ත්‍රිපිටකය
3. මහාපරිනිබ්බානසුත්තං 3. මහා පරිනිර්වාණ සූත්‍රය
131
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (සබ්බත්ථ) අ. නි. 7.22 පස්සිතබ්බං).
131
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’
132
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති. යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
132
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.
වස්සකාරබ්‍රාහ්මණො වස්සකාරබ්‍රාහ්මණො
රාජඅපරිහානියධම්මා රාජඅපරිහානියධම්මා
භික්ඛුඅපරිහානියධම්මා භික්ඛුඅපරිහානියධම්මා
සාරිපුත්තසීහනාදො සාරිපුත්තසීහනාදො
දුස්සීලආදීනවා දුස්සීලආදීනවා
සීලවන්ත්තආනිසංසා සීලවන්ත්තආනිසංසා
පාටලිපුත්තනගරමාපනං පාටලිපුත්තනගරමාපනං
152
තෙන ඛො පන සමයෙන සුනිධවස්සකාරා (සුනීධවස්සකාරා (ස්‍යා. ක.)) මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. තෙන සමයෙන සම්බහුලා දෙවතායො සහස්සෙව (සහස්සස්සෙව (සී. පී. ක.), සහස්සසෙව (ටීකායං පාඨන්තරං), සහස්සසහස්සෙව (උදානට්ඨකථා)) පාටලිගාමෙ වත්ථූනි පරිග්ගණ්හන්ති. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තා දෙවතායො සහස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිග්ගණ්හන්තියො. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘කෙ නු ඛො (කො නු ඛො (සී. ස්‍යා. පී. ක.)), ආනන්ද, පාටලිගාමෙ නගරං මාපෙන්තී’’ති (මාපෙතීති (සී. ස්‍යා. පී. ක.))? ‘‘සුනිධවස්සකාරා, භන්තෙ, මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහායා’’ති. ‘‘සෙය්‍යථාපි, ආනන්ද, දෙවෙහි තාවතිංසෙහි සද්ධිං මන්තෙත්වා, එවමෙව ඛො, ආනන්ද, සුනිධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. ඉධාහං, ආනන්ද, අද්දසං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සම්බහුලා දෙවතායො සහස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිග්ගණ්හන්තියො. යස්මිං , ආනන්ද, පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යාවතා, ආනන්ද, අරියං ආයතනං යාවතා වණිප්පථො ඉදං අග්ගනගරං භවිස්සති පාටලිපුත්තං පුටභෙදනං . පාටලිපුත්තස්ස ඛො, ආනන්ද, තයො අන්තරායා භවිස්සන්ති - අග්ගිතො වා උදකතො වා මිථුභෙදා වා’’ති.
152
ඒ කාලයෙහිදී සුනිධය, වස්සකාරය යන මගධ රට මහාමාත්‍යයෝ පාටලී නම් ගමෙහි වැදැරජුන්ගේ අයබදු නාස්ති කිරීම පිණිස නුවරක් කරවන්නාහුය. ඒ කාලයෙහිදී ඒ ඒ වර්ගයෙන් දහස දහස බැගින්වූ බොහෝ දෙවතාවෝ පාටලී ගමෙහි ගෘහ භූමිවලට අරක්ගෙන සිටිත්. යම් ප්‍රදෙශයක මහෙශාක්‍ය දෙවතාවෝ ගෘහ භූමිවලට අරක්ගෙන සිටිත්ද, එම ප්‍රදෙශයෙහි මහෙශාක්‍ය රජුන්ගේද රජමහ ඇමතියන්ගේද සිත් වාසස්ථාන කරවන්ට නැමෙත්. යම් ප්‍රදෙශයක මධ්‍යම දෙවතාවෝ ගෘහ භූමිවලට අරක්ගෙන සිටිත්ද, එම ප්‍රදෙශයෙහි මධ්‍යමවූ රජුන්ගේද රජමහ ඇමතියන්ගේද සිත් ගෘහසෑදීමට නැමෙත් යම් ප්‍රදෙශයක පහත් දෙවතාවෝ ගෘහවස්තූන් අරක්ගෙන සිටිත්ද? ඒ ප්‍රදෙශයෙහි වාසස්ථානයන් කරවන්ට පහත් රජුන්ගේද රජ මහා ඇමතියන්ගේද සිත් නැමෙත්.
භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මනුෂ්‍ය ඇසට උසස්ව පවතින දිවැසින් එක් එක් වර්ගයෙන් දහස දහස බැගින් පාටලී ගමෙහි භූමීන්ට අරක්ගෙන සිටින්නාවූ දේවතාවන් දුටුවේමය. එවිට භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි අලුයම් වේලෙහි නැගිට සිට ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකොට මෙසේ කීවෝය
“ආනන්දය, පාටලී ගමෙහි නුවරක් සාදවන්නේ කවරෙක්දැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, සුනීධය, වස්සකාරය යන මගධ රට මහ ඇමතියෝ දෙදෙනා වැදැ රජ දරුවන්ගේ අයබදු වැළැක්වීම පිණිස, පාටලී ගමෙහි නුවරක් සාදවන්නාහුයයි” කීවේය.
“ආනන්දය, තව්තිසා දිව්‍යලෝකයෙහි දෙවියන් හා සමග කථාවක් කොට මෙන් (සැලැස්මක් ලබාගෙන මෙන්) සුනීධ, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ වැදැ රජදරුවන්ගේ අයබදු වැළැක්වීම පිණිස පාටලී ගමෙහි නුවරක් කරන්නාහුය.
“ආනන්දය, මම පාටලී ගමෙහි භූමීන්ට අරක්ගෙන වාසය කරන්නාවූ එක එක වර්ගයෙන් දහස බැගින් ඇති බොහෝ දේවතාවන් මාගේ පිරිසිදු මිනිස් ඇස ඉක්මවූ දිවැසින් දුටුවෙමි.
“යම් ප්‍රදේශයක භූමියට මහෙශාක්‍ය දෙවතාවෝ අරක්ගෙන වෙසෙත්ද, එහි මහෙශාක්‍යවූ රජදරුවන්ට හා රාජ මහා අමාත්‍යයන්ට වාසස්ථාන මවන්ට සිත් නැමෙන්නාහුය. යම් ප්‍රදේශයක භූමියට මධ්‍යම දේවතාවෝ අරක්ගෙන වෙසෙත්ද, ඒ ප්‍රදේශයෙහි මධ්‍යම රජදරුවන්ට හා රජ මහ ඇමතියන්ට වාසස්ථාන මවන්ට සිත් නැමෙන්නාහුය. යම් ප්‍රදේශයක භූමියට හීනවූ දේවතාවෝ අරක්ගෙන වෙසෙත්ද එතැන පහත් රජදරුවන් හා රජ මහ ඇමතියන්ට වාසස්ථාන ඇති කරන්ට සිත් නැමෙන්නාහුය.
“ආනන්දය, යම් පමණ උතුම් මිනිසුන් පැමිණෙන ස්ථාන ඇත්තේද, යම් පමණ වෙළඳුන් පැමිණෙන ස්ථාන ඇත්තේද, ඒ ස්ථාන අතුරෙන් විකිණීමට ගෙනෙන බොහෝ බඩු පොදි ලිහන තැනක්වූ මේ නගරය ප්‍රධානවූ නුවරක් වන්නේයයි” කීවෝය.
“ආනන්දය, මේ පාටලී නම් නුවරට ගින්නෙන් හෝ දියෙන් හෝ මිත්‍ර භෙදයෙන් හෝ වන්නාවූ අන්තරාය තුනක් ඇත්තාහුයයි” වදාළෝය.
153
අථ ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨංසු, එකමන්තං ඨිතා ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං එතදවොචුං - ‘‘අධිවාසෙතු නො භවං ගොතමො අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා භගවතො අධිවාසනං විදිත්වා යෙන සකො ආවසථො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා සකෙ ආවසථෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසුං - ‘‘කාලො, භො ගොතම, නිට්ඨිතං භත්ත’’න්ති.
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සුනිධවස්සකාරානං මගධමහාමත්තානං ආවසථො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසුං සම්පවාරෙසුං. අථ ඛො සුනිධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සුනිධවස්සකාරෙ මගධමහාමත්තෙ භගවා ඉමාහි ගාථාහි අනුමොදි -
‘‘යස්මිං පදෙසෙ කප්පෙති, වාසං පණ්ඩිතජාතියො;
සීලවන්තෙත්ථ භොජෙත්වා, සඤ්ඤතෙ බ්‍රහ්මචාරයො (බ්‍රහ්මචාරිනො (ස්‍යා.)).
‘‘යා තත්ථ දෙවතා ආසුං, තාසං දක්ඛිණමාදිසෙ;
තා පූජිතා පූජයන්ති (පූජිතා පූජයන්ති නං (ක.)), මානිතා මානයන්ති නං.
‘‘තතො නං අනුකම්පන්ති, මාතා පුත්තංව ඔරසං;
දෙවතානුකම්පිතො පොසො, සදා භද්‍රානි පස්සතී’’ති.
අථ ඛො භගවා සුනිධවස්සකාරෙ මගධමහාමත්තෙ ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
153
එවිට සුනීධ, වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා සමග ප්‍රිය කථා කළාහුය සතුටු විය යුතු සිහි කටයුතුවූ කථාව අවසාන කර එකපැත්තක සිටියාහුය. එකපැත්තක සිටියාවූ සුනීධ වස්සකාර යන මගධ රට මහා ඇමතියෝ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්නුවෝය.
“භවත් ගෞතමයන්වහන්ස, භික්ෂු සංඝයා වහන්සේ හා සමග අද දවස අපේ භෝජනය ඉවසා වදාරණ සේක්වා (පිළිගන්නා මැනව) යි” දැන්වූහ.
භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම් භාවයෙන් (ආරාධනාව) පිළිගත්තෝය. එවිට සුනිධය වස්සකාරය යන මගධරට මහ ඇමතියෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම (පිළිගැනීම) දැන තමන්ගේ නිවස යම් තැනකද එතනට පැමුණුණෝය. පැමිණ තමන්ගේ නිවසෙහි මිහිරි ආහාරපාන ආදිය පිළියෙල කරවා, “භවත් ගෞතමයාණන් වහන්ස, භෝජනය සූදානම්ය. දැන් ඊට කාලය වේයයි” කියා භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්නුවාහුය.
එවිට භාග්‍යවතුන් වහන්සේ උදේවරු වේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන භික්ෂු සංඝයා සමග සුනීධය, වස්සකාරය යන මගධරට මහා ඇමතියන්ගේ නිවාස හා යම් තැනකද එතනට පැමිණියෝය. පැමිණ පනවනලද ආසනයෙහි වැඩ උන්නෝය. එවිට සුනීධය, වස්සකාරය යන මගධ රට මහ ඇමතියෝ බුදුන් ප්‍රධානකොට ඇති භික්ෂු සංඝයා මිහිරි ආහාරපාන ආදියෙන් සිය අතින් වැළඳෙව්වාහුය, කැමති තාක් වැළඳෙව්වාහුය.
එවිට සුනීධය වස්සකාරය යන මගධ රට මහා ඇමතියෝ වළඳා අවසානවූ භාග්‍යවතුන් වහන්සේ ලඟ එක්තරා පහත් ආසනයක් ගෙන එක පැත්තකින් උන්නාහුය. එකපැත්තක උන්නාවූ සුනීධය වස්සකාරය යන මගධ රට මහ ඇමතියන්ට භාග්‍යවතුන් වහන්සේ මේ අදහස ඇති ගාථාවලින් පින් අනුමෝදන් කළෝය.
“ප්‍රඥා ඇත්තෙක් යම් ප්‍රදේශයක වාසය කරන්නේවේද, එහි සන්සුන් ඉන්ද්‍රියයන් ඇත්තාවූ, උතුම් හැසිරීම් ඇත්තාවූ (බ්‍රහ්මචාරීවූ) සිල්වතුන් වහන්සේලා වළඳවා එතැන යම් දේවතා කෙනෙක් ඇත්තාහුද ඔවුන්ට පින් දෙන්නේ වේද, පුදනු ලැබූ ඒ දේවතාවෝ ඔවුන් පුදත්. සිතින් ගරු කරනු ලැබූ ඔව්හු, ඔවුන්ට සිතින් ගරු කරත්. යම්සේ මෑනියෝ තමන්ගේ ඖරස පුත්‍රයාට අනුකම්පා කරන්නේද, එමෙන්, දෙවියෝ පින් දුන් ඔවුන්ට අනුකම්පා කරන්නාහුය. මෙසේ දෙවියන් විසින් අනුකම්පා කරනලද පුද්ගලයා හැම කල්හිම යහපත් සැපයක්ම දකින්නේය” යනුයි.
එවිට භාග්‍යවතුන් වහන්සේ සුනීධ, වස්සකාර යන මගධ රට මහා ඇමතියන්ට මේ අදහසින් යුත් ගාථාවලින් පින් අනුමොදනාව කොට හුනස්නෙන් නැගිට ගියෝය.
154
තෙන ඛො පන සමයෙන සුනිධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා හොන්ති - ‘‘යෙනජ්ජ සමණො ගොතමො ද්වාරෙන නික්ඛමිස්සති, තං ගොතමද්වාරං නාම භවිස්සති. යෙන තිත්ථෙන ගඞ්ගං නදිං තරිස්සති, තං ගොතමතිත්ථං නාම භවිස්සතී’’ති. අථ ඛො භගවා යෙන ද්වාරෙන නික්ඛමි , තං ගොතමද්වාරං නාම අහොසි. අථ ඛො භගවා යෙන ගඞ්ගා නදී තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ගඞ්ගා නදී පූරා හොති සමතිත්තිකා කාකපෙය්‍යා. අප්පෙකච්චෙ මනුස්සා නාවං පරියෙසන්ති, අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්ති, අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්ති අපාරා (පාරා (සී. ස්‍යා. ක.), ඔරා (වි. මහාවග්ග)), පාරං ගන්තුකාමා. අථ ඛො භගවා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, එවමෙව - ගඞ්ගාය නදියා ඔරිමතීරෙ අන්තරහිතො පාරිමතීරෙ පච්චුට්ඨාසි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අද්දසා ඛො භගවා තෙ මනුස්සෙ අප්පෙකච්චෙ නාවං පරියෙසන්තෙ අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්තෙ අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්තෙ අපාරා පාරං ගන්තුකාමෙ. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘යෙ තරන්ති අණ්ණවං සරං, සෙතුං කත්වාන විසජ්ජ පල්ලලානි;
කුල්ලඤ්හි ජනො බන්ධති (කුල්ලං ජනො ච බන්ධති (ස්‍යා.), කුල්ලං හි ජනො පබන්ධති (සී. පී. ක.)), තිණ්ණා (නිතිණ්ණා, න තිණ්ණා (ක.)) මෙධාවිනො ජනා’’ති.
154
ඒ කාලයෙහි සුනීධ, වස්සකාර යන මගධ රට මහ ඇමතියෝ ශ්‍රමණ භවත් ගෞතම තෙම අද යම් දොරටුවකින් නුවරින් පිටවෙන්නේ ද ඒ දොර ‘ගෞතම දොරය’ යන නම වන්නේය, යම් තොටකින් ගංගානම් ගඟින් එතර වන්නේද ඒ තොට ‘ගෞතම තොට’ නම් වන්නේයයි” භාග්‍යවතුන් වහන්සේ පසුපස්සෙහි අනුව ගියාහු වෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ යම් දොරකින් නුවරින් පිටතට ගියෝද ඒ දොරට ‘ගෞතම දොර’ යන නම වූයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ ගංගානම් ගඟ යම් තැනකද එතැනට පැමිණියෝය.
ඒ කාලයෙහි ගංගානම් ගඟ කවුඩන් විසින් පහසුවෙන් වතුර බියහැකි තරම් ඉවුරු දක්වා පිරී ඇත්තීය. එහි එතර මෙතර යනු කැමැත්තාවූ සමහරෙක් ඔරුවක් සොයන්නාහුය, සමහරෙක් පාරුවක් සොයන්නාහුය, ඇතැම් කෙනෙක් පහුරක් බඳින්නාහුය. එකල භාග්‍යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවනලද අත දිගු කරන්නේ හෝ දිගුකරනලද අත හකුළුවන්නේ හෝ යම්සේද, එපරිද්දෙන්ම භික්ෂු සංඝයා සමග ගංගානම් ගඟෙන් මෙතරදී නොපෙනී ගොස් එතරට පැමිණ වැඩ සිටියෝය. එතර මෙතර යනු කැමැත්තෙන් ඔරුවක් සොයන්නාවූ සමහර මිනිසුන්ද, පාරුවක් සොයන්නාවූ සමහර මිනිසුන්ද, පහුරක් බඳින්නාවූ සමහර මිනිසුන්ද භාග්‍යවතුන්වහන්සේ දැක්කෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැක එවේලෙහිම මේ තේරුම ඇති ප්‍රිති ගාථාව කීවෝය.
“මේ ලෝකවාසී සත්වයෝ ගංගානම් ගඟෙන් එතරවනු කැමතිව පහුරු බඳින්නාහුය, ඥානවන්තයෝ ආර්‍ය්‍ය මාර්ග පහුරු බැඳ පළල්වූද ගැඹුරුවූද තණ්හා ගංගාවෙන් එතර වූවාහුය”
අරියසච්චකථා අරියසච්චකථා
අනාවත්තිධම්මසම්බොධිපරායණා අනාවත්තිධම්මසම්බොධිපරායණා
ධම්මාදාසධම්මපරියායා ධම්මාදාසධම්මපරියායා
අම්බපාලීගණිකා අම්බපාලීගණිකා
වෙළුවගාමවස්සූපගමනං වෙළුවගාමවස්සූපගමනං
නිමිත්තොභාසකථා නිමිත්තොභාසකථා
මාරයාචනකථා මාරයාචනකථා
ආයුසඞ්ඛාරඔස්සජ්ජනං ආයුසඞ්ඛාරඔස්සජ්ජනං
මහාභූමිචාලහෙතු මහාභූමිචාලහෙතු
අට්ඨ පරිසා අට්ඨ පරිසා
අට්ඨ අභිභායතනානි අට්ඨ අභිභායතනානි
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා
ආනන්දයාචනකථා ආනන්දයාචනකථා
නාගාපලොකිතං නාගාපලොකිතං
චතුමහාපදෙසකථා චතුමහාපදෙසකථා
කම්මාරපුත්තචුන්දවත්ථු කම්මාරපුත්තචුන්දවත්ථු
පානීයාහරණං පානීයාහරණං
පුක්කුසමල්ලපුත්තවත්ථු පුක්කුසමල්ලපුත්තවත්ථු
යමකසාලා යමකසාලා
උපවාණත්ථෙරො උපවාණත්ථෙරො
චතුසංවෙජනීයට්ඨානානි චතුසංවෙජනීයට්ඨානානි
ආනන්දපුච්ඡාකථා ආනන්දපුච්ඡාකථා
ථූපාරහපුග්ගලො ථූපාරහපුග්ගලො
ආනන්දඅච්ඡරියධම්මො ආනන්දඅච්ඡරියධම්මො
මහාසුදස්සනසුත්තදෙසනා මහාසුදස්සනසුත්තදෙසනා
මල්ලානං වන්දනා මල්ලානං වන්දනා
සුභද්දපරිබ්බාජකවත්ථු සුභද්දපරිබ්බාජකවත්ථු
තථාගතපච්ඡිමවාචා තථාගතපච්ඡිමවාචා
පරිනිබ්බුතකථා පරිනිබ්බුතකථා
බුද්ධසරීරපූජා බුද්ධසරීරපූජා
මහාකස්සපත්ථෙරවත්ථු මහාකස්සපත්ථෙරවත්ථු
සරීරධාතුවිභාජනං සරීරධාතුවිභාජනං
ධාතුථූපපූජා ධාතුථූපපූජා