ත්‍රිපිටකය
3. මහාපරිනිබ්බානසුත්තං 3. මහා පරිනිර්වාණ සූත්‍රය
131
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (සබ්බත්ථ) අ. නි. 7.22 පස්සිතබ්බං).
131
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’
132
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති. යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
132
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.
වස්සකාරබ්‍රාහ්මණො වස්සකාරබ්‍රාහ්මණො
රාජඅපරිහානියධම්මා රාජඅපරිහානියධම්මා
භික්ඛුඅපරිහානියධම්මා භික්ඛුඅපරිහානියධම්මා
සාරිපුත්තසීහනාදො සාරිපුත්තසීහනාදො
දුස්සීලආදීනවා දුස්සීලආදීනවා
සීලවන්ත්තආනිසංසා සීලවන්ත්තආනිසංසා
පාටලිපුත්තනගරමාපනං පාටලිපුත්තනගරමාපනං
අරියසච්චකථා අරියසච්චකථා
අනාවත්තිධම්මසම්බොධිපරායණා අනාවත්තිධම්මසම්බොධිපරායණා
ධම්මාදාසධම්මපරියායා ධම්මාදාසධම්මපරියායා
අම්බපාලීගණිකා අම්බපාලීගණිකා
වෙළුවගාමවස්සූපගමනං වෙළුවගාමවස්සූපගමනං
නිමිත්තොභාසකථා නිමිත්තොභාසකථා
මාරයාචනකථා මාරයාචනකථා
ආයුසඞ්ඛාරඔස්සජ්ජනං ආයුසඞ්ඛාරඔස්සජ්ජනං
මහාභූමිචාලහෙතු මහාභූමිචාලහෙතු
අට්ඨ පරිසා අට්ඨ පරිසා
අට්ඨ අභිභායතනානි අට්ඨ අභිභායතනානි
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා
ආනන්දයාචනකථා ආනන්දයාචනකථා
නාගාපලොකිතං නාගාපලොකිතං
චතුමහාපදෙසකථා චතුමහාපදෙසකථා
කම්මාරපුත්තචුන්දවත්ථු කම්මාරපුත්තචුන්දවත්ථු
පානීයාහරණං පානීයාහරණං
පුක්කුසමල්ලපුත්තවත්ථු පුක්කුසමල්ලපුත්තවත්ථු
යමකසාලා යමකසාලා
උපවාණත්ථෙරො උපවාණත්ථෙරො
චතුසංවෙජනීයට්ඨානානි චතුසංවෙජනීයට්ඨානානි
ආනන්දපුච්ඡාකථා ආනන්දපුච්ඡාකථා
ථූපාරහපුග්ගලො ථූපාරහපුග්ගලො
ආනන්දඅච්ඡරියධම්මො ආනන්දඅච්ඡරියධම්මො
මහාසුදස්සනසුත්තදෙසනා මහාසුදස්සනසුත්තදෙසනා
මල්ලානං වන්දනා මල්ලානං වන්දනා
සුභද්දපරිබ්බාජකවත්ථු සුභද්දපරිබ්බාජකවත්ථු
තථාගතපච්ඡිමවාචා තථාගතපච්ඡිමවාචා
216
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘සියා ඛො පනානන්ද, තුම්හාකං එවමස්ස - ‘අතීතසත්ථුකං පාවචනං, නත්ථි නො සත්ථා’ති. න ඛො පනෙතං, ආනන්ද, එවං දට්ඨබ්බං. යො වො, ආනන්ද, මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො, සො වො මමච්චයෙන සත්ථා. යථා ඛො පනානන්ද, එතරහි භික්ඛූ අඤ්ඤමඤ්ඤං ආවුසොවාදෙන සමුදාචරන්ති, න ඛො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං. ථෙරතරෙන, ආනන්ද, භික්ඛුනා නවකතරො භික්ඛු නාමෙන වා ගොත්තෙන වා ආවුසොවාදෙන වා සමුදාචරිතබ්බො. නවකතරෙන භික්ඛුනා ථෙරතරො භික්ඛු ‘භන්තෙ’ති වා ‘ආයස්මා’ති වා සමුදාචරිතබ්බො. ආකඞ්ඛමානො, ආනන්ද, සඞ්ඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනතු. ඡන්නස්ස, ආනන්ද, භික්ඛුනො මමච්චයෙන බ්‍රහ්මදණ්ඩො දාතබ්බො’’ති. ‘‘කතමො පන, භන්තෙ, බ්‍රහ්මදණ්ඩො’’ති? ‘‘ඡන්නො, ආනන්ද, භික්ඛු යං ඉච්ඡෙය්‍ය, තං වදෙය්‍ය. සො භික්ඛූහි නෙව වත්තබ්බො, න ඔවදිතබ්බො, න අනුසාසිතබ්බො’’ති.
216
එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද තෙරුන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, ශාසනය ශාස්තෲන් වහන්සේගෙන් පහව ගියේය. දැන් අපට අනුශාසනා කරන ශාස්තෲවරයෙක් නැතැයි යන අදහස ඉපදිය හැක්කේය. මේ කාරණය එසේ නොදත යුත්තේය. ආනන්දය, මා විසින් තොපට යම් ධර්මයක් දේශනා කරන ලද්දේ වේද, යම් විනයක් පනවන ලද්දෙ වේද, ඒ ධර්මය සහ විනය මාගේ ඇවෑමෙන් තොපට ගුරුවරයා (ශාස්තෘ) වන්නේයයි” කීවෝය.
“ආනන්දය, යම් පරිද්දකින් දැන් භික්ෂූහු ඔවුනොවුන් ආවුසොවාදයෙන් (ඇවැත්නි කියා) කථාකරන්නාහුද මාගේ ඇවෑමෙන් තොප විසින් එසේ කථා නොකොට යුත්තේය. ආනන්දය, වැඩිමහළුවූ (ථෙරවූ) මහණහු විසින් (නවකතරවූ) බාලවූ භික්ෂුවට නමින් හෝ ගොත්‍රයෙන් හෝ ‘ඇවැත්නි’ කියා හෝ කථා කළ යුත්තේය. බාලවූ භික්ෂුව විසින් වැඩිමහල් (ථෙර) භික්ෂුවට, ස්වාමීනි, කියා හෝ ආයුෂ්මතුන් වහන්සැයි කියා හෝ කථා කළ යුත්තේය.
“ආනන්දය, සංඝතෙම ඉදින් කැමැත්තේවී නම් මාගේ ඇවෑමෙන් ඉතා සුලුවූ කුඩාවූ ශික්ෂා පදයන් සමූනනය (ඉදිරීම) කෙරෙත්වා.
“ආනන්දය, ඡන්න නම් භික්ෂුවට මාගේ ඇවෑමෙන් බ්‍රහ්මදණ්ඩය’ නම් දඬුවම කළ යුත්තේයයි” කීවෝය. “ස්වාමීන්වහන්ස, බ්‍රහ්මදණ්ඩනය නම් කුමක්දැයි” ඇසුවෝය.
“ආනන්දය, ඡන්න භික්ෂුතෙම තමාට යමක් කැමැත්තේද, එය කියන්නේය. භික්ෂූන් විසින් ඔහුට කිසිවක් නොකිය යුත්තේය, අවවාද නොකට යුත්තේය. අනුශාසනා නොකට යුත්තේයයි” කීවෝය.
217
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘සියා ඛො පන, භික්ඛවෙ, එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ, භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ - ‘සම්මුඛීභූතො නො සත්ථා අහොසි , න මයං සක්ඛිම්හා භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතු’’’ න්ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. දුතියම්පි ඛො භගවා...පෙ.... තතියම්පි ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘සියා ඛො පන, භික්ඛවෙ, එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ, භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ - ‘සම්මුඛීභූතො නො සත්ථා අහොසි , න මයං සක්ඛිම්හා භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතු’’’ න්ති. තතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘සියා ඛො පන, භික්ඛවෙ, සත්ථුගාරවෙනපි න පුච්ඡෙය්‍යාථ. සහායකොපි, භික්ඛවෙ, සහායකස්ස ආරොචෙතූ’’ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. අථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ, එවං පසන්නො අහං, භන්තෙ, ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, ‘නත්ථි එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා’’’ති. ‘‘පසාදා ඛො ත්වං, ආනන්ද, වදෙසි, ඤාණමෙව හෙත්ථ, ආනන්ද, තථාගතස්ස. නත්ථි ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා. ඉමෙසඤ්හි, ආනන්ද, පඤ්චන්නං භික්ඛුසතානං යො පච්ඡිමකො භික්ඛු, සො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’ති.
217
එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය. “මහණෙනි, එක භික්ෂුවක්හටද බුදුන් කෙරෙහිද ධර්මය කෙරෙහිද සංඝයා කෙරෙහිද මාර්ගය කෙරෙහිද ප්‍රතිපත්තිය කෙරෙහිද සැකයක් හෝ විමතියක් වීනම්, විචාරව්. මහණෙනි, ශාස්තෲවූ භාග්‍යවතුන් වහන්සේ අපට සම්මුඛවූ වූයේය. අපි භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්ට නොහැකිවූවෝ වෙමුයි කියා පසුව පසුතැවිලි නොවව්යයි’ කීවෝය. මෙසේ කී කල ඒ භික්ෂුහු නිශ්ශබ්දවූහ. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරද, තුන්වෙනි වරද, භික්ෂූන්ට කථා කොට මෙසේ කීවෝය. “මහණෙනි, එක භික්ෂුවකටද බුදුන් කෙරෙහිද ධර්මය කෙරෙහිද සංඝයා කෙරෙහිද මාර්ගය කෙරෙහිද ප්‍රතිපත්තිය කෙරෙහිද සැකයක් හෝ විමතියක් හෝ වූයේ නම් විචාරව්. ‘ශාස්තෲවූ භාග්‍යවතුන්වහන්සේ අපට සම්මුඛවූයේය. අපි භාග්‍යවතුන්වහන්සේ විචාරන්ට නොහැකි වූවෝ වෙමු’ කියා පසුව පසුතැවිලි නොවව්යයි” කියා දේශනා කළෝය.
තුන්වෙනි වාරයෙහිද ඒ භික්ෂූහු නිශ්ශබ්ද වූවාහුය. එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකොට මෙසේ දේශනා කළෝය.
“මහණෙනි, ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවයෙනුත් ඉදින් නොවිචාරන්නේ වීනම්, මහණෙනි, යහළු මහණෙක් යහළු මහණෙක්හට කියාවායි” කීවෝය.
මෙසේ කීකල ඒ භික්ෂූහු නිශ්ශබ්දව සිටියාහුය.
එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවෝය. “ස්වාමීන් වහන්ස, පුදුමයක්ය. ස්වාමීන් වහන්ස, ඉතා පුදුමයක්ය. ස්වාමීන් වහන්ස, මේ භික්ෂු සංඝයා කෙරෙහි එක් භික්ෂු නමකටද බුද්ධ, ධර්ම, සංඝ, මාර්ග, ප්‍රතිපත්තියෙහි සැකයක් හෝ විමතියක් නැත්තේයයි කියා, මම මෙසේ පැහැදුනෙමි” කීවේය.
“ආනන්දය, තොපි පැහැදීම හේතුකොට ගෙන කියන්නෙහිය. මෙහි තථාගතයන් වහන්සේගේ ඥානය කියයුතුය. තථාගතයන් වහන්සේගේ මේ භික්ෂු සංඝයා කෙරෙහි එක භික්ෂු නමකටද, බුද්ධ, ධර්ම, සංඝ, මාර්ග, පැවතුම් ආදියෙහි සැකයක් හෝ විමතියක් හෝ නැත.
ආනන්දය, මේ පන්සියයක් පමණ භික්ෂූන් අතරෙහි අන්තිමවූ යම් භික්ෂුවක් වේද ඔහු සතර අපායෙහි නොහෙළන ස්වභාව ඇත්තාවූ නියතවූ අර්හත්ඵල ඤාණයෙන් යුක්තවූ සෝවාන් ඵලයට පැමිණි භික්ෂුවකැයි” කීවෝය.
218
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘හන්ද දානි, භික්ඛවෙ, ආමන්තයාමි වො, වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථා’’ති. අයං තථාගතස්ස පච්ඡිමා වාචා.
218
එවිට භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකර මෙසේ කීවෝය. “මහණෙනි, දැන් තොපට කියමි. ‘සියලු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය. ප්‍රමාද නොවී (කළයුතු දේ) සම්පාදනය කරව්.’ මේ තථාගතයන්ගේ අන්තිම බුද්ධ වචනයයි වදාළෝය.
පරිනිබ්බුතකථා පරිනිබ්බුතකථා
බුද්ධසරීරපූජා බුද්ධසරීරපූජා
මහාකස්සපත්ථෙරවත්ථු මහාකස්සපත්ථෙරවත්ථු
සරීරධාතුවිභාජනං සරීරධාතුවිභාජනං
ධාතුථූපපූජා ධාතුථූපපූජා