ත්‍රිපිටකය
3. මහාපරිනිබ්බානසුත්තං 3. මහා පරිනිර්වාණ සූත්‍රය
131
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (සබ්බත්ථ) අ. නි. 7.22 පස්සිතබ්බං).
131
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’
132
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති. යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
132
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.
වස්සකාරබ්‍රාහ්මණො වස්සකාරබ්‍රාහ්මණො
රාජඅපරිහානියධම්මා රාජඅපරිහානියධම්මා
භික්ඛුඅපරිහානියධම්මා භික්ඛුඅපරිහානියධම්මා
සාරිපුත්තසීහනාදො සාරිපුත්තසීහනාදො
දුස්සීලආදීනවා දුස්සීලආදීනවා
සීලවන්ත්තආනිසංසා සීලවන්ත්තආනිසංසා
පාටලිපුත්තනගරමාපනං පාටලිපුත්තනගරමාපනං
අරියසච්චකථා අරියසච්චකථා
අනාවත්තිධම්මසම්බොධිපරායණා අනාවත්තිධම්මසම්බොධිපරායණා
ධම්මාදාසධම්මපරියායා ධම්මාදාසධම්මපරියායා
අම්බපාලීගණිකා අම්බපාලීගණිකා
වෙළුවගාමවස්සූපගමනං වෙළුවගාමවස්සූපගමනං
නිමිත්තොභාසකථා නිමිත්තොභාසකථා
මාරයාචනකථා මාරයාචනකථා
ආයුසඞ්ඛාරඔස්සජ්ජනං ආයුසඞ්ඛාරඔස්සජ්ජනං
මහාභූමිචාලහෙතු මහාභූමිචාලහෙතු
අට්ඨ පරිසා අට්ඨ පරිසා
අට්ඨ අභිභායතනානි අට්ඨ අභිභායතනානි
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා
ආනන්දයාචනකථා ආනන්දයාචනකථා
නාගාපලොකිතං නාගාපලොකිතං
චතුමහාපදෙසකථා චතුමහාපදෙසකථා
කම්මාරපුත්තචුන්දවත්ථු කම්මාරපුත්තචුන්දවත්ථු
පානීයාහරණං පානීයාහරණං
පුක්කුසමල්ලපුත්තවත්ථු පුක්කුසමල්ලපුත්තවත්ථු
යමකසාලා යමකසාලා
උපවාණත්ථෙරො උපවාණත්ථෙරො
චතුසංවෙජනීයට්ඨානානි චතුසංවෙජනීයට්ඨානානි
ආනන්දපුච්ඡාකථා ආනන්දපුච්ඡාකථා
ථූපාරහපුග්ගලො ථූපාරහපුග්ගලො
ආනන්දඅච්ඡරියධම්මො ආනන්දඅච්ඡරියධම්මො
මහාසුදස්සනසුත්තදෙසනා මහාසුදස්සනසුත්තදෙසනා
මල්ලානං වන්දනා මල්ලානං වන්දනා
සුභද්දපරිබ්බාජකවත්ථු සුභද්දපරිබ්බාජකවත්ථු
212
තෙන ඛො පන සමයෙන සුභද්දො නාම පරිබ්බාජකො කුසිනාරායං පටිවසති. අස්සොසි ඛො සුභද්දො පරිබ්බාජකො - ‘‘අජ්ජ කිර රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සතී’’ති. අථ ඛො සුභද්දස්ස පරිබ්බාජකස්ස එතදහොසි - ‘‘සුතං ඛො පන මෙතං පරිබ්බාජකානං වුඩ්ඪානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං - ‘කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා’ති. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්ථි ච මෙ අයං කඞ්ඛාධම්මො උප්පන්නො, එවං පසන්නො අහං සමණෙ ගොතමෙ, ‘පහොති මෙ සමණො ගොතමො තථා ධම්මං දෙසෙතුං, යථාහං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්‍ය’’’න්ති. අථ ඛො සුභද්දො පරිබ්බාජකො යෙන උපවත්තනං මල්ලානං සාලවනං, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘සුතං මෙතං, භො ආනන්ද, පරිබ්බාජකානං වුඩ්ඪානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං - ‘කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා’ති. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්ථි ච මෙ අයං කඞ්ඛාධම්මො උප්පන්නො - එවං පසන්නො අහං සමණෙ ගොතමෙ ‘පහොති මෙ සමණො ගොතමො තථා ධම්මං දෙසෙතුං, යථාහං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්‍ය’න්ති. සාධාහං, භො ආනන්ද, ලභෙය්‍යං සමණං ගොතමං දස්සනායා’’ති. එවං වුත්තෙ ආයස්මා ආනන්දො සුභද්දං පරිබ්බාජකං එතදවොච - ‘‘අලං, ආවුසො සුභද්ද, මා තථාගතං විහෙඨෙසි, කිලන්තො භගවා’’ති. දුතියම්පි ඛො සුභද්දො පරිබ්බාජකො...පෙ.... තතියම්පි ඛො සුභද්දො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘සුතං මෙතං, භො ආනන්ද, පරිබ්බාජකානං වුඩ්ඪානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං - ‘කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා’ති. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්ථි ච මෙ අයං කඞ්ඛාධම්මො උප්පන්නො - එවං පසන්නො අහං සමණෙ ගොතමෙ, ‘පහොති මෙ සමණො ගොතමො තථා ධම්මං දෙසෙතුං, යථාහං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්‍ය’න්ති. සාධාහං, භො ආනන්ද, ලභෙය්‍යං සමණං ගොතමං දස්සනායා’’ති. තතියම්පි ඛො ආයස්මා ආනන්දො සුභද්දං පරිබ්බාජකං එතදවොච - ‘‘අලං, ආවුසො සුභද්ද, මා තථාගතං විහෙඨෙසි, කිලන්තො භගවා’’ති.
212
එකල සුභද්‍ර නම්වූ පරිබ්‍රාජකයෙක් (ශාසනයෙන් පිට මහණ තැනැත්තෙක්) කුසිනාරා නම් නුවර වාසය කරන්නේය. ඒ සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම ‘අද රාත්‍රියගේ පශ්චිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේගේ පරිනිර්වාණය වන්නේයයි’ කියා ඇසුයේය. එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙබඳු සිතක් වූයේය. ‘වයස් ගතවූ මහළුවූ ආචාර්‍ය්‍යවරයන් විසින්ද ආචාර්‍ය්‍යයන්ගේ ආචාර්‍ය්‍යවරයන් විසින්ද කියනලද “අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර්ඝ කාලයකින් ලොව උපදනාහුය.’ යන මේ වචනය මා විසින් අසන ලද්දේය. ‘අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේය. මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම මේ සැකය දුරු කෙරෙම්ද එපරිද්දෙන් ධර්මදේශනා කරන්ට ශ්‍රමණභවත් ගෞතමතෙම පොහොසත් වන්නේයයි කියා මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදුනෙමි’ යන සිතිවිල්ලය.
එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජකතෙම මල්‍ය රජදරුවන්ගේ උපවර්තන නම් සල් වනය යම් තැනකද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීයේය. “පින්වත්වූ ආනන්ද ස්ථවිරය, මහළුවූ වයස්ගතවූ ආචාර්‍ය්‍යවරයන් විසින්ද ආචාර්‍ය්‍යවරයන්ගේ ආචාර්‍ය්‍යවරයන් විසින්ද කියනලද ‘අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර්ඝ කාලයකින් ලොව උපදනාහුය’ යන මේ වචනය මා විසින් අසන ලද්දේය. ‘අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ පිරිනිවන් පෑමවන්නේය.’ මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම් මේ සැකය දුරු කෙරෙම්ද, එසේ ධර්මදේශනා කරන්ට ශ්‍රමණ භවත් ගෞතම තෙම පොහොසත් වන්නේයැයි කියා, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැහැදුනෙමි. පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ දැකීමට ලබන්නෙම් නම් යහපතැයි” යාච්ඤා කෙළේය.
සුභද්‍ර පරිබ්‍රාජකයා විසින් මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙසේ කීවේය. “ඇවැත්වූ සුභද්‍රය, දැන් එය කළ නොහැකිය. තථාගතයන් වහන්සේ නොවෙහෙසව. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තවූ සේකැ” යි කීවේය. දෙවෙනි වරද ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීවේය.
“පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, වයස්ගතවූ වැඩිමහලුවූ ආචාර්‍ය්‍යවරයන් විසින්ද ආචාර්‍ය්‍යවරයන්ගේ ආචාර්‍ය්‍යවරයන් විසින්ද කියනලද ‘අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර්ඝ කාලයකින් ලොව උපදුනාහුය’ යන මේ වචනය මා විසින් අසන ලද්දේය. අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේය. මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම මේ සැකය දුරුකෙරෙම්ද, එසේ ධර්මදේශනා කරන්ට ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පොහොසත් වන්නේය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රසන්නයෙමි. පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ දැකීමට ලබන්නෙම් නම් යහපත්ය” කියා යාච්ඤා කළේය.
සුභද්‍ර පරිබ්‍රාජකයා විසින් මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම, සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙසේ කීවේය. “ඇවැත්වූ සුභද්‍රය, දැන් එය කළ නොහැකිය. තථාගතයන් වහන්සේ නොවෙහෙසව, භාග්‍යවතුන්වහන්සේ ක්ලාන්ත වූසේකැ” කීවේය. තුන්වෙනි වරද ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීවේය.
“පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, වයස්ගතවූ මහළුවූ ආචාර්‍ය්‍යවරයන් විසින්ද ආචාර්‍ය්‍යවරයන්ගේ ආචාර්‍ය්‍යවරයන් විසින්ද කියනලද ‘අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගතවරයෝ ඉතා බොහෝවූ දීර්ඝ කාලයකින් ලොව උපදනාහුය’ යන මේ වචනය මා විසින් අසන ලද්දේය. අද රාත්‍රියේ අන්තිම යාමයෙහි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ පිරිනිවන් පෑම වන්නේය. මට උපන්නාවූ සැකයක්ද ඇත්තේය. යම්සේ මම මේ සැකය දුරුකෙරෙම්ද, එසේ ධර්ම දේශනා කරන්ට ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පොහොසත් වන්නේය. ශ්‍රමණ භවත් ගෞතමයන්වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රසන්නයෙමි. පින්වත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ දැකීමට ලබන්නෙම් නම් යහපති” කියා යාච්ඤා කළේය.
සුභද්‍ර පරිබ්‍රාජකයා විසින් මෙසේ කී කල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙසේ කීවේය. “ඇවැත්වූ සුභද්‍රය, දැන් එය කළ නොහැකිය, තථාගතයන් වහන්සේ නොවෙහෙසව, භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්තවූ සේකැයි” කීවේය.
213
අස්සොසි ඛො භගවා ආයස්මතො ආනන්දස්ස සුභද්දෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘අලං, ආනන්ද, මා සුභද්දං වාරෙසි, ලභතං, ආනන්ද, සුභද්දො තථාගතං දස්සනාය. යං කිඤ්චි මං සුභද්දො පුච්ඡිස්සති, සබ්බං තං අඤ්ඤාපෙක්ඛොව පුච්ඡිස්සති, නො විහෙසාපෙක්ඛො. යං චස්සාහං පුට්ඨො බ්‍යාකරිස්සාමි, තං ඛිප්පමෙව ආජානිස්සතී’’ති. අථ ඛො ආයස්මා ආනන්දො සුභද්දං පරිබ්බාජකං එතදවොච - ‘‘ගච්ඡාවුසො සුභද්ද, කරොති තෙ භගවා ඔකාස’’න්ති. අථ ඛො සුභද්දො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුභද්දො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘යෙමෙ, භො ගොතම, සමණබ්‍රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්‍යථිදං - පූරණො කස්සපො, මක්ඛලි ගොසාලො, අජිතො කෙසකම්බලො, පකුධො කච්චායනො, සඤ්චයො බෙලට්ඨපුත්තො, නිගණ්ඨො නාටපුත්තො, සබ්බෙතෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤිංසු, සබ්බෙව න අබ්භඤ්ඤිංසු , උදාහු එකච්චෙ අබ්භඤ්ඤිංසු, එකච්චෙ න අබ්භඤ්ඤිංසූ’’ති? ‘‘අලං, සුභද්ද, තිට්ඨතෙතං - ‘සබ්බෙතෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤිංසු, සබ්බෙව න අබ්භඤ්ඤිංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤිංසු, එකච්චෙ න අබ්භඤ්ඤිංසූ’ති. ධම්මං තෙ, සුභද්ද, දෙසෙස්සාමි; තං සුණාහි සාධුකං මනසිකරොහි, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො සුභද්දො පරිබ්බාජකො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
213
භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ සුභද්‍ර නම් පරිබ්‍රාජකයා හා සමග කළාවූ මේ කථා සල්ලාපය ඇසුවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර මෙසේ කීවෝය. “ආනන්දය, නුසුදුසුය, සුභද්‍රයා නොවළක්වව. සුභද්‍ර පරිබ්‍රාජක තෙම තථාගතයන් වහන්සේගේ දැකීම ලබාවා. සුභද්‍ර තෙම මාගෙන් යම් කිසිවක් විචාරන්නේ වේද ඒ සියල්ල දැනගන්ට කැමතිවම විචාරන්නේය. මා වෙහෙසනු කැමතිව නොවන්නේය. ඔහු විසින් යමක් විචාරණ ලදුව මම ඔහුට ප්‍රකාශ කෙරෙම්ද, ඒ ප්‍රකාශ කොට කියන ලද කාරණය වහාම ඔහු දැනගන්නේයයි” කීවෝය. එවිට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරතෙම සුභද්‍ර නම් පරිබ්‍රාජකයාහට මෙසේ කීවේය.
“ඇවැත්වූ සුභද්‍රය යව, තට භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නෝයයි” කීයේය.
එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවූයේය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකපැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “භවත් ගෞතමයන් වහන්ස, සංඝ සමූහ ඇත්තාවූ ශිෂ්‍ය සමූහ ඇත්තාවූ බොහෝ ශ්‍රාවකයන්ට ආචාර්‍ය්‍යවූ ලොක ප්‍රසිද්ධවූ යස පිරිවර ඇත්තාවූ තීර්ථකරවූ බොහෝ ජනයා පණ්ඩිතයයි පිළිගත්තාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් ඇත්තාහු වෙද්ද ඔහු කවුරුද යත්? පූරණ කාශ්‍යපය, මක්ඛලීගොසාලය, අජිතකෙශකම්බලය, පකුධකාත්‍යායනය, සංජය නම් බෙල්ලට්ඨි පුත්‍රය, නිගණ්ඨ නාත පුත්‍රය යන මොහු වෙත්. ඔහු සියල්ලෝම ඔවුන්ගේ ප්‍රකාශය යම්සේද, එපරිද්දෙන්ම දැනගත්තාහුද නැතහොත් සියල්ලෝම නොදැන ගත්තාහුද නොහොත් ඇතැම්කෙනෙක් දැනගත්තාහුද ඇතැම් කෙනෙක් නොදැනගත්තාහුද?” කියා ඇසීය.
“සුභද්‍රය, ඔහු සියල්ලෝම තම තමන්ගේ ප්‍රකාශය පරිදි දැනගත්තාහුයයි කියාද සියල්ලෝම දැනනොගත්තාහුයයි කියාද නොහොත් සමහර කෙනෙක් දැනගත්තාහුයයි කියාද සමහර කෙනෙක් නොම දැනගත්තාහුය කියාද යන තාගේ ඒ වචනය තිබේවා. සුභද්‍රය, තට ධර්මදේශනා කරන්නෙමි. ඒ ධර්මය මනාකොට අසව, යහපත්කොට සිත්හි කරව, දේශනා කරන්නෙමි” කීවෝය. “එසේය, ස්වාමීන්වහන්සැයි” කියා සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාගවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළෝය.
214
‘‘යස්මිං ඛො, සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො න උපලබ්භති, සමණොපි තත්ථ න උපලබ්භති. දුතියොපි තත්ථ සමණො න උපලබ්භති. තතියොපි තත්ථ සමණො න උපලබ්භති. චතුත්ථොපි තත්ථ සමණො න උපලබ්භති. යස්මිඤ්ච ඛො, සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භති, සමණොපි තත්ථ උපලබ්භති, දුතියොපි තත්ථ සමණො උපලබ්භති, තතියොපි තත්ථ සමණො උපලබ්භති, චතුත්ථොපි තත්ථ සමණො උපලබ්භති. ඉමස්මිං ඛො, සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භති, ඉධෙව, සුභද්ද, සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො, සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහි (අඤ්ඤෙ (පී.)). ඉමෙ (ඉධෙව (ක.)), සුභද්ද, භික්ඛූ සම්මා විහරෙය්‍යුං, අසුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්සාති.
‘‘එකූනතිංසො වයසා සුභද්ද,
යං පබ්බජිං කිංකුසලානුඑසී;
වස්සානි පඤ්ඤාස සමාධිකානි,
යතො අහං පබ්බජිතො සුභද්ද.
ඤායස්ස ධම්මස්ස පදෙසවත්තී,
ඉතො බහිද්ධා සමණොපි නත්ථි.
‘‘දුතියොපි සමණො නත්ථි. තතියොපි සමණො නත්ථි. චතුත්ථොපි සමණො නත්ථි. සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහි. ඉමෙ ච, සුභද්ද, භික්ඛූ සම්මා විහරෙය්‍යුං, අසුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්සා’’ති.
214
“සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි වනාහි උතුම් අෂ්ටාංගික මාර්ගය නොලැබෙන්නේ වේද, ඒ ධර්ම විනයෙහි ශ්‍රමණයෙකුදු නොලැබෙන්නේය. ඒ ධර්මවිනයෙහි දෙවෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. ඒ ධර්මවිනයෙහි තුන් වෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. ඒ ධර්ම විනයෙහි සතරවෙනි ශ්‍රමණ තෙමේද නොලැබෙන්නේය. සුභද්‍රය, යම් ධර්ම විනයෙක්හි වනාහි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේ වේද ඒ ධර්ම විනයෙහි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. ඒ ධර්ම විනයෙහි දෙවෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. ඒ ධර්ම විනයෙහි තුන්වෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. ඒ ධර්ම විනයෙහි සතරවෙනි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. සුභද්‍රය, මාගේ මේ ධර්ම විනයෙහි උතුම් අෂ්ටාංගික මාර්ගය ඇත්තේය. එම්බා සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි පළමුවෙනි ශ්‍රොතාපන්න ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. මේ ශාසනයෙහි දෙවෙනිවූ සකෘදාගාමි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. මාගේ මේ ශාසනයෙහි තුන්වෙනිවූ අනාගාමි ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. මෙහි සතරවැනිවූ අර්හත් ඵලයට පැමුණුන ශ්‍රමණ තෙමේද ඇත්තේ වෙයි. අන්‍ය වාදයෝ ශ්‍රමණයන් කෙරෙන් සූන්‍ය වන්නාහුය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි භික්ෂූහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහුවීනම් මේ ලෝකය රහතුන්ගෙන් හිස්නොවන්නේය.
“සුභද්‍ර නම් පරිබ්‍රාජකය, වයසින් එකුන්විසි වයස් වූයේම සර්වඥතාඥානය සොයමින් පැවිදි වූයෙම්ද එතැන් පටන් පනස් පස් අවුරුද්දකට වැඩි මේ කාලය තුළ මාගේ මේ ශාසනයෙන් පිටත්වූ අන්‍ය වාදයෙක්හි උතුම් මාර්ග ධර්මයෙහි කොටසක්වත් පවතින විදර්ශක ශ්‍රමණයෙකුත් නැත්තේය. දෙවෙනි ශ්‍රමණයෙකුත් නැත්තේය. තුන්වෙනි ශ්‍රමණයෙකුත් නැත්තේය. සතරවෙනි ශ්‍රමණයෙකුත් නැත්තේය. අන්‍යවාදයෝ ශ්‍රමණයන්ගෙන් හිස්වන්නාහුය. සුභද්‍රය, මාගේ මේ ශාසනයෙහි භික්ෂූහු යහපත් හැසිරීමෙන් යුක්තව වාසය කරන්නාහු වීනම් මේ ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේයයි” කීවෝය.
215
එවං වුත්තෙ සුභද්දො පරිබ්බාජකො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ. සෙය්‍යථාපි, භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය, ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති, එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්‍යාහං, භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්‍යං උපසම්පද’’න්ති. ‘‘යො ඛො, සුභද්ද, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං, සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතා’’ති. ‘‘සචෙ, භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං ආකඞ්ඛන්තා උපසම්පදං චත්තාරො මාසෙ පරිවසන්ති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි, චතුන්නං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛුභාවායා’’ති.
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘තෙනහානන්ද, සුභද්දං පබ්බාජෙහී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො සුභද්දො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච - ‘‘ලාභා වො, ආවුසො ආනන්ද; සුලද්ධං වො, ආවුසො ආනන්ද, යෙ එත්ථ සත්ථු (සත්ථාරා (ස්‍යා.)) සම්මුඛා අන්තෙවාසිකාභිසෙකෙන අභිසිත්තා’’ති. අලත්ථ ඛො සුභද්දො පරිබ්බාජකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා සුභද්දො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - ‘යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති’ තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා සුභද්දො අරහතං අහොසි. සො භගවතො පච්ඡිමො සක්ඛිසාවකො අහොසීති.
215
මෙසේ වදාළ කල සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීන්වහන්ස, ඉතා යහපත්ය. ස්වාමීන්වහන්ස, ඉතා යහපත්ය. ස්වාමීන්වහන්ස, උඩපැත්ත යටකර තබන ලද භාජනයක් උඩුකුරුකොට තබන්නේ යම්සේද, තණ පත් ආදියෙන් වැසීතිබෙන යම්කිසි වස්තුවක් එලිදරව්කොට දක්වන්නේ යම්සේද, මංමුළාවූ පුරුෂයෙකුහට මාර්ගය දක්වන්නේ යම්සේද අන්ධකාරයෙහි ‘ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි පහනක් දරන්නේ යම්සේද එපරිද්දෙන්ම භාග්‍යවතුන්වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. ස්වාමීන්වහන්ස, ඒ මම සියලු ලෝකයාට ප්‍රධානවූ භාග්‍යවතුන් වහන්සේද ලෝකයේ උතුම් ධර්ම නවයවූ ශ්‍රී සද්ධර්මරත්නයද අෂ්ටාර්‍ය්‍ය පුද්ගල භික්ෂු සංඝයාද සරණයෙමි. මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව ලබන්නෙමියි” කීවේය. “සුභද්‍රය, පෙර අන්‍ය තීර්ථකවූ යම් පුද්ගලයෙක් තෙම මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදිවීම කැමති වන්නේ වේද උපසම්පදාව කැමතිවන්නේ වේද, ඒ පුද්ගල තෙම සාර මසක් භික්ෂු සංඝයා වෙත විසිය යුතු වන්නේය. සාරමසක්හුගේ ඇවෑමෙන් ඔහුගේ හික්මීම දැක සතුටුවූ භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරන්නාහුද උපසම්පදා කරන්නාහුද වෙති. එහෙත් මෙහිදී පුද්ගල විශේෂය දැන ගන්නා ලද්දේයයි” වදාළේය.
“ස්වාමීන්වහන්ස, ඉදින් පෙර අන්‍ය තීර්ථකවූ යම් පුද්ගල කෙනෙක් මේ ශාසනයෙහි මහණකම හා උපසම්පදාව කැමතිවන්නාහු නම් සාරමසක් භික්ෂු සංඝයා වෙත විසිය යුත්තාහු වෙද්ද, සාරමක්හුගේ ඇවෑමෙන් ඔවුන්ගේ හික්මීම දැක සතුටුවූ භික්ෂූහු භික්ෂුභාවය පිණිස පැවිදි කරද්ද උපසම්පදා කරද්ද මම හතර අවුරුද්දක් භික්ෂූ සංඝයා වහන්සේ වෙත උපස්ථානකරමින් වාසය කරන්නෙමි. සතර හවුරුද්දක්හුගේ ඇවෑමෙන් සතුටුවූ භික්ෂු සංඝයා වහන්සේ භික්ෂුභාවය පිණිස මා මහණකරත්වා, උපසම්පදා කරත්වායි” කියා භාග්‍යවතුන් වහන්සේට දැන්නුවේය. මෙසේ සැල කළ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකර “ආනන්දය, සුභද්‍ර පැවිදි කරවයි” කීවෝය. “එසේය, ස්වාමීන්වහන්සැයි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට උත්තර දුන්නේය.
එවිට සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “ඇවැත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුඹවහන්සේලාට මහත්වූ ලාභයක් වූයේය. ඇවැත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්ස, නුඹවහන්සේලා විසින් යහපත් දෙයක් ලබන ලද්දේය. යම්බඳුවූ නුඹවහන්සේලා මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේගේ සමීපයෙන් අතවැසි බව නමැති අභිෂෙකයෙන් අභිෂෙක කරණ ලද්දාහු වෙතියි” කීය. සුභද්‍ර නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාවද ලබන ලද්දේය. උපසම්පදාවූ නොබෝ කලකින්ම ආයුෂ්මත්වූ සුභද්‍ර ස්ථවිරතෙම තනිව විවේක ස්ථානයකට පැමිණ අප්‍රමාද භාවයෙන් යුක්තව කායික චෛතසික වීර්‍ය්‍ය ඇතිව දුරුකරනලද ආත්ම ස්නේහ ඇතිව වාසයකර නොබෝ කලකින්ම යම් අර්හත් ඵලයක් පිණිස කුලපුත්‍රයෝ ගිහිගෙයින් නික්ම ආර්‍ය්‍ය සංඛ්‍යාතවූ ශාසනයෙහි මනාකොට පැවිදි වන්නාහු වෙද්ද, ඒ ඉතා උතුම්වූ ශාසන මාර්ග බ්‍රහ්මචරියාව කෙළවරකොට ඇති අර්හත්ඵල ඤාණය මේ ආත්මභාවයෙහිම තමන්ම ඇතිකරගත් ඥානයෙන් දැන අවබෝධකොට වාසය කෙළේය. ඉපදීම කෙළවර වූයේය. මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. කළයුතු දෑ කරන ලදී. මින්මතු කළ යුත්තක් නැතැයි දැනගත්තේය. සුභද්‍ර ස්ථවිර තෙම වනාහි රහතන් වහන්සේලා අතුරෙන් එක්තරා රහත් නමක් විය. ඒ සුභද්‍ර ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම ශාක්ෂි ශ්‍රාවක (භාග්‍යවතුන් වහන්සේ ජීවත්වන කල්හි මහණව පසුව රහත්වූ ශ්‍රාවකයා) නම් විය.
තථාගතපච්ඡිමවාචා තථාගතපච්ඡිමවාචා
පරිනිබ්බුතකථා පරිනිබ්බුතකථා
බුද්ධසරීරපූජා බුද්ධසරීරපූජා
මහාකස්සපත්ථෙරවත්ථු මහාකස්සපත්ථෙරවත්ථු
සරීරධාතුවිභාජනං සරීරධාතුවිභාජනං
ධාතුථූපපූජා ධාතුථූපපූජා