ත්‍රිපිටකය
2. සාමඤ්ඤඵලසුත්තං 2. සාමඤ්ඤ ඵල සූත්‍රය
රාජාමච්චකථා රාජාමච්චකථා
කොමාරභච්චජීවකකථා කොමාරභච්චජීවකකථා
සාමඤ්ඤඵලපුච්ඡා සාමඤ්ඤඵලපුච්ඡා
පූරණකස්සපවාදො පූරණකස්සපවාදො
මක්ඛලිගොසාලවාදො මක්ඛලිගොසාලවාදො
අජිතකෙසකම්බලවාදො අජිතකෙසකම්බලවාදො
පකුධකච්චායනවාදො පකුධකච්චායනවාදො
173
‘‘එකමිදාහං, භන්තෙ, සමයං යෙන පකුධො කච්චායනො තෙනුපසඞ්කමිං; උපසඞ්කමිත්වා පකුධෙන කච්චායනෙන සද්ධිං සම්මොදිං. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නො ඛො අහං, භන්තෙ, පකුධං කච්චායනං එතදවොචං - ‘යථා නු ඛො ඉමානි, භො කච්චායන, පුථුසිප්පායතනානි...පෙ.... සක්කා නු ඛො, භො කච්චායන, එවමෙව දිට්ඨෙව ධම්මෙ සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පඤ්ඤපෙතු’න්ති?
173
“ස්වාමීන් වහන්ස, මම එක් දිනක් කච්චායන ගොත්‍රයෙහිවූ පකුධයන් වෙත ගියෙමි. ඔහු සමග සතුටු සාමීචි පවත්වා සතුටු උපදවන සිහිකටයුතු කථා නිමකොට එක පැත්තකටවී ඉඳ ඒ කාත්‍යායන ගොත්‍රික පකුධයන්ට මෙසේ කීවෙමි. කෙසේද යත්: ‘භවත් කච්චායනය, ඇතුන් පිට යන්නෝ ආදී ශිල්පියෝ ඒ ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින් දැක්ක හැකි ශිල්ප ඵලය නිසා ජීවත් වෙති. ඔවුහු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්. මව්පියන් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. දරුවන් සහ භාර්යාව සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. මිත්‍රයන් සුවපත් කෙරෙත්, පිනවීම කෙරෙත්. මත්තෙහි ඵල දෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණන් කෙරෙහි පිහිටුවත් ඒ මන්ද? භවත් කච්චායනය, එමෙන් මේ මේ ආත්මභාවයෙහි දැක්කයුතු යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කළ හැකිද?
174
‘‘එවං වුත්තෙ, භන්තෙ, පකුධො කච්චායනො මං එතදවොච - ‘සත්තිමෙ, මහාරාජ, කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති , න විපරිණමන්ති, න අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. කතමෙ සත්ත? පථවිකායො, ආපොකායො, තෙජොකායො, වායොකායො, සුඛෙ, දුක්ඛෙ, ජීවෙ සත්තමෙ - ඉමෙ සත්ත කායා අකටා අකටවිධා අනිම්මිතා අනිම්මාතා වඤ්ඣා කූටට්ඨා එසිකට්ඨායිට්ඨිතා. තෙ න ඉඤ්ජන්ති, න විපරිණමන්ති, න අඤ්ඤමඤ්ඤං බ්‍යාබාධෙන්ති, නාලං අඤ්ඤමඤ්ඤස්ස සුඛාය වා දුක්ඛාය වා සුඛදුක්ඛාය වා. තත්ථ නත්ථි හන්තා වා ඝාතෙතා වා, සොතා වා සාවෙතා වා, විඤ්ඤාතා වා විඤ්ඤාපෙතා වා. යොපි තිණ්හෙන සත්ථෙන සීසං ඡින්දති, න කොචි කිඤ්චි (කඤ්චි (කං.)) ජීවිතා වොරොපෙති; සත්තන්නං ත්වෙව (සත්තන්නං යෙව (සී. ස්‍යා. කං. පී.)) කායානමන්තරෙන සත්ථං විවරමනුපතතී’ති.
174
“ස්වාමීනි, මා මෙසේ කී කල පකුධකච්චායන මට මෙසේ කීය:- ‘මහරජ, නොකරණ ලද්දාහුද, මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලද්දාවුද, නොමවන ලද්දාවූ වඳවූ හෙවත් කිසිවකු නූපදවන්නාවූ, පර්වතයක් මෙන් නොසෙලවී සිටියාවූ, තදින් පිහිටුවන ලද කණුවක් මෙන් නිශ්චලවූ (සමූහයෝ) සත් දෙනෙක් වෙත්. ඔවුහු කම්පා නොවෙත්, නොපෙරළෙත්. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පිණිස හෝ කිසිවක් කිරීමට සමත් නොවෙත්. කවර (සමූහ) සතක්ද යත්: පඨවිය හෙවත් පඨවී සමූහය, ආපො සමූහය, තෙජො සමූහය, වායො සමූහය, සැපය, දුකය, සත්වැනිවූ ප්‍රාණය යන මොහුය මේ සමූහ සත කිසි හේතුවකින් නොකරණ ලදහ. මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලදහ. කිසිවකු විසින් හෝ කිසිවකු ලවා නොමවන ලද්දෝය. කිසිවකු නූපදවන්නෝය. පර්වතයක් මෙන් ස්ථිරව සිටින්නෝය, මන්දාර පර්වතයක් මෙන් නොසෙල්වී සිටින්නෝය. කම්පා නොවන්නෝය. ස්වභාගතිය නොහරින්නෝය. ඔවුනොවුන් පීඩා නොකරන්නෝය. ඔවුනොවුන්ගේ සැප පිණිස හෝ දුක් පිණිස හෝ සමත් නොවන්නෝය. ඒ ප්‍රාණය සත්වැනි කොට ඇති සමූහයන්හි හිංසා කරන්නෙක් හෝ කරවන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැත්තේය. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද කිසිවෙක් කිසිවකු ජීවිතයෙන් තොර නොකරයි. පඨවි ආදී සත්වැදෑරුම් සමූහයන් අතරින් එහි සිදුරෙන් ආයුධයක් ඇතුළු වෙයි.
175
‘‘ඉත්ථං ඛො මෙ, භන්තෙ, පකුධො කච්චායනො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො අඤ්ඤෙන අඤ්ඤං බ්‍යාකාසි. සෙය්‍යථාපි, භන්තෙ, අම්බං වා පුට්ඨො ලබුජං බ්‍යාකරෙය්‍ය, ලබුජං වා පුට්ඨො අම්බං බ්‍යාකරෙය්‍ය; එවමෙව ඛො මෙ, භන්තෙ, පකුධො කච්චායනො සන්දිට්ඨිකං සාමඤ්ඤඵලං පුට්ඨො සමානො අඤ්ඤෙන අඤ්ඤං බ්‍යාකාසි. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘කථඤ්හි නාම මාදිසො සමණං වා බ්‍රාහ්මණං වා විජිතෙ වසන්තං අපසාදෙතබ්බං මඤ්ඤෙය්‍යා’ති. සො ඛො අහං, භන්තෙ, පකුධස්ස කච්චායනස්ස භාසිතං නෙව අභිනන්දිං නප්පටික්කොසිං, අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා අනත්තමනො, අනත්තමනවාචං අනිච්ඡාරෙත්වා තමෙව වාචං අනුග්ගණ්හන්තො අනික්කුජ්ජන්තො උට්ඨායාසනා පක්කමිං.
175
“ස්වාමීනි, මා මෙසේ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ගඵලයක් ඇසූ කල කසයින් ගොත්හිවූ පකුධ තෙමේ අනිකකින් අනිකක් පැවසීය. ස්වාමීනි, අඹගස කෙසේ දැයි ඇසූ කල දෙල්ගස මෙසේ යයිද, දෙල්ගස කෙසේදැයි ඇසූ කල අඹගස මෙසේයයිද, යම්සේ ප්‍රකාශ කෙරේද, ස්වාමීන් වහන්ස, එපරිද්දෙන් මා විසින් මේ ආත්මභාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් ඇසූ කල පකුධකච්චායන තෙමේ අනිකකින් අනිකක් පැවසීය.
“ස්වාමීනි, එවිට මට මෙබඳු අදහසක් විය එනම්: ‘මා වැනි රජෙක් සිය අණ පවත්නා රටෙහි වසන මහණකු හෝ බමුණෙකු හෝ කෙසේ නම් වෙහෙසිය යුත්තකු නෙරපිය යුත්තකු කොට සිතන්නේද? ස්වාමීනි, මම ඒ පකුධ කච්චායනගේ වචනයට සතුටුද නොවී, නින්දාද නොකොට ප්‍රශංසාද නොකොට අස්කිරීමද නොකොට, නොසතුටු සිත් ඇතත් නොසතුටු තෙපුල් නොකියා ඒ කී දේම සාරයි නොගෙණ සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියෙමි.
නිගණ්ඨනාටපුත්තවාදො නිගණ්ඨනාටපුත්තවාදො
සඤ්චයබෙලට්ඨපුත්තවාදො සඤ්චයබෙලට්ඨපුත්තවාදො
පඨමසන්දිට්ඨිකසාමඤ්ඤඵලං පඨමසන්දිට්ඨිකසාමඤ්ඤඵලං
දුතියසන්දිට්ඨිකසාමඤ්ඤඵලං දුතියසන්දිට්ඨිකසාමඤ්ඤඵලං
පණීතතරසාමඤ්ඤඵලං පණීතතරසාමඤ්ඤඵලං
චූළසීලං සුලු සීලය
මජ්ඣිමසීලං මැදුම් සිල්
මහාසීලං මහ සිල්
ඉන්ද්‍රියසංවරො ඉන්ද්‍රියසංවරො
සතිසම්පජඤ්ඤං සතිසම්පජඤ්ඤං
සන්තොසො සන්තොසො
නීවරණප්පහානං නීවරණප්පහානං
පඨමජ්ඣානං පඨමජ්ඣානං
දුතියජ්ඣානං දුතියජ්ඣානං
තතියජ්ඣානං තතියජ්ඣානං
චතුත්ථජ්ඣානං චතුත්ථජ්ඣානං
විපස්සනාඤාණං විපස්සනාඤාණං
මනොමයිද්ධිඤාණං මනොමයිද්ධිඤාණං
ඉද්ධිවිධඤාණං ඉද්ධිවිධඤාණං
දිබ්බසොතඤාණං දිබ්බසොතඤාණං
චෙතොපරියඤාණං චෙතොපරියඤාණං
පුබ්බෙනිවාසානුස්සතිඤාණං පුබ්බෙනිවාසානුස්සතිඤාණං
දිබ්බචක්ඛුඤාණං දිබ්බචක්ඛුඤාණං
ආසවක්ඛයඤාණං ආසවක්ඛයඤාණං
අජාතසත්තුඋපාසකත්තපටිවෙදනා අජාතසත්තුඋපාසකත්තපටිවේදනා