ත්‍රිපිටකය
3. මහාපරිනිබ්බානසුත්තං 3. මහා පරිනිර්වාණ සූත්‍රය
131
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (සබ්බත්ථ) අ. නි. 7.22 පස්සිතබ්බං).
131
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’
132
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති. යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
132
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.
වස්සකාරබ්‍රාහ්මණො වස්සකාරබ්‍රාහ්මණො
රාජඅපරිහානියධම්මා රාජඅපරිහානියධම්මා
භික්ඛුඅපරිහානියධම්මා භික්ඛුඅපරිහානියධම්මා
සාරිපුත්තසීහනාදො සාරිපුත්තසීහනාදො
දුස්සීලආදීනවා දුස්සීලආදීනවා
සීලවන්ත්තආනිසංසා සීලවන්ත්තආනිසංසා
පාටලිපුත්තනගරමාපනං පාටලිපුත්තනගරමාපනං
අරියසච්චකථා අරියසච්චකථා
අනාවත්තිධම්මසම්බොධිපරායණා අනාවත්තිධම්මසම්බොධිපරායණා
ධම්මාදාසධම්මපරියායා ධම්මාදාසධම්මපරියායා
අම්බපාලීගණිකා අම්බපාලීගණිකා
වෙළුවගාමවස්සූපගමනං වෙළුවගාමවස්සූපගමනං
නිමිත්තොභාසකථා නිමිත්තොභාසකථා
මාරයාචනකථා මාරයාචනකථා
ආයුසඞ්ඛාරඔස්සජ්ජනං ආයුසඞ්ඛාරඔස්සජ්ජනං
මහාභූමිචාලහෙතු මහාභූමිචාලහෙතු
අට්ඨ පරිසා අට්ඨ පරිසා
අට්ඨ අභිභායතනානි අට්ඨ අභිභායතනානි
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා
ආනන්දයාචනකථා ආනන්දයාචනකථා
නාගාපලොකිතං නාගාපලොකිතං
චතුමහාපදෙසකථා චතුමහාපදෙසකථා
කම්මාරපුත්තචුන්දවත්ථු කම්මාරපුත්තචුන්දවත්ථු
පානීයාහරණං පානීයාහරණං
පුක්කුසමල්ලපුත්තවත්ථු පුක්කුසමල්ලපුත්තවත්ථු
යමකසාලා යමකසාලා
උපවාණත්ථෙරො උපවාණත්ථෙරො
චතුසංවෙජනීයට්ඨානානි චතුසංවෙජනීයට්ඨානානි
ආනන්දපුච්ඡාකථා ආනන්දපුච්ඡාකථා
ථූපාරහපුග්ගලො ථූපාරහපුග්ගලො
ආනන්දඅච්ඡරියධම්මො ආනන්දඅච්ඡරියධම්මො
මහාසුදස්සනසුත්තදෙසනා මහාසුදස්සනසුත්තදෙසනා
මල්ලානං වන්දනා මල්ලානං වන්දනා
සුභද්දපරිබ්බාජකවත්ථු සුභද්දපරිබ්බාජකවත්ථු
තථාගතපච්ඡිමවාචා තථාගතපච්ඡිමවාචා
පරිනිබ්බුතකථා පරිනිබ්බුතකථා
බුද්ධසරීරපූජා බුද්ධසරීරපූජා
මහාකස්සපත්ථෙරවත්ථු මහාකස්සපත්ථෙරවත්ථු
231
තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පාවාය කුසිනාරං අද්ධානමග්ගප්පටිප්පන්නො හොති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. අථ ඛො ආයස්මා මහාකස්සපො මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ආජීවකො කුසිනාරාය මන්දාරවපුප්ඵං ගහෙත්වා පාවං අද්ධානමග්ගප්පටිප්පන්නො හොති. අද්දසා ඛො ආයස්මා මහාකස්සපො තං ආජීවකං දූරතොව ආගච්ඡන්තං, දිස්වා තං ආජීවකං එතදවොච - ‘‘අපාවුසො, අම්හාකං සත්ථාරං ජානාසී’’ති? ‘‘ආමාවුසො, ජානාමි, අජ්ජ සත්තාහපරිනිබ්බුතො සමණො ගොතමො. තතො මෙ ඉදං මන්දාරවපුප්ඵං ගහිත’’න්ති. තත්ථ යෙ තෙ භික්ඛූ අවීතරාගා අප්පෙකච්චෙ බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පපතන්ති, ආවට්ටන්ති, විවට්ටන්ති - ‘‘අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො, අතිඛිප්පං චක්ඛුං ලොකෙ අන්තරහිතො’’ති. යෙ පන තෙ භික්ඛූ වීතරාගා, තෙ සතා සම්පජානා අධිවාසෙන්ති - ‘‘අනිච්චා සඞ්ඛාරා, තං කුතෙත්ථ ලබ්භා’’ති.
231
ඒ කාලයෙහි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂූන්වූ මහත් භික්ෂු සංඝයා හා සමග පාවා නම් නුවර සිට කුසිනාරා නුවර අතර දීර්ඝ මාර්ගයට පැමිණියේ වෙයි. එවිට ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මගින් ඉවත්ව එක්තරා ගසක් මුල වැඩ උන්සේක. ඒ කාලයෙහි එක්තරා ආජිවකයෙක් මදාරා මලක් ගෙන කුසිනාරා නුවරින් පාවා නුවරට යන දීර්ඝ මාර්ගයට පැමිණියේය. ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරුන්වහන්සේ එන්නාවූ ඒ ආජිවකයා දුරදීම දැක්කේය. දැක, “ඇවැත්නි, අපගේ ශාස්තෲන් වහන්සේ දන්නෙහිදැයි” කියා ඒ ආජිවකයාගෙන් ඇසුවේය. “එසේය, ඇවැත්නි, දනිමි, ශ්‍රමණ භවත් ගෞතම තෙම පිරිනිවන්පා අදට සත් දවසක් වූයේය. එතනින් මා විසින් මේ මදාරා මල ගන්නා ලද්දේය”යි කීයේය.
එහි රාගය පහනොකළාවූ යම් භික්ෂු කෙනෙක් වූවාහුද ඉන් ඇතැම් කෙනෙක් හිස අත්බැඳගෙන අඬත්, මැඳින් කැඩුනාක් මෙන් ඇදවැටෙත්, පෙරළෙත්, එහා මෙහා පෙරළෙත් ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවි සෙයක සුගතයන්වහන්සේ ඉතා ඉක්මනින් පිරිනිවිසෙයක ලෝකයෙහි පසැස් ඇති බුදුරජානන් වහන්සේ ඉතා ඉක්මනින් අතුරුදන් වූසෙයක’ කියායි. යම් පමණ ආශාව දුරු කළාවූ අනාගාමි රහත් භික්ෂූහුවූවාහුද, ඒ භික්ෂූහු ‘සියලු සංස්කාර ධර්මයෝම අනිත්‍ය වන්නාහුය. එය කොයින් ලැබෙන්නේදැයි’ සිහි නුවණින් යුක්තව ඉවසන්නාහුය.
232
තෙන ඛො පන සමයෙන සුභද්දො නාම වුද්ධපබ්බජිතො තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො සුභද්දො වුද්ධපබ්බජිතො තෙ භික්ඛූ එතදවොච - ‘‘අලං, ආවුසො, මා සොචිත්ථ, මා පරිදෙවිත්ථ, සුමුත්තා මයං තෙන මහාසමණෙන. උපද්දුතා ච හොම - ‘ඉදං වො කප්පති, ඉදං වො න කප්පතී’ති. ඉදානි පන මයං යං ඉච්ඡිස්සාම, තං කරිස්සාම, යං න ඉච්ඡිස්සාම, න තං කරිස්සාමා’’ති. අථ ඛො ආයස්මා මහාකස්සපො භික්ඛූ ආමන්තෙසි - ‘‘අලං, ආවුසො, මා සොචිත්ථ, මා පරිදෙවිත්ථ. නනු එතං , ආවුසො, භගවතා පටිකච්චෙව අක්ඛාතං - ‘සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො’. තං කුතෙත්ථ, ආවුසො, ලබ්භා. ‘යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං තථාගතස්සාපි සරීරං මා පලුජ්ජී’ති, නෙතං ඨානං විජ්ජතී’’ති.
232
ඒ කාලයෙහි සුභද්‍ර නම් බුඞ්ඪ පබ්බජිතයෙක් (මහලුවූ පසු මහණවූවෙක්) ඒ භික්ෂු පිරිසෙහි උන්නේය. සුභද්‍ර නම් බුඞ්ඪ පබ්බජිත තෙම ඒ භික්ෂූන්ට මෙසේ කීය. “ඇවැත්නි, තොප හැඬීමෙන් කම් නැත, සෝක නොකරව්. විලාප නොකියව. ඒ මහාශ්‍රමණයා කෙරෙන් අපි හොඳින් මිදුණෝ වෙමු. තොපට මේ දෙය කැපවන්නේය. මේ දෙය තොපට කැප නොවන්නේයයි අපි පීඩා ලබමින් සිටියෙමු. දැන් අපි යමක් කැමති වෙමුද ඒ දෙය කරම්හ, යමක් නොකැමැති වෙමුද ඒ දෙය නොකරම්හ” යනුවෙනි. එවිට ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරුන්වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය. “තොප හැඬීමෙන් කම් නැත. තොපි ශෝක නොකරව් විලාප නොකියව්. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සිතට ප්‍රිය සියලු දෙයින් වෙන් වන බව දුරුවන බව අන් බවකට පෙරළෙන බව කලින්ම දේශනා කරන ලද්දේ නොවේද? ඇවැත්නි, හටගත්තාවූද පහළවූද ප්‍රත්‍යයෙන් උපදනාවූද විනාශවන ස්වභාවය ඇති සියල්ල ඒකාන්තයෙන්ම විනාශ නොවේවයි යන මේ කාරණයසිදු නොවෙන්නේයයි” කීවේය.
233
තෙන ඛො පන සමයෙන චත්තාරො මල්ලපාමොක්ඛා සීසංන්හාතා අහතානි වත්ථානි නිවත්ථා - ‘‘මයං භගවතො චිතකං ආළිම්පෙස්සාමා’’ති න සක්කොන්ති ආළිම්පෙතුං. අථ ඛො කොසිනාරකා මල්ලා ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං - ‘‘කො නු ඛො, භන්තෙ අනුරුද්ධ, හෙතු කො පච්චයො, යෙනිමෙ චත්තාරො මල්ලපාමොක්ඛා සීසංන්හාතා අහතානි වත්ථානි නිවත්ථා - ‘මයං භගවතො චිතකං ආළිම්පෙස්සාමා’ති න සක්කොන්ති ආළිම්පෙතු’’න්ති? ‘‘අඤ්ඤථා ඛො, වාසෙට්ඨා, දෙවතානං අධිප්පායො’’ති. ‘‘කථං පන, භන්තෙ, දෙවතානං අධිප්පායො’’ති? ‘‘දෙවතානං ඛො, වාසෙට්ඨා, අධිප්පායො - ‘අයං ආයස්මා මහාකස්සපො පාවාය කුසිනාරං අද්ධානමග්ගප්පටිප්පන්නො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. න තාව භගවතො චිතකො පජ්ජලිස්සති, යාවායස්මා මහාකස්සපො භගවතො පාදෙ සිරසා න වන්දිස්සතී’’’ති. ‘‘යථා, භන්තෙ, දෙවතානං අධිප්පායො, තථා හොතූ’’ති.
233
එසමයෙහි වනාහි මැද වියෙහිවූ ශක්තිමත් මල්ලරජ දරුවන් සතර දෙනෙක් ඉස් සෝදා නහාගෙන අලුත් වස්ත්‍රයන් හැඳගෙන “අපි භාග්‍යවතුන් වහන්සේගේ මෘතදෙහය තබා කරනලද දරසෑය ගිනි දල්වම්හයි” කියා උත්සාහකොට ගිනි දල්වා ගත නුහුනුවාහුය. එවිට කුසිනාරා මල්ල රජදරුවෝ ආයුෂ්මත්වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට මෙසේ සැලකළාහුය “ස්වාමීවූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්ස, යම් හෙයකින් මේ මැද වියෙහිවූ ශක්තිමත් මල්ල රජදරුවෝ සතර දෙන ඉස් සෝදා නාගෙන අලුත්වූ වස්ත්‍රයන් හැඳගෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය තබා කරනලද දර සෑය ගිනි දල්වම්හයි කියා උත්සාහ කොට ගිනි දල්වාගත නොහැකි වන්නාහුය. ඊට හේතු කවරේද, ඊට කරුණු කවරේදැයි” කියා විචාළාහුය “එම්බා මල්ල රජ දරුවෙනි, දෙවියන්ගේ අදහස අන් පරිද්දෙකැයි වදාළහ.” “ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස කෙබඳු වන්නේදැයි” විචාළාහුය. “එම්බා මල්ල රජදරුවෙනි, ආයුෂ්මත්වූ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා හා සමග පාවා නම් නුවර සිට කුසිනාරා නම් නුවරට යෙමියි සිතා දීර්ඝ මාර්ගයට පිළිපන්නේ වෙයි. ‘ආයුෂ්මත්වූ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයන් යම්තාක් සිරසින් නොවඳින්නාහුද, ඒතාක් කල් භාග්‍යවතුන් වහන්සේගේ දරසෑය ගිනි නොදැල්වේවායි’ කියා දෙවියන්ගේ අදහස වන්නේයයි” කීවෝය. “ස්වාමීන් වහන්ස, දෙවියන්ගේ අදහස යම්සේද එසේම වේවායි” කීවාහුය.
234
අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන කුසිනාරා මකුටබන්ධනං නාම මල්ලානං චෙතියං, යෙන භගවතො චිතකො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා අඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං චිතකං පදක්ඛිණං කත්වා භගවතො පාදෙ සිරසා වන්දි. තානිපි ඛො පඤ්චභික්ඛුසතානි එකංසං චීවරං කත්වා අඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං චිතකං පදක්ඛිණං කත්වා භගවතො පාදෙ සිරසා වන්දිංසු. වන්දිතෙ ච පනායස්මතා මහාකස්සපෙන තෙහි ච පඤ්චහි භික්ඛුසතෙහි සයමෙව භගවතො චිතකො පජ්ජලි.
234
ඉක්බිත්තෙන් ආයුෂ්මත්වූ මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ මකුට බන්ධන නම් චෛත්‍ය ස්ථානය යම් තැනෙක්හිද භාග්‍යවතුන් වහන්සේගේ දර සෑය යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, සිවුර එකාංශකොට පොරවාගෙන නමස්කාර කොට තුන්වරක් දර සෑය වට ප්‍රදක්ෂිණා කොට ඇවිද සිරි පතුල් පිහිටි පැත්තෙන් (චිතකය) විවෘත කොට ශාස්තෘවූ බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවල වැන්දහ. ඒ පන්සියයක් පමණවූ භික්ෂු සංඝයාද සිවුරු එකාංශකොට පොරවා ගෙන ඇඳිලි බැඳගෙන තුන් යළක් දර සෑය ප්‍රදක්ෂිණාකොට භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් දෙක වැන්දාහුය. ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින්ද ඒ පන්සියයක් පමණ භික්ෂු සංඝයා විසින්ද භාග්‍යවතුන් වහන්සේගේ සිරි පතුල් වැන්ද කල්හි භාග්‍යවතුන් වහන්සේගේ දර සෑය තෙමේම හාත්පසින් ගිනිදැල්වී ගියේය.
235
ඣායමානස්ස ඛො පන භගවතො සරීරස්ස යං අහොසි ඡවීති වා චම්මන්ති වා මංසන්ති වා න්හාරූති වා ලසිකාති වා, තස්ස නෙව ඡාරිකා පඤ්ඤායිත්ථ, න මසි; සරීරානෙව අවසිස්සිංසු. සෙය්‍යථාපි නාම සප්පිස්ස වා තෙලස්ස වා ඣායමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායති, න මසි; එවමෙව භගවතො සරීරස්ස ඣායමානස්ස යං අහොසි ඡවීති වා චම්මන්ති වා මංසන්ති වා න්හාරූති වා ලසිකාති වා, තස්ස නෙව ඡාරිකා පඤ්ඤායිත්ථ, න මසි; සරීරානෙව අවසිස්සිංසු. තෙසඤ්ච පඤ්චන්නං දුස්සයුගසතානං ද්වෙව දුස්සානි න ඩය්හිංසු යඤ්ච සබ්බඅබ්භන්තරිමං යඤ්ච බාහිරං. දඩ්ඪෙ ච ඛො පන භගවතො සරීරෙ අන්තලික්ඛා උදකධාරා පාතුභවිත්වා භගවතො චිතකං නිබ්බාපෙසි. උදකසාලතොපි (උදකං සාලතොපි (සී. ස්‍යා. කං.)) අබ්භුන්නමිත්වා භගවතො චිතකං නිබ්බාපෙසි. කොසිනාරකාපි මල්ලා සබ්බගන්ධොදකෙන භගවතො චිතකං නිබ්බාපෙසුං. අථ ඛො කොසිනාරකා මල්ලා භගවතො සරීරානි සත්තාහං සන්ධාගාරෙ සත්තිපඤ්ජරං කරිත්වා ධනුපාකාරං පරික්ඛිපාපෙත්වා (පරික්ඛිපිත්වා (ස්‍යා.)) නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරිංසු ගරුං කරිංසු මානෙසුං පූජෙසුං.
235
මෙසේ දැවෙන්නාවූ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයාගේ සිවියයි කියා හෝ සමයයි කියා හෝ මාංසයයි කියා හෝ නහරයයි කියා හෝ සඳ මිදුළුයයි කියා හෝ යම් කොටසක් වූයේ වේද, ඒ කොටස්වල අළුද නොපෙනුණේද දැලිද ඉතිරි නුවූවාහුය. ශාරීරික ධාතූහුම ඉතිරි වූවාහුය. දවනලද ගිතෙල්වල හෝ තලතෙල්වල යම්සේ අළු නොපෙනේද, දැලි නොපෙනේද, එපරිද්දෙන්ම භාග්‍යවතුන්වහන්සේගේ දැවෙන ශරීරයාගේ සිවියයි කියා හෝ සමයයි කියාහෝ මසයයි කියා හෝ නහරයයි කියා හෝ සඳමිදුලුයයි කියාහෝ යම් කොටසක් වූයේද ඒ කොටස්වල අළුද නොපැනෙයි, දැලිද නොපැනෙයි. ශරීරික ධාතු පමණක් ඉතිරි වූවාහුය.
ඒ පන්සියයක්වූ වස්ත්‍ර, පුලුන් යුගලයන්ගෙන් දෙකක් පමණක් දැවුණේය. යම් වස්ත්‍රයක් සියල්ලට යටින්ම වීද, එයත්, යම් වස්ත්‍රයක් සියල්ලටම උඩින් වීද, එයත් දැවුණේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය වූ කල්හි ආකාශයෙන් ජල ධාරාවක් පහළවී භාග්‍යවතුන් වහන්සේගේ දර සෑයෙහි ගිනි නිවුවාය. පිරිවරා සිටි සල්ගස් වලින්ද, ජලධාරා ගලා අවුත් ස්වාමීදරුවන් වහන්සේගේ දර සෑයෙහි ගිනි නිවාවුහුය. කුසිනාරාවාසී මල්ල රජදරුවෝද සියලු සුවඳ පැනින් භාග්‍යවතුන් වහන්සේගේ දර සෑයෙහි ගිනි නිවුවාහුය.
ඉක්බිත්තෙන් කුසිනාරා වැසි මල්ල රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් සන්ථාගාර ශාලාවෙහි තැන්පත් කොට කඩු ගත් අත් ඇති යොධ පුරුෂයන් ලවා හාත්පසින්ම වටකොට ආරක්ෂා පිහිටුවා දුනු කෙළවරින් දුනු කෙළවර පහරමින් සිටියාවූ දුනු ගත් ධනුර්ධරයන්ගේ දුනු පවුරකින් වටකොට සත් දවසක් මුළුල්ලෙහි නැටුම් ගී කීම් වාදනය කිරීම් ආදියෙන්ද මලින් හා සුවඳවලින්ද සත්කාර කළාහුය, ගරු කළාහුය, වන්දනා කළාහුය, පූජා කළාහුය.
සරීරධාතුවිභාජනං සරීරධාතුවිභාජනං
ධාතුථූපපූජා ධාතුථූපපූජා