ත්‍රිපිටකය
දීඝනිකායො දීඝ නිකාය
මහාවග්ගපාළි මහා වර්ගය
1. මහාපදානසුත්තං 1. මහාපදාන සූත්‍රය
පුබ්බෙනිවාසපටිසංයුත්තකථා පුබ්බෙනිවාසපටිසංයුත්තකථා
1
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ කරෙරිකුටිකායං. අථ ඛො සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරෙරිමණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං පුබ්බෙනිවාසපටිසංයුත්තා ධම්මී කථා උදපාදි - ‘‘ඉතිපි පුබ්බෙනිවාසො, ඉතිපි පුබ්බෙනිවාසො’’ති.
1
මේ මාගේ ඇසීමය-(මා විසින් මෙසේ අසනලදී,) එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු මහා සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වාසය කරති. එවිට පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී ඇවුත් කරෙරි (ලුණුවරණ ගස්වලින් වටවූ) මණ්ඩපය අසල විවේකගන්නා ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වූ භික්ෂූන් අතරෙහි අතීත ආත්ම පිළිවෙළ මෙසේය. පෙරවිසූ ආත්ම මෙසේයයි භාග්‍යවතුන්වහන්සේගේ පෙරවිසූ ආත්ම දන්නාවූ ඥානය පිළිබඳ ධාර්මික කථාවක් උපන්නේය.
2
අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය තෙසං භික්ඛූනං ඉමං කථාසල්ලාපං. අථ ඛො භගවා උට්ඨායාසනා යෙන කරෙරිමණ්ඩලමාළො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි, නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කායනුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා; කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති?
එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ, භන්තෙ, අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරෙරිමණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං පුබ්බෙනිවාසපටිසංයුත්තා ධම්මී කථා උදපාදි - ‘ඉතිපි පුබ්බෙනිවාසො ඉතිපි පුබ්බෙනිවාසො’ති. අයං ඛො නො, භන්තෙ, අන්තරාකථා විප්පකතා. අථ භගවා අනුප්පත්තො’’ති.
2
භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මනුෂ්‍ය ඥානය ඉක්ම පැවැත්තාවූ දිව්‍යකණින් ඒ භික්ෂූන්ගේ මේ කථාවඇසුවෝය. එවිට භාග්‍යවතුන් වහන්සේ උන් ආසනයෙන් නැගිට කෙරෙරි මණ්ඩපය සමීපයෙහිවූ විවේකගන්නා ශාලාව යම් තැනෙක්හිද එතනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩ උන්හ. වැඩහිඳ භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි, මෙහි තෙපි දැන් කිනම් කථාවකින් යුක්තව උන්නහුද? තොපගේ කිනම් කථාවක් අතරතුර නතර කළාහුදැයි” ඇසුවෝය.
මෙසේ ඇසූකල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය. “ස්වාමීන් වහන්ස, මෙහි පිණ්ඩපාතයෙන් හැරී ආවාවූ, කරෙරි මණ්ඩපය සමීපයෙහිවූ විවේක ගන්නා ශාලාවෙහි එක්ව උන්නාවූ රැස්වූ අප අතරෙහි පෙර ආත්ම මෙසේය. පෙර ආත්ම මෙසේයයි භාග්‍යවතුන් වහන්සේගේ ඉහත ආත්ම දැනගැනීමේ ඥානය පිළිබඳවූ ධාර්මික කථාවක් භාග්‍යවතුන් වහන්සේ ගැන උපන්නේය. ස්වාමීන් වහන්ස, අපගේ මේ කථාව අතරතුර නැවැත්වූහ. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩියෝයයි” කීවාහුය.
3
‘‘ඉච්ඡෙය්‍යාථ නො තුම්හෙ, භික්ඛවෙ, පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං සොතු’’න්ති? ‘‘එතස්ස, භගවා, කාලො; එතස්ස, සුගත, කාලො; යං භගවා පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං කරෙය්‍ය, භගවතො සුත්වා (භගවතො වචනං සුත්වා (ස්‍යා.)) භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙන හි, භික්ඛවෙ, සුණාථ,සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
3
“මහණෙනි, තෙපි පෙර විසූ ආත්ම පිළිබඳවූ ධර්ම කථාවක් අසන්නට කිමෙක කැමැත්තහුදැයි” ඇසුවෝය.
“යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේ ඉහත ආත්ම පිළිබඳවූ ධර්ම කථාවක් දේශනා කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට සුදුසු කාලයයි. තථාගතයන් වහන්ස, මේ ඊට සුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්ෂූහු දරාගන්නාහුයයි” කීවෝය
“මහණෙනි, එහෙනම් අසව්, හොඳින් සිහිකරව්, කියන්නෙමියි’ වදාළහ.
“ස්වාමීන් වහන්ස, එසේයයි” ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
4
‘‘ඉතො සො, භික්ඛවෙ, එකනවුතිකප්පෙ යං (එකනවුතො කප්පො (ස්‍යා. කං. පී.)) විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉතො සො, භික්ඛවෙ, එකතිංසෙ කප්පෙ (එකතිං සකප්පො (සී.) එකතිං සො කප්පො (ස්‍යා. කං. පී.)) යං සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. තස්මිඤ්ඤෙව ඛො, භික්ඛවෙ, එකතිංසෙ කප්පෙ වෙස්සභූ භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව (ඉමස්මිං (කත්ථචී)) ඛො, භික්ඛවෙ, භද්දකප්පෙ කකුසන්ධො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො, භික්ඛවෙ, භද්දකප්පෙ කොණාගමනො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො, භික්ඛවෙ, භද්දකප්පෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. ඉමස්මිඤ්ඤෙව ඛො, භික්ඛවෙ, භද්දකප්පෙ අහං එතරහි අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උප්පන්නො.
4
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සි බුදුරජාණන් වහන්සේ මෙයින් අනූඑක්වෙනි කල්පයෙහි ලොවපහළ වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ මෙයින් තිස්එක්වෙනි කල්පයෙහි ලොව පහළ වූවෝය. මහණෙනි, ඒ තිස් එක්වෙනි කල්පයෙහිම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ නම් බුදුරජාණන් වහන්සේ මේ මහාභද්‍ර කල්පයෙහිම ලොව පහළ වූවෝය මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූවෝය. මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූවෝය. මහණෙනි, මේ මහාභද්‍ර කල්පයෙහිම දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම උපන්නෙමි.”
(කල්ප පරිච්ඡෙද කථායි.)
5
‘‘විපස්සී, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. සිඛී, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. වෙස්සභූ, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. කකුසන්ධො, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො බ්‍රාහ්මණො ජාතියා අහොසි, බ්‍රාහ්මණකුලෙ උදපාදි. කොණාගමනො, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො බ්‍රාහ්මණො ජාතියා අහොසි, බ්‍රාහ්මණකුලෙ උදපාදි. කස්සපො, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො බ්‍රාහ්මණො ජාතියා අහොසි, බ්‍රාහ්මණකුලෙ උදපාදි. අහං, භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසිං, ඛත්තියකුලෙ උප්පන්නො.
5
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී බුදුරජාණන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූවෝය. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූවෝය. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෝය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ බුදුරජාණන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූවෝය. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෝය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ බුදුරජාණන් වහන්සේ ජාතියෙන් බ්‍රාහ්මණ වූවෝය. බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන බුදුරජාණන් වහන්සේ ජාතියෙන් බ්‍රාහ්මණ වූවෝය. බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජාතියෙන් බ්‍රාහ්මණ වූවෝය, බ්‍රාහ්මණ කුලයෙහි උපන්නෝය. මහණෙනි, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම ජාතියෙන් ක්ෂත්‍රිය වූයෙමි. ක්ෂත්‍රිය කුලයෙහි උපන්නෙමි.”
(ජාති පරිච්ඡෙද කථායි.)
6
‘‘විපස්සී , භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. සිඛී, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. වෙස්සභූ, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. කකුසන්ධො, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කස්සපො ගොත්තෙන අහොසි. කොණාගමනො, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කස්සපො ගොත්තෙන අහොසි. කස්සපො, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කස්සපො ගොත්තෙන අහොසි. අහං, භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො ගොතමො ගොත්තෙන අහොසිං.
6
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූවෝය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කාශ්‍යප නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කාශ්‍යප නම් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගොත්‍රයෙන් කාශ්‍යප නම් වූවෝය. මහණෙනි, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම ගොත්‍රයෙන් ගෞතම නම් වූයෙමි.”
(ගොත්‍ර පරිච්ඡෙද කථායි)
7
‘‘විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසීතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. සිඛිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සත්තතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. වෙස්සභුස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සට්ඨිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. කකුසන්ධස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස චත්තාලීසවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. කොණාගමනස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිංසවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. කස්සපස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස වීසතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. මය්හං, භික්ඛවෙ, එතරහි අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං; යො චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්‍යො.
7
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට අසූ දහසක් අවුරුදු ආයුෂ කාලය විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට සැත්තෑ දහසක් අවුරුදු ආයුෂ කාලය විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේට සැට දහසක් අවුරුදු ආයුෂ කාලය විය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට සතලිස් දහසක් අවුරුදු ආයුෂ ප්‍රමාණය විය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන් වහන්සේට තිස් දහසක් අවුරුදු ආයුෂ ප්‍රමාණය විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට විසිදහසක් අවුරුදු ආයුෂ ප්‍රමාණය විය. මහණෙනි, දැන් මට ආයුෂ ප්‍රමාණය ස්වල්ප ටික කාලයක් වෙයි යමෙක් වැඩි කලක් ජීවත් වේනම් ඔහු අවුරුදු සියයකට අඩු කාලයක් හෝ වැඩි කාලයක් ජීවත් වෙයි”
(ආයුෂ පරිච්ඡෙද කථාවයි.)
8
‘‘විපස්සී, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො පාටලියා මූලෙ අභිසම්බුද්ධො. සිඛී, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො පුණ්ඩරීකස්ස මූලෙ අභිසම්බුද්ධො. වෙස්සභූ, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො සාලස්ස මූලෙ අභිසම්බුද්ධො. කකුසන්ධො, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො සිරීසස්ස මූලෙ අභිසම්බුද්ධො. කොණාගමනො, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො උදුම්බරස්ස මූලෙ අභිසම්බුද්ධො. කස්සපො, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො නිග්‍රොධස්ස මූලෙ අභිසම්බුද්ධො. අහං, භික්ඛවෙ, එතරහි අරහං සම්මාසම්බුද්ධො අස්සත්ථස්ස මූලෙ අභිසම්බුද්ධො.
8
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සීවූ බුදුරජාණන් වහන්සේ පළොල් රුක මුල බුදුවූසේක. මහණෙනි, අර්හත්වූ සම්මා සම්බුද්ධවූ සිඛී බුදුරජාණන් වහන්සේ ඇටඹ රුක් මුලදී බුදුවූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු බුදුරජාණන් වහන්සේ සල්රුක මුලදී බුදුවූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ බුදුරජාණන් වහන්සේ මහරි රුක් මුලදී බුදුවූ සේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන බුදුරජාණන් වහන්සේ දිඹුල් රුක්මුලදී බුදුවූසේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප බුදු රජාණන් වහන්සේ නුගරුක් මුලදී බුදුවූසේක. මහණෙනි, දැන් අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම ඇසටු රුක් මුලදී බුදුවූයෙමි”
(බොධි පරිච්ඡෙද කථායි.)
9
‘‘විපස්සිස්ස , භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. සිඛිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අභිභූසම්භවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. වෙස්සභුස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සොණුත්තරං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. කකුසන්ධස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස විධුරසඤ්ජීවං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. කොණාගමනස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස භිය්‍යොසුත්තරං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. කස්සපස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තිස්සභාරද්වාජං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. මය්හං, භික්ඛවෙ, එතරහි සාරිපුත්තමොග්ගල්ලානං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං.
9
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ඛණ්ඩය, තිස්සය යනු අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට අභිභු, සම්භව යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේට සොණය, උත්තරය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට විධුරය සංජීවය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන් වහන්සේට භීය්‍යොසොය, උත්තරය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේට තිස්සය, භාරද්වාජය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය. මහණෙනි, දැන් මට සාරිපුත්තය, මොග්ගල්ලානය යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූවෝය.”
(ශ්‍රාවක යුග පරිච්ඡෙද කථායි)
10
‘‘විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං. එකො සාවකානං සන්නිපාතො අහොසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං, එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං, එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසහස්සානි. විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසංයෙව ඛීණාසවානං.
‘‘සිඛිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං. එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං, එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසහස්සානි, එකො සාවකානං සන්නිපාතො අහොසි සත්තතිභික්ඛුසහස්සානි. සිඛිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසංයෙව ඛීණාසවානං.
‘‘වෙස්සභුස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං. එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසහස්සානි, එකො සාවකානං සන්නිපාතො අහොසි සත්තතිභික්ඛුසහස්සානි, එකො සාවකානං සන්නිපාතො අහොසි සට්ඨිභික්ඛුසහස්සානි. වෙස්සභුස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසංයෙව ඛීණාසවානං.
‘‘කකුසන්ධස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි චත්තාලීසභික්ඛුසහස්සානි. කකුසන්ධස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසංයෙව ඛීණාසවානං.
‘‘කොණාගමනස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි තිංසභික්ඛුසහස්සානි. කොණාගමනස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසංයෙව ඛීණාසවානං.
‘‘කස්සපස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස එකො සාවකානං සන්නිපාතො අහොසි වීසතිභික්ඛුසහස්සානි. කස්සපස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසංයෙව ඛීණාසවානං.
‘‘මය්හං, භික්ඛවෙ, එතරහි එකො සාවකානං සන්නිපාතො අහොසි අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. මය්හං, භික්ඛවෙ, අයං එකො සාවකානං සන්නිපාතො අහොසි සබ්බෙසංයෙව ඛීණාසවානං.
10
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූහ. සැට අටලක්ෂයක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. භික්ෂූන් ලක්ෂයක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. අසූ දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ ශ්‍රාවක රැස්වීම් තුණ වූහ. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනක් වූහ. අර්හත් භික්ෂූන් ලක්ෂයක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. අර්හත් භික්ෂූන් අසූදහසක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. තිස්හත් දහසක් අර්හත් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ භික්ෂූන්ගේ මේ රැස්වීම් තුණ වූහ.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූහ. අසූ දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. සැත්තෑ දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. සැටදහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ ශ්‍රාවක රැස්වීම් තුණ වූහ.
“මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට සතළිස් දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ එකම ශ්‍රාවක රැස්වීම වූයේය, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන් වහන්සේට තිස්දහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වීය. මහණෙනි, කොණාගමන භාග්‍යවතුන්වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ එකම රැස්වීම වීය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට විසිදාහක් ශ්‍රාවකයන් ඇති එක රැස්වීමක් විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ මේ එකම ශ්‍රාවක රැස්වීම වූයේය. මහණෙනි, දැන් මට එක් දහස් දෙසිය පණසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වූයේය. මහණෙනි, මට සියල්ලන්ම රහත්වූ මේ එකම රැස්වීම වූයේය.”
(ශ්‍රාවක රැස්වීම් පරිච්ඡෙද කථායි.)
11
‘‘විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසොකො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. සිඛිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛෙමඞ්කරො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. වෙස්සභුස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස උපසන්තො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. කකුසන්ධස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බුද්ධිජො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. කොණාගමනස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සොත්ථිජො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. කස්සපස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සබ්බමිත්තො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. මය්හං, භික්ඛවෙ, එතරහි ආනන්දො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො.
11
මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ අසොක නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය, මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ ඛෙමංකර නම් භික්ෂුකෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභු භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ උපසන්ත නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ බුද්ධිජ නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන්වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ සොත්ථිජ නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ සබ්බමිත්ත නම් භික්ෂු කෙනෙක් උපස්ථායක වූයේය. මහණෙනි, දැන් මට උතුම් ලෙස උපස්ථාන කරන්නාවූ ආනන්ද භික්ෂුතෙම උපස්ථායක වූයේය.
(උපස්ථායක භික්ෂු පරිච්ඡෙද කථායි.)
12
‘‘විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහොසි. බන්ධුමතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති (ජනෙත්තී (ස්‍යා.)). බන්ධුමස්ස රඤ්ඤො බන්ධුමතී නාම නගරං රාජධානී අහොසි.
‘‘සිඛිස්ස , භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අරුණො නාම රාජා පිතා අහොසි. පභාවතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. අරුණස්ස රඤ්ඤො අරුණවතී නාම නගරං රාජධානී අහොසි.
‘‘වෙස්සභුස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සුප්පතිතො නාම (සුප්පතීතො නාම (ස්‍යා.)) රාජා පිතා අහොසි. වස්සවතී නාම (යසවතී නාම (ස්‍යා. පී.)) දෙවී මාතා අහොසි ජනෙත්ති. සුප්පතිතස්ස රඤ්ඤො අනොමං නාම නගරං රාජධානී අහොසි.
‘‘කකුසන්ධස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අග්ගිදත්තො නාම බ්‍රාහ්මණො පිතා අහොසි. විසාඛා නාම බ්‍රාහ්මණී මාතා අහොසි ජනෙත්ති. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන ඛෙමො නාම රාජා අහොසි. ඛෙමස්ස රඤ්ඤො ඛෙමවතී නාම නගරං රාජධානී අහොසි.
‘‘කොණාගමනස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස යඤ්ඤදත්තො නාම බ්‍රාහ්මණො පිතා අහොසි. උත්තරා නාම බ්‍රාහ්මණී මාතා අහොසි ජනෙත්ති. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන සොභො නාම රාජා අහොසි. සොභස්ස රඤ්ඤො සොභවතී නාම නගරං රාජධානී අහොසි.
‘‘කස්සපස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බ්‍රහ්මදත්තො නාම බ්‍රාහ්මණො පිතා අහොසි. ධනවතී නාම බ්‍රාහ්මණී මාතා අහොසි ජනෙත්ති. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන කිකී නාම (කිං කී නාම (ස්‍යා.)) රාජා අහොසි. කිකිස්ස රඤ්ඤො බාරාණසී නාම නගරං රාජධානී අහොසි.
‘‘මය්හං, භික්ඛවෙ, එතරහි සුද්ධොදනො නාම රාජා පිතා අහොසි. මායා නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. කපිලවත්ථු නාම නගරං රාජධානී අහොසී’’ති. ඉදමවොච භගවා, ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
12
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට බන්ධුමාන නම් රජතෙම පිය වූයේය. බන්ධුමතී නම් දේවියක් මව් විය. බන්ධුමාන රජහට බන්ධුමතී නුවර රාජධානිය විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ සිඛී භාග්‍යවතුන් වහන්සේට අරුණ නම් රජ පිය වූයේය. පභාවතී නම් දේවිය මව් විය අරුණ රජහට අරුණවතී නම් නුවර රාජධානි විය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට සුප්පතීත නම් රජතෙම පිය විය, යසවතී නම් දේවියක් මව් විය. සුප්පතීත රජහට අනොපම නුවර රාජධානි විය.
“මහණෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධවූ කකුසන්ධ භාග්‍යවතුන් වහන්සේට අග්නිදත්ත නම් බ්‍රාහ්මණතෙම පිය විය. විශාඛා නම් බැමිණිතොමෝ මව් විය. මහණෙනි, ඒ කාලයේදී ඛෙම නම් රජෙක් වූයේය. ඛෙම රජුහට ඛෙමවතී නම් නුවරක් රාජධානි විය.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කොණාගමන භාග්‍යවතුන් වහන්සේට යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණතෙම පිය වූයේය උත්තරා නම් බැමිණිතොමෝ මව් විය. මහණෙනි, ඒ කාලයෙහී සොභ නම් රජෙක් වූයේය. සොභ රජහට සොභවතී නම් නුවරක් රාජධානි වූයේය.
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට බ්‍රහ්මදත්ත නම් බ්‍රාහ්මණතෙම පිය වූයේය. ධනවතී නම් බැමිණිතොමෝ මව් විය. මහණෙනි, ඒ කාලයෙහිදී කිකී නම් රජෙක් වූයේය. කිකී රජහට බරණැස් නම් නුවරක් රාජධානි වූයේය. මහණෙනි, දැන් මට සුද්ධොදන රජතෙම පිය වූයේය. මායාදේවී තොමෝ මව් විය. කපිල වත්ථු නම් නගරයක් රාජධානි විය.”
භාග්‍යවතුන්වහන්සේ මේ කරුණු කීවෝය. තථාගතයන් වහන්සේ පෙර ඇතිවූ ආත්ම භාවයන් සම්බන්ධවූ ධර්ම දේශනාව කර උන් ආසනයෙන් නැගිට වෙහෙරට වැඩියෝය.
(මාතා පිතා පරිච්ඡෙද කථායි.)
13
අථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො අයමන්තරාකථා උදපාදි - ‘‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. යත්‍ර හි නාම තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරිස්සති, නාමතොපි අනුස්සරිස්සති, ගොත්තතොපි අනුස්සරිස්සති, ආයුප්පමාණතොපි අනුස්සරිස්සති, සාවකයුගතොපි අනුස්සරිස්සති, සාවකසන්නිපාතතොපි අනුස්සරිස්සති - ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’’’ති.
‘‘කිං නු ඛො, ආවුසො, තථාගතස්සෙව නු ඛො එසා ධම්මධාතු සුප්පටිවිද්ධා, යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති - ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති, උදාහු දෙවතා තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං, යෙන තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති - ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’’’ති. අයඤ්ච හිදං තෙසං භික්ඛූනං අන්තරාකථා විප්පකතා හොති.
13
එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩමකොට ගොස් නොබෝ වේලාවකින් ඒ භික්ෂූන් අතර මේ අතුරුකථාව පහළ විය. “ආයුෂ්මතුනි තථාගතයන් වහන්සේගේ මහත් සෘද්ධිමත් භාවය හා මහත් ආනුභාවය පුදුමයි. පෙර නොවූ, දෙයකි. පිරිනිවන් පෑවාවූ සසර ප්‍රමාද කරන ධර්මයන් කපා දැම්මාවූ කපාදමනලද කුසලාකුසල ධර්ම ඇති සංසාරය අවසාන කල සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහිකළෝය, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කළෝය, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකළෝය, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකළෝය, කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ වූහයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝ යයි කියාද, මාර්ගඵල සමාධි ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥා අදී මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරෝධ සමාපත්ති ආදී මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද, මෙවැනි (විමුක්ති) මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.
“ඇවැත්නි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ යම් ඥානයක් මනාකොට අවබෝධ කිරීම හේතුකොට ගෙන (පිරිනිවන් පෑවාවූ, කපාදැමූ සසර ප්‍රමාදකරන ධර්මයන් ඇත්තාවූ කපාදමනලද කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කල සියලු දුක් කෙළවර කළ අතීත බුදුරවයන් ජාති වශයෙනුත් සිහිකරති, ආයුෂ ප්‍රමාණ වශයෙන්ද සිහිකරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක රැස්විම් වශයෙනුත් සිහිකරති. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද මාර්ගඵල ප්‍රඥා ආදී මෙවැනි ප්‍රඥා ඇත්තෝ යයි කියාද නිරෝධ සමාපත්ති ආදී මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද පස්වැදෑරුම් (විමුක්ති) මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.) ඒ ඥානය තථාගතයන් වහන්සේ විසින්ම අවබෝධ කරගන්නා ලද්දේද?
“නැතහොත් දේවතාවෝ තථාගතයන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුද? යම් කාරණයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාවූ කපාදැමූ සසර ප්‍රමාදකරන ධර්මයන් ඇත්තාවූ, කපාදමනලද කුසලාකුශල කර්ම ඇති, සංසාරය අවසානකළ සියලු දුක් කෙළවරකළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහිකරති, නාම වශයෙනුත් සිහි කරති, ගොත්‍රවශයෙනුත් සිහිකරති, ආයුෂ ප්‍රමාණවශයෙනුත් සිහිකරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකරති, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකරති, කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා, මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල, සමාධි ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥා ආදී මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද නිරෝධ සමාපත්ති ආදී මෙවැනි විහරණ ඇත්තෝ යයි කියාද, පස්වැදෑරුම් (විමුක්ති) මිදිම් ඇත්තෝයයි කියාද වෙත්. යන මේ අතුරු කථාවකොට නිමවීය.
14
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන කරෙරිමණ්ඩලමාළො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කායනුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා; කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති?
එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ, භන්තෙ, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො අයං අන්තරාකථා උදපාදි - ‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්‍ර හි නාම තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරිස්සති, නාමතොපි අනුස්සරිස්සති, ගොත්තතොපි අනුස්සරිස්සති, ආයුප්පමාණතොපි අනුස්සරිස්සති, සාවකයුගතොපි අනුස්සරිස්සති, සාවකසන්නිපාතතොපි අනුස්සරිස්සති - ‘‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි , එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’’ති. කිං නු ඛො, ආවුසො, තථාගතස්සෙව නු ඛො එසා ධම්මධාතු සුප්පටිවිද්ධා, යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති - ‘‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’’ති. උදාහු දෙවතා තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං, යෙන තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති - ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති? අයං ඛො නො, භන්තෙ, අන්තරාකථා විප්පකතා, අථ භගවා අනුප්පත්තො’’ති.
14
එවිට භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගී සිට කරේරි මණ්ඩපය සමීපයේවූ විවේක ගන්නා ශාලාව යම් තැනකද එතනට පැමිණියෝය. පැමිණ පණවනලද ආශනයෙහි වැඩඋන්නෝය. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඒ භික්ෂූන්ට කථාකළෝය. කථාකර, “මහණෙනි, මෙහි තෙපි කිනම් කථාවකින් උන්නහුද, තොපගේ කිනම් කථාවක් කොට කිමකළාහුදැයි” ඇසුවෝය.
මෙසේ ඇසූකල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය. “ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් මෙහි අප අතරෙහි මේ අතුරු කථාව උපන්නේය. එනම්: “ඇවැත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධිමත්භාවය හා මහත් ආනුභාවය පුදුමයි. ඇවැත්නි, පෙර නොවූ දෙයකි පිරිනිවන් පෑවාවූ සසර ප්‍රමාද කරන ධර්මයන් කපා දැම්මාවූ කපා දමනලද කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරන්නාහුය, නාම වශයෙනුත් සිහිකරන්නාහුය, ගොත්‍ර වශයෙනුත් සිහිකරන්නාහුය, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරන්නාහුය, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකරන්නාහුය ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහිකරන්නාහුය. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ යයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද මෙවැනි සිල් ඇත්තෝ යයි කියාද, මාර්ගඵල ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥාආදී මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද. නිරෝධ සමාපත්තිආදී මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද, මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝ යයිද කියායි.”
“ඇවැත්නි, කිමෙක්ද? තථාගතයන් වහන්සේ යම් ඥානයක් අවබෝධ කිරීම හේතුකොටගෙන පිරිනිවන් පෑවාට සසර ප්‍රමාද කරන ධර්මයන් කපා දැම්මාවූ, කපා දමනලද, කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරන්නාහ, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහිකරන්නාහ, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහිකරන්නාහ. ශ්‍රාවක රැස්වීම වශයෙනුත් සිහිකරන්නාහ. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ වූහයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙවැනි සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ග ඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරෝධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද, මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝයයිද කියායි. ඒ ඥානය තමන් වහන්සේ විසින්ම අවබෝධකරන ලද්දේද?
“නැතහොත් දෙවතාවෝ තථාගතයන් වහන්සේට මේ කාරණය සැළකළාහුද? යම් කාරණයක් හේතුකොට ගෙන තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාවූ කපා දැමූ සසර ප්‍රමාද කරන ධර්මයන් ඇත්තාවූ කපාදමන ලද කුසලාකුසල කර්ම ඇති, සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරති, නාම වශයෙනුත් සිහි කරති. ගොත්‍ර වශයෙනුත් සිහි කරති. ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරති. කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ගඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරෝධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝ යයි කියාද වෙත් යන මේ අපේ අතුරු කථාව ඇතිවූයේය. එකල භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය’ යි කීවෝය.
15
‘‘තථාගතස්සෙවෙසා, භික්ඛවෙ, ධම්මධාතු සුප්පටිවිද්ධා, යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති - ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති. දෙවතාපි තථාගතස්ස එතමත්ථං ආරොචෙසුං, යෙන තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජාතිතොපි අනුස්සරති, නාමතොපි අනුස්සරති, ගොත්තතොපි අනුස්සරති, ආයුප්පමාණතොපි අනුස්සරති, සාවකයුගතොපි අනුස්සරති, සාවකසන්නිපාතතොපි අනුස්සරති - ‘එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා එවංගොත්තා එවංසීලා එවංධම්මා එවංපඤ්ඤා එවංවිහාරී එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපී’ති.
‘‘ඉච්ඡෙය්‍යාථ නො තුම්හෙ, භික්ඛවෙ, භිය්‍යොසොමත්තාය පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං සොතු’’න්ති? ‘‘එතස්ස, භගවා, කාලො; එතස්ස, සුගත, කාලො; යං භගවා භිය්‍යොසොමත්තාය පුබ්බෙනිවාසපටිසංයුත්තං ධම්මිං කථං කරෙය්‍ය, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති. ‘‘තෙන හි, භික්ඛවෙ , සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
15
“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින්ම මේ ඥානය අවබෝධ කරන ලද්දේය. යම් ඥානයක් අවබෝධ කිරීම හේතුකොටගෙන තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවාවූ කපාදැමූ සසර ප්‍රමාද කරන ධර්මයන් ඇති කපා දමනලද කුසලාකුසල කර්ම ඇති සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරති. නාම වශයෙනුත් සිහි කරති. ගොත්‍ර වශයෙනුත් සිහි කරති. ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරති, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරති, කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝයයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද, මාර්ගඵල සමාධි ආදි මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද මාර්ගඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද නිරෝධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.
“දෙවතාවෝද තථාගතයන් වහන්සේට මේ කාරණය දැන්නුවාහුය. යම් කාරණයකින් තථාගතයන් වහන්සේ පරිනිර්වානයට පැමිණියාවූ කපාදැමූ සසර ප්‍රමාද කරණ ධර්මයන් ඇත්තාවූ කපා දමනලද කුසලාකුසල කර්ම ඇති, සංසාරය අවසාන කළ සියලු දුක් කෙළවර කළ අතීත බුදුවරයන් ජාති වශයෙනුත් සිහි කරත්ද නාම වශයෙනුත් සිහි කරත්ද, ගොත්‍ර වශයෙනුත් සිහිකරත්ද, ආයුෂ ප්‍රමාණ වශයෙනුත් සිහි කරත්ද, ශ්‍රාවක දෙදෙනා වශයෙනුත් සිහි කරත්ද, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරත්ද කෙසේද? ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙවැනි ජාති ඇත්තෝ වූහයි කියාද, මෙවැනි නම් ඇත්තෝයයි කියාද, මෙබඳු ගොත්‍ර ඇත්තෝයයි කියාද, මෙබඳු සිල් ඇත්තෝයයි කියාද මාර්ග ඵල සමාධි ආදී මෙවැනි සමාධි ඇත්තෝයයි කියාද, මාර්ග ඵල ප්‍රඥා ආදි මෙවැනි ප්‍රඥා ඇත්තෝයයි කියාද, නිරෝධ සමාපත්ති ආදි මෙවැනි විහරණ ඇත්තෝයයි කියාද මෙවැනි පස්වැදෑරුම් මිදීම් ඇත්තෝයයි කියාද වෙත්.
“මහණෙනි, තොපි බොහෝ සෙයින්ම පෙර විසීම් පිළිබඳවූ ධර්ම කථාවක් ඇසීමට කැමති නොවන්නහුදැයි” ඇසුවෝය.
“යම් හේතුවකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ සෙයින් පෙර විසීම් පිළිබඳ ධර්ම කථා කරත් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට සුදුසු කාලයයි. තථාගතයන් වහන්ස, මේ ඊට සුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂුහු සිත්හි දරා ගන්නාහුයයි” කීවෝය.
“මහණෙනි, එසේ නම් අසව්. හොඳින් හිතට ගනිව්. කියන්නෙමි” යි කීවෝය.
“පින්වතුන් වහන්ස, එසේ යහපතැයි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නෝය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ.
16
‘‘ඉතො සො, භික්ඛවෙ, එකනවුතිකප්පෙ යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධො ලොකෙ උදපාදි. විපස්සී, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛත්තියො ජාතියා අහොසි, ඛත්තියකුලෙ උදපාදි. විපස්සී, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො කොණ්ඩඤ්ඤො ගොත්තෙන අහොසි. විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසීතිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි. විපස්සී, භික්ඛවෙ, භගවා අරහං සම්මාසම්බුද්ධො පාටලියා මූලෙ අභිසම්බුද්ධො. විපස්සිස්ස, භික්ඛවෙ , භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහොසි අග්ගං භද්දයුගං. විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස තයො සාවකානං සන්නිපාතා අහෙසුං. එකො සාවකානං සන්නිපාතො අහොසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං, එකො සාවකානං සන්නිපාතො අහොසි භික්ඛුසතසහස්සං, එකො සාවකානං සන්නිපාතො අහොසි අසීතිභික්ඛුසහස්සානි. විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙ තයො සාවකානං සන්නිපාතා අහෙසුං සබ්බෙසංයෙව ඛීණාසවානං. විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අසොකො නාම භික්ඛු උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. විපස්සිස්ස, භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහොසි. බන්ධුමතී නාම දෙවී මාතා අහොසි ජනෙත්ති. බන්ධුමස්ස රඤ්ඤො බන්ධුමතී නාම නගරං රාජධානී අහොසි.
16
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ යම් කලෙක ලොව පහලවූ සේක්ද ඒ මෙයින් අනූඑක්වෙනි කල්පයයි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ජාතියෙන් ක්ෂත්‍රිය වූසේක. ක්ෂත්‍රිය කුලයෙහි උපන්සේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ගොත්‍රයෙන් කොණ්ඩඤ්ඤ නම් වූසේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට අසූදහසක් අවුරුදු ආයුෂ ප්‍රමාණවීය මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන්වහන්සේ පළොල්රුක මුලදි චතුස්සත්‍යය අවබෝධ කළසේක. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ඛණ්ඩය තිස්සය යන නම් ඇති ප්‍රධාන ශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූයේය. අටසැට ලක්ෂණයක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් විය. භික්ෂූන් ලක්ෂයක් ඇති එක් ශ්‍රාවක රැස්වීමක් වූයේය. අසූදහසක් භික්ෂූන් ඇති එක් ශ්‍රාවක රැස්වීමෙක් වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට සියල්ලන්ම රහත්වූ භික්ෂූන්ගෙන් යුක්තවූ මේ ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුණක් වූයේය. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට අග්‍ර ලෙස උපස්ථාන කරන්නාවූ අශොක නම් භික්ෂු කෙනෙක් වූයේය. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට බන්ධුම නම් රජතෙම පිය වූයේය. බන්ධුමතී නම් දේවී තොමෝ මව් විය. බන්ධුම රජහට බන්ධුමතී නම් නුවර රාජධානි වීය.
බොධිසත්තධම්මතා බොධිසත්තධම්මතා
ද්වත්තිංසමහාපුරිසලක්ඛණා ද්වත්තිංසමහාපුරිසලක්ඛණා
විපස්සීසමඤ්ඤා විපස්සීසමඤ්ඤා
ජිණ්ණපුරිසො ජිණ්ණපුරිසො
බ්‍යාධිතපුරිසො බ්‍යාධිතපුරිසො
කාලඞ්කතපුරිසො කාලඞ්කතපුරිසො
පබ්බජිතො පබ්බජිතො
බොධිසත්තපබ්බජ්ජා බොධිසත්තපබ්බජ්ජා
මහාජනකායඅනුපබ්බජ්ජා මහාජනකායඅනුපබ්බජ්ජා
බොධිසත්තඅභිනිවෙසො බොධිසත්තඅභිනිවෙසො
බ්‍රහ්මයාචනකථා බ්‍රහ්මයාචනකථා
අග්ගසාවකයුගං අග්ගසාවකයුගං
මහාජනකායපබ්බජ්ජා මහාජනකායපබ්බජ්ජා
පුරිමපබ්බජිතානං ධම්මාභිසමයො පුරිමපබ්බජිතානං ධම්මාභිසමයො
චාරිකාඅනුජානනං චාරිකාඅනුජානනං
දෙවතාරොචනං දෙවතාරොචනං