11. කෙවට්ටසුත්තං | 11. කේවට්ට සූත්‍රය |
කෙවට්ටගහපතිපුත්තවත්ථු | කෙවට්ටගහපතිපුත්තවත්ථු |
481
එවං
|
481
“මා විසින් මෙසේ අසන ලදී. (මාගේ ඇසීම මෙසේය) එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්දා නුවර සමීපයේවූ පාවාරික සිටාණන්ගේ අඹවනයේ වාසය කරනසේක. එවිට කේවට්ට තෙමේ භාග්‍යවතුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේය. එක්පැත්තක උන්නාවූ ගෘහපතිපුත්‍ර කේවට්ට භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.
“ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසීගත්තේය. ඔව්හු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුණාහුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි ප්රාතිහාර්යය කරන්නේද, එවැනි එක් භික්ෂුවක් ප්රාතිහාර්යය කිරීමට නියම කරණසේක්වා. මෙසේ ඍද්ධි ප්රාතිහාර්යය පැවැත්වූ කල්හි මේ නාලන්දා නුවර වාසය කරන ජනයා බොහෝසෙයින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නේය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවට්ට ගෘහපති පුත්‍රයාට මේ කාරණය කීසේක.
“කේවට්ටය, මම මෙසේ භික්ෂූන්ට ධර්මදේශනා නොකරමි. මහණෙනි, එව්. ඔබ, සුදුවස්ත්‍ර අඳින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි ප්රාතිහාර්යය කරව්”යි.
|
482
දුතියම්පි ඛො කෙවට්ටො ගහපතිපුත්තො භගවන්තං එතදවොච - ‘‘නාහං, භන්තෙ, භගවන්තං ධංසෙමි; අපි ච, එවං වදාමි - ‘අයං, භන්තෙ, නාළන්දා ඉද්ධා චෙව ඵීතා ච බහුජනා ආකිණ්ණමනුස්සා භගවති අභිප්පසන්නා. සාධු, භන්තෙ, භගවා එකං භික්ඛුං සමාදිසතු, යො උත්තරිමනුස්සධම්මා
තතියම්පි ඛො කෙවට්ටො ගහපතිපුත්තො භගවන්තං එතදවොච - ‘‘නාහං, භන්තෙ, භගවන්තං ධංසෙමි; අපි ච, එවං වදාමි - ‘අයං, භන්තෙ, නාළන්දා ඉද්ධා චෙව ඵීතා ච බහුජනා ආකිණ්ණමනුස්සා
|
482
දෙවනුවද, කේවට්ට ගෘහපතිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ගුණ නොනසමි. නැවතද, මෙසේ කියමි. ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුවට පැමිණියේය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් ඔව්හු පැහැදුණාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උතුම් ධර්මයෙන් ඍද්ධි ප්රාතිහාර්යය කරන්නේද එබඳුවූ එක් භික්ෂුවක් ප්රාතිහාර්යය කිරීමට නියම කරණසේක්වා. මෙසේ ඍද්ධි ප්රාතිහාර්යය පැවැත්වූ කල මේ නාලන්දා වැසියෝ බොහොසේ භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදින්නාහ.”
දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ කේවට්ට ගෘහපති පුත්‍රයාට මේ කාරණය කීසේක. “කේවට්ටය, මම භික්ෂූන්ට මෙසේ ධර්මදේශනා නොකරමි. කෙසේද? “මහණෙනි, ඔබ, සුදු අඳින්නාවූ ගිහියන්ට මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි ප්රාතිහාර්යය කරව්” යයි කියාය.
තුන්වෙනුවද, කේවට්ට ගෘහපති පුත්‍ර භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ගුණ නොනසමි. නැවතද මෙසේ කියමි. ස්වාමීනි, මේ නාලන්දා නුවර පොහොසත්ය, දියුණුවට පැමිණියේය. බොහෝ ජනයා ඇත්තේය. මිනිසුන්ගෙන් ගැවසී ගත්තේය. ඔව්හු භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි විශේෂයෙන් පැහැදුණාහ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යමෙක් මනුෂ්‍ය ධර්මයට වඩා උසස් ධර්මයෙන් ඍද්ධි ප්රාතිහාර්යය කරන්නේද, එබඳුවූ එක් භික්ෂුවක් ප්රාතිහාර්යය කිරීමට නියම කරණසේක්වා. මෙසේ ඍද්ධි ප්රාතිහාර්යය පැවැත්වූ කල මේ නාලන්දා වැසියෝ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි විශේෂයෙන් පහදිත්ය” කියාය.
|
ඉද්ධිපාටිහාරියං | ඉද්ධිපාටිහාරියං |
483
‘‘තීණි
|
483
කේවට්ටය, මා විසින් විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කරනලද මේ ප්‍රාතිහාර්යයෝ තුන් දෙනෙක් වෙත්. එනම් (ඍද්ධි) නොයෙක් මැවීම් ආදිය කිරීමේ ප්රාතිහාර්යය (ආදේශනා) අනුන්ගේ සිත් දැක්වීමේ ප්රාතිහාර්යය (අනුසාසනී) අනුශාසනා කිරීමේ ප්රාතිහාර්යය යන තුනයි.
|
484
‘‘කතමඤ්ච, කෙවට්ට, ඉද්ධිපාටිහාරියං? ඉධ, කෙවට්ට, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති. එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති; ආවිභාවං තිරොභාවං තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ; උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පථවියං; ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො; ඉමෙපි චන්දිමසූරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති; යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
‘‘තමෙනං අඤ්ඤතරො සද්ධො පසන්නො පස්සති තං භික්ඛුං අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්තං - එකොපි හුත්වා බහුධා හොන්තං, බහුධාපි හුත්වා එකො හොන්තං; ආවිභාවං තිරොභාවං; තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානං ගච්ඡන්තං සෙය්යථාපි ආකාසෙ; පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොන්තං සෙය්යථාපි
‘‘තමෙනං සො සද්ධො පසන්නො අඤ්ඤතරස්ස අස්සද්ධස්ස අප්පසන්නස්ස ආරොචෙති - ‘අච්ඡරියං වත, භො, අබ්භුතං වත, භො, සමණස්ස මහිද්ධිකතා මහානුභාවතා. අමාහං භික්ඛුං අද්දසං අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්තං - එකොපි හුත්වා බහුධා හොන්තං, බහුධාපි
‘‘තමෙනං
‘‘තං
|
484
කේවට්ටය එයින් ඍද්ධි ප්රාතිහාර්යය කවරේද?
“කේවට්ටය, මේ ශාසනයෙහි භික්ෂුතෙම නොයෙක් අයුරු ඇති ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට නොහැපෙමින්යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.
මෙසේ නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වන්නාවූ, එකෙක්ව බොහොසේ වන්නාවූ, බොහෝසේව එකෙක් වන්නාවූ, ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යන්නාවූ දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරන්නාවූ, පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙන යන්නාවූ මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාන්නාවූ, පිරිමදින්නාවූ, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව කරන්නාවූ ඒ ඍද්ධිමත් භික්ෂුව පැහැදුනාවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද ඒ පැහැදුනාවූ ශ්‍රද්ධාවන්තයා (නොයෙක් අන්දමේ ඍද්ධි දක්වන්නාවූ එකෙක් ද වී බොහෝ සේ වන්නාවූ බොහෝසේව එකෙක් වන්නාවූ ප්‍රකට බවට මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යන්නාවූ දියෙහි මෙන් පොළොවෙහි කිමිදිම් මතුවීම් කරන්නාවූ පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යන්නාවූ මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගාන්නාවූ පිරිමදින්නාවූ බඹලොවතෙක් ශරීරයෙන් වසඟ කරන්නාවූ) මේ භික්ෂුවක් මම දුටුවෙමියි ශ්‍රද්ධා නැත්තාවූ නොපැහැදුනාවූ එක්තරා එකකුට භික්ෂුවගේ මහත් ඍද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද, පින්වත, ඇත්තෙන්ම පුදුමය, පින්වත, ඇත්තෙන්ම ඉතා පුදුමයයි කියන්නේද?
ඒ ශ්‍රද්ධා නැත්තාවූ නොපැහැදුනාවූ අය, ඒ ශ්‍රද්ධා ඇත්තාවූ පැහැදුන අයට මෙසේ කියන්නේය. “පින්වත, ගන්ධාරී නම් විද්‍යාවක් ඇත්තීය. ගන්ධාර රට බොහෝ ඍෂීහු* වාසය කළෝය. ඔවුන් අතරෙහි එකෙකු විසින් කරණ ලද විද්‍යාවක් ‘ගන්ධාරී’ නම් වීය. ඒ විද්‍යාවෙන් භික්ෂුතෙම නොයෙක් අයුරු ඇති ඍද්ධි විධි වෙන් වෙන්ව කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යයි. අහසෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි” කියායි.
“කේවට්ටය, ඒ කුමකැයි සිතන්නෙහිද? ඒ ශ්‍රද්ධා නැත්තාවූ නොපැහැදුනාවූ තැනැත්තේ ඒ ශ්රද්ධාවත් පැහැදුනාවූ තැනැත්තාට මෙසේ කියන්නේදැ”යි ඇසූසේක. “ස්වාමීනි, කියන්නේයයි” කීයේය,
“කෙවට්ටය, මම ඍද්ධි ප්‍රාතිහාර්යයෙහි මේ දෝෂ හොඳින් දන්නෙම් ඍද්ධි ප්‍රාතිහාර්යයෙන් ලජ්ජා වෙමි. අසුචි මෙන් පිළිකුල් කරමියි වදාළේය.
* ඍෂි ශුද්ධ ජීවිතයක් ගතකරන නුවණ ඇත්තා.
|
ආදෙසනාපාටිහාරියං | ආදෙසනාපාටිහාරියං |
485
‘‘කතමඤ්ච, කෙවට්ට, ආදෙසනාපාටිහාරියං? ඉධ, කෙවට්ට, භික්ඛු පරසත්තානං පරපුග්ගලානං චිත්තම්පි ආදිසති, චෙතසිකම්පි ආදිසති, විතක්කිතම්පි ආදිසති, විචාරිතම්පි ආදිසති - ‘එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්ත’න්ති.
‘‘තමෙනං අඤ්ඤතරො සද්ධො පසන්නො පස්සති තං භික්ඛුං පරසත්තානං පරපුග්ගලානං චිත්තම්පි ආදිසන්තං, චෙතසිකම්පි ආදිසන්තං, විතක්කිතම්පි ආදිසන්තං, විචාරිතම්පි ආදිසන්තං - ‘එවම්පි තෙ මනො, ඉත්ථම්පි තෙ මනො, ඉතිපි තෙ චිත්ත’න්ති. තමෙනං සො සද්ධො පසන්නො අඤ්ඤතරස්ස අස්සද්ධස්ස අප්පසන්නස්ස ආරොචෙති - ‘අච්ඡරියං වත, භො, අබ්භුතං
‘‘තමෙනං සො
‘‘තං කිං මඤ්ඤසි, කෙවට්ට, අපි නු සො අස්සද්ධො අප්පසන්නො තං සද්ධං පසන්නං එවං වදෙය්යා’’ති
|
485
කෙවට්ටය, ආදේශනා ප්රාතිහාර්යය කවරේද?
“කේවට්ටය, මේ ශාසනයෙහි භික්ෂූතෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබේ හිත මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබේ හිත මේ ආකාරද වෙයි. ඔබේ හිත මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියයි. මෙසේ අනුන්ගේ සිත දැන කියන්නාවූ, සිතෙහි හටගත් සතුට සහ අසතුට දැන කියන්නාවූ කල්පනා කරන ලද කරුණු දැන කියන්නාවූ විමසා බලන ලද කරුණු දැන කියන්නාවූ ඔබේ හිත මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේයයිද, ඔබේ හිත මේ ආකාරයෙන් පැවතෙන්නේයයිද, ඔබේ හිත මෙසේ මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියන්නාවූද ඒ භික්ෂුතෙම ප්‍රසන්නවූ එක්තරා ශ්‍රද්ධාවන්තයෙක් දකීද, (අනුන්ගේ හිත කියන්නාවූ හිතේ හටගත් සතුට සහ අසතුට කියන්නාවූ කල්පනා කරන ලද කරුණු කියන්නාවූ විමසා බලන කරුණු කියන්නාවූ ඔබේ හිත මෙසේ මේ මේ දෙයක් සිතමිනි පවතීයයි කියන්නාවූ) මේ භික්ෂුවක් මම දුටුයෙමියි ඒ ශ්රද්ධාවත් ප්‍රසන්න තැනැත්තා ශ්‍රද්ධා නැත්තාවූ අප්‍රසන්නවූ යම් කෙනෙකුට භික්ෂුහුගේ මහත් ඍද්ධි ඇති බවද, මහා ආනුභාව ඇති බවද ඇත්තෙන්ම පුදුමයකි, ඇත්තෙන්ම ඉතා පුදුමයකි යයි කියන්නේද,
ඒ ශ්‍රද්ධා නැත්තාවූ නොපැහැදුනාවූ තැනැත්තා ඒ ශ්රද්ධාවන්ත පැහැදුනු තැනැත්තාට මෙසේ කියන්නේය. “පින්වත, චින්තාමණි නම් එක් විද්‍යාවක් ඇත. ඒ විද්‍යාවෙන් ඒ භික්ෂුතෙම අනුන්ගේ සිත දැන කියයි. සිතේ හටගත් සතුට හෝ අසතුට දැන කියයි. කල්පනා කරන ලද කරුණු දැන කියයි. විමසා බලන ලද කරුණු දැන කියයි. ඔබේ හිත මෙසේ කාම සිතිවිලි වලින් යුක්තවූයේ වෙයි. ඔබේ හිත මේ ආකාරද වෙයි. ඔබේ හිත මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියයි. මෙසේ අනුන්ගේ සිත දැන කියන්නාවූ සිතෙහි හටගත් සතුට සහ අසතුට දැන කියන්නාවූ කල්පනා කරන ලද කරුණු දැන කියන්නාවූ, විමසා බලනලද කරුණු දැන කියන්නාවූ ඔබේ හිත මෙසේ කාම සිතිවිලිවලින් යුක්ත වූයේ යයිද, ඔබේ හිත මේ ආකාරයෙන් පැවතෙන්නේයයිද, ඔබේ හිත මෙසේ මේ මේ දෙයක් සිතමින් පවතීයයි කියයි. (කේවට්ටය, ඒ කුමකැයි සිතන්නෙහිද? “ඒ ශ්‍රද්ධාව නැත්තාවූ නොපැහැදුනාවූ තැනැත්තා ඒ ශ්‍රද්ධාව ඇත්තාවූ පැහැදුනාවූ තැනැත්තාට මෙසේ කියන්නේද, ස්වාමීනි, කියන්නේයයි” කීයේය.)
“කේවට්ටය, මම ආදේශනා ප්‍රාතිහාර්යයෙහි මේ දෝෂය හොඳින් දකින්නෙමි. ආදේශනා ප්‍රාතිහාර්යයෙන් මම ලජ්ජා වෙමි. අසුචියක් මෙන් පිළිකුල් කරමි.
|
අනුසාසනීපාටිහාරියං | අනුසාසනීපාටිහාරියං |
486
‘‘කතමඤ්ච, කෙවට්ට, අනුසාසනීපාටිහාරියං? ඉධ, කෙවට්ට, භික්ඛු එවමනුසාසති - ‘එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ, එවං මනසිකරොථ, මා
‘‘පුන චපරං, කෙවට්ට, ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො
‘‘ඉමානි ඛො, කෙවට්ට, තීණි පාටිහාරියානි මයා සයං අභිඤ්ඤා
|
486
“කේවට්ටය, (අනුශාසනී) අනුශාසනාකිරීමේ ප්රාතිහාර්යය කවරේද? කෙවට්ටය, භික්ෂුතෙම මෙසේ අනුශාසනා කෙරෙයි. “මෙසේ කල්පනා කරව්, මෙසේ කල්පනා නොකරව්. මෙසේ මෙනෙහි කරව්, මෙසේ මෙනෙහි නොකරව්. මෙය දුරු කරව්, මීට පැමිණ වාසය කරව් කියයි” මෙයද කේවට්ටය, අනුශාසනා කිරීමේ ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
“කේවට්ටය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනාඥාන ආදී විද්‍යාඅට සීල සංවරය ආදී හසුරුවන ධර්ම පසළොස යන අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්‍ය්‍ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්මසතර අවබෝධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ, සත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැන පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියමවිදියට වචන ශබ්දකරන්නාවූ (බ්‍යඤ්ජන සහිත) සියලු ලෙසින් සම්පූර්ණවූ, පිරිසිදුවූ සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.
“ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක්හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙහි ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ මෙසේ සලකන්නේය. ගෘහවාසය පීඩා සහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයෙකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහිගෙයි වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනිවූ මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි කියායි.
“ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාශිය හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළිරැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණවේ. මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරදනැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශේෂයෙන් භයදක්නා ගති ඇත්තෙකුවූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි, ඉන්ද්රියයන්හි වැසූ දොරටු ඇත්තේ වෙයි, කෑමෙහි පමණ දන්නේ වෙයි. යහපත් සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්තවෙයි.
කේවට්ටය, භික්ෂුනමක් කෙසේ නම් සීල සම්පන්න වේද? තරුණය, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, බහාතබන ලද දඬු ඇත්තේ බහා තබන ලද ආයුද ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසයකෙරේ. මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන්දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමතිවන්නේ, සොර නොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්‍රහ්මචාරීවේ. මෙයද ඔහුගේ සීලයෙකි. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකෙරේ. මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙදවූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබලදෙන්නේ, සමගියෙහි ඇලුම් බහුලකොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇති කරණ තෙපුල් කියන්නේය. මෙයද ඔහුගේ සීලයෙකි. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ යම් වචනයක් නිදොස් වේද, කනට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේ. මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස් ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි උපමා හා කරුණු සහිතවූ, සීමාඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේවේ. මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්කේද දියුණුවට හේතුවන වචන කියන්නේද, මෙයද ඔහුගේ සීලයෙකි.
“තණ, ගස්, වැල් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්රීකෑමෙන් හා අවේලේ කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. නැටීම්, ගීකීම්, බෙර ආදිය වැයීම්, විසුලුදැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. මල්, ගඳ විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළක්කේය. රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. අමුවූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ. අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනුලමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන්තොරවූයේ, එළුවන් හා තිරෙළුවන් පිළිගැනීමෙන් තොරවූයේ, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොර වූයේය. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. ගනු දෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චාකිරීමය, රන් හා තොරන් මිශ්‍ර වඤ්චාකිරීමය. වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. කැපීමය. මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැරගැන්මය. ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැරගැන්මය, යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මෙයද ඔහුගේ සීලයක් වේ.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය, බන්ධබීජය, ඵලබීජය, දලුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ බීජගාම භුතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේවේනම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛ්‍යාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ සත්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඬුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරචීමෙන් මළමිණී නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවූන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය, මිනීඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත්. මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා දූ පෝරු ආදියෙහි කෙළීම්වූ ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය, බිම මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩාකිරීමය, දූ කැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදි රූප දක්වා කෙළීමය, පන්දු කෙළිමය, නලා පිඹීමය, ක්‍රීඩා නගුල් ගෙන සෙල්ලම් සීසෑමය, කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන්ගුරුවා තනා ක්‍රීඩා කිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැන කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවිම් කීම් ආදියෙන් කෙළීමය, ඒ ඒ දෝෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්. මෙසේ මෙබඳුවූ දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදුඇතිරිය, එළුලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදි රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එක්විට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රථපිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්. මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් හා සුවඳ පාවිච්චිය, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය. බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය, නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය දික්වූ හවලු ඇති සුදුරෙදි ඇඳීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්. මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, මහඇමතියන් පිළිබඳ කථාය. සෙනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධද්රව්යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්. මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වළකියි. මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය, මම මේ ධර්මවිනය දනිමි’ ඔබ මේ ධර්මවිනය කුමකැයි දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි’ ‘මාගේ වචන යහපත්ය හෝ අර්ථසහිතය, ඔබගේ වචන අර්ථ රහිතය.’ ‘පළමු කියයුත්ත පසුව කීයෙහිය, පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදු කරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵලවිය. ඔබට වාදාරොපනය කරණලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදි දෝෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්. මෙසේ මෙබඳු දෝෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වළකින්නේය. මෙයද ඔහුගේ සීලයකි.
‘එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්රියයන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙණ, ‘මෙතනින් අසවල් තැනට යව. අසවල් තැනින් මෙහි එව, මෙය
ගෙණ යව, එතැනින් අසවල් දෙයගෙණෙවයි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්. මෙබඳු දූතභාවය, හසුන් ගෙනයෑම යන මෙයින් වළකින්නේය. මෙයද ඔහුගේ ඒ සීලයකි.
“ඒසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිව්පස උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරවන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද, ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වළකියිද මෙයද ඔහුගේ සීලයකි.”
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිතිබලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන්කැපූ වස්ත්‍රාදිය බලාකියනශාස්ත්රය ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථූස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය, තෙල හොමය, මුඛහොමය, ලේ හොමය, ශරීර විද්‍යා, වස්තුවිද්‍යා, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා, විෂ විද්‍යා, ගෝනුසු විද්‍යා, මී විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්වීම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ සීලයකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය, ස්ත්‍රී ලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑනුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසී ලක්ෂණය, ඇත් ලක්ෂණය, අශ්ව ලක්ෂණයත කැස්බෑ ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණකොට ගෙණ වැරදි ජීවිකාව කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේද මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැරයෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය. මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජිවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයක් වේ.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්යග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය, සඳහිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය. තාරකාවන්ගේ නොමග යෑම වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැඟීම හා බැසීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය. උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය. දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම් මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටු වීම හා පිරිසිදුවීම මෙබඳු විපාක ඇතිවන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුකොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගී බව ඇතිවන්නේයයි කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන්කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස් කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇතිකිරීමය, දුර්ගර්භකරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල්බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීමය, කාර්ය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භුරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩුකය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත් දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ සීලයකි.
කේවට්ටය, මෙසේ සීලසම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ සීලසංවරය හේතුකොටගෙණ කිසිතැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්:- කේවට්ටය, ක්ෂත්රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්රිය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, කෙවට්ටය, සීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු සීලසංවරය හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ ශීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂුතෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. කෙවට්ටය, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව සීලසම්පන්න නම් වේ.
කෙවට්ටය, භික්ෂුව කෙසේ නම් ඉන්ද්රියයන්හි වැසූ දොරටු ඇත්තේද? කෙවට්ටය, මේ සස්නෙහි භික්ෂු තෙමේ ඇසින් රූපයක් දැක එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්රියය රකී. ඇස් ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ. කණින් ශබ්දයක් අසා එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. කන් ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීමාදි අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ කන් ඉන්ද්රියය රකී. කන් ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ. නාසයට ගඳ සුවඳ දැනී එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. නාස් ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආසාව හා කිපීමාදී අකූශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ නාස් ඉන්ද්රියය රකී. නාස් ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ. දිවෙන් රසයක් විඳ එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. දිව් ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීමාදී අකුශල ධර්මයෝ හිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ දිව් ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ. කයින් ස්පර්ශයක් ස්පර්ශකොට එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. ශරීර ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කිපීම ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද එබඳු දෙයින් වැලකීම පිණිස ඔහු පිළිපදී. තමාගේ ශරීර ඉන්ද්රියය රකී. ශරීර ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ. සිතින් (ධර්මයක්) අරමුණක් දැන එහි නොඇලේ. එහි නොපෙළඹෙන්නේය. සිත් ඉන්ද්රියයෙහි අසංවරව වසන්නහුට යමක් නිසා දැඩි ආසාව හා කෝපය ආදී අකුශල ධර්මයෝ හිතට ඇතුල්වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. හෙතෙම සිත් ඉන්ද්රිය රකී. සිත් ඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ. එබඳුවූ භික්ෂුව උතුම්වූ ශීලරාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිදුවූ අධිචිත්ත සැපය විඳියි. කෙවට්ටය, මෙසේවූ භික්ෂු තෙමේ ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේ.
“කෙවට්ටය, භික්ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?”
“කෙවට්ටය, මේ සස්නෙහි භික්ෂුතෙම ඉදිරියට යෑමෙහිද ආපසු යෑමෙහිද, නුවණින් දැන කරන්නේය. ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද නුවණින් දැන බලන්නේය. අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, මනා නුවණින් දැන එසේ කරන්නේය. දෙපට සිවුරය, පාත්‍රය, සිවුරුය යන මේ දේ දැරීමෙහිද මනා නුවණින් දැන එසේ කරන්නේය. අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මනා නුවණින් යෙදී එසේ කරන්නේය. මල මූත්‍ර පහකිරීම්ද නුවණින් (ආදීනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම් සැතපීම්, නිදි තොරකිරීම්, කථාකිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. කෙවට්ටය, මෙසේ කරන්නාවූ භික්ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.
“කෙවට්ටය, භික්ෂු තෙමේ කෙසේ ලද පමණින් සතුටු වූයේ වේද?
“කෙවට්ටය, භික්ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිවුරෙන්ද, බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අටපිරිකර (කය පිළිබඳවූ දේ) පමණක් ගෙනයයි. කෙවට්ටය, යම්සේ පක්ෂියෙක් යම් තැනෙක පියාඹායේ නම් ඒ සියලුතැන පියාපත් බර පමණකින් යුක්තව පියාඹා යේද, කෙවට්ටය, එපරිද්දෙන්ම භික්ෂු තෙමේද ශරීරය ආරක්ෂාවට ප්‍රමාණවූ සිවුරෙන්ද බඩ ආරක්ෂාවට ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද සතුටු වන්නේ වේ. ඔහු යම් තැනක යා නම් අටපිරිකර පමණක් රැගෙණ බැහැරයයි. කෙවට්ටය, මෙසේවූ භික්ෂු තෙමේ සන්තොෂයෙන් යුක්ත වේ.
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද, උතුම්වූ මේ ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තොෂයෙන් යුක්තවූද ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පළාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී ආයේ පර්යංකය බැඳ, (කකුල් අකුලුවා හිඳ) ශරීරයේ උඩු කොටස කෙලින් තබා අරමුණට සිහිය එළවා හිඳී.
“ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභයෙන් සිත පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නාවූ ක්‍රෝධය පහකොට, ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කරයි. ක්‍රොධ දෝෂයෙන් සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ. නොසන්සුන්කම හා පසුතැවීම දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත විසිරයාම හා පසුතැවීමෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරු කොට පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
“කෙවට්ටය, යම්සේ පුරුෂයෙක් ණය ගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණු වන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹු දරුවන් ආරක්ෂාකරණ පිණිස වැඩි යමක් ඉතුරුවූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹු දරුවන් පොෂ්‍යකිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය’ කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.
“කෙවට්ටය, යම්සේ රොගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන් බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇතිවන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇතිවන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්. ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය. ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය. සොම්නසටද පැමිණෙන්නේය.
“කෙවට්ටය, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම් “මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ. ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.
“කෙවට්ටය, යම්සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකිවූ අනුන්ට යටත්වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකිවූ වැඩකරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ. සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්, ‘මම පෙර තමා කැමති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසිතැනෙක යානොහැකි දාසයෙක්වීමි. ඒ මම දැන් ඒ දාස භාවයෙන් මිදුනෙක්මි. තමා අධිපතිකොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක්වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙම්, මා අදහස් පරිදි ඒ ඒ කැමැති තැනෙක යාහැක්කේද වෙමි’යි කියායි ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය එසේම සතුටටද පැමිණෙන්නේය.
“කෙවට්ටය, යම්සේ ධනවත්වූ භොග සම්පත් ඇති පුරුෂයෙන් ආහාර දුර්ලභවූ, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේය. ඔහු මඳ කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්ගෙන් පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේද, ඔහුට මෙබඳු අදහසක් ඇතිවේ. එනම්- ‘මම පෙර ධනවත් වූයෙම්, භොග සම්පත් සහිත වූයෙම්, දුර්ලභ භික්ෂා ඇති, භය සහිතවූ, දීර්ඝවූ කාන්තාරමාර්ගයකට පැමිණියෙක් වූයෙමි එසේවූ මම දැන් එම කාන්තාර මාර්ගය පසු කළෙමි. සැපවත්වූ භය රහිතවූ, ගමකට සැපසේ ක්‍රමයෙන් පැමණියෙමි’ යි කියායි. ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය. එසේම සතුටටද පැමිණෙන්නේය.
කෙවට්ටය, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද, එපරිද්දෙන් භික්ෂු තෙමේ පහනොකළ (පඤ්චනීවරණ) කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ඇති බව නුවණින් දකී. කෙවට්ටය, ණය නැති බව යම්සේද, නිරෝගි බව යම්සේද සිර ගෙයින් මිදීම යම්සේද, අනුන්ට යටත් නැති බව යම්සේද, භය නැති භුමිය යම්සේද, එපරිද්දෙන්ම කෙවට්ටය, භික්ෂු තෙමේ පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමන් තුළ නැති බව නුවණින් දක්නේය.
පහකළාවූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නාවූ ඒ භික්ෂුහට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසහගත සිත් ඇත්තහුගේ නාමකය (වේදනාදී ස්කන්ධ හතර) සංසිඳෙයි. සංසිඳුනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට (එකඟ බවට) පැමිණෙයි.
ඒ භික්ෂුතෙමේ වස්තුකාම ක්ලෙශකාමයන්ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන්ද වෙන් වූයේම (විතක්ක) අරමුණට සිත පැමිණවීම, (විචාර) අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, කෙවට්ටය, මේද අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ. දෙවෙනි ධ්‍යානයටද තුන්වෙනි ධ්‍යානයටද හතරවෙනි ධ්‍යානයටද පැමිණ වාසය කෙරේද, කෙවට්ටය, මෙයද අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
“නැවතද, කෙවට්ටය, ඒ භික්ෂුතෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැන ගනී. ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය, සතර මහාභූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ දේ ස්වභාවකොට ඇත්තේය, මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙරේ. මෙහිම බැඳුනේ වෙයි’ කියායි.
“කෙවට්ටය, යම්සේ යහපත්වූ පිරිසිදු ආකාරයෙන් උපන්නාවූ, අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ, විශේෂයෙන් ප්‍රසන්නවූ කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛධූර්ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේද ඒ මේ මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ මෙසේ සලකා බලන්නේය. මේ වෛධූර්ය මැණික මනාසේ කාන්තිමත් හෙයින් යහපත්වේ. පිරිසිදු ආකාරයෙන් උපන්නේය. අටැස් ඇත්තේය, දොස් දුරුකිරීමෙන් මනාකොට සකස් කරණ ලද්දේය. නිර්මලය, විශේෂයෙන් ප්‍රසන්නය, කැලැල් නැත, සියලු ආකාරයෙන් සම්පූර්ණය. ඒ මැණිකෙහි මේ නීලවර්ණවූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේය’ කියායි.
“කෙවට්ටය, එපරිද්දෙන්ම යොගීවූ මේ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත එලවා තබයි, ඒ සඳහා විශේෂයෙන් සිත නමයි. ඒ භික්ෂු තෙමේ මෙසේ දන්නේය, කෙසේද යත්, ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තවේ. සතර මහාභූතයන්ගෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේය, ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඉලීමය පිරීමැදීමය, බිඳීමය, විනාශය යන මේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය මේ ශරීරය ආශ්‍රය කෙළේ වෙයි. මෙහිම බැඳී සිටියේය’ කියායි.
මෙයද කෙවට්ටය අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනුලැබේ.
“ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි. පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් නැතිවූ කල්හි ක්ලෙශයන් පහවූ කල්හි. මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නොසැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනාකොට නිපදවීම පිණිස සිත එලවා තබයි, වෙසෙසින් නමයි. ඔහු ආකාරවත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවනලද) ශරීරය හා අත පය ආදී අවයව ඇති, විකලනුවූ ඉඳුරන් ඇති, මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස මවයි.
“කෙවට්ටය, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණබඩය උදුරා ගැනීම කරන්නේද, මේ තණ ගසය, මේ තණබඩයය, තණගස අනිකෙක, තණබඩය අනිකෙක, තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහළ වන්නේය.
“කෙවට්ටය, යම්සේ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ඉවත් කරණ ලද්දේය කියායි.
“කෙවට්ටය, යම් පුරුෂයෙක් සර්පයකු සැවයෙන් පහ කරන්නේද ඕහට මේ සර්පයාය, මේ සැවයය, සර්පයා එකෙකි, සැවය අනිකකි, සැවයෙන් සර්පයා වෙන්කරණ ලද්දේයයි වැටහීමක් ඇතිවන්නේය.
“කෙවට්ටය, එසේම භික්ෂුතෙමේ (මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි) සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති, සිතින් මවනලද, සියලුශරීරය සහ අතපය ආදී අවයවඇති, නොපිරිහුණු ඉන්ද්රිය ඇති, වෙන කයක් මවයි.
කෙවට්ටය, මෙයද අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
“ඔහු (මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි) ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත්කොට නමයි. ඔහු (නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන්කොට දක්වයි. එකෙක්ව බොහෝසේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට පර්වතය හරහට නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි. පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.)
“කෙවට්ටය, දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරු අතවැසියෙක් හෝ යහපත්සේ පදම්කළ මැටියෙන් කැමති කැමති වලන් ආදි වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, කෙවට්ටය, දළ කැටයම් කරුවෙක් හෝ අතවැසියෙක් හෝ සකස්කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, කෙවට්ටය, දක්ෂරන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ පදම්කළ රණින් කැමති කැමති රන් අබරණ ජාතීන් යම්සේ කරන්නේද, නිපදවන්නේද කෙවට්ටය, එසේම භික්ෂුව (සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි,) ඍද්ධි විධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට නමයි. ඔහු (නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යෙයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායී. පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟබව කෙරෙයි.) මෙයද කෙවට්ටය අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලේශයන් පහව ගිය කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි) දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ, දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමිපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.
“කෙවට්ටය, දික් මඟට පැමිණි පුරුෂයෙක් බෙර හඬද, මිහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, යම්සේ අසාද, ඔහුට මේ බෙර හඬයයිද, මිහිඟු බෙර හඬයයිද, සක්, පණාබෙර, ගැටබෙර හඬයයිද සිතෙන්නේය. කෙවට්ටය, එලෙසින්ම භික්ෂුව (මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇති කල්හි, මෘදුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි) දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට නමයි. ඔහු මෙසේ පිරිසිදුවූ, මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවූද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි. මෙයද කෙවට්ටය, අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
‘ඔහු මෙසේ (සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි පහවූ ක්ලෙශයන් ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි) පර සිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත සිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයයී දනියි. ද්වේෂ සහිත සිත දොසසහිත සිතයයී දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි, මෝහය පහවූ සිත මෝහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හැකුලුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිතයයි දනියී. මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත, කාම සහිත සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධිගතවූ සිත සමාධිගත සිතයයි දනියි. සමාධිගතනොවූ සිත සමාධි ගත නොවූ සිතයයි දනියි. (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිත, මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.
“කෙවට්ටය, සැරසෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළමාවයසෙහි සිටියෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශෝභාව පරීක්ෂා කරන්නේ යම්සේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනියීද, කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනියිද.
“කෙවට්ටය, එසේම භික්ෂු තෙම (මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි කම්පානොවන බවට පැමිණි කල්හි,) (පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත (තමන්ගේ) සිතින් දැන ගනියි. රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි, රාගයෙන් තොරවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. දොසසහිත සිත දොස සහිත සිතයයි දනියි. දෝසයෙන් තොරවූ සිත දෝසයෙන් තොරවූ සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහයෙන් තොරවූ සිත මෝහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හෝ විසුරුණු සිත හෝ මහත් බවට ගිය සිත හෝ මහත් බවට නොගිය සිත හෝ කාම සහිත සිත හෝ අනුත්තර සිත හෝ එකඟවූ සිත හෝ එකඟනොවූ සිත හෝ දනියි, මිදුණු සිත හෝ මිදුණු සිතයයි දනියි. නොමිදුණු සිත හෝ නොමිදුණු සිතයයි දනියි.) කෙවට්ටය, මෙයද අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
“ඔහු (මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම සිත් රහිතවූ කල්හි ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි,) පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විධියේ පෙර විසීම් සිහිකෙරෙයි. කෙසේද යත්, (එක් ජාතියක්ද, දෙ ජාතියක්ද, තුන් ජාතියක්ද, හතර ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, විසි ජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පණස් ජාතියක්ද, සියක් ජාතියක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙමි, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම් මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම් අසවල් තැන උපන්නෙමිත එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුකුවින්දෙම්, මේ ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, මෙහි උපන්නෙමි’ යි මෙසේ ආකාර සහිතව දැන්වීම් සහිතව, නොයෙක්විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.
“කෙවට්ටය, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද. ‘මම සිය ගමින් අසවල් ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි. මෙසේ කථාකළෙමි. මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනුදු අසවල් ගමට ගියෙමි. එහිද මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි. මෙසේ කථාකෙළෙමි. මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.
“කෙවට්ටය, එපරිද්දෙන්ම භික්ෂුව (මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි කම්පා නොවන බවට පැමිණි කල්හි) (පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහි කෙරෙයි. කෙසේද යත්: එක් ජාතියක්ද ජාති දෙකක්ද, ජාතිතුනක්ද, ජාතිසතරක්ද, ජාතිපහක්ද, ජාතිදසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් කල්ප විස්සකින් යුත් කල්පයන්ද නොයෙක් කල්ප රාශියකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්පයන්ද, අසවල් තැන වීමි. මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්. මෙබඳු ආහාර ඇත්තෙම්. මෙබඳු සැප දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසවල්තැන උපන්නෙමිත එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවරකොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත පෙරවිසූ පිළිවෙළ දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙරවිසීම් සිහි කෙරෙයි.) මෙයද කෙවට්ටය අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
“ඔහු (මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි (සත්වයන් ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත්කෙරෙයි. ඉදිරිපත්කොට නමයි. හේ පිරිසුදුවූ, මිනිස් ඇස ඉක්මවූ දිව්‍ය ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව ගියාවූද නරකලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය. වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය උත්තමයන්ට බණින්නෝය. මිථ්‍යාදෘෂ්ටිකයෝය. මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන් වූවෝය. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ නිරයට පැමිණෙත්. නැතහොත් මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය. වචන සුචරිතයෙන් යුක්තය හිතේ සුචරිතයෙන් යුක්තය. උත්තමයින්ට නොබණින්නෝය. සත්‍යය අදහන්නෝය. සත්‍ය ඇදහීම් සමාදන්වූවෝය. මරණීන් මතු යහපත් පැමිණීමවූ, ස්වර්ග ලෝකයට පැමිණියෝය’ යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.
“කෙවට්ටය, යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන ගෙයින් නික්මෙන, වීථියෙහි හැසිරෙන, පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි. ‘මේ මිනිස්සු ගෙට ඇතුළුවෙති, මොවුහු නික්මෙති, මොවුහු වීථියෙහි හැසිරෙති, මොවුහු පාර හන්දියේ ඉඳිති’යි කියායි. කෙවට්ටය, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරයෙන් වෙන්ව මරණින් මතු අපායවූ, දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්. නැතහොත් ‘මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍යය ඇදහීම් සමාදන් වූවෝය. ශරීරයෙන් වෙන්ව මරණින් මතු යහපත් ගතියවූ, ස්වර්ගලෝකයට පැමිණියෝය’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. මෙයද, කෙවට්ටය අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
“ඔහු මෙසේ සිත එකඟවූ, කල්හි පිරිසුදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, (ආශ්‍රව) සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතුලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතුලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගණී, මේ (ආශ්‍රව) පැසවන කෙලෙස්යයි තතුලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීම යයි තතුලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමේ මාර්ගය යයි තතුලෙස දැනගණී, මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, සංසාරයට (භවයට) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණ ලදී. මෙයින් පසු කළයුත්තක් නැතැ’යිද දැනගණී.
“කෙවට්ටය, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දියවිලක් වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබිලිතිද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය. ‘මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුනේය, එහි සිප්පි බෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැටකැබිලිතිද නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’කියායි. කෙවට්ටය, එලෙසින් භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, ක්ලෙශයන් පහවගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉද්රිපත්කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී. මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී. මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස්යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැන ගණී. මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයයි තතුලෙස දැනගණී මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ, මෝහය කෙරෙන්ද සිත මිදේ, මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැති විය, උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරණලදී, මෙයින් පසු කටයුතු අනිකක් නැතැයි’ දැනගණී. කෙවට්ටය, මෙයද අනුශාසනී ප්‍රාතිහාර්යයයි කියනු ලැබේ.
මේ ප්රාතිහාර්යය තුන මා විසින් තමන්ගේ විශේෂ ඥානයෙන් දැන අවබෝධකොට ප්‍රකාශකරණ ලද්දාහුය.
|
භූතනිරොධෙසකභික්ඛුවත්ථු | භූතනිරෝධෙසකභික්ඛුවත්ථු |
487
‘‘භූතපුබ්බං, කෙවට්ට, ඉමස්මිඤ්ඤෙව භික්ඛුසඞ්ඝෙ අඤ්ඤතරස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘කත්ථ නු ඛො ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති?
|
487
කෙවට්ටය, පෙරවූ දෙයක් කියමි. මේ භික්ෂුසංඝයා අතුරෙහිමවූ එක්තරා භික්ෂුවක්හට මෙවැනි අදහසක් පහළ වූයේය. පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තා හට ඉතිරි නොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි කියාය.
|
488
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු තථාරූපං සමාධිං සමාපජ්ජි, යථාසමාහිතෙ චිත්තෙ දෙවයානියො මග්ගො පාතුරහොසි. අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන චාතුමහාරාජිකා දෙවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා චාතුමහාරාජිකෙ දෙවෙ එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති?
‘‘එවං වුත්තෙ, කෙවට්ට, චාතුමහාරාජිකා දෙවා තං භික්ඛුං
|
488
“කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම යම් ආකාරයකින් සිත එකඟවූ කල දිව්‍ය ලෝකයට යන මාර්ගයයි කියන ලද ඍද්ධිවිධඥානය පහළවන්නේද එවැනි සමාධියකට සමවැදුනේය. කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම චාතුර්මහාරාජික දෙවියෝ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ චාතුර්මහාරාජික දෙවියන්ගෙන් මේ කාරණය ඇසුයේය. “ඇවැත්නි, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතිරි නොවී නැවත නොපවතින පරිද්දෙන් විනාශ වන්නාහුදැයි, කියාය.’ කෙවට්ටය, මෙසේ කී කල චාතුර්මහාරාජික දෙවියෝ ඒ භික්ෂුවට මේ වචන කීවෝය. ‘මහණ, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ යම්තැනක ඉතිරිනොවී නැවත නොපවතින අන්දමින් විනාශ වන්නාහුද යන මේ කාරණය අපිද නොදනිමු. අපට වඩා රූප සම්පත්තියෙන් හා ප්‍රඥා ආදී ගුණවලින් යුක්තවූද ශරීර වර්ණය පිරිවර ආදියෙන් ඉතා උතුම්වූද සතරවරම් රජකෙනෙක් ඇත්තාහුය. පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහා භූතයෝ යම් තැනෙක ඉතිරිනොවී නැවත නොපවතින පරිද්දෙන් විනාශ වන්නාහුද යන මේ කාරණය ඒ සතරවරම් මහරජහු දන්නාහුය.
|
489
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන චත්තාරො මහාරාජානො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා චත්තාරො මහාරාජෙ එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා
|
489
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම සතර වරම් රජහු යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ සතර වරම් රජුන්ගෙන් මේ කාරණය ඇසුවේය.
(“ඇවැත්නි, පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට සම්පූර්ණයෙන්(ඉතුරු නැතුව) නැවත නොපවතින පරිදි විනාශවන්නාහුදැයි කියාය.) කෙවට්ටය, මෙසේ ඇසූ කල සතරවරම් රජහු ඒ භික්ෂුවට මේ වචන කීවෝය. (“මහණ, පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතිරි නොවී නැවත නොපවතින පරිදි විනාශවන්නාහුද යන මේ කාරණය අපිද නොදනිමුයයි” කියාය.) මහණ, අපට වඩා ඉතා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද ශරීර වර්ණය පිරිවර ආදියෙන් උත්තමවූ තාවතිංස නම් දෙවිකෙනෙක් ඇත්තාහුය.
(පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහා භූතයෝ යම් තැනෙක ඉතිරි නොවී නැවත නොපවතින ආකාරයෙන් විනාශවන්නාහුද යන මේ කාරණය) ඒ දෙවියෝ දන්නාහුය.
|
490
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන තාවතිංසා දෙවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තාවතිංසෙ දෙවෙ එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති? එවං වුත්තෙ, කෙවට්ට, තාවතිංසා දෙවා තං භික්ඛුං එතදවොචුං - ‘මයම්පි ඛො, භික්ඛු, න ජානාම, යත්ථිමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති. අත්ථි ඛො, භික්ඛු, සක්කො නාම දෙවානමින්දො අම්හෙහි අභික්කන්තතරො ච පණීතතරො ච. සො ඛො එතං ජානෙය්ය, යත්ථිමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති.
|
490
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම තව්තිසා වැසි දෙවියෝ යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ තව්තිසා වැසි දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, (පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තාහට ඉතිරි නොවී නැවත නොපවතිනා ආකාරයෙන් විනාශ වන්නාහුදැයි’ කියාය.) කෙවට්ටය, මෙසේ ඇසූ කල තව්තිසා වැසි දෙවියෝ ඒ භික්ෂුවට මේ වචන කීවෝය. ‘මහණ, (පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතිරි නොවී නැවත නොපවතිනා ආකාරයෙන් විනාශ වන්නාහුද යන මේ කාරණය අපිද නොදනිමු.) මහණ. අපට වඩා ඉතා රූප සම්පත්ත්යාදියෙන් යුක්තවූද, වර්ණය පිරිවර ආදියෙන් උත්තමවූද දෙවියන්ට ප්‍රධානවූ ශක්‍ර නම් දෙවියෙක් ඇත්තේය. (පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහා භූතයෝ යම් තැනෙක ඉතිරි නොවී නැවත නොපවතිනා අන්දමින් විනාශවන්නාහුද යන මේ කාරණය) දෙවියන්ට ප්‍රධානවූ ඒ ශක්‍ර දෙවියා දන්නේය.
|
491
‘‘අථ
|
491
“කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම ශක්‍ර දෙවි තෙම යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ ශක්‍ර දෙවියාගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, (පඨවිධාතු, අපොධාතු, තෙජොධාතුව, වායොධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතිරි නොවී නැවත නොපවතිනා අන්දමින් විනාශ වන්නාහු දැයි’ කියාය.) කෙවට්ටය, මෙසේ ඇසූ කල ශක්‍රදෙවියා ඒ භික්ෂුවට මේ වචන මෙසේ කීයේය. ‘මහණ, (පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහා භූතයෝ යම් තැනක ඉතිරි නොවි නොපවතින පරිදි විනාශ වන්නාහුදැයි යන මේ කාරණය මමද නොදනිමි.) මහණ, අපට වඩා ඉතා රූප සම්පත්ත්යාදියෙන් යුක්තවූද, වර්ණය පිරිවර ආදියෙන් අතිශයින් උත්තමවූ යාම නම් දෙවි කෙනෙක් ඇත්තාහුය. (පඨවිධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතිරි නොවී නැවත නොපවතිනා පරිද්දෙන් විනාශ වන්නාහුද යන මේ කාරණය) ඒ යාම දෙවියෝ දන්නාහුය. කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම යාමදෙවියෝ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ යාම දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය.
“ඇවැත්නි, සතර මහාභූතයෝ කවර තැනෙක කුමකට පැමිණ ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි කියාය.”-කෙවට්ටය, මෙසේ ඇසූ කල යාම දෙවියෝ ඒ භික්ෂුවට මේ වචන කීවෝය මහණ, යම් තැනක (පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වාතධාතු යන මේ සතර මහාභූතයෝ නිරවශෙෂව නොපවත්නා පරිදි නිරුද්ධ වන්නාහුද යන මේ කාරණය අපිද නොදනිමු.) මහණ, අපට වඩා රූපසම්පත් ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත් ආදියෙන් උත්තමවූද සුයාම නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ දිව්‍යපුත්‍රයා සතර මහාභූතයෝ යම් තැනක ඉතුරු නොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි යන මේ කාරණය දන්නේය.’ කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම සුයාම දිව්‍ය පුත්‍රතෙම යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ සුයාම දිව්‍යපුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. “ඇවැත්නි, සතර මහාභූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැ’ යි කියාය. කෙවට්ටය, මෙසේ ඇසූ කල සුයාම දිව්‍යපුත්‍රයා ඒ භික්ෂුවට මේ වචන කීයේය. මහණ, (පස්ධාතු දියධාතු ගිනිධාතු වාතධාතු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැ’යි යන මේ කාරණය මම නොදනිමි.) මහණ, අපට වඩා ඉතා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත් ආදියෙන් උත්තමවූද තුසිත නම් දෙවි කෙනෙක් ඇත්තාහ. (පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහාභූතයෝ යම්තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැයි යන මේ කාරණය) ඒ තුසිත දෙවියෝ දන්නාහුය.’ කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම තුසිත දෙවියෝ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, තුසිත දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ‘ඇවැත්නි, (පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි කියාය.) කෙවට්ටය, මෙසේ ඇසූ කල තුසිත දෙවියෝ ඒ භික්ෂුවට මේ වචන කීවෝය.
“මහණ, මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැ’යි යන කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා ඉතා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත්ති ආදියෙන් උත්තමවූද සන්තුසිත නම් දිව්‍ය පුත්‍රයෙක් ඇත්තේය. (පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහා භූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැ’යි යන මේ කාරණය) ඒ සන්තුසිත දිව්‍යපුත්‍රයා දන්නේය “කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම සන්තුසිත දිව්‍යපුත්‍රයා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, සන්තුසිත දිව්‍ය පුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, සතර මහා භූතයෝ කවර තැනක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැ’යි කියාය. ‘කෙවට්ටය, මෙසේ ඇසූ කල සන්තුසිත දිව්‍යපුත්‍රයා ඒ භික්ෂුවට මේ වචන කීයේය. ‘මහණ, පස්ධාතු, දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරු නොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි යන මේ කාරණය) මමද නොදනිමි. මහණ අපට වඩා ඉතා රූප සම්පත් ආදියෙන් යුක්තවූද, වර්ණ සම්පත් ආදියෙන් උත්තමවූද නිම්මාන රතී නම් දෙවි කෙනෙක් ඇත්තාහුය. මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරු නොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුද යන මේ කාරණය ඒ දෙවියෝ දන්නාහුය.
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම නිම්මානරතී දෙවියන් යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, නිම්මානරතී දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, සතර මහාභූතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි කියාය. කෙවට්ටය, මෙසේ ඇසූ කල ඒ නිම්මානරතී දෙවියෝ ඒ භික්ෂුවට මේ වචන කීවෝය. ම්හණ, (පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි යන මේ කාරණය) අපිද නොදනිමු. මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද වර්ණ සම්පත් ආදියෙන් උත්තමවූද සුනිම්මිත නම් දිව්‍යපුත්‍රයෙක් ඇත්තේය. ඒ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුද යන මේ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය.
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම සුනිම්මිත නම් දිව්‍ය පුත්‍රයා යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ, සුනිම්මිත දිව්‍ය පුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නී, සතර මහාභූතයෝ කවර තැනක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි කියාය. කෙවට්ටය, මෙසේ ඇසූ කල ඒ සුනිම්මිත දිව්‍යපුත්‍රයා ඒ භික්ෂුවට මේ වචන කීයේය. මහණ, (පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි යන මේ කාරණය මමද නොදනිමි.) මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද වර්ණ සම්පත්තියෙන් උත්තමවූද පරනිම්මිත වසවත්ති නම් දෙවි කෙනෙක් ඇත්තාහුය. ඒ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුද යන මේ කාරණය ඒ දෙවියෝ දන්නාහුය.
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම පරනිම්මිත වසවත්තී නම් දෙවියන් යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ පරනිම්මිත වසවත්තී නම් දෙවියන්ගෙන් මේ කාරණය ඇසූවේය. ඇවැත්නි, සතර මහාභූතයෝ කවර තැනක කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි කියාය. කෙවට්ටය, මෙසේ ඇසූ කල ඒ පරනිම්මිත වසවත්තී දෙවියෝ ඒ භික්ෂුවට මේ වචන කීවෝය. මහණ, (ඒ පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි යන මේ කාරණය අපිද නොදනිමු.) මහණ, අපට වඩා රූප යම්පත්ති ආදියෙන්ද වර්ණ සම්පත් ආදියෙන්ද උත්තමවූ වසවත්තී නම් දිව්‍ය පුත්‍රයෙක් ඇත්තේය. ඒ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුද යන මේ කාරණය ඒ දිව්‍යපුත්‍රයා දන්නේය.
|
492
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන වසවත්තී දෙවපුත්තො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා වසවත්තිං දෙවපුත්තං
|
492
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම වසවත්තී නම් දිව්‍ය පුත්‍රයා යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වසවත්තී දිව්‍ය පුත්‍රයාගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, සතර මහාභූතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැයි කියාය. කෙවට්ටය, මෙසේ ඇසූ කල ඒ වසවත්තී දිව්‍යපුත්‍රයා ඒ භික්ෂුවට මේ වචන කීයේය. මහණ, (පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර මහාභූතයෝ යම්තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි යන මේ කාරණය මමද නොදනිමි.) මහණ, අපට වඩා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද වර්ණ සම්පත්තියෙන් උත්තමවූද බ්‍රහ්මකායික නම් දෙවි කෙනෙක් ඇත්තාහුය. ඒ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුද යන මේ කාරණය ඒ දෙවියෝ දන්නාහුය.
|
493
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු තථාරූපං සමාධිං සමාපජ්ජි, යථාසමාහිතෙ චිත්තෙ බ්රහ්මයානියො මග්ගො පාතුරහොසි. අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන බ්රහ්මකායිකා දෙවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා බ්රහ්මකායිකෙ දෙවෙ එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති? එවං වුත්තෙ, කෙවට්ට, බ්රහ්මකායිකා දෙවා තං භික්ඛුං එතදවොචුං - ‘මයම්පි ඛො, භික්ඛු, න
‘‘‘කහං පනාවුසො, එතරහි සො මහාබ්රහ්මා’ති? ‘මයම්පි ඛො, භික්ඛු, න ජානාම, යත්ථ වා බ්රහ්මා යෙන වා බ්රහ්මා යහිං වා බ්රහ්මා; අපි ච, භික්ඛු, යථා නිමිත්තා දිස්සන්ති, ආලොකො සඤ්ජායති, ඔභාසො පාතුභවති, බ්රහ්මා පාතුභවිස්සති, බ්රහ්මුනො හෙතං පුබ්බනිමිත්තං පාතුභාවාය, යදිදං ආලොකො සඤ්ජායති, ඔභාසො පාතුභවතී’ති. අථ ඛො සො, කෙවට්ට, මහාබ්රහ්මා නචිරස්සෙව පාතුරහොසි
|
493
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම යම්සේ සිත එකඟවූ කල්හි බඹලොවට යන මාර්ගය පහළ වූයේද එබඳුවූ සමාධියට සමවැදුනේය. කෙවට්ටය, ඉක්බිති ඒ භික්ෂුතෙම බ්‍රහ්ම කායික නම් දෙවියන් යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ, ඒ බ්‍රහ්මකායික දෙවියන්ගෙන් මේ කාරණය ඇසුවේය. ඇවැත්නි, සතර මහාභූතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරු නොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැයි කියායි. මහණ, පස්, දිය, ගිනි, වායු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතිරිනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැයි යන මේ කාරණය අපිද නොදනිමු. මහණ, අපට වඩා ඉතා රූප සම්පත්ති ආදියෙන් යුක්තවූද යස ඉසුරු ආදියෙන් උත්තමවූද සියල්ලන් මැඩපවත්වා සිටියාවූද අන්‍යයන් විසින් මැඩපැවැත්විය නොහැක්කාවූද, ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ සියලු ජනයා තමා යටතෙහි පවත්වන්නාවූ ලෝකයට අධිපතිවූ ලෝකය සාදන්නාවූ ලෝකය මවන්නාවූ සත්වයන් කොටස් වලට බෙදන්නාවූ පුරුදුකරණ ලද ධ්‍යාන ඇත්තාවූ, උපන්නාවූද, උපදින්නාවූද සියලු සත්වයන්හට පියවූ මහාබ්‍රහ්මවූ බ්‍රහ්මයෙක් ඇත්තේය. (පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහාභූතයෝ යම් තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුද යන මේ කාරණය) ඔහු දන්නේය.” ඇවැත්නි, ඒ මහාබ්‍රහ්මතෙම දැන් කොතනදැයි ඇසුවේය. “මහණ, බ්‍රහ්මතෙම යම් තැනකදැයි කියා හෝ බ්‍රහ්මතෙම යම් ස්ථානයකදැයි කියා හෝ අපි නොදනිමු. මහණ, එසේද වුවත් යම්සේ (නිමිති) ලකුණු දකින්ට ලැබෙත්ද, එලියක් හටගනීද, බැබලීමක් පහළවේද එකල බ්‍රහ්මතෙම පහළවන්නේය. එලියක් හටගනීද බැබලීමක් පහළවේද යන මේ එක පූර්වලකුණක් බ්‍රහ්මයාගේ පහළවීම ගැන ඇත්තේය.”
“කෙවට්ටය, එවිට ඒ බ්‍රහ්මතෙම ටික වේලාවකින්ම පහළවූයේය.
|
494
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු යෙන සො මහාබ්රහ්මා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං මහාබ්රහ්මානං එතදවොච - ‘කත්ථ නු ඛො, ආවුසො, ඉමෙ චත්තාරො මහාභූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්යථිදං - පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’’ති? එවං වුත්තෙ, කෙවට්ට, සො මහාබ්රහ්මා තං භික්ඛුං එතදවොච - ‘අහමස්මි, භික්ඛු, බ්රහ්මා මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී
‘‘දුතියම්පි
‘‘දුතියම්පි ඛො සො, කෙවට්ට, මහාබ්රහ්මා තං භික්ඛුං එතදවොච - ‘අහමස්මි, භික්ඛු, බ්රහ්මා මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා වසී පිතා භූතභබ්යාන’න්ති. තතියම්පි ඛො සො, කෙවට්ට, භික්ඛු තං මහාබ්රහ්මානං එතදවොච - ‘න ඛොහං තං, ආවුසො, එවං පුච්ඡාමි - ‘‘ත්වමසි බ්රහ්මා මහාබ්රහ්මා අභිභූ
|
494
කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම ඒ මහාබ්‍රහ්මයා යම් තැනකද එතනට පැමිණියේය. පැමිණ, බ්‍රහ්මයාගෙන් මේ කාරණය ඇසුවේය. “ඇවැත්නි, (පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරු නොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි’) කියාය.
“කෙවට්ටය, මෙසේ ඇසූ කල ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්ෂුවට මෙසේ කීයේය. මහණ, මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි, සියල්ලන් මැඩපවත්වා සිටින්නාවූ ප්‍රධානයා වෙමි, අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි. සියලු ජනයා වසඟයෙහි පවත්වමි. ලොවට ප්‍රධාන දෙවියා වෙමි, ලෝකයට කර්තෘවෙමි, ලෝකය මවන්නෙක් වෙමි, ලෝකයට උත්තම වෙමි, සත්වයන් කොට්ඨාසවලට බෙදන්නෙක් වෙමි, පුරුදු කරනලද ධ්‍යාන ඇත්තෙමි, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි.”
“කෙවට්ටය, දෙවනුවද ඒ භික්ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මේ කාරණය කීයේය. ‘ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ නොඅසමි, ඔබ බ්‍රහ්මයෙක් වූයෙහිද, මහා බ්‍රහ්මයෙක් වූයෙහිද, සියල්ල මැඩපවත්වා සිටින ප්‍රධානියා වෙහිද, අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක්වූයෙහිද, ඒකාන්තයෙන් සියල්ල දක්නෙක් වූයෙහිද, සියලු ජනයා වසඟයෙහි පවත් වන්නෙක් වූයෙහිද, ලොවට ප්‍රධාන දෙවියාවූයෙහිද, ලෝකයට කර්තෘ වූයෙහිද, ලෝකය මවන්නෙක් වූයෙහිද, ලෝකයට උත්තම වූයෙහිද, සත්වයන් කොට්ඨාස වලට බෙදන්නෙක් වූයෙහිද, පුරුදු කරණ ලද ධ්‍යාන ඇත්තෙක් වූයෙහිද, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වූයෙහිදැයි’ කියායි.
‘ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ‘ඇවැත්නි, (පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනෙක කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි) කියාය.
කෙවට්ටය, දෙවනුවද ඒ මහාබ්‍රහ්මතෙම (ඒ භික්ෂුවට මෙසේ කියේය. මහණ, මම බ්‍රහ්මවෙමි, මහාබ්‍රහ්ම වෙමි, සියල්ලන් මැඩපවත්වා සිටින්නාවූ ප්‍රධානයා වෙමි, අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කේ වෙමි, ඒකාන්තයෙන් සියල්ල දක්නෙමි, සියලු ජනයා වසඟයෙහි පවත්වමි, ලොවට ප්‍රධාන දෙවියා වෙමි, ලෝකයට කර්තෘ වෙමි, ලෝකය මවන්නෙක් වෙමි. ලෝකයට උත්තම වෙමි. සත්වයන් කොටස්වලට බෙදන්නෙක් වෙමි, පුරුදු කරණ ලද ධ්‍යාන ඇත්තෙමි. උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වෙමි.)
කෙවට්ටය, තෙවනුවද ඒ භික්ෂුතෙම ඒ මහාබ්‍රහ්මයාට මේ කාරණය කීයේය. ඇවැත්නි, (මම ඔබගෙන් මෙසේ නොඅසමි. ඔබ බ්‍රහ්මයෙක් වූයෙහිද, මහා බ්‍රහ්මයෙක් වූයෙහිද, සියල්ල මැඩපවත්වා සිටින ප්‍රධානයා වූයෙහිද, අනුන් විසින් මැඩපැවැත්විය නොහැක්කෙක් වූයෙහිද, ඒකාන්තයෙන් සියල්ල දක්නෙක් වූයෙහිද, සියලු ජනයා වසඟයෙහි පවත්වන්නෙක් වූයෙහිද, ලොවට ප්‍රධාන දෙවියා වූයෙහිද, ලෝකයට කර්තෘ වූයෙහිද, ලෝකයට උත්තම වූයෙහිද, සත්වයන් කොටස්වලට බෙදන්නෙක් වූයෙහිද පුරුදු කරණ ලද ධ්‍යාන ඇත්තෙක් වූයෙහිද, උපන්නාවූද උපදින්නාවූද සියලු සත්වයන්ට පියා වූයෙහිදැයි කියායි.)
ඇවැත්නි, මම ඔබගෙන් මෙසේ අසමි. ඇවැත්නි, පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන මේ සතර මහා භූතයෝ කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශ වන්නාහුදැයි) කියාය.
|
495
‘‘අථ ඛො සො, කෙවට්ට, මහාබ්රහ්මා තං භික්ඛුං බාහායං ගහෙත්වා එකමන්තං අපනෙත්වා තං භික්ඛුං එතදවොච
|
495
“කෙවට්ටය, එවිට ඒ මහාබ්‍රහ්මතෙම ඒ භික්ෂුව අතින් අල්වාගෙන එක්පැත්තකට පමුණුවා, ඒ භික්ෂුවට මේ කාරණය කීයේය. ‘මහණ, මේ බ්‍රහ්මකායික දෙවියෝ මා මෙසේ දනිත්: මහාබ්‍රහ්මයා විසින් නොදක්නාලද කිසිවක් නැත්තේය. මහාබ්‍රහ්මයා විසින් අවබෝධ නොකරන ලද කිසිවකුත් නැත්තේයයි කියායි. එහෙයින් මම ඔවුන් ඉදිරියෙහි මේ කාරණය නොදන්නා බව ප්‍රකාශ නොකෙළෙමි. මහණ, පස්ධාතු දියධාතු ගිනිධාතු වායුධාතු යන සතර මහාභූතයෝ යම්තැනක ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුද යන මේ කාරණය මමද නොදනිමි’ කියායි.
“මහණ, යම් හේතුවකින් නුඹවහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා මේ ප්රශ්නය විසඳීම පිණිස බඹලොව දක්වා පිටත සෙවීමට පැමිණියෙහිද. මහණ, එබැවින් නුඹ වහන්සේ විසින් මේ කාරණය වරදවා කරණ ලද්දේය, අපරාධයක් කරණ ලද්දේය. මහණ, නුඹවහන්සේ වැඩිය මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ මේ ප්රශ්නය ඇසුව මැනව. යම් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ නුඹවහන්සේට ප්රකාශකරණසේක්ද එපරිද්දෙන් එය පිළිගත මැනවයි’ මහාබ්‍රහ්මතෙම කීයේය.
|
496
‘‘අථ ඛො සො, කෙවට්ට, භික්ඛු - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො සො, කෙවට්ට, භික්ඛු මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො, කෙවට්ට, සො භික්ඛු මං එතදවොච - ‘කත්ථ නු ඛො, භන්තෙ, ඉමෙ චත්තාරො
|
496
“කෙවට්ටය, එවිට ඒ භික්ෂුතෙම ශක්තිමත් පුරුෂයෙක් හකුළාගත් අතක් දිඟුකරන්නේ හෝ යම්සේද, දිඟුකළ අතක් හකුළන්නේ හෝ යම්සේද, ඒ ආකාරයෙන් බ්‍රහ්මලෝකයෙන් නොපෙනී ගොස් මාගේ ඉදිරියෙහි පහළවූයේය. කෙවට්ටය එවිට ඒ භික්ෂුතෙම වැඳ එකපැත්තක උන්නේය. කෙවට්ටය, එකපැත්තක උන්නාවූ ඒ භික්ෂුතෙම මා මෙසේ ප්‍රශ්නකළේය.”
“ස්වාමීනි (පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක්හි කුමකට පැමිණ, කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැයි”) කියායි.
|
තීරදස්සිසකුණුපමා | තීරදස්සිසකුණුපමා |
497
‘‘එවං වුත්තෙ, අහං, කෙවට්ට, තං භික්ඛුං එතදවොචං - ‘භූතපුබ්බං, භික්ඛු, සාමුද්දිකා වාණිජා තීරදස්සිං සකුණං ගහෙත්වා නාවාය සමුද්දං අජ්ඣොගාහන්ති. තෙ අතීරදක්ඛිනියා නාවාය තීරදස්සිං සකුණං මුඤ්චන්ති. සො ගච්ඡතෙව පුරත්ථිමං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති උද්ධං දිසං, ගච්ඡති අනුදිසං. සචෙ සො සමන්තා තීරං
|
497
“කෙවට්ටය, මෙසේ ඇසූ කල මම ඒ භික්ෂුවට මේ කාරණය කීවෙමි. “මහණ, පෙර පැවැති කරුණක් කියමි. මුහුදෙහි යාත්‍රා කරන්නාවූ වෙළෙන්දෝ වෙරළ දකින ගති ඇති කවුඩු, උකුසු යන මොවුන් අතුරෙන් කුරුල්ලෙකු ගෙන නැවෙන් මුහුදට බැසගනිද්ද, ඔව්හු වෙරළ නොදක්නාවූ බැවින් වෙරළ දකින ගති ඇති කුරුල්ලා මුදත්. ඒ කුරුල්ලා නැගෙනහිර දිසාවට යයි, දකුණු දිසාවට යයි, බස්නාහිර දිසාවට යයි, උතුරු දිසාවට යයි, උඩටද යයි, පහල දිසාවටද යයි. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ දක්නේද ඒ වෙරළ දෙසට යන්නේය. ඉදින් ඒ කුරුල්ලා හාත්පස වෙරළ නොදක්නේ නම් ඒ නැවටම ආපසු එයි’ මහණ, එපරිද්දෙන්ම ඔබ යම් හේතුවකින් බ්‍රහ්ම ලෝකය දක්වා සොයන්නේ මේ ප්රශ්නය විසඳන්නෙකු වෙතට නොපැමිණියෙහිද එහෙයින් නැවත මාගේ සමීපයටම හැරී ආයෙහිය. මහණ, ඒ ප්රශ්නය මෙසේ නොඇසිය යුතුයි. කෙසේද? “ස්වාමීනි, (පස්ධාතු, දියධාතු, ගිනිධාතු, වායුධාතු යන මේ සතර මහාභූතයෝ කවර තැනෙක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතුරුනොවී නැවත නූපදින පරිදි විනාශවන්නාහුදැ”යි) කියායි.
|
498
‘‘එවඤ්ච ඛො එසො, භික්ඛු, පඤ්හො පුච්ඡිතබ්බො -
‘කත්ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති;
කත්ථ දීඝඤ්ච රස්සඤ්ච, අණුං ථූලං සුභාසුභං;
කත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣතී’ති.
|
498
මහණ මේ ප්රශ්නය ඇසිය යුත්තේ මෙසේය:-
කුමකට පැමිණ කුමක් හේතුකොටගෙන පස්, දිය, වතුර වායු යන සතර මහාභූතයෝ නොපිහිටත්ද හෙවන් පිහිටීම නොලබත්ද කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුම්වූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ (උපාදාය රූප රැස) මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද හෙවත් පිහිටීම නොලබාද කවර තැනක කුමකට පැමිණ නාමයත් රූපයත් (සිතත් කයත්) ඉතිරි නොවී නිරුද්ධවේද කියායි.
|
499
‘‘තත්ර වෙය්යාකරණං භවති -
‘විඤ්ඤාණං අනිදස්සනං, අනන්තං සබ්බතොපභං;
එත්ථ ආපො ච පථවී, තෙජො වායො න ගාධති.
එත්ථ දීඝඤ්ච රස්සඤ්ච, අණුං ථූලං සුභාසුභං;
එත්ථ නාමඤ්ච රූපඤ්ච, අසෙසං උපරුජ්ඣති;
විඤ්ඤාණස්ස නිරොධෙන, එත්ථෙතං උපරුජ්ඣතී’ති.
|
499
‘එහි විවරණය මෙසේ වෙයි.’
‘නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීම්, නැතිවීම කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මේ නිර්වාණ ධාතුවට පැමිණ පස්, දිය, ගිනි, වායු යන සතර මහාභූතයෝ පිහිටීම නොලබත්. මෙහි දීර්ඝවූ හෝ කොටවූ හෝ කුඩාවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්. මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරුද්ධ වෙයි. විඤ්ඤාණ (සිත) නිරෝධයෙන් මේ නාමරූප රාශිය මේ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි.
|
500
ඉදමවොච
|
500
භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළසේක. සතුටු සිත් ඇති කෙවට්ට නම් ගෘහපති පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව සතුටින් පිළිගත්තේය.
|