ත්‍රිපිටකය
4. මහාසුදස්සනසුත්තං 4. මහා සුදස්සන සූත්‍රය
241
එවං මෙ සුතං - එකං සමයං භගවා කුසිනාරායං විහරති උපවත්තනෙ මල්ලානං සාලවනෙ අන්තරෙන යමකසාලානං පරිනිබ්බානසමයෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘මා, භන්තෙ, භගවා ඉමස්මිං ඛුද්දකනගරකෙ උජ්ජඞ්ගලනගරකෙ සාඛානගරකෙ පරිනිබ්බායි. සන්ති, භන්තෙ, අඤ්ඤානි මහානගරානි. සෙය්‍යථිදං - චම්පා, රාජගහං, සාවත්ථි, සාකෙතං, කොසම්බී, බාරාණසී; එත්ථ භගවා පරිනිබ්බායතු. එත්ථ බහූ ඛත්තියමහාසාලා බ්‍රාහ්මණමහාසාලා ගහපතිමහාසාලා තථාගතෙ අභිප්පසන්නා, තෙ තථාගතස්ස සරීරපූජං කරිස්සන්තී’’ති.
241
මා විසින් මෙසේ අසනලදී (මාගේ ඇසීම මෙසේය) එක්කලක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම්වූ මල්ල රජුන්ගේ සල්වනයෙහි සල්ගස් දෙකක් අතරෙහි පිරිනිවන්පාන කාලයෙහි වාසය කළෝය.
එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක් පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කුඩා නුවරක්වූ විසම නුවරක්වූ ශාඛානගරයක්වූ මේ කුසිනාරා නුවරෙහි පිරිනිවන් නොපානසේක්වා. ස්වාමීන් වහන්ස, මෙයින් අන්‍යවූ මහ නුවරවල් ඇත්තාහ. එනම් චම්පා නුවරය, රජගහනුවරය, සැවැත් නුවරය, කොසඹෑ නුවරය, බරණැස් නුවරය, යන මොහුය. මෙයින් එක් නුවරකදී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පාන සේක්වා. එහි බොහෝවූ ක්ෂත්‍රිය මහාසාර කුලයෝද, බ්‍රාහ්මණ මහාසාර කුලයෝද, ගෘහපති මහාසාර කුලයෝද ඇත්තාහ. ඔව්හු තථාගතයන් වහන්සේ කෙරෙහි ඉතා පැහැදුනෝ වෙත්, ඔව්හු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහුයයි” දැන්නුවේය.
කුසාවතීරාජධානී කුසාවතීරාජධානී
චක්කරතනං චක්කරතනං
හත්ථිරතනං හත්ථිරතනං
අස්සරතනං අස්සරතනං
මණිරතනං මණිරතනං
ඉත්ථිරතනං ඉත්ථිරතනං
ගහපතිරතනං ගහපතිරතනං
පරිණායකරතනං පරිණායකරතනං
චතුඉද්ධිසමන්නාගතො චතුඉද්ධිසමන්නාගතො
ධම්මපාසාදපොක්ඛරණී ධම්මපාසාදපොක්ඛරණී
ඣානසම්පත්ති ඣානසම්පත්ති
චතුරාසීති නගරසහස්සාදි චතුරාසීති නගරසහස්සාදි
සුභද්දාදෙවිඋපසඞ්කමනං සුභද්දාදෙවිඋපසඞ්කමනං
බ්‍රහ්මලොකූපගමං බ්‍රහ්මලොකූපගමං