4. සොණදණ්ඩසුත්තං | 4. සොණදණ්ඩ සූත්‍රය |
චම්පෙය්යකබ්රාහ්මණගහපතිකා | චම්පෙය්යකබ්රාහ්මණගහපතිකා |
300
එවං
|
300
මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහත් භික්ෂු සංඝයාවහන්සේ සමග (අංග) අඟු රටෙහි හැසිරෙන කල චම්පා නුවරට වැඩියෝය. එහි භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරයෙහිවූ ගග්ගරා නම් පොකුණු තෙර වාසය කරති.
එකල සොණදණ්ඩ නම් බ්‍රාහ්මණයෙක් මගධ දෙශයෙහි රජවූ බිම්බිසාර මහරජතුමන් විසින් උසස් පරිත්‍යාගයක් ලෙස රජුගෙන් ලබන ලද්දාවූ, උතුම්කොට දෙනලද, බොහෝ පිරිවර ජනයාගෙන් හා ඇතුන් අශ්වයින් ආදී සත්වසමූහයාගෙන් ගැවසුනු, තණ, දර දිය බොහෝසේ ඇතිවූ ධාන්‍ය සම්පත්තීන් යුත් චම්පා නගරයෙහි ප්‍රධානියාව වාසය කළේය.
|
301
අස්සොසුං ඛො චම්පෙය්යකා බ්රාහ්මණගහපතිකා - ‘‘සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො අඞ්ගෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි චම්පං අනුප්පත්තො චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො - ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං
|
301
එකල්හි චම්පානුවර වැසි බමුණු පවුල්හි ප්‍රධානියෝ මෙපවත් ඇසූහ. “(ශ්‍රමණ) භවත් ගෞතමයන් වහන්සේ ශාක්‍යපුත්‍රයෙක, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූවෙක, පන්සියයක් පමණවූ මහත් භික්ෂුසංඝයා වහන්සේ සමග අඟුරටෙහි හැසිරෙන්නේ පිළිවෙළින් චම්පා නගරයට පැමිණ එහි ගග්ගරා නම් පොකුණු තෙර වාසය කරයි. ඒ (ශ්‍රමණ) භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙබඳු හිත් ප්‍රියකරණ කීර්තිරාවයක් පැනනැංගේය.
“ඒ භගවත්හු අර්හත්හ, හැමලෙසින් දතයුතු දේ තමන්ම දත්හ; නුවණ අටෙන් හා (පසළොස්) සීල ධර්මයන්ගෙන් යුත්හ; හොබනා ගමන් ඇතිහ, (ති) ලොව මැනවින් දත්හ; සීලාදි ගුණයෙන් ප්‍රධානයහ; පුරිසයන් දැමුමෙහි සමත්හ; දෙවි මිනිසුන්ට අනුශාසකහ; (සිවුසස්දත් හෙයින්) බුද්ධයහ, (සවුකෙලෙස් බුන් හෙයින්) භගවත් නම් වූහ. උන්වහන්සේ දෙවියන්, මරුන්, බඹුන් සහිතවූ මේ ලෝකයද, මහණ බමුණන් හා දෙවිමිනිසුන් සහිත ප්රජාවද, තෙමේ ඉතා උසස් ඥාණයෙන් දැන, හොඳින් දැන දන්වනසේක. මුල මැද අග යන තුන් තැනම යහපත්වූ අර්ථයෙන් සහ නියම වචන ශබ්දකිරීමෙන් යුත් සර්ව සම්පූර්ණ දහමක් දෙසති. පිරිසිදු බ්‍රහ්මචරියාව පවසති. එබඳු රහතුන්ගේ දැකීම මැනව’ එවිට ඒ චම්පානුවර වැසි බමුණු පවුල් ප්‍රධානියෝ චම්පා නුවරින් නික්ම නොයෙක් දෙසින් රැස්වූවාහු මහත් සමූහ ඇත්තාහු එක්ව රැස්ව ගග්ගරා පොකුණු තෙරට පැමිණෙත්.
|
302
තෙන ඛො පන සමයෙන සොණදණ්ඩො බ්රාහ්මණො උපරිපාසාදෙ දිවාසෙය්‍යං උපගතො හොති. අද්දසා ඛො සොණදණ්ඩො බ්රාහ්මණො චම්පෙය්යකෙ බ්රාහ්මණගහපතිකෙ චම්පාය නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී
|
302
එකල්හි සොණදණ්ඩ බ්‍රාහ්මණතෙමේ ප්‍රාසාදයෙහි මතු මහල් තලයෙහි හාන්සිවී විවේක ගැනීමට පැමිණියේය. චම්පා නුවරවැසි බමුණු පවුල් ප්‍රධානීන් චම්පානුවරින් පිටත්ව රංචුගැසී නොයෙක් දෙසින් රැස්ව, එකතුවී ගග්ගරා පොකුණු තෙරට පැමිණෙන්නන් සොණදණ්ඩ බමුණු දුටුවේය. දැක තමන්ගේ දැන ගත යුතු ප්‍රශ්න විසඳන ඇමතියාට කථාකර “ඇමතියෙනි, චම්පා නුවර වැසි බමුණු පවුල්වල ප්‍රධානියෝ චම්පානුවරින් පිටත්ව, නොයෙක් පලාත් වලින් පැමිණ රංචු ගැසී ගග්ගරා පොකුණු තෙරට මක් නිසා පැමිණෙත්දැ”යි ඇසීය. “පින්වත, මෙනම් කරුණක් ඇත්තේය: ශාක්‍ය පුත්වූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ, මහණ ගෞතම තෙමේ පන්සියයක් පමණ මහා භික්ෂු සංඝයා සමග අඟුරට ගමන් කරන්නේ පිළිවෙලින් චම්පාවට වැඩ ගග්ගරා පොකුණු තෙර වාසය කරයි. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්හ; සම්ම්‍යක් සම්බුද්ධයහ: විද්‍යා චරණසම්පන්නයහ: ලොකවිදූහ, අනුත්තරයහ, පුරිසදම්මසාරථිහ; දෙවිමිනිසුන්ගේ ශාස්තෘහ; බුද්ධයහ, භාග්‍යවත්හ, යි ඒ භවත් ගෞතමයන් ගැන මෙබඳු යහපත් ගුණ ඝොෂාවක් උස්ව පැනනැංගේය. ඔවුහු ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකීම පිණිස පැමිණෙති.”
“එසේනම් පින්වත් ඇමතියනි, චම්පෙය්‍යක බමුණු ගෙවල් ප්‍රධානින් වෙත යව. ගොස් ඔවුනට මෙසේ කියව: ‘සොණදණ්ඩ බමුණු තොපට මෙසේ කියයි. සොණදණ්ඩ බමුණු තෙමේද ශ්‍රමණ භවත් ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය. පින්වත්හුද ඒ තාක් නවතිත්වා” ඇමති තෙමේ, ‘පින්වත, එසේ යහපතැ’යි සොණදණ්ඩ බමුණහට උත්තර දී චම්පෙය්‍යක බමුණු පවුල්වල ප්‍රධානීන් වෙත පැමිණියේය. එහි පැමිණ මෙසේ කීය: “සොණදණ්ඩ බමුණුද ශ්‍රමණ භවත් ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය. එතෙක් පින්වත්හු නවතිත්වා.”
|
සොණදණ්ඩගුණකථා | සොණදණ්ඩගුණකථා |
303
තෙන ඛො පන සමයෙන නානාවෙරජ්ජකානං බ්රාහ්මණානං පඤ්චමත්තානි බ්රාහ්මණසතානි චම්පායං පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන. අස්සොසුං ඛො තෙ බ්රාහ්මණා - ‘‘සොණදණ්ඩො කිර බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’’ති. අථ ඛො තෙ බ්රාහ්මණා යෙන සොණදණ්ඩො බ්රාහ්මණො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා සොණදණ්ඩං බ්රාහ්මණං එතදවොචුං - ‘‘සච්චං කිර භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’’ති? ‘‘එවං ඛො මෙ, භො, හොති - ‘අහම්පි සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සාමී’’’ති.
‘‘මා භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමි. න අරහති භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සචෙ භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සති, භොතො
‘‘භවඤ්හි සොණදණ්ඩො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. යම්පි භවං සොණදණ්ඩො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, ඉමිනාපඞ්ගෙන න අරහති භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං; සමණොත්වෙව ගොතමො අරහති භවන්තං සොණදණ්ඩං දස්සනාය
‘‘භවඤ්හි සොණදණ්ඩො අඩ්ඪො මහද්ධනො මහාභොගො...පෙ....
‘‘භවඤ්හි සොණදණ්ඩො අජ්ඣායකො
‘‘භවඤ්හි සොණදණ්ඩො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්රහ්මවණ්ණී බ්රහ්මවච්ඡසී
(බ්රහ්මඩ්ඪී (සී.), බ්රහ්මවච්චසී (පී.)) අඛුද්දාවකාසො දස්සනාය...පෙ....
‘‘භවඤ්හි සොණදණ්ඩො සීලවා වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො...පෙ....
‘‘භවඤ්හි සොණදණ්ඩො කල්යාණවාචො කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය
(අනෙළගලාය (සී. පී.), අනෙලගළාය (ක)) අත්ථස්ස විඤ්ඤාපනියා...පෙ....
‘‘භවඤ්හි සොණදණ්ඩො බහූනං ආචරියපාචරියො තීණි මාණවකසතානි මන්තෙ වාචෙති. බහූ ඛො පන නානාදිසා නානාජනපදා මාණවකා ආගච්ඡන්ති
‘‘භවඤ්හි සොණදණ්ඩො ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයොඅනුප්පත්තො; සමණො ගොතමො තරුණො චෙව තරුණපබ්බජිතො ච...පෙ....
‘‘භවඤ්හි
‘‘භවඤ්හි සොණදණ්ඩො බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො...පෙ....
‘‘භවඤ්හි සොණදණ්ඩො චම්පං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං, රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන දින්නං, රාජදායං බ්රහ්මදෙය්යං. යම්පි භවං සොණදණ්ඩො චම්පං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං, රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන දින්නං, රාජදායං බ්රහ්මදෙය්යං. ඉමිනාපඞ්ගෙන න අරහති භවං සොණදණ්ඩො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං; සමණොත්වෙව ගොතමො අරහති භවන්තං සොණදණ්ඩං දස්සනාය උපසඞ්කමිතු’’න්ති.
|
303
එකල නොයෙක් රාජධානීන්ගෙන් පැමිණි බමුණන්ගෙන් පන්සියයක් පමණවූ බමුණෝ කිසියම් කටයුත්තක් සඳහා ඒ චම්පාවෙහි වාසය කරති. “සොණදණ්ඩ තෙම පින්වත් මහණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය” යනු ඒ බමුණෝ ඇසූහ. අසා ඔව්හු සොණදණ්ඩ වෙත පැමිණියෝය. පැමිණ, “පින්වත් සොණදණ්ඩ තෙම මහණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය යනු සත්‍යයක් දැ”යි ඇසුවෝය.
“පින්වත්නි, එසේ කිරීම මා අදහසය, මහණ ගෞතමයන් දැකීමට මමද පැමිණෙන්නෙමි.”
“භවත් සොණදණ්ඩයෝ මහණ ගෞතමයන් දැකීමට නොපැමිණෙත්වා! පින්වත් සොණදණ්ඩ තෙමේ මහණ ගෞතමයන් දැකීම පිණිස පැමිණීම නුසුදුසුය. ඉදින් පින්වත් සොණදණ්ඩ තෙමේ මහණ ගෞතමයන් දැකීමට පැමිණෙන්නේය. නම්, පින්වත් සොණදණ්ඩගේ කීර්තිය පිරිහෙන්නේය, මහණ ගෞතමයන්ගේ කීර්තිය වැඩෙන්නේය. යම්හෙයකින් පින්වත් සොණදණ්ඩගේ කීර්තිය පිරිහෙන්නේද, මහණ ගෞතමයන්ගේ කීර්තිය වැඩෙන්නේද මේ කාරණයෙනුදු පින්වත් සොණදණ්ඩ තෙමේ මහණ ගෞතමයන් දැකීමට පැමිණීම නුසුදුසුය, මහණ ගෞතම තෙමේ පින්වත් සොණදණ්ඩ දැකීමට පැමිණීම සුදුසුය, භවත් සොණදණ්ඩයෝ මවු පස, පිය පස, යන දෙපසින් යහපත්ව උපන්හ. පිරිසිදු මව්කුසින් උපන්හ. සත්වන පරම්පරාව දක්වා අවමන් නොකරණ ලදහ. ජාතිවාදයෙන් නින්දා නොකරණ ලදහ. මේ කරුණෙන්ද භවත් සොණදණ්ඩයන් මහණ ගෞතමයන් දැකුමට පැමිණීම නුසුදුසුය. මහණ ගෞතමයෝම පින්වත් සොණදණ්ඩයන් දැකීමට එනු සුදුසුය.
“භවත් සොණදණ්ඩ තෙමේ අධිපතිය, ධනවත්ය, කෑම් බීම් ආදියට ගන්නා බොහෝ දේ ඇත්තේය. පින්වත් සොණදණ්ඩ තෙමේ වේද කටපාඩමෙන් කියන්නේය, වේද මන්ත්‍ර දන්නේය, වචන අර්ථ ශාස්ත්‍රය හා කාව්‍ය අලංකාර ශාස්ත්‍රයද සහිත අකුරු, ශබ්දධාතු විස්තරය, නීති, ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවේදයෙහි අවසානයට පැමිණියේය. භාෂාව දන්නේ, වියරණ කටපාඩමෙන් කියන්නේය. ලෝකය පිළිබඳ කරුණු දක්වන ශාස්ත්‍රය හා මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණ දැනුම ඇත්තේය. පින්වත් සොණදණ්ඩ තෙමේ දැකීමට ප්‍රිය මනා රූප ඇත්තේය, පහදවන ගති හා යහපත් පාටද ශරීර ලකුණුද ඇත්තේය. ඉතා උසස්වූ බ්රාහ්මයාගේ පාට වැනි රන්වන් පාටින් හා බඹහුගේ ශරීරය වැනි ශරීරයකින් යුතුය. ශරීරයෙහි දැකුම් කටයුතු දේ බොහෝය.
“පින්වත් සොණදණ්ඩ තෙම වඩනලද සිල් ඇති සම්පූර්ණ සීලයෙන් යුත්, සිල්වතෙක. පින්වත් සොණදණ්ඩ තෙමේ යහපත් වචන ඇති, ප්‍රිය උපදවන වචන ඇති. නාගරික ස්ත්රීන්ගේ සිලිටු වචන මෙන් මනහරවූ, අදහස් ප්‍රකාශයෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක.
“භවත් සොණදණ්ඩයෝ බොහෝ දෙනාගේ ගුරුවරයාද ගුරුවරයින්ගේ ගුරුවරයාද වූහ. තුන්සියයක් මෙණෙවියනට වෙදමන්ත්රය කියවති. පින්වත් සොණදණ්ඩයන් වෙත වේදමන්ත්‍ර ඉගෙන ගැනීමටකැමති බොහෝ තරුණයෝ නොයෙක් රටින් හා නොයෙක් ජනපදයෙන් පැමිණෙති.
“භවත් සොණදණ්ඩ තෙමේ පැරණි කුලයෙන් පැවතෙන, ශීලාචාරාදියෙන් වැඩුණු බොහෝකල් ඉක්මවූ දෙතුන් රජපරම්පරාවක් ඉක්ම ගිය පැසුනු වයසට පැමිණියෙක.
“මහණ ගෞතම තෙමේ තරුණවූයේ, තරුණ පැවිද්දෙක්ද වේ.”
“පින්වත් සොණදණ්ඩයෝ මගධ රට රජවූ සෙනීය බිම්බිසාර මහරාජයන් විසිනුත් සත්කාර කරණ ලදහ. ගරු කරණ ලදහ, බුහුමන් කරණ ලදහ, උසස්සේ සලකන ලදහ, නැමදුම් පෙරටුව පුදන ලදහ. පින්වත් සොණදණ්ඩයෝ පොක්ඛරසාතී බ්‍රාහ්මණයා විසින් සත්කාර කරණ ලදහ. ගරු කරණ ලදහ, බුහුමන් කරණ ලදහ, පුදන ලදහ, නැමදුම් කරණ ලදහ. පින්වත් සොණදණ්ඩයෝ මගධරට සෙනිය බිම්බිසාර රජ විසින් උසස් තෑග්ගක් ලෙස, රාජසම්මාන වශයෙන් පමුණු කොට දෙන ලද, බොහෝ පිරිවර ජනයාගෙන් හා ඇතුන් අශ්වයින් ආදී සත්වසමූහයාගෙන් ගැවසුනු, තණ දර දිය අඩුනැති, ධාන්‍ය සම්පත්තියෙන් යුත්, චම්පා නගරයෙහි අධිපතිව වාසය කරති.
“මෙකී කරුණු නිසාද භවත් සොණදණ්ඩයෝ මහණ ගෞතමයන් දැකුම් පිණිස පැමිණීමට නුසුදුස්සෝය. මහණ ගෞතමයෝම සොණදණ්ඩයන් දැකීමට එනු සුදුසුය.”
|
බුද්ධගුණකථා | බුද්ධගුණකථා |
304
එවං වුත්තෙ, සොණදණ්ඩො බ්රාහ්මණො තෙ බ්රාහ්මණෙ එතදවොච -
‘‘තෙන
‘‘සමණො ඛලු, භො, ගොතමො මහන්තං ඤාතිසඞ්ඝං ඔහාය පබ්බජිතො...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො පහූතං හිරඤ්ඤසුවණ්ණං ඔහාය පබ්බජිතො භූමිගතඤ්ච වෙහාසට්ඨං ච...පෙ....
‘‘සමණො
‘‘සමණො ඛලු, භො, ගොතමො අකාමකානං මාතාපිතූනං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, බ්රහ්මවණ්ණී, බ්රහ්මවච්ඡසී, අඛුද්දාවකාසො දස්සනාය...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො සීලවා අරියසීලී කුසලසීලී කුසලසීලෙන සමන්නාගතො...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො කල්යාණවාචො කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො බහූනං ආචරියපාචරියො...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො ඛීණකාමරාගො විගතචාපල්ලො...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො කම්මවාදී කිරියවාදී අපාපපුරෙක්ඛාරො බ්රහ්මඤ්ඤාය පජාය...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො උච්චා කුලා පබ්බජිතො අසම්භින්නඛත්තියකුලා...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො අඩ්ඪා
‘‘සමණං
‘‘සමණං ඛලු, භො, ගොතමං අනෙකානි දෙවතාසහස්සානි පාණෙහි සරණං ගතානි...පෙ....
‘‘සමණං
‘‘සමණො ඛලු, භො, ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො එහිස්වාගතවාදී සඛිලො සම්මොදකො අබ්භාකුටිකො උත්තානමුඛො පුබ්බභාසී...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො චතුන්නං පරිසානං සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො...පෙ....
‘‘සමණෙ ඛලු, භො, ගොතමෙ බහූ දෙවා ච මනුස්සා ච අභිප්පසන්නා...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො යස්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති, න තස්මිං ගාමෙ වා නිගමෙ වා අමනුස්සා මනුස්සෙ විහෙඨෙන්ති...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො සඞ්ඝී ගණී ගණාචරියො පුථුතිත්ථකරානං අග්ගමක්ඛායති. යථා ඛො පන, භො, එතෙසං සමණබ්රාහ්මණානං යථා වා තථා වා යසො සමුදාගච්ඡති, න හෙවං සමණස්ස ගොතමස්ස යසො සමුදාගතො. අථ ඛො අනුත්තරාය විජ්ජාචරණසම්පදාය සමණස්ස ගොතමස්ස යසො සමුදාගතො...පෙ....
‘‘සමණං ඛලු, භො, ගොතමං රාජා මාගධො සෙනියො බිම්බිසාරො සපුත්තො සභරියො සපරිසො
‘‘සමණං
‘‘සමණං ඛලු, භො, ගොතමං බ්රාහ්මණො පොක්ඛරසාති සපුත්තො සභරියො සපරිසො සාමච්චො පාණෙහි සරණං ගතො...පෙ....
‘‘සමණො
‘‘සමණො ඛලු, භො, ගොතමො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො...පෙ....
‘‘සමණො ඛලු, භො, ගොතමො බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො...පෙ....
‘‘සමණො
|
304
(ඒ බමුණන්) මෙසේ කීකල සොණදණ්ඩ බමුණුතෙම ඔවුන්ට මෙසේ කීය. “පින්වත්නි, යම්සේ භවත් ගෞතමයන් දකිනු පිණිස පැමිණෙන්ට අපිම සුදුස්සෝ වෙමුද, ඒ පින්වත් ගෞතමයන් වහන්සේ අප දකිනු පිණිස පැමිණෙන්ට නුසුදුසු වේද, ඒ පිළිබඳවූ මාගේ මේ කථාවද අසව්.
“පින්වත් මහණ ගෞතම තෙමේ මවු පාර්ශ්වයෙන් පිය පාර්ශ්වයෙන් යන දෙපාර්ශවයෙන් මැනවින් උපන්නේය. පිරිසිදු මව්කුසින් උපන්නේය; සත්වැනි පරම්පරාව දක්වා අවනම්බුවෙන් තොරවන ලද්දේය, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේය. පින්වත්නි, යම්හෙයින් මහණ ගෞතමයෝ මවුපිය දෙපාර්ශ්වයෙන් යහත් සේ උපන්නෝද, පිරිසිදු මවුකුසින් පහළවූවෝද, සත්වැනි පරම්පරාව දක්වා අවනම්බුවෙන් තොරවන ලද්දෝද, ජාති වාදයෙන් නින්දා නොකරණ ලද්දේද. මේ කරුණෙනුදු ඒ භවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ භවත් ගෞතමයන් වහන්සේ දැකුමට පැමිණෙන්නට සුදුස්සෝ වෙමු.
“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහත්වූ නෑදෑ සමූහයා හැර මහණ වූවෙක. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයෝ භූමිගතවූද, බොහෝ රන් රුවන් හැර මහණ වූවෙක, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ තරුණ වූයේම, හොඳ තරුණ භාවයෙන් හා පළමුවන වයසින් යුතුවූයේම, හොඳ කලු කෙස් ඇත්තේ, ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වූයේය.
“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ නොකැමැති මවුපියන් කඳුලු පිරි මුහුනින් යුතුව හඬද්දී කෙස් දැලිරැවුලු කපාදමා සිවුරු හඳවා, ගිහිගෙන් පිටත්ව සස්නෙහි මහණවූ කෙනෙක. දැකුමට ප්‍රිය මනා රූප ඇතිවූ, පහදවන ගති ඇතිව යහපත් පාට සහ ශරීර ලක්ෂණ සහිත ඉතා උසස්වූ රන්වන් පාටින් හා බඹහුගේ ශරීරය වැනි ශරීරයෙන් යුක්තයහ; ශරීරයෙහි දැකුම් කටයුතු දෑ නිමක් නැත.
“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ උතුම් නිදොස් සිල් ඇති සම්පූර්ණ ශීලයෙන් යුත්, සිල්වත් කෙනෙක. පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ යහපත් වචන ඇති, මිහිරි වචන ඇති, යහපත්, නිදොස්වූ, පැහැදිළිව අර්ථ ප්‍රකාශ කිරීමෙහි සමත් මිහිරි වචන ඇත්තෝය.
“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ බොහෝ දෙනාගේ ගුරුවරයෙක්ද ගුරුවරයින්ගේ ගුරුවරයෙක්ද වෙති. පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ පහකළ කාමරාග ඇත්තෝ අලංකාර කිරීම් නැත්තෝද වෙති. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ‘කර්ම විපාක ඇත, කුසල් දහම් කිරීම යහපත යන කථා ඇත්තෙක. පවුකම් පෙරටුකොට හැසුරුම් නැත්තෙක, බ්‍රාහ්මණ සමූහයාට හිත සැප සලසන්නෙක.
“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ මිශ්රනුවූ, ක්ෂත්රීය නම් උසස්කුලයෙන් ගොස් මහණවූ කෙනෙක. පින්වත්නි, ශ්‍රමණ ගෞතමයෝ මහා ධන, මහා භොග ඇති, උසස් කුලයෙන් නික්ම මහණවූ කෙනෙක, ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් යම් මේ දේ අසා දැනගන්නට අන්රටවලින්ද ජනපදවලින්ද ජනයෝ එති. බොහෝ දහස් ගණන් දෙවිවරු ශ්‍රමණ ගෞතමයන් ජීවිතය ඇතිතෙක් සරණ කොට ගියහ.
“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු මහත්වූ කීර්ති ශබ්දයක් විශේෂයෙන් උස්ව පැනනැංගේය, කෙබඳුද යත්, ‘උන්වහන්සේ සංසාරචක්‍රයෙහි බැමි සින්දහ. අර්හත්හ; හැමලෙසින් දතයුතුදේ තමන්ම දත්හ; නුවණ අටෙන් හා සීලධර්ම පහලොවින් යුත්හ; හරිමාර්ගයේ ගියහ. ලෝකය හොඳාකාර දත්හ; සිල් ආදී ගුණෙන් ප්‍රධානය; මිනිසුන් දමනය කිරීමෙහි සමත්හ; දෙවිමිනිසුන්ට ගුරුවරයෙක්ය; සියල්ල දත්හ; කෙලෙස් නැතිකළහ’යි කියායි.
“පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහපුරිස් ලකුණින් යුත්ය. ශ්‍රමණ ගෞතමයෝ යම් කෙනෙක් තමන්වහන්සේගේ සමීපයට පැමිණියේ නම් ඔවුන්ට ආසිරිවාද වචන හා කණට මිහිරි මොළොක් වචන ඇත්තාහ. සතුටුවන කථා ඇත්තෙක. මුහුන පහත් කොට ගෙන සිටින්නෙක් නොවේය, පළමුකොට කරණ කථා ඇත්තෙක. පින්වත්නි, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ (භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන) සිවුපිරිස විසින් සත්කාර ගරු බුහුමන් පුද පූජා පවත්වන ලද්දෙක. ශ්‍රමණ භවත් ගෞතමයන් කෙරෙහි බොහෝ දෙවි මිනිස්සු විශේෂයෙන් පැහැදුනහ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යම් ගමක වාසය කරයිද, ඒ ගමෙහි හෝ නියම් ගමෙහි අමනුෂ්‍යයෝ හිංසා පීඩා කිරීමෙන් නොවෙහෙසත්.
“පින්වත්නි, ශ්‍රමණ ගෞතමයන් මහත් මහණ සමූහයා ඇත්තෙක, සමූහයකට ගුරුවරවූයේ ගුරුවරයින් අතුරෙන් ඉතා උසස්යයි කියනු ලැබේ. පින්වත්නි, ඇතැම් මහණ බමුණන්ගේ කීර්තිය කිසියම් සුළු කරුණකින් උසස් බවට පැමිණෙන්නේද, එබඳු කරුණකින් ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්තිය නම් වැඩීමට නොපැමිණියේය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ කීර්තිය වැඩීමෙන් උසස් බවට පැමිණියේ ශ්‍රේෂ්ඨවූ නුවණ හා සීල සම්පත්තිය නිසාය.
“අඹුදරුවන් හාඇමතියන් හා බොහෝ සේනා සහිතවූ මගධරට රජවූ බිම්බිසාර රජතෙමේ භවත් ගෞතමයන් වහන්සේ දිවිකෙළවර තෙක්ම සරණ ගියේය. එලෙසින්ම අඹුදරුවන් හා පිරිස් හා ඇමතියන් සහිත පසේනදී කොසොල් රජුද පොක්ඛරසාතී බමුණු තෙමේද, අඹු දරුවන් හා පිරිස් සහිතව ඇමතියන් සහිතව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ජීවිතාන්තය තෙක්ම සරණ ගියේය.
“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ බිම්බිසාර රජු විසිනුදු, කොසොල් රජු විසිනුදු පොක්ඛරසාතී බමුණා විසිනුදු සත්කාර ගරු බුහුමන් පුද සැලකිලි දක්වන ලද්දේය.
“ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ චම්පාවට පැමිණ චම්පායෙහි ගග්ගරා පොකුණු තෙර වාසය කරති. යම්කිසි මහණ බමුණු කෙනෙක් අපගේ ගමට එත්නම් ඔවුහු අපේ ආගන්තුගයෝ වෙති. ආගන්තුගයෝ අප විසින් සත්කාර ගරු බුහුමන් පුදසැලකිලි දැක්විය යුත්තෝ වෙත්.
“චම්පාවට පැමිණ චම්පාවෙහි ගග්ගරා පොකුණුතෙර වාසය කරණ ශ්‍රමණ භවත් ගෞතමයෝද අපට ආගන්තුග වෙති. ආගන්තුගව පැමිණි තැනැත්තේ අප විසින් සත්කාර ගරු බුහුමන් පුද සැලකිලි පැවැත්විය යුත්තේ වේ. මේ කරුණෙන්ද ඒ භවත් ගෞතමයන් වහන්සේ අප දැකුමට එන්නට නුදුසුස්සෝය, අපිම උන්වහන්සේ ළඟට පැමිණිය යුත්තෝ වෙමු.
“පින්වත්නි, ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ගුණ මෙපමණක්ම දනිමි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මෙපමණ ගුණ ඇත්තෙක් නොවේ, ශ්‍රමණ භවත් ගෞතමයෝ අප්‍රමාණ ගුණ ඇති කෙනෙක.”
|
305
එවං
|
305
මෙසේ කී කල්හි ඒ බමුණෝ සොණදණ්ඩ බමුණාට මෙසේ කීවෝය. “යම්සේ පින්වත් සොණදණ්ඩතෙමේ මහණ ගෞතමයන්ගේ ගුණ වර්ණනා කරයි, ඒ පින්වත් ගෞතමයන් වහන්සේ මින් සියක් යොදුනකින් ඈත වාසය කළ නමුත් යහපත් උතුම්ගති ඇති කෙනෙක් විසින් උන්වහන්සේ දැකීම පිණිස ගමනට වුවමනා දේ ගෙනද එළඹෙන්නට සුදුසුය. පින්වත්නි, එහෙයින් අපි සියල්ලෝම භවත් ගෞතමයන් වහන්සේ දැකීම පිණිස පැමිණෙන්නෙමුය.”
|
සොණදණ්ඩපරිවිතක්කො | සොණදණ්ඩපරිවිතක්කො |
306
අථ
|
306
එවිට සොණදණ්ඩ බමුණුතෙමේ මහත් වූ බමුණු සමූහයා සමග ගග්ගාර පොකුණ ළඟට පැමිණියේය.
ඊටපසු වනාන්තරයේ කැලෑ කොටස අතරට පැමිණ සොණදණ්ඩ බමුණහට මෙබඳු අදහසක් හිතට ආවේය. “මම ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න විචාරන්නෙම් නම්, එවිට එහිදී ශ්‍රමණ ගෞතමයන් වහන්සේ “බ්‍රාහ්මණය, මේ ප්රශ්නය මෙසේ නොවිචාළ යුතුය,යි මට කීවොත් ඒ හේතු කොටගෙන මේ පිරිස සොණදණ්ඩ බමුණා අඥානයෙක, අසමර්ථයෙක, ශ්‍රමණ ගෞතමයන්ගෙන් නුවණින් යුතුව ප්‍රශ්න විචාරන්ට නොහැක්කෙකැ’යි මට නින්දා කරන්නේය. මේ පිරිස යමෙකුට නින්දා කරන්නේ නම් ඔහුගේ යසස පිරිහෙන්නේය. යමෙකුගේ යසස පිරිහේනම් ඔහුගේ වස්තුවද පිරිහෙයි. අපගේ වස්තුව යසස හේතුකොටගෙනම ලබන ලදහ. ඉදින් ශ්‍රමණ ගෞතමයෝ මගෙන් ප්‍රශ්න විචාරන්නාහු නම් මමද ප්රශ්නය විසඳීමෙන් උන්වහන්සේගේ සිත් නොගන්නෙම් නම්, එවිට ශ්‍රමණ ගෞතමයෝ මට මෙසේ කියන්නාහ; ‘බමුණා අඥානයෙක, අසමර්ථයෙක, ශ්‍රමණ ගෞතමයන්ගේ ප්රශ්නය විසඳීමෙන් ඔහු සිත් ගන්නට අපොහොසත් වීය’යි මට නින්දා කරන්නේය. මේ පිරිස යමෙකුට නින්දා කරන්නේද, ඔහුගේ යසසද පිරිහෙන්නේය. යමෙකුගේ යසස පිරිහෙන්නේද, ඔහුගේ වස්තුවද පිරිහෙන්නේය. අපගේ වස්තුව යසස නිසාම ලබන ලද්දාහුය. මෙසේ සමීපයට පැමිණි මම ශ්‍රමණ ගෞතමයන් නොදැක නවතින්නෙම් නම් ඒ හේතුවෙන්ද මට මේ පිරිස ‘සොණදණ්ඩ බමුණු බාලයෙක, අසමර්ථයෙක, මානයෙන් තද වූවෙක, බය වූවෙක, ශ්‍රමණ ගෞතමයන් දැකීම සඳහා පැමිණෙන්ට අපොහොසත් විය. ඔහු භවත් ගෞතමයන් වහන්සේ නොදැක මක්නිසා නවතින්නේදැ?’යි නින්දා කරන්නේය. යමෙකුට මේ පිරිස නින්දා කරන්නේ නම් ඔහුගේ යසසද පිරිහෙන්නේය. යමෙකුගේ යසස පිරිහෙන්නේද ඔහුගේ වස්තුවද පිරිහෙයි. අපගේ වස්තුව යසස හේතුකොටගෙණ ලබන ලදී.”
|
307
අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. චම්පෙය්යකාපි ඛො බ්රාහ්මණගහපතිකා
|
307
එවිට සොණදණ්ඩ තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහිකටයුතු කථා අවසන් කොට එක පැත්තකින් හුන්නේය. චම්පානුවර වැසි ඇතැම් බමුණු කෙනෙක් භගවත්හට වැඳ එක පැත්තකට වී හුන්හ. ඇතැම් කෙනෙක් උන්වහන්සේ සමග සතුටු වූහ සතුටු විය යුතු, සිහි කටයුතු කථා අවසන් කොට පැත්තකින් හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් දෙසට නමස්කාරකර පැත්තකින් හුන්හ. ඇතැම් කෙනෙක් නාමය හා ගොත්‍රය ප්‍රකාශ කොට පැත්තකින් හුන්හ. ඇතමෙක් නිශ්ශබ්ද වූවාහු එක පැත්තකටවී හුන්හ.
|
308
තත්රපි
|
308
එහිදීද සොණදණ්ඩ බ්‍රාහ්මණයා බොහෝසේ නැවත නැවතත් මෙසේ සිතා බැලීම කරමින් උන්නේය. “මම ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් ප්‍රශ්න විචාරන්නෙම් නම්, ඉඳින් එහිදී ශ්‍රමණ ගෞතමයෝ, ‘බමුණ, මේ ප්රශ්නය මෙසේ නොවිචාළ යුතුය, යි මට කීවොත්, ඒ හේතුකොට ගෙණ මේ පිරිස, සොණදණ්ඩ බමුණා අඥානයෙක, අසමර්ථයෙක, ශ්‍රමණ ගෞතමයන්ගෙන් නුවණින් යුතුව ප්‍රශ්න විචාරන්නට නොහැක්කෙකැ’යි මට නින්දා කරනවා ඇත. මේ පිරිස යමෙකුට නින්දා කළොත් ඔහුගේ කීර්තිය පිරිහෙන්නේය. යමෙකුගේ කීර්තිය පිරිහේ නම් ඔහුගේ වස්තු පිරිහෙත්. අපගේ වස්තු වනාහි යසස හේතුකොට ම ලබන ලදහ. ඉදින් ශ්‍රමණ ගෞතමයෝ මගෙන් ප්‍රශ්න විචාරන්නාහු නම් මම ද ප්‍රශ්න විසඳීමෙන් උන්වහන්සේගේ සිත් නොගන්නෙම් නම්, එවිට ශ්‍රමණ ගෞතමයෝ මට මෙසේ කියන්නාහ. ‘බමුණ, මේ ප්රශ්නය මෙසේ නොවිසඳිය යුතු බමුණ, මේ ප්රශ්නය මෙසේ නම් විසඳිය යුතුය’ එයින් මේ පිරිස, “සොණදණ්ඩ බමුණා අඥාණයෙක, අසමර්ථයෙක, ශ්‍රමණ ගෞතමයන්ගේ ප්රශ්නය විසඳීමෙන් සිත් ගන්නට අපොහොසත්වීයැ’යි මට නින්දා කරන්නේය. මේ පිරිස යමෙකුට නින්දා කලොත් ඔහුගේ කීර්තියද පිරිහෙන්නේය. යමෙකුගේ කීර්තිය පිරිහේ නම් ඔහුගේ වස්තුවද පිරිහෙයි. අපගේ වස්තුව කීර්තිය නිසාම ලබන ලදහ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාගේ ගුරු බව ඇති තුන් විද්‍යාව පිළිබඳව මාගෙන් ප්‍රශ්න විචාරන්නේ නම් ඉතා යහපති. ඒකාන්තයෙන් මම උන්වහන්සේගේ සිත ඒ ප්‍රශ්න විසඳීමෙන් සතුටු කරන්නෙමි.”
|
බ්රාහ්මණපඤ්ඤත්ති | බ්රාහ්මණපඤ්ඤත්ති |
309
අථ ඛො භගවතො සොණදණ්ඩස්ස බ්රාහ්මණස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි - ‘‘විහඤ්ඤති ඛො අයං සොණදණ්ඩො බ්රාහ්මණො
|
309
එවිට භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ සිතින් සොණදණ්ඩ බමුණාගේ සිත දැන මෙසේ සිතුවේය, මේ බමුණු තෙමේ මාගේ සිත කරණකොට ගෙණ වෙහෙසට පැමිණේ. එකාන්තයෙන් මම සොණදණ්ඩ බ්‍රාහ්මණයාගෙන් තමාගේ ගුරු බව ඇති තුන් විද්යාවයේ විෂයෙහි ප්‍රශ්න විචාරන්නෙම් නම් ඉතා යෙහෙක.”
එවිට භාග්‍යවතුන් වහන්සේ සොණදණ්ඩ බමුණුහට මෙසේ කීයේය, ‘බ්‍රාහ්මණය, ‘මම බමුණු වෙමි’යි කියන තැනැත්තේ (එය) හරි ආකාර කීමට නම්, බොරුනොවෙන්නට නම්, එසේ කියන බ්‍රාහ්මණයා කරුණු කීයකින් යුක්තවිය යුතුයයි බ්‍රාහ්මණයෝ ප්‍රකාශ කරත්ද?”
|
310
අථ ඛො සොණදණ්ඩස්ස බ්රාහ්මණස්ස එතදහොසි - ‘‘යං
|
310
එවිට සොණදණ්ඩ බමුණුහට මෙබඳු අදහසක් ඇතිවිය: “ශ්‍රමණ ගෞතමයන් විසින් මාගේ ගුරු බව ඇති තුන් විද්‍යාව මාගෙන් ප්‍රශ්න විචාරන්නේ නම් යහපති. ඒකාන්තයෙන් ඒ ප්‍රශ්න විසඳීමෙන් උන්වහන්සේගේ සිත ‘සතුටු කරන්නෙමියි අප විසින් යමක් කැමතිවන ලදද, යමක් බලාපොරොත්තුවන ලදද, යමක් මහත්සේ පතන ලදද, එහි ලා ශ්‍රමණ ගෞතමයෝ මාගේ ගුරු බව ඇති තුන් විද්‍යාව පිළිබඳ (එබඳු) ප්‍රශ්නයක්ම මගෙන් විචාරති මම (ඒ) ප්රශ්නය විසඳීමෙන් උන්වහන්සේගේ සිත ඒකාන්තයෙන්ම සතුටු කරන්නෙමි.”
|
311
අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො අබ්භුන්නාමෙත්වා කායං අනුවිලොකෙත්වා පරිසං භගවන්තං එතදවොච - ‘‘පඤ්චහි, භො ගොතම, අඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤපෙන්ති; ‘බ්රාහ්මණොස්මී’ති ච වදමානො සම්මා වදෙය්ය, න ච පන මුසාවාදං ආපජ්ජෙය්ය. කතමෙහි පඤ්චහි? ඉධ, භො ගොතම, බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන; අජ්ඣායකො හොති මන්තධරො තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො; අභිරූපො හොති
‘‘ඉමෙසං පන, බ්‍රාහ්මණ, පඤ්චන්නං අඞ්ගානං සක්කා එකං අඞ්ගං ඨපයිත්වා චතූහඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤපෙතුං; ‘බ්රාහ්මණොස්මී’ති ච වදමානො සම්මා වදෙය්ය, න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා’’ති? ‘‘සක්කා
|
311
එවිට සොණදණ්ඩයෝ උස්ව හිස නමා, පිරිස නැවත නැවත බලා භගවත්හට මේ කාරණය කීහ. “පින්වත් ගෞතමයන් වහන්ස, යමෙක් මම බ්‍රාහ්මණ වෙමි’යි හරිආකාර කියන්නට නම්, එය බොරු නොවෙන්නට නම් එබඳු බ්‍රාහ්මණයා ගති ගුණ පහකින් සම්පූර්ණ විය යුතුයයි. බමුණෝ ප්‍රකාශ කරති. ඒ පහ කුමක්දයත්: පින්වත් ගෞතමයන් වහන්ස, ඒ බ්‍රාහ්මණ තෙමේ මවුපිය දෙපසින් යහපත්ව උපන්නේ වේ. පිරිසිදු මවුකුසින් බිහිවූයේ වේ, සත්වන පරම්පරාව දක්වා අවනම්බු නොලබන ලද්දේ වේ. ජාතිවාදයෙන් අවනම්බු නොකරන ලද්දේ වේ.
“ඔහු වේදමන්ත්‍ර කටපාඩමේ කියන්නෙක් වේ, වේද මන්ත්‍ර දරන්නේ වේ, වචන අර්ථ ශාස්ත්‍ර හා කාව්‍යඅලංකාර ශාස්ත්‍රයද, අකුරු, ශබ්ද ධාතු විස්තරය සහිතවූ, ඉතිහාසය පස්වනකොට ඇති, තුන්වේදය පිළිබඳ පරතෙරට පැමිණියේ වේ. භාෂාව දන්නේ වේ, ව්‍යාකරණ ශාස්ත්‍ර කටපාඩමේ කියන්නේ වේ, ලෝකය පිළිබඳ කරුණු දක්වන ශාස්ත්‍රය හා මහාපුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණ දැනගැණීමට පැමිණියේ වේ.
‘ඔහු උතුම් රූප ඇත්තේ, දැකුම් කටයුත්තේ, හිත් ප්‍රියකරන්නේ, උත්තම හිත් පිනවන පාටින් යුක්ත වූයේ, උතුම් රන්වන් පාට ඇත්තේ මහබඹුගේ ශරීරය වැනි ශරීරයක් ඇත්තේවේ. ඔහුගේ ශරීරයෙහි දැකුම් කටයුතුදේ අප්රමාණවේ.
“ඔහු සිල්වත් වූයේ වඩනලද සිල් ඇත්තේ, සම්පූර්ණ ශීලයෙන් යුත්ත වූයේය.
“ඔහු නුවණැති පණ්ඩිතවූයේ, යාග කරන්නන් අතුරෙන් පළමුවෙනියෙක් හෝ දෙවෙනියෙක් හෝ වේ.
“පින්වත් ගෞතමයන් වහන්ස, මේ අංග පහෙන් යුත්’ බමුණුතෙම ‘මම බමුණු වෙමි’යි කියන්නේ (හරිආකාර) කියයිද, එසේ කීමෙන් මුසාවාදයට නොපැමිණෙන්නේයිද බමුණෝ ප්‍රකාශ කරති.”
“බමුණ, මේ අංග පහෙන් එක් අංගයක් හැර අංග හතරකින් යුත්වූ බමුණෙක් ‘මේ බමුණු වෙමි’යි කියතොත් (තෙතෙම) හරිආකාර කියන්නේය, එසේ කීමෙන් බොරු කීමකට නොපැමිණන්නේයයි ප්‍රකාශ කළ හැකිද?”
“හැකිය පින්වත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයෙනි, මේ අංග පහෙන් වර්ණය වෙන්කර තබමු. වර්ණය කුමක් නම් කරන්නේද? පින්වත, යම් හෙයකින් (ඒ) බමුණු තෙමේ මවුපිය දෙපක්ෂයෙන් යහපත්ව උපන්නේ වේද, පිරිසිදු මවුකුසින් බිහිවූයේ වේද, සත්වන පරම්පරාව දක්වා අවනම්බුවක් නොලබන ලද්දේද, ජාතිවාදයෙන් අවමන් නොකරණ ලද්දේද, වේද මන්ත්‍ර කටපාඩමේ කියන්නේ, වේද මන්ත්‍ර දරන්නේද, වචන අර්ථ ශාස්ත්‍රයද, කාව්‍ය අලංකාර ශාස්ත්‍රය හා අකුරු ශබ්ද ධාතු විස්තරය සහිතවූ ඉතිහාසය පස්වැනි කොට ඇති තුන් වේදය පිළිබඳ පරතෙරට පැමිණියේ වේද භාෂාව දන්නේද, ව්‍යාකරණ ශාස්ත්‍ර කටපාඩමෙන් කියන්නේද, ලෝකය පිළිබඳ කරුණු දක්වන ශාස්ත්‍රය හා මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණ දැන ගැනීමට පැමිණියේ වේද, සිල්වත් වූයේ, වඩනලද සිල් ඇත්තේ, සම්පූර්ණ ශීලයෙන් යුක්තවූයේද, සමත් පණ්ඩිත වූයේ, යාග කරන්නන් අතුරෙන් පළමුවෙනියෙක් හෝ දෙවෙනියෙක් හෝ වේද - භවත් ගෞතමයන් වහන්ස, මේ අංග හතරෙන් යුත්වූ බමුණු ‘මම බමුණුවෙමි’ කියන්නේ නම් ඔහු හරිආකාර කියන්නේය, (එසේ කීමෙන්) ඔහු බොරු නොකියන්නේයයි බමුණෝ ප්‍රකාශ කරති.”
|
312
‘‘ඉමෙසං පන, බ්‍රාහ්මණ, චතුන්නං අඞ්ගානං සක්කා එකං අඞ්ගං ඨපයිත්වා තීහඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤපෙතුං; ‘බ්රාහ්මණොස්මී’ති ච වදමානො සම්මා වදෙය්ය, න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා’’ති? ‘‘සක්කා, භො ගොතම. ඉමෙසඤ්හි, භො ගොතම, චතුන්නං අඞ්ගානං මන්තෙ ඨපයාම. කිඤ්හි මන්තා කරිස්සන්ති? යතො ඛො, භො ගොතම, බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන; සීලවා ච හොති වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො; පණ්ඩිතො ච හොති මෙධාවී පඨමො වා දුතියො වා සුජං පග්ගණ්හන්තානං. ඉමෙහි ඛො, භො ගොතම, තීහඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤපෙන්ති; ‘බ්රාහ්මණොස්මී’ති ච වදමානො සම්මා වදෙය්ය, න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා’’ති.
‘‘ඉමෙසං පන, බ්‍රාහ්මණ, තිණ්ණං අඞ්ගානං සක්කා එකං අඞ්ගං ඨපයිත්වා ද්වීහඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤපෙතුං; ‘බ්රාහ්මණොස්මී’ති ච වදමානො සම්මා වදෙය්ය, න ච පන
|
312
“බමුණු, මේ අංග හතරෙන් එක් අංගයක් හැර අංග තුනකින් යුත්වූ බමුණුතෙම ‘මම බමුණු වෙමි’යි කියන්නේ නම් හෙතෙම හරිආකාර කියන්නේය, එයින් බොරු කීමට නොපැමිණෙන්නේයයි ප්‍රකාශ කළ හැකිද?”
“හැකිය, භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයෙනි, මේ කරුණු සතරින් මන්ත්රයන් පැත්තකින් තබමු. මන්ත්‍රයෝ නම් කුමක් කරන්නාහුද? පින්වත, යම් හෙයකින් බ්‍රාහ්මණ තෙමේ මව්පිය දෙපසින් යහපත්ව උපන්නේ වේද පිරිසිදු මව්කුස ඇත්තේ වේද, සත්වැනි පරම්පරාව දක්වා අවනම්බුවක් නොලබන ලද්දේද, ජාතිවාදයෙන් අවනම්බු නොකරණ ලද්දේද; සිල්වත්වූයේ, වඩන ලද සිල් ඇත්තේ, සම්පූර්ණ ශීලයෙන් යුක්තවේද; සමත් පණ්ඩිත වූයේ, යාග කරන්නන් අතුරෙන් පළමුවැනියෙක් හෝ දෙවැනියෙක් වේද, භවත් ගෞතමයන් වහන්ස, මේ තුන් අංගයෙන් යුත්වූ බ්‍රාහ්මණ තෙම ‘මම බමුණුවෙමි’යි කියන්නේ නම් ඔහු හරිආකාර කියන්නේය, එයින් බොරුකීමට නොපැමිනෙන්නේයයි බ්‍රාහ්මණයෝ ප්‍රකාශ කරති.’
“බමුණ, මේ අංගතුනෙන් එක් අංගයක් තබා අංගදෙකකින් යුත්වූ බ්‍රාහ්මණ තෙමේ’ මම බමුණු වෙමි’යි කියන්නේ නම් ඔහු හරිආකාර කියන්නේය, (එසේ කීමෙන්) බොරුකීමට නො පැමිණෙන්නේයයි ප්‍රකාශ කළ හැකිද?”
“හැකිය, භවත් ගෞතමයන් වහන්ස, පින්වත් ගෞතමයෙනි, මේ අංග තුනෙන් ජාතිය පැත්තකින් තබමු. ජාති තොමෝ කුමක් කරන්නීද? පින්වත්නි, (ඒ) බ්‍රාහ්මණ තෙම යම් හෙයකින් සිල්වත් වූයේ, වඩන ලද සිල් ඇත්තේ, සම්පූර්ණ ශීලයෙන් යුක්තවේද; සමත් පණ්ඩිත වූයේ, යාග කරන්නන් අතුරෙන් පළමුවැනියෙක් හෝ දෙවැනියෙක් වේද, භවත් ගෞතමයන් වහන්ස, මේ තුන් අංගයෙන් යුත්වූ බ්‍රාහ්මණ තෙම ‘මම බමුණුවෙමි’යි කියන්නේ නම් ඔහු හරිආකාර කියන්නේය, එයින් බොරුකීමට නොපැමිනෙන්නේයයි බ්‍රාහ්මණයෝ ප්‍රකාශ කරති.’
|
313
එවං
|
313
මෙසේ කී කල්හි ඒ බමුණෝ සොණදණ්ඩ බමුණාහට මෙලෙසින් කීහ-
“පින්වත් සොණදණ්ඩ, මෙසේ නොකියන්න. පින්වත් සොණදණ්ඩ තෙමේ ජාතියට නින්දා කෙරේ, මන්ත්‍රයන්ට නින්දා කෙරේ, පවුලට (මවුපියන්ට) නින්දා කෙරේ එකාන්තයෙන්ම පින්වත් සොණදණ්ඩ තෙමේ පිළිවෙළින් මහණ ගෞතමයන්ගේ මතයටම පැමිණෙන්නේය.”
|
314
අථ ඛො භගවා තෙ බ්රාහ්මණෙ එතදවොච - ‘‘සචෙ ඛො තුම්හාකං බ්රාහ්මණානං එවං හොති - ‘අප්පස්සුතො ච සොණදණ්ඩො බ්රාහ්මණො, අකල්යාණවාක්කරණො ච සොණදණ්ඩො බ්රාහ්මණො, දුප්පඤ්ඤො ච සොණදණ්ඩො බ්රාහ්මණො, න ච පහොති සොණදණ්ඩො බ්රාහ්මණො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතු’න්ති, තිට්ඨතු සොණදණ්ඩො බ්රාහ්මණො, තුම්හෙ මයා සද්ධිං මන්තව්හො අස්මිං වචනෙ. සචෙ පන තුම්හාකං බ්රාහ්මණානං එවං හොති - ‘බහුස්සුතො ච සොණදණ්ඩො බ්රාහ්මණො, කල්යාණවාක්කරණො ච සොණදණ්ඩො බ්රාහ්මණො, පණ්ඩිතො ච සොණදණ්ඩො බ්රාහ්මණො, පහොති ච සොණදණ්ඩො බ්රාහ්මණො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතු’න්ති, තිට්ඨථ තුම්හෙ, සොණදණ්ඩො බ්රාහ්මණො මයා සද්ධිං පටිමන්තෙතූ’’ති.
|
314
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණන්ට මෙසේ කීහ. “බ්‍රාහ්මණයෙනි, සොණදණ්ඩ බමුණු විරුද්ධව කථා කරන්ට අසමර්ථයෙකැ’යි යන මේ අදහස දැන් නුඹලාට ඇතිවේද, එසේ නම් සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ පැත්තක සිටීවා, නුඹලා මා සමග සාකච්ඡා කරව්. බ්‍රාහ්මණයෙනි, සොණදණ්ඩ බමුණු බොහෝ දේ දන්නෙකි, යහපත් වචන කතා කරන්නෙකි, මහා නුවණැත්තෙකි, ශ්‍රමණ ගෞතමයින් හා විරුද්ධ කතා කරන්නට සමර්ථයෙකැ’යි යන මේ අදහස් දැන් නුඹලාට ඇතිවේද, (එසේනම්) නුඹලා සිටිව්, සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ මා සමග සාකච්ජාව කෙරේවා.”
|
315
එවං වුත්තෙ, සොණදණ්ඩො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘තිට්ඨතු භවං ගොතමො, තුණ්හී භවං ගොතමො හොතු, අහමෙව තෙසං සහධම්මෙන
|
315
එවිට සොණදණ්ඩ බමුණු මෙසේ කීය “භවත් ගෞතමයන් වහන්සේ සිටින සේක්වා, භවත් ගෞතමයන් වහන්සේ නිශ්ශබ්ද වන සේක්වා, මම ම ඔවුන්ට කරුණු සහිතව විරුද්ධ කථා කරන්නෙමි.”
එවිට සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ ඒ බමුණන්ට මෙසේ කීය:- “පින්වත්හු මෙසේ නොකියව, පින්වත්හු මෙසේ නොකියව්:- (එනම්) ‘සොණදණ්ඩ තෙමේ ජාතියට නින්දා කෙරේමය. මන්ත්‍රයට නින්දා කෙරේමය. පවුලට (මවුපියන්ට) නින්දා කෙරේමය, එකාන්තයෙන් පින්වත් සොණදණ්ඩ තෙම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මතයට පිළිවෙළින් බැසගනිය.’ පින්වත්නි, මම ජාතියට හෝ මන්ත්‍රයට හෝ පවුලට නින්දා නොකරමි.”
|
316
තෙන
|
316
එකල්හි සොණදණ්ඩගේ බෑණනුවන්වූ අංගක නම් මෙණෙවියා ඒ පිරිසෙහි සිටියේය. එවිට සොණදණ්ඩ තෙමේ ඒ බමුණන්ට මෙසේ කීය:
“පින්වත්නි, අපගේ බෑණනුවන්වූ මේ අංගක නම් මෙණෙවියා නුඹලා දකින්නහුද?”
“එසේය, පින්වත.”
“පින්වත්නි, අංගක නම් තරුණයා උතුම් රූප ඇත්තේය, දක්නවුන්ගේ හිත ප්‍රිය කරන්නේය. හිත් සතුටු කරන්නේය. උත්තම හිත් පිනවන පාටින් යුක්තය, උතුම්වූ රන්වන් පාට ඇත්තේය, මහබඹහුගේ ශරීරය වැනි ශරීරයක් ඇත්තේය, ඔහුගේ ශරීරයෙහි දැකුම් කටයුතුවූදේ බොහෝය මේ පිරිසෙහි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හැර ශරීර වර්ණයෙන් මෝහට සියලු අයුරින් සමාන කෙනෙක් නැත්තේය.
“පින්වත්නි, අංගක තරුණ තෙම වෙදමන්ත්‍ර කටපාඩමේ කියන්නේය. වචන අර්ථශාස්ත්රය හා කාව්‍ය අලංකාර ශාස්ත්‍රයද, අකුරු, ශබ්දධාතු විස්තර සහිතවූ ඉතිහාසය පස්වනූකොට අති තුන්වෙදය පිළිබඳ පරතෙරට පැමිණයේය. ඔහු භාෂාව දන්නේය, ව්‍යකරණ ශාස්ත්‍ර කටපාඩමේ කියන්නේය, කරුණු වරද බව ඔප්පු කරන්නන් විසින් දෙවියෙක් හෝ පරලොවක් නැතැයි යන ශාස්ත්‍රය හා මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණ දැනගැණීම් ඇත්තේය. මම ඔහුට මන්ත්‍ර කියන්නෙමි.
“පින්වත්නි, අංගක තරුණ තෙමේ මව් පක්ෂයෙන්ද පිය පක්ෂයෙන්ද යන පක්ෂදෙකින් යහපත්සේ උපන්නේය, පිරිසිදු මවු කුසින් බිහිවූයේය. සත්වන පරම්පරාව දක්වා අවනම්බු නොලබන ලද්දේය. ජාතිවාදයෙන් අවනම්බු නොකරණ ලද්දේය. මම ඔහුගේ මව්පියන් දනිමි.
පින්වත්නි, අංගක තරුණයා ප්‍රාණඝාත කරන්නේය. නුදුන්දෙයද ගන්නේය, අන් භාර්යාවන් වෙතටද යන්නේය. බොරුද කියන්නේය. රහ මෙරද පානය කරන්නේය. පින්වතිනි, දැන් මෙසේ ඇති කල්හි, වර්ණය කුමක් කරන්නේද? මන්ත්‍ර හෝ වංශය කුමක් කරන්නේද?
“පින්වත්නි, බ්‍රාහ්මණ තෙමේ යම් කලෙක පටන් සිල්වත්වූයේ, වඩන ලද සිල් ඇත්තේ, සම්පූර්ණ ශීලයෙන් යුක්තවේද, නුවණ ඇති පණ්ඩිත වූයේ, යාග කරන්නන් අතුරෙන් පළමුවෙනියෙක් හෝ දෙවෙනියෙක් වේද, පින්වත්නි මේ අංගදෙකින් යුක්තවූ බමුණුවෙමි’යි කියන්නේ නම් ඔහු හරිආකාර කියන්නේය, බොරුකීමට නොපැමිණෙන්නේයයි බ්‍රාහ්මණ යෝ ප්‍රකාශකරති.”
|
සීලපඤ්ඤාකථා | සීලපඤ්ඤාකථා |
317
‘‘ඉමෙසං පන, බ්‍රාහ්මණ, ද්වින්නං අඞ්ගානං සක්කා එකං අඞ්ගං ඨපයිත්වා එකෙන අඞ්ගෙන සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤපෙතුං; ‘බ්රාහ්මණොස්මී’ති ච වදමානො සම්මා වදෙය්ය, න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා’’ති? ‘‘නො
|
317
“බ්‍රාහ්මණය, මේ අංගදෙකෙන් එක් අංගයක් හැර එක් අංගයකින් යුත්වූ බමුණු තෙම ‘මම බමුණුවෙමියි, කියන්නේ නම් ඔහු හරිආකාරයෙන් කියන්නේය, (එසේ කීමෙන්) බොරුකීමට නොපැමිණෙන්නේයයි ප්‍රකාශකළ හැකිද?
“භවත් ගෞතමයන් වහන්ස, මේ කාරණය නම් නොහැකිය. භවත් ගෞතමයෙනි, නුවණ ශීලයෙන් පිරිසිදු කරණ ලද්දීය. ශීලය නුවණින් පිරිසිදුකරණ ලද්දේය. යමෙකු කෙරෙහි ශීලයවේද, ඔහු කෙරෙහි නුවණවේ; යමෙකු කෙරෙහි නුවණ වේද ඔහු කෙරෙහි ශීලයවේ. ශීලය ඇත්තාහට නුවණ ඇතිවේ. නුවණ ඇත්තාහට ශීලය ඇතිවේ. ශීල-නුවණ දෙක ලෝකයෙහි ඉතා උතුම්යයි කියනු ලැබේ. භවත් ගෞතමයෙනි, යම්සේ එක් අතකින් අනිත් අත සෝදන්නේද, එක් පයින් අනිත් පය අතුල්ලා සෝදන්නේද, එමෙන්ම, භවත් ගෞතමයෙනි, නුවණ ශීලයෙන් පිරිසිදු කරණ ලද්දීය, ශීලය නුවණින් පිරිසිදු කරණ ලද්දේය. යමෙකු කෙරෙහි ශීලය වේද, ඔහු කෙරෙහි නුවණවේ. යමෙකු කෙරෙහි නුවණවේද, ඔහු කෙරෙහි ශීලයවේ. සිල්වතාට නුවණ ඇතිවේ; නුවණැත්තාට ශීලය ඇතිවේ. ශීල නුවණ දෙක ලෝකයෙහි ඉතා උසස්යයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණය, මේ කාරණය මෙසේ මය, නුවණ ශීලයෙන් පිරිසිදු කරණ ලද්දීය. යමෙකු කෙරෙහි සිල් ඇත්තේද ඔහු කෙරෙහි නුවණ ඇත්තේ වේ. යමෙකු කෙරෙහි නුවණ ඇත්තේ වේද, ඔහු කෙරෙහි සිල් ඇත්තේ වේ. සිල් ඇත්තාහට නුවණ ඇත්තේය. නුවණ ඇත්තාහට සිල් ඇත්තේය. ශීල නුවණ දෙක ලෝකයෙහි ඉතා උසස්යයි කියනු ලැබේ.
|
318
‘‘කතමං පන තං, බ්‍රාහ්මණ, සීලං? කතමා සා පඤ්ඤා’’ති? ‘‘එත්තකපරමාව මයං, භො ගොතම, එතස්මිං අත්ථෙ. සාධු වත භවන්තංයෙව ගොතමං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො’’ති. ‘‘තෙන හි, බ්‍රාහ්මණ, සුණොහි; සාධුකං මනසිකරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො සොණදණ්ඩො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච - ‘‘ඉධ, බ්‍රාහ්මණ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො...පෙ.... (යථා 190-212 අනුච්ඡෙදෙසු තථා විත්ථාරෙතබ්බං). එවං ඛො, බ්‍රාහ්මණ, භික්ඛු සීලසම්පන්නො හොති. ඉදං ඛො තං, බ්‍රාහ්මණ, සීලං...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති...පෙ.... දුතියං ඣානං...පෙ.... තතියං ඣානං...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති...පෙ.... ඤාණදස්සනාය චිත්තං අභිනීහරති, අභිනින්නාමෙති. ඉදම්පිස්ස හොති පඤ්ඤාය...පෙ....
|
318
“බ්‍රාහ්මණය, ඒ ශීලය කවරේද? ඒ නුවණ කවරීද?”
“භවත් ගෞතමයන් වහන්ස, අපි මේ කරුණෙහි ශීල නුවණ දෙක පමණක්ම ප්‍රධාන කොට ඇත්තෝ වම්හ. භාග්‍යවතුන් වහන්සේ ශීල නුවණ දෙක විස්තර කරණ සේක්වා.”
“එසේ නම් බමුණ, හොඳින් කල්පනා කරව, දේශනා කරන්නෙමි.”
සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ “එසේය, පින්වතුන් වහන්සැ”යි භාග්‍යවතුන්හට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“බ්‍රාහ්මණය, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, විදර්ශනා ඥාන ආදී විද්‍යා අට සීලසංවරය ආදී හසුරුවන ධර්ම පහළොව යන අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගති ඇත්තාවූ, සියලු ලෝකයන් දන්නාවූ, ශ්‍රේෂ්ඨවූ, හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනිවූ, දෙවි මිනිසුන්ට ගුරුවරයෙක්වූ, (චතුරාර්ය සත්‍ය) සත්‍යවූ උතුම් ධර්මසතර අවබෝධකළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිතවූ, මාරයන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, රජුන් සහ මිනිසුන් සහිතවූ, සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කරන්නාවූ ඛ්‍යඤ්ජන සහිත, සියලු ලෙසින් සම්පූර්ණවූ පිරිසිදුවූ සියලු ශාසනමාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.
‘ඒ ධර්මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන් කුල අතුරෙන් එක් කුලයක උපන්නෙක් හෝ අසයි. ඔහු ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි, ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසේ සලකන්නේය. ‘ගෘහවාසය පීඩා සහිතයි. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශයමෙන් නිදහස්ය. ගිහි ගෙයි වසන්නාහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, සියලු ආකාරයෙන් පිරිසිදුවූ, ලියවූ හක්ගෙඩියක් වැනි මෙම බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්ට නොහැක්කේය. මම කෙස් දැලිරැවුලු කපාදමා සිව්රු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නෙම් නම් ඉතා යහපතැයි’ කියායි.
‘ඔහු පසු කාලයක ස්වල්පවූ හෝ බොහෝවූ හෝ සම්පත් රාසිය හැර, ස්වල්පවූ හෝ බොහෝවූ නෑපිරිස් හැර, කෙස් දැළිරැවුලු කපාදමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණවේ. මෙසේ මහණවූ ඔහු ප්‍රධාන සංවරසීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ, ස්වල්පවූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත්වූ ශරීරයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යුක්තවූයේ ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදුවූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි.
“බමුණ, භික්ෂුනමක් කෙසේ නම් සීලසම්පන්න වේද? බමුණ, මේ සස්නෙහිවූ භික්ෂුනමක් ප්‍රාණවධය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ. බහා තබන ලද දඬු ඇත්තේ, බහාතබන ලද ආයුද ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්තවූයේ, සියලු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයක්වේ. නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පූර්ණයෙන් වැළැක්කේ, දුන් දෙයම ගන්නේ, දුන්දෙයම කැමතිවන්නේ, සොරනොවූ පිරිසිදුවූ සිතින් යුක්තව වාසය කෙරේද මෙයද ඔහුගේ සීලයෙකි. අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රි පුරුෂ සංසර්ගය නම්වූ ග්‍රාම ධර්මයෙන් වෙන්වූයේ බ්රහ්මචරිවේද මෙයද ඔහුගේ සීලයකි. බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කථා ඇත්තේ ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කථා ඇති නොකරේද මෙයද ඔහුගේ සීලයෙකි. පිසුණු බස් හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, මෙතැනින්, අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන ගති ඇත්තේද, එතැනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන ගති ඇත්තේද, මෙසේ භෙද වූවන් ගළපන්නේ සමගිවූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙහි ඇලුම් බහුල කොට ඇත්තේ, සමගිකම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ සමගිය ඇතිකරණ තෙපුල් කියන්නේවේද මේද ඔහුගේ සීලයෙකි. ඵරුෂ වචනය හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේද, කනට සැපද, ප්‍රෙමණීයද, සතුටු කරයිද, යහපත්ද, බොහෝ දෙනාට ප්‍රියද, බොහෝ දෙනාගේ හිත් ප්‍රියකරන්නේද, එබඳු වචනම කියන්නේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි. හිස්වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදුවූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්තවූ, ධර්මයෙන් යුක්ත විනය සම්බන්ධවූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිතවූ, සීමා ඇති, අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේද මෙසේ ඒ හිස් කථාවෙන් වැළැක්මද දියුණුවට හේතුවන වචන කීමද, මෙයද ඔහුගේ සීලයෙකි.
“තණ, ගස්, වැල්, සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රි කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. නැටීම්, ගී කීම්, බෙර ආදිය වැයීම්, විසුලු දැකීම් යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. මල් ගඳ විලවුන් පැළඳීම ඉන් සැරසීම, අඩු තැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය. රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය. අමුවූ ධාන්‍යවර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ, අමුමස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද ස්ත්‍රීන් හා ගෑනුලමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොරවූයේ, එළුවන් හා තිරෙළුවන් පිළිගැනීමෙන් තොරවූයේ කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත්, යන මේ පිළිගැන්මෙන්ද, සම්පූර්ණයෙන් තොරවූයේය. ගිහීන්ගේ දූත මෙහෙවරය, ගෙන්ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වඤ්චා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වඤ්චා කිරීමය, වී ආදිය මැණීමෙන් වඤ්චා කිරීමය, හිමියන් අහිමි කිරීමාදිය සඳහා අල්ලස් ගැන්මය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලොහ රන් රිදීයයි අඟවා වඤ්චා කිරීමය, නොයෙක් ආකාරවූ කුටිල ප්‍රයොගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය. කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැන්මය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලාත්කාරකමින් වස්තු පැහැර ගැන්මය, යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මෙයද ඔහුගේ සීලයක්වේ.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මූලබීජය, ඛන්ධබීජය, එළුබීජය, දළුබීජය, පස්වැනිවූ බීජබීජය යන මේ ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ බීජගාම භූතගාමයන් සිඳීම් බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයක්වේ.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා ආහාර වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, නොඉටන ලද (අයිතියට නොගත්) සිවුරු ආදිය, යාන සංඛයාත වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්මයයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්ද මෙබඳුවූ සන්නිධිකාර පරිභොගයෙන් වැළකී වෙසේ නම්, මෙද ඔහුගේ සීලයක් වේ.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා නැටීමය, ගී කීමය, බෙර ආදිය වැයීමය, රඟමඬුලු සැරසීමය, වැඩක් නැති කථා ඇසීමය, කයිතාලම් හා අත්ලෙන් අත්ල ගැසීමය, මන්ත්‍ර පිරවීමෙන් මළමිනී නැංවීමය, සතරැස් හෝ කළ බෙර ගැසීමය, ශොභන චිත්‍ර විචිත්‍රය, සණදොවුන් කෙළිය, හුණගස් ඔසවා නැටීමය, මිනී ඇට සෝදා තැබීමය, ඇතුන් හා පොරය, අශ්වයින් යොදා පොරය, මීවුන් හා පොරය, ගවයින් හා පොරය, එළුපොරය, මෙණ්ඩක එළුපොරය, කුකුළුපොරය, වටුපොරය, දඬු (පොලු) පොරය, තොරතුරු ඇනීමය, මල්ලව යුද්ධය, යුද්ධය, ඇත් අස් ආදිය දැකීමය යන විකාර දර්ශනයෙහි යෙදී වාසය කරත් මෙසේ මෙබඳු විසුලු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙයද ඔහුගේ සීලයක් වේ.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙනලද කෑම කා (දූ පෝරු ආදියෙහි කෙළිම්වූ) ක්‍රීඩාවය, දශපද ක්‍රීඩාවය, දූ පෝරු ආදියෙහි මෙන් ආකාශයෙහි ක්‍රීඩාකිරීමය බිම් මණ්ඩල වශයෙන් සාදා පැන පැන ක්‍රීඩා කිරිමය, දූකැට නොසොල්වා නියෙන් ගසා ක්‍රීඩා කිරීමය, දාදු කෙළීමය, සිං කෙළීමය, භිත්ති ආදියෙහි ඉරටමිටි ගසා ඇත් අස් ආදී රූප දක්වා කෙළීමය, පන්දු කෙළීමය, නලා පිඹීමය, ක්‍රීඩා නගුල් ගෙන සෙල්ලම් සීසෑමය, කරනම් ගැසීමය, තල්පත් ආදියෙන් කන්නන්ගුරුවා තනා ක්‍රීඩාකිරීමය, කොළ නැළියෙන් වැලි ආදිය මැණ කෙළීමය, කුඩා රථයෙන් කෙළීමය, කුඩා දුන්නෙන් කෙළීමය, අහසෙහි හෝ පිටෙහි හෝ අකුරු ඇඳ කෙළීමය, සිතූ දේ කියවීම් කීම් ආදියෙන් කෙළීමය. ඒ ඒ දෝෂ රූප දක්වා කෙළීමය, යන මෙබඳුවූ ප්‍රමාදයට කාරණාවූ දූ කෙළීමෙහි යෙදී වාසය කෙරෙත්ද මෙසේ මෙබඳුවූ දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා දික්හඟලා පුටුය, පලස්ය, සතරඟුලෙන් දිග ලොම් ඇතිරිය, විසිතුරු එළුලොම් ඇතිරිය, එළුලොම් සුදු ඇතිරිය, එළු ලොමින් කළ ඉදිරියට නෙරූ මල් ඇති ඇතිරිය, සිංහාදී රූපයෙන් විසිතුරු එළුලොම් ඇතිරිය, එක් පිට ලොම් ඇති ඇතිරිය. දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, රත්රන් නූලෙන් කළ පට ඇතිරිලිය, එකවිට නැට්ටුක්කාරියන් දහසය දෙනෙක් නටනා එළුලොමින් කළාවූ මහ ඇතිරිය, ඇතුන් පිට අතුරණ ඇතිරිය, අසුන් පිට අතුරන ඇතිරිය, රථ පිට අතුරණ ඇතිරිය, අඳුන්දිවි සමින් කළ ඇතිරිය, කෙසෙල් මුව සමින් කළ උතුම් ඇතිරිය, දෙපස තබනලද රතුපාට කොට්ට ඇති ආසනය, යන මෙබඳු උස් අසුන් මහ අසුන් පාවිච්චි කෙරෙත්ද මෙසේ මෙබඳුවූ උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි,
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ඇඟ ඉලීමය, පිරිමැදීමය, නෑවීමය, මැඩීමය, මූනබලන කන්නාඩි, අඳුන් තෙල් පාවිච්චිය හා සුවඳ, මූණේ ගානා සුවඳ කුඩු, මූණේ ගානා සුවඳ ද්‍රව්‍ය, අත්වල බඳින ආභරණ යන මේ දේ දැරීම හා පැළඳීමය, රත්රන් නූල් ආදියෙන් කුඩුම්බි බැඳීමය, විසිතුරු දඬුගෙන හැසිරීමය, බෙහෙත් නල එල්වාගෙන ඇවිදීමය, කඩු විසිතුරු කුඩ ගෙනයෑම, විසිතුරු සෙරෙප්පු හෝ සපත්තු පයලා ඇවිදීමය. නලල්පට බැඳීමය, කොණ්ඩා මාණික්‍ය පැළඳීමය, අවන් දැරීමය, දික්වූ දහවලු ඇති සුදුරෙදි ඇදීමයයි මෙසේවූ සැරසීම් හා අඩුතැන් පිරවීමෙහි නිතර නිතර යෙදෙත්ද මෙබඳුවූ සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.
“එසේම ඇතැම් පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය මහ ඇමතියන් පිළිබඳ කථාය, සෙනා පිළිබඳ කථාය, භස පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, ඇඳුම් පිළිබඳ කථාය, ඇඳන් පිළිබඳ කථාය, මාලා පිළිබඳ කථාය, ගන්ධ ද්‍රව්‍යයන් පිළිබඳ කථාය, නෑයන් පිළිබඳ කථාය, රථ පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නුවර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, පුරුෂයන් පිළිබඳ කථාය, ගෑනු දරුවන් පිරිමි දරුවන් පිළිබඳ කථාය, යොධයන් පිළිබඳ කථාය, වීථි පිළිබඳ කථාය, වතුර ගෙන යන දාසීන් හෝ වතුර ගෙන යන තැන් හෝ පිළිබඳ කථාය, මළ නෑයන් යන ආදීන් පිළිබඳ කථාය, නොයෙක් ආකාරවූ තේරුම් නැති කථාය, ලෝකය පිළිබඳ කථාය, මුහුද පිළිබඳ කථාය, භවාභව කථාය යන මෙබඳු පහත් කථාවෙහි යෙදී වෙසෙත්ද මෙබඳුවූ පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘ඔබ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්ම විනය දනිමි’ ‘ඔබ මේ ධර්ම විනය කුමකැයි දන්නෙහිද?’ ඔබ වරදවා පිළිපදින්නෙහිය, මම මනාකොට පිළිපදින්නේ වෙමි’. ‘මාගේ වචන යහපත්ය, හෝ අර්ථ සහිතය, ඔබගේ වචන අර්ථ රහිතය’ ‘පළමු කිය යුත්ත පසුව කීයෙහිය. පසුව කිය යුත්ත පළමුව කීයෙහිය. යමක් ඔබ බොහෝ කල් පුරුදු කරණ ලද නම් ඒ සියල්ල නිෂ්ඵල විය. ඔබට වාදාරොපනය කරණ ලදී. නින්දා කරණ ලද්දෙහිය. වාදයෙන් මිදෙනු පිණිස ක්‍රියා කරව. ඉදින් හැක්කෙහි නම් වාදයෙන් ගැළවෙව’ යන ආදී දෝෂාරොපණ කථාවෙහි යෙදී වෙසෙත්ද මෙසේ මෙබඳු දෝෂාරොපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.
“එසේ සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ‘රජුන්ගේ, රජ මහ ඇමතියන්ගේ, ක්ෂත්රියන්ගේ, බමුණන්ගේ, ගෘහපතියන්ගේ සහ කුමරුන්ගේද හසුන් ගෙන, ‘මෙතනින් අසවල් තැනට යව අසවල් තැනින් මෙහි එව, මෙය ගෙණයව, එතැනින් අසවල් දෙය ගෙණෙව’යි දූතභාවයෙහි හා හසුන් ගෙණ යෑමෙහි යෙදී වෙසෙත්ද මෙබඳු දූත භාවය, හසුන් ගෙණයෑම යන මෙයින් වැළැක්කේ නම් මෙයද ඒ ඔහුගේ එක් සීලයෙකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා කුහකයෝද, සිව්පසය උදෙසා කථා කරන්නෝද, නිමිති කරන්නෝද නොහොත් ලාභ සත්කාර සඳහන් කරන්නෝද, පරලාභාදිය උදෙසා කියන්නෝද ලාභයකින් ලාභයක් සොයන්නෝද වෙත්. මෙබඳුවූ කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.”
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙනගැසීම ආදී මහ නිමිතිබලා කියන ශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය බලා කියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොමය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර විද්‍යා වාස්තු විද්‍යා නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා විෂ විද්‍යා ගෝනුසු විද්‍යා මී විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවත කාලය කීම, ආයුධ වැළැක්ම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා, හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මිණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය ස්ත්‍රී ලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑනුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසි ලක්ෂණය, ඇත් ලක්ෂණය, අශ්ව ලක්ෂණය, කැස්බෑ ලක්ෂණය, එළුලක්ෂණය, මීහරක් ලක්ෂණය, ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය, මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙණ වැරදි ජීවිකාව කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයෙකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය, මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයක් වේ.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘චන්ද්‍රග්‍රහණය වන්නේය, සූර්ග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම් වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු තාරකාවන්ගේ නැගීම හා බැහීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇති වන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටුවීම හා පිරිසිදු වීම මෙබඳු විපාක ඇතිවන්නේයයි’ කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හේතු කොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ‘මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රෝග ඇතිවන්නේය, නිරෝගී බව ඇතිවන්නේයයි’ කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන් කිරීමය, කොටස්කර ගණන් කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණ කොට වැරදි ජීවිකා කෙරෙත්ද මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇති කිරීමය, දුර්ගර්භකරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීම, කාර්යය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍ය කිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැර බෙහෙත් දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට, වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්ද මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්මක් නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
“බමුණ, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීලසංවරය හේතු කොට ගෙණ කිසිතැනකදී නොඋපදනේය. කුමක් මෙන්ද යත්: බමුණ ක්ෂත්රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්රීය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, අම්බට්ඨය, සීලසම්පන්නවූ භික්ෂුතෙමේ හය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂු තෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. බමුණ, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව ශීලසම්පන්න නම් වේ.
“උතුම්වූ මේ සීලසමූහයෙන් යුක්තවූද උතුම්වූ මේ ඉන්ද්රිය සංවරයෙන් යුක්තවූද, මේ උතුම්වූ සතිසම්පජඤ්ඤයෙන් යුක්තවූද, මේ උතුම්වූ සන්තෝෂයෙන් යුක්තවූද, ඒ භික්ෂු තෙමේ කැලයද, ගහක් මුලද, කඳු පලාත්ද, කඳුරැලි ගල්ගුහාවන් හෝ මහා මගද, සොහොන්ද, ඉතා දුරවූ කැලෑ වාසස්ථානද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණ ගුහාද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ, පර්යංකය බැඳ කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවණෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වසයෙන් සිත ඉදිරියෙහි පිහිටුවාගෙණ හිඳී.
“ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලසන්නාවූ ක්‍රෝධය පහකොට ක්‍රෝධයෙන් දුරුවූ සිත් ඇතිව පණඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසයකරයි. ක්‍රොධ දෝෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරුකොට කය-සිත පිළිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරුකොට සිත පිරිසිදු කෙරේ. උඩඟු බව හා කුකුස දුරුකොට, සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුළත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ඡාව (සැකය) දුරුකොට පහකළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ; විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කෙරේ.
බමුණ යම්සේ පුරුෂයෙක් ණයගෙණ කර්මාන්තයන්හි යොදන්නේද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණුවන්නාහු නම් ඔහුගේ ඒ පරණ ණය මුදල් සියල්ලම ගෙවන්නේය. ඔහුගේ අඹු දරුවන් ආරක්ෂා කරණ පිණිස වැඩි යමක් ඉතුරු වූයේ නම් ඕහට මෙබඳු අදහසක් ඇතිවේ. ‘මම පළමුවෙන් ණය ගෙණ කර්මාන්තයන්හි යෙදුවෙමි. ඒ මාගේ කර්මාන්තයෝ දියුණුවූහ. ඒ මම පැරණි ණය ගෙවූයෙමි. අඹු දරුවන් පොෂ්‍යය කිරීම පිණිස අතිරේක මුදලක්ද මට ඇත්තේය, කියායි. හෙතෙම ඒ ණය නැති බව මුල්කොට ගෙණ බලවත් සතුටක් ලබන්නේය. සතුටටද පැමිණෙන්නේය.
“බමුණ, යම්සේ රොගයෙන් පෙළෙන දුක් ඇත්තාවූ, දැඩි ගිලන්බව ඇති පුරුෂයෙක් වන්නේද, ඕහට ආහාර රුචි නොවන්නේද, ඔහුගේ ශරීරයෙහි කිසි ශක්තියක් නැත්තේද වෙයි. ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට ආහාර රුචිය ඇති වන්නේ නම්, ඔහුගේ ශරීර බලය ඇතිවන්නේ නම්, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. කෙබඳුද යත්: ‘මම පෙර ආබාධ ඇත්තාවූ, දුක් ඇති, දැඩි ගිලන් බව ඇති කෙනෙක් වීමි. මට බත් රුචියද නොවීය, ශරීර බලයද නැතිවිය, ඒ මම පළමු තිබූ ආබාධයෙන් මිදුනෙමි. මට ආහාර රුචියද ඇත්තේය. කාය බලයද තිබේය’ කියායි. ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය, සොම්නසටද පැමිණෙන්නේය.
“බමුණ, යම්සේ පුරුෂයෙක් සිරගෙයි බැඳුනේ වේද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය. ඔහුගේ කෑම පිළිබඳ කිසිත් වියදමක්ද නොවන්නේය. ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිරගෙයි බැඳුනෙක් වූයෙමි. ඒ මම දැන් පීඩා රහිතව සැපසේ ඒ සිරගෙයින් මිදුනෙමි. මගේ කෑම පිළිබඳ කිසි වියදමක්ද නොවූයේය’ කියායි. ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය, සතුටට පැමිණෙන්නේය.
“බමුණ, යම් සේ සිය කැමැත්තෙන් යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත්වූ, තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි වැඩකරුවෙක් වන්නේද, ඔහු පසු කලක ඒ දාසභාවයෙන් මිදෙන්නේ, තමාම අධිපතිකොට ඇත්තේ, අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, සිය අදහස් පරිදි ඒ ඒ තැන යා හැකි වන්නේද, ඔහුට මෙබඳු අදහසක් වන්නේය. එනම්: ‘මම පෙර සිය කැමැති පරිදි යමක් කරන්ට නොහැකි, අනුන්ට යටත් මා අදහස් පරිදි කිසි තැනෙක යා නොහැකි දාසයෙක් වීමි. ඒ මම දැන් ඒ දාසභාවයෙන් මිදුනෙක්මි. තමා අධිපති කොට ඇත්තෙක් වීමි. අනුන්ට යටත්නූන කෙනෙක් වීමි. අනුන්ට යටත් නොව මා සපයාගත් දෙයින්ම යැපෙන්නෙමි, මා අදහස් පරිදි ඒ ඒ කැමති තැනෙක යා හැක්කේද වෙමි’යි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිතවූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදීම් වසයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේද ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ (සකල) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණයෙන් පුරවයි. සැමතන්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවෙනි විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවෙනි ධ්‍යානයෙන් යුත් සැපය පතුරුවයි.
“බමුණ, යම්සේ දක්ෂවූ ස්නාන ද්‍රව්‍ය සපයන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ ස්නානයට ගන්නාවූ සුණු ලොහ තලියක බහා දිය ඉසිමින් අතින් අනමින් පිඩු කරන්නේද, එවිට ඒ මේ ස්නාන කුඩුගුලිය දියෙන් යුක්ත වේ, ජලය හාත්පසින් කාවැදුනේ වේ. එහි ඇතුළත හා පිටතද සියලු තන්හිම ජලයෙන් පහස්නා ලද්දේ වේ. එහෙත් බින්දු වශයෙන් ජලය ඉන් නොවැගිරේද,
“බමුණ, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ, විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ශරීරය තෙමයි, හාත්පසින් තෙමයි, සම්පූර්ණයෙන් පුරවයි, සැමතන්හි පතුරවයි. ඔහුගේ සියලු ශරීරයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් පැතිරෙයි. බමුණ, මෙයද මේ ආත්මයෙහි දැක්කයුතු විපාක ඇත ඵලයකි මෙය ඉහතකී මේ ආත්මභාවයෙහි දැකිය යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ මනොඥය, බොහෝ ශ්‍රේෂ්ඨද වෙයි.
“බමුණ, නැවතද භික්ෂු තෙමේ අරමුණෙහි සිත පැමිණවීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම යන මොවුන්ගේ සන්සිඳීමෙන් අද්ධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණ තෙමේ මේ කය සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් තෙමයි. හාත්පසින් තෙමයි. සම්පූර්ණයෙන් පුරවයි, හාත්පසින් ස්පර්ශ කරයි. ඒ මහණහුගේ සියලු ශරීරයෙහි දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ.
“බමුණ, යම්සේ ඇතුළතම හටගත් ජලය ඇති දියවිලක් වේද ඒ විල පිළිබඳ පෙර දිගින්ද, අපරදිගින්ද, උතුරු දිගින්ද, දකුණු දිගින්ද, දිය එන මගක් නැත්තේවේද වැස්සද කලින් කල මනාසේ වැසි වැසීම නොකරන්නේද, එසේවූ ඒ විලෙන් සිහිල් දිය දහර පොළොව බිඳ නැගී ඒ මුළු විලම සිහිල් දියෙන් පතුරුවයි, හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි. එහි හැම තැන දියෙන් ස්පර්ශකෙරෙයි. ඒ සියලු විලෙහි සීත ජලය නොපැතිර පවත්නා තැනක් නම් නැත්තේය. බමුණ, එපරිද්දෙන් මේ භික්ෂු තෙමේ මේ මුළු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් සියලු තැන පතුරුවන ලද්දක් කෙරේ, ප්‍රීති සැපයෙන් හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි, ඉන් සැමතැනම ස්පර්ශ කෙරෙයි. ඒ මහණහුගේ සම්පූර්ණ ශරීරයෙහි දෙවෙනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.
මෙයද ඔහුගේ සීල ආදියෙහි වන්නකි.
“නැවතද බමුණ, ඒ භික්ෂු තෙමේ ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. යම් ධ්‍යානයක් පිළිබඳව (උපේක්ෂා) සැප දුක් දෙකට මැදහත් විඳීම ඇත්තේය, සිහි ඇත්තේය. සැපයෙන් විසීම ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්ෂු තෙමේ මේ සියලු තැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරේ. ඒ සැපතින් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි, එයින් සැතැනම පැතිරෙයි. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි තුන්වැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.
“බමුණ, යම්සේ නිල්මානෙල් විලක හෝ සුදු නෙලුම් විලක හෝ රතු නෙලුම් විලක හෝ දියෙහි හටගත්, දියෙහි වැඩුනු දියෙන් උඩට නො නැගුනු, දියතුලම ගැලී වැඩෙන්නාවූ සමහර නිල් මානෙල් හෝ සමහර සුදු නෙළුම් හෝ සමහර රත් නෙළුම් හෝ වෙද්ද, ඒ නිල් මානෙල් ආදීහු අග දක්වාත්, මුල දක්වාත්, සිහිල් ජලයෙන් තෙමුනාහු, හාත්පසින් තෙමුනාහු, සම්පූර්ණයෙන් වැගුරුණාහු, හාත්පසින් ස්පර්ශ ලද්දාහු වෙත්ද, ඒ නිල්මානෙල් සුදු නෙළුම් රත් නෙළුම්, යන මොවුන්ගෙන් එකකුත් ජලයෙන් නො පහස්නා ලද්දේ නොවේද බමුණ, එපරිද්දෙන් ඒ භික්ෂු තෙමේ මේ මුළු ශරීරයම දුරුකළ ප්‍රීතිය ඇති සැපයෙන් සියලුතැන පැතිර පවත්නා සැප ඇත්තක් කෙරෙයි, ඉන් හාත්පසින් තෙමෙයි, සම්පූර්ණයෙන් පුරවයි. හාත්පසින් ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සම්පූර්ණ ශරීරයෙහි ප්‍රීති නැති තුන්වැනි ධ්‍යානයෙන් පැතිරයයි.
මෙයද ඔහුගේ සීල ආදියෙහි වන්නකි.
“නැවතද බමුණ, ඒ මහණතෙමේ සැප දුරුකිරීමෙන්, දුක් දුරු කිරීමෙන්ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති, හතරවෙනි ධ්‍යාන (කුසල) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ මහණ තෙමේ මේ සකල ශරීරයම, පිරිසිදුවූ, අතිශයින් බබලන (ධ්‍යාන) සිතින් පතුරුවන්නේය. ඒ ධ්‍යානලාභී භික්ෂුහුගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිදුවූ, අතිශයින් බබලන්නාවූ හතරවැනි ධ්‍යාන සිතින් පැතිරයයි.
“බමුණ, යම්සේ කිසියම් පුරුෂයෙක් පිරිසිදුවූ සුදු ඇඳුමකින් හිස සිටපොරවා උන්නේ වේද, ඔහුගේ මුලු ශරීරයෙහි එකම තැනකුදු සුදුවතින් නො වසන ලද්දේ නොවේ. බමුණ, එපරිද්දෙන්ම ධ්‍යානලාභී භික්ෂු තෙමේ මේ සියලු ශරීරයම පිරිසිදුවූ, අතිශයින්ම බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පතුරවා හුන්නේ වේ. ඒ භික්ෂුහුගේ සියලු ශරීරයෙහි පිරිසිදුවූ, බබලන්නාවූ හතර වැනි ධ්‍යාන සිතින් පැතිරයයි. (සතර වැනි ධ්‍යාන චිත්තයෙන් සකල ශරීරයම පතුරුවන ලද්දේයයි කී සේයි.)
මෙයද ඔහුගේ සීල ආදියෙහි වන්නකි. බමුණ, මේ ඔහුගේ සීල ආදියයි.
“නැවතද, බමුණ, ඒ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි කෙලෙස් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. ඒ සඳහා වෙසෙසින් සිත නමයි. ඔහු මෙසේ දැන ගණී. ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය. *සතර මහාභූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ දේ, ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙරේ. මෙහිම බැඳුනේ වෙයි’ කියායි.
“බමුණ, යම්සේ යහපත්වූ, පිරිසිදු ආකාරයෙන් උපන්නාවූ, අටැස්වූ, ගල් ආදී දොස් බැහැර කිරීමෙන් හොඳ ලෙස සකස් කරණ ලද්දාවූ, නිර්මලවූ, විශේෂයෙන් ප්‍රසන්නවූ, කැලැල් නැතිවූ, සියලු ආකාරයෙන් සම්පූර්ණවූ, වෛඪුර්ය මැණිකක් වේද, එහි නිල්වූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේ, ඒ මේ මැණික ඇස් ඇති පුරුෂයෙක් අතට ගෙණ මෙසේ සලකා බලන්නේය. ‘මේ වෛඪූර්ය මැණික මනාසේ කාන්තිමත් හෙයින් යහපත් වේ, පිරිසිදු ආකරයෙන් උපන්නේය, අටැස් ඇත්තේය, දොස් දුරුකිරීමෙන් මනාකොට සකස් කරණ ලද්දේය, නිර්මලය, විශේෂයෙන් ප්‍රසන්නය, කැලැල් නැත, සියලු ආකාරයෙන් සම්පූර්ණය. ඒ මැණිකෙහි මේ නීලවර්ණවූ හෝ කහපාටවූ හෝ රතුවූ හෝ සුදුවූ හෝ පඬුවන්වූ හෝ නූලක් අමුණන ලද්දේය’ කියායි.
“බමුණ, එපරිද්දෙන්ම යෝගීවූ මේ භික්ෂු තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිවූ කල්හි මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පානොවන බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත එලවා තබයි, ඒ සඳහා විශේෂයෙන් සිත නමයි. ඒ භික්ෂු තෙමේ මෙසේ දන්නේය, කෙසේද යත්: ‘මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තවේ. සතර මහාභූතයන්ගෙන් හටගත්තේය, මව්පියන් නිසා හටගත්තේය. ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය යන මේ ස්වභාවකොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය මේ ශරීරය ආශ්‍රය කෙළේ වෙයි, මෙහිම බැඳී සිටියේය’ කියායි.
මෙයද ඔහුගේ ශීලාදියෙහි වන්නකි.
“ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කෙලෙස් නැතිවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, මනොමයවූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි. වෙහෙසින් නමයි. ඔහු ආකාර වත්වූ, මනොමයවූ (ධ්‍යාන සිතින් නිපදවන ලද) ශරීරය හා අත පය ආදී අවයව ඇති, විකලනුවූ ඉඳුරන් ඇති, මේ ශරීරයෙන් අන්‍යවූ ශරීරයක් හොඳ ලෙස සාදයි.
“බමුණ, යම්සේ පුරුෂයෙක් මුදු තණ ගසින් තණබඩය උදුරා ගැනීම කරන්නේද, මේ තණ ගසය, මේ තණ බඩය, තණගස අනිකෙක, තණබඩය අනිකෙක, තණ ගසින්ම තණබඩය ඇදගන්නා ලද්දේය, තනන ලද්දේය යන වැටහීම ඕහට පහල වන්නේය.
“බමුණ, යම්සේ පුරුෂයෙක් කඩුව කොපුවෙන් ඉවත් කරන්නේද ඔහුට මෙබඳු අදහසක් වන්නේය. ‘මේ කඩුවය මේ කොපුවය, කඩුව අනිකෙක, කොපුව අනිකෙක, කොපුවෙන් කඩුව ඉවත්කරණ ලද්දේය’ කියායි.
“බමුණ, යම් පුරුෂයෙක් සර්පයෙකු සැවයෙන් පහ කරන්නේද ඕහට මේ සර්පයාය, මේ සැවය, සර්පයා එකෙකි. සැව අනිකකි, සැවයෙන් සර්පයා වෙන්කරණ ලද්දේයයි, වැටහීමක් ඇතිවන්නේය.
“බමුණ, එසේම භික්ෂුතෙමේ මෙසේ සිත සමාධිගතවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති, සිතින් මවනලද, සියලු ශරීරය සහ අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්රිය ඇති වෙන කයක් මවයි.
මෙයද ඔහුගේ සීලාදියෙහි වන්නකි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, නැවතීමට පැමිණි කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධිවිධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති ඍද්ධිවිධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට පර්වතය හරහට නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පරියන්කයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.
“බමුණ, දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරු අතවැසියෙක් හෝ යහපත්සේ පදම් කළ මැටියෙන් කැමති කැමති වලන් ආදී වර්ගයන් යම්සේ කරන්නේද, නිපදවන්නේද, බමුණ, දළ කැටයම් කරුවෙක් හෝ අතවැසියෙක් හෝ සකස්කළ දළයෙහි යම්සේ කැමති කැමති දළ කැටයම් වර්ගයක් කරන්නේද, නිපදවන්නේද, බමුණ, දක්ෂරන්කරුවෙක් හෝ රන්කරු අතවැසියෙක් හෝ පදම්කළ රණින් කැමති කැමති රන් අබරණ ජාතීන් යම්සේ කරන්නේද නිපදවන්නේද-බමුණ, එසේම භික්ෂුව සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, ඍද්ධි විධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. හේ නොයෙක් ඍද්ධි විධි වෙන් වෙන් කොට දක්වයි. එකෙක්ව බොහෝ සේ වෙයි, බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට අහසෙයි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වත හරහට නොහැපෙමින් යෙයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්යංකයෙන් හිඳගෙනම යෙයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹලොව තෙක් ශරීරයෙන් වසඟ බව කෙරෙයි.
මෙයද ඔහුගේ ශීලාදියෙහි වන්නකි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරෙහිවුද, සමීපයෙහිවූද, දෙයාකාර ශබ්දයන් අසයි.
“බමුණ, දික් මගට පැමිණි පුරුෂයෙක් බෙර හඬද, මිහිඟු බෙර හඬද, සක්, පණාබෙර, ගැටබෙර හඬද, යම්සේ අසාද, ඔහුට මේ බෙරහඬයයිද, මිහිඟු බෙරහඬයයිද, සක්, පණාබෙර, ගැටබෙර හඬයයිද සිතෙන්නේය.
“බමුණ, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශයන් ඇතිකල්හි, මෘදුවූකල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, දිව්‍ය කණෙන් ලබන ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට නමයි. ඔහු මෙසේ පිරිසිදුවූ මිනිස් කණ ඉක්මවූ දිව්‍ය කණෙන් ලබන ඥානයෙන් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද දුරෙහිවූද, සමීපයෙහිවූද දෙයාකාර ශබ්දයන් අසයි. මෙයද ඔහුගේ විද්‍යාවෙහි වූවකි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, පහවූ ක්ලෙශ ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුවූ කල්හි, ස්ථිර බවට පැමිණි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පර සිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සිතයයි දනියි. රාගය පහවූ සිත රාගයෙන් තොරවූ සිතයි දනියි. ද්වේෂ සහිත සිත දොස සිතයයි දනියි ද්වේෂය පහවූ සිත ද්වේෂයෙන් තොරවූ සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සිතයයි දනියි, මෝහය පහවූ සිත මෝහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුනු සිත හැකුලුනු සිතයයි දනියි, විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත, මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත, මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත, කාම සිතයයි දනියි. ලෞකික හිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධිගතවූ සිත සමාධිගත සිතයයි දනියි, සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි, (ක්ලෙශයෙන්) මිදුනු සිත, මිදුනු සිතයයි දනියි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දනියි.
“බමුණ, සැරසෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ලමාවයසෙහි සිටියෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු, නොකිළිටි කැඩපතෙක හෝ පිරිසිදු දිය භාජනයෙක්හි හෝ තමාගේ මූනේ ශොභාව පරීක්ෂා කරන්නේ යම්සේ කැලල් සහිත නම් කැලල් සහිතයයි දැනගනීද, කැලල් රහිත නම් කැලල් රහිතයයි දැනගනීද,
“බමුණ, එසේම භික්ෂුතෙම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පරසිත් දැනගන්නා ඤාණය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත (තමන්ගේ) සිතින් දැන ගනියි. රාග සිත රාග සිතයයි දනියි. රාගයෙන් තොරවූ සිත රාගයෙන් තොරවූ සිතයයි දනියි. දොස සිත දොස සිතයයි දනියි. දෝසයෙන් තොරවූ සිත දෝසයෙන් තොරවූ සිතයයි දනියි. මොහසිත මෝහ සිතයයි දනියි, මෝහයෙන් තොරවූ සිත මෝහයෙන් තොරවූ සිතයයි දනියි. හැකුලුණු සිත හෝ විසුරුණු සිත හෝ මහත් බවට ගිය සිත හෝ මහත් බවට නොගිය සිත හෝ කාම සහිත සිත හෝ අනුත්තර සිත හෝ එකඟවූ සිත හෝ එකඟ නොවූ සිත හෝ දනියි. මිදුණු සිත හෝ මිදුණු සිතයයි දනියි. නොමිදුණු සිත හෝ නොමිදුණු සිතයයි දනියි.
මෙයද භික්ෂුගේ ප්‍රඥාවෙහි වූවෙකි.
“හේ තෙමේ මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිතවූ කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ, කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට (ඊට) නමයි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහිකෙරෙයි. කෙසේදයත් ‘එක් ජාතියක්ද, දෙ ජාතියක්ද, තුන් ජාතියක්ද, හතර ජාතියක්ද, පස් ජාතියක්ද, දස ජාතියක්ද, විසි ජාතියක්ද, තිස් ජාතියක්ද, සතළිස් ජාතියක්ද, පණස් ජාතියක්ද, සියක් ජාතියක්ද, දහස් ජාතියක්ද, සියක් දහස් ජාතියක්ද, නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන්ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන්ද, නොයෙක් විනාශවන හෝ හැදෙන කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙනම් ඇත්තෙමි, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතවූයෙම්, අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මේ ගොත්‍ර ඇත්තෙම්, මේ පාට ඇත්තෙම්, මේ කෑම ඇත්තෙම්, මේ සැප දුක් වින්දෙම්, මේ ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුත වූයෙම්, මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව, නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.
“බමුණ, පුරුෂයෙක් යම්සේ තම ගමින් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේද, ඒ ගමිනුත් තමන්ගේ ගමට එන්නේද, “මම, සිය ගමින් අසුවල් ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. එගමිනිදු අසුවල් ගමට ගියෙමි, එහිද මෙසේ සිටියෙමි. මෙසේ හුන්නෙමි, මෙසේ කථාකෙළෙමි, මෙසේ නිශ්ශබ්ද වීමි. ඒ මම ඒ ගමින් සිය ගමට පැමිණියෙමි’යි හෙතෙම දන්නේය.
“බමුණ, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිතවූ කල්හි, ක්ලෙශ පහවූ කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි, පෙර ජාති සිහිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත්කොට නමයි. හේ නොයෙක් පෙරවිසීම් සිහිකෙරෙයි. කෙසේද යත්: ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති සතළිසක්ද ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති සියක් දහසක්ද, නොයෙක් කල්ප විස්සකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්ප රාශියකින් යුත් කල්පයන්ද, නොයෙක් කල්පයන්ද, ‘අසුවල් තැන වීමි, මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් වින්දෙම් මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි; එහිදු මෙනම් ඇත්තෙම්, මෙබඳු ගොත්‍ර ඇත්තෙම්, මෙබඳු පාට ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුව දුක් වින්දෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිත, පෙරවිසූ පිළිවෙළ දැක්වීම් සහිත, නොයෙක් ආකාරවූ පෙරවිසීම් සිහි කෙරෙයි.
මෙයද ඔහුගේ ප්‍රඥාවෙහි වූවෙකි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශ පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසුදුවූ, මිනිස් ඇස ඉක්මවූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී, පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳ ලොව ගියාවූද නරකලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී. ‘මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය වචන දුශ්චරිතයෙන් යුක්තය. හිතේ දුශ්චරිතයෙන් යුක්තය. උත්තමයන්ට බණින්නෝය, මිථ්‍යදෘෂ්ටිකයෝය. මිථ්යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු මරණින් මතු සැපයෙන් පහවූ නපුරුවූ දුක්වූ, නිරයට පැමිණෙත්. නැතහොත්, මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබණින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. මරණින් මතු යහපත් පැමිණීමවූ, ස්වර්ග ලෝකයට පැමිණියෝය’යි මෙසේ පිරිසුදුවූ මිනිස්ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද, හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී.
“බමුණ, යම්සේ පාරේ හන්දියක ප්‍රාසාදයක් වේද, එහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට ඇතුල්වෙන, ගෙයින් නික්මෙන, වීථියෙහි හැසිරෙණ පාර හන්දියේ හිඳින මනුෂ්‍යයන් දක්නේද, ඔහුට මෙසේ සිතෙයි: ‘මේ මිනිස්සු ගෙට ඇතුළු වෙති, මොහු නික්මෙති, මොහු වීථියෙහි හැසිරෙති, මොහු පාර හන්දියේ ඉඳිති’යි කියායි. බමුණ, එසේම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාම හිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි කටයුත්තට යොග්‍යවූ කල්හි, සිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, සිත ඉදිරිපත් කොට නමයි. හේ මිනිස් ඇස ඉක්මවූ දිවඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද හොඳලොව ගියාවූද නරක ලොව ගියාවූද කර්මය ලෙස පැමිණි සත්වයන් දනී: මේ පින්වත් සත්වයෝ ශරීර දුශ්චරිතයෙන් යුක්තය, වචන දුශ්චරිතයෙන් යුක්තය, හිතේ දුශ්චරිතයෙන් යුක්තය, උත්තමයින්ට බණින්නෝය, මිථ්‍යාදෘෂ්ටිකයෝය, මිථ්යාදෘෂ්ටිකර්ම සමාදන් වූවෝය. ඔවුහු ශරීරයෙන් වෙන්ව, මරණින් මතු අපායවූ, දුර්ගතියවූ, දුකවූ, නිරයට පැමිණෙත්.’ නැතහොත්, ‘මේ පින්වත් සත්වයෝ ශරීර සුචරිතයෙන් යුක්තය, වචන සුචරිතයෙන් යුක්තය, හිතේ සුචරිතයෙන් යුක්තය, උත්තමයින්ට නොබනින්නෝය, සත්‍යය අදහන්නෝය, සත්‍ය ඇදහීම් සමාදන් වූවෝය. ශරීරයෙන් වෙන්ව මරණින් මතු සුගතියවූ, ස්වර්ග ලෝකයට පැමිණියෝ’යි මෙසේ පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. පහත්වූද උසස්වූද ලක්ෂණවූද අවලක්ෂණවූද සුගතියට පැමිණියාවූද දුර්ගතියට පැමිණියාවූද කර්මය ලෙස පැමිණි සත්ත්වයන් දනී.
මෙයද භික්ෂුවගේ ප්‍රඥාවෙහි වූවෙකි.
“ඔහු මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසුදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමහිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පානොවන භාවයට පැමිණි කල්හි සිතේ පැසවන කෙලෙස් පහකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතුලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතුලෙස දැනගණී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී, මේ පැසවන කෙලෙස්යයි තතු ලෙස දැනගණී, මේ පැසවන ක්ලේශයන්ගේ හේතුයයි තතු ලෙස දැනගණී, මේ ඒ කෙලෙස් නැතිකිරීමයයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙළෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ, සංසාරයට (භවයට) ඇති ආශාවන් කෙරෙන්ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය උතුම් හැසිරීමෙහි වසන ලදී, කටයුත්ත කරණලදී, මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ’යිද දැනගණී,
“බ්‍රාහ්මණය, යම්සේ පර්වත මුදුනක පිරිසිදු, සිත් සතුටු කරන නොකැළඹුනු, දිය විලක්වේද, එහි ඉවුරේ ඇස් ඇති පුරුෂයෙක් සිටියේ නැවතී තිබෙන්නාවූ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන්ද, කැබලිති කැටද, එහා මෙහා යන්නාවූ මසුන් රෑන්ද, දක්නේද, ඔහුට මෙසේ සිතෙන්නේය: ‘මේ දිය විල පිරිසිදුය, මනා සිත් ප්‍රිය කරන්නේය, නොකැළඹුනේය. එහි මේ සිප්පි බෙල්ලන් සක් බෙල්ලන්ද, කැටකැබලිතිද, නැවතී තිබේ. මසුන් රෑන් හැසිරෙත්ය’ කියායි බ්‍රාහ්මණය, එලෙසින්ම භික්ෂුව මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, දීප්තිමත්වූ කල්හි, කාමසිත් රහිත කල්හි, ක්ලෙශයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට යොග්‍යවූ කල්හි, හිත ස්ථිරවූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, බොහෝ කල් සිට එන ක්ලෙශයන් නැතිකිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුකයයි තතු ලෙස දැනගණී, මේ දුක් ඉපදීමේ හේතුවයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමයයි තතු ලෙස දැනගණී, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තතුලෙස දැනගණී. මේ කෙලෙස් යයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් හේතුයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගණී, මේ කෙලෙස් නැතිකිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගණී. මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන්ද මිදේ. භවයට ඇති ආශාවන් කෙරෙන්ද මිදේ, මෝහය කෙරෙන්ද සිත මිදේ. මිදුනු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය, උතුම් හැසිරීමෙහි වසනලදී, කටයුත්ත කරනලදී. මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ”යිද දැනගණී.
මෙයද ඔහුගේ ප්‍රඥාවෙහි වූවකි.
|
සොණදණ්ඩඋපාසකත්තපටිවෙදනා | සොණදණ්ඩඋපාසකත්තපටිවේදනා |
319
එවං වුත්තෙ, සොණදණ්ඩො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං
|
319
මෙසේ දේසනා කළ කල සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය. “භවත් ගෞතමයන් වහන්ස, දේසනාව යහපත, භවත් ගෞතමයන්වහන්ස එය ඉතා යහපත. පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කොට තබන්නේද, වසන ලද්දක් වැසුම හැර දක්වන්නේද, මං මුළාවෙකුට මග කියන්නේද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’යි කරුවලෙහි පහනක් දල්වන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනාකරණ ලද්දේය. ඒ මම ධර්මය හා සංඝයා සහිත භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් ජීවත්ව සිටිනතුරු සරණගිය උපාසකයෙකැයි මා දරා ගන්නාසේක්වා. භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙටදින මාගේ දානය භාරගන්නාසේක්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය භාරගත්තේය.
|
320
අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි - ‘‘කාලො, භො ගොතම, නිට්ඨිතං භත්ත’’න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සොණදණ්ඩස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි
|
320
ඉක්බිති සොණදණ්ඩ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව භාරගත් බව දැන, හුනස්නෙන් නැගිට උන්වහන්සේ යුතු ලෙස වැඳ දකුණුපැත්ත ඉදිරියට තිබෙන ලෙස ගෞරවකිරීමෙන් ගියේය. ඒ රැය ගතවීමෙන් පසු සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ තමාගේ ගෙදර මිහිරිවූ කෑමබීම ආදිය පිළියෙළ කරවා, “පින්වත් ගෞතමයන් වහන්ස, (දානය පිණිස) කාලය පැමිණියේය. දානය පිළියෙළ කොට නිමවන ලද්දේය”යි භාග්‍යවතුන් වහන්සේට කාලය දැන්වූයේය.
එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳපොරවා පාත්‍රා සිවුරු ගෙණ භික්ෂු සංඝයා වහන්සේ සමග සොණදණ්ඩ බ්‍රාහ්මණයාගේ ගෙදොරට වැඩිසේක. එහි වඩමවා පැණවූ ආසනයෙහි වැඩහුන්සේක. එකල්හි සොණදණ්ඩ බ්‍රාහ්මණ තෙමේ බුදුරජාණන් වහන්සේ ප්‍රධානව මහා සංඝයා වහන්සේ මිහිරි කෑම බීම ආදී දානවස්තූන් තමන්ගේ අතින්ම පිළිගන්වා දානය වළඳවා අවසානද කරවූයේය.
|
321
අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං
|
321
එවිට සොණදණ්ඩ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේ වළඳා නිමවූ බව දැන එක්තරා නිවාසනයක් ගෙණ එකපැත්තකටවී හුන්නේය. හිඳ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.
“භවත් ගෞතමයන් වහන්ස, පිරිස් අතරට පැමිණි මම හුන් ආසනයෙන් නැගිට භවත් ගෞතමයන් වහන්සේට වඳින්නෙම් නම් ඒ කාරණකොටගෙණ මට පිරිස නින්දා කරන්නීය. යමෙකුට ඒ පිරිස නින්දා කරන්නීද, ඔහුගේ කීර්තියද පිරිහෙන්නේය. යමෙකුගේ කීර්තිය පිරිහේ නම් ඔහුගේ වස්තුද පිරිහෙති. අපගේ වස්තු කීර්තිය කරණකොට ගෙණ ලබන ලද්දාහුමය.
“භවත් ගෞතමයන් වහන්ස, පිරිස් අතරට පැමිණි මම ඉදින් දෑත එකතුකොට වැන්දේ නම් ඒ කරණකොට ගෙණ භවත් ගෞතමයන් වහන්සේ මා හුන් ආසනයෙන් නැගිට ගෞරව කළසේ සලකන සේක්වා භවත් ගෞතමයන් වහන්ස, පිරිස් මැදට පැමිණි මම ඉදින් හිස්වෙළුම් ඉවත් කරන්නෙම් නම් පින්වත් ගෞතමයන් වහන්සේ එය මාගේ හිසින් නමස්කාරයයි සලකන සේක්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් රථයක නැගී සිටි මම රථයෙන් බැස භවත් ගෞතමයන් වහන්සේ වඳින්නෙම් නම් ඒ නිසා පිරිස මට නින්දා කෙරේ. යමෙකුට පිරිස නින්දා කෙරේද ඔහුගේ කීර්තියද පිරිහෙන්නේය. යමෙකුගේ කීර්තිය පිරිහේ නම් ඔහුගේ වස්තුද පිරිහෙත්. අපගේ වස්තු කීර්තිය නිසාම ලබන ලද්දාහුය. භවත් ගෞතමයන් වහන්ස, ඉතින් රථයට නැගුණු මම කෙවිට ඉදිරියට නමන්නෙම් නම් එය මාගේ රථයෙන් බැස ගෞරව කිරීමයයි සලකන සේක්වා භවත් ගෞතමයන් වහන්ස, ඉදින් රථයක සිට මම (මාගේ) අත නමන්නෙම් නම් එය මාගේ වැඳීමයයි සලකන සේක්වා.’
|
322
අථ ඛො භගවා සොණදණ්ඩං බ්රාහ්මණං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමීති.
|
322
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කාලොචිත ධර්මකථාවකින් සොණදණ්ඩ බ්‍රාහ්මණයා කුශලධර්මයෙහි සමාදන් කරවා, උත්සාහවත් කරවා, සතුටුකරවා, හුන් ආසනයෙන් නැගිට වැඩිසේක.
|