ත්‍රිපිටකය
2. මහානිදානසුත්තං 2. මහානිදාන සූත්‍රය
පටිච්චසමුප්පාදො පටිච්චසමුප්පාදො
95
එවං මෙ සුතං - එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසධම්මං නාම (කම්මාසදම්මං නාම (ස්‍යා.)) කුරූනං නිගමො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාව ගම්භීරො චායං, භන්තෙ, පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසො ච, අථ ච පන මෙ උත්තානකුත්තානකො විය ඛායතී’’ති. ‘‘මා හෙවං, ආනන්ද, අවච, මා හෙවං, ආනන්ද, අවච. ගම්භීරො චායං, ආනන්ද, පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසො ච. එතස්ස, ආනන්ද, ධම්මස්ස අනනුබොධා අප්පටිවෙධා එවමයං පජා තන්තාකුලකජාතා කුලගණ්ඨිකජාතා (ගුලාගුණ්ඨිකජාතා (සී. පී.), ගුණගණ්ඨිකජාතා (ස්‍යා.)) මුඤ්ජපබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති.
95
මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ කුරුරට කම්මාසදම්‍ය නම්වූ කුරුරට වැස්සන්ගේ නියම්ගමක්වීද එහි වාසය කළෝය. එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ එක පැත්තක උන්නේය. එක පැත්තක උන්නාවූ ආයුෂ්මත් ආනන්ද තෙරුන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙ කාරණය දැන්නුවේය. ස්වාමීන්වහන්ස, මේ (පටිච්ච සමුප්පාදය) හේතු ඵල දේශනාව පමණ ඉක්මවා ගැඹුරුවේද හෙවත් ඉතා ගැඹුරු වේද ගැඹුරු දැකුම් ඇත්තේ වේද ස්වාමීන් වහන්ස, ඒ කාරණය පුදුමයි. ස්වාමීන් වහන්ස, ඒ කාරණය ඉතා පුදුමයි. එසේ නමුත් මට නොගැඹුරුවූවක් මෙන් පහසුවූවක් මෙන් වැටහේයයි” දැන්නුවේය.
“ආනන්දය, එසේ නොකියව. ආනන්දය, එසේ නොකියව ආනන්දය, මේ (පටිච්ච සමුප්පාදය) හේතු ඵල ධර්මය ගැඹුරු වෙයි. ගැඹුරු දැකුම් ඇත්තේද වෙයි. ආනන්දය, මේ ධර්මය නොදැනීම හේතුකොට ගෙන, හොඳින් අවබෝධ නොකිරීම හේතුකොටගෙන මේ සත්ව සමූහයා මීයන් විසින් කපා අවුල් කර දමනලද රෙදි වියන්නන්ගේ නූල් කැටියක් මෙන් අවුල්වී, කුරුළු කූඩුවක් මෙන් ගෙතී, තණ බිස්සක් මෙන් පැටලී සැපයෙන් පහවූ බැවින් අපාය නම්වූ නපුරු ගති ඇත්තාවූ දුක් ඇත්තාවූ සසර නොයික්මවයි.
96
‘‘‘අත්ථි ඉදප්පච්චයා ජරාමරණ’න්ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා ජරාමරණ’න්ති ඉති චෙ වදෙය්‍ය, ‘ජාතිපච්චයා ජරාමරණ’න්ති ඉච්චස්ස වචනීයං.
‘‘‘අත්ථි ඉදප්පච්චයා ජාතී’ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා ජාතී’ති ඉති චෙ වදෙය්‍ය, ‘භවපච්චයා ජාතී’ති ඉච්චස්ස වචනීයං.
‘‘‘අත්ථි ඉදප්පච්චයා භවො’ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං . ‘කිංපච්චයා භවො’ති ඉති චෙ වදෙය්‍ය, ‘උපාදානපච්චයා භවො’ති ඉච්චස්ස වචනීයං.
‘‘‘අත්ථි ඉදප්පච්චයා උපාදාන’න්ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා උපාදාන’න්ති ඉති චෙ වදෙය්‍ය, ‘තණ්හාපච්චයා උපාදාන’න්ති ඉච්චස්ස වචනීයං.
‘‘‘අත්ථි ඉදප්පච්චයා තණ්හා’ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා තණ්හා’ති ඉති චෙ වදෙය්‍ය, ‘වෙදනාපච්චයා තණ්හා’ති ඉච්චස්ස වචනීයං.
‘‘‘අත්ථි ඉදප්පච්චයා වෙදනා’ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා වෙදනා’ති ඉති චෙ වදෙය්‍ය, ‘ඵස්සපච්චයා වෙදනා’ති ඉච්චස්ස වචනීයං.
‘‘‘අත්ථි ඉදප්පච්චයා ඵස්සො’ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා ඵස්සො’ති ඉති චෙ වදෙය්‍ය, ‘නාමරූපපච්චයා ඵස්සො’ති ඉච්චස්ස වචනීයං.
‘‘‘අත්ථි ඉදප්පච්චයා නාමරූප’න්ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා නාමරූප’න්ති ඉති චෙ වදෙය්‍ය, ‘විඤ්ඤාණපච්චයා නාමරූප’න්ති ඉච්චස්ස වචනීයං.
‘‘‘අත්ථි ඉදප්පච්චයා විඤ්ඤාණ’න්ති ඉති පුට්ඨෙන සතා, ආනන්ද, අත්ථීතිස්ස වචනීයං. ‘කිංපච්චයා විඤ්ඤාණ’න්ති ඉති චෙ වදෙය්‍ය, ‘නාමරූපපච්චයා විඤ්ඤාණ’න්ති ඉච්චස්ස වචනීයං.
96
“ආනන්දය, යමක් හේතුකොටගෙන ජරාව හා මරණය වේ නම් ඒ හේතුව කිමෙක ඇත්තේදැයි මෙසේ අසනලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඇත්තේම යයි ඔහුට කිය යුතුයි. යමක් හේතුකොටගෙන ජරා මරණ දෙක වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කවරේදැයි කියන්නෙම් නම් ජාතිය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණු) කොට ගෙන ජරා මරණ දෙක වේයයි කිය යුතුයි.
“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජාතිය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේ දැයි මෙසේ අසන ලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් එකාන්තයෙන් ඒ ප්‍රත්‍යය ඇත්තේමයයි ඔහුට කිය යුතුයි. යමක් කරුණු (ප්‍රත්‍යය) කොට ගෙන ජාතිය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කවරේදැයි මෙසේ කියන්නේ නම් භවය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජාතිය වේයයි ඔහුට මෙසේ කිය යුතුයි.
“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ගෙන භවය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසනලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේමයයි කිය යුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන භවය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් උපාදානය දැඩිකොට (අල්වා ගැනීම) ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන භවය වේයයි ඔහුට මෙසේ කිය යුතුයි.
“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන උපාදානය (දැඩි කොට අල්වාගැනීම) වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය (අවශ්‍යකරුණ) ඇත්තේමයයි ඔහුට මෙසේ කිය යුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන උපාදානය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍යකරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් ලෝභය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන උපාදානය (දැඩිකොට අල්වාගැනීම) වේයයි ඔහුට මෙසේ කිය යුතුයි. ආන්නදය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන, ලෝභය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඇත්තේමයයි ඔහුට මෙසේ කිය යුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ලෝභය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් වේදනාව ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ලෝභය වේයයි ඔහුට මෙසේ කිය යුතුයි.
“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන වේදනාව වේනම් ඒ ප්‍රත්‍යය අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූම ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේමයයි ඔහුට මෙසේ කිය යුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන වේදනාව වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් ස්පර්ශය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන වේදනාව වේයයි ඔහුට මෙසේ කියයුතුයි.
“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ස්පර්ශය වේනම් ඒ ප්‍රත්‍යය කිමෙක ඇත්තේ දැයී මෙසේ අසනලද්දාවූම ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය ඇත්තේමයයි ඔහුට මෙසේ කියයුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ස්පර්ශය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් නාම රූප දෙක ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ස්පර්ශය වේයයි ඔහුට මෙසේ කියයුතුයි.
“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන නාම රූප දෙක වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූම ප්‍රඥාවන්තයා විසින් ඒකාන්තයෙන් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේයයි කියයුතුය. යමක් ප්‍රත්‍යකොට ගෙන නාම රූප දෙක වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් විඥානය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන නාම රූප දෙක වේයයි ඔහුට මෙසේ කියයුතුයි.
“ආනන්දය, යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ගෙන විඥානය වේ නම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කිමෙක ඇත්තේදැයි මෙසේ අසන ලද්දාවූ ප්‍රඥාවන්තයා විසින් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) ඇත්තේමයයි ඔහුට මෙසේ කියයුතුයි. යමක් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වේනම් ඒ ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කුමක්දැයි මෙසේ කියන්නේ නම් නාම රූප දෙක ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වේයයි මෙසේ ඔහුට කියයුතුයි.
97
‘‘ඉති ඛො, ආනන්ද, නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති , ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
97
ආනන්දය, මෙසේ ඇති කල නාම රූප ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වෙයි, විඥානය ප්‍රත්‍යය කොටගෙන නාම රූප දෙක වෙයි. නාම රූප ප්‍රත්‍යය කොට ගෙන ස්පර්ශය වෙයි. ස්පර්ශය ප්‍රත්‍ය කොටගෙන වේදනා වෙයි. වේදනාව ප්‍රත්‍යය කොට ගෙන ලෝභය (තණ්හාව) වෙයි. තණ්හාව ප්‍රත්‍යයකොට ගෙන උපාදානය (දැඩිව අල්වා ගැනීම) වෙයි. උපාදානය ප්‍රත්‍යය කොට ගෙන භවය වෙයි. භවය ප්‍රත්‍යය කොට ගෙන ජාතිය වෙයි. ජාතිය ප්‍රත්‍යය කොටගෙන ජරාව හා මරණය වෙයි, ජරා මරණ ප්‍රත්‍යය කොට ගෙන සොක කිරීමය, වැළපීමය, කායික දුකය, දොම්නස්ය, දැඩි වෙහෙසය යන මොහු පහළ වෙත්. මෙසේ මේ සියලු දුක් රාශීහුගේ පහළවීම වේ.
98
‘‘‘ජාතිපච්චයා ජරාමරණ’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ජාතිපච්චයා ජරාමරණං. ජාති ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - දෙවානං වා දෙවත්තාය, ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය, යක්ඛානං වා යක්ඛත්තාය, භූතානං වා භූතත්තාය, මනුස්සානං වා මනුස්සත්තාය, චතුප්පදානං වා චතුප්පදත්තාය, පක්ඛීනං වා පක්ඛිත්තාය, සරීසපානං වා සරීසපත්තාය (සිරිංසපානං සිරිංසපත්තාය (සී. ස්‍යා.)), තෙසං තෙසඤ්ච හි, ආනන්ද, සත්තානං තදත්තාය ජාති නාභවිස්ස. සබ්බසො ජාතියා අසති ජාතිනිරොධා අපි නු ඛො ජරාමරණං පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ජරාමරණස්ස, යදිදං ජාති’’.
98
ආනන්දය, ජාතිය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජරාව මරණ වේය. මෙසේ මෙය කියන ලද්දේය. මෙය යම්සේ ජාතිය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ජරාමරණ වෙන බව මේ ආකාරයෙන්ද දැනගත යුතුයි. ආනන්දය, දෙවියන්ගේ දෙව භාවය පිණිස හෝ ගන්ධර්වයන්ගේ ගන්ධර්ව භාවය පිණිස හෝ යක්ෂයන්ගේ යක්ෂභාවය පිණිස හෝ භූතයන්ගේ භූතභාවය පිණිස හෝ මනුෂ්‍යයන්ගේ මනුෂ්‍ය භාවය පිණිස හෝ පක්ෂීන්ගේ පක්ෂිභාවය පිණිස හෝ සිවුපාවන්ගේ සිව්පාභාවය පිණිස හෝ (දිග සතුන්ගේ) සර්පයින්ගේ සර්පභාවය පිණිස හෝ ජාතියක් ඉපදීමක් මුළුමනින් නොවන්නේ නම් ආනන්දය, ඒ සත්වයන්ගේ ඇතිවීමක් නොවන්නේය. සියලු ප්‍රකාරයෙන්ම උත්පත්තිය නැති කල ජාති නිරෝධය (උත්පත්තියෙන් වැලකීම) හේතුකොටගෙන ජරා මරණ දෙක පෙනෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, නොපෙනේයයි කීය.”
ආනන්දය, එබැවින් මෙසේ මේ හේතු ඵල ධර්මයෙහි යම් ඒ ජාතියක් වේද, ජරා මරණ දෙක ඇතිවීමට එයම හේතු වෙයි. එයම මුල් කාරණය වෙයි. මේ ඉපදීම හේතුකොට ගෙන ජරා මරණ වන්නේයයි” කීවෝය.
99
‘‘‘භවපච්චයා ජාතී’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා භවපච්චයා ජාති. භවො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - කාමභවො වා රූපභවො වා අරූපභවො වා, සබ්බසො භවෙ අසති භවනිරොධා අපි නු ඛො ජාති පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ජාතියා, යදිදං භවො’’.
99
“භවය ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ගෙන ජාතිය වේයයි මෙසේ මෙය කියන ලදී. ආනන්දය, භවය ප්‍රත්‍යය (අවශ්‍ය කාරණය) කොටගෙන ජාතිය වේද යන මේ කාරණය මේ ආකාරයෙන් දතයුතුයි. ආනන්දය, භවය සියලු ආකාරයෙන් කිසිවෙකු සම්බන්ධව කිසි භවයෙක්හි එනම්: කාම භවය, රූප භවය, අරූප භවය යනුවෙන් නොවන්නේ නම් සියලු ආකාරයෙන් භවය නැති කල භවය නිරුද්ධකිරීම හේතුකොටගෙන ජාතිය (උත්පත්තිය) පෙනෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය.”
“ආනන්දය, එබැවින් මෙහි භවය හේතුකොටගෙන යම් ජාතියක් වේනම් මේ භවයම ඊට හේතුවයි. මෙයම මූලකාරණය වෙයි. මෙසම ජාතිය හටගන්නා හේතුව වේයයි කීවෝය.
100
‘‘‘උපාදානපච්චයා භවො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා උපාදානපච්චයා භවො. උපාදානඤ්ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි , සෙය්‍යථිදං - කාමුපාදානං වා දිට්ඨුපාදානං වා සීලබ්බතුපාදානං වා අත්තවාදුපාදානං වා, සබ්බසො උපාදානෙ අසති උපාදානනිරොධා අපි නු ඛො භවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො භවස්ස, යදිදං උපාදානං’’.
100
“උපාදානය (දැඩිකොට අල්වාගැනීම) හේතු කොට ගෙන භවය වේයයි මෙසේ මෙය කියන ලදී.
“ආනන්දය, යම්සේ උපාදානය (දැඩිකොට අල්වාගැණීම) හේතුකොට ගෙන භවය වේද ඒ මේ කාරණයද මේ ආකාරයෙන් දත යුතුයි.
“ආනන්දය, සියලු ආකාරයෙන් උපාදානය (දැඩිකොට අල්වාගැනීම) කිසිවෙකු සම්බන්ධව කිසි තැනෙක්හි නොවේද එනම් කාම ආශාවෙන් දැඩිසේ අල්වා ගැනීමය, වරදවා ගැනීමෙන් දැඩිසේ අල්වා ගැනීමය, ශීලව්‍රත වශයෙන් දැඩිසේ අල්වා ගැනීමය, ආත්මය දැඩිසේ අල්වා ගැනීමය යන මොහුයි.
“හැම ආකාරයෙන් උපාදානය නැති කල උපාදානය නැති කිරීම හේතුකොට ගෙන භවය පෙනෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස එසේ නොපෙනේයයි” කීය.
“ආනන්දය, එබැවින් මෙසේ මෙහි යම් මේ උපාදානයක් (දැඩිකොට අල්වාගැනීමක්) වේද භවය ලැබීමට මෙයම හේතු වෙයි, මෙයම මූල කාරණා වෙයි, මෙයම හටගන්නා හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” පැවසුවෝය.
101
‘‘‘තණ්හාපච්චයා උපාදාන’න්ති ඉති ඛො පනෙතං වුත්තං තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා තණ්හාපච්චයා උපාදානං. තණ්හා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා, සබ්බසො තණ්හාය අසති තණ්හානිරොධා අපි නු ඛො උපාදානං පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො උපාදානස්ස, යදිදං තණ්හා’’.
101
“තණ්හාව හේතුකොටගෙන උපාදානය වේයයි මෙසේ මෙය කියන ලදී. ආනන්දය, යම්සේ තණ්හාව හේතු කොටගෙන උපාදානය වේද, ඒ මේ කාරණයද මේ ආකාරයෙන් දත යුතුයි.
ආනන්දය, කිසිවෙකුට කිසිතැනෙක සියලු ආකාරයෙන් මුළුමනින් එනම්, රූප ආශාවය, ශබ්ද කෙරෙහි ආශාවය, ගන්ධ කෙරෙහි ආශාවය, රස කෙරෙහි ආශාවය, ස්පර්ශ කෙරෙහි ආශාවය, රූප ශබ්දාදියෙන් අන්‍ය දෙයෙහි ආශාවය යන තණ්හාවය සියලු ආකාරයෙන් තණ්හාව නැති කල තණ්හා නිරෝධය හේතුකොට ගෙන දැඩිකොට අල්වාගැනීම (උපාදානය) පෙනෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, එසේ නොපෙනේමයයි” කීය.
“ආනන්දය, එහෙයින් මෙසේ මෙහි යම් ඒ තණ්හාවක් වේද උපාදානයට මෙයම හේතුවේ, මෙයම මූලකාරණය වේ, මෙයම හටගැනීමේ හේතුව වේ. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කාරණය) වේයයි කීවෝය.”
102
‘‘‘වෙදනාපච්චයා තණ්හා’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා වෙදනාපච්චයා තණ්හා. වෙදනා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - චක්ඛුසම්ඵස්සජා වෙදනා සොතසම්ඵස්සජා වෙදනා ඝානසම්ඵස්සජා වෙදනා ජිව්හාසම්ඵස්සජා වෙදනා කායසම්ඵස්සජා වෙදනා මනොසම්ඵස්සජා වෙදනා, සබ්බසො වෙදනාය අසති වෙදනානිරොධා අපි නු ඛො තණ්හා පඤ්ඤායෙථා’’ති ? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො තණ්හාය, යදිදං වෙදනා’’.
102
“වේදනාව හේතුකොට තණ්හාව වේයයි මෙසේ මෙය කියන ලදී.
“ආනන්දය, යම්සේ වේදනාව හේතුකොටගෙන තණ්හාව වේද, ඒ මේ කරුණද මේ ආකාරයෙන් දතයුතුයි.
“ආනන්දය, කිසිවෙකුට කිසිතැනෙක්හි සියලු ආකාරයෙන් මුළුමනින් එනම්, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, කන් ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, නාසයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාය, ශරීරයේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව යන මොහුයි. ඉදින් වේදනාව නොවන්නේ නම් සෑම ආකාරයෙන් වේදනාව නැති කල වේදනා නිරෝධය හේතුකොටගෙන තණ්හාව පෙනෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, එසේ නොවන්නේමය”
“ආනන්දය, එබැවින් මෙහි යම් ඒ වේදනාවක් වේද, තණ්හාව ඇතිවීම පිණිස වේදනාවම හේතුවෙයි. මෙයම මූල කාරණය වෙයි, මෙයම (සමුදය) හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.
103
‘‘ඉති ඛො පනෙතං, ආනන්ද, වෙදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො. ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති.
103
“ආනන්දය, මෙසේ ඇති කල වේදනාව ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන තණ්හාව වේ. තණ්හාව ප්‍රත්‍යය කොටගෙන රූප ආදී අරමුණු සෙවීම ඇති වන්නේය. (පරියෙසනා) සෙවීම ඇති කල රූපාදී අරමුණු ලැබීම වේ. රූපාදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇතිකල (ඡන්ද රාගය) දුර්වල රාගය සහ බලවත් රාගය උපදී. ඡන්දරාගය ඇති කල මමය මාගේය යන අදහස උපදී මමය මාගේය යන අදහස ඇතිකල දැඩිකොට ගැනීම (තණ්හාව වශයෙන් දැකීම) වෙයි. තණ්හා වශයෙන් දැකීම ඇතිකල මසුරු බව වේ. මසුරු බව ඇති කල ආරක්ෂා ඇති කිරීම වේ. ආරක්ෂා ඇති කිරීම ඇති කල දඬු ගැන්ම ආයුධ ගැන්ම, කොලහලය. විරුද්ධකම් විවාද, ‘තෝ’ ‘තා’ යන වචන කීම, බොරු කීම යනාදී නොයෙක් ලාමක අකුශල ධර්ම පහළ වෙත්.”
104
‘‘‘ආරක්ඛාධිකරණං (ආරක්ඛං පටිච්ච ආරක්ඛාධිකරණං (ස්‍යා.)) දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්තී’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. ආරක්ඛො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො ආරක්ඛෙ අසති ආරක්ඛනිරොධා අපි නු ඛො දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවෙය්‍යු’’න්ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදානං අනෙකෙසං පාපකානං අකුසලානං ධම්මානං සම්භවාය යදිදං ආරක්ඛො.
104
“ආරක්ෂා ඇති කිරීම කරණකොටගෙන දඬු ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම් වාදවිවාද, ‘තෝ තා’ යනාදී කේලාම් කීම, බොරු කීම යනාදීවූ නොයෙක් ලාමක අකුසල් ඇති වෙන්නේයයි මෙසේ මෙය ප්‍රකාශ කරන ලද්දේද.
“ආනන්දය, යම්සේ ආරක්ෂා ඇති කිරීම කරණකොට ගෙන දඬුගැන්ම, ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම් වාදවිවාද, ‘තෝ තා’ යනාදී කේළාම් කීම, බොරු කීම යනාදීවූ නොයෙක් ලාමක අකුසල් ඇති වන්නේද යනු මේ ආකාරයෙන් දතයුතුයි.
“ආනන්දය, සියලු ආකාරයෙන් කිසිවෙකුට කිසිතැනෙක ආරක්ෂාව ඉදින් නොවන්නේ නම් සෑම ආකාරයෙන් ආරක්ෂාව නැති කල ආරක්ෂාවක් නැතිවීම හේතුකොටගෙන දඬුගැන්ම, ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම්, වාදවිවාද, ‘තෝ තා’ යනාදී කේළාම් කීම, බොරුකීම යනාදීවූ නොයෙක් ලාමක අකුශල් පහළ වන්නාහුදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය”
“ආනන්දය, එබැවින් මෙහි යම් මේ ආරක්ෂාවක් වේනම් ඒ ආරක්ෂාකිරීම, දඬුගැන්ම, ආයුධ ගැන්ම, කෝලාහල, විරුද්ධකම්, වාද විවාද, ‘තෝ තා’ යනාදී කේලාම් කීම, බොරු කීම, යනාදිවූ නොයෙක් ලාමක අකුසල් කරුණු ඇතිවීමට හේතුවේ. මෙයම ඊට මූල කාරණයවේ. මෙයම ඊට හේතුවවේ. මෙයම ඊට ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි ප්‍රකාශ කළෝය.
105
‘‘‘මච්ඡරියං පටිච්ච ආරක්ඛො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා මච්ඡරියං පටිච්ච ආරක්ඛො. මච්ඡරියඤ්ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි , සබ්බසො මච්ඡරියෙ අසති මච්ඡරියනිරොධා අපි නු ඛො ආරක්ඛො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ආරක්ඛස්ස, යදිදං මච්ඡරියං’’.
105
“මසුරුකම නිසා ආරක්ෂාව වේයයි මෙය මෙසේ කියන ලදී. යම්සේ මසුරුකම නිසා ආරක්ෂාව වේද, එයද මේ ආකාරයෙන් දතයුතුයි. සියලු ආකාරයෙන් යම් කෙනෙකුට යම් තැනක මසුරුකම නොවන්නේ නම් සියලු ආකාරයෙන් මසුරුකම නැති කල්හි මසුරුකම සහමුලින් නැති කිරීම හේතුකොටගෙන ආක්ෂාව පෙනෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය” කීය.
“ආනන්දය, එහෙයින් යම් මේ මසුරු බවක් වේ නම් ආරක්ෂාවට මෙයම හේතුවවෙයි. මෙයම මුල් කාරණය වෙයි. මෙයම පහළවීමේ හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.
106
‘‘‘පරිග්ගහං පටිච්ච මච්ඡරිය’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා පරිග්ගහං පටිච්ච මච්ඡරියං. පරිග්ගහො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො පරිග්ගහෙ අසති පරිග්ගහනිරොධා අපි නු ඛො මච්ඡරියං පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො මච්ඡරියස්ස, යදිදං පරිග්ගහො’’.
106
“පරිග්‍රහණය (අයිතිකර ගැනීම) නිසා මසුරු බව වේයයි මෙසේ මෙය කියන ලදී.”
“ආනන්දය, යම්සේ පරිග්‍රහණය (අයිතිකර ගැනීම) නිසා මසුරු බව වේද? ඒ මේ කාරණය මේ ආකාරයෙන් දතයුතුයි.
“ආනන්දය, සියලු ආකාරයෙන් යම් කෙනෙකුට යම් තැනෙක ඉදින් අයිතිකර ගැනීම නොවන්නේ නම් සියලු ආකාරයෙන් අයිතිකර ගැනීම නැති කල්හි, අයිතිකර ගැනීම සහමුලින් නැතිකිරීම හේතුකොටගෙණ කිමෙක්ද මසුරු බව පෙණෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය” කීය.
“ආනන්දය, එහෙයින් මෙහි යම් යම් අයිතිකර ගැනීමක් වේ නම් මසුරු බවට මෙයම හේතුව වෙයි. මෙයම මුල් කාරණය වෙයි. මෙයම (සමුදය) ඇතිවීමේ කරුණවෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවාහුය.
107
‘‘‘අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො. අජ්ඣොසානඤ්ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො අජ්ඣොසානෙ අසති අජ්ඣොසානනිරොධා අපි නු ඛො පරිග්ගහො පඤ්ඤායෙථා’’ති ? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො පරිග්ගහස්ස - යදිදං අජ්ඣොසානං’’.
107
“මමය මාගේයයි දැඩිකොට ගැනීම නිසා අයිතිකර ගැන්ම වේයයි මෙසේ මෙය කියනලදී.
“ආනන්දය, යම්සේ මමය මාගේයයි දැඩිකොට ගැන්ම නිසා අයිතිකර ගැන්මවේද, ඒ මේ කරුණද මේ ආකාරයෙන් දතයුතුයි.
“ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් මමය මාගේයයි දැඩිසේ ගැනීම නොවන්නේ නම් සියලු ආකාරයෙන් මමය මාගේයයි දැඩිසේ ගැනීම සහමුලින් නැති කිරීම හේතුකොට ගෙන අයිතිකර ගැනීම පෙණෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, ඒ කාරණය නොවේමය,”
“ආනන්දය, එහෙයින් මෙහි මමය මාගේයයි දැඩිකොට ගැනීම යන යමක් වේද අයිතිකර ගැනීමට මෙයම හේතුව වේ. මෙයම මුල් කාරණය වේ. මෙයම ඇතිවීමේ හේතුව (සමුදය) නම් වේ. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.
108
‘‘‘ඡන්දරාගං පටිච්ච අජ්ඣොසාන’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං. ඡන්දරාගො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො ඡන්දරාගෙ අසති ඡන්දරාගනිරොධා අපි නු ඛො අජ්ඣොසානං පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො අජ්ඣොසානස්ස, යදිදං ඡන්දරාගො’’.
108
“දුර්වලවූද බලවත්වූද ඇලීම (ඡන්ද රාගය) නිසා මමය මාගේයයි දැඩිකොට ගැනීම වේයයි මෙය මෙසේ කියන ලදී.
“ආනන්දය, දුර්වලවූද බලවත්වූද ඇලීම නිසා මමය මාගේ යයි දැඩිකොට ගැනීම වේද ඒ මේ කාරණයද මේ ආකාරයෙන් දතයුතුයි. සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනෙක්හි ඉදින් දුර්වල රාගය හා බලවත් රාගය නොවන්නේ නම් සියලු ආකාරයෙන් දුර්වල රාගය හා බලවත් රාගය නැතිවීම හේතුකොටගෙන මෙය මාගේයයි දැඩිකොට ගැනීම පෙණෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීනි, මේ කාරණය නොවේමය.”
“ආනන්දය, එහෙයින් මමය මාගේයයි දැඩිකොට ගැනීමට යම් මේ දුර්වල රාගයක් හා බලවත් රාගයක් වේ නම් එයම හේතුව වෙයි. එයම මුල් කාරණය වෙයි. එයම ඇතිවීමේ හේතුව (සමුදය) වෙයි. එයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි’ කීවෝය.
109
‘‘‘විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො. විනිච්ඡයො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො විනිච්ඡයෙ අසති විනිච්ඡයනිරොධා අපි නු ඛො ඡන්දරාගො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං , භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ඡන්දරාගස්ස, යදිදං විනිච්ඡයො’’.
109
“විනිශ්චය (හොඳ නරක විමසීම) නිසා ඡන්ද රාගය වේයයි මෙසේ මෙය කියන ලදී
“ආනන්දය, යම්සේ විනිශ්චය නිසා ඡන්ද රාගය වේද ඒ මේ කාරණයද මෙසේ දතයුතුයි.
“ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් විනිශ්චයක් නොවේ නම් සියලු ආකාරයෙන් විනිශ්චය නැති කල්හි සියලු ආකාරයෙන් විනිශ්චය නැතිවීම හේතු කොටගෙන දුර්වල රාගය හා බලවත් රාගය පෙණෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය.”
“ආනන්දය, එහෙයින් ඡන්ද රාගයට යම් මේ ප්‍රිය අප්‍රිය යන විනිශ්චයක් වේනම් මෙයම හේතුව වෙයි. මෙයම මුල් කාරණය වෙයි, මෙයම ඇතිවීමට හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.
110
‘‘‘ලාභං පටිච්ච විනිච්ඡයො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ලාභං පටිච්ච විනිච්ඡයො. ලාභො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො ලාභෙ අසති ලාභනිරොධා අපි නු ඛො විනිච්ඡයො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො විනිච්ඡයස්ස, යදිදං ලාභො’’.
110
“රූපාදී අරමුණු ලැබීම නිසා ප්‍රිය අප්‍රිය යන විනිශ්චය වේයයි මෙසේ මෙය කියන ලදී.
“ආනන්දය, යම්සේ ලැබීම නිසා ප්‍රිය අප්‍රිය යන විනිශ්චය වේද මෙසේ මෙය මේ ආකාරයෙන් දතයුතුයි.
“ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් රූපාදිය ලැබීම නොවේ නම් සියලු ආකාරයෙන් ලැබීම නැතිවීම හේතුකොටගෙන ප්‍රිය අප්‍රිය යන විනිශ්චය පෙණෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීනි, මේ කාරණය නොවේමය”
“ආනන්දය, ප්‍රිය අප්‍රිය විනිශ්චයට යම් මේ ලැබීමක්වේ නම් මෙයම හේතුව වෙයි. මෙයම මුල් කරුණ වෙයි. මෙයම ඇතිවීමේ හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.
111
‘‘‘පරියෙසනං පටිච්ච ලාභො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා පරියෙසනං පටිච්ච ලාභො. පරියෙසනා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසො පරියෙසනාය අසති පරියෙසනානිරොධා අපි නු ඛො ලාභො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ලාභස්ස, යදිදං පරියෙසනා’’.
111
“සෙවීම (පරියෙසන) නිසා ලැබීම වේයයි මෙසේ මෙය කියන ලදී. යම්සේ සෙවීම නිසා ලැබීම වේද යන මේ කාරණය මේ ආකාරයෙන් දතයුතුයි.
“ආනන්දය, සියලු ආකාරයෙන් යමෙකුට යම් තැනක ඉදින් සෙවීම නොවන්නේ නම් සියලු ආකාරයෙන් සෙවීම නැති කල්හි, සෙවීම නැතිවීම හේතුකොටගෙන ලැබීම පෙණෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීනි, මේ කාරණය නොවේමය”
“ආනන්දය, මෙහි ලැබීමට යම් මේ සෙවීමක් වේනම්. මෙයම හේතුව වෙයි, මෙයම මුල් කරුණ වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම අවශ්‍ය කාරණය (ප්‍රත්‍යය) වේයයි” කීවෝය.
112
‘‘‘තණ්හං පටිච්ච පරියෙසනා’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා තණ්හං පටිච්ච පරියෙසනා. තණ්හා ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - කාමතණ්හා භවතණ්හා විභවතණ්හා, සබ්බසො තණ්හාය අසති තණ්හානිරොධා අපි නු ඛො පරියෙසනා පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො පරියෙසනාය, යදිදං තණ්හා. ඉති ඛො, ආනන්ද, ඉමෙ ද්වෙ ධම්මා (ඉමෙ ධම්මා (ක.)) ද්වයෙන වෙදනාය එකසමොසරණා භවන්ති’’.
112
“තණ්හාව නිසා සෙවීම වන්නේයයි මෙසේ මෙය කියන ලදී.
“ආනන්දය, යම්සේ තණ්හාව නිසා සෙවීම වේද, ඒ මේ කරුණද මේ ආකාරයෙන් දත යුතුයි.
“ආනන්දය, සියලු ආකාරයෙන් කිසිවෙකුට කිසිතැනක තණ්හාව ඉදින් නොවන්නේ නම්, සියලු ආකාරයෙන් තණ්හාව නැතිකම, තණ්හා නැතිවීම හේතුකොට ගෙන සෙවීම පෙණෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීනි, මේ කරුණ නොවේමය.”
“ආනන්දය, එහෙයින් මෙහි සෙවීමට යම් මේ තණ්හාවක් වේනම් මෙයම හේතුව වෙයි. මෙයම මුල් කරුණ වෙයි. මෙයම ඇතිවීමේ හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.
113
‘‘‘ඵස්සපච්චයා වෙදනා’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා ‘ඵස්සපච්චයා වෙදනා. ඵස්සො ච හි, ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථිදං - චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොසම්ඵස්සො, සබ්බසො ඵස්සෙ අසති ඵස්සනිරොධා අපි නු ඛො වෙදනා පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද , එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො වෙදනාය, යදිදං ඵස්සො’’.
113
“ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව (විඳීම) වේයයි මෙසේ කියන ලදී. යම්සේ ස්පර්ශ හේතුවෙන් වේදනාව වේද යන ඒ මේ කරුණද මේ ආකාරයෙන් දත යුතුයි.
“ආනන්දය, සියලු ආකාරයෙන් කිසිවෙකුට කිසි තැනක ඇසේ ස්පර්ශය, කණේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, ශරීරයේ ස්පර්ශය, සිතේ ස්පර්ශය, යන ස්පර්ශ ඉදින් නොවන්නේ නම් සියලු ආකාරයෙන් ස්පර්ශය නැති කල්හි, ස්පර්ශය නැතිවීම හේතුකොටගෙන වේදනාව (විඳීම) පෙනෙන්නේ දැයි” ඇසුවෝය.
“ස්වාමීනි, මේ කාරණය නොවේමය”
“ආනන්දය, යම් මේ ස්පර්ශයක් වේනම් මෙයම විඳීමට හේතුවෙයි, මෙයම මුල් කාරණය වෙයි, මෙයම ඇතිවීමේ හේතුව වෙයි, මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.
114
‘‘‘නාමරූපපච්චයා ඵස්සො’ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා නාමරූපපච්චයා ඵස්සො. යෙහි, ආනන්ද, ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි නාමකායස්ස පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු තෙසු ලිඞ්ගෙසු තෙසු නිමිත්තෙසු තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො රූපකායෙ අධිවචනසම්ඵස්සො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යෙහි, ආනන්ද, ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි යෙහි උද්දෙසෙහි රූපකායස්ස පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු...පෙ.... තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො නාමකායෙ පටිඝසම්ඵස්සො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යෙහි, ආනන්ද, ආකාරෙහි...පෙ.... යෙහි උද්දෙසෙහි නාමකායස්ස ච රූපකායස්ස ච පඤ්ඤත්ති හොති , තෙසු ආකාරෙසු...පෙ.... තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො අධිවචනසම්ඵස්සො වා පටිඝසම්ඵස්සො වා පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘යෙහි, ආනන්ද, ආකාරෙහි...පෙ.... යෙහි උද්දෙසෙහි නාමරූපස්ස පඤ්ඤත්ති හොති, තෙසු ආකාරෙසු ...පෙ.... තෙසු උද්දෙසෙසු අසති අපි නු ඛො ඵස්සො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො ඵස්සස්ස, යදිදං නාමරූපං’’.
114
“නාමරූපයන්, ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන ස්පර්ශය වේයයි මෙසේ මෙය කියන ලදී. ආනන්දය, යම්සේ නාම රූපයන් ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොට ස්පර්ශය වේද යන කාරණය මේ ආකාරයෙන් දත යුතුයි.
“ආනන්දය, යම් ආකාරයන්ගෙන් යම් හේතූන්ගෙන් යම් යම් කරුණු වලින් යම් (උදෙසුම්වලින්) දැක්වීම් වලින් නාම සමූහයේ (විත්ත චෛතසිකයන්ගේ) ඵස්ස වේදනා යනාදීන් පැණවීම වේද, ඒ ආකාරයන්ද, ඒ හේතුද, ඒ කරුණුද, (ඒ උදෙසුම්ද) ඒ දැක්වීම්ද නැති කල නාම කය අරමුණු කොට මනොද්වාරයෙහි ස්පර්ශය උපදින්නේද, කිමෙක්ද? ඒ මනො ස්පර්ශය රූප කයෙහි පඤ්චප්‍රසාද වස්තු කොට ඉපදීම පෙනෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය.”
“ආනන්දය, ඒ යම් ඔවුනොවුන්ට අසමාන ආකාරවලින්ද යම් ඒ වෙන් වෙන්වූ ස්වභාවයන්ගෙන්ද, යම් ඒ නාමධර්මයන් හැඳිනගන්නා හේතුවලින්ද, යම් ඵස්ස වේදනාදි නම්වලින්ද, නාම සමූහයාගේ යම් පැනවීමක් වේද, ඒ ආකාරයන්ද, ඒ වෙන් වෙන්වූ ස්වභාවයන්ද, ඒ හැඳින ගන්නා හේතූන්ද, ඒ පැනවීම්ද, නැති කල සතර නාම ස්කන්ධයන් අරමුණු කොට මනොද්වාරයෙහි උපදින ස්පර්ශය වැනි ස්පර්ශයක් රූප කයෙහි දක්නට ලැබේදැයි” ඇසුවෝය.
“ස්වාමීන් වහන්ස, මේ කාරණය නොවේමය.”
“ආනන්දය, යම් ආකාරයන්ගෙන්, යම් වෙන් වෙන්වූ ස්වභාව වලින් යම් හැඳින ගතයුතු හේතුවලින්, යම් පැනවිය යුතු කරුණුවලින් රූප කයේ පැනවීම වේද, ඒ ආකාරයන්ද, ඒ ස්වභාවයන්ද, ඒ පැනවිය යුතු කරුණුද, නැති කල හුදෙක් නාම කයෙහි හැපීම් සහිතවූ ස්පර්ශයක් දක්නට ලැබේදැයි” ඇසුවෝය.
“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය”
“ආනන්දය, යම් ආකාරවලින්ද, යම් වෙන් වෙන්වූ ස්වභාවවලින්ද, යම් හැඳින ගතයුතු හේතුවලින්ද, යම් පැනවියයුතු කරුණුවලින්ද, නාමකය රූප කය දෙදෙනාගේ පැනවීම වේද, ඒ ආකාරයෙන්ද, ඒ ස්වභාවයන්ද, ඒ කරුණද, ඒ පැනවියයුතු හේතුද, නැතිකල හුදෙක් නාමධර්ම අරමුණුවී මනො ද්වාරයේ උපදින ස්පර්ශය රූප කයෙහි හෝ හැපීම් සහිතවූ රූප ස්පර්ශය නාම කයෙහි හෝ දක්නට ලැබේදැයි” ඇසුවෝය.
“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය.”
“ආනන්දය, යම් ඔවුනොවුන්ට වෙනස්වූ ආකාරවලින්, යම් වෙන් වෙන්වූ ස්වභාව වලින්, යම් හැඳිනගතයුතු හේතු වලින්, යම් පැනවියයුතු කරුණුවලින් නාම රූප දෙදෙනාගේ පැනවීම වේද, ඒ ආකාරයන්ද, ඒ ස්වභාවයන්ද ඒ හේතුද, ඒ පැනවියයුතු කරුණුද, නැති කල හුදෙක් ස්පර්ශයක් දක්නට ලැබේදැයි” ඇසුවෝය.
“ස්වාමීනි, ඒ කාරණය නොවේමය”
“ආනන්දය, එබැවින් මෙහි ස්පර්ශයට යම් මේ නාම රූපයක් වේනම්, ඒ ස්පර්ශයම හේතුවෙයි. එයම මූල කාරණා වෙයි. එයම (සමුදය) ඇතිවීමේ හේතුව වෙයි. එයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි කීවෝය.
115
‘‘‘විඤ්ඤාණපච්චයා නාමරූප’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා විඤ්ඤාණපච්චයා නාමරූපං. විඤ්ඤාණඤ්ච හි, ආනන්ද, මාතුකුච්ඡිස්මිං න ඔක්කමිස්සථ, අපි නු ඛො නාමරූපං මාතුකුච්ඡිස්මිං සමුච්චිස්සථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘විඤ්ඤාණඤ්ච හි, ආනන්ද, මාතුකුච්ඡිස්මිං ඔක්කමිත්වා වොක්කමිස්සථ, අපි නු ඛො නාමරූපං ඉත්ථත්තාය අභිනිබ්බත්තිස්සථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘විඤ්ඤාණඤ්ච හි, ආනන්ද, දහරස්සෙව සතො වොච්ඡිජ්ජිස්සථ කුමාරකස්ස වා කුමාරිකාය වා, අපි නු ඛො නාමරූපං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො නාමරූපස්ස - යදිදං විඤ්ඤාණං’’.
115
“විඥානය ප්‍රත්‍ය (අවශ්‍ය කරුණ) කොටගෙන නාම රූප වේයයි මෙසේ මෙය කියනලදී. ආනන්දය, යම්සේ විඥානය ප්‍රත්‍යකොටගෙන නාමරූපය වේද යන කාරණය මේ ආකාරයෙන් දතයුතුයි. ආනන්දය, විඥානය මව්කුසට ප්‍රතිසන්ධි වශයෙන් නොපැමිණෙන්නේ නම් කිමෙක් ද මව් කුසෙහි ප්‍රතිසන්ධි විඥානය නැතිකල නාම රූපය කලල රූප ආදී භාවයන් මිශ්‍රව පවත්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය.”
“ආනන්දය, විඥානය මව්කුසට බැසගෙන නිරුද්ධ (නැතිවීම) වන්නේ නම් නාම රූප දෙක මේ භවය පිණිස කිමෙක පවත්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේය.”
“ආනන්දය, ලදරු අවස්ථාවෙහි සිටි පිරිමි දරුවෙකුගේ හෝ ගෑනුදරුවෙකුගේ හෝ විඥානය සිඳීගියේ නම් විඥානය විනාශවූ කල ඔවුහු හැදීමට වැඩීමට පැමිණෙන්නාහුදැයි’ ඇසුවෝය.
“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය.”
“ආනන්දය, එබැවින් මෙහි යම් මේ විඥානයෙක් වේනම් නාමරූපයට මෙයම හේතුවෙයි. මෙයම මූලකාරණය වෙයි. මෙයම (සමුදය) හටගන්නා හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) වේයයි” කීවෝය.
116
‘‘‘නාමරූපපච්චයා විඤ්ඤාණ’න්ති ඉති ඛො පනෙතං වුත්තං, තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං, යථා නාමරූපපච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණඤ්ච හි, ආනන්ද, නාමරූපෙ පතිට්ඨං න ලභිස්සථ, අපි නු ඛො ආයතිං ජාතිජරාමරණං දුක්ඛසමුදයසම්භවො (ජාතිජරාමරණදුක්ඛසමුදයසම්භවො (සී. ස්‍යා. පී.)) පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං එස සමුදයො එස පච්චයො විඤ්ඤාණස්ස යදිදං නාමරූපං. එත්තාවතා ඛො, ආනන්ද, ජායෙථ වා ජීයෙථ (ජිය්‍යෙථ (ක.)) වා මීයෙථ (මිය්‍යෙථ (ක.)) වා චවෙථ වා උපපජ්ජෙථ වා. එත්තාවතා අධිවචනපථො, එත්තාවතා නිරුත්තිපථො, එත්තාවතා පඤ්ඤත්තිපථො, එත්තාවතා පඤ්ඤාවචරං, එත්තාවතා වට්ටං වත්තති ඉත්ථත්තං පඤ්ඤාපනාය යදිදං නාමරූපං සහ විඤ්ඤාණෙන අඤ්ඤමඤ්ඤපච්චයතා පවත්තති.
116
“නාම රූප ප්‍රත්‍යය (අවශ්‍ය කරුණ) කොටගෙන විඥානය වේයයි මෙසේ මෙය කියනලදී ආනන්දය, යම්සේ නාම රූප දෙක ප්‍රත්‍යය කොටගෙන විඥානය පවතීද ඒ කාරණයද මේ ආකාරයෙන් දතයුතු, ආනන්දය, මෙහි විඤ්ඤාණය නාම රූප දෙකෙහි පිහිට නොලබන්නේ නම් මත්තෙහි ජාති, ජරා, මරණ, දුක් රාශියේ පහළවීම කිමෙක පෙනෙන්නේදැයි” ඇසුවෝය.
“ස්වාමීන්වහන්ස, මේ කාරණය නොවේමය.”
“ආනන්දය, එබැවින් මෙහි යම් මේ නාමරූපයක් වේනම් විඥානයට මෙයම හේතු වෙයි. මෙයම මූලකාරණය වෙයි. මෙයම (සමුදය) හටගන්නා හේතුව වෙයි. මෙයම ප්‍රත්‍යය වේයයි” කීවෝය. “ආනන්දය, විඥානය නාම රූපයට ප්‍රත්‍යය වීම නාම රූපය විඥානයට ප්‍රත්‍යය වීම යන මෙපමණකින් උපදින්නේ හෝ දිරන්නේ හෝ මැරෙන්නේ හෝ චුත වන්නේ හෝ නැවත උපදින්නේ හෝ වෙයි. මෙපමණකින් සිරිවඞ්ඪක ධනවඞ්ඪක යනාදී නාම මාත්‍රය පමණක් ඇති ව්‍යවහාරයට හේතු වේ. මෙපමණකින් ඒ ඒ අර්ථ ප්‍රකාශ කරන වචනයන්ට හේතු වෙයි. මෙපමණකින් ඒ ඒ අදහස් අඟවන නම්වලට හේතු වෙයි. මෙපමණකින් ප්‍රඥාවෙන් දත යුතු වෙයි. මෙපමණකින් සංසාර චක්‍රය පවතී. මෙපමණකින් විඥාන සහිතවූ නාම රූප දෙක මේ භවය පැණවීම පිණිස පවතී.
අත්තපඤ්ඤත්ති අත්තපඤ්ඤත්ති
නඅත්තපඤ්ඤත්ති නඅත්තපඤ්ඤත්ති
අත්තසමනුපස්සනා අත්තසමනුපස්සනා
සත්ත විඤ්ඤාණට්ඨිති සත්ත විඤ්ඤාණට්ඨිති
අට්ඨ විමොක්ඛා අට්ඨ විමොක්ඛා