ත්‍රිපිටකය
දීඝනිකායො දීඝ නිකාය
සීලක්ඛන්ධවග්ගපාළි සීලක්ඛන්ධ වර්ගය
1. බ්‍රහ්මජාලසුත්තං 1. බ්‍රහ්මජාල සූත්‍රය
පරිබ්බාජකකථා පරිබ්බාජකකථා
1
එවං මෙ සුතං - එකං සමයං භගවා අන්තරා ච රාජගහං අන්තරා ච නාළන්දං අද්ධානමග්ගප්පටිපන්නො හොති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. සුප්පියොපි ඛො පරිබ්බාජකො අන්තරා ච රාජගහං අන්තරා ච නාළන්දං අද්ධානමග්ගප්පටිපන්නො හොති සද්ධිං අන්තෙවාසිනා බ්‍රහ්මදත්තෙන මාණවෙන. තත්‍ර සුදං සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති; සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්‍රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහ තෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා (අනුබද්ධා (ක. සී. පී.)) හොන්ති භික්ඛුසඞ්ඝඤ්ච.
1
මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මගේ ඇසීම මෙලෙසයි.) එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහපාරට පන්සියයක් පමණවූ බොහෝ භික්ෂු සංඝයා හා සමග (වැඩියෝය.) පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද (ශාසනයෙන් පිටත් පැවිද්දාද) බඹදත් නම් තරුණ අතවැසියා සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මානවකයා නොයෙක් කරුණෙන් (ආකාරයෙන්) බුදුන්ගේ ගුණ කියයි, ධර්මයේ ගුණ කියයි, සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇදුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුද්ධ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.
2
අථ ඛො භගවා අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගච්ඡි (උපගඤ්ඡි (සී. ස්‍යා. කං. පී.)) සද්ධිං භික්ඛුසඞ්ඝෙන. සුප්පියොපි ඛො පරිබ්බාජකො අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගච්ඡි (උපගඤ්ඡි (සී. ස්‍යා. කං. පී.)) අන්තෙවාසිනා බ්‍රහ්මදත්තෙන මාණවෙන. තත්‍රපි සුදං සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති; සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්‍රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහ තෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා විහරන්ති.
2
එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළවූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට භික්ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට බ්‍රහ්මදත්ත නම් තරුණ අතවැසි මානවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය පිරිවැජියාගේ අතවැසි බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි. දහම් ගුණ කියයි. සඟ ගුණ කියයි. මෙසේ මේ කාරණයෙහි ඒ ගුරුවරයා සහ ඔහුගේ අතවැසියාද යන දෙදෙනා ඔවුනොවුන්ට හාත්පසින්ම විරුද්ධ මත ඇත්තෝව භාග්‍යවතුන් වහන්සේගේද, භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.
3
අථ ඛො සම්බහුලානං භික්ඛූනං රත්තියා පච්චූසසමයං පච්චුට්ඨිතානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයං සඞ්ඛියධම්මො උදපාදි - ‘‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්තානං නානාධිමුත්තිකතා සුප්පටිවිදිතා. අයඤ්හි සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති; සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්‍රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහමෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා හොන්ති භික්ඛුසඞ්ඝඤ්චා’’ති.
3
එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රැස්වීම් ශාලාවෙහි එක්ව රැස්ව වැඩසිටි බොහෝ භික්ෂූන් අතරෙහි මේ කථා ධර්මය පහළවිය. “ඇවැත්නි, (පින්වත් භික්ෂුවරුනි) සියල්ල දන්නා භගවත් නම්වූ සියල්ල දක්නා අර්හත් නම්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ විසින් සත්වයන්ගේ නොයෙක් අදහස් ඇති බව යම් පමණ හොඳින් අවබෝධ කරණ ලද්දේද (අවබෝධය) පුදුමය. මේ සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන්හට දොස් පවරයි, ධර්මයට දොස් පවරයි, සංඝයාහට දොස් පවරයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසිවූ බ්‍රහ්මදත්තනම් මානවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි. දහම් ගුණ කියයි, සඟ ගුණකියයි මෙසේ මේ ගුරුවර අතවැසි දෙදෙන ඔවුනොවුන්ට සම්පූර්ණ විරුද්ධ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්.”
4
අථ ඛො භගවා තෙසං භික්ඛූනං ඉමං සඞ්ඛියධම්මං විදිත්වා යෙන මණ්ඩලමාළො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කායනුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති? එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ, භන්තෙ, අම්හාකං රත්තියා පච්චූසසමයං පච්චුට්ඨිතානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයං සඞ්ඛියධම්මො උදපාදි - ‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්තානං නානාධිමුත්තිකතා සුප්පටිවිදිතා. අයඤ්හි සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති; සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්‍රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහමෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා හොන්ති භික්ඛුසඞ්ඝඤ්චා’ති. අයං ඛො නො, භන්තෙ, අන්තරාකථා විප්පකතා, අථ භගවා අනුප්පත්තො’’ති.
4
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ මේ කථාව දැන රැස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩහුන්නෝය. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ (මෙසේ) භික්ෂූන්ගෙන් ඇසුවෝය. “මහණෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන්ගෙන සිටියහුදැ”යි ඇසූහ. මෙසේ ඇසූ කල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවෝය. “ස්වාමීනි, රෑ පාන්දර මේ රැස්වීම් ශාලාවෙහි රැස්ව වැඩහුන් අපට මේ කථා ධර්මය පහළ විය. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදුවූ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇති බව යම් පමණ යහපත්සේ අවබෝධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය. පෙර නුවූ දෙයක් වන්නේය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජුන්ට දොස් පවරයි. ධර්මයට දොස් පවරයි. සංඝයාට දොස් පවරයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසිවූ බ්‍රහ්මදත්ත නම් මානවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ ගුරුවර අතවැසි දෙදෙනා ඔවුනොවුන්ට සම්පූර්ණ විරුද්ධ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්. ස්වාමීන්වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය”යි කීහ.
5
‘‘මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි කරණීයා. මමං වා, භික්ඛවෙ , පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා, තුම්හං යෙවස්ස තෙන අන්තරායො. මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා, අපි නු තුම්හෙ පරෙසං සුභාසිතං දුබ්භාසිතං ආජානෙය්‍යාථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි අභූතං අභූතතො නිබ්බෙඨෙතබ්බං - ‘ඉතිපෙතං අභූතං, ඉතිපෙතං අතච්ඡං, නත්ථි චෙතං අම්හෙසු, න ච පනෙතං අම්හෙසු සංවිජ්ජතී’ති.
5
“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”
“ස්වාමීනි, එසේ නැත්මය. (ඒ දැනීම නැත.)” මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් (අභූත) වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි (අවිද්‍යමානය) දකින්නට නැත. බොරුව බොරුව මෙන් එලිදරව් කළ යුතුය.
6
‘‘මමං වා, භික්ඛවෙ, පරෙ වණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආනන්දො න සොමනස්සං න චෙතසො උප්පිලාවිතත්තං කරණීයං. මමං වා, භික්ඛවෙ, පරෙ වණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස්සථ ආනන්දිනො සුමනා උප්පිලාවිතා තුම්හං යෙවස්ස තෙන අන්තරායො. මමං වා, භික්ඛවෙ, පරෙ වණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි භූතං භූතතො පටිජානිතබ්බං - ‘ඉතිපෙතං භූතං, ඉතිපෙතං තච්ඡං, අත්ථි චෙතං අම්හෙසු, සංවිජ්ජති ච පනෙතං අම්හෙසූ’ති.
6
“මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඩඟු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ (අනතුරු) වන්නේය
“මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප විසින් ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් (විද්‍යමානය) පැහැදිලිය. මෙය මේ නිසා සත්‍යය. මේ (ගුණය) අපකෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේ. (විද්‍යමානය) යයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය. (ප්‍රතිඥා කළ යුත්තේයි.)
චූළසීලං චූල ශීලය
මජ්ඣිමසීලං මධ්‍යම ශීලය
මහාසීලං මහා ශීලය
පුබ්බන්තකප්පිකා පුබ්බන්තකප්පිකා
සස්සතවාදො සස්සතවාදො
එකච්චසස්සතවාදො එකච්චසස්සතවාදො
අන්තානන්තවාදො අන්තානන්තවාදො
අමරාවික්ඛෙපවාදො අමරාවික්ඛෙපවාදො
අධිච්චසමුප්පන්නවාදො අධිච්චසමුප්පන්නවාදො
අපරන්තකප්පිකා අපරන්තකප්පිකා
සඤ්ඤීවාදො සඤ්ඤීවාදො
අසඤ්ඤීවාදො අසඤ්ඤීවාදො
නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදො
උච්ඡෙදවාදො උච්ඡෙදවාදො
දිට්ඨධම්මනිබ්බානවාදො දිට්ඨධම්මනිබ්බානවාදො
පරිතස්සිතවිප්ඵන්දිතවාරො පරිතස්සිතවිප්ඵන්දිතවාරො
ඵස්සපච්චයාවාරො ඵස්සපච්චයාවාරො
නෙතං ඨානං විජ්ජතිවාරො නෙතං ඨානං විජ්ජතිවාරො
දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා දිට්ඨිගතිකාධිට්ඨානවට්ටකථා
විවට්ටකථාදි විවට්ටකථාදි