ත්‍රිපිටකය
2. සාමඤ්ඤඵලසුත්තං 2. සාමඤ්ඤ ඵල සූත්‍රය
රාජාමච්චකථා රාජාමච්චකථා
කොමාරභච්චජීවකකථා කොමාරභච්චජීවකකථා
සාමඤ්ඤඵලපුච්ඡා සාමඤ්ඤඵලපුච්ඡා
පූරණකස්සපවාදො පූරණකස්සපවාදො
මක්ඛලිගොසාලවාදො මක්ඛලිගොසාලවාදො
අජිතකෙසකම්බලවාදො අජිතකෙසකම්බලවාදො
පකුධකච්චායනවාදො පකුධකච්චායනවාදො
නිගණ්ඨනාටපුත්තවාදො නිගණ්ඨනාටපුත්තවාදො
සඤ්චයබෙලට්ඨපුත්තවාදො සඤ්චයබෙලට්ඨපුත්තවාදො
පඨමසන්දිට්ඨිකසාමඤ්ඤඵලං පඨමසන්දිට්ඨිකසාමඤ්ඤඵලං
දුතියසන්දිට්ඨිකසාමඤ්ඤඵලං දුතියසන්දිට්ඨිකසාමඤ්ඤඵලං
පණීතතරසාමඤ්ඤඵලං පණීතතරසාමඤ්ඤඵලං
චූළසීලං සුලු සීලය
මජ්ඣිමසීලං මැදුම් සිල්
මහාසීලං මහ සිල්
205
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං සරපරිත්තාණං මිගචක්කං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
205
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය, හෙන ගැසීම ආදී මහ නිමිති බලා කියනශාස්ත්‍රය, ස්වප්න ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, මීයන් කැපූ වස්ත්‍රාදිය, බලාකියන ශාස්ත්‍රය, ගිනිදෙවියා පිදීමය, දබ්බිහොමය, ථුස හොය, තණ්ඩුල හොමය, කණ හොමය, සප්පි හොමය තෙල හොමය, මුඛ හොමය, ලේ හොමය, ශරීර විද්‍යා, වාස්තු විද්‍යා නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන්නාවූ විද්‍යා, භූත විද්‍යා, නාග විද්‍යා. විෂ විද්‍යා ගෝනුසු විද්‍යා, මූෂික විද්‍යා, කුරුලු විද්‍යා, කපුටු විද්‍යා, ජීවිත කාලය කීම, ආයුධ වැළැක්ම, තිරිසන් සතුන්ගේ ශබ්ද දැනීම වශයෙන් පැවති මන්ත්‍රය යන පහත් විද්‍යා හේතුකොට ගෙන වැරදි ජීවිතයෙන් ජීවිකා කෙරෙත්. මෙසේ මෙබඳු පහත් විද්‍යා හේතුවෙන් කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.
206
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං සත්ථලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිංසලක්ඛණං උසභලක්ඛණං ගොලක්ඛණං අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
206
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මිණි ලක්ෂණය, වස්ත්‍ර ලක්ෂණය, දණ්ඩ ලක්ෂණය, කඩු ලක්ෂණය, දුනු ලක්ෂණය, ආයුධ ලක්ෂණය ස්ත්‍රීලක්ෂණය, පුරිස ලක්ෂණය, පිරිමිදරු ලක්ෂණය, ගෑණුදරු ලක්ෂණය, දාස ලක්ෂණය, දාසිලක්ෂණය, ඇත් ලක්ෂණය. අශ්ව ලක්ෂණය, කැස්බෑ ලක්ෂණය, එළු ලක්ෂණය, මීහරක් ලක්ෂණය ගව ලක්ෂණය, ලොකු එළු ලක්ෂණය, කුකුළු ලක්ෂණය, වටු ලක්ෂණය, තලගොයි ලක්ෂණය, කර්ණිකා ලක්ෂණය මුව ලක්ෂණයයි, මෙබඳු පහත් විද්‍යාවන් කරණ කොට ගෙන වැරදි ජීවිකාව කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යාවන් නිසා කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයෙකි.
207
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - රඤ්ඤං නිය්‍යානං භවිස්සති, රඤ්ඤං අනිය්‍යානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති, ඉති ඉමස්ස ජයො භවිස්සති, ඉමස්ස පරාජයො භවිස්සති ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
207
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා අසවල් දිනට රජුන්ගේ බැහැර යෑම වන්නේය. අසවල් දින ඇතුළු නුවරට එන්නේය. අසවල් දින ඇතුළු නුවර රජුන් වෙත පැමිණීම වන්නේය. බැහැර රජුන්ගේ බැහැරට යෑම වන්නේය. බැහැර රජුන්ගේ ඇතුළු නුවරට ඊම වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ ආපසු යෑම වන්නේය. ඇතුළු නුවර රජුන්ට ජය වන්නේය. බැහැර රජුන්ගේ පරාජය වන්නේය. බැහැර රජුන්ගේ ජය වන්නේය. ඇතුළු නුවර රජුන්ගේ පරාජය වන්නේය. මෙසේ මොහුට ජය වන්නේය, මෙසේ පරාජය වන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුකොට ලාමක ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිතයෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයක් වේ.
208
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - චන්දග්ගාහො භවිස්සති, සූරියග්ගාහො භවිස්සති, නක්ඛත්තග්ගාහො භවිස්සති, චන්දිමසූරියානං පථගමනං භවිස්සති, චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, නක්ඛත්තානං පථගමනං භවිස්සති, නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති , උක්කාපාතො භවිස්සති, දිසාඩාහො භවිස්සති, භූමිචාලො භවිස්සති, දෙවදුද්‍රභි භවිස්සති, චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති, එවංවිපාකො චන්දග්ගාහො භවිස්සති, එවංවිපාකො සූරියග්ගාහො භවිස්සති, එවංවිපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියානං පථගමනං භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකො උක්කාපාතො භවිස්සති, එවංවිපාකො දිසාඩාහො භවිස්සති, එවංවිපාකො භූමිචාලො භවිස්සති, එවංවිපාකො දෙවදුද්‍රභි භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
208
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්ග්‍රහණය වන්නේය, තාරකා සමාගමය වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නියම මාර්ග ගමන වන්නේය, සඳ හිරු දෙදෙනාගේ නොමග යෑම වන්නේය, තාරකාවන්ගේ මාර්ග ගමන වන්නේය, තාරකාවන්ගේ නොමග යෑම් වන්නේය, උල්කාපාතය වන්නේය, දිසා දැවීම වන්නේය, පොළොව කම්පාව වන්නේය, අහස ගිගුරුම් වන්නේය, සඳ, හිරු තාරකාවන්ගේ නැගීම හා බැහීමද කෙළෙසීමද පිරිසිදු වීමද වන්නේය, චන්ද්‍ර ග්‍රහණය මෙබඳු විපාක ඇතිවන්නේය, සූර්යග්‍රහණය මෙබඳු විපාක ඇති වන්නේය, තාරකා සමාගමය මෙබඳු විපාක ඇතිවන්නේය චන්ද්‍ර සූර්යයන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇති වන්නේය, ඔවුන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ මාර්ගයෙහි ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, තාරකාවන්ගේ නොමග ගමන මෙබඳු විපාක ඇතිවන්නේය, උල්කාපාතය මෙබඳු විපාක ඇතිවන්නේය, දිගුන් දැවීම මෙබඳු විපාක ඇතිවන්නේය, භූමි කම්පාව මෙබඳු විපාක ඇතිවන්නේය, අහස් ගිගුම මෙබඳු විපාක ඇති වන්නේය, සඳ, හිරු, තාරකාවන්ගේ නැගීම, බැසීම, කිලිටුවීම හා පිරිසිදු වීම මෙබඳු විපාක ඇතිවන්නේයයි කියා මෙසේ පහත් විද්‍යා හේතුවෙන් කරණ වැරදි ජීවිකාවෙන් ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතු කොට ගෙණ කරණ ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
209
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - සුවුට්ඨිකා භවිස්සති, දුබ්බුට්ඨිකා භවිස්සති, සුභික්ඛං භවිස්සති, දුබ්භික්ඛං භවිස්සති, ඛෙමං භවිස්සති, භයං භවිස්සති, රොගො භවිස්සති, ආරොග්‍යං භවිස්සති, මුද්දා, ගණනා, සඞ්ඛානං, කාවෙය්‍යං, ලොකායතං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
209
“එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා මනා වැසි ඇතිවන්නේය, මනා වැසි නැතිවන්නේය, යහපත් ආහාරපාන ඇතිවන්නේය, ආහාර පාන නැති වන්නේය, නිර්භය ඇතිවන්නේය, භය ඇතිවන්නේය, රොග ඇතිවන්නේය, නිරෝගි බව ඇතිවන්නේයයි කීමද, ඇඟිල්ල ඇල්ලීමය, ගණන්කිරීමය, කොටස්කර ගණන්කිරීමය, කාව්‍ය කිරීමය, ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙණීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණකොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
210
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති. සෙය්‍යථිදං - ආවාහනං විවාහනං සංවරණං විවරණං සඞ්කිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිබන්ධනං හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිකපඤ්හං දෙවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හායනං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
210
“එසේම, සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දුන් කෑම කා ආවාහ කරවීමය, විවාහ කරවීමය, සමගිය පිළිබඳ කථාකිරීමය, වියොගය පිළිබඳ කථාකිරීමය, ධන රැස්කිරීමය, වියදම් කිරීමය, යහපත් ශ්‍රියාව ඇති කිරීමය, දුර්ගර්භ කරණය, ගර්භවිරොධි කරණය, දිව් තද කිරීමය, නූල් බැඳීමය, අත් පෙරළීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, ශබ්ද නොඇසීම පිණිස මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දෙවතාරොපණයකොට ප්‍රශ්න ඇසීමය, ගෑනුදරුවන්ගේ ශරීරයෙහි දෙවතාරොපණය කොට ප්‍රශ්න ඇසීමය, දෙවදාසියගේ ශරීරයෙහි යකුන් ආරොපණය කොට ප්‍රශ්න ඇසීමය, හිරු වැඳීමය, මහබඹුට උපස්ථාන හෝ වැඳුම් කිරීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දෙවිය කැඳවීමයයි කියන මෙබඳු පහත් විද්‍යාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විජ්ජාවෙන් කරණ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
211
‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති . සෙය්‍යථිදං - සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකම්මං ආචමනං න්හාපනං ජුහනං වමනං විරෙචනං උද්ධංවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා, මූලභෙසජ්ජානං අනුප්පදානං, ඔසධීනං පටිමොක්ඛො ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පිස්ස හොති සීලස්මිං.
211
“එසේම සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ශාන්ති කිරීම, කාර්යය සමෘද්ධි කටයුතු කර්මය, මන්ත්‍ර කිරීමය, භූරිකර්මය, පණ්ඩකයා පුරුෂයකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය, ගෙවල් නොකළ බිම් ගෙවල් කිරීමය, ගෙට සුදුසු තැන බලිකම් විධානය, දියෙන් මූන සුද්ධ කිරීමය, නැහැවීමය, ගිනි පිදීමය, වමන කරවීමය, විරේක කරවීමය, උඩු කය විරේකය, යටිකය විරේකය, හිස විරේකය, කන්තෙලය, ඇස් බෙහෙත් ගැල්වීමය, නස්‍යකිරීමය, අඳුන් ගෑමය, සිසිල් බෙහෙත් අඳුන් සෑදීමය, ආයුධ කටු ගසා කරන වෙදකමය, ශල්‍යකර්මය, ළදරුවන් පිළිබඳ වෙදකම්ය, මූලික බෙහෙත් දීමය, සැරබෙහෙත් දී පසුව එහි බල හැරීමය කියා හෝ මෙබඳු පහත් විද්‍යා කරණකොට වැරදි ජීවත්වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේනම් මෙයද ඔහුගේ එක් ශීලයකි.
212
‘‘ස ඛො සො, මහාරාජ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති, යදිදං සීලසංවරතො. සෙය්‍යථාපි - මහාරාජ, රාජා ඛත්තියො මුද්ධාභිසිත්තො නිහතපච්චාමිත්තො කුතොචි භයං සමනුපස්සති, යදිදං පච්චත්ථිකතො; එවමෙව ඛො, මහාරාජ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති, යදිදං සීලසංවරතො. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති. එවං ඛො, මහාරාජ, භික්ඛු සීලසම්පන්නො හොති.
212
“මහරජ, මෙසේ ශීල සම්පන්නවූ භික්ෂුහට භය කාරණයන් අතුරෙන් එක් පමණකුදු ඔහුගේ ශීලසංවරය හේතු කොට ගෙණ කිසිතැනකදී නොඋපදන්නේ. කුමක් මෙන්ද යත්: මහරජ, ක්ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂෙක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්ෂත්‍රීය රජෙක් කිසියම් සතුරෙකුගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීලසම්පන්නවූ භික්ෂුතෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හේතුකොට කිසි තැනකදී නොදක්නේය. ආර්යවූ (උතුම්වූ) මේ සීල රාශියෙන් යුක්තවූ ඒ භික්ෂු තෙම, තමන් තුළ පිරිසිදුවූ (කායික චෛතසික) සැපය විඳියි. මහරජ, මෙසේ දැක්වූ ශීලයෙන් යුක්තවූ භික්ෂුව ශීලසම්පන්න නම් වේ.
ඉන්ද්‍රියසංවරො ඉන්ද්‍රියසංවරො
සතිසම්පජඤ්ඤං සතිසම්පජඤ්ඤං
සන්තොසො සන්තොසො
නීවරණප්පහානං නීවරණප්පහානං
පඨමජ්ඣානං පඨමජ්ඣානං
දුතියජ්ඣානං දුතියජ්ඣානං
තතියජ්ඣානං තතියජ්ඣානං
චතුත්ථජ්ඣානං චතුත්ථජ්ඣානං
විපස්සනාඤාණං විපස්සනාඤාණං
මනොමයිද්ධිඤාණං මනොමයිද්ධිඤාණං
ඉද්ධිවිධඤාණං ඉද්ධිවිධඤාණං
දිබ්බසොතඤාණං දිබ්බසොතඤාණං
චෙතොපරියඤාණං චෙතොපරියඤාණං
පුබ්බෙනිවාසානුස්සතිඤාණං පුබ්බෙනිවාසානුස්සතිඤාණං
දිබ්බචක්ඛුඤාණං දිබ්බචක්ඛුඤාණං
ආසවක්ඛයඤාණං ආසවක්ඛයඤාණං
අජාතසත්තුඋපාසකත්තපටිවෙදනා අජාතසත්තුඋපාසකත්තපටිවේදනා