34. ගන්ධොදකවග්ගො | 34. ගන්‍ධධූපිය වග්ග |
1. ගන්ධධූපියත්ථෙරඅපදානං | 1. ගන්‍ධධූපිය ථේරාපදානය |
1
‘‘සිද්ධත්ථස්ස
සුමනෙහි පටිච්ඡන්නං, බුද්ධානුච්ඡවිකඤ්ච තං.
|
1
“මම සිදුහත් බුදුරජුන්හට සුවඳ දුමක් දුනිමි. සමන් මල්වලින් වසන ලද එය බුදුරජුන්හට සුදුසුවූවක් වෙයි.
|
2
‘‘කඤ්චනග්ඝියසඞ්කාසං, බුද්ධං ලොකග්ගනායකං;
ඉන්දීවරංව ජලිතං, ආදිත්තංව හුතාසනං.
|
2
“මෙසේ කසුන් ඇගෑවක් මෙන් බබලන්නාවූ, නිළුපුල් මලක් මෙන් දිලිසෙන්නාවූ, ඇවිලෙන ගින්නක් වැනිවූ,
|
3
‘‘බ්යග්ඝුසභංව පවරං, අභිජාතංව කෙසරිං;
නිසින්නං සමණානග්ගං, භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
|
3
“උතුම්වූ ශ්‍රේෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු වැනි, විශිෂ්ඨ ජන්ම ඇති, (ජාතිමත්) කේශර සිංහයෙකු මෙන්වූ, ශ්‍රමණයන්ට අග්‍රවූ, භික්ෂු සංඝයා පිරිවරාගෙන හුන්නාවූ (එම සිදුහත් බුදුරජුන්)
|
4
‘‘දිස්වා චිත්තං පසාදෙත්වා, පග්ගහෙත්වාන අඤ්ජලිං;
වන්දිත්වා සත්ථුනො පාදෙ, පක්කාමිං උත්තරාමුඛො.
|
4
“දැක සිත පහදවා ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ, උත්තර දිශාභිමුඛව (උතුරු දෙසට හැරී) ගියෙමි.
|
5
‘‘චතුන්නවුතිතො කප්පෙ, යං ගන්ධමදදිං තදා;
දුග්ගතිං නාභිජානාමි, ගන්ධපූජායිදං ඵලං.
|
5
“සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳ දුමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුවඳ දුම් පිදීමෙහි මේ විපාකයයි.
|
6
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා ගන්ධධූපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
6
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධධූපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
2. උදකපූජකත්ථෙරඅපදානං | 2. උදක පූජක ථේරාපදානය |
7
‘‘සුවණ්ණවණ්ණං
ඝතාසනංව ජලිතං, ආදිත්තංව හුතාසනං.
|
7
“දිලිසෙන ගින්න මෙන්වූ, ඇවිලගත් අග්නිය වැනි, අහසෙහි වඩින්නාවූ, රන්වන්වූ සම්බුදුරජුන් දිටිමි.
|
8
‘‘පාණිනා උදකං ගය්හ, ආකාසෙ උක්ඛිපිං අහං;
සම්පටිච්ඡි මහාවීරො, බුද්ධො කාරුණිකො ඉසි.
|
8
“(දැක) මම අතින් දිය ගෙන අහසෙහි දැමීමි. මහාවීරවූ, කාරුණිකවූ සර්වඥ ඎෂි තෙමේ (එය) පිළිගත් සේක.
|
9
‘‘අන්තලික්ඛෙ ඨිතො සත්ථා, පදුමුත්තරනාමකො;
මම සඞ්කප්පමඤ්ඤාය, ඉමං ගාථමභාසථ.
|
9
“අහසෙහි වැඩ සිටියාවූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මාගේ අදහස් දැන මෙම ගාථාව වදාළ සේක.
|
10
‘‘‘ඉමිනා
කප්පසතසහස්සම්පි, දුග්ගතිං නුපපජ්ජසි’.
|
10
“මේ ජලදානය කරණකොටගෙනද, (බුදුරජුන් කෙරෙහි) ප්‍රීතිය ඉපදවීම කරණකොටගෙනද කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදින්නේය කියායි.
|
11
‘‘තෙන
පත්තොම්හි අචලං ඨානං, හිත්වා ජයපරාජයං.
|
11
“විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, එම කර්මය කරණකොටගෙන ජය පරාජය දෙකම හැර අචල ස්ථානයවූ (නිවනට) පැමිණියේ වෙමි.
|
12
‘‘සහස්සරාජනාමෙන, තයො ච චක්කවත්තිනො;
පඤ්චසට්ඨිකප්පසතෙ, චාතුරන්තා ජනාධිපා.
|
12
“හදාස් පන්සියවෙනු කපෙහි සිව් සයුර හා සිව් මහ දිවයින් කෙළවරකොට ඇති පෘථිවියෙහි අධිපතිවූ, ජනාධිපතිවූ, සහස්සරාජ නම්වූ සිව් සක්විති රජ කෙනෙක් වූහ.
|
13
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා උදකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
13
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
3. පුන්නාගපුප්ඵියත්ථෙරඅපදානං | 3. පුන්නාග පුප්ඵිය ථේරාපදානය |
14
‘‘කානනං
පුන්නාගං පුප්ඵිතං දිස්වා, බුද්ධසෙට්ඨං අනුස්සරිං.
|
14
“වැද්දෙකුවූ මම මහ වනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක, බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
|
15
‘‘තං පුප්ඵං ඔචිනිත්වාන, සුගන්ධං ගන්ධිතං සුභං;
ථූපං කත්වාන පුලිනෙ, බුද්ධස්ස අභිරොපයිං.
|
15
“සුවඳැති මිහිරි සුවඳ කැවුණු එම මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.
|
16
‘‘ද්වෙනවුතෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
|
16
“මින් දෙ අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
17
‘‘එකම්හි නවුතෙ කප්පෙ, එකො ආසිං තමොනුදො;
සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
|
17
“මින් එක් අනූවන කපෙහි අඳුරු දුරු කරන්නාවූ, සත් රුවනින් යුත්, මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.
|
18
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පුන්නාගපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
18
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාග පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
4. එකදුස්සදායකත්ථෙරඅපදානං | 4. එකදුස්සදායක ථේරාපදානය |
19
‘‘නගරෙ හංසවතියා, අහොසිං තිණහාරකො;
තිණහාරෙන ජීවාමි, තෙන පොසෙමි දාරකෙ.
|
19
“(එකල්හි මම) හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් (තණ කපා එකතුකොට විකුණන්නෙක්) වීමි. තණ එක්කොට විකිණීමෙන් කරණ තෘණහාරක කර්මයෙන් ජීවත් වෙමි. එයින්ම (අඹු) දරුවන්ද පොෂණය කරමි.
|
20
‘‘පදුමුත්තරො
තමන්ධකාරං නාසෙත්වා, උප්පජ්ජි ලොකනායකො.
|
20
“සියළු ධර්මයන්ගෙන් පරතෙරට ගියාවූ, ලෝක නායකවූ පදුමුත්තර බුදුරජතෙම (මෝහ නමැති) ගණදුර නසා (ලොව) පහළවිය.
|
21
‘‘සකෙ
‘බුද්ධො ලොකෙ සමුප්පන්නො, දෙය්යධම්මො ච නත්ථි මෙ.
|
21
“මම එකල්හි ස්වකීය ගෘහයෙහි හිඳ මෙසේ සිතීමි. (කෙසේදයත්?) බුදුරජතෙම ලොව පහළවිය. මට උන්වහන්සේහට දියයුතු දෙයක්ද නැත.
|
22
‘‘‘ඉදං මෙ සාටකං එකං, නත්ථි මෙ කොචි දායකො;
දුක්ඛො නිරයසම්ඵස්සො, රොපයිස්සාමි දක්ඛිණං’.
|
22
“මේ මාගේ එකම සළුවයි. මට කිසි දායකයෙක් (දෙන කෙනෙක්) නැත. නිරයෙහි ස්පර්ශය දුකය. දක්ෂිණාවක් දානමය චේතනාව නමැති කුසල් බිජුවක් රෝපනය කරන්නෙමි. (හිඳුවන්නෙමි) කියායි.
|
23
‘‘එවාහං චින්තයිත්වාන, සකං චිත්තං පසාදයිං;
එකං දුස්සං ගහෙත්වාන, බුද්ධසෙට්ඨස්සදාසහං.
|
23
“මම මෙසේ සිතා සිය සිත පැහැදවීමි. මම (ඒ) එකම වස්ත්‍රය ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
|
24
‘‘එකං දුස්සං දදිත්වාන, උක්කුට්ඨිං සම්පවත්තයිං;
යදි බුද්ධො තුවං වීර, තාරෙහි මං මහාමුනි.
|
24
“එම එකම වස්ත්‍රය දී අත්පොලසන් හඬ පැවැත්වීමි. ඉදින් වීරයන් වහන්ස, ඔබ වහන්සේ බුදුවරයෙක් වන සේක් නම්, මහා මුනීන් වහන්ස, මා සසර සයුරින් එතර කරනු මැනවයි කීමි.
|
25
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
මම දානං පකිත්තෙන්තො, අකා මෙ අනුමොදනං.
|
25
“ලෝකයාගේ පූජාවන් පිළිගත්තාවූ පදුමුත්තර බුදුරජ තෙම මාගේ දානය පසසමින් මට අනුමෝදනාවක් කළ සේක. (කෙසේදයත්)
|
26
‘‘‘ඉමිනා එකදුස්සෙන, චෙතනාපණිධීහි ච;
කප්පසතසහස්සානි, විනිපාතං න ගච්ඡති.
|
26
“මෙම එකම වස්ත්‍ර දානය කරණකොට ගෙනද කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි.
|
27
‘‘‘ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති;
තෙත්තිංසක්ඛත්තුං රාජා ච, චක්කවත්තී භවිස්සති;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
27
“ශක්‍ර දෙවෙන්ද්රව සතිස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. දෙතිස් වරක් සක්විති රජ වන්නේය.
“(කරන ලද) ප්‍රදේශ රාජ්‍යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
|
28
‘‘‘දෙවලොකෙ මනුස්සෙ වා, සංසරන්තො තුවං භවෙ;
රූපවා ගුණසම්පන්නො, අනවක්කන්තදෙහවා;
අක්ඛොභං අමිතං දුස්සං, ලභිස්සසි යදිච්ඡකං’.
|
28
මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ සැරිසරන්නේ, රූමත්, ගුණවත්, නොමඬනා ලද සිරුරු ඇති, නොකැළඹිය හැකි, අපමණවූ වස්ත්‍ර සම්පත් සිත්වූ පරිදි ලබන්නෙමි කියායි.
|
29
‘‘ඉදං
නභං අබ්භුග්ගමී ධීරො, හංසරාජාව අම්බරෙ.
|
29
“ප්‍රාඥවූ පදුමුත්තර නම් බුදුරජතෙම මෙම වචන වදාරා, ආකාශයෙහි යන හංස රාජයෙකු මෙන් අහසට නැගුණහ.
|
30
‘‘යං යං යොනුපපජ්ජාමි, දෙවත්තං අථ මානුසං;
භොගෙ මෙ ඌනතා නත්ථි, එකදුස්සස්සිදං ඵලං.
|
30
“දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක උපදිම්ද, (එකල්හි) මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නැත. එක වස්ත්‍ර දානයෙහි මේ විපාකයයි.
|
31
‘‘පදුද්ධාරෙ පදුද්ධාරෙ, දුස්සං නිබ්බත්තතෙ මමං;
හෙට්ඨා දුස්සම්හි තිට්ඨාමි, උපරි ඡදනං මම.
|
31
“පියවරක් පියවරක් පාසා මට වස්ත්‍ර පහළවේ. වස්ත්‍ර යට (වියන් යට) සිටිමි. මාගේ හිස මතුයෙහි (නිරතුරුවම) වියනක් වේ.
|
32
‘‘චක්කවාළමුපාදාය, සකානනං සපබ්බතං;
ඉච්ඡමානො චහං අජ්ජ, දුස්සෙහි ඡාදයෙය්යහං.
|
32
“වන සහිත පර්වත සහිතවූද, චක්‍රවාට පර්වතය පටන්කොට ඇති ඒ සියල්ල මම කැමතිවන්නේ නම් වස්ත්රයන්ගෙන් වසන්නෙමි.
|
33
‘‘තෙනෙව
සුවණ්ණවණ්ණො හුත්වාන, සංසරාමි භවාභවෙ.
|
33
“එකම එක වස්ත්‍රයක් පිදීමෙහි විපාකය වශයෙන් කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, එම සැරිසරන කුදු මහත් භවයෙහි ස්වර්ණවර්ණවම සැරිසරමි.
|
34
‘‘විපාකං එකදුස්සස්ස, නජ්ඣගං කත්ථචික්ඛයං;
අයං මෙ අන්තිමා ජාති, විපච්චති ඉධාපි මෙ.
|
34
“එක වස්ත්‍රයක් දීමෙන් ලද ඒ විපාකය කිසි තැනෙක්හි අවසන් බවට නොයයි. මාගේ මේ අන්තිම ජාතියයි. එහිදු එම කුශලය විපාක දෙයි.
|
35
‘‘සතසහස්සිතො
දුග්ගතිං නාභිජානාමි, එකදුස්සස්සිදං ඵලං.
|
35
“මින් කල්ප ලක්ෂයකට පෙර වූ කල්හි යම් වස්ත්‍ර දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එක වස්ත්‍රයක් දීමෙහි විපාක මෙයයි.
|
36
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
|
36
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. බැමි සිඳගත් හස්ති රාජයෙකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි.
|
37
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා එකදුස්සදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
37
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදුස්සදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
5. ඵුසිතකම්පියත්ථෙරඅපදානං | 5. ඵුසිතකම්පිය ථේරාපදානය |
38
‘‘විපස්සී
සම්බුද්ධො, ලොකජෙට්ඨො නරාසභො.
ඛීණාසවෙහි සහිතො, සඞ්ඝාරාමෙ වසී තදා.
|
38
“එකල්හි ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ විපස්සී බුදුරජ තෙම රහතුන් විසින් පිරිවරණ ලදුයේ සංඝාරාමයෙහි විසූහ.
|
39
‘‘ආරාමද්වාරා නික්ඛම්ම, විපස්සී
(සබ්බත්ථපි එවමෙව දිස්සති) ලොකනායකො;
සහ සතසහස්සෙහි, අට්ඨ
(සහස්සසතසිස්සෙහි, අට්ඨ (ක.), අට්ඨ සතසහස්සෙහි, සහ (?)) ඛීණාසවෙහි සො.
|
39
“ලෝක නායකවූ විපස්සී බුදුරජතෙම අට ලක්ෂයක් රහතුන් සමග අරම් දොරින් නික්ම (වඩිනු දුටිමි.)
|
40
‘‘අජිනෙන නිවත්ථොහං, වාකචීරධරොපි ච;
කුසුමොදකමාදාය
(කුසුම්භොදක... (සී. ස්‍යා.)), සම්බුද්ධං උපසඞ්කමිං.
|
40
“(එකල) අඳුන් දිවි සම් පෙරවි, වැහැරි සිවුරු දරන්නාවූ මම කුසුම්භ මල් (තම්බා ගත් වර්ණවත්) දිය ගෙන සම්බුදු රජුන් වෙත එළඹියෙමි.
|
41
‘‘සකං චිත්තං පසාදෙත්වා, වෙදජාතො කතඤ්ජලී;
කුසුමොදකමාදාය, බුද්ධමබ්භුක්කිරිං අහං.
|
41
“මම සිය සිත පහදවා සතුටුවූයේ, කරණ ලද ඇඳිලි ඇත්තේ, කුසුම්භපුෂ්ප තම්බා ගත් වර්ණවත් ජලය බුදුරජුන් උදෙසා උඩට ඉසීමි.
|
42
‘‘තෙන කම්මෙන සම්බුද්ධො, ජලජුත්තමනාමකො
(සබ්බත්ථපි එවමෙව දිස්සති);
මම කම්මං පකිත්තෙත්වා, අගමා යෙන පත්ථිතං.
|
42
“එම කර්මය කරණකොටගෙන (පැහැදුනු) පදුමුත්තර නම් සර්වඥ තෙම මාගේ ඒ කුශල කර්මයට පසසා කැමති පිරිදි වැඩමවූහ.
|
43
‘‘ඵුසිතා
අඩ්ඪතෙය්යසහස්සෙහි, දෙවරජ්ජං අකාරයිං.
|
43
“මම එකල්හි යම් හෙයකින් එම වර්ණාදකයෙහි බිඳු පන්දහසක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දෙසිය පණස් වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. (එසේම) මම දෙසිය පණස් වරක් සක්විති රජ වීමි. (ඉක්බිතිවද) විපාක නොදී ඉතිරිවූ කර්ම බලයෙන් රහත් බවට පැමිණියෙමි.
|
44
‘‘අඩ්ඪතෙය්යසහස්සෙහි, චක්කවත්තී අහොසහං;
අවසෙසෙන කම්මෙන, අරහත්තමපාපුණිං.
|
44 |
45
‘‘දෙවරාජා යදා හොමි
(අහොසිං (ස්‍යා. ක.)), මනුජාධිපතී යදා
(තදා (ස්‍යා. ක.));
තමෙව නාමධෙය්යං මෙ, ඵුසිතො නාම හොමහං.
|
45
“යම් කලෙක්හි ශක්‍ර දේවේන්ද්‍රයා වෙම්ද, එසේම යම් කලෙක්හි මනුජාධිපතිවූ රජ වෙම්ද, මට එම නමම විය. (එනම්) ‘ඵුසිත” නම් වෙමි.
|
46
‘‘දෙවභූතස්ස සන්තස්ස, අථාපි මානුසස්ස වා;
සමන්තා බ්යාමතො මය්හං, ඵුසිතංව පවස්සති.
|
46
“දෙවිවූද, මනුෂ්‍යවූද, මාගේ හාත් පස බඹයක් පමණ තැන වැසි බිඳු වස්නේයි.
|
47
‘‘භවා
සබ්බාසවපරික්ඛීණො, ඵුසිතස්ස ඉදං ඵලං.
|
47
“මාගේ භවයෝ නසන ලදහ. එසේම මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කෙළේ (වෙමි.) (වර්ණොදක) බිඳු ඉසීමෙහි මේ විපාකයයි.
|
48
‘‘චන්දනස්සෙව මෙ කායා, තථා ගන්ධො පවායති;
සරීරතො මම ගන්ධො, අඩ්ඪකොසෙ පවායති.
|
48
“මාගේ සිරුරින් සඳුන් සුවඳුඳට බඳු සුවඳ පැතිරෙයි. මාගේ සිරුරින් විහිදෙන සුවඳ (අර්ධකොෂයක්) බඹ පන්සියයක් තන්හි පැතිරේ.
|
49
‘‘දිබ්බගන්ධං සම්පවන්තං, පුඤ්ඤකම්මසමඞ්ගිනං;
ගන්ධං ඝත්වාන ජානන්ති, ඵුසිතො ආගතො ඉධ.
|
49
“පුණ්‍යකර්මයට අනුකූලවූ දිව සුවඳ හමයි. එම (දිව) සුවඳ ආඝ්‍රාණයකොට (සියල්ලෝ) “ඵුසිත” තෙම මෙහි පැමිණියේයයි දැනගනිති.
|
50
‘‘සාඛාපලාසකට්ඨානි
මම සඞ්කප්පමඤ්ඤාය, ගන්ධො සම්පජ්ජතෙ ඛණෙ.
|
50
“අතු, කොළ, දර, තණ යන මේ දෑ හැම ලෙසින්ම මාගේ අදහස දැනගෙන (මෙන්) (මා ගත්) කෙණෙහි සුවඳ විහිදුවයි.
|
51
‘‘සතසහස්සිතො
(සබ්බත්ථපි එවමෙව දිස්සති) කප්පෙ, චන්දනං අභිපූජයිං;
දුග්ගතිං නාභිජානාමි, ඵුසිතස්ස ඉදං ඵලං.
|
51
“මින් කල්ප ලක්ෂයකට පෙර (එම වර්ණ ජලයෙහි සඳුන් යොදාගත්) සඳුන් දිය පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (වණෝදක) බිඳු ඉසීමෙහි මේ විපාකයයි.
|
52
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා ඵුසිතකම්පියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
52
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵුසිතකම්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
6. පභඞ්කරත්ථෙරඅපදානං | 6. පභඞ්කර ථේරාපදානය |
53
‘‘පදුමුත්තරභගවතො, ලොකජෙට්ඨස්ස තාදිනො;
විපිනෙ චෙතියං ආසි, වාළමිගසමාකුලෙ.
|
53
“තාදී ගුණ ඇති, ලෝක ජ්‍යෙෂ්ඨවූ පදුමුත්තර බුදුරජුන්ගේ ස්තූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීගත් මහ වනයෙහි විය.
|
54
‘‘න
තිණකට්ඨලතොනද්ධං, පලුග්ගං ආසි චෙතියං.
|
54
“චෙත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.
|
55
‘‘වනකම්මිකො තදා ආසිං, පිතුමාතුමතෙනහං
(පිතුපෙතාමහෙනහං (සී.), පිතාපෙතාමහෙනහං (ස්‍යා.));
අද්දසං විපිනෙ ථූපං, ලුග්ගං තිණලතාකුලං.
|
55
“එකල්හි මම පිය මුතුන් පරපුරෙහි (සිටම උරුමව ආ සිරිතට අනුව) වූ වන කාර්මීකයෙක් (වනයෙහි කටයුතු කරන්නෙක්) වීමි.
|
56
‘‘දිස්වානාහං බුද්ධථූපං, ගරුචිත්තං උපට්ඨහිං;
බුද්ධසෙට්ඨස්ස ථූපොයං, පලුග්ගො අච්ඡතී වනෙ.
|
56
“මම එම බුදුරජුන්ගේ (දා නිදන් කළ) සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මෙම සෑය බිඳ වැටුනේ වනයෙහි තිබෙන්නේ වේ.
|
57
‘‘නච්ඡන්නං නප්පතිරූපං, ජානන්තස්ස ගුණාගුණං;
බුද්ධථූපං අසොධෙත්වා, අඤ්ඤං කම්මං පයොජයෙ.
|
57
“බුද්ධ ස්තූපය පිරිසිදු නොකරවා අන් කටයුතුවල යෙදෙන්නේ නම් (එය) හොඳ-නොහොඳ දන්නවුනට නොහොඳය, නුසුදුසු” යයි සිතීමි.
|
58
‘‘තිණකට්ඨඤ්ච වල්ලිඤ්ච, සොධයිත්වාන චෙතියෙ;
වන්දිත්වා අට්ඨ වාරානි
(අට්ඨ ඨානානි (ක.)), පටිකුටිකො අගච්ඡහං.
|
58
“මම චෙත්යයෙහිවූ තණ (කොළ)ද, දරද, වැල්ද පිරිසිදුකොට (ගලවා දමා) අට වරක් නැවුනේ (උක්කුටිකයෙන්) හිඳ වැඳ ගියෙමි.
|
59
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
59
“මැනවින් කරණ ලද එම කර්මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් (සිතින් කළ පැතුම) කරණකොටගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්තියෙන්) ගියෙමි.
|
60
‘‘තත්ථ මෙ සුකතං බ්යම්හං, සොවණ්ණං සපභස්සරං;
සට්ඨියොජනමුබ්බිද්ධං, තිංසයොජනවිත්ථතං.
|
60
“එහි මට මැනවින් කරණ ලද විමානය රුවන් මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පුලුලය.
|
61
‘‘තිසතානි ච වාරානි, දෙවරජ්ජමකාරයිං;
පඤ්චවීසතික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
|
61
“මම තෙසිය වරක් දෙව්රජය කරවීමි. පස්විසි වරක් සක්විති රජ වීමි.
|
62
‘‘භවාභවෙ සංසරන්තො, මහාභොගං ලභාමහං;
භොගෙ මෙ ඌනතා නත්ථි, සොධනාය ඉදං ඵලං.
|
62
“මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවෙක් නම් නැත. (චෛත්‍ය) පිරිසිදු කිරීමෙහි මේ විපාකයයි.
|
63
‘‘සිවිකා
යං යං දිසාහං ගච්ඡාමි, සරණං සම්පතෙ
(සිජ්ඣතෙ (ක.)) වනං.
|
63
“සිවිකාව (දෝලාව)කින් හෝ ඇතු පිටින් හෝ වනයෙහි ගමන් කරන්නාවූ මට (එහි) මම යම් යම් දිශාවකට යෙම්ද වනයම මට පිහිට ඇති කරයි.
|
64
‘‘ඛාණුං
පුඤ්ඤකම්මෙන සංයුත්තො, සයමෙවාපනීයරෙ.
|
64
“(එසේ යන කල්හි) කණුවක් හෝ, කටුවක් හෝ මම ඇසින් නොදකිමි. පුණ්‍ය කර්මයාගේ විපාකය හා යෙදුනේ (එම කණු-කටු) තෙමේම ඉවත් වෙයි.
|
65
‘‘කුට්ඨං ගණ්ඩො කිලාසො ච, අපමාරො විතච්ඡිකා;
දද්දු කච්ඡු
(කණ්ඩු (ස්‍යා.)) ච මෙ නත්ථි, සොධනාය ඉදං ඵලං.
|
65
“කුෂ්ටද (සිරුරෙහි හැදෙන) ගඩ ගෙඩිද, කිලාස නම් කුෂ්ඨ විශේෂයද, අපස්මාරයද (මීමැස්මොර)ද, විතච්ඡිකා නම් කුෂ්ඨද, දදද, කැසිලිද මට නැත. (චෛත්‍යය) පිරිසිදු කිරීමෙහි මේ විපාකයයි.
|
66
‘‘අඤ්ඤම්පි
නාභිජානාමි මෙ කායෙ, ජාතං පිළකබින්දුකං.
|
66
“බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) මාගේ සිරුරෙහි හටගත්තාවූ ස්වල්ප මාත්‍ර වූද බිබිලක් ගැන නොදනිමි.
|
67
‘‘අඤ්ඤම්පි මෙ අච්ඡරියං, බුද්ධථූපම්හි සොධිතෙ
(සබ්බත්ථපි එවමෙව දිස්සති, තථා උපරිපි);
දුවෙ භවෙ සංසරාමි, දෙවත්තෙ අථ මානුසෙ.
|
67
“බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) දිව්‍යවූද, මනුෂ්‍යවූද භව දෙකෙහි පමණක් සැරිසරමි.
|
68
‘‘අඤ්ඤම්පි මෙ අච්ඡරියං, බුද්ධථූපම්හි සොධිතෙ;
සුවණ්ණවණ්ණො සබ්බත්ථ, සප්පභාසො භවාමහං.
|
68
“බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) මම හැමතන්හි රුවන් වන් වූයේද, පැහැවන් වූයේද වෙමි.
|
69
‘‘අඤ්ඤම්පි මෙ අච්ඡරියං, බුද්ධථූපම්හි සොධිතෙ;
අමනාපං විවජ්ජති, මනාපං උපතිට්ඨති.
|
69
“බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) මා නොකැමැති දෑ බැහැර වේ. කැමති දෑ එළඹ සිටී.
|
70
‘‘අඤ්ඤම්පි මෙ අච්ඡරියං, බුද්ධථූපම්හි සොධිතෙ;
විසුද්ධං හොති මෙ චිත්තං, එකග්ගං සුසමාහිතං.
|
70
“බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) මාගේ සිත එකඟවූ, මැනවින් සමාධියට පත්වූ, පිරිසිදු එකක් වේ.
|
71
‘‘අඤ්ඤම්පි මෙ අච්ඡරියං, බුද්ධථූපම්හි සොධිතෙ;
එකාසනෙ නිසීදිත්වා, අරහත්තමපාපුණිං.
|
71
“බුදුරදුන් (ධාතු නිදන්කළ) සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුණු) අනික් ආශ්චෛර්‍ය්‍යයකුදු වෙයි. (එනම්) එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.
|
72
‘‘සතසහස්සිතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, සොධනාය ඉදං ඵලං.
|
72
“මින් සියක් දහස් (ලක්ෂයක්) වන කපෙහිවූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සෑය පිරිසිදු කිරීමෙහි මේ විපාකයයි.
|
73
‘‘පටිසම්භිදා
ඉත්ථං
|
73
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පභඞ්කර තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
7. තිණකුටිදායකත්ථෙරඅපදානං | 7. තිණකුටිදායක ථේරාපදානය |
74
‘‘නගරෙ බන්ධුමතියා, අහොසිං පරකම්මිකො;
පරකම්මායනෙ යුත්තො, පරභත්තං අපස්සිතො.
|
74
“මම බන්ධුමතී නගරයෙහි අනුන්ගේ බැල මෙහෙ කිරීමෙහි යෙදුනේ, අනුන්ගේ බත් වැටුප් බලාපොරොත්තු වන්නේ, පරකාර්මිකයෙක් හෙවත් අනුන්ගේ බැල මෙහෙවර කරන්නෙක් වීමි.
|
75
‘‘රහොගතො නිසීදිත්වා, එවං චින්තෙසහං තදා;
බුද්ධො ලොකෙ සමුප්පන්නො, අධිකාරො ච නත්ථි මෙ.
|
75
“මම එකල්හි රහසිගතව (විවේකයෙන්) හිඳ මෙසේ සිතීමි. (ඒ කෙසේද යත්?) බුදුරජ තෙම ලොව පහළවූහ. මට පිණක්ද නැත.
|
76
‘‘කාලො
දුක්ඛො නිරයසම්ඵස්සො, අපුඤ්ඤානඤ්හි පාණිනං.
|
76
“මාගේ පැවැත්ම පිරිසිදු කරගන්නට මේ කාලයයි. මා විසින් (අෂ්ට දුෂ්ටක්ෂන විනිර්මුක්ත) සුදුසු මොහොත පිළියෙළකොට (ලැබ) ගන්නා ලදී. පින් නොකළ සතුනට (ලැබෙන) නිරයෙහි පහස දුකය කියායි.
|
77
‘‘එවාහං චින්තයිත්වාන, කම්මසාමිං උපාගමිං;
එකාහං කම්මං යාචිත්වා, විපිනං පාවිසිං අහං.
|
77
“මම මෙසේ සිතා මට වැඩ දෙන ස්වාමියා වෙත එළඹියෙමි. මම එක දිනක වැඩ ඉල්වාගෙන වනයට පිවිසියෙමි.
|
78
‘‘තිණකට්ඨඤ්ච
තිදණ්ඩකෙ ඨපෙත්වාන, අකං තිණකුටිං අහං.
|
78
“මම එකල්හි තණ (කොළ) ද, ලීද, වැල්ද ගෙනවුත් ත්රිදණ්ඩකයෙහිද (කතිර සිටින සේ එකට බැඳි දඬු තුනෙහි) තබා මම (එහි) තෘණ කුටියක් කෙළෙමි.
|
79
‘‘සඞ්ඝස්සත්ථාය කුටිකං, නිය්යාදෙත්වාන
(නිය්යාතෙත්වාන (සී.)) තං අහං;
තදහෙයෙව ආගන්ත්වා, කම්මසාමිං උපාගමිං.
|
79
“මම සංඝයා පිණිස කළ එම කුටිය පිළිගන්වා, එදවස්හිම අවුත් වැඩ දෙන ස්වාමියා (කර්ම ස්වාමියා) වෙත එළඹියෙමි.
|
80
‘‘තෙන කම්මෙන සුකතෙන, තාවතිංසමගච්ඡහං;
තත්ථ මෙ සුකතං බ්යම්හං, කුටිකාය සුනිම්මිතං
(තිණකුටිකාය නිම්මිතං (සී.)).
|
80
“මම මැනවින් කරනලද එම කර්මය කරණකොටගෙන තව්තිසා දෙව්ලොවට ගියෙමි. එහි මට (සංඝයාට පිළිගැන්වූ) තෘණකුටිය වෙනුවට මැනවින් කරණ ලද මැවූ (දිව්‍ය) විමානයක් විය.
|
81
‘‘සහස්සකණ්ඩං
සතසහස්සනිය්යූහා, බ්යම්හෙ පාතුභවිංසු මෙ.
|
81
“දහසක් කොටස් (බෙදුම්) ඇති, සියයක් ගෝලාකාර මුදුන් ඇති, ධජයන්ගෙන් කොළවන්වූ ඒ මාගේ මහා ප්‍රාසාදයෙහි (විමානයෙහි) සියක් දහසක් දොරටු පහළවූහ.
|
82
‘‘යං යං යොනුපපජ්ජාමි, දෙවත්තං අථ මානුසං;
මම සඞ්කප්පමඤ්ඤාය, පාසාදො උපතිට්ඨති.
|
82
“දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යම් යෝනියක උපදිම්ද, (ඒ සියලු තන්හි) මාගේ අදහසට අනුව ප්‍රාසාදයක් තිබේ.
|
83
‘‘භයං වා ඡම්භිතත්තං වා, ලොමහංසො න විජ්ජති;
තාසං මම න ජානාමි, තිණකුටිකායිදං
(තිණකුටියිදං (ක.)) ඵලං.
|
83
“භයක් හෝ, තැති ගැනීමක් හෝ, ලොමු දැහැ ගැන්මක් හෝ නොවේ. එම භය ආදිය මම නොදනිමි. මෙය තෘණ කුටි දානයෙහි විපාකයයි.
|
84
‘‘සීහබ්යග්ඝා ච දීපී ච, අච්ඡකොකතරච්ඡකා
(තරච්ඡයො (ස්‍යා. ක.));
සබ්බෙ මං පරිවජ්ජෙන්ති, තිණකුටිකායිදං ඵලං.
|
84
“සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, දිවියෝද, වලස්සුද, වෘකයෝද, කළු හිස් ඇති වලස්සුද යන මේ සියලු (වන මෘගයෝ) මා බැහැර කෙරෙත්. තෘණකුටි දානයෙහි මේ විපාකයයි.
|
85
‘‘සරීසපා
තෙපි මං පරිවජ්ජෙන්ති, තිණකුටිකායිදං ඵලං.
|
85
“බඩගා යන සත්තුද, භූතයෝද, සර්පයෝද, කුම්භාණ්ඩයෝද, රකුසෝද යන ඔවුහු මා බැහැර කෙරෙත්. තෘණකුටි දානයෙහි මේ විපාකයයි.
|
86
‘‘න පාපසුපිනස්සාපි, සරාමි දස්සනං මම;
උපට්ඨිතා සති මය්හං, තිණකුටිකායිදං ඵලං.
|
86
“මට පවිටු සිහින පෙනුමක් ගැන මම නොදනිමි. මාගේ සතිය (සිහිය) එළඹ සිටියාය. තෘණ කුටි දානයෙහි මේ විපාකයයි.
|
87
‘‘තායෙව තිණකුටිකාය, අනුභොත්වාන සම්පදා;
ගොතමස්ස භගවතො, ධම්මං සච්ඡිකරිං අහං.
|
87
“එම තෘණ කුටි දානය හේතුකොටගෙනම සම්පත් අනුභවකොට මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයද ප්රත්යක්ෂ (අවබෝධ) කෙළෙමි.
|
88
‘‘එකනවුතිතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, තිණකුටිකායිදං ඵලං.
|
88
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තෘණ කුටි දානයෙහි මේ විපාකයයි.
|
89
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං
|
89
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණකුටිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
8. උත්තරෙය්යදායකත්ථෙරඅපදානං | 8. උත්තරෙය්‍යදායක ථේරාපදානය |
90
‘‘නගරෙ
අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ.
|
90
“එකල්හි (මම) හංසවතී නගරයෙහි වේද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වෙදත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වීමි. ඤෆු ු712රැ%
|
91
‘‘පුරක්ඛතො සසිස්සෙහි, ජාතිමා ච සුසික්ඛිතො;
තොයාභිසෙචනත්ථාය, නගරා නික්ඛමිං තදා.
|
91
“මැනවින් හික්මුණු, ජාතිමත් (කුලවත්) වූ මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පෙරටුකරණ ලදුයේ, දිය ඉසීම පිණිස නුවරින් නික්මුණෙමි.
|
92
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මාන පාරගූ;
ඛීණාසවසහස්සෙහි, පාවිසී නගරං ජිනො.
|
92
“සියළු (දතයුතු) ධර්මයන්ගේ පරතෙරට ගියාවූ, පස්මරුන් දිනූ, පදුමුත්තර බුදුරජතෙමේ රහතුන් දහසක් සමග නගරයට පිවිසිසේක.
|
93
‘‘සුචාරුරූපං දිස්වාන, ආනෙඤ්ජකාරිතං විය;
පරිවුතං අරහන්තෙහි, දිස්වා චිත්තං පසාදයිං.
|
93
“නොඇලීමෙන් (තෘෂ්ණා රහිත බැවින්) කරන ලද්දාක් වැනිවූ, අති මනොඥ රූපය ඇති, රහතුන් විසින් පිරිවරන ලද (එම බුදුරදුන්) දැක සිත පැහැදවීමි.
|
94
‘‘සිරස්මිං අඤ්ජලිං කත්වා, නමස්සිත්වාන සුබ්බතං;
පසන්නචිත්තො සුමනො, උත්තරීයමදාසහං.
|
94
“හිසෙහි ඇඳිලි බැඳ, මනා ව්‍රත ඇති (බුදුරදුන්හට) වැඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම උතුරුසළුව පිදීමි. (කෙසේදයත්)
|
95
‘‘උභො හත්ථෙහි පග්ගය්හ, සාටකං උක්ඛිපිං අහං;
යාවතා බුද්ධපරිසා, තාව ඡාදෙසි සාටකො.
|
95
“සළුව දොහොතින් ගෙන උඩට දැමීමි. (එම) සළුව යම්තාක් බුදු පිරිසද, ඒතාක් (වියනකින් මෙන්) වැසීය.
|
96
‘‘පිණ්ඩචාරං චරන්තස්ස, මහාභික්ඛුගණාදිනො;
ඡදං කරොන්තො අට්ඨාසි, හාසයන්තො මමං තදා.
|
96
“එකල්හි පිඬු පිණිස හැසිරෙන්නාවූ, ගෘහයෙන් නික්මෙන්නාවූ මහා භික්ෂු සංඝයාගේ ආදිමවූ බුදුරදුන්හට
|
97
‘‘ඝරතො
වීථියංව ඨිතො සත්ථා, අකා මෙ
(අකාසි (ස්‍යා.)) අනුමොදනං.
|
97
“සෙවෙනියක් (වියනක්) කරමින් මා සතුටු කරවමින් (එම සළුව) අහසෙහි සිටියේය. සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ ශාස්තෘ තෙමේ වීථියෙහි සිටියේම මට අනුමෝදනාව කළ සේක.
|
98
‘‘පසන්නචිත්තො සුමනො, යො මෙ අදාසි සාටකං;
තමහං කිත්තයිස්සාමි, සුණොථ මම භාසතො.
|
98
“පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, යමෙක් මට සළුවක් පිළිගැන්වූයේද, මම හේ කවරෙක්දැයි කියන්නෙමි. එසේ කියන්නාවූ මාගේ වචනය අසව්.
|
99
‘‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති.
|
99
“(මෙතෙම) කප් තිස් දහසක් මුළුල්ලෙහි දෙව් ලොව සිත් අලවා වසන්නේය. ශක්‍ර දේවේන්ද්රව පණස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.
|
100
‘‘‘දෙවලොකෙ වසන්තස්ස, පුඤ්ඤකම්මසමඞ්ගිනො;
සමන්තා යොජනසතං, දුස්සච්ඡන්නං භවිස්සති.
|
100
“(කරණ ලද) පුණ්යකර්මයාගේ විපාකයෙන් යුතුවූයේ, දෙව්ලොව වසන්නාවූ මොහුට හාත්පස යොදුන් සියයක් වස්ත්‍ර සෙවෙනියක් (වියනක්) වන්නේය.
|
101
‘‘‘ඡත්තිංසක්ඛත්තුං රාජා ච, චක්කවත්තී භවිස්සති;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
101
“සත්තිස් වරක් සක්විති රජ වන්නේය. (කරවන්නාවූ) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිනිය නොහැකිය.
|
102
‘‘‘භවෙ සංසරමානස්ස, පුඤ්ඤකම්මසමඞ්ගිනො;
මනසා පත්ථිතං සබ්බං, නිබ්බත්තිස්සති තාවදෙ.
|
102
“(කරණ ලද) පුණ්යකර්මයාගේ විපාකයෙන් යුක්තව භවයෙහි සැරිසරන්නාවූ මොහුට සිතින් පතන ලද සියල්ල එකෙණෙහි නිපදවන්නේය.
|
103
‘‘‘කොසෙය්යකම්බලියානි
මහග්ඝානි ච දුස්සානි, පටිලච්ඡතියං නරො.
|
103
“කොසෙය්‍යද, කම්බිලිද, කොමුපිළිද, කපු පිළිද යන අනගිවන් (වස්ත්‍ර) මේ මිනිස් තෙම (භවයෙහිදී) ලබන්නේය.
|
104
‘‘‘මනසා
එකදුස්සස්ස විපාකං, අනුභොස්සති සබ්බදා.
|
104
“මේ මිනිස්තෙම සිතින් පතන ලද සියල්ල ලබන්නේය. එක වස්ත්‍රයක් පිදීමේ විපාකය හැමකල්හි අනුභව කරන්නේය.
|
105
‘‘‘සො පච්ඡා පබ්බජිත්වාන, සුක්කමූලෙන චොදිතො;
ගොතමස්ස භගවතො, ධම්මං සච්ඡිකරිස්සති’.
|
105
“කුශල මූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්රත්යක්ෂ කරන්නේය.” කියායි.
|
106
‘‘අහො මෙ සුකතං කම්මං, සබ්බඤ්ඤුස්ස මහෙසිනො;
එකාහං සාටකං දත්වා, පත්තොම්හි අමතං පදං.
|
106
“මහර්ෂිවූ බුදුරජුන් සඳහා මා විසින් මැනවින් කරණ ලද කර්මය ආශ්චර්‍ය්‍යයකි. මම එක සළුවක් පුදා ඒ හේතුවෙන් නිවනට පැමිණියේ වෙමි.
|
107
‘‘මණ්ඩපෙ
ධාරෙති දුස්සඡදනං, සමන්තා බ්යාමතො මම.
|
107
“මඩුවක හෝ, රුක් මුලක හෝ, හිස් ගෙයක හෝ වසන්නාවූ මට හාත්පසින් බඹයක් තන්හි රෙදි සෙවෙනියක් (වියනක්) දරයි.
|
108
‘‘අවිඤ්ඤත්තං නිවාසෙමි
(අවිඤ්ඤත්තානි සෙවාමි (?)), චීවරං පච්චයඤ්චහං;
ලාභී
(ලාභිම්හි (ස්‍යා.)) අන්නස්ස පානස්ස, උත්තරෙය්යස්සිදං ඵලං.
|
108
“මම නොවිනවන (වචනයෙන් කියා පිළියෙල නොකරවන ලද) සිවුරු හඳිමි. ප්‍රත්‍යද (ලබමි.) ආහාරපානයන්ගේ ලාභියෙක් වෙමි. උතුරුසළු දනෙහි මේ විපාකයයි.
|
109
‘‘සතසහස්සිතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, වත්ථදානස්සිදං ඵලං.
|
109
“මින් සියක් දහස් (ලක්ෂයක්) වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් (වස්ත්‍ර පූජාවක්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
|
110
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා උත්තරෙය්යදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
110
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරෙය්‍යදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
9. ධම්මසවනියත්ථෙරඅපදානං | 9. ධම්මසවනිය ථේරාපදානය |
111
‘‘පදුමුත්තරො
චතුසච්චං පකාසෙන්තො, සන්තාරෙසි බහුං ජනං.
|
111
“සියළු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ දෙන (සසර සයුරින්) එතර කළහ.
|
112
‘‘අහං තෙන සමයෙන, ජටිලො උග්ගතාපනො;
ධුනන්තො වාකචීරානි, ගච්ඡාමි අම්බරෙ තදා.
|
112
“මම එකල්හි උග්‍ර තපස් ඇති ජටිලයෙක් (ජටාධර තවුසෙක්) වූයේ, වැහැරි සිවුරු කම්පනය කරමින් අහසෙහි යමි.
|
113
‘‘බුද්ධසෙට්ඨස්ස උපරි, ගන්තුං න විසහාමහං;
පක්ඛීව සෙලමාසජ්ජ
(සෙලමාපජ්ජ (ස්‍යා.)), ගමනං න ලභාමහං.
|
113
“මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ (හිස) මතුයෙහි (ඉහළ අහසෙහි) යන්ට නොහැකිවීමි. පර්වතයක හැපුනු පක්ෂියෙකු මෙන් ගමන නොලැබීමි. (යනු නොහැකි විය.)
|
114
‘‘න
දකෙ යථා උම්මුජ්ජිත්වා, එවං ගච්ඡාමි අම්බරෙ.
|
114
“මාගේ ගමනට මෙබඳු අවහිරවීමක් පෙර නොවූ විරූය. (පෙර) පොළොවෙන් මතුවීගන මෙන් මෙසේ අහසෙහි යමි.
|
115
‘‘උළාරභූතො
හන්ද මෙනං ගවෙසිස්සං, අපි අත්ථං ලභෙය්යහං.
|
115
“උදාරවූ මනුෂ්‍යයෙක් යට (පොළොවෙහි) හුන්නේ වන්නේය. ඒකාන්තයෙන් හේ කවරෙක්දැයි සොයන්නෙමි. මම ඉන් අභිවෘද්ධියක් ලබන්නේ නම් මැනවි. (යයි සිතීය.)
|
116
‘‘ඔරොහන්තො අන්තලික්ඛා, සද්දමස්සොසි සත්ථුනො;
අනිච්චතං කථෙන්තස්ස, තමහං උග්ගහිං තදා.
|
116
“අහසින් බසිමින් අනිත්‍යය දේශනා කරන්නාවූ බුදුරජුන්ගේ ශබ්දය ඇසීමි. (අසා) එකල්හි මම එය උගතිමි.
|
117
‘‘අනිච්චසඤ්ඤමුග්ගය්හ, අගමාසිං මමස්සමං;
යාවතායුං වසිත්වාන, තත්ථ කාලඞ්කතො අහං.
|
117
“අනිත්‍ය සංඥාව ඉගෙන මාගේ අසපුවට ගියෙමි. එහි ආයුෂ ඇතිතාක් වැස මම කළුරිය කළේ වෙමි.
|
118
‘‘චරිමෙ වත්තමානම්හි, තං ධම්මසවනං
(ධම්මසවණං (සී.)) සරිං;
තෙන කම්මෙන සුකතෙන, තාවතිංසමගච්ඡහං.
|
118
“චුතිය වන්නාවූ අවස්ථාවෙහි එම ධර්ම ශ්‍රවනය සිහි කෙළෙමි. මැනවින් කරන ලද එම කර්මය කරන කොට ගෙන මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
|
119
‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිං අහං;
එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච, දෙවරජ්ජමකාරයිං.
|
119
“මම කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක් පණස් වරක් දිව්‍ය රාජයයද කෙළෙමි.
|
120
‘‘එකසත්තතික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
120
“මම එක් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
|
121
‘‘පිතුගෙහෙ නිසීදිත්වා, සමණො භාවිතින්ද්රියො;
ගාථාය පරිදීපෙන්තො, අනිච්චතමුදාහරි
(අනිච්චවත්ථුදාහරි (ස්‍යා. ක.)).
|
121
“පියාගේ ගෘහයෙහි වැඩ හිඳ, වඩන ලද ඉඳුරන් ඇති බුදුරජතෙම ගාථාවෙන් (කරුණු) දක්වමින් අනිසබව (අනිත්‍ය බව) වදාළ සේක.
|
122
‘‘අනුස්සරාමි තං සඤ්ඤං, සංසරන්තො භවාභවෙ;
න කොටිං පටිවිජ්ඣාමි
(න කොචි පටිවජ්ජාමි (ක.)), නිබ්බානං අච්චුතං පදං
(අයං ගාථා උපරි 43 වග්ගෙ සත්තමාපදානෙ පුරිමගාථාය පුරෙතරං දිස්සති).
|
122
“කුදු මහත් භවයෙහි සැරිසරමින් එම අනිත්‍ය සංඥාව සිහි කරමි. (එහෙත්) (සසර) කෙළවරවූ, අමෘත පදයවූ නිවන අවබෝධ නොකරමි.
|
123
‘‘අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො;
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො.
|
123
“ඒකාන්තයෙන් (සියළු) සංස්කාරයෝ අනිත්‍යයහ. ඇතිවීම හා නැතිවීම ස්වභාවයකොට ඇත්තාහ. ඇතිව නැතිවෙත්. එම සංස්කාරයෝ සංසිඳීම සැපයකි.”
|
124
‘‘සහ
එකාසනෙ නිසීදිත්වා, අරහත්තමපාපුණිං.
|
124
“එම ගාථාව අසා ඒ සමගම පූර්ව කර්මය සිහිපත් කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත්බවට පැමිණියෙමි.
|
125
‘‘ජාතියා සත්තවස්සොහං, අරහත්තමපාපුණිං;
උපසම්පාදයි බුද්ධො, ගුණමඤ්ඤාය චක්ඛුමා.
|
125
“මම උත්පත්තියෙන් සත් හැවිරිදි වූයේ රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති සර්වඥ තෙමේ මාගේ ගුණය දැන (මා) උපසම්පදා කරවූහ.
|
126
‘‘දාරකොව
කිං මෙ කරණීයං අජ්ජ, සක්යපුත්තස්ස සාසනෙ.
|
126
“ලදරු වියෙහිවූ මම රහත්බවට පැමිණියෙමි. ශාක්‍ය පුත්‍රවූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (අද) කටයුතු දෙය කිම?
|
127
‘‘සතසහස්සිතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, සද්ධම්මසවනෙ ඵලං.
|
127
“මින් සියක් දහස් (ලක්ෂයක්) වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සද්ධර්ම ශ්‍රවණයෙහි (බණ ඇසීමෙහි) විපාකය වේ.
|
128
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා ධම්මසවනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
128
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසවනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
10. උක්ඛිත්තපදුමියත්ථෙරඅපදානං | 10. උක්ඛිත්තපදුමිය ථේරාපදානය |
129
‘‘නගරෙ
ඔගාහෙත්වා පදුමසරං, සතපත්තං ඔචිනාමහං.
|
129
“මම හංසවතී නගරයෙහි මල් කරුවෙක් වීමි. එකල්හි පියුම් විලකට බැස පියුම් නෙලමි.
|
130
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මාන පාරගූ;
සහ සතසහස්සෙහි
(සතසහස්සසිස්සෙහි (ක.)), සන්තචිත්තෙහි තාදිභි.
|
130
“සියළු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් සර්වඥතෙමේ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, ශුද්ධවූ ෂඩභිඥා ඇති, සියක් දහසක් ක්ෂීණාශ්රවයන් වහන්සේ සමග මාගේ අභිවෘද්ධිය ගැනම සිතා මා සමීපයට පැමිණි සේක.
|
131
‘‘ඛීණාසවෙහි
මම වුද්ධිං සමන්වෙසං, ආගච්ඡි මම සන්තිකං
(මම සන්තිකෙ (සී.), පුරිසුත්තමො (ස්‍යා. ක.)).
|
131 |
132
‘‘දිස්වානහං දෙවදෙවං, සයම්භුං ලොකනායකං;
වණ්ටෙ ඡෙත්වා සතපත්තං, උක්ඛිපිමම්බරෙ තදා.
|
132
“මම දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ ලෝකනායකවූ බුදුරජුන් දැක එකල්හි පියුම් නටුයෙන් කඩා අහසෙහි දැමීමි. (කෙසේ සිතාද යත්?) “වීරයන් වහන්ස, ඉදින් ඔබ ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සර්වඥ වෙහි නම් පියුම තෙමේම ගොස් ඔබ වහන්සේගේ මස්තකයෙහි දරත්වා” යි (කියායි.)
|
133
‘‘යදි බුද්ධො තුවං වීර, ලොකජෙට්ඨො නරාසභො;
සයං ගන්ත්වා සතපත්තා, මත්ථකෙ ධාරයන්තු තෙ.
|
133 |
134
‘‘අධිට්ඨහි මහාවීරො, ලොකජෙට්ඨො නරාසභො;
බුද්ධස්ස ආනුභාවෙන, මත්ථකෙ ධාරයිංසු තෙ.
|
134
“ලොක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, මහාවීරවූ බුදුරජතෙමේ (එසේ වීමට) ඉටීය. බුද්ධානුභාවයෙන් එම පද්මයෝ උන්වහන්සේගේ මුදුනෙහි දැරූහ.
|
135
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
135
“මම මැනවින් කරණ ලද එම කර්මය හා චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙන මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
|
136
‘‘තත්ථ
සට්ඨියොජනමුබ්බිද්ධං, තිංසයොජනවිත්ථතං.
|
136
“එම දෙව්ලොවෙහි මට කරන ලද විමානය “සතපත්ත” යයි කියනු ලැබේ. (එය) සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුලය.
|
137
‘‘සහස්සක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජමකාරයිං;
පඤ්චසත්තතික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
|
137
“ශක්‍ර දේවේන්ද්රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි. මම පන් සැත්තෑ වරක් සකිවිති රජ වීමි.
|
138
‘‘පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං;
අනුභොමි සකං කම්මං, පුබ්බෙ සුකතමත්තනො.
|
138
“කරවන ලද මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිනිය නොහැකිය. පෙර තමා විසින් මැනවින් කරන ලද ස්වකීය කර්මයෙහි (විපාකය) අනුභව කරමි.
|
139
‘‘තෙනෙවෙකපදුමෙන, අනුභොත්වාන සම්පදා;
ගොතමස්ස භගවතො, ධම්මං සච්ඡිකරිං අහං.
|
139
“එම එක පියුම පිදීමෙන් එහි ආනිසංසය ලෙස සම්පත් අනුභවකොට මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කෙළෙමි.
|
140
‘‘කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
|
140
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳි ඇතකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි.
|
141
‘‘සතසහස්සිතො
දුග්ගතිං නාභිජානාමි, එකපදුමස්සිදං ඵලං.
|
141
“මින් ලක්ෂයක්වන කපෙහි යම් පුෂ්ප පද්ම පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එක පියුමක් පිදීමෙහි මේ විපාකයයි.
|
142
‘‘පටිසම්භිදා
ඉත්ථං සුදං ආයස්මා උක්ඛිත්තපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
142
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උක්ඛිත්තපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|