ත්‍රිපිටකය
3. මහාපරිනිබ්බානසුත්තං 3. මහා පරිනිර්වාණ සූත්‍රය
131
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (සබ්බත්ථ) අ. නි. 7.22 පස්සිතබ්බං).
131
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’
132
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති. යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
132
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.
වස්සකාරබ්‍රාහ්මණො වස්සකාරබ්‍රාහ්මණො
රාජඅපරිහානියධම්මා රාජඅපරිහානියධම්මා
භික්ඛුඅපරිහානියධම්මා භික්ඛුඅපරිහානියධම්මා
සාරිපුත්තසීහනාදො සාරිපුත්තසීහනාදො
දුස්සීලආදීනවා දුස්සීලආදීනවා
සීලවන්ත්තආනිසංසා සීලවන්ත්තආනිසංසා
පාටලිපුත්තනගරමාපනං පාටලිපුත්තනගරමාපනං
අරියසච්චකථා අරියසච්චකථා
අනාවත්තිධම්මසම්බොධිපරායණා අනාවත්තිධම්මසම්බොධිපරායණා
ධම්මාදාසධම්මපරියායා ධම්මාදාසධම්මපරියායා
අම්බපාලීගණිකා අම්බපාලීගණිකා
වෙළුවගාමවස්සූපගමනං වෙළුවගාමවස්සූපගමනං
නිමිත්තොභාසකථා නිමිත්තොභාසකථා
මාරයාචනකථා මාරයාචනකථා
ආයුසඞ්ඛාරඔස්සජ්ජනං ආයුසඞ්ඛාරඔස්සජ්ජනං
මහාභූමිචාලහෙතු මහාභූමිචාලහෙතු
අට්ඨ පරිසා අට්ඨ පරිසා
අට්ඨ අභිභායතනානි අට්ඨ අභිභායතනානි
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා
ආනන්දයාචනකථා ආනන්දයාචනකථා
නාගාපලොකිතං නාගාපලොකිතං
චතුමහාපදෙසකථා චතුමහාපදෙසකථා
කම්මාරපුත්තචුන්දවත්ථු කම්මාරපුත්තචුන්දවත්ථු
පානීයාහරණං පානීයාහරණං
පුක්කුසමල්ලපුත්තවත්ථු පුක්කුසමල්ලපුත්තවත්ථු
යමකසාලා යමකසාලා
උපවාණත්ථෙරො උපවාණත්ථෙරො
චතුසංවෙජනීයට්ඨානානි චතුසංවෙජනීයට්ඨානානි
ආනන්දපුච්ඡාකථා ආනන්දපුච්ඡාකථා
203
‘‘කථං මයං, භන්තෙ, මාතුගාමෙ පටිපජ්ජාමා’’ති? ‘‘අදස්සනං, ආනන්දා’’ති. ‘‘දස්සනෙ, භගවා, සති කථං පටිපජ්ජිතබ්බ’’න්ති? ‘‘අනාලාපො, ආනන්දා’’ති . ‘‘ආලපන්තෙන පන, භන්තෙ, කථං පටිපජ්ජිතබ්බ’’න්ති? ‘‘සති, ආනන්ද, උපට්ඨාපෙතබ්බා’’ති.
203
“ස්වාමීන් වහන්ස, අපි ස්ත්‍රීන් කෙරෙහි කෙසේ පිළිපදිමෝදැයී?” ඇසුවේය “ආනන්දය, යම් මේ ස්ත්‍රීන්ගේ නොදැක්මෙක් ඇද්ද ඒ නොදැක්මම උතුම්වූ ප්‍රතිපත්තියයි” කීවෝය “භාග්‍යවතුන් වහන්ස, දැකීමක් ඇති කල්හි කෙසේ පිළිපදිමෝදැයි” ඇසුවේය. “ආනන්දය කථා නොකිරීමම උතුමැයි” කීවෝය. “ස්වාමීන්වහන්ස, කථා කරන්නහු විසින් කෙසේ පිළිපැද්ද යුත්තේදැයි” ඇසුවේය. “ආනන්දය, සිහියෙන් යුක්ත විය යුතුයයි” කීවෝය.
204
‘‘කථං මයං, භන්තෙ, තථාගතස්ස සරීරෙ පටිපජ්ජාමා’’ති? ‘‘අබ්‍යාවටා තුම්හෙ, ආනන්ද, හොථ තථාගතස්ස සරීරපූජාය. ඉඞ්ඝ තුම්හෙ, ආනන්ද, සාරත්ථෙ ඝටථ අනුයුඤ්ජථ (සදත්ථෙ අනුයුඤ්ජථ (සී. ස්‍යා.), සදත්ථං අනුයුඤ්ජථ (පී.), සාරත්ථෙ අනුයුඤ්ජථ (ක.)), සාරත්ථෙ අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථ. සන්තානන්ද, ඛත්තියපණ්ඩිතාපි බ්‍රාහ්මණපණ්ඩිතාපි ගහපතිපණ්ඩිතාපි තථාගතෙ අභිප්පසන්නා, තෙ තථාගතස්ස සරීරපූජං කරිස්සන්තී’’ති.
204
“ස්වාමීන් වහන්ස, අපි තථාගතයන් වහන්සේගේ මෘත ශරීරයට කෙසේ පිළිපදිමෝදැයි” ඇසුවේය. “ආනන්දය, තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව පිණිස තෙපි වෙහෙස නොවව්. ආනන්දය, තෙපි වහාම උත්තමාර්ථයවූ අර්හත්වය පිණිස උත්සාහ කරව්. අර්හත්වය පිණිස යෙදී වාසය කරව්, වීර්‍ය්‍ය ඇතිව අර්හත්වයෙහි අප්‍රමාදව වාසය කරව්. කාය ජීවිත දෙක්හි ආශාව අත්හැර වාසය කරව්යයි” දේශනා කළෝය.
“තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනාවූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝද, ගෘහපති පණ්ඩිතයෝද ඇත්තාහුය. ඔව්හු තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව කරන්නාහුයයි” වදාළේය.
205
‘‘කථං පන, භන්තෙ, තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බ’’න්ති? ‘‘යථා ඛො, ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බ’’න්ති. ‘‘කථං පන, භන්තෙ, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්තී’’ති? ‘‘රඤ්ඤො, ආනන්ද, චක්කවත්තිස්ස සරීරං අහතෙන වත්ථෙන වෙඨෙන්ති, අහතෙන වත්ථෙන වෙඨෙත්වා විහතෙන කප්පාසෙන වෙඨෙන්ති, විහතෙන කප්පාසෙන වෙඨෙත්වා අහතෙන වත්ථෙන වෙඨෙන්ති. එතෙනුපායෙන පඤ්චහි යුගසතෙහි රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං (සරීරෙ (ස්‍යා. ක.)) වෙඨෙත්වා ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජිත්වා සබ්බගන්ධානං චිතකං කරිත්වා රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං ඣාපෙන්ති. චාතුමහාපථෙ (චාතුම්මහාපථෙ (සී. ස්‍යා. කං. පී.)) රඤ්ඤො චක්කවත්තිස්ස ථූපං කරොන්ති . එවං ඛො, ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති. යථා ඛො, ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බං. චාතුමහාපථෙ තථාගතස්ස ථූපො කාතබ්බො. තත්ථ යෙ මාලං වා ගන්ධං වා චුණ්ණකං (වණ්ණකං (සී. පී.)) වා ආරොපෙස්සන්ති වා අභිවාදෙස්සන්ති වා චිත්තං වා පසාදෙස්සන්ති තෙසං තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය.
205
“ස්වාමීන් වහන්ස, තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි කෙසේ පිළිපැද්ද යුත්තේ දැයි” ඇසුවේය,
“ආනන්දය, චක්‍රවර්ති රජහුගේ ශරීරයෙහි යම්සේ පිළිපදින්නාහුද තථාගතයන් වහන්සේගේ මෘතශරීරයෙහිද එපරිද්දෙන්ම පිළිපැද්ද යුත්තේයයි” කීවෝය.
“ස්වාමීන් වහන්ස, චක්‍රවර්ති රජහුගේ මෘත ශරීරයෙහි කෙසේ පිළිපදින්නාහු දැයි?” ඇසුවේය.
“ආනන්දය, චක්‍රවර්ති රජහුගේ මෘත ශරීරය අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළන්නාහුය. අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළා මනාකොට නගා හදනලද කපු පුලුනෙන් වෙළන්නාහුය. නගා සාදනලද කපු පුලුනෙන් වෙළා අලුත්වූ කසී වස්ත්‍රයෙන් වෙළන්නාහුය මෙම ක්‍රමයෙන් පන්සියයක් පමණ පුළුන් වස්ත්‍ර දෙකෙන් දෙක සක්විති රජහුගේ මෘත ශරීරය වෙළා රත්තරනින් සැදූ තෙල්දැමූ දෙණක තබා අනික් රන් පියනකින් වසා සියලු සුවඳ දරින් දරසෑයක් කොට චක්‍රවර්ති රජහුගේ ශරීරය දවන්නාහුය. සතරමංසන්ධියක චක්‍රවර්ති රජහුගේ ථූපයක් (සොහොනක්) කරන්නාහුය. ආනන්දය, සක්විති රජහුගේ ශරීරයෙහි, යම් ආකාරයකින් පිළිපදින්නාහු වෙද්ද, එපරිද්දෙන්ම තථාගතයන් වහන්සේගේ ශරීරයෙහිද පිළිපැද්ද යුත්තේය. සතරමංසන්ධියක තථාගතයන් වහන්සේගේ චෛත්‍යය කටයුත්තේය. ඒ සර්වඥ චෛත්‍යයෙහි යම් සත්වකෙනෙක් මල් පහන් සුවඳ ආදිය පූජා කරන්නාහු වෙද්ද, හොඳින් වඳින්නාහු වෙද්ද, සිත හෝ පහදවන්නාහු වෙද්ද, ඒ කුසලය ඔවුන්ට ඉතා බොහෝ දීර්ඝ කාලයක් හිත සැප පිණිස වන්නේයයි” කීවෝය.
ථූපාරහපුග්ගලො ථූපාරහපුග්ගලො
ආනන්දඅච්ඡරියධම්මො ආනන්දඅච්ඡරියධම්මො
මහාසුදස්සනසුත්තදෙසනා මහාසුදස්සනසුත්තදෙසනා
මල්ලානං වන්දනා මල්ලානං වන්දනා
සුභද්දපරිබ්බාජකවත්ථු සුභද්දපරිබ්බාජකවත්ථු
තථාගතපච්ඡිමවාචා තථාගතපච්ඡිමවාචා
පරිනිබ්බුතකථා පරිනිබ්බුතකථා
බුද්ධසරීරපූජා බුද්ධසරීරපූජා
මහාකස්සපත්ථෙරවත්ථු මහාකස්සපත්ථෙරවත්ථු
සරීරධාතුවිභාජනං සරීරධාතුවිභාජනං
ධාතුථූපපූජා ධාතුථූපපූජා