ත්‍රිපිටකය
3. මහාපරිනිබ්බානසුත්තං 3. මහා පරිනිර්වාණ සූත්‍රය
131
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජාමි (ස්‍යා. පී.), උච්ඡිජ්ජාමි (ක.)) වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමි වජ්ජී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (සබ්බත්ථ) අ. නි. 7.22 පස්සිතබ්බං).
131
මා විසින් මෙසේ අසනලදී. (මාගේ ඇසීම මෙසේය.) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට නම් පර්වතයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි මගධ රටට අධිපති වෙදෙහි නම් දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැ රට රජුන් යටත් කර ගැනීමට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි. ‘මම වනාහි මහත් ඍද්ධි ඇත්තාවූ මහත් ආනුභාව ඇත්තාවූ මේ වැදැ රජුන් නැති කර දමන්නෙමියි යනුයි.’
132
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි වජ්ජී, විනාසෙස්සාමි වජ්ජී, අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති. යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
132
එවිට මගධරට රජවූ විදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජ මගධරට මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයාට කථාකර මෙසේ කීයේය. “බ්‍රාහ්මණය, මෙහි එනු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට යව, ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. වැඳ, උන්වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇතිබවද, ශරීර බලයද, පහසු විහරණයද විචාරව. නැවතද, “ස්වාමීන්වහන්ස, මගධරට රජවූ වෙදෙහ දේවියගේ පුත්‍ර අජාසත් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳී. භාග්‍යවතුන් වහන්සේගේ නිරෝගී බවද, නිදුක් බවද, සැහැල්ලු පැවතුම් ඇති බවද, ශරීර බලයද, පහසු විහරණයද, විචාරායයි” දන්වව. තවද මෙසේ කියව. “ස්වාමීන් වහන්ස, (මගධරට රජවූ වෙදෙහි දේවියගේ පුත්‍රවූ අජාසත් රජතෙමේ වැදැරජුන් යටත්කරගන්නට යනු කැමැත්තේ වේ. ඒ අජාසත් රජතෙමේ මෙසේ කියයි “මම මහත් ඍද්ධි ඇත්තාවූද, මහත් ආනුභාව ඇත්තාවූද මේ වැදැරජුන් සම්පූර්ණයෙන් සිඳ දමන්නෙමි. වැදැරජුන් වනසන්නෙමි. වැදැරජුන් නැතිකර දමන්නෙමි” යනුයි. භාග්‍යවතුන් වහන්සේ තොපට යම්පරිද්දෙකින් ප්‍රකාශකරන සේක්ද, ඒ ප්‍රකාශ කළ පරිදිම මනාකොට ඉගෙන මට කියව. තථාගතයන්වහන්සේලා අවැඩට හිතවූ හිස් වචනයක් නොවදාරන්නහුයයිද” කීයේය.
වස්සකාරබ්‍රාහ්මණො වස්සකාරබ්‍රාහ්මණො
රාජඅපරිහානියධම්මා රාජඅපරිහානියධම්මා
භික්ඛුඅපරිහානියධම්මා භික්ඛුඅපරිහානියධම්මා
සාරිපුත්තසීහනාදො සාරිපුත්තසීහනාදො
දුස්සීලආදීනවා දුස්සීලආදීනවා
සීලවන්ත්තආනිසංසා සීලවන්ත්තආනිසංසා
පාටලිපුත්තනගරමාපනං පාටලිපුත්තනගරමාපනං
අරියසච්චකථා අරියසච්චකථා
අනාවත්තිධම්මසම්බොධිපරායණා අනාවත්තිධම්මසම්බොධිපරායණා
ධම්මාදාසධම්මපරියායා ධම්මාදාසධම්මපරියායා
158
‘‘අනච්ඡරියං ඛො පනෙතං, ආනන්ද, යං මනුස්සභූතො කාලඞ්කරෙය්‍ය. තස්මිංයෙව (තස්මිං තස්මිං චෙ (සී. පී.), තස්මිං තස්මිං ඛො (ස්‍යා.)) කාලඞ්කතෙ තථාගතං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡිස්සථ, විහෙසා හෙසා, ආනන්ද, තථාගතස්ස. තස්මාතිහානන්ද, ධම්මාදාසං නාම ධම්මපරියායං දෙසෙස්සාමි, යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති.
158
“ආනන්දය, මිනිහෙක් මැරෙන්නේය යනු පුදුමයක් නොවේ. ඉදින් ඒ ඒ මිනිසුන් මැරුණු කල තථාගතයන් වහන්සේ වෙත පැමිණ, මේ කාරණය අසත් නම්, ආනන්දය, මේ ඇසීම තථාගතයන් වහන්සේට වෙහෙස වන්නේය. එහෙයින් ආනන්දය, ‘ධර්මදාස’ (ධර්ම කන්නාඩිය) නම් ධර්මක්‍රමයක් දේශනා කරන්නෙමි.
“යම් ධර්මයකින් යුක්තවූ උතුම් ශ්‍රාවකයා ඉදින් කැමති වන්නේ නම්, නිරා දුක් නැති කෙළෙමි. තිරිසන් යොනියෙහි දුක නැති කෙළෙමි. ප්‍රෙත දුක් නැති කෙළෙමි. නපුරු ගති ඇති අපාය නැති කෙළෙමි. මම අපායෙහි නොහෙළන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියතවූ සෝවාන් ඵලයට පැමිණියෙක් වෙමියි තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශ කරන්නේද එවැනි ධර්ම ක්‍රමයකි.
159
‘‘කතමො ච සො, ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො, යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති?
‘‘ඉධානන්ද , අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති.
‘‘ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනෙය්‍යිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති.
‘‘සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති - ‘සුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති.
‘‘අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤූපසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි.
‘‘අයං ඛො සො, ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො, යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්‍යාකරෙය්‍ය - ‘ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’’ති.
තත්‍රපි සුදං භගවා නාතිකෙ විහරන්තො ගිඤ්ජකාවසථෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති -
‘‘ඉති සීලං ඉති සමාධි ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො. සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්‍යථිදං - කාමාසවා, භවාසවා, අවිජ්ජාසවා’’ති.
159
“ආනන්දය, යම් ධර්මයකින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ඉදින් කැමතිවන්නේ නම් නිරාදුකින් මම නිදහස් වීමි. ප්‍රෙත දුකින් නිදහස් වීමි. තිරිසන් දුකින් නිදහස් වීමි. නපුරු ගති ඇති අපාය දුකින් නිදහස් වීමි. අපායට නොහෙළන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියතවූ සෝවාන් ඵලයට පැමිණියෙමියි’ තමා ගැන තමා විසින්ම ප්‍රකාශ කරන්නේද? ඒ “ධර්මදාස” නම් ධර්ම ක්‍රමය කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි උතුම් ශ්‍රාවකතෙම (ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විදර්ශනාඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ට විද්‍යා පසළොස්වරණ ධර්මයන්ගෙන් යුක්තය. යහපත් ගති ඇත්තාහ, සියලු ලෝකයන් දන්නාහ, ශ්‍රේෂ්ඨය, හික්මවියයුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිය, දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්වූහ. සත්‍යවූ උතුම් ධර්ම සතර (චතුරාර්‍ය්‍ය සත්‍යය) අවබෝධ කළසේක. භාග්‍යවත්වූසේකැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වන පැහැදීමෙන් යුක්තවූයේද, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයේදීම දැක්කහැකිවූ ඵල ඇත්තේය. කල් නොයවා ලැබියයුතු ඵල ඇත්තේය. ‘එව, බලවයි’ දැක්විය හැකිවූ ගුණ ඇත්තේය. නිර්වාණය කරා පමුණුවන්නේය. නුවණැත්තන් විසින් ඊට පැමිණ තම තමන්ගේ සිතින්ම දතයුතුවූ ගුණ ඇත්තේයයි ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවේද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ප්‍රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජුව (කෙළින්) පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරු බුහුමනට සුදුසු පරිදි පිළිපන්නේය. යම් මේ පුරුෂ යුගල සතරක් වන්නාහුද, (පුරුෂ පුද්ගල වශයෙන්) අටදෙනෙක් වන්නාහුද, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා සොයා ගොස් පිදිය යුතු භොජනය පිළිගැනීමට සුදුසුය, පරලොව අදහා දෙන දානය (දක්ෂිණාව) පිළිගැණීමට සුදුසුය (අංජලීකර්මයට) දෑත හිස මත තබා වැඳීමට සුදුසුය, ලෝකයාට උතුම්වූ පින් කෙතක් වැනියයි සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ඇදහීමෙන් යුක්ත වේද, නොකැඩුනාවූ, සිදුරු නොවූ, පැල්ලම් නැති කැලැල් නොවූ, තණ්හාවට වාල් නොවූ නුවණ ඇත්තන් විසින් ප්‍රශංසා කරන්නාවූ, දොස් රහිතවූ සමාධිය පිණිස පවත්නාවූ උත්තමයන්ට ප්‍රිය මනාපවූ සීලයෙන් යුක්තවේද, ආනන්දය, යම් ධර්මයකින් යුක්තවූ උතුම් ශ්‍රාවක තෙම ඉදින් කැමතිවන්නේ නම්, ‘නිරා දුකින් මිදුනෙමි. තිරිසන් දුකින් මිදුනෙමි. ප්‍රෙත දුකින් මිදුනෙමි. නපුරු ගති ඇති අපාය දුකින් මිදුනෙමි. මම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ රහත් බවට නියතවූ සෝවාන් ඵලයට පැමිණියෙමියි’ තමාම තමන් ගැන ප්‍රකාශ කරන්නේද ඒ ධර්මදාසනම් ක්‍රමය මෙය වන්නේය.
එතැන්හිද භාග්‍යවතුන් වහන්සේ නාදිකා ගමෙහි එක් උළු ගෙයක වාසය කරන සේක්. බොහෝසෙයින් මේ ධර්මයම දේශනා කරන්නාහ. මේ උතුම්වූ ශීලයයි කියාද, මේ උතුම්වූ සමාධියයි කියාද, මේ උතුම්වූ ප්‍රඥාවයයි කියාද, ශීලයෙහි සිට වඩන (පුරුදු කරන) ලද සමාධිය මහත් ඵල මහානිසංස වන්නේය. සමාධියෙහි සිට වඩන ලද නුවණ මහත්ඵල මහානිසංස වන්නේය. නුවණින් පුරුදු කරන ලද සිත ආශ්‍රවයන් (කෙලෙසුන්) ගෙන් මිදෙන්නේයයි” පැවසූහ. ඒ ආශ්‍රව (කෙලෙස්) නම්, කාමාශ්‍රවයෝය, භවාශ්‍රවයෝය, දෘෂ්ටි ආශ්‍රවයෝය, අවිද්‍යා ආශ්‍රවයෝය යන මොහුයි.
160
අථ ඛො භගවා නාතිකෙ යථාභිරන්තං විහරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘ආයාමානන්ද, යෙන වෙසාලී තෙනුපසඞ්කමිස්සාමා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙසාලී තදවසරි. තත්‍ර සුදං භගවා වෙසාලියං විහරති අම්බපාලිවනෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -
‘‘සතො, භික්ඛවෙ, භික්ඛු විහරෙය්‍ය සම්පජානො, අයං වො අම්හාකං අනුසාසනී. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සතො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී...පෙ.... චිත්තෙ චිත්තානුපස්සී...පෙ.... ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සතො හොති.
‘‘කථඤ්ච , භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති. සතො, භික්ඛවෙ, භික්ඛු විහරෙය්‍ය සම්පජානො, අයං වො අම්හාකං අනුසාසනී’’ති.
160
භාග්‍යවතුන් වහන්සේ නාදිකා නම් ගමෙහි කැමති කාලයක් වාසය කොට ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට කථා කළහ. “ආනන්දය එන්න, විසාලාමහනුවර යම් තැනකද එතැනට යමුයි” පැවසූහ. “එසේය ස්වාමීනියි” ආයුෂ්මත්වූ ආනන්ද ස්ථවිරයන් වහන්සේ උත්තර දුන්හ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්ෂු සංඝයා හා සමග විශාලාමහනුවර යම් තැනෙක්හිද එතැනට පැමිණියෝය. එතැන්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර සමීපයෙහිවූ, අම්බපාලි නම් ගණිකාවගේ (දක්ෂ නාට්‍ය ගීත කලා දක්වන්නියගේ) අඹ උයනෙහි වාසය කරන සේක.
එකල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කථා කළහ. “මහණෙනි, භික්ෂුව සිහියෙන් යුක්තවූයේ, මනා නුවණින් යුක්තවූයේ වාසය කරන්නේය. මේ වනාහි අපගේ අනුශාසනාවයි. මහණෙනි, භික්ෂුව කෙසේ නම් සිහියෙන් යුක්තවේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව නුවණින් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ පඤ්චස් කන්ධ නමැති ලෝකයෙහි ලෝභයද නොසතුටු බවද දුරුකොට මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේය. මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, නුවණින් හා සිහියෙන් යුක්තවූයේ පඤ්චස්කන්ධය නමැති ලෝකයෙහි ලෝභයද, නොසතුටු බවද සංසිඳුවාගෙන විඳීම අනුව බලමින් වාසය කරන්නේය. මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව ඥාණයෙන් යුක්තව, සිහියෙන් යුක්තව, පඤ්චස්කන්ධ නමැති ලෝකයෙහි ලෝභයද නොසතුටු බවද සංසිඳුවාගෙන සිත අනුව බලමින් වාසය කරන්නේය. මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතුව, ඤාණයෙන් යුතුව, සිහියෙන් යුතුව පඤ්චස්කන්ධය නමැති ලෝකයෙහි ලෝභයද නොසතුටු බවද සංසිඳුවාගෙන නීවරණාදී ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේ සිහියෙන් යුක්තව වාසය කරන්නේ නම් වෙයි.
“මහණෙනි, භික්ෂුව කෙසේ නම් නුවණින් යුක්ත වන්නේද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ඉදිරියට යාමෙහිද ආපසු යාමෙහිද නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද වටපිට බැලීමෙහිද නුවණින් දැන කරන්නේය. අත් පා හැකිලීමෙහිද දිගු කිරීමෙහිද නුවණින් දැන කරන්නේය. දෙපොට සිවුරය, තනිපොට සිවුරය, පාත්‍රය යන මේ දේ දැරීමෙහිද නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමෙහිද, පානය කිරීමෙහිද, වැළඳීමෙහිද, රස විඳීමෙහිද, නුවණින් යෙදී කරන්නේය, මළ මුත්‍ර පහකිරීමෙහිද නුවණින් යුක්තව එසේ කරන්නේය.
“යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොර කිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ නුවණින් දැන කරන්නේය. මහණෙනි, මෙසේ වනාහි භික්ෂුව නුවණින් දැන කරන්නේ වේ. මහණෙනි, මහණතෙම මනා නුවණින් සහ සිහියෙන් යුක්තව වාසය කරන්නේය. මේ වනාහි අපගේ අනුශාසනාව නම් වන්නීය.
අම්බපාලීගණිකා අම්බපාලීගණිකා
වෙළුවගාමවස්සූපගමනං වෙළුවගාමවස්සූපගමනං
නිමිත්තොභාසකථා නිමිත්තොභාසකථා
මාරයාචනකථා මාරයාචනකථා
ආයුසඞ්ඛාරඔස්සජ්ජනං ආයුසඞ්ඛාරඔස්සජ්ජනං
මහාභූමිචාලහෙතු මහාභූමිචාලහෙතු
අට්ඨ පරිසා අට්ඨ පරිසා
අට්ඨ අභිභායතනානි අට්ඨ අභිභායතනානි
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා
ආනන්දයාචනකථා ආනන්දයාචනකථා
නාගාපලොකිතං නාගාපලොකිතං
චතුමහාපදෙසකථා චතුමහාපදෙසකථා
කම්මාරපුත්තචුන්දවත්ථු කම්මාරපුත්තචුන්දවත්ථු
පානීයාහරණං පානීයාහරණං
පුක්කුසමල්ලපුත්තවත්ථු පුක්කුසමල්ලපුත්තවත්ථු
යමකසාලා යමකසාලා
උපවාණත්ථෙරො උපවාණත්ථෙරො
චතුසංවෙජනීයට්ඨානානි චතුසංවෙජනීයට්ඨානානි
ආනන්දපුච්ඡාකථා ආනන්දපුච්ඡාකථා
ථූපාරහපුග්ගලො ථූපාරහපුග්ගලො
ආනන්දඅච්ඡරියධම්මො ආනන්දඅච්ඡරියධම්මො
මහාසුදස්සනසුත්තදෙසනා මහාසුදස්සනසුත්තදෙසනා
මල්ලානං වන්දනා මල්ලානං වන්දනා
සුභද්දපරිබ්බාජකවත්ථු සුභද්දපරිබ්බාජකවත්ථු
තථාගතපච්ඡිමවාචා තථාගතපච්ඡිමවාචා
පරිනිබ්බුතකථා පරිනිබ්බුතකථා
බුද්ධසරීරපූජා බුද්ධසරීරපූජා
මහාකස්සපත්ථෙරවත්ථු මහාකස්සපත්ථෙරවත්ථු
සරීරධාතුවිභාජනං සරීරධාතුවිභාජනං
ධාතුථූපපූජා ධාතුථූපපූජා