ත්‍රිපිටකය
දීඝනිකායො දීඝ නිකාය
සීලක්ඛන්ධවග්ගපාළි සීලක්ඛන්ධ වර්ගය
1. බ්‍රහ්මජාලසුත්තං 1. බ්‍රහ්මජාල සූත්‍රය
පරිබ්බාජකකථා පරිබ්බාජකකථා
චූළසීලං චූල ශීලය
මජ්ඣිමසීලං මධ්‍යම ශීලය
මහාසීලං මහා ශීලය
පුබ්බන්තකප්පිකා පුබ්බන්තකප්පිකා
සස්සතවාදො සස්සතවාදො
එකච්චසස්සතවාදො එකච්චසස්සතවාදො
අන්තානන්තවාදො අන්තානන්තවාදො
53
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි?
53
“මහණෙනි, කෙළවරක් ඇත කෙළවරක් නැතයයි අදහන සමහර මහණ බමුණෝ ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කරුණු හතරකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යයි අදහා ලෝකය කෙළවරක් ඇතයයි කුමක් හේතුකොට ගෙන කුමක් නිසා කරුණු හතරකින් ප්‍රකාශ කරත්ද?
54
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අන්තසඤ්ඤී ලොකස්මිං විහරති.
‘‘සො එවමාහ - ‘අන්තවා අයං ලොකො පරිවටුමො. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි, යථාසමාහිතෙ චිත්තෙ අන්තසඤ්ඤී ලොකස්මිං විහරාමි. ඉමිනාමහං එතං ජානාමි - යථා අන්තවා අයං ලොකො පරිවටුමො’ති. ඉදං, භික්ඛවෙ, පඨමං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති.
54
“මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය පුරුදුකොට නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනා ඇතිකොට, යම් සේ හිත එකඟකර ගත්කල (සක්වල කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරක් ඇතැයි හිත එකඟකිරීමක් ඇතුව වාසය කරයි. ඔහු මෙසේ කියයි. ‘හාත්පසින් වටවූ මේ ලෝකය කෙළවරක් ඇත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීර්ය කොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට, යම්සේ හිත එකඟ කරගත් කල කෙළවරක් ඇති ලෝකයෙහි වාසය කෙරෙම්ද, එබඳු හිත් එකඟවීමක් ලබාගත්තෙමි. මේ හේතුවෙන් මම ලෝකය කෙළවරක් ඇතුව හාත්පසින් වටවූ බව දනිමි.’
“මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් හේතුකොට ගෙන යමක් නිසා ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතැයි මේ පළමුවැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.
55
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අනන්තසඤ්ඤී ලොකස්මිං විහරති.
‘‘සො එවමාහ - ‘අනන්තො අයං ලොකො අපරියන්තො. යෙ තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අන්තවා අයං ලොකො පරිවටුමො’’ති, තෙසං මුසා. අනන්තො අයං ලොකො අපරියන්තො. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි , යථාසමාහිතෙ චිත්තෙ අනන්තසඤ්ඤී ලොකස්මිං විහරාමි. ඉමිනාමහං එතං ජානාමි - යථා අනන්තො අයං ලොකො අපරියන්තො’ති. ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති.
55
“දෙවැනිවද සමහර පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යන ඇදහීම ඇතුව, ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කුමක් හේතු කොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?
“මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැති කරන වීර්ය කොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇති කොට යම්සේ හිත එකඟ කරගත් කල (සක්වළ කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරයක් නැතැයි හිත එකඟ කිරීමක් ඇතුව වාසය කරයි. ඔහු මෙසේ කියයි. මේ ලෝකය අනන්තය, කෙළවරක් නැත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇතිකොට, යම්සේ හිත එකඟ කරගත් කල යම්සේ ලොව කෙළවරක් නැතැයි දැනීමක් ඇතුව ලෝකයේ වාසය කෙරෙම්ද එබඳු හිත එකඟවීමක් ලබාගත්තෙමි. මෙයින් ලෝකය අනන්තය කෙළවරක් නැත්තේයයි දනිමි.’
“මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් හේතුකොට ගෙන යමක් නිසා ලෝකය අනන්තය, කෙළවරක් නැතැයි දෙවෙනි කරුණ මෙන් ප්‍රකාශ කරති.
56
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ උද්ධමධො අන්තසඤ්ඤී ලොකස්මිං විහරති, තිරියං අනන්තසඤ්ඤී.
‘‘සො එවමාහ - ‘අන්තවා ච අයං ලොකො අනන්තො ච. යෙ තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අන්තවා අයං ලොකො පරිවටුමො’’ති, තෙසං මුසා. යෙපි තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අනන්තො අයං ලොකො අපරියන්තො’’ති, තෙසම්පි මුසා. අන්තවා ච අයං ලොකො අනන්තො ච. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි, යථාසමාහිතෙ චිත්තෙ උද්ධමධො අන්තසඤ්ඤී ලොකස්මිං විහරාමි, තිරියං අනන්තසඤ්ඤී. ඉමිනාමහං එතං ජානාමි - යථා අන්තවා ච අයං ලොකො අනන්තො චා’ති. ඉදං, භික්ඛවෙ, තතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති.
56
“තුන්වැනිවද පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යන ඇදහීම ඇතුව ලෝකය කෙළවරක් නැතයයි කුමක් හේතුකොටගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?
“මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට යම්සේ හිත එකඟ කරගත් කල සමාධිගත සිත උඩින් යටින් නොවඩා හරහට වැඩූ බැවින් ලෝකයේ උඩින් යටින් කෙළවරක් ඇතැයි හරයට කෙළවරක් නැතැයි යන චිත්ත සමාධියක් ලබා වාසය කරයි. ඔහු මෙස් කියයි;- ‘මේ ලෝකය කෙළවරක් ඇත්තේද කෙළවරක් නැත්තේද වෙයි. ‘මේ ලෝකය කෙළවරක් ඇත හාත්පසින් මං ඇතියි’ මෙසේ යම් මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීම බොරුවේ. ‘මේ ලෝකය කෙළවරක් ඇත හාත්පසින් වටවී ඇතැයි’- මෙසේ මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීමද බොරුවේ. ‘මේ ලෝකය කෙළවරක් ඇත්තේද, කෙළවරක් නැත්තේද, වෙයි, එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇතිකොට යම්සේ හිත එකඟ කරගත් කල ලොව උඩ යට කෙළවරක් ඇති බවට ලකුණු ඇත්තේ යයි ද හරහට කෙළවරක් නැති බවට ලකුණු ඇත්තේයයිද එබඳු ධ්‍යානයක් ලැබ වාසය කරමි. මෙයින් මම ලෝකය කෙළවරක් ඇතැයිද නැතැයිද දනිමි.’
“මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් හේතුකොට ගෙන යමක් නිසා ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතැයි මේ තුන්වැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.
57
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං එවමාහ - ‘නෙවායං ලොකො අන්තවා, න පනානන්තො. යෙ තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අන්තවා අයං ලොකො පරිවටුමො’’ති, තෙසං මුසා. යෙපි තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අනන්තො අයං ලොකො අපරියන්තො’’ති, තෙසම්පි මුසා. යෙපි තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අන්තවා ච අයං ලොකො අනන්තො චා’’ති, තෙසම්පි මුසා. නෙවායං ලොකො අන්තවා , න පනානන්තො’ති. ඉදං, භික්ඛවෙ , චතුත්ථං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති.
57
“හතරවැනිවද පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන ඇදහීම ඇතුව, ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කුමක් හේතුකොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?
“මහණෙනි, මෙහි තර්කයෙන් විමසීම කර බලන්නාවූ යම් මහණෙක් හෝ බමුණෙක් ඇත්ද ඔහු තර්ක මාර්ගයෙන් විමසා බැලීමෙන් තමන්ගේ වැටහීම අනුව මෙසේ කියයි. මේ ලෝකය කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත. යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් ඇතැයිද හාත්පසින් වටවී තිබේයයිද කියත් නම් ඔවුන්ගේ ඒ කීම බොරුය. යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් නැතැයිද හාත්පසින් වටවී නැතැයිද කියත් නම් ඒ කීමත් බොරුය.
“යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් ඇතැයිද, කෙළවරක් නැතැයිද, කියත්ද ඔවුන්ගේ කීම බොරුය මෙලොව කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත.’
“මහණෙනි, සමහර මහණ බමුණෝ, ‘කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන බව අදහා යමක් හේතු කොට ගෙන යමක් නිසා ලෝකය ගැන කෙළවරක් ඇත කෙළවරක් නැත යන මතය ප්‍රකාශ කරත්ද මේ ඒ හතරවැනි කරුණයි.
58
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන; නත්ථි ඉතො බහිද්ධා.
58
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත’යයි අදහා ‘කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන බව මේ කරුණු සතරින් ප්‍රකාශ කරති. මහණෙනි, යම්කිසි මහණහු හෝ බමුණෝ හෝ කෙළවරක් නැතයයි අදහා කෙළවරක් ඇත කෙළවරක් නැත යන බව ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ කරුණු සතරින් හෝ මින් එක් කරුණකින් හෝ එසේ ප්‍රකාශ කරත්. මේ ප්‍රකායට මින් පිටත් අනික් කරුණක් නැත (*පර්වර්තනයේ ඇත යනුවෙන් තිබුණි).
59
‘‘තයිදං, භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති, තඤ්ච පජානනං න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්ඛවෙ, තථාගතො.
59
“මහණෙනි, ඒ මේ කරුණ තථාගතයෝ දනිති. මේ වැරදි මත මෙසේ ගත් අය මෙසේ තීරණය කර ගත් අය මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොවක් ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එයද දනිති. ඊට වඩා උසස් ධර්මයන්ද දනිති. ඒ දැනුම (ලෝභ, ද්වේෂ, මෝහයෙන් ඇතිවූ) තීරණයක් නොවේ. (තර්ක ආදියෙන්) තීරණයක් නොකරණ තථාගතයන්ගේ කෙලෙස් නිවීම තමන් විසින්ම අවබෝධ කරනලදී.
“මහණෙනි, වේදනාවන්ගේ නැගීමද, බැහීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද ඇතිහැටි දැන තථාගතයෝ ඇල්මක් නොකොට කෙලෙසුන්ගෙන් මිදුනෝය.
60
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
60
“මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතුය, අමාරුවෙන් අවබෝධ කටයුතුය, ශාන්තය, මිහිරිය තර්කයෙන් දැනගත නොහැකිය. සියුම්ය, පණ්ඩිතයින් විසින් දතයුතුය. එය තථාගතයෝ උසස් ඥාණයෙන් තමන්ම දැන වදාරති. එයින් (ඒ ධර්මයෙන්) තථාගතයන්ගේ ගුණ ඇතිහැටි කියන්නෝ හොඳින් කියත්.
අමරාවික්ඛෙපවාදො අමරාවික්ඛෙපවාදො
අධිච්චසමුප්පන්නවාදො අධිච්චසමුප්පන්නවාදො
අපරන්තකප්පිකා අපරන්තකප්පිකා
සඤ්ඤීවාදො සඤ්ඤීවාදො
අසඤ්ඤීවාදො අසඤ්ඤීවාදො
නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො
උච්ඡෙදවාදො උච්ඡෙදවාදො
දිට්ඨධම්මනිබ්බානවාදො දිට්ඨධම්මනිබ්බානවාදො
පරිතස්සිතවිප්ඵන්දිතවාරො පරිතස්සිතවිප්ඵන්දිතවාරො
ඵස්සපච්චයාවාරො ඵස්සපච්චයාවාරො
නෙතං ඨානං විජ්ජතිවාරො නෙතං ඨානං විජ්ජතිවාරො
දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා
විවට්ටකථාදි විවට්ටකථාදි