ත්‍රිපිටකය
2. සාමඤ්ඤඵලසුත්තං 2. සාමඤ්ඤ ඵල සූත්‍රය
රාජාමච්චකථා රාජාමච්චකථා
150
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ජීවකස්ස කොමාරභච්චස්ස අම්බවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තදහුපොසථෙ පන්නරසෙ කොමුදියා චාතුමාසිනියා පුණ්ණාය පුණ්ණමාය රත්තියා රාජාමච්චපරිවුතො උපරිපාසාදවරගතො නිසින්නො හොති. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තදහුපොසථෙ උදානං උදානෙසි - ‘‘රමණීයා වත භො දොසිනා රත්ති, අභිරූපා වත භො දොසිනා රත්ති, දස්සනීයා වත භො දොසිනා රත්ති, පාසාදිකා වත භො දොසිනා රත්ති, ලක්ඛඤ්ඤා වත භො දොසිනා රත්ති. කං නු ඛ්වජ්ජ සමණං වා බ්‍රාහ්මණං වා පයිරුපාසෙය්‍යාම, යං නො පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති?
150
මාගේ ඇසීම මෙසේය. (මා විසින් මෙසේ අසන ලදී.) එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල කොමාර භච්ච ජීවකයන්ගේ අඹවනෙහි මහා භික්ෂු සංඝයාවූ භික්ෂූන් එක්දහස් දෙසිය පනහක් සමග වාසය කෙළේය. ඒ කාලයේදී විදෙහදේවීගේ පුත්‍රයාවූ මගධ රට අජාසත් රජ එදවස් පැමිණි පසළොස්වක් පොහොය දවසේ හොඳාකාර පිපිනු සුදු පියුම් (කුමුදු) ඇත්තාවූ (අවුරුද්දේ) මාස හතරක් අවසානව මාසයන්ගේ පිරීම ඇත්තාවූ සම්පූර්ණ හඳ එලියෙන් බබලන රාත්‍රියෙහි රජ ඇමතියන් විසින් පිරිවරණ ලදුව උසස් මාලිගාවේ උඩුමහල් තලයට පැමිණ උන්නේය. එවිට විදේහදේවීගේ පුත්‍රයාවූ මගධ රජ අජාසත් රජ ඒ දවසේ පොහෝ දිනයෙහි මෙසේ ප්‍රිති වාක්‍යයක් ප්‍රකාශ කෙළේය.
“පින්වත්නි, පිරිසිදු (සඳ රැසින් පිරුණු) රාත්‍රිය සැබවින්ම ප්‍රීති ගෙන දෙයි. පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම ලස්සන පෙනුමකි. (උසස් රූ ඇත්තීය, පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම දැකීමට ප්‍රියය. පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම හිත් සතුටු කරන්නීය. පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම මතක තබාගැනීමට සුදුසුය. ලඟට ගොස් ආශ්‍රය කිරීමෙන් අපගේ හිත් පහදවා ගැනීමට කුමණ මහණෙකු හෝ බමුණෙකු අද සොයා යන්නෙමුද?”
151
එවං වුත්තෙ, අඤ්ඤතරො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, පූරණො කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො පූරණං කස්සපං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස පූරණං කස්සපං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති. එවං වුත්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
151
මෙසේ කී කල එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: ‘දේවයන් වහන්ස, මේ පූරණ කාශ්‍යපයන්ට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝදෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ පූරණ කාශ්‍යප ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කීකල විදෙහ දේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
152
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, මක්ඛලි ගොසාලො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො මක්ඛලිං ගොසාලං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස මක්ඛලිං ගොසාලං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති. එවං වුත්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
152
තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවියගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය. “දේවයන් වහන්ස, මේ මක්ඛලිගොසාලටද (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. පැවිදිව බොහෝ කල් ඇත්තේය. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දෙවයන්වහන්සේ ඒ මක්ඛලිගොසාලයන් ආශ්‍රය කෙරෙත්වා ඔහු ආශ්‍රය කරන ඔබගේ හිත හොඳින් පහදින්නේය.
මෙසේ කී කල විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
153
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, අජිතො කෙසකම්බලො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො අජිතං කෙසකම්බලං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස අජිතං කෙසකම්බලං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති. එවං වුත්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
153
තවද එක්තරා රජ ඇමතියෙක් විදේහදෙවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ අජිත කෙසකම්බලට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝකල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ අජිත කෙසකම්බලයන් ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කී කලද විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
154
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, පකුධො (පකුද්ධො (සී.)) කච්චායනො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො පකුධං කච්චායනං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස පකුධං කච්චායනං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති. එවං වුත්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
154
තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ පකුධකච්චායනට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ පකුධකච්චායන ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කී කලද විදෙහදේවිගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
155
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, සඤ්චයො (සඤ්ජයො (සී. ස්‍යා.)) බෙලට්ඨපුත්තො (බෙල්ලට්ඨිපුත්තො (සී.), වෙලට්ඨපුත්තො (ස්‍යා.)) සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො සඤ්චයං බෙලට්ඨපුත්තං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස සඤ්චයං බෙලට්ඨපුත්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති. එවං වුත්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
155
තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවීගේ පුත්‍ර, මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ සඤ්ජය බෙලට්ඨ පුත්තට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්මදේශනා කරන්නේය. බොහෝ දෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ සඤ්ජය බෙලට්ඨ පුත්ත ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කී කලද විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්ශබ්ද විය.
156
අඤ්ඤතරොපි ඛො රාජාමච්චො රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං එතදවොච - ‘‘අයං, දෙව, නිගණ්ඨො නාටපුත්තො (නාථපුත්තො (සී.), නාතපුත්තො (පී.)) සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස රත්තඤ්ඤූ චිරපබ්බජිතො අද්ධගතො වයොඅනුප්පත්තො. තං දෙවො නිගණ්ඨං නාටපුත්තං පයිරුපාසතු. අප්පෙව නාම දෙවස්ස නිගණ්ඨං නාටපුත්තං පයිරුපාසතො චිත්තං පසීදෙය්‍යා’’ති. එවං වුත්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො තුණ්හී අහොසි.
156
තවද එක්තරා රජ ඇමතියෙක් විදෙහදේවියගේ පුත්‍ර මගධරට අජාසත් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මේ නිගණ්ඨනාථ පුත්‍රට (මහණ) සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තීර්ථක ධර්ම දේශනා කරන්නේය. බොහෝදෙනා විසින් යහපත්යයි පිළිගෙන තිබේ. (රාත්‍රඥය) බොහෝ කල් දන්නෙකි. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්සේ ඒ නිගණ්ඨනාථ පුත්‍ර ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය.”
මෙසේ කී කලද විදෙහදේවීගේ පුත්‍ර මගධරට අජාසත් රජ නිශ්බ්ද විය.
කොමාරභච්චජීවකකථා කොමාරභච්චජීවකකථා
සාමඤ්ඤඵලපුච්ඡා සාමඤ්ඤඵලපුච්ඡා
පූරණකස්සපවාදො පූරණකස්සපවාදො
මක්ඛලිගොසාලවාදො මක්ඛලිගොසාලවාදො
අජිතකෙසකම්බලවාදො අජිතකෙසකම්බලවාදො
පකුධකච්චායනවාදො පකුධකච්චායනවාදො
නිගණ්ඨනාටපුත්තවාදො නිගණ්ඨනාටපුත්තවාදො
සඤ්චයබෙලට්ඨපුත්තවාදො සඤ්චයබෙලට්ඨපුත්තවාදො
පඨමසන්දිට්ඨිකසාමඤ්ඤඵලං පඨමසන්දිට්ඨිකසාමඤ්ඤඵලං
දුතියසන්දිට්ඨිකසාමඤ්ඤඵලං දුතියසන්දිට්ඨිකසාමඤ්ඤඵලං
පණීතතරසාමඤ්ඤඵලං පණීතතරසාමඤ්ඤඵලං
චූළසීලං සුලු සීලය
මජ්ඣිමසීලං මැදුම් සිල්
මහාසීලං මහ සිල්
ඉන්ද්‍රියසංවරො ඉන්ද්‍රියසංවරො
සතිසම්පජඤ්ඤං සතිසම්පජඤ්ඤං
සන්තොසො සන්තොසො
නීවරණප්පහානං නීවරණප්පහානං
පඨමජ්ඣානං පඨමජ්ඣානං
දුතියජ්ඣානං දුතියජ්ඣානං
තතියජ්ඣානං තතියජ්ඣානං
චතුත්ථජ්ඣානං චතුත්ථජ්ඣානං
විපස්සනාඤාණං විපස්සනාඤාණං
මනොමයිද්ධිඤාණං මනොමයිද්ධිඤාණං
ඉද්ධිවිධඤාණං ඉද්ධිවිධඤාණං
දිබ්බසොතඤාණං දිබ්බසොතඤාණං
චෙතොපරියඤාණං චෙතොපරියඤාණං
පුබ්බෙනිවාසානුස්සතිඤාණං පුබ්බෙනිවාසානුස්සතිඤාණං
දිබ්බචක්ඛුඤාණං දිබ්බචක්ඛුඤාණං
ආසවක්ඛයඤාණං ආසවක්ඛයඤාණං
අජාතසත්තුඋපාසකත්තපටිවෙදනා අජාතසත්තුඋපාසකත්තපටිවේදනා