ත්‍රිපිටකය
දීඝනිකායො දීඝ නිකාය
සීලක්ඛන්ධවග්ගපාළි සීලක්ඛන්ධ වර්ගය
1. බ්‍රහ්මජාලසුත්තං 1. බ්‍රහ්මජාල සූත්‍රය
පරිබ්බාජකකථා පරිබ්බාජකකථා
චූළසීලං චූල ශීලය
මජ්ඣිමසීලං මධ්‍යම ශීලය
මහාසීලං මහා ශීලය
පුබ්බන්තකප්පිකා පුබ්බන්තකප්පිකා
සස්සතවාදො සස්සතවාදො
එකච්චසස්සතවාදො එකච්චසස්සතවාදො
38
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි?
38
“මහණෙනි, එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේයයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය සහ ලෝකය එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේයයි කරුණු හතරකින් ප්‍රකාශ කරති.
“ඒ පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකවූ එක් කොටසක් සදාකාලික නොවූ ආත්මයද, ලෝකයද, එක් කොටසක් සදාකාලිකයයිද, එක් කොටසක් සදාකාලික නොවේයයිද, කුමක් හේතුකොට කුමක් නිසා සතර කරුණකින් ප්‍රකාශ කරත්ද?
39
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො, යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්ටති. සංවට්ටමානෙ ලොකෙ යෙභුය්‍යෙන සත්තා ආභස්සරසංවත්තනිකා හොන්ති. තෙ තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො, චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.
39
“මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක් සිටිති.
40
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො, යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො විවට්ටති. විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං පාතුභවති. අථ ඛො අඤ්ඤතරො සත්තො ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජති. සො තත්ථ හොති මනොමයො පීතිභක්ඛො සයංපභො අන්තලික්ඛචරො සුභට්ඨායී, චිරං දීඝමද්ධානං තිට්ඨති.
40
“මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.
41
‘‘තස්ස තත්ථ එකකස්ස දීඝරත්තං නිවුසිතත්තා අනභිරති පරිතස්සනා උපපජ්ජති - ‘අහො වත අඤ්ඤෙපි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්‍යු’න්ති. අථ අඤ්ඤෙපි සත්තා ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා බ්‍රහ්මවිමානං උපපජ්ජන්ති තස්ස සත්තස්ස සහබ්‍යතං. තෙපි තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො, චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.
41
“ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතුව ශුභ විමානයෙහි සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.
42
‘‘තත්‍ර , භික්ඛවෙ, යො සො සත්තො පඨමං උපපන්නො තස්ස එවං හොති - ‘අහමස්මි බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා (සජ්ජිතා (ස්‍යා. කං.)) වසී පිතා භූතභබ්‍යානං. මයා ඉමෙ සත්තා නිම්මිතා. තං කිස්ස හෙතු? මමඤ්හි පුබ්බෙ එතදහොසි - ‘‘අහො වත අඤ්ඤෙපි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්‍යු’’න්ති. ඉති මම ච මනොපණිධි, ඉමෙ ච සත්තා ඉත්ථත්තං ආගතා’ති.
‘‘යෙපි තෙ සත්තා පච්ඡා උපපන්නා, තෙසම්පි එවං හොති - ‘අයං ඛො භවං බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා වසී පිතා භූතභබ්‍යානං. ඉමිනා මයං භොතා බ්‍රහ්මුනා නිම්මිතා. තං කිස්ස හෙතු? ඉමඤ්හි මයං අද්දසාම ඉධ පඨමං උපපන්නං, මයං පනම්හ පච්ඡා උපපන්නා’ති.
42
“මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද, ලෝකයාගේ පියා වෙමි. මේ සත්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ’යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය, එබැවින් ඒ මගේ හිතේ ප්‍රර්ථනාවෙන් මේ සත්වයෝ මේ භවයට පැමිණියෝය’යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි- ‘මේ පින්වත් අය බ්‍රහ්මය, මහාබ්‍රහ්මය, සෙස්සන් මැඩපවත්වන්නෙකි, අනුන් විසින් මැඩනොපවත්වන්නෙකි, ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලොක කර්තෘය, ලෝකය මැවුම්කාරයෙක, උත්තමයෙකි, ලොව බෙදන්නෙකි, වසඟකර ගන්නෙකි, උපන් ලෝකයාගේ පියෙකි, මේ පින්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු’ යනුයි.
43
‘‘තත්‍ර, භික්ඛවෙ, යො සො සත්තො පඨමං උපපන්නො, සො දීඝායුකතරො ච හොති වණ්ණවන්තතරො ච මහෙසක්ඛතරො ච. යෙ පන තෙ සත්තා පච්ඡා උපපන්නා, තෙ අප්පායුකතරා ච හොන්ති දුබ්බණ්ණතරා ච අප්පෙසක්ඛතරා ච.
43
“මහණෙනි, ඒ යම් පළමුව උපන් සත්වයෙක්වේද ඔහු ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෙක්ද, ඉතා උතුම් රුව ඇත්තෙක්ද, මහා පිරිවර ඇත්තෙක්ද වෙයි. ඒ යම් සත්වයෙක් පසුව උපන්නේද, ඔහු ඉතා අඩු ආයුෂද, ඉතා රුවෙන් අඩුවූද, පිරිවර නැත්තෙක්ද වේ.
44
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති, යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති , තතො පරං නානුස්සරති.
‘‘සො එවමාහ - ‘යො ඛො සො භවං බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා වසී පිතා භූතභබ්‍යානං, යෙන මයං භොතා බ්‍රහ්මුනා නිම්මිතා, සො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සති. යෙ පන මයං අහුම්හා තෙන භොතා බ්‍රහ්මුනා නිම්මිතා, තෙ මයං අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා’ති. ඉදං ඛො, භික්ඛවෙ, පඨමං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
44
මහණෙනි, මේ කාරණය සිද්ධවේ. එනම් එක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ.
“මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමට පැමිණ, යම්සේ හිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඒ පෙර ජාතියෙන් මතු සිහි නොකෙරේද, ඔහු මෙසේ කියයි.
“යම් බ්‍රහ්මයෙක් වේද ඔහු මහා බ්‍රහ්මයාය. මැඩ පවත්වන්නෙක, මැඩපැවැත්විය නොහැක්කේය. අනුමානයක් නැතිව යමක් දන්නෙකි, යටත් කරන්නෙකි, ප්‍රධානයෙකි, සාදන්නෙකි, මවන්නෙකි, ඉතා උසස්ය. බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි, සත්වයින්ට පියෙකි. ඒ යම් යහපත් බඹකු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඔහු නිත්‍යය, ඒකාන්තය, සදාකාලිකය, වෙනස් නොවන ගතියෙන් යුක්තය, සදාකාලික වස්තූන් සමග සම්බන්ධවූ කල එසේම සිටිනේය. ඒ යහපත් බඹු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඒ අපි අනිත්‍යය, ස්ථිර නැත, ආයුෂ අඩුය, සිටි භවයෙන් චුතව මේ ආත්ම භාවයට ආවෙමු’යි.
“මහණෙනි, යම් කරුණකට පැමිණ, යමක් නිසා එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවෙය යන මතය ඇති සමහර මහණ බමුණෝ කොටසක් නිත්‍ය කොට කොටසක් අනිත්‍ය කොට ප්‍රකාශ කරත්ද මේ ඒ ප්‍රථම කරුණයි.
45
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? සන්ති, භික්ඛවෙ, ඛිඩ්ඩාපදොසිකා නාම දෙවා, තෙ අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා (හසඛිඩ්ඩාරතිධම්මසමාපන්නා (ක.)) විහරන්ති. තෙසං අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති සම්මුස්සති (පමුස්සති (සී. ස්‍යා.)). සතියා සම්මොසා තෙ දෙවා තම්හා කායා චවන්ති.
45
“දෙවැනිව, පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද, ලෝකයද, කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍යකොට කුමක් හේතු කොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?
“මහණෙනි, ක්‍රීඩාවෙන් නැසෙන්නා’ නම් දෙවියෙක් ඇත්තේය. ඔහු බොහෝ වේලාවක් සිනාවෙහිත් ක්‍රීඩාවෙහිත් ඇලී වාසය කරයි. බොහෝ වේලාවක් සිනාවෙහි ක්‍රීඩාවෙහි ඇලී වාසය කිරීමෙන් ඔහුගේ සිත මුළාවේ. සිහි මුළාව නිසා ඒ දෙවියා දිව්‍ය ශරීරයෙන් චුතවේ.
46
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානුස්සරති.
‘‘සො එවමාහ - ‘යෙ ඛො තෙ භොන්තො දෙවා න ඛිඩ්ඩාපදොසිකා, තෙ න අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරන්ති. තෙසං න අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති න සම්මුස්සති. සතියා අසම්මොසා තෙ දෙවා තම්හා කායා න චවන්ති; නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති . යෙ පන මයං අහුම්හා ඛිඩ්ඩාපදොසිකා, තෙ මයං අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරිම්හා. තෙසං නො අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති සම්මුස්සති. සතියා සම්මොසා එවං මයං තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා’ති. ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
46
“මහණෙනි, මේ කාරණය දකින්ට ලැබේ. එනම්:- එක්තරා සත්ත්වයෙක් ඒ දිව්‍ය ලෝකයෙන් චුතව මේ මිනිස් බවට එයි. මේ ආත්මභාවයට ආ ඔහු ගිහිගෙය අත්හැර ගොස් ශාසනයෙහි පැවිදි වෙයි. ගිහිගෙයින් ගොස් ශාසනයට පැමිණි ඔහු කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමෙන් යම්සේ සිත එකඟකරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඉන් මතු සිහි නොකෙරේද, එසේවූ හිතේ තත්ත්වයක් ලබයි.
“ඔහු මෙසේ කියයි:- යම් ඒ පින්වත් දෙවි කෙනෙක් ක්‍රීඩාවෙන් නොවැනසුනේද, ඔහු ඉතා බොහෝ කාලයක් සිනාසීම් ක්‍රීඩා ආදියට නොපැමිණ වාසය කරයි. බොහෝ වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි නොයෙදී වාසය කරන ඔවුන්ගේ සිහිය මුළානොවේ. සිහි නොමුළාවීමෙන් ඒ දෙවියෝ ඒ ආත්මභාවයෙන් චුත නොවේ. ඔහු නිත්‍යවූවෝ, ඒකාන්ත වූවෝ, සදාකාලික වූවෝ, නොවෙනස්වන ගති ඇත්තෝව, සදාකාලිකවූ වස්තුමෙන් එසේම සිටිත්. යම්බඳුවූ අපි ඉතා වැඩිවූ ක්‍රීඩාවෙන් ක්ලාන්තවීමුද, ඒ අපි අධික වේලාවක් සිනාකෙළියෙහි ඇලී සැපයෙන් යුක්තව වාසය කරමු. වැඩි වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි යෙදීවාසය කළාවූ අපේ සිහි මුළා විය. මුළා වීමෙන්ම අපි ඒ දිව්‍ය භාවයෙන් චුතවී අනිත්‍ය වීමු. ස්ථිර නැති වීමු. සුළු ආයුෂ ඇත්තෝ වුම්හ, මැරෙන ස්වභාව ඇතිවීමේ මිනිස් බවට ආවෙමු”යි කියායි.
“මහණෙනි, එක්කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇති සමහර මහණ බමුණෝ සමහර දේ නිත්‍යයයිද, සමහර දේ අනිත්‍යයයිද, යමක් හේතුකොට යමක් නිමිති කොට ප්‍රකාශ කරත් නම් ඒ දෙවැනි කරුණයි.
47
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? සන්ති, භික්ඛවෙ, මනොපදොසිකා නාම දෙවා, තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසෙන්ති. තෙ අඤ්ඤමඤ්ඤං පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා . තෙ දෙවා තම්හා කායා චවන්ති.
47
“තුන් වැනිවද පින්වත් මහණ බමුණෝ, එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍යකොට කුමක් හේතු කොට කුමක් නිසා ප්‍රකාශ කරත්ද?
“මහණෙනි, ‘මනොපදොසික’ (සිත කිලුටුවීම) නම් දෙවියෙක් ඇත. ඔහු බොහෝ වේලා ක්‍රොධ සිතින් ඔවුනොවුන් දෙස බලයි. ඔහු බොහෝ වේලා ක්‍රෝධයෙන් බලා ඔවුනොවුන් කෙරෙහි සිත කිලිටු කරගනී. ඔහු ඔවුනොවුන් කෙරෙහි කිලුටු සිත් ඇත්තේ වෙහෙසුනු ශරීර ඇත්තෙක් (වේ) වෙහෙසුනු සිත් ඇත්තේ ඒ දෙවියා ඒ දිව්‍යභාවයෙන් (සමූහයෙන්) චුතවේ.
48
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානුස්සරති.
‘‘සො එවමාහ - ‘යෙ ඛො තෙ භොන්තො දෙවා න මනොපදොසිකා, තෙ නාතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තෙ නාතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි නප්පදූසෙන්ති. තෙ අඤ්ඤමඤ්ඤං අප්පදුට්ඨචිත්තා අකිලන්තකායා අකිලන්තචිත්තා. තෙ දෙවා තම්හා කායා න චවන්ති, නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති. යෙ පන මයං අහුම්හා මනොපදොසිකා, තෙ මයං අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායිම්හා. තෙ මයං අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසිම්හා, තෙ මයං අඤ්ඤමඤ්ඤං පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා. එවං මයං තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා’ති . ඉදං, භික්ඛවෙ, තතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
48
“මහණෙනි, මෙවැනි දෙයක් සිදුවේ. එක්තරා සත්වයෙක් ඒ දිව්‍ය භාවයෙන් චුතව මෙලොවට එයි. මෙලොවට ඇවිත් ගිහිගෙයින් පිටව ශාසනයට ඇතුල්වේ. ගිහිගෙයින් නික්ම සස්නට පැමිණි (අය) ගේ කෙලෙසුන් හීනකරන වීර්ය කොට, භාවනා කොට, එය නිතර පුරුදු කොට අප්‍රමාදයට පැමිණ, යහපත් කල්පනාවට පැමිණ මෙවැනිවූ සිතෙහි සමාධිය ලබයි. ඒ සමාධියට ගිය සිතින් (සිත සමාධියට ගිය කල) පෙර විසූ ඒ ජාතිය සිහි කෙරේ, ඉන් ඈතට සිහි නොකෙරේ.
“ඔහු මෙසේ කියයි:- යම් ඒ පින්වත් දෙවියෝ සිත කිලුටු කරන්නෝ නොවෙත් නම් ඔව්හු දීර්ඝ කාලයක් ඔවුනොවුන් දෙස කෝප සිතින් නොබලත් නම් එවිට ඔව්හු වැඩිකලක් ඔවුනොවුන් කෝප සිතින් නොබලා ඔවුනොවුන් කෙරෙහි සිත් දුෂ්ට නොකෙරෙත්. ඔවුනොවුන් කෙරෙහි දුෂ්ට සිත් නැති ඔවුහු වෙහෙස නුවූ ශරීර ඇත්තෝද වෙහෙස නුවූ සිත් ඇත්තෝද වෙත්. ඒ දෙවියෝ දිව්‍ය ආත්මභාවයෙන් චුත නොවෙත්. ඔව්හු නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය නොපෙරළෙන ස්වභාව ඇතියහ. සදාකාලික (දේ) මෙන් එසේම සිටිති. නුමුත් අපි යම් කරුණකින් සිත් කිලිටු කර ගනිමුද, ඒ අපි දීර්ඝ කාලයක් ඔවුනොවුන් කෝප සිතින් බැලුවෙමු. ඔවුනොවුන් දෙස කෝපව බලන ඒ අපි ඔවුනොවුන් කෙරෙහි හිත් කිලුටු කෙළෙමු. එසේවූ අපි ඔවුනොවුන් කෙරෙහි නපුරු සිත් ඇත්තෝ වෙහෙසෙන ශරීර සහසිත් ඇත්තෝ වෙමු. එවිට අපි ඒ දෙව් බවෙන් චුතව මෙසේ අනිත්‍ය, අස්ථිර, ආයුෂ අඩු, චුතවන ස්වභාව ඇති මේ මිනිසත් බවට පැමිණියෙමු.
“මහණෙනි, යම් කරුණක් හේතුකොටගෙන යමක් නිසා සමහර මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකිලික නොවේය යන මතය ඇත්තේ ආත්මයත් ලෝකයත් කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයිද ප්‍රකාශ කරත්ද, මේ ඒ තුන්වැනි කරුණයි.
49
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං එවමාහ - ‘යං ඛො ඉදං වුච්චති චක්ඛුං ඉතිපි සොතං ඉතිපි ඝානං ඉතිපි ජිව්හා ඉතිපි කායො ඉතිපි, අයං අත්තා අනිච්චො අද්ධුවො අසස්සතො විපරිණාමධම්මො. යඤ්ච ඛො ඉදං වුච්චති චිත්තන්ති වා මනොති වා විඤ්ඤාණන්ති වා අයං අත්තා නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සතී’ති. ඉදං, භික්ඛවෙ, චතුත්ථං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
49
“හතරවැනිවත් පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේ යයි යන මතය ඇතිව ආත්මයද, ලෝකයද, කොටසක් නිත්‍ය යයිද, කොටසක් අනිත්‍යයයිද කුමක් හේතුකොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද?
“මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නේය. පරීක්ෂා කරන්නේය. ඔහු ඒ ආකාර තර්ක කොට පරීක්ෂා සහිත විමසීමෙන් ලබාගත් තම වැටහීම (ඇතිවූ මතය) අනුව මෙසේ කියයි. ඇසද, කණද, නාසයද දිවද, ශරීරයද යන මේ වෙනස් කරුණුවලින් යුත් ආත්මය අනිත්‍යය, ස්ථිර නැත, සදාකාලික නොවේය, වෙනස්වන ස්වභාව ඇත්තේය. සිතද, මනසද, විඥානයද යනුවෙන් දක්වන මේ ආත්මය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ගති ඇත්තේය. සදාකාලික වූයේම ස්ථිරවම එසේම සිටින්නේය.”
“මහණෙනි, යම් කරුණක් හේතුකොට ගෙන, යමක් නිසා සමහර මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇත්තෝ ආත්මයත් ලෝකයත් කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයයිද ප්‍රකාශ කරත්ද, මේ ඒ හතර වැන්නයි.
50
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන; නත්ථි ඉතො බහිද්ධා.
50
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ, එක්කොටසක් සදාකාලික එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව කරුණු සතරකින් ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයයිද ප්‍රකාශ කරති.
“මහණෙනි, යම්කිසි මහණහුද බමුණෝද, එක්කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍ය කොට ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ කරුණු සතරින් හෝ මෙයින් එකකින් හෝ එකසේ ප්‍රකාශ කරති. මින් පිට නැත.
51
‘‘තයිදං , භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති, තඤ්ච පජානනං න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්ඛවෙ, තථාගතො.
51
“මහණෙනි, මේ කරුණ තථාගතයෝ හොඳින් දනිත්. ‘මේ මිසදිටු (වැරදි මතයෙන් යුත්) කරුණු මෙසේ ගත්තෝය. මෙසේ තීරණය කරගත්තෝය. මෙවැනි ගති ඇත්තෝ වෙත්. ඔවුහු පරලෝ (මරණින් පසු) මෙසේ වෙති’ කියා තථාගතයෝ එයද දනිත්. ඉන් වැඩි උසස් ධර්මද දනිත්. ඒ දැනුම් එසේද තීරණය නොකෙරේ. එසේ තීරණය නොකරණ තථාගතයන් විසින් කෙලෙස් නැතිකිරීම (නිර්වාණය) තමන් විසින්ම අවබෝධ කරණ ලදී. මහණෙනි, වේදනාවන්ගේ උත්පත්තියද, විනාශයද, රසවිඳීමද, විපතද, ඉන් මිදීමද ඇතිසැටි දැන, තථාගතයෝ එහි නොඇලී කෙලෙසුන්ගෙන් මිදුනෝය.
52
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
52
“මහණෙනි, මේ ධර්ම ගැඹුරුවූ, දැක්මට දුෂ්කරවූ දැනගැනීමට අමාරුවූ, ශාන්තවූ, මිහිරිවූ, තර්කයෙන්ම දැනගත හැකි නුවූ සියුම්වූ, නුවණ ඇත්තන් විසින් දතයුතු වෙත්. ඒ ධර්ම තථාගතයෝ තමන්ගේම මහත් නුවණින් දැන ප්‍රකාශ කරති. ඒ ධර්මයන් කරණකොට ගෙන තථාගතයන්ගේ පැහැදිලිව පේන (විද්‍යමාන) ගුණය, කියන්නෝ හොඳින් කියති.
අන්තානන්තවාදො අන්තානන්තවාදො
අමරාවික්ඛෙපවාදො අමරාවික්ඛෙපවාදො
අධිච්චසමුප්පන්නවාදො අධිච්චසමුප්පන්නවාදො
අපරන්තකප්පිකා අපරන්තකප්පිකා
සඤ්ඤීවාදො සඤ්ඤීවාදො
අසඤ්ඤීවාදො අසඤ්ඤීවාදො
නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො
උච්ඡෙදවාදො උච්ඡෙදවාදො
දිට්ඨධම්මනිබ්බානවාදො දිට්ඨධම්මනිබ්බානවාදො
පරිතස්සිතවිප්ඵන්දිතවාරො පරිතස්සිතවිප්ඵන්දිතවාරො
ඵස්සපච්චයාවාරො ඵස්සපච්චයාවාරො
නෙතං ඨානං විජ්ජතිවාරො නෙතං ඨානං විජ්ජතිවාරො
දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා
විවට්ටකථාදි විවට්ටකථාදි