ත්‍රිපිටකය
3. මහාපරිනිබ්බානසුත්තං 3. මහා පරිනිර්වාණ සූත්‍රය
131
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (සබ්බත්ථ) අ. නි. 7.22 පස්සිතබ්බං).
131
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’
132
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති. යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
132
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.
වස්සකාරබ්‍රාහ්මණො වස්සකාරබ්‍රාහ්මණො
රාජඅපරිහානියධම්මා රාජඅපරිහානියධම්මා
භික්ඛුඅපරිහානියධම්මා භික්ඛුඅපරිහානියධම්මා
සාරිපුත්තසීහනාදො සාරිපුත්තසීහනාදො
දුස්සීලආදීනවා දුස්සීලආදීනවා
සීලවන්ත්තආනිසංසා සීලවන්ත්තආනිසංසා
පාටලිපුත්තනගරමාපනං පාටලිපුත්තනගරමාපනං
අරියසච්චකථා අරියසච්චකථා
අනාවත්තිධම්මසම්බොධිපරායණා අනාවත්තිධම්මසම්බොධිපරායණා
ධම්මාදාසධම්මපරියායා ධම්මාදාසධම්මපරියායා
අම්බපාලීගණිකා අම්බපාලීගණිකා
වෙළුවගාමවස්සූපගමනං වෙළුවගාමවස්සූපගමනං
නිමිත්තොභාසකථා නිමිත්තොභාසකථා
මාරයාචනකථා මාරයාචනකථා
ආයුසඞ්ඛාරඔස්සජ්ජනං ආයුසඞ්ඛාරඔස්සජ්ජනං
මහාභූමිචාලහෙතු මහාභූමිචාලහෙතු
අට්ඨ පරිසා අට්ඨ පරිසා
අට්ඨ අභිභායතනානි අට්ඨ අභිභායතනානි
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා
ආනන්දයාචනකථා ආනන්දයාචනකථා
නාගාපලොකිතං නාගාපලොකිතං
චතුමහාපදෙසකථා චතුමහාපදෙසකථා
187
අථ ඛො භගවා භණ්ඩගාමෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ආයාමානන්ද, යෙන හත්ථිගාමො, යෙන අම්බගාමො, යෙන ජම්බුගාමො, යෙන භොගනගරං තෙනුපසඞ්කමිස්සාමා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන භොගනගරං තදවසරි. තත්‍ර සුදං භගවා භොගනගරෙ විහරති ආනන්දෙ (සානන්දරෙ (ක.)) චෙතියෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘චත්තාරොමෙ, භික්ඛවෙ, මහාපදෙසෙ දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං , භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
187
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩ නම් ගම කැමති කාලයක් වාසයකොට ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථාකළහ. “ආනන්දය, එන්න, හත්ථි නම් ගම යම් තැනකද, අම්බ නම් ගම යම් තැනකද, ජම්බු නම් ගම යම්තැනකද, භොග නම් ගම යම් තැනකද එතැනට යමුයි” වදාළහ.
“එසේය, ස්වාමීනි”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා සමග භොග නුවර යම් තැනකද එතැනට වැඩියහ.
එතැන්හිද, භාග්‍යවතුන්වහන්සේ භොග නගරයෙහි ආනන්ද නම් චෛත්‍ය ස්ථානයෙහි වැඩවෙසෙති. එකල්හිද භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථාකළහ. “මහණෙනි, මේ සතර ආකාරවූ “මහාපදෙශ” ධර්මයන් කියන්නෙමි. එය හොඳින් අසව්. යහපත්ව මෙනෙහිකරව් කියන්නෙමියි” වදාළහ. “එසේය, ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
188
‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්‍ය - ‘සම්මුඛා මෙතං, ආවුසො, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔසාරෙතබ්බානි (ඔතාරෙතබ්බානි), විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි (ඔතාරියමානානි) විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔසරන්ති (ඔතරන්ති (සී. පී. අ. නි. 4.180), න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං න චෙව තස්ස භගවතො වචනං; ඉමස්ස ච භික්ඛුනො දුග්ගහිත’න්ති. ඉතිහෙතං, භික්ඛවෙ, ඡඩ්ඩෙය්‍යාථ. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔසරන්ති, විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං තස්ස භගවතො වචනං; ඉමස්ස ච භික්ඛුනො සුග්ගහිත’න්ති. ඉදං, භික්ඛවෙ, පඨමං මහාපදෙසං ධාරෙය්‍යාථ.
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්‍ය - ‘අමුකස්මිං නාම ආවාසෙ සඞ්ඝො විහරති සථෙරො සපාමොක්ඛො. තස්ස මෙ සඞ්ඝස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔසාරෙතබ්බානි, විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔසරන්ති, න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං න චෙව තස්ස භගවතො වචනං; තස්ස ච සඞ්ඝස්ස දුග්ගහිත’න්ති. ඉතිහෙතං, භික්ඛවෙ, ඡඩ්ඩෙය්‍යාථ. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔසරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා , ඉදං තස්ස භගවතො වචනං; තස්ස ච සඞ්ඝස්ස සුග්ගහිත’න්ති. ඉදං, භික්ඛවෙ, දුතියං මහාපදෙසං ධාරෙය්‍යාථ.
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්‍ය - ‘අමුකස්මිං නාම ආවාසෙ සම්බහුලා ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං - අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං...පෙ.... න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං න චෙව තස්ස භගවතො වචනං; තෙසඤ්ච ථෙරානං දුග්ගහිත’න්ති. ඉතිහෙතං, භික්ඛවෙ, ඡඩ්ඩෙය්‍යාථ. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි...පෙ.... විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං තස්ස භගවතො වචනං; තෙසඤ්ච ථෙරානං සුග්ගහිත’න්ති. ඉදං, භික්ඛවෙ, තතියං මහාපදෙසං ධාරෙය්‍යාථ.
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්‍ය - ‘අමුකස්මිං නාම ආවාසෙ එකො ථෙරො භික්ඛු විහරති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො. තස්ස මෙ ථෙරස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං - අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔසාරිතබ්බානි, විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔසරන්ති, න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං න චෙව තස්ස භගවතො වචනං; තස්ස ච ථෙරස්ස දුග්ගහිත’න්ති. ඉතිහෙතං, භික්ඛවෙ, ඡඩ්ඩෙය්‍යාථ. තානි ච සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔසරන්ති, විනයෙ ච සන්දිස්සන්ති , නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා , ඉදං තස්ස භගවතො වචනං; තස්ස ච ථෙරස්ස සුග්ගහිත’න්ති. ඉදං, භික්ඛවෙ, චතුත්ථං මහාපදෙසං ධාරෙය්‍යාථ. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො මහාපදෙසෙ ධාරෙය්‍යාථා’’ති.
තත්‍රපි සුදං භගවා භොගනගරෙ විහරන්තො ආනන්දෙ චෙතියෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති - ‘‘ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො . සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්‍යථිදං - කාමාසවා, භවාසවා, අවිජ්ජාසවා’’ති.
188
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, ‘ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදීම අසනලදී. මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදීම පිළිගන්නාලදී. මේ ධර්මයයි, මේ විනයයි, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයයි’ කියායි. මහණෙනි, මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට පළමුවෙන්ම (එක්වරටම) සතුටු නොවිය යුත්තේය. (ආක්‍රොශ වශයෙන්) අහක නොදැමිය යුත්තේය. සතුටුද නොවී, ප්‍රතික්ෂෙපද නොකොට ඒ පද ව්‍යංජනයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මයෙහි බහා සසඳා බැලිය යුතුය. විනය ධර්මය හා සංසන්දනයකොට (එක්කර) බැලිය යුතුය. ඉඳින් ඒ ධර්මයෝ සූත්‍ර ධර්මය හා සම නොවන්නාහු නම්, විනය ධර්මය හා සංසන්දනය (එක්වීම) නොවන්නාහු නම්, ඒකාන්තයෙන් මේ වචනය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් (ධර්මයක්) නොවේ. මේ වචනය මේ භික්ෂූව විසින්ම වරදවා ගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මෙසේ මේ වචනය දුරුකට යුත්තේය.
“සූත්‍ර ධර්මය හා සමකර බලන්නේ, විනය ධර්මය හා සංසන්දනයකර බලන්නේ, සූත්‍ර ධර්මය හා සම වෙද්ද, විනය ධර්ම හා සංසන්දනය වෙද්ද, මේ වචනය ඒකන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයක්මයයිද, මේ භික්ෂූව විසින්ද ඒ වචනය මනාකොට ගන්නා ලද්දේයයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ පළමුවැනි මහාපදෙශ ධර්මයයයි සිත්හි දරා ගනිත්වා.
මහණෙනි, මේ ශාසනයෙහි යම් භික්ෂුවක්, ‘අසවල් ආවාසයෙහි ප්‍රධානවූ ස්ථවිරයන් සහිත භික්ෂු සංඝයා වාසය කරයි මේ ධර්මයයිද, මේ විනයයයිද, මේ ශාස්තෲන්වහන්සේගේ අනුශාසනාවයයිද, ඒ සංඝයාගේ ඉදිරිපිටදීම අසන ලද්දේය ඒ සංඝයා ඉදිරියේදීම පිළිගන්නා ලද්දේයයි’ මෙසේ කියන්නේ වේද, මහණෙනි, මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට එක්වරම සතුටුනොවිය යුතුයි අත්හැර දැම්මද නොකළ යුතුය. සතුටුත් නොවී, අත්හැර දැම්මත් නොකොට ඒ ව්‍යංජන සහිත පදයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මයෙහි බහාලිය යුත්තේය, විනය නීතිය හා සංසන්දනය කළ යුතුය. ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සම නොවන්නේද, විනය නීතිය හා එක් නොවන්නේද ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේය. ඒ සංඝයාද මේ වචනය වරදවාගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මෙසේ මෙය දුරුකට යුත්තේය ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සමකරන්නේ, විනය නීතිය හා සංසන්දනය කරන්නේ, සූත්‍ර ධර්මය හා සමවේද විනය නීතිය හා සංසන්දනය වේද ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේම වචනයක්යයි කියාද, ඒ සංඝයාද මනාකොට ගන්නා ලද්දකැයි කියාද තීරණයටපැමිණිය යුත්තේය. මහණෙනි මේ දෙවැනි මහපදෙශ ධර්මයයි සිත්හි දරාගනිව්
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, අසවල් නම් ආවාසයෙහි බහුශ්‍රැතවූ (බොහෝ උගත්) ආගතාගමවූ, (පැමිණි පිටකත්‍රය ඇති) ධර්මය දන්නාවූ විනය දන්නාවූ, මාතෘකා පාලිය දන්නාවූ, බොහෝවූ ස්ථවිර භික්ෂුහු වසන්නාහ. මා විසින් මේ ධර්මයයි කියාද මේ විනයයයි කියාද, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවයයි කියාද, ඒ තෙරුන්ගේ ඉදිරියේදීම අසනලදී. ඒ තෙරුන්ගේ ඉදිරියේදීම පිළිගන්නා ලදී.’ මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට සතුටු නොවිය යුත්තේය. අහක දැමීමද නොකට යුත්තේය. එසේ සතුටුත් නොවි, ප්‍රතික්ෂෙපද නොකොට පද ව්‍යංජනයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මය හා සම කළ යුත්තේය. විනය නීතිය හා සංසන්දනය කළ යුත්තේය සූත්‍ර ධර්මය හා සම කරන කල්හිද, විනය නීතිය හා සංසන්දනය කරන කල්හිද සූත්‍ර ධර්මය හා නොගැළපේද විනය නීතිය හා සංසන්දනය නොවේද, ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේ යයි තීරණයට යා යුත්තේය. ඒ තෙරුන් විසින්ද මේ වචනය වරදවා ගන්නා ලද්දකැයිද කියා, මහණෙනි, ඒ වචනය දුරු කට යුත්තේය.
“ඉදින් ඒ වචන සූත්‍ර ධර්මය හා සම කරන ලද්දේ විනය නීතිය හා සමකරන ලද්දේ, සූත්‍ර ධර්මය හා සමවෙද්ද, විනය නීතිය හා සමවෙද්ද, ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙකැයි තීරණයට පැමිණිය යුත්තේය. ඒ තෙරුන් වහන්සේ විසින්ද මනාකොට ගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ තුන්වැනිවූ මහාපදෙස ධර්මයයි. හොඳින් (සිත්හි) දරාගනිව්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, ‘අසවල් ආවාසයෙහි බහුශ්‍රැතවූ (බොහෝ උගත්) ආගතාගමවූ, (පැමිණි පිටකත්‍රය ධර්මය ඇති) ධර්මය දන්නාවූ විනය දන්නාවූ, මාතාකාපාලිය දන්නාවූ එක් ස්ථවිර භික්ෂූවක් වසයි. මා විසින් මේ ධර්මයයි කියාද, මේ විනය නීතිය යයි කියාද, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවයයි කියාද, ඒ තෙරුන්ගේ ඉදිරියේදීම අසන ලදී. ඒ තෙරුන්ගේ ඉදිරියේදීම පිළිගන්නාලදී’ කියායි. මහණෙනි, ඒ මහණහුගේ වචනයට සතුටු නොවිය යුත්තේය. අහක දැමීමද නොකට යුත්තේය. සතුටුද නොවී අහකද නොදමා පද ව්‍යංජන වශයෙන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මය හා සමකළ යුත්තේය. විනය නීතිය හා සංසන්දනය කළ යුත්තේය. ඉදින් ඒ වචන සූත්‍ර ධර්මය හා සමකරන කල්හිද, විනය නීතිය හා සංන්දනය කරන කල්හිද, ඉදින් සූත්‍රධර්මය හා නොගැළපේද, විනය නීතිය හා නොසැසඳේද, එකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේයයි තීරණයට පැමිණිය යුත්තේය. ඒ තෙරුන් විසින්ද මේ වචනය වරදවා ගන්නා ලද්දකැයිද තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, ඒ නිසා මේ වචනය දුරු කට යුත්තේය.
“ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සමකරන ලද්දේ, විනය නීතිය හා සංසන්දනය කරනලද්දේ, සූත්‍ර ධර්මය හා ගැළපේද විනය නීතිය හා ගැළපේද, මේ වචනය ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයකැයි කියාද, ඒ තෙරුන් විසින්ද මනාකොට ගන්නා ලද්දකැයි කියාද තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ වනාහි මේ සතර වැනිවූ මහාපදෙශ ධර්මයයි. මහණෙනි, මේ වනාහි ඒ සතර මහාපදෙශ ධර්මයෝයයි හොඳින් දරාගනිව්.
“එතැනින් භාග්‍යවතුන් වහන්සේ භොග නම් නුවර ආනන්ද නම් චෛත්‍යයෙහි වැඩ වාසය කරන්නේ භික්ෂූන්ට බොහෝසෙයින් මේ ධර්මයෙන් යුක්ත කථාවම කරන්නාහ. මේ ශීලයයි මේ සමාධියයි, මේ ප්‍රඥාවයි.’ සීලයෙහි පිහිටා වඩනලද සමාධිය මහත්ඵල මහානිසංස ඇත්තේය. සමාධියෙහි පිහිටා වඩනලද ප්‍රඥාව මහත්ඵල මහානිසංස ඇත්තීය. ප්‍රඥාවෙන් වඩනලද සිත ආශ්‍රවයන් කෙරෙන් මිදෙයි. ඔව්හු නම් කාමාශ්‍රව, භාවශ්‍රව, දෘෂ්ටි ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව යනුයි.”
කම්මාරපුත්තචුන්දවත්ථු කම්මාරපුත්තචුන්දවත්ථු
පානීයාහරණං පානීයාහරණං
පුක්කුසමල්ලපුත්තවත්ථු පුක්කුසමල්ලපුත්තවත්ථු
යමකසාලා යමකසාලා
උපවාණත්ථෙරො උපවාණත්ථෙරො
චතුසංවෙජනීයට්ඨානානි චතුසංවෙජනීයට්ඨානානි
ආනන්දපුච්ඡාකථා ආනන්දපුච්ඡාකථා
ථූපාරහපුග්ගලො ථූපාරහපුග්ගලො
ආනන්දඅච්ඡරියධම්මො ආනන්දඅච්ඡරියධම්මො
මහාසුදස්සනසුත්තදෙසනා මහාසුදස්සනසුත්තදෙසනා
මල්ලානං වන්දනා මල්ලානං වන්දනා
සුභද්දපරිබ්බාජකවත්ථු සුභද්දපරිබ්බාජකවත්ථු
තථාගතපච්ඡිමවාචා තථාගතපච්ඡිමවාචා
පරිනිබ්බුතකථා පරිනිබ්බුතකථා
බුද්ධසරීරපූජා බුද්ධසරීරපූජා
මහාකස්සපත්ථෙරවත්ථු මහාකස්සපත්ථෙරවත්ථු
සරීරධාතුවිභාජනං සරීරධාතුවිභාජනං
ධාතුථූපපූජා ධාතුථූපපූජා