ත්‍රිපිටකය
දීඝනිකායො දීඝ නිකාය
සීලක්ඛන්ධවග්ගපාළි සීලක්ඛන්ධ වර්ගය
1. බ්‍රහ්මජාලසුත්තං 1. බ්‍රහ්මජාල සූත්‍රය
පරිබ්බාජකකථා පරිබ්බාජකකථා
චූළසීලං චූල ශීලය
මජ්ඣිමසීලං මධ්‍යම ශීලය
11
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං (සෙය්‍යථීදං (සී. ස්‍යා.)) - මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං (පඤ්චමං ඉති වා (සී. ස්‍යා. ක.)); ඉති එවරූපා බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
11
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. එවැනි තණ ගස් වැල්වල මුල්වලින් පැලවෙන, කඳ පැලවෙන, පුරුක් පැලවෙන, දලු පැලවෙන බීජයෙන් පැලවෙන, පහක් (පස් වර්ගයක්) වේ. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
12
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති , සෙය්‍යථිදං - අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
12
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ දේ රැස්කොට තබා ප්‍රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් ආහාර වර්ග තබා ප්‍රයෝජන විඳීමය. පානවර්ග තබා ප්‍රයෝජන විඳීමය. රෙදිපිළි ආදී ඇඳුම් ලබා නගා තිබීමය. රථ වාහන තබා ප්‍රයෝජන විඳීමය. ඇඳ, පුටු ආදිය රැස්කොට තබා ප්‍රයෝජන විඳීමය. සුවඳ ද්‍රව්‍ය තබාගෙන ප්‍රයෝජන විඳීමය. (තල සහල් ආදිය) තබා ප්‍රයෝජන විඳීමාදී මෙසේ මෙබඳු සත් වැදෑරුම් දේ රැස්කොට තබා ප්‍රයෝජන විඳීමෙන් සම්පූර්ණයෙන් වැළකුණේ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
13
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාළං කුම්භථූණං (කුම්භථූනං (ස්‍යා. ක.), කුම්භථූණං (සී.)) සොභනකං (සොභනඝරකං (සී.), සොභනගරකං (ස්‍යා. කං. පී.)) චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිංසයුද්ධං (මහිසයුද්ධං (සී. ස්‍යා. කං. පී.)) උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්‍යොධිකං බලග්ගං සෙනාබ්‍යූහං අනීකදස්සනං ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
13
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- නැටීමය, ගී කීමය, වීණා ආදිය වැයීමය, රඟමඬුලු බැලීමය, ගොතා රසකර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිනී නැංවීම නමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, (ප්‍රතිභාන චිත්‍ර විචිත්‍රය) නෘත්‍යයේදී සිත් ඇලුම් කරන ශරීර චංචලය, සණදෙවුම් කෙළිය, උනගස් ඔසවා නැටුම, මිනී ඇට සෝදා තැබීමය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, මල්ලව (නම් පොර ඇල්ලීම) යුද්ධ කිරීම, යුද සෙන් පිරික්සීමය, (සේනාසන්නිවෙස) කඳවුරුය, සතරාකාර යුද්ධ හමුදාව (සිවුරඟසේනාව) දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුළු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
14
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලිකං (චිඞ්ගුලකං (ක. සී.)) පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං ඉති වා ඉති එවරූපා ජූතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
14
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණවූ මෙයාකාර සූදුකෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්, අට මඬුලු (කොටු) කෙළිය, දස මඬුලු (කොටු) කෙළිය (ලනුපැනීම) අහස්කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම) එක්කොට තබන දේ නොසොල්වා ගැනීමේ ලම කෙළිය, සිංකෙළීම. (එනම් සැලුම්කෙළිය, කූරුගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම, බිම හෝ බිත්තිවල ලීකූරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්‍රීඩාකිරීම, පන්දුකෙළිය, පත් කුලල් (වස්දඬු) පිඹීමය, නඟුල්කෙළිය, කරනම්ගැසීම, කන්නන්ගුරු කෙළිය. එනම් තල් පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්‍රීඩාවකි.) වැලි ආදිය මැනීමේ සෙල්ලම, රථවාහන යොදා කරන සෙල්ලම දුනුකෙළිය, අකුරුසෙල්ලම සිතූදේ කීමේ සෙල්ලම, දෝෂරූප දක්වා කරන සෙල්ලම යනුයි. මෙසේ ප්‍රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
15
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - ආසන්දිං පල්ලඞ්කං ගොනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ටිස්සං කොසෙය්‍යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං (හත්ථත්ථරණං අස්සත්ථරණං රථත්ථරණං (සී. ක. පී.)) අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං ඉති වා ඉති එවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
15
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ ‘උස් ආසන’ ‘මහ ආසන’යන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. එනම් දික්හඟලා පුටුය, පලඟය, අඟල් හතරකට වඩා දික් ලොම් ඇති ඇතිරිය (ඇතුරු ආසනය) එළු ලොමින් සැරසූ ඇතිරිය, එළු ලොමින් සෑදූ සුදු ඇතිරිය, එළුලොමින් සෑදූ ඝන මලින් යුත් ඇතිරිය, ගුදිරිය, සිංහාදී රූපයෙන් සැරසූ එළු ලොම් ඇතිරිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, එකපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය රත්තරණින් කැටයම්කළ පසතුරුණුය, (පලස්) පටනූලෙන් කළ පසතුරුණුය, නාටිකාවන් දහසය දෙනෙකුට නැටියහැකි එළුලොමින් කළ මහ ඇතිරිය, ඇතුන්පිට අතුරණ ඇතිරිය, අසුන්පිට අතුරණ ඇතිරිය, රථපිට අතුරණ ඇතිරිය, අඳුන් දිවිසමින් කළ පසතුරුණුය, කෙසෙල් මුව සම් වැනි සමෙන් කළ උතුම් පසතුරුණුය, මත්තෙහි බඳිනාලද රතු වියන් සහිතවූ දෙපැත්තෙහි තබන ලද රතු කොට්ටා ඇති ආසනය යනාදියයි. මෙබඳුවූ ‘උස් ආසන’ මහා ආසනයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය,’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
16
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - උච්ඡාදනං පරිමද්දනං න්හාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාගන්ධවිලෙපනං (මාලාවිලෙපනං (සී. ස්‍යා. කං. පී.)) මුඛචුණ්ණං මුඛලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩං නාළිකං අසිං (ඛග්ගං (සී. පී.), අසිං ඛග්ගං (ස්‍යා. කං.)) ඡත්තං චිත්‍රුපාහනං උණ්හීසං මණිං වාලබීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි ඉති වා ඉති එවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
16
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සම්බන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරති. එනම්: සුවඳකුඩු ඇඟ ගැල්වීමය, ඇඟ අතගෑමය, නෑවීමය, මිරිකීමය (කැඩපත්) මුහුණ බලන කන්නාඩි අඳුන්, ගෙතූ නොගෙතූ මල් හා (විලවුන්) එනම් මල් සහිත සුවඳ සුණුය, (මුවසුණුය) මුහුණේ ලන සුවඳ සුණු හා කටේ ගාන (ආලෙපය) සුවඳ කල්කය, අත්වල පළඳින ආභරණය, අතේ තබාගෙන යන දඬු කෝටු (සැරයටි) ආදිය, බෙහෙත් සුර; කඩු, කුඩ, සැරසිලි සහිත සෙරෙප්පු, සපත්තු දමාගෙන ඇවිදීමය, නළල්පටි, හිස මුදුනේ පළඳින මැණික් සහිත ආභරණ, වල්විදුනා (පවන් සැලීමට ගන්නා චාමර) දැරීමය, දික්දාවලු වලින් යුත් සුදුරෙදි ඇඳීමය යනාදියයි. මෙබඳුවූ සැරසීම හා අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
17
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං (ඉත්ථිකථං පුරිසකථං (ස්‍යා. කං. ක.)) සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානකථාය පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
17
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩනැති කථාවෙහි යෙදී වාසය කරති. එනම්: රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය යුද්ධ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන (රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන (ජනපද) කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුරගන්නා තැන්වලට හෝ තොටුපළවලට රැස්වූ අය කරණ කථාය, නැසීගිය නෑයන් ගැන කථාය, නොයෙක් (ප්‍රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය යන මේ කථායි. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
18
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි, මිච්ඡා පටිපන්නො ත්වමසි, අහමස්මි සම්මා පටිපන්නො, සහිතං මෙ, අසහිතං තෙ, පුරෙවචනීයං පච්ඡා අවච, පච්ඡාවචනීයං පුරෙ අවච, අධිචිණ්ණං තෙ විපරාවත්තං, ආරොපිතො තෙ වාදො, නිග්ගහිතො ත්වමසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි වා සචෙ පහොසීති ඉති වා ඉති එවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
18
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ දොස් පවරා නින්දාකරන කථාවෙහියෙදී වාසය කරති. එනම්: ‘උඩඟු ලෙස තෝ මේ ධර්මය අනුව හැසිරීම නොදන්නෙහිය. මම මේ ධර්මය දනිමි. තෝ මේ ධර්මය අනුව හැසිරීම කුමක්දැයි දන්නෙහිද? තෝ වරදවා පිළිගන්නෙහිය. යහපත් අන්දමින් මම මොනවට පිළිපන්මි. මගේ වචනය අර්ථ සහිතය. (සිලුටුය), තගේ වචනය අනර්ථයෙන් යුක්ත වෙයි (නොසිලුටුය), පළමුව කියයුතු දේ පසුව කීයෙහිය. පසුව කිය යුතු දේ පළමුව කීයෙහිය. තා විසින් පුරුදු කරන ලද්ද පෙරැළී ගියේය. තට වාදාරොපණය (වාද නැගීම) කරණ ලද්දේය. නින්දා කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදෙන පිණිස හැසිරෙව, ඉදින් සමර්ථයෙහි නම් දැන්ම තෝ වාදයෙන් ගැළවී යව’ මෙසේ මෙබඳු දෝෂාරෝපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
19
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්‍යපහිණගමනානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - රඤ්ඤං, රාජමහාමත්තානං, ඛත්තියානං, බ්‍රාහ්මණානං, ගහපතිකානං, කුමාරානං ‘‘ඉධ ගච්ඡ, අමුත්‍රාගච්ඡ, ඉදං හර, අමුත්‍ර ඉදං ආහරා’’ති ඉති වා ඉති එවරූපා දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
19
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් (වැඩකාරකම්) සහ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වාසයකරති. එනම් රජුන්ගේ, රාජ මහා ඇමතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෙදර ප්‍රධානයන්ගේ (ගෘහපතියන්ගේ), කුමාරයන්ගේ ‘මෙහි එනු’ (ඔහේ) ‘එහාට යනු’ ‘මෙය ගෙන එනු’ ‘එහාට මෙය ගෙන යනු’ ආදී වශයෙනි. එවැනි වැඩකාරකම් (දූතකම්) හා පණිවුඩ ගෙනයාමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
20
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති, ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච, ලාභෙන ලාභං නිජිගීංසිතාරො ච (ලාභෙන ලාභං නිජිගිං භිතාරො (සී. ස්‍යා.), ලාභෙන ච ලාභං නිජිගීසිතාරො (පී.)) ඉති (ඉති වා, ඉති (ස්‍යා. කං. ක.)) එවරූපා කුහනලපනා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
20
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි කුහකයෝද වෙති. සිවුපසය (සිවුරු, දන්, අසුන්, ගිලන්පස) ලබාගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැතිකිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද, ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
මහාසීලං මහා ශීලය
පුබ්බන්තකප්පිකා පුබ්බන්තකප්පිකා
සස්සතවාදො සස්සතවාදො
එකච්චසස්සතවාදො එකච්චසස්සතවාදො
අන්තානන්තවාදො අන්තානන්තවාදො
අමරාවික්ඛෙපවාදො අමරාවික්ඛෙපවාදො
අධිච්චසමුප්පන්නවාදො අධිච්චසමුප්පන්නවාදො
අපරන්තකප්පිකා අපරන්තකප්පිකා
සඤ්ඤීවාදො සඤ්ඤීවාදො
අසඤ්ඤීවාදො අසඤ්ඤීවාදො
නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො
උච්ඡෙදවාදො උච්ඡෙදවාදො
දිට්ඨධම්මනිබ්බානවාදො දිට්ඨධම්මනිබ්බානවාදො
පරිතස්සිතවිප්ඵන්දිතවාරො පරිතස්සිතවිප්ඵන්දිතවාරො
ඵස්සපච්චයාවාරො ඵස්සපච්චයාවාරො
නෙතං ඨානං විජ්ජතිවාරො නෙතං ඨානං විජ්ජතිවාරො
දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා
විවට්ටකථාදි විවට්ටකථාදි