහාගොවින්දසුත්තං 6. මහා ගොවින්ද සූත්‍රය
293
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො පඤ්චසිඛො ගන්ධබ්බපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ගිජ්ඣකූටං පබ්බතං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො පඤ්චසිඛො ගන්ධබ්බපුත්තො භගවන්තං එතදවොච - ‘‘යං ඛො මෙ, භන්තෙ, දෙවානං තාවතිංසානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං, ආරොචෙමි තං භගවතො’’ති. ‘‘ආරොචෙහි මෙ ත්වං, පඤ්චසිඛා’’ති භගවා අවොච.
293
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයෙහි වැඩ වසනසේක. ඉක්බිති පඤ්චශිඛ නම් ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා රාත්‍රියේ මධ්‍යම යාමයෙහි නොයෙක් පාටින් මුලු ගිජ්ජකූට පර්වතය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ හොඳින් වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ පඤ්චශිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවේය. “ස්වාමීන් වහන්ස, මා විසින් තව්තිසා වැසි දෙවියන්ගේ සම්මුඛයෙන් යමක් අසන ලද්දේද, පිළිගන්නා ලද්දේද, ස්වාමීන් වහන්ස, ඒ කාරණය භාග්‍යවතුන්වහන්සේට කියමියි’ දැන්වීය. ‘පඤ්චශිඛය, තෝ මට ඒ කාරණය දන්වවයි” භාග්‍යවතුන් වහන්සේ වදාළේය.
දෙවසභා දෙවසභා
294
‘‘පුරිමානි, භන්තෙ, දිවසානි පුරිමතරානි තදහුපොසථෙ පන්නරසෙ පවාරණාය පුණ්ණාය පුණ්ණමාය රත්තියා කෙවලකප්පා ච දෙවා තාවතිංසා සුධම්මායං සභායං සන්නිසින්නා හොන්ති සන්නිපතිතා; මහතී ච දිබ්බපරිසා සමන්තතො නිසින්නා හොන්ති, චත්තාරො ච මහාරාජානො චතුද්දිසා නිසින්නා හොන්ති; පුරත්ථිමාය දිසාය ධතරට්ඨො මහාරාජා පච්ඡිමාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා; දක්ඛිණාය දිසාය විරූළ්හකො මහාරාජා උත්තරාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා; පච්ඡිමාය දිසාය විරූපක්ඛො මහාරාජා පුරත්ථාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා; උත්තරාය දිසාය වෙස්සවණො මහාරාජා දක්ඛිණාභිමුඛො නිසින්නො හොති දෙවෙ පුරක්ඛත්වා. යදා භන්තෙ, කෙවලකප්පා ච දෙවා තාවතිංසා සුධම්මායං සභායං සන්නිසින්නා හොන්ති සන්නිපතිතා, මහතී ච දිබ්බපරිසා සමන්තතො නිසින්නා හොන්ති, චත්තාරො ච මහාරාජානො චතුද්දිසා නිසින්නා හොන්ති, ඉදං නෙසං හොති ආසනස්මිං; අථ පච්ඡා අම්හාකං ආසනං හොති.
‘‘යෙ තෙ, භන්තෙ, දෙවා භගවති බ්‍රහ්මචරියං චරිත්වා අධුනූපපන්නා තාවතිංසකායං, තෙ අඤ්ඤෙ දෙවෙ අතිරොචන්ති වණ්ණෙන චෙව යසසා ච. තෙන සුදං, භන්තෙ, දෙවා තාවතිංසා අත්තමනා හොන්ති පමුදිතා පීතිසොමනස්සජාතා; ‘දිබ්බා වත, භො, කායා පරිපූරෙන්ති, හායන්ති අසුරකායා’ති.
294
“ස්වාමීන් වහන්ස, දවස් කීපයකට පෙර පැමිණි පසළොස්වක් පෝය ඇති වස් පවාරණය කරන සම්පූර්ණවූ හඳ ඇති රාත්‍රියෙහි සියලු තව්තිසා වැසි දෙවියෝ සුධර්මා සභාවෙහි රැස්ව එක්ව උන්නාහු වෙත්. මහත් දිව්‍ය පිරිසක් හාත්පසින් උන්නාහු වෙත්. සතර වරම් මහ රජවරු සතර දිගින් උන්නාහ. නැගෙනහිර දෙසින් ධෘතරාෂ්ට්‍ර මහරජ තෙමේ බස්නාහිර දෙසට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. දකුණුදිග විරූළ්හක මහරජ තෙමේ, උතුරුදිගට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. බස්නාහිර දෙසින් විරූපාක්ෂ රජතෙමේ නැගෙනහිර දිගට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. උතුරුදිග වෛශ්‍රවණ රජතෙමේ දකුණුදිගට මුහුණ ලා දෙවියන් පෙරටුකොට උන්නේය. ස්වාමීන් වහන්ස, යම් කලෙක්හි සියලු තව්තිසා වාසී දෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි රැස්ව එක්වසිටියෝ වෙත්ද, මහා දෙවි පිරිසක් හාත්පසින් එක්ව උන්නාහු වෙත්ද, මෙසේ ඔවුන්ගේ ආසන වේ. අනතුරුව පසුභාගයෙහි අපගේ ආසන වේ. ස්වාමීන්වහන්ස, යම් ඒ දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර තව්තිසා දිව්‍ය ලෝකයෙහි අලුත උපන්නාහුද, ඔව්හු ශරීර වර්ණයෙන් හා යසසින්ද අනික් දෙවියන්ට වැඩිය බබලන්නේය. ස්වාමීන් වහන්ස, ඒ කාරණයෙන් තව්තිසා වැසි දෙවියෝ සතුටු සිත් ඇත්තෝ වෙත්, ප්‍රමුදිත සිත් ඇත්තෝ වෙත්, හටගත් ප්‍රීති හා සොම්නස් ඇත්තෝ වෙත්.”
“පින්වත්නි, ඒකාන්තයෙන් දිව්‍ය සමූහයා දියුණුවෙත්. අසුර සමූහයා පිරිහෙත්ය” කියායි
295
‘‘අථ ඛො, භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවානං තාවතිංසානං සම්පසාදං විදිත්වා ඉමාහි ගාථාහි අනුමොදි -
‘මොදන්ති වත භො දෙවා, තාවතිංසා සහින්දකා;
තථාගතං නමස්සන්තා, ධම්මස්ස ච සුධම්මතං.
නවෙ දෙවෙ ච පස්සන්තා, වණ්ණවන්තෙ යසස්සිනෙ;
සුගතස්මිං බ්‍රහ්මචරියං, චරිත්වාන ඉධාගතෙ.
තෙ අඤ්ඤෙ අතිරොචන්ති, වණ්ණෙන යසසායුනා;
සාවකා භූරිපඤ්ඤස්ස, විසෙසූපගතා ඉධ.
ඉදං දිස්වාන නන්දන්ති, තාවතිංසා සහින්දකා;
තථාගතං නමස්සන්තා, ධම්මස්ස ච සුධම්මත’න්ති.
‘‘තෙන සුදං , භන්තෙ, දෙවා තාවතිංසා භිය්‍යොසො මත්තාය අත්තමනා හොන්ති පමුදිතා පීතිසොමනස්සජාතා; ‘දිබ්බා වත, භො, කායා පරිපූරෙන්ති, හායන්ති අසුරකායා’’’ති.
295
“ස්වාමීන්වහන්ස, එකල්හි සක්දෙවිඳු තෙමේ තව්තිසා වාසී දෙවියන්ගේ පැහැදීම දැනගෙන මේ ගාථාවලින් සතුටු විය. ‘පින්වත්නි, ඒකාන්තයෙන් ඉන්ද්‍රයා (ශක්‍රයා) සහිතවූ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේටද ධර්මයටද සංඝයාටද නමස්කාර කරමින් ප්‍රීති වෙත්. උසස් ශරීර වර්ණ ඇත්තාවූද, යසස් ඇත්තාවූද අලුත් දෙවියන් දැක්කාහ. සුගතයන් වහන්සේ කෙරෙහි උතුම් හැසිරීම කොට මේ දෙව්ලොවට පැමිණියාවූ ඒ දිව්‍යපුත්‍රයෝ ශරීරයේ පාටින්ද යසසින් හා ආයුෂයෙන්ද අන්‍ය දෙවියන් ඉක්මවා බබලන්නාහ. විශාල ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දිව්‍යලෝකයෙහි විශේෂ බවට පැමිණියාහුය. සක්‍රයා සහිතවූ තව්තිසා වැසි දෙවියෝ මේ කාරණය දැක තථාගතයන් වහන්සේටද ධර්මයටද සංඝයාටද වඳිමින් ප්‍රීති වෙත්.
“ස්වාමීන් වහන්ස, ඒකාරණය හේතුකොටගෙන තව්තිසා දෙවියෝ බොහෝසෙයින්ම සතුටු සිත් ඇත්තෝ ප්‍රමුදිත සිත් ඇත්තෝ හටගත් සතුට ඇත්තෝ වෙත්.”
“පින්වත්නි, ඒකාන්තයෙන් දිව්‍ය සමූහයා දියුණු වෙත්. අසුරයෝ පිරිහෙත්ය” කියායි.
අට්ඨ යථාභුච්චවණ්ණා අට්ඨ යථාභුච්චවණ්ණා
සනඞ්කුමාරකථා සනඞ්කුමාරකථා
අට්ඨ යථාභුච්චවණ්ණා අට්ඨ යථාභුච්චවණ්ණා
ගොවින්දබ්‍රාහ්මණවත්ථු ගොවින්දබ්‍රාහ්මණවත්ථු
මහාගොවින්දවත්ථු මහාගොවින්දවත්ථු
රජ්ජසංවිභජනං රජ්ජසංවිභජනං
කිත්තිසද්දඅබ්භුග්ගමනං කිත්තිසද්දඅබ්භුග්ගමනං
බ්‍රහ්මුනා සාකච්ඡා බ්‍රහ්මුනා සාකච්ඡා
රෙණුරාජආමන්තනා රෙණුරාජආමන්තනා
ඡ ඛත්තියආමන්තනා ඡ ඛත්තියආමන්තනා
බ්‍රාහ්මණමහාසාලාදීනං ආමන්තනා බ්‍රාහ්මණමහාසාලාදීනං ආමන්තනා
භරියානං ආමන්තනා භරියානං ආමන්තනා
මහාගොවින්දපබ්බජ්ජා මහාගොවින්දපබ්බජ්ජා