ත්‍රිපිටකය
13. තෙවිජ්ජසුත්තං 13. තෙවිජ්ජ සූත්‍රය
518
එවං මෙ සුතං - එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි යෙන මනසාකටං නාම කොසලානං බ්‍රාහ්මණගාමො තදවසරි. තත්‍ර සුදං භගවා මනසාකටෙ විහරති උත්තරෙන මනසාකටස්ස අචිරවතියා නදියා තීරෙ අම්බවනෙ.
518
මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය) එක් කලක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂූන්ගෙන් යුත් මහා භික්ෂු සංඝයා සමග කොසොල් රට ගමන් කරමින් එන අතර මනසාකට නම් කොසොල් රට වැසියන්ගේ බමුණු ගම යම් තැනකද එතනට පැමිණියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ මනසාකට බමුණු ගමට සමීපවූ උතුරු පැත්තෙහි අචිරවතී ගංගා ඉව්රෙහිවූ අඹවනයෙහි වාසය කරණ සේක.
519
තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්‍රාහ්මණමහාසාලා මනසාකටෙ පටිවසන්ති, සෙය්‍යථිදං - චඞ්කී බ්‍රාහ්මණො තාරුක්ඛො බ්‍රාහ්මණො පොක්ඛරසාති බ්‍රාහ්මණො ජාණුසොණි බ්‍රාහ්මණො තොදෙය්‍යො බ්‍රාහ්මණො අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්‍රාහ්මණමහාසාලා.
519
ඒ කාලයෙහි බොහෝවූ කුලචාරිත්‍රාදියෙන් ප්‍රසිද්ධ ප්‍රසිද්ධවූ මහා සාර කුලවත් බ්‍රාහ්මණයෝ මනසාකට බමුණු ගමෙහි වාසය කෙරෙත්. ඔව්හු කවරහුදයත්, චංකී බ්‍රාහ්මණ තෙමේද, තාරුක්ඛ බ්‍රාහ්මණ තෙමේද, පොක්ඛරසාති බ්‍රාහ්මණ තෙමේද, ජානුස්සොණි බ්‍රාහ්මණ තෙමේද, තොදෙය්‍ය බ්‍රාහ්මණ තෙමේද, මෙයින් අන්‍යවූ ප්‍රසිද්ධ කුලවල බ්‍රාහ්මණයෝද වෙති.
520
අථ ඛො වාසෙට්ඨභාරද්වාජානං මාණවානං ජඞ්ඝවිහාරං අනුචඞ්කමන්තානං අනුවිචරන්තානං මග්ගාමග්ගෙ කථා උදපාදි. අථ ඛො වාසෙට්ඨො මාණවො එවමාහ - ‘‘අයමෙව උජුමග්ගො, අයමඤ්ජසායනො නිය්‍යානිකො නිය්‍යාති තක්කරස්ස බ්‍රහ්මසහබ්‍යතාය, ය්වායං අක්ඛාතො බ්‍රාහ්මණෙන පොක්ඛරසාතිනා’’ති. භාරද්වාජොපි මාණවො එවමාහ - ‘‘අයමෙව උජුමග්ගො, අයමඤ්ජසායනො නිය්‍යානිකො, නිය්‍යාති තක්කරස්ස බ්‍රහ්මසහබ්‍යතාය, ය්වායං අක්ඛාතො බ්‍රාහ්මණෙන තාරුක්ඛෙනා’’ති. නෙව ඛො අසක්ඛි වාසෙට්ඨො මාණවො භාරද්වාජං මාණවං සඤ්ඤාපෙතුං, න පන අසක්ඛි භාරද්වාජො මාණවොපි වාසෙට්ඨං මාණවං සඤ්ඤාපෙතුං.
520
එවිට බොහෝ වේලා වාඩිවී හිඳීමෙන් ඇති ශරීර විඩාව දුරුකර ගැනීම සඳහා සක්මන් කරමින් හැසිරෙන්නාවූ පොක්ඛරසාති බ්‍රාහ්මණයාගේ ගෝලයකුවූ වාසෙට්ඨ බ්‍රාහ්මණයාද තාරුක්ඛ බ්‍රාහ්මණයාගේ ගෝලයකුවූ භාරද්වාජ බ්‍රාහ්මණයාද යන දෙදෙනා අතර මාර්ග හා අමාර්ග ගැන කථාවක් ඇතිවිය. එවිට වාසෙට්ඨ තරුණයා මෙසේ කියයි. පොක්ඛරසාති බ්‍රාහ්මණයා විසින් යම් මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම ඇද නැති මාර්ගය වේ. මේ මාර්ගයම එතෙර කරන්නේ වෙයි. ඒ පිළිපදින්නා බ්‍රහ්මයා සමග එක්වීම පිණිස’ පවතියි.
භාරද්වාජ තරුණයා මෙසේ කියයි. ‘තාරුක්ඛ බ්‍රාහ්මණයා විසින් යම් මාර්ගයක් කියන ලද්දේ නම් මෙයම ඇද නැති කෙලින් මාර්ගය වේ. මේ මාර්ගයම එතෙර කරන්නේ වේ. ඒ පිළිපදින්නා බ්‍රාහ්මයා සමග එක්වීම පිණිස පවතියි යනුයි.
වාසෙට්ඨ තරුණයා විසින් භාරද්වාජ තරුණයාට ඔහුගේ කථාව පිළිගන්වන්ට නොහැකිවිය. වාසෙට්ඨ තරුණයා විසින්ද භාරද්වාජ තරුණයාට ඔහුගේ කථාව පිළිගන්වන්ට නොහැකි විය.
521
අථ ඛො වාසෙට්ඨො මාණවො භාරද්වාජං මාණවං ආමන්තෙසි - ‘‘අයං ඛො, භාරද්වාජ, සමණො ගොතමො සක්‍යපුත්තො සක්‍යකුලා පබ්බජිතො මනසාකටෙ විහරති උත්තරෙන මනසාකටස්ස අචිරවතියා නදියා තීරෙ අම්බවනෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්‍යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’’ති . ආයාම, භො භාරද්වාජ, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමිස්සාම; උපසඞ්කමිත්වා එතමත්ථං සමණං ගොතමං පුච්ඡිස්සාම. යථා නො සමණො ගොතමො බ්‍යාකරිස්සති, තථා නං ධාරෙස්සාමා’’ති. ‘‘එවං, භො’’ති ඛො භාරද්වාජො මාණවො වාසෙට්ඨස්ස මාණවස්ස පච්චස්සොසි.
521
එවිට වාසෙට්ඨ තරුණයා භාරද්වාජ තරුණයාට කථා කර මෙසේ කීවේය. “භාරද්වාජය, ශාක්‍ය පුත්‍රවූ ශාක්‍ය කුලයෙන් නික්ම මහණවූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මනසාකට නම් බමුණු ගමට සමීපයෙහිවූ උතුරු පැත්තෙහි අචිරවති ගංගා ඉවුරෙහිවූ අඹ වනයෙහි වාසය කරති. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙසේ යහපත් කීර්ති ඝොෂාවක් උස්ව නැංගේය. (ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අර්හත්යහ. සම්‍යක් සම්බුද්ධයහ, අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සම්පූර්ණයහ. ශොභන ගමන් ඇත්තාහ. තුන් ලෝකය දන්නාහ. ශ්‍රේෂ්ඨවූ හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනියහ. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාහ. සම්‍යක් සම්බුද්ධයහ. භාග්‍යවත්හ කියායි.)
පින්වත් භාරද්වාජය යමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් තැනකද එතනට පැමිණෙමු. පැමිණ මේ කාරණය ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් අසමු. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් පරිද්දෙකින් අපට කියත්ද, එසේ මේ කාරණය පිළිගනිමුයි.”
“පින්වත, එසේ යයි” භාරද්වාජ තරුණයා වාසෙට්ඨ තරුණයාට උත්තර දුන්නේය.
මග්ගාමග්ගකථා මග්ගාමග්ගකථා
වාසෙට්ඨමාණවානුයොගො වාසෙට්ඨමාණවානුයොගො
ජනපදකල්‍යාණීඋපමා ජනපදකල්‍යාණීඋපමා
නිස්සෙණීඋපමා නිස්සෙණීඋපමා
අචිරවතීනදීඋපමා අචිරවතීනදීඋපමා
සංසන්දනකථා සංසන්දනකථා
බ්‍රහ්මලොකමග්ගදෙසනා බ්‍රහ්මලොකමග්ගදෙසනා
556
භගවා එතදවොච - ‘‘ඉධ, වාසෙට්ඨ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං, සම්මාසම්බුද්ධො...පෙ.... (යථා 190-212 අනුච්ඡෙදෙසු එවං විත්ථාරෙතබ්බං). එවං ඛො, වාසෙට්ඨ, භික්ඛු සීලසම්පන්නො හොති...පෙ.... තස්සිමෙ පඤ්ච නීවරණෙ පහීනෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති.
‘‘සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති . තථා දුතියං. තථා තතියං. තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරති.
‘‘සෙය්‍යථාපි, වාසෙට්ඨ, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්‍ය; එවමෙව ඛො, වාසෙට්ඨ, එවං භාවිතාය මෙත්තාය චෙතොවිමුත්තියා යං පමාණකතං කම්මං න තං තත්‍රාවසිස්සති, න තං තත්‍රාවතිට්ඨති. අයම්පි ඛො, වාසෙට්ඨ, බ්‍රහ්මානං සහබ්‍යතාය මග්ගො.
‘‘පුන චපරං, වාසෙට්ඨ, භික්ඛු කරුණාසහගතෙන චෙතසා...පෙ.... මුදිතාසහගතෙන චෙතසා...පෙ.... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං. තථා තතියං. තථා චතුත්ථං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජෙන ඵරිත්වා විහරති.
‘‘සෙය්‍යථාපි , වාසෙට්ඨ, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්‍ය. එවමෙව ඛො, වාසෙට්ඨ, එවං භාවිතාය උපෙක්ඛාය චෙතොවිමුත්තියා යං පමාණකතං කම්මං න තං තත්‍රාවසිස්සති, න තං තත්‍රාවතිට්ඨති. අයං ඛො, වාසෙට්ඨ, බ්‍රහ්මානං සහබ්‍යතාය මග්ගො.
556
භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක.
“වාසෙට්ඨය, (අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනාඥාන ආදී විද්‍යා අට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළවයන අෂ්ට විද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්‍ය්‍ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්මසතර අවබෝධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්, අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියමවිදියට වචන ශබ්ද කරන්නාවූ (බ්‍යඤ්ජන සහිත) සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව ගෙන හැර දක්වති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකන්නේය. ‘ගෘහවාසය පීඩා සහිතයි. රාගාදි කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශයමෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනිවූ මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය මම කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාශිය හැර ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණවේ. මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙකු වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්ත වූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේවෙයි, ශීලයෙන් යුක්ත වූයේ වෙයි, ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ වෙයි, කෑමෙහි පමණ දන්නේවෙයි, යහපත් සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ වෙයි, සන්තෝෂයෙන් යුක්තවෙයි.
“වාසෙට්ඨය, භික්ෂුනමක් කෙසේ නම් සීල සම්පන්න වේද? වාසෙට්ඨය, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, බහා තබන ලද දඬු ඇත්තේ බහා තබනලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතිව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයක්වේ නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන්දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොර නොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්මචාරීවේ. මෙයද ඔහුගේ සීලයෙකි බොරුකීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබවින් සැබව ගළපන ගති ඇතිව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුලකොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේය. මෙයද ඔහුගේ සීලයෙකි. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ යම් වචනයක් නිදොස්වේද, කනට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේවේ. මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස් ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ. මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්කේද දියුණුවට හේතුවන වචන කියන්නේද, මෙයද ඔහුගේ සීලයෙකි.
“තණ, ගස්, වැල්, බිඳීම් සිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රි කෑමෙන් හා අවේලේ කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. නැටීම්, ගීකීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය මල්, ගඳ, විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය. රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනු ලමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ, එළුවන් හා තිරළුවන් පිළිගැනීමෙන් තොරවූයේ, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන් වෙළඹුන්, කෙත්, වත් යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොරවූයේය. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය. උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැරගැන්මය යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය මෙයද ඔහුගේ සීලයක් වේ
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය, ඛන්ධබීජය, ඵලබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියනලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත් මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඬුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය. කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය. මන්ත්‍ර පිරවීමෙන් මළමිණී නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය, මිනී ඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු දැනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් ඇස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්. මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා දූ පෝරු ආදියෙහි කෙළීම්වූ ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදි රූප දක්වා කෙළීමය, පන්දු කෙළීම්ය, නලා පිඹීම්ය, ක්‍රීඩා නගුල් ගෙන සෙල්ලම් සීසෑම්ය, කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන් ගුරුවා තනා ක්‍රීඩා කිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැන කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය. කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය, ඒ ඒ දෝෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්. මෙසේ මෙබඳුවූ දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදුඇතිරිය, එළුලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදි රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරණ ඇතිරිය, රථ පිට අතුරණ ඇතිරිය, අඳුන් දිවිසමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්. මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි අඳුන්, තෙල් හා සුවඳ පාවිච්චිය, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය, නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇඳිමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්. මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලෝකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්. මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මවිනය දනිමි.’ ‘ඔබ මේ ධර්මවිනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේවෙමි.’ ‘මාගේ වචන යහපත්ය හෝ අර්ථය සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය.’ ‘පළමු කිය යුත්ත පසුව කීයෙහිය’ පසුව කිය යුත්ත පළමුව කීයෙහිය යමක් ඔබ බොහෝ කල් පුරුදුකරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වාදාරොපනය කරණ ලදී නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව, යන ආදි දෝෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්. මෙසේ මෙබඳු දෝෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වළකින්නේය. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණබමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව, අසවල් තැනින් මෙහි එව, මෙය ගෙණ යව, එතැනින් අසවල්දෙය ගෙණෙව’යි දූත භාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්. මෙබඳු දූත භාවය, හසුන් ගෙණයෑම යන මෙයින් වළකින්නේය. මෙයද ඒ ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිව්පසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරවන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද, ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග අදියෙන් වළකියිද මෙයද ඔහුගේ සීලයකි.’
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිතිශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිති බලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය ලක්ෂණ ශාස්ත්‍රය මීයන් කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනි දෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය සප්පි හොමය, තෙල හොමය, මුඛ හොමය ලේ හොමය, ශරීර විද්‍යා වාස්තු විද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා භූත විද්‍යා, නාග විද්‍යා, විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුළු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්වීම්, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතු කොට ගෙන වැරදි ජීවිතයෙන් ජිවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජිවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ සීලයකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මණී ලක්ෂණය. වස්ත්‍ර ලක්ෂය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රී ලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය ගෑනුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසී ලක්ෂණය, ඇත් ලක්ෂණය අශ්ව ලක්ෂණය, කැස්බෑලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙණ වැරදි ජීවිකාව කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජිවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළුනුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය. මෙසේ පරාජය වන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජිවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයක් වේ
‘එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්‍ය්‍යග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය. සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමඟ යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළව කම්පා වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැඟීම හා බැසීම්ද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, සූර්‍ය්‍යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇති වන්නේය, චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇති වන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භුමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇතිවන්නේය. සඳ, හිරු, තාරකාවන්ගේ නැඟීම, බැසීම, කිලිටුවීව හා පිරිසිදුවීම මෙබඳු විපාක ඇතිවන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජිවිකාවෙන් ජිවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුකොටගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
‘එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය යහපත් ආහාරපාන ඇති වන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇති වන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගී බව ඇතිවන්නේයයි’ කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන් කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස් කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇතිකිරීමය දුර්ගර්භකරණය ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීම, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජපකිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජපකිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්නඇසීමය, ගෑණු දරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණයකොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනි දැල් පිටකිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබඳු පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීමය, කාර්‍ය්‍ය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කර්මය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය දියෙන් මූන සුද්ධ කිරීමය, තැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකම්ය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත්දී පසුව එහිබල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
“වාසෙට්ඨය, මෙසේ සීලසම්පන්නවූ භික්ෂූහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ සීල සංවරය හේතුකොටගෙණ කිසි තැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්:- වාසෙට්ඨය, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රිය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද. එපරිද්දෙන්ම, වාසෙට්ඨය, සීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු සීලසංවරය හේතුකොට කිසිතැනකදී නොදක්නේය. ආර්‍ය්‍යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂුතෙම, තමන්තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. ලොහිච්චය මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව සීලසම්පන්න නම් වේ.
“වාසෙට්ඨය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේද? වාසෙට්ඨය, මේ සස්නෙහි භික්ෂු තෙමේ ඇසින් රූපයක් දැක එහි නොඇලේ එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රියය රකී. ඇස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්දයක් අසා එහි නොඇලේ එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීමාදි අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්‍රියය රකී. කන් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය නාස් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්‍රියය රකී. නාස් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව්ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳුදෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ශරීර ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද එබඳු දෙයින් වැලකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ශරීර ඉන්ද්‍රියය රකී, ශරීර ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ. සිතීන් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්‍රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කෝපය ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්‍රීය රකී, සිත් ඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. වාසෙට්ඨය, මෙසේවූ භික්ෂුතෙමේ ඉන්ද්‍රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේ.
“වාසෙට්ඨය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේවේද?”
“වාසෙට්ඨය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගුකිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිද මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය. රස විඳීමය, යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මූත්‍ර පහකිරීම්ද නුවණින් (ආදිනව) සලකා කරන්නේය. යෑම්, සිටිම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. වාසෙට්ඨය, මෙසේ කරන්නාවූ භික්ෂුතෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්තවූයේ වේයි.
“වාසෙට්ඨය, භික්ෂුතෙමේ කෙසේ ලද පමණින් සතුටුවූයේ වේද?
“වාසෙට්ඨය, භික්ෂුතෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු සිත්ඇත්තේවේ ඔහු යම් යම් තැනකට යේනම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙන යයි. වාසෙට්ඨය, යම්සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹායේනම් ඒ සියලුතැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, වාසෙට්ඨය, එපරිද්දෙන්ම භික්ෂුතෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටුවන්නේ වේ ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැර යයි. වාසෙට්ඨය, මෙසේවූ භික්ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්තවේ.
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තොෂයෙන් යුක්තවූද, ඒ භික්ෂුතෙමේ කැලයද, ගහක්මුලද, කඳුපලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරීආයේ පර්යංකය බැඳ, (කකුල් අකුලුවා හිඳ) ශරීරයේ උඩු කොටස කෙලින් තබා අරමුණට සිහිය එළවා හිඳී.
“ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කරයි. ක්‍රොධ දෝෂයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලසබව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලසබව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලසබව දුරුකොට සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසයකෙරේ. ඇතුළත සංසිඳුන සිත් ඇත්තේ සිත විසිරයාම හා පසුතැවීමෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරුකොට, පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ, විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
“වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණු වන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹු දරුවන් ආරක්ෂාකරණ පිණිස වැඩි යමක් ඉතුරුවූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹු දරුවන් පොෂ්‍යකිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය’ කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචිනොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම් ඔහුට ආහාර රුචිය ඇතිවන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇතිවන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය ශරීර බලයද නැතිවිය. ඒ මම පළමුතිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම් “මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිතිකොට බලවත් සතුටක් ලබන්නේය, සතුටටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, යම්සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකිවූ අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකිවූ වැඩකරුවෙක් වන්නේද ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යාහැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර තමා කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මාඅදහස් පරිදි කිසි තැනෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපතිකොට ඇත්තෙක් වීම. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙමි. මා අදහස් පරිදි ඒ ඒ කැමැති තැනෙක යා හැක්කේද වෙමි’යි කියායි. ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේද, ඔහු මද කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්:- ‘මම පෙර ධනවත් වූයෙමි, දුර්ලභ භික්ෂා ඇති භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණියෙක් වූයෙමි. එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසුකෙළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමිණියෙමියි’කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිතිකොට බලවත් සතුටක් ලබන්නේය, එසේම සතුටටද පැමිණෙන්නේය.
“වාසෙට්ඨය, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂුතෙමේ පහනොකළ (පඤ්ච නීරවණ) කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ඇති බව නුවණින් දකී. වාසෙට්ඨය, ණය නැති බව යම්සේද, නිරෝගි බව යම්සේද, සිර ගෙයින් මිදීම යම්සේද, අනුන්ට යටහත් නැති බව යම්සේද, භය නැති භුමිය යම්සේද එපරිද්දෙන්ම වාසෙට්ඨය, භික්ෂුතෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ නැති බව නුවණින් දක්නේය.
“පහකළාවූ (නීවරණ) නුවණ මුවාකරණ ධර්ම පස තමා තුළ නැතැයි දක්නාවූ ඒ භික්ෂුවට සතුට උපදියි. සියලු ශරීරයෙහි පැතිර යන බලවත් සතුට උපදියි. බලවත් සතුට උපන්නහුගේ සිත කෙලෙස් දැවිල්ලෙන් සංසිඳෙයි. සිත සංසිඳී ගිය තැනැත්තේ සැපය විඳියි. සැපට පැමිණියහුගේ සිත එකඟවෙයි.
“ඒ භික්ෂුතෙම මෛත්‍රිය සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරේ. දෙවෙනි දිසාවද එසේම තුන්වෙනි දිසාවද, එසේම සතරවෙනි දිසාවදැයි, මෙසේ උඩද යටද හරහදැයි සියලු කාලයෙහි සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය මෛත්‍රිය සමග පැවැත්තාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ ප්‍රමාණ කළ නොහැකිවූ වෛර නැත්තාවූ ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙරේ”
“වාසෙට්ඨය, බලසම්පන්නවූ සක් පිඹින්නෙක් පහසුවෙන්ම හතර දිසාවන් සක්ගෙඩි නාදයෙන් යම්සේ පතුරුවන්නේද, වාසෙට්ඨය, එසේම වඩන ලද්දාවූ මෛත්‍රී සහගත සමාධියෙන් (කෙලෙස් සහිත හෙයින්) ප්‍රමාණ කරන ලද කාම ලෝකයට අයත් යම් කුශල කර්මයක් වේද, (කාමාවචර) ඒ කාම ලෝකයට අයත් කුසල කර්මය තෙමේ ඒ මහද්ගත කුසල කර්මය (රූපාවචර, අරූපාවචර කුසලය) යටපත්කර නොසිටි එය මැඩගෙන නොපිහිටයි. මේ මාර්ගයද බ්‍රහ්මයාගේ සහභාවය පිණිස පවතී.
“නැවතද භික්ෂු තෙම කරුණාව සමග පැවැත්තාවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කෙරේ. දෙවෙනි දිගද එසේම තුන්වන දිගද එසේම සතරවෙනි දිග දැයි මෙසේ උඩද යටද හරහදැයි සියලු කල සියලු තැන පැතිර පවත්නා බැවින් සියල්ල ඇත්තාවූ ලෝකය කරුණාව සමග පැවැත්තාවූ මහත්වූ උසස් බවට පැමිණියාවූ ප්‍රමාණ නොකළ හැකි වෛර රහිතවූ (ව්‍යාපාද) ක්‍රොධ රහිතවූ සිතින් පතුරුවා වාසය කෙරේ.
“වාසෙට්ඨය, බලසම්පන්නවූ සක් පිඹින්නෙක් සුවසේම සතර දිසාවන් හක්ගෙඩි නාදයෙන් යම්සේ පතුරුවන්නේද, වාසෙට්ඨය, එසේම වඩන ලද්දාවූ කරුණා සහගත සමාධිය කරණකොට ප්‍රමාණ කරනලද යම් කාම ලෝකයට අයත් කුශල කර්මයක් වේද ඒ කාම ලෝකයට අයත් කුසල කර්මය තෙමේ ඒ මහද්ගත කුසලකර්මය යටපත්කර නොසිටී. එය මැඩගෙන නොපිහිටයි. වාසෙට්ඨය, මේ මාර්ගයද බ්‍රහ්මයාගේ සහභාවය පිණිස පවතී.
“නැවතද වාසෙට්ඨය, ඒ භික්ෂුතෙමේ මුදිතා සහගත (සැප ඇත්තවුන්ගේ සැපයට සතුටුවීම සහිත) සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයිද දෙවෙනි දිසාවද තුන්වැනි දිසාවද සතරවැනි දිසාවද උඩද යටද සරසද සියලු කල්හි සියලු තැන පැතිර පවත්නා හෙයින් සියල්ල සහිතවූ ලෝකය මහත්වූ උසස් බවට ගියාවූ අප්‍රමාණවූ ක්‍රොධ රහිත මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.
“වාසෙට්ඨය, යම්සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන්ම සතර දිසාව සක් හඬින් පතුරුවන්නේද එමෙන් මුදිතා සහගත සමාධිය කරණකොට කෙලෙස් සහිත හෙයින් ප්‍රමාණ කරවූ කාමාවචර කුසලකර්මය තෙමේ ඒ මහද්ගත කර්මය යටපත්කර නොසිටී. එය මැඩගෙන නොපිහිටයි. වාසෙට්ඨය, මේ මාර්ගයද බ්‍රහ්මයා හා එක්වීම පිණිස පවත්නේය.
“නැවතද වාසෙට්ඨය, ඒ භික්ෂුතෙමේ උපෙක්ඛා සහගත සිතින් එක් දිසාවක්ද දෙවෙනි දිසාවද තුන්වැනි දිසාවද සතරවැනි දිසාවද උඩද යටද සරසද සියලු තන්හි සියලු කල්හි සියලු තැන පැතිර පවත්නා හෙයින් සියල්ල ඇත්තාවූ ලෝකය මහත්වූ උසස් බවට ගියාවූ අප්‍රමාණවූ ක්‍රොධ රහිතවූ උපෙක්ෂා සහිත සිතින් පතුරුවා වාසය කරයි
“වාසෙට්ඨය, යම්සේ බලවත් සක් පිඹින්නෙක් පහසුවෙන් සතර දිසාව සක්හඬින් පතුරුවන්නේද එමෙන් උපෙක්ෂා සහගත සමාධිය කරණකොට ප්‍රමාණ කරවූ කාමාවචර කුසල කර්මය තෙමේ ඒ මහද්ගත කර්මය යටපත්කර නොසිටී. එය මැඩගෙන නොපිහිටයි. වාසෙට්ඨය, මේ මාර්ගයද බ්‍රහ්මයා හා සමග එක්වීම පිණිස පවත්නේය.
557
‘‘තං කිං මඤ්ඤසි, වාසෙට්ඨ, එවංවිහාරී භික්ඛු සපරිග්ගහො වා අපරිග්ගහො වා’’ති? ‘‘අපරිග්ගහො, භො ගොතම’’. ‘‘සවෙරචිත්තො වා අවෙරචිත්තො වා’’ති? ‘‘අවෙරචිත්තො, භො ගොතම’’. ‘‘සබ්‍යාපජ්ජචිත්තො වා අබ්‍යාපජ්ජචිත්තො වා’’ති? ‘‘අබ්‍යාපජ්ජචිත්තො, භො ගොතම’’. ‘‘සංකිලිට්ඨචිත්තො වා අසංකිලිට්ඨචිත්තො වා’’ති? ‘‘අසංකිලිට්ඨචිත්තො, භො ගොතම’’. ‘‘වසවත්තී වා අවසවත්තී වා’’ති? ‘‘වසවත්තී, භො ගොතම’’.
‘‘ඉති කිර, වාසෙට්ඨ, අපරිග්ගහො භික්ඛු, අපරිග්ගහො බ්‍රහ්මා. අපි නු ඛො අපරිග්ගහස්ස භික්ඛුනො අපරිග්ගහෙන බ්‍රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී’’ති? ‘‘එවං, භො ගොතම’’. ‘‘සාධු, වාසෙට්ඨ, සො වත වාසෙට්ඨ අපරිග්ගහො භික්ඛු කායස්ස භෙදා පරං මරණා අපරිග්ගහස්ස බ්‍රහ්මුනො සහබ්‍යූපගො භවිස්සතී’’ති, ඨානමෙතං විජ්ජති.
557
“වාසෙට්ඨය, ඒ කුමකැයි සිතන්නෙහිද? මෙබඳු (හතර ආකාර) බ්‍රහ්මවිහරණ ඇත්තාවූ ඒ භික්ෂු තෙම ස්ත්‍රීන් සමග වාසය ඇත්තේ හෝ ස්ත්‍රීන් සමග වාසය නැත්තේද?”
“භවද් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීන් සමග වාසය නැත්තේය.”
“වෛර සිත් ඇත්තේ හෝ වෛර සිත් නැත්තේද? “භවද් ගෞතමයන් වහන්ස, වෛර සිත් නැත්තේය.
“(ව්‍යාපාද) ක්‍රොධ සිත් ඇත්තේ හෝ ක්‍රොධ සිත් නැත්තේද? “භවද් ගෞතමයන් වහන්ස, ක්‍රොධ සිත් නැත්තේය.’
“කිලුටු සිත් ඇත්තේ හෝ නොකිලුටු සිත් ඇත්තේද?” “භවද් ගෞතමයන් වහන්ස, නොකිලුටු සිත් ඇත්තේය.”
“පුරුදු කරනලද සිත් ඇත්තේ හෝ නැත්තේද?” “භවද් ගෞතමයන් වහන්ස, පුරුදු කරනලද සිත් ඇත්තේයයි” කීයේය.
“වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂු තෙමෙ ස්ත්‍රීන් සමග වාසය නැත්තේය. බ්‍රහ්ම තෙමද ස්ත්‍රීන් සමග වාසය නැත්තේය. කිමෙක්ද? ස්ත්‍රීන් සමග වාසය නැත්තාවූ බ්‍රහ්මයා සමග ස්ත්‍රීන් සමග වාසය නැත්තාවූ භික්ෂුහුගේ පැවැත්මගැළපේද? සමභාවයට පැමිණේද?”
‘භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
“වාසෙට්ඨය, හොඳයි වාසෙට්ඨය, ‘ඒකාන්තයෙන් ස්ත්‍රීන් සමග වාසයක් නැත්තාවූ ඒ භික්ෂු තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු ස්ත්‍රීන් හා වාසයක් නැත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය.’ යන මේ කාරණය ඇත්තමය.
558
‘‘ඉති කිර, වාසෙට්ඨ, අවෙරචිත්තො භික්ඛු, අවෙරචිත්තො බ්‍රහ්මා...පෙ.... අබ්‍යාපජ්ජචිත්තො භික්ඛු, අබ්‍යාපජ්ජචිත්තො බ්‍රහ්මා... අසංකිලිට්ඨචිත්තො භික්ඛු, අසංකිලිට්ඨචිත්තො බ්‍රහ්මා... වසවත්තී භික්ඛු, වසවත්තී බ්‍රහ්මා, අපි නු ඛො වසවත්තිස්ස භික්ඛුනො වසවත්තිනා බ්‍රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී’’ති ? ‘‘එවං, භො ගොතම’’. ‘‘සාධු, වාසෙට්ඨ, සො වත, වාසෙට්ඨ, වසවත්තී භික්ඛු කායස්ස භෙදා පරං මරණා වසවත්තිස්ස බ්‍රහ්මුනො සහබ්‍යූපගො භවිස්සතීති, ඨානමෙතං විජ්ජතී’’ති.
558
වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂුතෙම වෛර රහිත සිත් ඇත්තේය. බ්‍රහ්මතෙමද වෛර රහිත සිත් ඇත්තේය කිමෙක්ද? වෛර සිත් රහිත බ්‍රහ්මයා සමග වෛර සිත් රහිත භික්ෂුහුගේ පැවැත්ම ගැළපේද? සමභාවයට පැමිණේද?”
“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
“වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ‘ඒකාන්තයෙන් වෛර සිත් රහිතවූ ඒ භික්ෂු තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු වෛර සිත් රහිත බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය’ යන මේ කාරණය ඇත්තමය
“වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂු තෙම ක්‍රොධ සිත් රහිතය, බ්‍රහ්මතෙම ද ක්‍රොධ සිත් රහිතය. කුමක්ද? ක්‍රොධ සිත් රහිතවූ බ්‍රහ්මයා සමග ක්‍රොධ සිත් රහිතවූ භික්ෂූහුගේ පැවැත්ම ගලපේද? සමභාවයට පැමිණේද?”
“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
“වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ඒකාන්තයෙන් ක්‍රොධ රහිත සිත් ඇත්තාවූ ඒ භික්ෂු තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු ක්‍රොධ රහිත සිත් ඇත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය’ යන මේ කාරණය ඇත්තමය.
“වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂු තෙම කිලුටු සිත් නැත්තේය. බ්‍රහ්ම තෙමද කිලුටු සිත් නැත්තේය. කිමෙක්ද කිලුටු සිත් නැත්තාවූ බ්‍රහ්මයා සමග කිලුටු සිත් නැත්තාවූ භික්ෂුහුගේ පැවැත්ම ගැලපේද? සමභාවයට පැමිණේද?
“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
‘වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ‘ඒකාන්තයෙන් කිලුටු සිත් නැත්තාවූ භික්ෂු තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු කිලුටු සිත් නැත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය’ යන මේ කාරණය ඇත්තමය.
“වාසෙට්ඨය, මෙසේවූ කල භික්ෂු තෙම, පුරුදු කරන ලද සිත් ඇත්තේය. බ්‍රහ්ම තෙමද පුරුදු කරනලද සිත් ඇත්තේය. කිමෙක්ද? පුරුදු කරන ලද සිත් ඇත්තාවූ බ්‍රහ්මයා සමග පුරුදු කරන ලද සිත් ඇත්තාවූ භික්ෂූහුගේ පැවැත්ම ගැළපේද? සම භාවයට පැමිණේද?”
“භවද් ගෞතමයන් වහන්ස, එසේය.”
“වාසෙට්ඨය, හොඳයි, වාසෙට්ඨය, ‘ඒකාන්තයෙන් පුරුදු කරන ලද සිත් ඇත්තාවූ භික්ෂු තෙම (ශරීරය අභාවයට යෑමෙන්) මරණින් මතු පුරුදු කරන ලද සිත් ඇත්තාවූ බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙන්නෙක් වන්නේය’ යන මේ කාරණය ඇත්තමයයි” කීවෝය.
559
එවං වුත්තෙ, වාසෙට්ඨභාරද්වාජා මාණවා භගවන්තං එතදවොචුං - ‘‘අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්‍යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො . එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’’ති.
559
මෙසේ කී කල වාසෙට්ඨ භාරද්වාජ තරුණයෝ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවෝය.
“භවද් ගෞතමයන් වහන්ස, ධර්මදේශනාව ඉතා හොඳයි. භවද් ගෞතමයන් වහන්ස, ධර්මදේශනාව ඉතා හොඳය, භවද් ගෞතමයන් වහන්ස, යටිකුරුකොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ යම්සේද, වැසී තිබෙන්නක් එලිදරව්කොට දක්වන්නේ හෝ යම්සේද, මංමුළා වූවෙකුට මග කියන්නේ හෝ යම්සේද, ‘ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි’ අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවද් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේය, මේ අප භවද් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමිකොට සරණ ගිය උපාසකයන්යයි දරා ගන්නා සේක්වායි” කීවෝය.