5. ජනවසභසුත්තං | 5. ජනවසභ සූත්‍රය |
නාතිකියාදිබ්යාකරණං | නාතිකියාදිබ්යාකරණං |
273
එවං
|
273
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගමෙහි ගිංජකාවසථ නම් විහාරයෙහි වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ නාදික ගම අවට අවට ජනපදයන්හි සමීප අතීත කාලයෙහි මැරුණාවූ උපාසකයන් පිළිබඳ උත්පත්ති ප්‍රකාශ කරන සේක. (කවර නම් අවට දනව්ද යත්) කාසි කොසල ජනපදද, වජ්ජි මල්ල ජනපදද, චෙතිය වංස ජනපදද, කුරු පංචාල ජනපදද, මච්ඡසූරසේන ජනපදද, වෙත්. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය යනුවෙනි. සමීප අතීත කාලයෙහි මැරුණාවූ නාදික ගමෙහි විසූ ඔරම්භාගිය සංයෝජන (යට කාම ලෝකයෙහි බඳින බන්ධන) පස ක්ෂය කිරීමෙන් ඔපපාතිකවූ බඹලොව පිරිනිවන් පාන ස්වභාව ඇත්තාවූ ඒ ලෝකයෙන් නැවත එන ස්වභාව නැත්තාවූ උපාසකවරු පණසකට වැඩි වෙත්. ළඟ අතීත කාලයෙහි මැරුණ සංයෝජන (කෙලෙස් රැහැන්) තුනක් නැති කිරීමෙන් රාග ද්වෙෂ මෝහයන් තුනීකිරීම හේතු කොටගෙන සකෘදාගාමි වූවාහු මේ මිනිස් ලොවට එක් වරක් පමණක් අවුත් දුක් කෙළවර කරන්නාවූ නාදික ගම විසූ උපාසකවරු අනූවකට වැඩි වෙත්. ළඟ ඉකුත් කාලයේ මැරුණාවූ නාදික ගම් වැසි සංයෝජන (කෙලෙස් රැහැන්) තුනක් නැති කිරීමෙන් සෝවාන් ඵලයට පැමිණියාවූ (සතර) අපායට නොවැටෙන ස්වභාව ඇත්තාවූ අර්හත් ඵලයට නියතවූ උපාසකයෝ පන්සියයකට වැඩි වෙත්.
|
274
අස්සොසුං
|
274
නාදික ගම් වැසි උපාසකයෝ මේ කාරණය ඇසුවාහුය. ‘භාග්‍යවතුන් වහන්සේ හාත්පස හාත්පස ජනපදවල ළඟ ඉකුත් කාලයේ මැරුණාවූ උපාසකයන්ගේ උත්පත්ති වදාරණ සේක. (කවර දනව්හිද යත්) කාසි කොසල දනව්හිද, වජ්ජ මල්ල දනව්හිද, චෙතිය වංස දනව්හිද, මච්ඡ සූරසේන දනව්හිද වෙත්. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය යනුවෙනි. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික ගම් වැසි ඔරම්භාගිය සංයෝජන (යට කාම ලෝකයෙහි බන්ධන) පහ නැතිකිරීමෙන් ඔපපාතිකවූ ඒ බ්‍රහ්ම ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තාවූ එහිදීම පිරිනිවන්පාන්නාවූ උපාසකයෝ පණහකට වැඩි වෙත්.
“ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික ගම් වැසි සංයෝජන තුනක් නැති කිරීමෙන්, රාග ද්වෙෂ මෝහයන් තුනිකිරීම නිසා සකෘදාගාමිවූ එක් වරක් පමණක් මේ මිනිස් ලොවට අවුත් සසර දුක් කෙළවර කරන්නාවූ උපාසකයෝ අනූවකට වැඩිවෙත්.
“ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික ගම් වැසි සංයෝජන තුනක් නැතිකිරීම හේතුකොට ගෙන සෝවාන් ඵලයට පැමිණියාවූ (සතර) අපායට නොවැටෙන ස්වභාව ඇත්තාවූ අර්හත් ඵලයට නියතවූ උපාසකයෝ පන්සීයකට වැඩි වෙත්.” භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රශ්න විසඳීම අසා නාදික නම් ගම්වැසි උපාසකයෝ සතුටු සිත් ඇත්තෝ ප්‍රමුදිත සිත් ඇත්තෝ, හටගත් ප්‍රීති සොම්නස් ඇත්තෝ වූහ.
|
275
අස්සොසි ඛො ආයස්මා ආනන්දො - ‘‘භගවා කිර පරිතො පරිතො ජනපදෙසු පරිචාරකෙ අබ්භතීතෙ කාලඞ්කතෙ උපපත්තීසු බ්යාකරොති කාසිකොසලෙසු වජ්ජිමල්ලෙසු චෙතිවංසෙසු කුරුපඤ්චාලෙසු මජ්ඣසූරසෙනෙසු - ‘අසු අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නො. පරොපඤ්ඤාස නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලඞ්කතා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. සාධිකා නවුති නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලඞ්කතා තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. සාතිරෙකානි පඤ්චසතානි නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලඞ්කතා තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා’ති. තෙන ච නාතිකියා පරිචාරකා අත්තමනා අහෙසුං පමුදිතා පීතිසොමනස්සජාතා භගවතො පඤ්හවෙය්යාකරණං සුත්වා’’ති.
|
275
ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේ මේ කාරණය ඈසුයේය. “භාග්‍යවතුන් වහන්සේ නාදික ගමට හාත්පස හාත්පස ජනපදවල ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ උපාසකයන් පිළිබඳ උත්පත්ති ප්‍රකාශ කරන සේක. (කවර දනව්හිද යත්) කාසි කොසල ජනපදවලද වජ්ජි මල්ල ජනපදවලද, චෙතිය වංස ජනපදවලද, කුරු පංචාල ජනපද වලද, මච්ඡ සුරසේන ජනපදවලද වෙත්. අසවල් නම් ඇත්තා අසවල් තැන උපන්නේය. අසවල් නම් ඇත්තා අසවල් තැන උපන්නේය යනුවෙනි. ළඟ ඉකුත් කාලයෙහි මැරුණ නාදික ගම්වැසි ඔරම්භාගය සංයෝප්න පහ නැතිකිරීමෙන් ඔපපාතිකවූ ඒ බ්‍රහ්ම ලෝකයෙන් නොඑන ස්වභාව ඇත්තාවූ එහිදීම පිරිනිවන් පාන්නාවූ උපාසකයෝ පණහකට වැඩි වෙත්. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික ගම් වැසි සංයෝජන තුනක් නැති කිරීමෙන් රාග ද්වෙෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමිවූ (එක් වරක් පමණක් මේ මිනිස් ලොවට අවුත් සසර දුක් කෙළවර කරන්නාවූ) උපාසකයෝ අනූවකට වැඩි වෙත්.
“ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ නාදික නම් ගම් වැසි සංයෝජන තුනක් නැතිකිරීම හේතුකොට ගෙන සෝවාන් ඵලයට පැමිණියාවූ (සතර) අපායට නොවැටෙන ස්වභාව ඇත්තාවූ අර්හත් ඵලයට නියතවූ උපාසකයෝ පන්සීයකට වැඩි වෙත්. භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රශ්න විසඳීම අසා නාදික ගම්වැසි උපාසකයෝ සතුටුසිත් ඇත්තෝ. ප්‍රීතිය හා සොම්නස ඇත්තෝ වූහ” කියායි.
|
ආනන්දපරිකථා | ආනන්දපරිකථා |
276
අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි - ‘‘ඉමෙ ඛො
|
276
එකල්හි ආයුෂ්මත්වූ, ආනන්ද තෙරුන් වහන්සේට මේ අදහස වූයේය. “ළඟ ඉකුත්වූ කාලයෙහි මැරුණාවූ මේ මගධ ජනපද වාසී උපාසකයෝ බොහෝ වූහ. චිර රාත්‍රි (බොහෝ දවස්) දන්නෝද වූහ. ළඟ ඉකුත්වූ කාලයෙහි කළුරිය කළාවූ මගධ ජනපද වාසී උපාසකයන්ගෙන් අඟු මගධ දෙරට වැස්සෝ නැත්තාහයි (සූන්‍යයයි) සිතමි. මේ අඟු මගධ දෙරට වැසි උපාසකයෝද බුදුන් කෙරෙහි පැහැදුනෝ ධර්මය කෙරෙහි පැහැදුනෝ වෙත්. සංඝයා කෙරෙහි පැහැදුනෝ වෙත්. සීලයන් සම්පූර්ණ කරන්නෝ වෙත්. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ ඒ උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දාහුය. ඒ උපාසකයන් ගැනද යහපත් විසඳීමක් වන්නේ නම් බොහෝ ජනයා පැහැදෙන්නේය. ඒ හේතුවෙන් සුගතියට යන්නේය. තවද මගධ ජනපදයට අධිපතිවූ, සේනා ඇත්තාවූ. ඒ බිම්බිසාර රජද ධාර්මික වෙයි. ධර්මයෙන් (ජනයන්) සතුටු කරන්නේ වෙයි. බ්‍රාහ්මණ ගෘහපතියන්ටද, නියම්ගම් වැස්සන්ටද, ජනපද වැස්සන්ටද, වැඩ කැමැත්තේය. තවද මනුෂ්‍යයෝ මේ කාරණය වර්ණනාකරමින් වාසය කරත්. ධාර්මිකවූ ඒ ධර්ම රාජයා අප මෙසේ සැපයට පමුණුවා කළුරිය කෙළේය. මෙසේ අපි ධාර්මිකවූ ඒ ධර්මරාජයාගේ රටෙහි පහසුවෙන් වාසය කෙළෙමු කියායි.
“ඒ රජුද බුදුන් කෙරෙහි පැහැදුනේය, ධර්මය කෙරෙහි පැහැදුනේය. සංඝයා කෙරෙහි පැහැදුනේය, සීලයන් සම්පූර්ණ කරන්නෙක් වූයේය. තවද මිනිස්සු මෙසේ කියත්. “මරණ කාලය දක්වාත් මගධ රට අධිපතිවූ සේනා ඇති බිම්බිසාර රජ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණණා කරන්නෙක්වම මැරුණේය.” ළඟ අතීතයේ මැරුණාවූ ඒ රජු ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දේය. ඒ රජු ගැනත් හොඳ ප්‍රකාශ කිරීමක් වන්නේ නම් බොහෝ ජනයා පැහැදෙන්නේය, ඒ හේතුකොටගෙන සුගතියට යන්නේය. භාග්‍යවතුන් වහන්සේ බුදුවූයේ මගධයේදීය. භාග්‍යවතුන් වහන්සේගේ බුදුවීම මගධ ජනපදයෙහි වූයේද, භාග්‍යවතුන් වහන්සේ ඒ මගධ ජනපද වාසීවූ ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ උපාසකයන් උපන්තැන් කෙසේ නම් ප්‍රකාශ නොකරන්නේද? ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ මගධ ජනපද වාසී උපාසකයන් උපන්තැන් ප්‍රකාශ නොකරන්නේ නම් ඒ නිසා මගධ ජනපද වාසී උපාසකයෝ බැගෑපත් සිත් ඇත්තෝ වන්නාහ. යමක් හේතුකොටගෙන මගධ ජනපද වාසී උපාසකයෝ බැගෑපත් සිත් ඇත්තෝ වෙත්ද, භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය කෙසේ නම් ප්‍රකාශ නොකරන සේක්දැයි” කියායි.
|
277
ඉදමායස්මා ආනන්දො මාගධකෙ පරිචාරකෙ ආරබ්භ එකො රහො අනුවිචින්තෙත්වා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘සුතං මෙතං, භන්තෙ - ‘භගවා කිර පරිතො පරිතො ජනපදෙසු පරිචාරකෙ අබ්භතීතෙ කාලඞ්කතෙ උපපත්තීසු බ්යාකරොති කාසිකොසලෙසු වජ්ජිමල්ලෙසු චෙතිවංසෙසු කුරුපඤ්චාලෙසු මජ්ඣසූරසෙනෙසු - ‘‘අසු අමුත්ර උපපන්නො, අසු අමුත්ර උපපන්නො. පරොපඤ්ඤාස නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලඞ්කතා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. සාධිකා නවුති නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලඞ්කතා තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. සාතිරෙකානි පඤ්චසතානි නාතිකියා පරිචාරකා අබ්භතීතා කාලඞ්කතා තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා
|
277
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, මගධ ජනපද වැසි උපාසකයන් අරබයාවූ මේ කාරණය, තනියම රහසිගතව නැවත නැවත සිතා ඒ රාත්‍රියේ අළුයම් කාලයෙහි නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්වූහ. “ස්වාමීනී, මා විසින් මේ කාරණය අසන ලදී. “භාග්‍යවතුන් වහන්සේ නාදික ගමට හාත්පස හාත්පස ජනපදවල ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ උපාසකයන් උපන් තැන් ප්‍රකාශ කරනසේක. (කවර ජනපදවලද යත්) කාසි කොසල ජනපදවලද, වජ්ජි මල්ල ජනපදවලද, චෙතිය වංස ජනපදවලද, කුරු පංචාල ජනපදවලද, මච්ඡ සූරසේන ජනපදවලද වෙත් අසවල් නමැත්තා අසවල් තැන් උපන්නේය. අසවල් තැනැත්තා අසවල් තැන උපන්නේය. යනුවෙනි. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ ඔරම්භාගිය සංයෝජන පහ නැති කිරීමෙන් ඕපපාතිකව (බඹලොව) උපන්නාවූ ඒ ලෝකයෙන් නැවත නොඑන ස්වභාව ඇත්තාවූ එහිදීම පිරිනිවන් පාන්නාවූ නාදික ගම් වැසි උපාසකයෝ පණහකට වැඩි වෙත්.
“ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ සංයෝජන තුනක් නැතිකොට රාග ද්වෙෂ මෝහයන් තුනීකිරීමෙන් සකෘදාගාමිවූ එක් වරක් පමණක් මේ ලෝකයට අවුත් සසර දුක් කෙළවර කරන්නාවූ නාදික ගම්වැසි උපාසකයෝ අනූවකට වැඩිවෙත්.
“ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ සංයෝජන තුනක් නැති කිරීමෙන් සොවාන් ඵලයට පැමිණියාවූ (සතර) අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ අර්හත් ඵලයට නියතවූ නාදික ගම්වාසිවූ උපාසකයෝ පන්සීයයකට වැඩි වෙත්.
“භාග්‍යවතුන් වහන්සේගේ මේ ප්‍රශ්න විසඳීම අසා නාදික ගම් වැසි උපාසකයෝ සතුටු සිත් ඇත්තෝ, ප්‍රමුදිත සිත් ඇත්තෝ, ප්‍රීති සහගත සිත් ඇත්තෝ වූහ” කියායි.
“ස්වාමීනි, ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ මගධ ජනපද වාසී මේ උපාසකයෝද බොහෝ වූහ. චිර රාත්‍රී දන්නෝද වූහ. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ මගධ ජනපද වාසී උපාසකයන්ගෙන් අඟු මගධ දෙරට වැස්සෝ නැත්තාහයි (සූන්‍යයයි) සිතමි. මේ අඟු මගධ දෙරට වැසි උපාසකයෝද බුදුන් කෙරෙහි පැහැදුනෝ වූහ. ධර්මය කෙරෙහි පැහැදුනෝ වූහ. සංඝයාකෙරෙහි පැහැදුනෝවූහ. සීලයන් සම්පූර්ණ කළෝවූහ. ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ ඒ උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දාහුය. ඒ උපාසකයන් ගැනද යහපත් විසඳීමක් වන්නේ නම් බොහෝ ජනයා පහදින්නේය. ඒ හේතුවෙන් සුගතියට යන්නේය.
“තවද මගධ ජනපදයට අධිපතිවූ සේනා ඇත්තාවූ මේ බිම්බිසාර රජුද ධාර්මික වීය. ධර්මයෙන් (ජනයන්) සතුටු කෙළේය. බ්‍රාහ්මණ ගෘහපතියන්ටද, නියම් ගම්වැස්සන්ටද, ජනපද වැස්සන්ටද වැඩ කැමැත්තේ විය. තවද මනුෂ්‍යයෝ මේ කාරණය වර්ණණා කරමින් වාසය කරත්. ධාර්මිකවූ ඒ ධර්මරාජයා අප මෙසේ සැපයට පමුණුවා මැරුණේය. මෙසේ අපි ධාර්මිකවූ ඒ ධර්මරාජයාගේ රටෙහි සැපසේ වාසය කරමු” කියායි.
“ඒ රජුද බුදුන් කෙරෙහි පැහැදුනේය, ධර්මය කෙරෙහි පැහැදුනේය, සංඝයා කෙරෙහි පැහැදුනේය, සීලයන් සම්පූර්ණ කරන්නෙක් වූයේය. තවද මිනිස්සු මෙසේ කීහ. “මරණ කාලය දක්වාත් මගධ රටට අධිපතිවූ, සේනා ඇති බිම්බිසාර රජතුමා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණණා කරන්නෙක්වම මැරුණේය” යනුයි.
“ළඟ අතීතයේදී මැරුණු ඒ රජු ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද්දේය. ඔහු ගැනත් හොඳ ප්‍රකාශ කිරීමක් වන්නේ නම් බොහෝ ජනයා පහදින්නේය. ඒ හේතුකොට ගෙන සුගතියට යන්නේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ බුදුවීම සිදුවූයේ මගධ ජනපදයේදීය. ඒ ප්‍රදෙශයෙහි මගධ ජනපද වාසීවූ ලඟ අතීතයේ මැරුණාවූ උපාසකයන් උපන්තැන් කෙසේ නම් ප්‍රකාශ නොකරන්නෝද? භාග්‍යවතුන් වහන්සේ ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ මගධ ජනපද වැසි, උපාසකයන් උපන් තැන් ඉදින් ප්‍රකාශ නොකරන්නෝ නම්, එයින් මගධ දනව් වැසි උපාසකයෝ බැගෑපත් සිත් ඇත්තෝ වන්නාහ. ස්වාමීනි මගධ දනව් වැසි උපාසකයෝ යමක් කරණකොටගෙන බැගෑපත් සිත් ඇත්තෝ වෙද්ද. එය භාග්‍යවතුන්වහන්සේ කෙසේ නම් ප්‍රකාශ නොකරන්නෝදැයි” කියායි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මගධ ජනපද වැසි උපාසකයන් ගැනවූ විස්තර කථාව භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේදී මෙසේ ප්‍රකාශ කොට උන් ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ පැදකුණුකොට ගියේය.
|
278
අථ ඛො භගවා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ආනන්දෙ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය නාතිකං පිණ්ඩාය පාවිසි. නාතිකෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො පාදෙ පක්ඛාලෙත්වා ගිඤ්ජකාවසථං පවිසිත්වා මාගධකෙ පරිචාරකෙ ආරබ්භ අට්ඨිං කත්වා
(අට්ඨිකත්වා (සී. ස්‍යා. පී.)) මනසිකත්වා සබ්බං චෙතසා
(සබ්බචෙතසා (පී.)) සමන්නාහරිත්වා පඤ්ඤත්තෙ ආසනෙ
|
278
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ බැහැර ගොස් ටික වේලාවකින් පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුරු ගෙන නාදික ගමට පිණ්ඩපාතය පිණිස පැමිණියහ. නාදික ගමෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාත භොජනයෙන් පසු ආපසු වැඩිසේක් පතුල් සෝදා ගිඤ්ජකාවසථ නම් විහාරයට ඇතුල්ව මගධ ජනපද වැසි උපාසකයන් අරබයා කරුණු සලකා, මෙනෙහිකොට සියල්ල ප්‍රඥාවෙන් පිරිසිඳ දැන පැණවූ ආසනයෙහි වැඩ උන්සේක. ‘ඒ පින්වත්හු යම් ඥානයකට පැමිණීමක් ඇත්තෝද, යම්බඳු පරලොවක් ඇත්තෝද, ඔවුන්ගේ ඒ ඥානයට පැමිණීමත්, ඔවුන්ගේ පරලොවත් දැනගන්නෙමියි” ඒ පින්වත්හු යම් ඥානගතියක් ඇත්තෝ වූවාහුද, යම් පරලොවක් ඇත්තෝ වූවාහුද, ඒ ඥානගතිය ඇත්තාවූ ඒ පරලොවට පැමිණියාවූ ඒ උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලදහ’ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමාපත්තියෙන් නැගීසිට, ගිඤ්ජකාවසථ විහාරයෙන් නික්ම විහාර සෙවනැල්ලෙහි පණවනලද ආසනයෙහි වැඩ උන්සේක
|
279
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො
|
279
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට හොඳින් වැඳ එක පැත්තක උන්නේය එක් පසෙක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන්වහන්සේට මේ කාරණය දැන්වූහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඉතාම සාන්ත (සංසිඳුනු) දැකුම් ඇත්තේය. ඉන්ද්රියයන්ගේ ප්‍රසන්න භාවය හේතු කොට ගෙන භාග්‍යවතුන් වහන්සේගේ මුහුණේ ශොභාව බොහොසෙයින් බබලන්නේය. භාග්‍යවතුන් වහන්සේ අද එකාන්තයෙන් ශාන්ත විහරණයකින් යුක්තව වාසය කළ සේකැයි හඟිමි” යනුයි
“ආනන්දය, තොප මගධ ජනපද වැසි උපාසකයන් අරබයා මා ඉදිරියේදී යම් විස්තර කථාවක් කොට උන් ආසනයෙන් නැගිට බැහැර ගියෙහිද, ඉන්පසු මම ඒ නාදික ගමෙහිම පිඬු පිණිස හැසිර පිණ්ඩපාත භෝජනයෙන් ආපසු පැමිණියේ පසුබත් කාලයෙහි පතුල් සෝදා ගිඤ්ජකාවසථ විහාරයටවී, මගධ ජනපද වැසි උපාසකයන් අරබයා හොඳින් සලකා මෙනෙහිකොට සියල්ල ප්‍රඥාවෙන් පිරිසිඳ දැන, පණ වනලද ආසනයෙහි උන්නෙමි.
“ඒ පින්වත්හු යම් (මාර්ග) ඥාන ගතියක් ඇත්තෝද යම්බඳු පරලොවක් ඇත්තෝද, ඔවුන්ගේ ඒ ඥාන ගතියත් දනගන්නෙමි. ඔවුන්ගේ පරලොව ගතියත් දැනගන්නෙමි කියායි.
“ආනන්දය, ඒ පින්වත්හු යම් ඥාන ගතියක් ඇත්තෝද යම් පරලොව ගතියක් ඇත්තෝද මගධ දනව් වැසි ඒ උපාසකයන් මම (නුවණැසින්) දුටුවෙමි.
|
ජනවසභයක්ඛො | ජනවසභයක්ඛො |
280
‘‘අථ ඛො, ආනන්ද, අන්තරහිතො යක්ඛො සද්දමනුස්සාවෙසි - ‘ජනවසභො අහං භගවා
‘‘න ඛො අහං, භන්තෙ, අභිජානාමි ඉතො පුබ්බෙ එවරූපං නාමධෙය්යං සුතං යදිදං ජනවසභොති, අපි ච මෙ, භන්තෙ, ලොමානි හට්ඨානි ‘ජනවසභො’ති නාමධෙය්යං සුත්වා. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘න හි
ඉතො සත්ත තතො සත්ත, සංසාරානි චතුද්දස;
නිවාසමභිජානාමි, යත්ථ මෙ වුසිතං පුරෙ.
|
280
“ආනන්දය, එවිට නොපෙනෙන දෙවියෙක්, ‘භාග්‍යවතුන් වහන්ස, මම ජනවසභ නම් වෙමි. සුගතයන් වහන්ස, මම ජනවසභ නම් වෙමි’ යි මුරගා කීය. ආනන්දය, ජනවසභ යන මේ නම යම්සේද, මින් පෙර මෙබඳු නමක් අසා ඇති බව දන්නෙහිදැයි” ඇසුවෝය. “ස්වාමීනි, මම මීට පෙර ජනවසභ යන මෙබඳු නමක් ඇසූ බවක් නොදනිමි. එහෙත් ජන වසභ යන මේ නම අසා මාගේ ලොම් කෙලින් සිටියේය. ස්වාමීනි, ඒ මට මේ අදහස විය. යමෙකුට මේ ජනවසභ යන නම වී ද ඒකාන්තයෙන් ඒ දෙවි තෙමේ ලාමකයෙක් (සුලු කෙනෙක්) නොවන්නේයයි” කියායි.
“ආනන්දය, ශබ්දය පහළ වීමෙන් පසු මහත් ශරීර වර්ණයක් ඇති (ලක්ෂණ) සොම නම් දෙවියෙක් මා ඉදිරියෙහි පහළ වූයේය. දෙවැනි වරද ශබ්දය ඇස්විය.
‘භාග්‍යවතුන් වහන්ස, මම බිම්බිසාර වෙමි. සුගතයන් වහන්ස, මම බිම්බිසාර වෙමි. ස්වාමීනි, මම මේ සත්වෙනි ජාතියෙහි වෙසමුණු මහරජුගේ සහ භාවයට පැමිණියෙමි. මම එයින් චුතව මනුෂ්‍ය රජෙක් හෝ දිව්‍ය රජෙක් හෝ වන්නෙමි.’
‘මේ දෙව් ලොවින් චුතව සත් වරක්ද, ඒ මිනිස් ලොවින් චුතව සත්වරක්දැයි ජාති දාහතරක් (දෙව් මිනිස් දෙගතියෙහි) සැරිසරමි. මම පෙර කාලයෙහි යම් තැනක වාසය කෙළෙම්ද, ඒ පෙර විසූ ජාති පිළිවෙල මනාසේ දනිමි.
|
281
‘දීඝරත්තං ඛො අහං, භන්තෙ, අවිනිපාතො අවිනිපාතං සඤ්ජානාමි, ආසා ච පන මෙ සන්තිට්ඨති සකදාගාමිතායා’ති. ‘අච්ඡරියමිදං ආයස්මතො ජනවසභස්ස යක්ඛස්ස, අබ්භුතමිදං ආයස්මතො ජනවසභස්ස යක්ඛස්ස. ‘‘දීඝරත්තං ඛො අහං, භන්තෙ, අවිනිපාතො අවිනිපාතං සඤ්ජානාමී’’ති ච වදෙසි, ‘‘ආසා ච පන මෙ සන්තිට්ඨති සකදාගාමිතායා’’ති ච වදෙසි, කුතොනිදානං පනායස්මා ජනවසභො යක්ඛො එවරූපං උළාරං විසෙසාධිගමං සඤ්ජානාතීති? න අඤ්ඤත්ර, භගවා, තව සාසනා, න අඤ්ඤත්ර
(අඤ්ඤත්ථ (සී. පී.)), සුගත, තව සාසනා; යදග්ගෙ අහං, භන්තෙ, භගවති එකන්තිකතො
(එකන්තතො (ස්‍යා.), එකන්තගතො (පී.)) අභිප්පසන්නො, තදග්ගෙ අහං, භන්තෙ, දීඝරත්තං
|
281
‘ස්වාමීනි, මම බොහෝ කලක පටන් සෝවාන් ඵලයට පැමිණියේ සසර අපායෙහි නොවැටෙන්නෙකු බව දනිමි. (එහෙත්) සකෘදාගාමී මාර්ග ලාභය සඳහා මාගේ බලාපොරොත්තුව ඇත්තේය.’
“ආයුෂ්මත් ජනවසභ දෙවියාගේ මේ කාරණය පුදුමයක් වෙයි. ආයුෂ්මත් ජනවසභ දෙවියාගේ මේ කාරණය ඉතා පුදුමයක් වෙයි, ‘ස්වාමීනි, මම බොහෝ කලක පටන් අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තෙමි. අපායෙහි නොවැටෙන ස්වභාවය හොඳින් දනිමියි” කියන්නෙහිය මාගේ ආසාව සකෘදාගාමි මාර්ග ලාභය පිණිස හොඳින් පිහිටා ඇත්තේයයි’ කියන්නෙහිය. “කුමක් හෙයින් ආයුෂ්මත් ජනවසභ දෙවි තෙම මෙබඳු මහත් විශේෂ අධිගමයක් දනී දැයි” ඇසීය
‘භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සසුනෙන් පිටත් වෙන සසුනකින් නොලබන ලද්දේය. සුගතයන් වහන්ස, ඔබ වහන්සේගේ සසුනෙන් පිට වෙන සසුනකින් නොලබන ලද්දේය ස්වාමීනි, මම යම් දවසක පටන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒකාන්තයෙන් මනාකොට පැහැදුනෙම්ද, ස්වාමීනි, එදා පටන් කොට ඇති මේ දිර්ඝ කාලයක් අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තෙක් වීමි අවිනිපාතවූ (සෝවාන් මාර්ගය) මාර්ගය හොඳින් දනිමි. මගේ ආසාවද සකෘදාගාමි මාර්ග ලාභය පිණිස එළඹ සිටී ස්වාමීනි, මේ මම වෙසමුණු මහරජු විසින් විරූළ්හක මහරජු ලඟට කිසියම් කටයුත්තක් සඳහා යවන ලද්දෙමි.
ගිඤ්ජකාවසථ විහාරයට පැමිණ මගධ රට වැසි උපාසකයන් අරබයා කරුණු සලකා, හොඳින් මෙනෙහිකොට, සියල්ල ප්‍රඥාවෙන් පිරිසිඳ ඒ පින්වත්හු යම් ඥානගතියක් ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ ඒ ඥානගතිය මනාකොට දැනගන්නෙමි. ඔව්හු යම් පරලොව ගති ඇත්තෝ වෙද්ද ඔවුන්ගේ ඒ පරලොව ගතිද හොඳින් දැනගන්නාමේයි වැඩ උන් භාග්‍යවතුන් වහන්සේ ඒ අතරමගදී දුටුවෙමි”
“ස්වාමීනි, ඒ පින්වත්හු යම් ගතියක් ඇත්තාහුද යම් පරලොවක් ඇත්තාහුදැයි වෛශ්‍රවණ දෙවියන්ගේ පිරිසෙහි වූවෙකුගේ සමීපයෙන්ම අභිමුඛයෙන්ම (ඔහුගෙන්ම) ඇසීමී පුදුමයකි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේද දක්නෙමි. මේ කාරණයද භාග්‍යවතුන් වහන්සේට සැලකරන්නෙමියි යන අදහස මට ඇති විය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඒ මට මේ කරුණු දෙක හේතුවූහයි” කීය.
|
දෙවසභා | දෙවසභා |
282
‘පුරිමානි
‘‘මොදන්ති වත භො දෙවා, තාවතිංසා සහින්දකා
(සඉන්දකා (සී.));
තථාගතං නමස්සන්තා, ධම්මස්ස ච සුධම්මතං.
නවෙ දෙවෙ ච පස්සන්තා, වණ්ණවන්තෙ යසස්සිනෙ
(යසස්සිනො (ස්‍යා.));
සුගතස්මිං බ්රහ්මචරියං, චරිත්වාන ඉධාගතෙ.
තෙ අඤ්ඤෙ අතිරොචන්ති, වණ්ණෙන යසසායුනා;
සාවකා භූරිපඤ්ඤස්ස, විසෙසූපගතා ඉධ.
ඉදං
තථාගතං නමස්සන්තා, ධම්මස්ස ච සුධම්මත’’න්ති.
‘තෙන
තෙ වුත්තවාක්යා රාජානො, පටිග්ගය්හානුසාසනිං;
විප්පසන්නමනා සන්තා, අට්ඨංසු සම්හි ආසනෙති.
|
282
“ස්වාමීනි, දවස් කීපයකට පෙර, පසළොස්වක් පෝය පවත්නා කල්හි වස් එළඹීම් ඇති සම්පූර්ණවූ සඳ ඇති රාත්‍රි මෙහි සියලු තව්තිසා වැසි දෙවියෝ සුධර්මා නම් (දිව්‍ය) සභායෙහි එක්රැස්ව උන්නාහුවෙත්. මහත් දිව්යපිරිසක්ද අවටින් උන්නේ වෙයි. සතරවරම් මහරජහුද සතරදිගින් උන්නාහු වෙත්. නැගෙනහිරදිග ධෘතරාෂ්ට්‍ර නම් දෙව් මහරජ බටහිරට මුහුණ ලා දෙවියන් පෙරටුකොට උන්නේවේ. දකුණු දිග විරූළ්හක නම් දෙව් මහරජ උතුරට මුහුණලා දෙවියන් පෙරටුකොට උන්නේවේ. බටහිර දෙස විරූපාක්ෂ නම් දෙව් මහරජ පෙරදිගට මුහුණ ලා දෙවියන් පෙරටුකොට උන්නේ වේ. උතුරුදෙස වෛශ්රවන (වෙසමූණු) දෙව් මහරජ දකුණු දිගට මුහුණලා දෙවියන් පෙරටුකොට උන්නේ වේ.
“ස්වාමීනි, යම් කලෙක්හි සියලු තව්තිසා වැසි දෙවියෝ සුධර්මා නම් (දිව්‍ය) සභාවෙහි රැස්ව එක්ව උන්නාහු වෙත්ද, මහත් දිව්‍ය පිරිසද හාත්පසින් එක්ව උන්නාහු වෙත්ද සතරවරම් දෙව් මහ රජවරුද සතරදිග එක් රැස්ව උන්නාහු වෙද්ද මේ ඔවුන්ගේ ආසනය ඉදිරියෙන් වේ. එවිට අපගේ ආසනය පසුපසින් වේ.
“ස්වාමීනී, යම් ඒ දෙවි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාව රැක තව්තිසා දිව්‍යලෝකයෙහි අලුත උපන්නාහු වෙද්ද, ඔවුහු ශරීර වර්ණයෙන්ද, යසසින්ද අනිකුත් දෙවියන්ට වැඩියෙන් බබළත්. ස්වාමීනි, ඒ කාරණයෙන් තව්තිසා වැසි දෙවියෝ සතුටු සිත් ඇත්තෝ වෙත්. ප්‍රමුදිත සිත් ඇත්තෝ වෙත්. හටගත් ප්රිති ඇත්තෝ වෙත්. ‘පින්වත්නි, දිව්‍ය සමූහයා දියුණු වෙත්. අසුර සමූහයා පිරිහෙත්යයි’ කියායි.
“ස්වාමීනි, එකල්හි සක්රදෙවෙන්ද්ර තෙමේ තව්තිසා වැසි දෙවියන්ගේ උතුම්වූ පැහැදීම දැනගෙන මේ (අදහස් ඇති) ගාථාවලින් සතුට ප්‍රකාශ කෙළේය.
“පින්වත්නි, ඉන්ද්රයා (ශක්‍රයා) සහිතවූ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංඝයාටද නමස්කාර කෙරෙමින් සතුටු වෙත්.”
“සුගතයන් වහන්සේ කෙරෙහි උතුම් හැසිරීමෙහි හැසිර මේ දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) පැමිණියාවූ උතුම්වූ ශරීරවර්ණ ඇත්තාවූ, යසස් ඇත්තාවූ අලුත් දෙවියන් දක්නාහුය
“ඒ දෙවියෝ ශරීර වර්ණයෙන්ද, යසසින්ද, ආයුෂයෙන්ද අන්‍ය දෙවියන්ට වැඩියෙන් බබලත්. මහත්වූ ප්‍රඥාවෙන් යුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දෙව් ලොවෙහි විශේෂ බවට පැමිණියාහුය”
“ඉන්ද්රයා (ශක්‍රයා) සහිතවූ තව්තිසා වැසි දෙවියෝ බොහෝසෙයින්ම සතුටු සිත් ඇත්තෝ තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංඝයාටද නමස්කාර කෙරෙත්.”
“ස්වාමීනි, ඒ කාරණය නිසා බොහෝසෙයින්ම තව්තිසා වැසි දෙවියෝ සතුටු සිත් ඇත්තෝ, ප්‍රමුදිත සිත් ඇත්තෝ හටගත් ප්‍රීති ඇත්තෝ වෙත්.
“පින්වත්නි ඒකාන්තයෙන් දිව්‍ය සමූහයා දියුණුවෙත්. අසුර සමූහයා පිරිහෙත්”යි කියායි.
“තවද, ස්වාමීනි, යම් ප්‍රයෝජනයක් නිසා තව්තිසා වැසි දෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි රැස්වූවාහුද එක්වූවාහුද, (වස් එළඹීම් පිණිස රැස්වන හෙයින්) “ඒ කාරණය සිතා (වනවාසී සංඝයාට ආරක්ෂාව පිණිස) ඒ කාරණය මන්ත්‍රණය කොට (කථාකර) ගෙන කියනලද වචන ඇත්තෝ ඒ සතර වරම් රජවරුද ඒ කාරණය පිණිස පවතිත්. නැවත අනුශාසනා කරනලද සතරවරම් රජවරුද බැහැර නොගොස් ඒ කාරණය පිණිස තමන්ගේ ආසනවලම සිටියාහුය.
“ඒ සතරවරම් රජහු අනුශාසනා පිළිගෙන (මෙනෙහි කොට) අතිශයින් පැහැදුනු සිත් ඇත්තෝ තමන්ගේ ආසනයෙහිම සිටියාහුය.
|
283
‘අථ ඛො, භන්තෙ, උත්තරාය දිසාය උළාරො ආලොකො සඤ්ජායි, ඔභාසො පාතුරහොසි අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. අථ ඛො, භන්තෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි - ‘‘යථා ඛො, මාරිසා, නිමිත්තානි දිස්සන්ති, උළාරො ආලොකො සඤ්ජායති, ඔභාසො පාතුභවති, බ්රහ්මා පාතුභවිස්සති. බ්රහ්මුනො හෙතං පුබ්බනිමිත්තං පාතුභාවාය යදිදං ආලොකො සඤ්ජායති ඔභාසො පාතුභවතීති.
‘‘යථා නිමිත්තා දිස්සන්ති, බ්රහ්මා පාතුභවිස්සති;
බ්රහ්මුනො හෙතං නිමිත්තං, ඔභාසො විපුලො මහා’’ති.
|
283
“එවිට උතුරු පැත්තෙන් මහත්වූ ආලෝකයක් හටගත්තේය. මහත් බැබලීමක් පහළවූයේය (කෙසේද) දෙවියන්ගේ දෙවානුභාවය (ආලෝකය) මැඩපවත්වා පහළ වූයේය. ස්වාමීනි, එවිට සක්දෙව් තෙමේ තව්තිසා වැසි දෙවියන්ට කථාකළේය. ‘නිදුකාණනි, යම් හෙයකින් (යම් දිගකින්) පෙරනිමිති දක්නා ලැබෙද්ද, ආලෝකයක් හටගනීද, මහත් බැබලීමක් පහළවේද (ඒ දිගින්) බ්‍රහ්මතෙමේ පහළ වන්නේය. මහාබ්‍රහ්මයාගේ පහළවීමට මේ පෙරනිමිත්තයයි’ කීයේය. එනම් යම් ඒ ආලෝකයක් හටගනීද බැබලීමක් පහළවේද යනුයි.
“පෙර කී පරිදි නිමිති දක්නා ලැබෙත් නම් බ්‍රහ්මයා පහළ වන්නේය. පැතිර පවත්නාවූ මහත් ආලෝකය යම්සේ පහළවේද, එයම බ්‍රහ්මයාගේ පහළවීමට පෙරනිමිති වන්නේය.
|
සනඞ්කුමාරකථා | සනඞ්කුමාරකථා |
284
‘අථ ඛො, භන්තෙ, දෙවා තාවතිංසා යථාසකෙසු ආසනෙසු නිසීදිංසු - ‘‘ඔභාසමෙතං ඤස්සාම, යංවිපාකො භවිස්සති, සච්ඡිකත්වාව නං ගමිස්සාමා’’ති. චත්තාරොපි මහාරාජානො යථාසකෙසු ආසනෙසු නිසීදිංසු - ‘‘ඔභාසමෙතං ඤස්සාම යංවිපාකො භවිස්සති, සච්ඡිකත්වාව
‘යදා, භන්තෙ, බ්රහ්මා සනඞ්කුමාරො දෙවානං
‘යස්ස ඛො පන, භන්තෙ, දෙවස්ස බ්රහ්මා සනඞ්කුමාරො පල්ලඞ්කෙ නිසීදති, උළාරං සො ලභති දෙවො වෙදපටිලාභං; උළාරං සො ලභති දෙවො සොමනස්සපටිලාභං. සෙය්යථාපි, භන්තෙ, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො අධුනාභිසිත්තො රජ්ජෙන, උළාරං සො ලභති වෙදපටිලාභං, උළාරං සො ලභති සොමනස්සපටිලාභං. එවමෙව ඛො, භන්තෙ, යස්ස දෙවස්ස බ්රහ්මා සනඞ්කුමාරො පල්ලඞ්කෙ නිසීදති, උළාරං සො ලභති දෙවො වෙදපටිලාභං, උළාරං සො ලභති දෙවො සොමනස්සපටිලාභං. අථ
‘‘මොදන්ති
තථාගතං නමස්සන්තා, ධම්මස්ස ච සුධම්මතං.
‘‘නවෙ දෙවෙ ච පස්සන්තා, වණ්ණවන්තෙ යසස්සිනෙ;
සුගතස්මිං බ්රහ්මචරියං, චරිත්වාන ඉධාගතෙ.
‘‘තෙ අඤ්ඤෙ අතිරොචන්ති, වණ්ණෙන යසසායුනා;
සාවකා භූරිපඤ්ඤස්ස, විසෙසූපගතා ඉධ.
‘‘ඉදං
තථාගතං නමස්සන්තා, ධම්මස්ස ච සුධම්මත’’න්ති.
|
284
“ස්වාමීනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ තම තමන්ගේ ආසනවලම උන්නෝය ‘මේ බැබලීම (ආලෝකය) දැනගන්නෙමු එයින් යම් විපාකයක් වන්නේ නම් එයත් හොඳින් දැනගෙනම යමු කියායි සතර වරම් මහරජහුද තම තමන්ගේ ආසනවලම උන්නාහුය. මේ ආලෝකය දැන ගන්නෙමු. ඉන් යම් විපාකයක් වන්නේ නම් එයද හොඳින් දැනගෙනම යන්නෙමු’ කියායි මේ අසා තව්තිසා වැසි දෙවියෝ එකඟ බවට පැමිණියාහුය. ‘මේ ආලෝකය දැන ගන්නෙමු ඉන් යම් විපාකයක් වන්නේ නම් එයද හොඳින් දැනගෙනම යන්නෙමුයි’ කියායි.
‘ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළ වන්නේද, එකල්හි ඔළාරික (සියල්ලටම පෙනෙන මහත්) ශරීරයක් මවාගෙන පහළ වෙයි. ස්වාමීනි, මහබඹුගේ යම් ඒ ප්‍රකෘති ශරීර වර්ණයක්වේද එය තව්තිසා වැසි දෙවියන්ගේ ඇසට හමු නොවෙයි (නොපෙනෙයි) ස්වාමීනි, යම් කලෙක සනන් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළවේද, ඒ බ්‍රහ්ම තෙමේ තමාගේ ශරීරවර්ණයෙන්ද යසසින්ද අනිකුත් දෙවියන් මැඩපවත්වා වැඩියක් බබළයි. ස්වාමිනි, රත්රන් රූපය මනුෂ්‍ය රූපය ඉක්මවා වැඩියක් බබළයිද, ස්වාමීනි, එමෙන්යම් කලෙක සනන් කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා දෙව්ලොව පහළ වෙයිද එකල ශරීර වර්ණයෙන්ද, යසසින්ද අන් දෙවියන් මැඩපවත්වා වැඩියක් බබලයි
“ස්වාමීනි, යම් කලෙක්හි සනන් කුමාර බ්‍රහ්මතෙමේ තව්තිසා වැසි දෙවියන් අතර පහළවේද, ඒ පිරිසෙහි කිසි දෙවතාවෙක් ඔහුට නොවඳියි. උන් ආසනයෙන් නොනැගිටියි. (වාඩිවීමට) ආසනයක් හෝ නොපවරයි. සනන් කුමාර බ්‍රහ්ම තෙම යම් දෙවියෙකුගේ ආසනයක් කැමති වන්නේද, ස්වාමීනි, ඒ දෙවියාගේ ආසනයෙහි සනන් කුමාර බ්‍රහ්ම තෙමේ හිඳගන්නේයයි ඒ සියලු දෙවියෝම නිශ්ශබ්දව ඇඳිලිබැඳගෙන (දෑත් හිසෙහි තබා වැඳගෙන) ආසනයන්හි හිඳිත්.
“ස්වාමීනි, ඒ සනන් කුමාර බ්‍රහ්මතෙමේ දෙවියෙකුගේ ආසනයෙහි හිඳගන්නේද? ඒ දෙවියා මහත්වූ සතුටක් මහත්වූ සොම්නසක් ලබයි. ස්වාමීනි, යම්සේ අලුත රාජ්‍යය ලැබූ මුදුනෙහි අභිෂෙක කරන ලද්දාවූ ක්ෂත්රිය රජෙක් වේද, ඔහු මහත් වූ ප්‍රීතියක් ලබන්නේද, මහත්වූ සතුටක් ලබන්නේද, ස්වාමීනි, එසේම සනන් කුමාර බ්‍රහ්මතෙම යම් දෙවියෙකුගේ ආසනයක හිඳ ගනීද, ඒ දෙවියා මහත්වූ ප්‍රීතියක් ලබන්නේය, මහත් සතුටක් විඳින්නේය.
“ස්වාමීනි, එකල්හි සනන් කුමාර බ්‍රහ්මතෙම ඖදාරික (මහත්) ශරීරයක් මවාගෙන පංචසිඛ දිව්‍ය පුත්‍රයා මෙන් කුමාර වෙසයෙන් තව්තිසා වැසි දෙවියන් අතරෙහි පහළ වූයේය. ඔහු අහසට නැඟී පිහිටීමක් නැති ආකාශයෙහි පලක්බැඳ උන්නේය. කෙසේදයත් ස්වාමීනි, බලවත් පුරුෂයෙක් මනාකොට වස්ත්‍රාදියෙන් අතුරනලද ආසනයෙක්හි හෝ සමවූ භූමියක හෝ පලක් බැඳ හිඳින්නේද, ස්වාමීනි එපරිද්දෙන්ම සනන් කුමාර බ්‍රහ්ම තෙමේ අහසට පැනනැඟී පිහිටීමක් නැති අහසෙහි පලක් බැඳ, තව්තිසා වැසි දෙවියන්ගේ යහපත් පැහැදීම දැනගෙන මේ (අදහස් ඇති) ගාථාවලින් සතුට ප්‍රකාශ කෙළේය.
“පින්වත්නි, ඉන්ද්රයා (ශක්‍රයා) ප්‍රධානකොට ඇති තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංඝයාටද නමස්කාර කරමින් ඉතා ප්‍රීතිමත් වෙත්මය.”
“(ජනයෝ) සුගතයන් වහන්සේ කෙරෙහි බඹසර (උතුම් හැසිරීම) රැක මේ දෙව්ලොවට (ඉපදීම් වශයෙන්) පැමිණියාවූ වර්ණවත්වූද යසස් ඇත්තාවූද අලුත් දෙවියන් දක්නාහුය.
“ඒ දෙවතාවෝ වර්ණයෙන් (පාටින්) ද, යසසින්ද ආයුෂයෙන් වෙන දෙවියන් ඉක්මවා බබළත්. මහා ප්‍රඥා ඇති තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ දිව්‍ය ලෝකයෙහි විශේෂ බවට පැමිණියාහුය.”
“ඉන්ද්රයා (ශක්‍රයා) ප්‍රධානකොට ඇති තව්තිසා වැසි දෙවියෝ මේ කාරණය දැක තථාගතයන් වහන්සේටද, ධර්මයටද, සංඝයාටද නමස්කාර කරමින් වඩාත් සතුටුවෙත්.”
|
285
‘ඉමමත්ථං, භන්තෙ, බ්රහ්මා සනඞ්කුමාරො භාසිත්ථ; ඉමමත්ථං, භන්තෙ, බ්රහ්මුනො සනඞ්කුමාරස්ස භාසතො අට්ඨඞ්ගසමන්නාගතො සරො හොති විස්සට්ඨො ච විඤ්ඤෙය්යො ච මඤ්ජු ච සවනීයො ච බින්දු ච අවිසාරී ච ගම්භීරො ච නින්නාදී ච. යථාපරිසං ඛො පන, භන්තෙ, බ්රහ්මා සනඞ්කුමාරො සරෙන විඤ්ඤාපෙති; න චස්ස බහිද්ධා පරිසාය
‘අථ ඛො, භන්තෙ, බ්රහ්මා සනඞ්කුමාරො තෙත්තිංසෙ අත්තභාවෙ අභිනිම්මිනිත්වා දෙවානං තාවතිංසානං පච්චෙකපල්ලඞ්කෙසු
|
285
“ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්මතෙමේ මේ කාරණය කීයේය. “ස්වාමීනි, මේ කාරණය කියන්නාවූ සනත් කුමාරයාගේ ශබ්දය මේ අංග අටෙන් යුක්තවේ (පීඩාවක් නැතිව හොඳින් නික්මෙන) විස්සට්ඨ නම් ස්වරයද (වහාම අදහස තේරුම් යන) විඤ්ඤෙය්‍ය නම් ස්වරයද, (ඉතා මොලොක්වූ) මඤ්ජුස නම් ස්වරයද, (ඇසීමට කණට මිහිරිවූ) ස්වර්ණය නම් ස්වරයද, (එකට සම්බන්ධවූ) බින්දු නම් ස්වරයද, (නොවිසිර පවත්නාවූ) අවිසාරී නම් ස්වරයද, (ගැඹුරුව නික්මෙන) ගම්භීර නම් ස්වරයද, (මිහිරි රාවය පවත්නාවූ) නින්නාදී නම් ස්වරයද යන අටයි
“ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්මතෙම පිරිසට ප්‍රමාණවූ ස්වරයෙන් අඟවයි ඒ ඝොෂාව (හඬ) පිරිසෙන් පිටතට නොයයි. ස්වාමීනි, යමෙකුගේ ස්වරය මේ අංග අටින් යුක්තවේද එය බ්‍රහ්ම ස්වරයයි කියනු ලැබේ.
“ස්වාමීනි, ඉන්පසු සනන් කුමාර බ්‍රහ්මතෙමේ ආත්මභාව (ශරීර) තිස්තුනක් මවාගෙන, තව්තිසා වැසි දෙවියන්ගේ වෙන වෙනම ආසනයන්හි පලක් බැඳ හිඳ තව්තිසා වැසි දෙවියන් කථාකර මෙසේ කීවේය. ‘පින්වත්නි, තව්තිසා වැසි දෙවියෝ ඒ කුමකැයි සිතත්ද? ඒ භාග්‍යවතුන් වහන්සේ යම්තාක් බොහෝදෙනාට වැඩ පිණිසද, බොහෝ දෙනාට සැප පිණිසද, ලොවට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ ප්‍රයෝජනය පිණිසද, වැඩ පිණිසද, සැප පිණිසද පිළිපන්සේක්ද, එහෙයින් පින්වත්නි, යම්කෙනෙක් බුදුන් සරණ ගියාහුද ධර්මය සරණ ගියාහුද, සඟ සරණ ගියාහුද, සීලයන් සම්පූර්ණ කරන්නාහුද, ඒ සත්වයෝ ඇතැම් කෙනෙක් කය බිඳීමෙන් මරණින් මතු පරනිර්මිත වසවත්තී නම් දෙවියන් සමග එක්වීමට පැමිණෙත්. ඇතැම් කෙනෙක් නිර්මාන රතී දෙවියන් සමග එක්වීමට පැමිණෙත්. ඇතැම් කෙනෙක් තුසිත දෙවියන් සමග එක්වීමට පැමිණෙත්. ඇතැම් කෙනෙක් යාම දෙවියන් සමග එක්වීමට පැමිණෙත්. ඇතැම් කෙනෙක් තාවතිංස දෙවියන් සමග එක්වීමට පැමිණෙත්. ඇතැම් කෙනෙක් චාතුර්මහාරාජීක නම් දෙවියන් සමග එක්වීමට පැමිණෙත්. යම් කෙනෙක් සියල්ලන්ටම පහත්වූ ශරීරයක් (උත්පත්තියක්) සම්පූර්ණ කෙරෙද්ද (ලබත්ද) ඔවුහු ගන්ධර්ව නම් කොටසෙහි උපදිත්.’
|
286
‘ඉමමත්ථං
එකස්මිං භාසමානස්මිං, සබ්බෙ භාසන්ති නිම්මිතා;
එකස්මිං තුණ්හිමාසීනෙ, සබ්බෙ තුණ්හී භවන්ති තෙ.
තදාසු
ය්වායං මම පල්ලඞ්කස්මිං, ස්වායං එකොව භාසතීති.
‘අථ
|
286
“ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්ම තෙමේ මේ කාරණය කීයේය. ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්මයා විසින් කියන කල්හි ඒ ඒ දෙවියා මෙසේ සිතයි. ‘යම් මේ දෙවි කෙනෙක් මාගේ ආසනයෙහි හිඳීද, ඒ මේ දෙවියාම කථා කරන්නේය’ කියායි.
“එක් දෙවියෙකු කථාකරන කල්හි මවනලද සියලු දෙවියෝම කථාකරත්. එක් දෙවියෙකු නිශ්ශබ්දව සිටින කල්හි (අනිකුත්) සියලු දෙවියෝම නිශ්ශබ්ද වෙත්.
“එකල්හි සක්දෙවි ප්‍රධාන තව්තිසා වැසි දෙවියෝ මෙසේ සිතත්. ‘යමෙක් මාගේ ආසනයේ සිටීද ඒ මේ දෙවියාම කථා කරන්නේය” කියායි.
“ස්වාමීනි, ඉක්බිති සනන් කුමාර බ්‍රහ්මතෙම එක් කොටසක් ශරීරය හැකුලුවේය. එක් කොටසක් ශරීරය අකුලුවා සක් දෙවිඳුගේ ආසනයෙහි හිඳ තව්තිසා වැසි දෙවියන්ට කථාකළේය.
|
භාවිතඉද්ධිපාදො | භාවිතඉද්ධිපාදො |
287
‘‘‘තං කිං මඤ්ඤන්ති, භොන්තො දෙවා තාවතිංසා, යාව සුපඤ්ඤත්තා චිමෙ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ඉද්ධිපාදා පඤ්ඤත්තා ඉද්ධිපහුතාය
(ඉද්ධිබහුලීකතාය (ස්‍යා.)) ඉද්ධිවිසවිතාය
(ඉද්ධිවිසෙවිතාය (ස්‍යා.)) ඉද්ධිවිකුබ්බනතාය. කතමෙ චත්තාරො? ඉධ භො භික්ඛු ඡන්දසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. වීරියසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. චිත්තසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. වීමංසාසමාධිප්පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො, භො, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ඉද්ධිපාදා පඤ්ඤත්තා ඉද්ධිපහුතාය ඉද්ධිවිසවිතාය ඉද්ධිවිකුබ්බනතාය.
‘‘‘යෙ හි කෙචි භො අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොසුං, සබ්බෙ තෙ ඉමෙසංයෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙපි හි කෙචි භො අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොස්සන්ති, සබ්බෙ
|
287
‘පින්වත්වූ තව්තිසා වැසි දෙවියෝ ඒ කුමකැයි සිතන්නාහුද (ඥානයෙන්) දන්නාවූ, දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යම් පමණවූ මේ සතර ආකාර ඍද්ධිපාද කෙනෙක් ඉතා හොඳින් පණවන ලද්දාහුද, (කුමක් පිණිසද යත්) බොහෝවූ ඍද්ධිමත් භාවය පිණිසද, ඍද්ධි සෙවනය සඳහාද, නොයෙක් ආකාර ඍද්ධි දැක්වීම පිණිසද වෙත්. ඒ සතර කවරහුද යත්? පින්වත්නි, මේ ශාසනයෙහි යම් භික්ෂු කෙනෙක් ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩාද, වීර්‍ය්‍ය සමාධි ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩාද, චිත්ත සමාධි ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩාද, විමංසා සමාධි ප්‍රධාන සංස්කාරයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩාද, පින්වත්නි, ඥානයෙන් දන්නාවූද, දක්නාවූද, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ ඍද්ධිපාද හතර බොහෝ ඍද්ධිමත් භාවය පිණිසද, ඍද්ධියගේ ආසේවනය පිණිසද, නොයෙක් ආකාර ඍද්ධි දැක්වීම පිණිසද පණවන ලද්දාහුය.
“පින්වත්නි, අතීතකාලයෙහි යම් ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඍද්ධි විධිවලින් ප්‍රයෝජන ගත්තාහුද ඒ සියලු මහණ බමුණෝ මේ හතර ආකාර ඍද්ධිපාදයන් වැඩූ බැවින්ද, බොහෝසෙයින් පුරුදු කරනලද බැවින්ද (ඒ ඍද්ධි විධි දැක්වූහ.)
“පින්වත්නි, අනාගත (මතු) කාලයෙහි යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නොයෙක් ආකාරවූ ඍද්ධි විධිවලින් ප්‍රයෝජන ලබන්නාවූද ඒ සියල්ලෝම මේ හතර ආකාර ඍද්ධිපාදයන් වැඩූ බැවින්ද, බහුල කළ බැවින්ද ඒ ඍද්ධිවලින් ප්‍රයෝජන ලබන්නාහුය.
‘පින්වත්නි, මේ කාලයෙහි යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නොයෙක් ආකාර ඍද්ධි විධිවලින් ප්‍රයෝජන ලබත්ද, ඒ සියල්ලෝම මේ හතර ආකාර ඍද්ධිපාදයන් වැඩූ බැවින්ද, බහුල කළ බැවින්ද ඒ ඍද්ධිවලින් ප්‍රයෝජන ලබත්.
“පින්වත්නි, අපගේ තව්තිසා වැසි දෙවියෝද මාගේත් එබඳුමවූ ඍද්ධි මහිමයක් දක්නාහුදැයි” ඇසුවේය. “බ්‍රහ්මය ඒ එසේයයි” දැන්වූහ. ‘දෙවතාවෙනි, මමද මේ හතර ආකාර ඍද්ධිපාදයන් වැඩූ බැවින්ද බහුල කළ බැවින්ද මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙක්ද මෙබඳු මහත් ආනුභාව ඇත්තෙක්ද වෙමියි” කීය.
“ස්වාමීනි, ඒ සනන් කුමාර බ්‍රහ්ම තෙමේ මේ කාරණය කීයේය. ‘ස්වාමීනි, ඒ සනන් කුමාර බ්‍රහ්මතෙමේ මේ කාරණය කියා තව්තිසා වැසි දෙවියන්ට කථාකර මෙසේ කීවේය.
|
තිවිධො ඔකාසාධිගමො | තිවිධො ඔකාසාධිගමො |
288
‘‘‘තං කිං මඤ්ඤන්ති, භොන්තො දෙවා තාවතිංසා, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තයො ඔකාසාධිගමා අනුබුද්ධා සුඛස්සාධිගමාය. කතමෙ තයො? ඉධ භො එකච්චො සංසට්ඨො විහරති කාමෙහි සංසට්ඨො අකුසලෙහි ධම්මෙහි. සො අපරෙන සමයෙන
‘‘‘පුන චපරං, භො, ඉධෙකච්චස්ස ඔළාරිකා කායසඞ්ඛාරා අප්පටිප්පස්සද්ධා හොන්ති, ඔළාරිකා වචීසඞ්ඛාරා අප්පටිප්පස්සද්ධා හොන්ති, ඔළාරිකා චිත්තසඞ්ඛාරා අප්පටිප්පස්සද්ධා හොන්ති. සො අපරෙන සමයෙන අරියධම්මං සුණාති, යොනිසො මනසි කරොති, ධම්මානුධම්මං පටිපජ්ජති. තස්ස අරියධම්මස්සවනං ආගම්ම යොනිසොමනසිකාරං ධම්මානුධම්මප්පටිපත්තිං ඔළාරිකා කායසඞ්ඛාරා පටිප්පස්සම්භන්ති, ඔළාරිකා වචීසඞ්ඛාරා පටිප්පස්සම්භන්ති, ඔළාරිකා චිත්තසඞ්ඛාරා
‘‘‘පුන චපරං, භො, ඉධෙකච්චො
|
288
“පින්වත්නි, තව්තිසා වැසි දෙවියන් නුවණින් දන්නාවූ දක්නාවූ, අර්හත්වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් (ධ්‍යාන මාර්ගාදී) සැප ලැබීම පිණිස මේ ඔකාසාධිගම තුණක් අවබෝධ කරන ලද්දාහුය. ඒ කවර තුනක්ද යත්.
“පින්වත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන් සමග යෙදුනු සිත් ඇතිව, අකුශල ධර්මයන් සමග යෙදුනු සිත් ඇතිව වාසය කෙරේද, ඉදින් ඒ පුද්ගලතෙම නොබෝ කලකදී උතුම් ධර්මය අසාද, නුවණින් මෙනෙහි කෙරේද, ධර්මයට අනුව පිළිපදීද, ඔහු උතුම් ධර්මය ඇසීමටද, නුවණින් මෙනෙහි කිරීමටද, ධර්මානුධර්ම ප්‍රතිපත්තියටද පැමිණ, කාමයන් සමග යෙදුනු සිත් නැතිව, අකුශල ධර්මයන් සමග යෙදුනු සිත් නැතිව වාසය කෙරේද, කාමයන් සමග නොයෙදුනු සිත් ඇත්තාවූද අකුශල ධර්මයන් සමග නොයෙදුනු සිත් ඇත්තාවූද, ඒ පුද්ගලයාහට සැපයක් උපදී. සැපයෙන් පසුව සතුට උපදී. පින්වත්නි, යම්සේ සන්තෝසයට පසුව ප්‍රමුදිත භාවය උපදින්නේද, පින්වත්නි, එපරිද්දෙන්ම කාමයන් සමග නොයෙදුන සිත් ඇත්තාවූද, අකුශල ධර්මයන් සමග නොයෙදුන සිත් ඇත්තාවූද, ඔහුට සැපයක් උපදී. සැපයෙන් මත්තෙහි සොම්නස උපදී. පින්වත්නි, නුවණින් දන්නාවූද, දක්නාවූද අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පළමුවැනි (ප්‍රථම ධ්‍යානය) ඔකාසාධිගමය (ධ්‍යාන මාර්ගාදීවූ) සැප පිණිස දැනගන්නා ලද්දාහුය.
“නැවතද අනිකක් නම්, පින්වත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඖදාරික කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස) නොසන්සිඳෙව්වාහු වෙත්ද, ඖදාරික වාක් සංස්කාර (විතර්ක විචාර) නොසන්සිඳෙව්වාහු වෙත්ද, ඖදාරික වූ මනො සංස්කාර (සිතිවිලි) නොසන්සිඳෙව්වාහු වෙත්ද, ඒ පුද්ගලයා පසු කලකදී උතුම්වූ ධර්මය අසාද නුවණින් මෙනෙහි කෙරේද ධර්මයට අනුව පිළිපදීද, ඔහුගේ ඖදාරික කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස) සංසිඳෙත්. ඖදාරික වාක් සංස්කාර (විතර්ක විචාර) සංසිඳෙත්. ඖදාරික මනො සංස්කාර (සිතිවිලි) සංසිඳෙත්.
“ඖදාරික කාය සංස්කාර සංසිඳීම් නිසාද, ඖදාරික වාක් සංස්කාර සංසිඳීම නිසාද, ඖදාරික මනො සංස්කාර සංසිඳීම නිසාද සැපයක් උපදී. සැපයෙන් මත්තෙහි සතුට උපදී.
“පින්වත්නි, යම්සේ සන්තෝෂයට පසුව ප්‍රමුදිත භාවය උපදීද, පින්වත්නි, එපරිද්දෙන්ම ඖදාරික කාය සංස්කාරයන්ගේ සංසිඳීමෙන්ද, ඖදාරික වාක්සංස්කාරයන්ගේ සංසිඳීමෙන්ද, ඖදාරික මනො සංස්කාරයන්ගේ සංසිඳීමෙන්ද සැපයක් උපදී. සැපයට පසුව සතුට උපදී.
“පින්වත්නි, නුවණින් දන්නාවූද, දක්නාවූද අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දෙවැනිවූ මේ ඔකාසාධිගමය (චතුර්ථධ්යානය) සැප ලැබීම පිණිස අවබෝධ කරන ලද්දේය.
“තවද අනිකක් නම්, පින්වත්නි, මේ ලෝකයෙහි සමහර පුද්ගලයෙක් මේ කුසල්යයි ඇති සැටියෙන් නොදනීද, මේ අකුසල්යයි ඇතිසැටියෙන් නොදනීද, මෙය වරද සහිතය, මෙය වරද රහිතය, මෙය සේවනය කළ යුතුය, මෙය සෙවනය නොකළ යුතුය, මෙය ලාමකය, මෙය උතුම්ය, මේ කුසල් අකුසල්වලට සමාන ධර්මයෝ යයි ඇති සැටියෙන් නොදනීද, ඒ පුද්ගලයා පසු කලකදී උතුම්වූ ධර්මය අසාද නුවණින් මෙනෙහි කෙරේද, ධර්මයට අනුව පිළිපදීද, ඒ පුද්ගලයා ඇසීමටද, නුවණින් මෙනෙහි කිරීමටද, ධර්මයට අනුව පිළිපැදීමටද පැමිණ මේ කුසල් යයි ඇතිසැටියෙන් දැන ගනී. මේ අකුසල්යයි ඇතිසැටියෙන් දැනගනී. මෙය වරද සහිතය, මෙය වරද රහිතය, මෙය සේවනය කළ යුතුය. මෙය සේවනය නොකළ යුතුය. මෙය ලාමකය, මෙය උතුම්ය, මෙය කුසල් අකුසල් දෙකට සමානය කියා ඇතිසැටියෙන් දැනගනී. මෙසේ දන්නාවූද, දක්නාවූද, ඔහුගේ අවිද්‍යාව (නොදැනීම්) නැතිවෙයි. විද්‍යාව (දැනීම) ඇතිවෙයි.
“ඒ පුද්ගලයාගේ අවිද්‍යාව නැතිවීමෙන්ද විද්‍යාව ඉපදීමෙන්ද සැපයක් උපදී. සැප ලැබීමට පසුව සතුට උපදී. පින්වත්නි, යම්සේ සන්තෝෂයට පසුව ප්‍රමුදිත භාවය උපදීද, පින්වත්නි, එපරිද්දෙන්ම අවිද්‍යාව නැතිවීමෙන් විද්‍යාව ඉපදීමෙන් සැපයක් උපදී. සැපයට මත්තෙහි සතුට උපදී. පින්වත්නි, නුවණින් දන්නාවූ දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සැප ලැබීම පිණිස මේ ඔකාසාධිගම තුණ අවබෝධ කරන ලද්දාහුයයි” කීය.
“ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්ම තෙම මේ කාරණය කීයේය. සනන් කුමාර බ්‍රහ්ම තෙමේ මේ කාරණය කියා තව්තිසා වැසි දෙවියන්ට කථාකර මෙසේ කීවේය.
|
චතුසතිපට්ඨානං | චතුසතිපට්ඨානං |
289
‘‘‘තං කිං මඤ්ඤන්ති, භොන්තො දෙවා තාවතිංසා, යාව සුපඤ්ඤත්තා චිමෙ තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො සතිපට්ඨානා පඤ්ඤත්තා කුසලස්සාධිගමාය. කතමෙ චත්තාරො? ඉධ
|
289
“පින්වත්නි, තව්තිසා වැසි දෙවියෝ ඒ කුමකැයි සිතත්ද? නුවණින් දන්නාවූ, දක්නාවූ, අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කුසල් (මාර්ග කුසල්) ලැබීම පිණිස මේ සතර සතිපට්ඨානයක් පණවන ලද්දාහුය. කවර සතරක්ද යත්? පින්වත්නි, මේ ශාසනයෙහි යම් මහණෙක් අධ්‍යාත්මික (තමන්ගේ) කයෙහි කය අනුව දක්නා ස්වභාව ඇත්තේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ මනා නුවණ ඇත්තේ, සිහි ඇත්තේ, කය නම්වූ ලෝකයෙහි ආසාව සහ සිතේ දුක මැඩ පවත්වා වෙසේද, තමන්ගේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නාවූ (භික්ෂුව) එහි හොඳින් සිත එකඟ කරයි. මනාකොට වෙසෙසින් පහදී. ඒ භික්ෂුව එහි හොඳින් එකඟවූ සිත් ඇත්තේ, මනාකොට වැඩියක් පැහැදුනේ පිටත අනුන්ගේ කය පිළිබඳවද හොඳ නුවණින් දැකීම (බැලීම) හොඳින් උපදවයි.
“තමා තුළවූ වේදනාව (විඳීම) කෙරෙහි විඳීම අනුව දක්නා ස්වභාවය ඇත්තේ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, හොඳ නුවණ ඇත්තේ, සිහි ඇත්තේ, විඳීම නම්වූ ලෝකයෙහි ආසාව සහ සිතේ දුක (දොම්නස) මැඩ පවත්වා වාසය කෙරේද, තමන් තුළවූ විඳීම කෙරෙහි විඳීම අනුව බලමින් වාසය කරන්නාවූ (භික්ෂුව) එහි හොඳින් සිත එකඟ කරයි. මනාකොට වැඩියෙන් පහදී. ඒ භික්ෂුව එහි හොඳින් එකඟවූ, සිත් ඇත්තේ, මනාකොට වැඩියක් පැහැදුනේ පිටත අනුන්ගේ විඳීම පිළිබඳවද හොඳ නුවණින් දැකීම උපදවයි.
“තමාගේ සිත කෙරෙහි සිත අනුව දක්නා ස්වභාව ඇත්තේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, හොඳ නුවණ ඇත්තේ, සිහි ඇත්තේ, සිත නම්වූ ලෝකයෙහි ආශාව හා සිතේ දුක මැඩ පවත්වා වාසය කෙරේද, තමාගේ සිත කෙරෙහි සිත අනුව බලමින් වසන්නාවූ (භික්ෂුව) එහි හොඳින් සිත එකඟ කරයි. මනාකොට වැඩියෙන් පහදී. ඒ භික්ෂුව එහි හොඳින් එකඟවූ සිත් ඇත්තේ මනාකොට වැඩියක් පැහැදුනේ, පිටත අනුන්ගේ සිත පිළිබඳවද හොඳ නුවණින්දැකීම (බැලීම) උපදවයි.
“තමා තුළවූ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දක්නා ස්වභාවය ඇත්තේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, හොඳ නුවණ ඇත්තේ, සිහි ඇත්තේ, ධර්ම නම්වූ ලෝකයෙහි ආසාව හා සිතේ දුක මැඩපවත්වා වාසය කෙරේද, තමන් තුළවූ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වසන්නාවූ (භික්ෂුව) එහි හොඳින් සිත එකඟ කෙරෙයි. මනාකොට වැඩියෙන් පහදී. ඒ භික්ෂුව එහි හොඳින් එකඟවූ සිත් ඇත්තේ, මනාකොට වැඩියක් පැහැදුනේ පිටත අනුන්ගේ ධර්මයන් පිළිබඳවද හොඳ නුවණින් දැකීම (බැලීම) උපදවයි.
“පින්වත්නි, නුවණින් දන්නාවූ, දක්නාවූ, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සතර සතිපට්ඨාන ධර්මයෝ කුසල ලාභය පිණිස පණවන ලද්දාහුය.
“ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්ම තෙම මේ කාරණය කීයේය. ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්ම තෙම මේ කාරණය කියා තව්තිසා වැසි දෙවියන්ට කථාකර මෙසේ කීවේය.
|
සත්ත සමාධිපරික්ඛාරා | සත්ත සමාධිපරික්ඛාරා |
290
‘‘‘තං කිං මඤ්ඤන්ති, භොන්තො දෙවා තාවතිංසා, යාව සුපඤ්ඤත්තා චිමෙ තෙන භගවතා
‘‘‘යෙ හි කෙචි, භො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා
‘‘අත්ථායං
(අථායං (සී. ස්‍යා.)) ඉතරා පජා, පුඤ්ඤාභාගාති මෙ මනො;
සඞ්ඛාතුං නොපි සක්කොමි, මුසාවාදස්ස ඔත්තප්ප’’න්ති.
|
290
“පින්වත්නි, තව්තිසා වැසි දෙවියෝ මේ කුමකැයි සිතත්ද? නුවණින් දන්නාවූ, දක්නාවූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් යහපත් සමාධියක් වැඩීම පිණිසද, යහපත් සමාධියක් සම්පූර්ණ කිරීම පිණිසද මේ පිරිවර ධර්ම සතක් පණවන ලද්දාහුය. ඒ සත කවරහුද යත්? යහපත් දැකීමය, (සම්‍යක් දෘෂ්ටිය) යහපත් කල්පනාවය, (සම්‍යක් සංකල්පනා) යහපත් වචනය, (සම්‍යක් වචනය) යහපත් කර්මාන්තය, සම්‍යක් කර්මාන්ත) යහපත් ජීවිත්වීමය, (සම්‍යක් ආජීව) යහපත් උත්සාහය (සම්‍යක් ව්‍යායාම) යහපත් සිහිය (සම්‍යක් ස්මෘති) යන මොවුහුයි.
“පින්වත්නි, මේ අංග (කරුණු) සතෙන්, සිතේ යම් එකඟ බවක් (සමාධියක්) පිරිවරණ ලද්දේද, ඒ සමාධිය ආර්‍ය්‍ය සම්‍යක් සමාධියයයිද, පිරිවර සහිත සම්‍යක් සමාධිය යයිද කියනු ලැබේ.
“පින්වත්නි, යහපත් දැකීම ඇත්තාහට යහපත් සංකල්පනාව පවතී. යහපත් කල්පනාව ඇත්තාහට යහපත් වචනය පවතී. යහපත් වචනය ඇත්තාහට යහපත් කර්මාන්තය පවතී යහපත් කර්මාන්තය ඇත්තාහට යහපත් ආජීවය (ජීවත්වීම) පවතී. යහපත් ආජීවය ඇත්තාහට යහපත් උත්සාහය පවතී. යහපත් උත්සාහය ඇත්තාහට යහපත් සිහිය (ස්මෘතිය) පවතී. යහපත් සිහිය ඇත්තාහට යහපත් සමාධිය (සිත එකඟ බව) පවතී. යහපත් සමාධිය ඇත්තාහට යහපත් නුවණ පවතී. යහපත් නුවණ ඇත්තාහට යහපත් විමුක්තිය (කෙලෙසුන්ගෙන් මිදීම) පවතී.
‘පින්වත්ති, යම් ඒ කාරණයක් ගැන මනාකොට කියන්නාවූ කෙනෙක් භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාකොට ප්‍රකාශ කරණ ලද්දේය. මේ ආත්මයේදීම ලැබිය යුතු ඵල ඇත්තේය. කල් නොයවා ලැබියයුතු ඵල ඇත්තේය එව, බලවයි දැක්වීමට සුදුසු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුත්තේය. ‘නිවන් දොරටුව විවෘතකරන ලද්දේයයි’ කියන්නේද, ඒ මේ කාරණය ගැන භාග්‍යවතුන්වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. කල් නොයවා ලැබිය යුතු ඵල ඇත්තේය ‘එව, බලවයි පෙන්වීමට සුදුසු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දතයුත්තේය. නිවන් දොරටුව විවෘත කරන ලද්දේයයි’ කියන්නේය.
“පින්වත්නි, බුදුන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූද, ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූද, උත්තමයන් විසින් හොඳයයි සම්මත කරනලද සීලයන්ගෙන් යුක්තවූද, උතුම් ධර්මයෙහි හික්මුනාවූ මේ ඕපපාතිකවූද ළඟ ඉකුත් කාලයෙහි මැරුණාවූ මගධ ජනපද වැසි උපාසකයෝ සංයෝන තුනක් නැති කිරීමෙන් සෝවාන් ඵලයට පැමිණියාවූ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ අර්හත් ඵලයට නියතවූ පුද්ගලයෝ විසිහතර දාහකට වැඩි වෙත්.
‘තවද සකෘදාගාමී පුද්ගලයෝ ඇත්තාහුය. මේ අනිකුත් පිරිසද කුසල් කළ ඇත්තෝය යනු මගේ අදහසයි. මුසාවාදයට බිය නිසා ඒ ගණන නියම කරන්ට නොහැක්කෙමි.”
|
291
‘ඉමමත්ථං, භන්තෙ, බ්රහ්මා සනඞ්කුමාරො භාසිත්ථ, ඉමමත්ථං, භන්තෙ, බ්රහ්මුනො සනඞ්කුමාරස්ස භාසතො වෙස්සවණස්ස මහාරාජස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘‘අච්ඡරියං වත භො, අබ්භුතං
|
291
“ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්මතෙම මේ කාරණය කීය. ස්වාමීනි, සනන් කුමාර බ්‍රහ්මතෙම මේ කාරණය කියද්දී වෙසමුණු මහරජහුට මෙබඳු කල්පනාවක් උපන්නේය. ‘පින්වත්නි ඒකාන්තයෙන් පුදුමයෙකි, පින්වත්නි, ඒකාන්තයෙන් ඉතා පුදුමයෙකි. මෙබඳුවූම මහත්වූ (උදාරවූ) ශාස්තෲන් වහන්සේ කෙනෙක් වන්නේද, මෙබඳුවූ මහත්වූ ධර්ම දේශනාවක් වන්නේද, මෙබඳුවූ මහත්වූ මාර්ගඵල පෙණෙන්නාහුදැයි’ කියායි.
“ස්වාමීනි, එවිට සනන් කුමාර බ්‍රහ්මතෙම වෙසමුණු මහ රජුගේ සිතේ පැවති අදහස තමන්ගේ සිතින් දැනගෙන වෙසමුණු මහරජුහට මෙසේ කීය. “පින්වත් වෙසුමුණු මහ රජ, මේ කාරණය කුමකැයි සිතන්නේද? අතීත කාලයෙහිද මෙබඳු මහත් ශාස්තෘ කෙනෙක් වූහ. මෙබඳු මහත් ධර්ම දේශනාවක් විය. මෙබඳු මහත් මාර්ගඵල පෙණුනාහුය. මතු කාලයෙහිද මෙබඳු ශාස්තෘ කෙනෙක් වන්නාහුය. මෙබඳු මහත් ධර්මදේශනාවක් වන්නේය. මෙබඳු මහත් මාර්ගඵල පෙණෙන්නේය’ කියායි.
|
292
‘‘‘ඉමමත්ථං, භන්තෙ, බ්රහ්මා සනඞ්කුමාරො දෙවානං තාවතිංසානං අභාසි, ඉමමත්ථං වෙස්සවණො මහාරාජා බ්රහ්මුනො සනඞ්කුමාරස්ස දෙවානං
ඉමමත්ථං ජනවසභො යක්ඛො වෙස්සවණස්ස මහාරාජස්ස සයං පරිසායං භාසතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං
(පටිග්ගහෙත්වා (සී. පී.)) භගවතො ආරොචෙසි. ඉමමත්ථං භගවා ජනවසභස්ස යක්ඛස්ස සම්මුඛා සුත්වා සම්මුඛා පටිග්ගහෙත්වා සාමඤ්ච අභිඤ්ඤාය ආයස්මතො ආනන්දස්ස ආරොචෙසි, ඉමමත්ථමායස්මා ආනන්දො භගවතො සම්මුඛා සුත්වා සම්මුඛා පටිග්ගහෙත්වා ආරොචෙසි භික්ඛූනං භික්ඛුනීනං
|
292
“සනන් කුමාර බ්‍රහ්මතෙමේ මේ කරණය තව්තිසා වැසි දෙවියන්ට කියේය. තව්තිසා වැසි දෙවියන්ට කියන්නාවූ සනත් කුමාර බ්‍රහ්මයාගේ ඉදිරිපිටදී මේ කාරණය වෙසමුණු මහරජු අසා, ඔහුගේ ඉදිරියේදීම පිළිගෙන තමන්ගේ පිරිසෙහිදී කීයේය.”
තමන්ගේ පිරිසෙහිදී කියන්නාවූ වෙසමුණු මහරජුගේ ඉදිරිපිටදීම මේ කාරණය ජනවසභ දෙවිතෙම අසා ඔහුගේ ඉදිරිපිටදී පිළිගෙන භාග්‍යවතුන් වහන්සේට කීවේය. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ ජනවසභ දෙවියාගෙන් අසා ඔහු ඉදිරිපිටදී පිළිගෙන ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට වදාළේය. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදී අසා, උන්වහන්සේගේ ඉදිරිපිටදී පිළිගෙන ආනන්දස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ට හා භික්ෂුණීයන්ටද, උපාසකයන්ට හා උපාසිකාවන්ටද කීවෝය.
“ඒ මේ ශාසන මාර්ගයවූ උතුම් හැසිරීම යම් පමණ දෙවි මිනිසුන් විසින් හොඳින් ප්‍රකාශ කරන ලද්දේද, ඒ තරමට වැඩෙයි. දියුණුවෙයි, පතළවූයේ වෙයි. බොහෝ ජනපද අතර ප්‍රසිද්ධියට පැමිණියේ වෙයි. ස්ථිරභාවයට පැමිණියේද වේයයි” වදාළෝය.
|