ත්‍රිපිටකය
දීඝනිකායො දීඝ නිකාය
සීලක්ඛන්ධවග්ගපාළි සීලක්ඛන්ධ වර්ගය
1. බ්‍රහ්මජාලසුත්තං 1. බ්‍රහ්මජාල සූත්‍රය
පරිබ්බාජකකථා පරිබ්බාජකකථා
චූළසීලං චූල ශීලය
මජ්ඣිමසීලං මධ්‍යම ශීලය
මහාසීලං මහා ශීලය
21
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති , සෙය්‍යථිදං - අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා (ඛෙත්තවිජ්ජා (බහූසු)) සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං සරපරිත්තාණං මිගචක්කං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
21
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා (වැරදි ඇදහීම් වලින් යුත්) ජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්: සාමුද්‍රිකා ශාස්ත්‍රය (අත්බැලීම හෝ ශරීරයේ අවයව බලා ශාස්ත්‍රකීම, නිමිතිකීම) අසනිපාතාදී මහත් නිමිත්තෙන් ශුභාශුභ කීම, උත්පාතය කීම, ස්වප්න (සිහින) ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, (රෙදි ආදිය මීයන් කැපූකල ශුභාශුභ කීම, මූෂික ශාස්ත්‍ර, (ගිනි දෙවියා පිදීම එනම්) ගිනිපිදීම, හැඳියාගය, (ගිනිපූජා මාර්ගයක්) දහවියා යාගය, කුඩුයාගය, හාල් යාගය, ගිතෙල් යාගය, තෙල් යාගය, මුව යාගය. (අබ ආදිය කටේ දමා මන්ත්‍ර කියා ගින්නට පිඹීම හෝ දැමීම). ලේ යාගය, අංග විද්‍යාය, (ශරීරය හෝ ඇඟිලි පූරුක් බලා ගුණ අගුණ කීම) වාස්තු විද්‍යාය, (ගෙයක බඩු ආදියේ ගුණ දොස් පෙන්වීම), නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්තිකරණ විද්‍යාව (සිවල්රුත) භූත විද්‍යාව (යක්ෂයින් දමනය කරණ විද්‍යාව), බිමගෙයි වාසය කරන්නන් විසින් ඉගෙනගතයුතු මන්ත්‍රය, සර්ප මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑකල පිළියම් කිරීමේ විද්‍යාය, (පක්ෂි) කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරණ මිථ්‍යා (වැරදි ඇදහීමෙන් යුත්) ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය ‘මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
22
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං සත්ථලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිංසලක්ඛණං (මහිසලක්ඛණං (සී. ස්‍යා. කං. පී.)) උසභලක්ඛණං ගොලක්ඛණං අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
22
“සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් (වැරදි ඇදහීම් වලින් යුත් ජීවිකාවෙන්) ජීවිකාව කෙරෙත්. එනම්: මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණිලක්ෂණය, දඬු ගැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩලක්ෂණය, ඇඳුම්වල ශුභ අශුභ කියන වස්ත්‍ර ලක්ෂණය, කඩු ලකුණුය, ඊ ලකුණුය, දුනු ලකුණුය, ආයුධ ලකුණුය, ස්ත්‍රීලකුණුය, පුරුෂ ලකුණුය, පිරිමි ළමයින්ගේ ලකුණුය, ගෑනු ළමයින්ගේ ලකුණුය, දාසයින්ගේ ලකුණුය, දාසීන්ගේ ලකුණුය, ඇතුන්ගේ ලකුණුය, අශ්ව ලකුණුය, මීහරක් ලකුණුය, ගොන් ලකුණුය, දෙනුන්ගේ ලකුණුය, එළුලකුණුය, බැටළු ලකුණුය, කුකුළු ලකුණුය, වටු ලකුණුය, කබරගොයින් ආදීන්ගේ (ගොධා) ලක්ෂණය - (කර්ණිකා ලක්ෂණය) හිස් කන් ආදී ආභරණ ලක්ෂණය, කැසුබුලක්ෂණය මෘග ලක්ෂණය යනුයි මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරණ මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
23
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - රඤ්ඤං නිය්‍යානං භවිස්සති, රඤ්ඤං අනිය්‍යානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති, ඉති ඉමස්ස ජයො භවිස්සති, ඉමස්ස පරාජයො භවිස්සති ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
23
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරති. එනම්: (අසවල් දින) රජුගේ බැහැරයාම වෙයි, රජුගේ ආපසු ඒම වෙයි, ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි, පිට රජුන්ගේ ඉවත යෑම වෙයි, ඇතුළු නුවර රජුන්ට ජය වෙයි, පිට රජුන්ට පරාජය වෙයි, පිටරජුන්ට ජය වෙයි, ඇතුළු නුවර රජුන්ට පරාජය වෙයි, මෙසේ මොහුට ජය වන්නේය. මොහුට පරාජය වන්නේය. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය’ “මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
24
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - චන්දග්ගාහො භවිස්සති, සූරියග්ගාහො (සුරියග්ගාහො (සී. ස්‍යා. කං. පී.)) භවිස්සති, නක්ඛත්තග්ගාහො භවිස්සති, චන්දිමසූරියානං පථගමනං භවිස්සති, චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, නක්ඛත්තානං පථගමනං භවිස්සති, නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති, උක්කාපාතො භවිස්සති, දිසාඩාහො භවිස්සති, භූමිචාලො භවිස්සති, දෙවදුද්‍රභි (දෙවදුන්දුභි (ස්‍යා. කං. පී.)) භවිස්සති, චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති, එවංවිපාකො චන්දග්ගාහො භවිස්සති, එවංවිපාකො සූරියග්ගාහො භවිස්සති, එවංවිපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියානං පථගමනං භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකො උක්කාපාතො භවිස්සති, එවංවිපාකො දිසාඩාහො භවිස්සති, එවංවිපාකො භූමිචාලො භවිස්සති, එවංවිපාකො දෙවදුද්‍රභි භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
24
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරෙති. එනම්: (අසවල් දින) චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන (ස්වකීය) මාර්ගයෙහි වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන (ස්වකීය) මාර්ගයෙහි වන්නේය (ග්‍රහ) තාරකාවන්ගේ ගමන අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) වන්නේය. දිසාවන් දැවීම වන්නේය. භූමිකම්පා වන්නේය. අහස ගිගුරුම් වන්නේය. චන්ද්‍ර සූර්ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැහීම, කෙලෙසීම පිරිසිදුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්‍ර ග්‍රහණයක් වන්නේය. මෙබඳු විපාක ඇති සූර්යග්‍රහණයක් වන්නේය. මෙබඳු විපාක ඇති (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්ද්‍රසූර්යයන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන වන්නේය. චන්ද්‍රසූර්යයන්ගේ මෙබඳු විපාක ඇති අමාර්ග ගමන වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන වන්නේය, මෙබඳු විපාක ඇති උල්කාපාතයෙක් වන්නේය. මෙබඳු විපාක ඇති දිගුන් (දිසාවන්) දැවීමෙක් වන්නේය. මෙබඳු විපාක ඇති භූමිකම්පාවක් වන්නේය. මෙබඳු විපාක ඇති අහස ගිගිරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්‍ර සූර්ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම, කෙලෙසීම, පිරිසිදුවීම වන්නේය යනු දක්වන විද්‍යායි. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
25
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - සුවුට්ඨිකා භවිස්සති, දුබ්බුට්ඨිකා භවිස්සති, සුභික්ඛං භවිස්සති, දුබ්භික්ඛං භවිස්සති, ඛෙමං භවිස්සති, භයං භවිස්සති, රොගො භවිස්සති, ආරොග්‍යං භවිස්සති, මුද්දා, ගණනා, සඞ්ඛානං, කාවෙය්‍යං, ලොකායතං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
25
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: හොඳින් වැහි ඇති වන්නේය. නියඟ වන්නේය හෝ නපුරු වැහි ඇතිවන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය. ආහාර ආදිය හිඟවන්නේය. භය නැති වන්නේය. භය ඇති වන්නේය. ලෙඩ ඇති වන්නේය. ලෙඩ නැති වන්නේයයි කීමද හස්ත මුද්‍රා ආදී ලකුණු වලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිතශාස්ත්‍රය (පිණ්ඩගණිතය) ඝනප්‍රමාන දැනගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය, යන මේ විද්‍යායි. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
26
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති , සෙය්‍යථිදං - ආවාහනං විවාහනං සංවරණං විවරණං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිබන්ධනං හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිකපඤ්හං දෙවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හායනං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
26
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයා කාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත්දිනා ගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස්කරවීම, වියදම් කරවීම යහපත් ශ්‍රීයාව ඇති කරවීම යහපත් ශ්‍රියාව නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නාසේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, (කැඩපත්හි) මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටුවා ප්‍රශ්න ඇසීම, (අංජනම්), ආවේසවූ ගෑණුදරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූර්යයාට නමස්කාර කිරීම, බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිටකිරීමය, ශ්‍රීදෙවිය කැඳවීම යනුයි. එවැනි ලාමක පහත් විද්‍යායෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නෝය.
27
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකම්මං ආචමනං න්හාපනං ජුහනං වමනං විරෙචනං උද්ධංවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභෙසජ්ජානං අනුප්පදානං ඔසධීනං පටිමොක්ඛො ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
‘‘ඉදං ඛො, භික්ඛවෙ, අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං, යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
27
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: බාරහාරවීම, බාරහාර ඔප්පු කිරීම බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රියා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුද්ධ කරවීම, අනුන් නැහැවීම අනුන් සඳහා ගිනි පිදීම, වමනකරවීම, විරෙචන කරවීම, ඌද්ධව විරෙචනය (ළය විරෙකය) අධො (පහතින්) විරෙචනය සිරෝ (බෙල්ලෙන් උඩ) විරෙචනය, කනේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය,’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි, අඩු දෙයකි, සුළු ස්වභා ගතියකි.
පුබ්බන්තකප්පිකා පුබ්බන්තකප්පිකා
සස්සතවාදො සස්සතවාදො
එකච්චසස්සතවාදො එකච්චසස්සතවාදො
අන්තානන්තවාදො අන්තානන්තවාදො
අමරාවික්ඛෙපවාදො අමරාවික්ඛෙපවාදො
අධිච්චසමුප්පන්නවාදො අධිච්චසමුප්පන්නවාදො
අපරන්තකප්පිකා අපරන්තකප්පිකා
සඤ්ඤීවාදො සඤ්ඤීවාදො
අසඤ්ඤීවාදො අසඤ්ඤීවාදො
නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො
උච්ඡෙදවාදො උච්ඡෙදවාදො
දිට්ඨධම්මනිබ්බානවාදො දිට්ඨධම්මනිබ්බානවාදො
පරිතස්සිතවිප්ඵන්දිතවාරො පරිතස්සිතවිප්ඵන්දිතවාරො
ඵස්සපච්චයාවාරො ඵස්සපච්චයාවාරො
නෙතං ඨානං විජ්ජතිවාරො නෙතං ඨානං විජ්ජතිවාරො
දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා
විවට්ටකථාදි විවට්ටකථාදි