35. එකපදුමියවග්ගො | 35. එකපදුමිය වග්ග |
1. එකපදුමියත්ථෙරඅපදානං | 1. එකපදුමිය ථේරාපදානය |
1
‘‘පදුමුත්තරො
භවාභවෙ විභාවෙන්තො, තාරෙසි ජනතං බහුං.
|
1
“සියළු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර සර්වඥ තෙමේ භවයාගේ අභාව නම්වූ නිවන පවසමින් බොහෝ ජනයා සසර සයුරින් එතර කළ සේක.
|
2
‘‘හංසරාජා තදා හොමි, දිජානං පවරො අහං;
ජාතස්සරං සමොගය්හ, කීළාමි හංසකීළිතං.
|
2
“එකල්හි මම පක්ෂීන්හට උත්තමවූ හංසරාජයෙක් වෙමි. ස්වයංජාත විලකට බැස හංස ක්‍රීඩා කරමි.
|
3
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
ජාතස්සරස්ස උපරි, ආගච්ඡි තාවදෙ ජිනො.
|
3
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පස් මරුන් දිනූ, පදුමුත්තර බුදුරජතෙම එකෙණෙහි එම සවයංජාත විල මතුයෙහි (අහසින් එතැනට) වැඩි සේක.
|
4
‘‘දිස්වානහං දෙවදෙවං, සයම්භුං ලොකනායකං;
වණ්ටෙ ඡෙත්වාන පදුමං, සතපත්තං මනොරමං.
|
4
“මම දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කරගත්, (එම) බුදුරජුන් දැක, මනරම්වූ සියපත් පියුමක් නටුවෙන් කඩා,
|
5
‘‘මුඛතුණ්ඩෙන පග්ගය්හ, පසන්නො ලොකනායකෙ
(විප්පසන්නෙන චෙතසා (ස්‍යා.));
උක්ඛිපිත්වාන ගගණෙ
(උක්ඛිපිත්වා නලාටෙන (ක.)), බුද්ධසෙට්ඨං අපූජයිං.
|
5
“බුදුරජුන් කෙරෙහි පහන්වූයේ, හොටින් ගෙන ඔසවා, අහසෙහි වැඩ සිටි එම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
|
6
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
අන්තලික්ඛෙ ඨිතො සත්ථා, අකා මෙ අනුමොදනං.
|
6
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ශාස්තෲවූ, පදුමුත්තර බුදුරජතෙම අහසෙහි වැඩ සිටියේ, මාහට මේ අනුමෝදනාව කළ සේක.
|
7
‘‘‘ඉමිනා එකපදුමෙන, චෙතනාපණිධීහි ච;
කප්පානං සතසහස්සං, විනිපාතං න ගච්ඡසි’.
|
7
“මෙම එකම පියුම පිදීමෙන්ද, චිත්ත ප්‍රණිධීන්ද කරණකොට ගෙන කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි විනිපාත නම්වූ දුගතියකට නොයන්නෙහිය.
|
8
‘‘ඉදං වත්වාන සම්බුද්ධො, ජලජුත්තමනාමකො;
මම කම්මං පකිත්තෙත්වා, අගමා යෙන පත්ථිතං.
|
8
“පදුමුත්තර නම්වූ සර්වඥතෙම මෙම අනුමෝදනා වචන වදාරා, මාගේ කර්මය (පිළිබඳ තොරතුරු) පවසා අභිමත පරිදි වැඩමවූ සේක.
|
9
‘‘සතසහස්සිතො
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
|
9
“මින් පෙර ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
10
‘‘පටිසම්භිදා චතස්සො, විමොක්ඛාපි ච අට්ඨිමෙ;
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා එකපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
10
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
2. තීණුප්පලමාලියත්ථෙරඅපදානං | 2. තිඋප්පලමාලිය ථේරාපදානය |
11
‘‘චන්දභාගානදීතීරෙ
අද්දසං විරජං බුද්ධං, නිසින්නං පබ්බතන්තරෙ.
|
11
“මම එකල්හි චන්ද්රභාග නදී තීරයෙහි වඳුරෙක් වීමි. (එහිදී) කඳු අතුරෙහි වැඩහුන් කෙළෙස් රජස් නැති බුදුරජුන් දුටිමි.
|
12
‘‘ඔභාසෙන්තං දිසා සබ්බා, සාලරාජංව ඵුල්ලිතං;
ලක්ඛණබ්යඤ්ජනූපෙතං, දිස්වා අත්තමනො අහුං.
|
12
“දස දිගින් බබුළුවන්නාවූ, පිපීගිය උතුම්වූ සල් රුකක් වැනි (දෙතිස් මහා පුරිස්) ලකුණින් හා (අසූවක්) අනු ව්‍යඤ්ජනයන්ගෙන් යුත් බුදුරජුන් දැක සතුටු වීමි.
|
13
‘‘උදග්ගචිත්තො සුමනො, පීතියා හට්ඨමානසො;
තීණි උප්පලපුප්ඵානි, මත්ථකෙ අභිරොපයිං.
|
13
“ඔදවැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ප්‍රීතියෙන් පිනා ගියේ, උපුල් මල් තුනක් මතුයෙහි (අහසෙහි) දමා පිදීමි.
|
14
‘‘පුප්ඵානි අභිරොපෙත්වා, විපස්සිස්ස මහෙසිනො;
සගාරවො භවිත්වාන
(ගමිත්වාන (සී.), නමිත්වාන (ක.)), පක්කාමිං උත්තරාමුඛො.
|
14
“විපස්සී බුදුජුන්හට (මෙම) මල් පුදා, ගෞරව සහිතව ගොස් උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
|
15
‘‘ගච්ඡන්තො පටිකුටිකො, විප්පසන්නෙන චෙතසා;
සෙලන්තරෙ පතිත්වාන
(පපතිත්වා (ස්‍යා. ක.)), පාපුණිං ජීවිතක්ඛයං.
|
15
“පැහැදි සිතින් සීඝ්‍රව යන්නේ, කඳු අතුරෙහි (පැකිලී) වැටී ජිවිතක්ෂයට පැමිණියෙමි.
|
16
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං
(පුරිමං ජාතිං (?) උපරි 38 වග්ගෙ තතියාපදානෙ එවමෙව දිස්සති), තාවතිංසමගච්ඡහං.
|
16
“මැනවින් කරණලද එම කර්මය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණ කොට ගෙනද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව් ලොවට ගියෙමි.
|
17
‘‘සතානං
සතානං පඤ්චක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
|
17
“මම තුන්සිය වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
|
18
‘‘එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
|
18
“මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කරණ ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
19
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා තීණුප්පලමාලියො
(තිඋප්පලමාලියො (සී.)) ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
19
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
3. ධජදායකත්ථෙරඅපදානං | 3. ධජදායක ථේරාපදානය |
20
‘‘තිස්සො නාම අහු සත්ථා, ලොකජෙට්ඨො නරාසභො;
තයොපධික්ඛයෙ
(තස්සොපධික්ඛයෙ (සී.)) දිස්වා, ධජං ආරොපිතං මයා.
|
20
“ලොක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්ෂය (ස්කන්‍ධොපධි නම්වූ පඤ්චස්කන්ධයාගේ අභාවයවූ නිරුපධිශෙෂ නිර්වාණය) දැක මා විසින් ධජයක් නගන ලදී.
|
21
‘‘තෙන
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
|
21
“මැනවින් කරණ ලද එම කර්මය කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
|
22
‘‘සතානං
සතානං පඤ්චක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං.
|
22
“මම තුන්සිය වරක් දිව්‍ය රාජයය කරවීමි. එසේම, පන්සිය වරක් සක්විති රජ වීමි.
|
23
‘‘පදෙසරජ්ජං
අනුභොමි සකං කම්මං, පුබ්බෙ සුකතමත්තනො.
|
23
“(කරවන ලද) ප්‍රදේශ රාජ්‍ය ගණන් වශයෙන් (මෙපමණයයි) ගිණිය නොහැකිය. පෙර තමා විසින් මනාකොට කරණලද ස්වකීය කර්ම ඵලය අනුභව කරමි.
|
24
‘‘ද්වෙනවුතෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, ධජදානස්සිදං ඵලං.
|
24
“මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධජ දානයාගේ මේ විපාකයයි.
|
25
‘‘ඉච්ඡමානො චහං අජ්ජ, සකානනං සපබ්බතං;
ඛොමදුස්සෙන ඡාදෙය්යං, තදා මය්හං කතෙ ඵලං.
|
25
“මම අද කැමතිවන්නේ නම් කඳු වන සහිතවූ ලෝකය කොමුපිලියෙන් වසන්නෙමි. (මේ) එදා මා විසින් කරන ලද පුණය කර්මයාගේ විපාකයයි.
|
26
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා ධජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
26
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
4. තිකිඞ්කණිපූජකත්ථෙරඅපදානං | 4. තිකිඞ්කණිපූජක ථේරාපදානය |
27
‘‘හිමවන්තස්සාවිදූරෙ, භූතගණො නාම පබ්බතො;
තත්ථද්දසං පංසුකූලං, දුමග්ගම්හි විලග්ගිතං.
|
27
“හිමවතට නුදුරෙහි “භුතගණ” නම් පර්වතයක් විය. එහිද ගස් මුදුනක එල්ලන ලද පවුල් සිවුරක් (පාංශුකූල වීවරයක්) දුටිමි.
|
28
‘‘තීණි කිඞ්කණිපුප්ඵානි, ඔචිනිත්වානහං තදා;
හට්ඨො හට්ඨෙන චිත්තෙන, පංසුකූලං අපූජයිං.
|
28
“මම එකල්හි කිකිණි මල් තුනක් කඩා, සතුටුවූයේ සතුටු සිතින් පවුල් සිවුරට පිදීමි.
|
29
‘‘එකත්තිංසෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, තිණ්ණං පුප්ඵානිදං ඵලං.
|
29
“මින් තිස් එක්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. කිකිණි මල් තුනක් පිදීමෙහි මේ විපාකයයි.
|
30
‘‘පටිසම්භිදා
ඉත්ථං සුදං ආයස්මා තිකිඞ්කණිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
30
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිඞකණි පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
5. නළාගාරිකත්ථෙරඅපදානං | 5. නළාගාරික ථේරාපදානය |
31
‘‘හිමවන්තස්සාවිදූරෙ
සයම්භූ නාරදො නාම, රුක්ඛමූලෙ වසී තදා.
|
31
“හිමවතට නුදුරෙහි භාරිත නම් පර්වතයක් විය. නාරද නම් බුදුරජතෙම රුක් මුලක විසූහ.
|
32
‘‘නළාගාරං කරිත්වාන, තිණෙන ඡාදයිං අහං;
චඞ්කමං සොධයිත්වාන, සයම්භුස්ස අදාසහං.
|
32
“මම බට කුටියක් කොට එහි තණ (බටකොළ) සෙවිළි කළෙමි. (එහි) සක්මණක්ද පිරිසිදුකොට තථාගතයන් වහන්සේට දුනිමි.
|
33
‘‘චතුද්දසසු
චතුසත්තතික්ඛත්තුඤ්ච, දෙවරජ්ජං අකාරයිං.
|
33
“මම තුදුස්වන කපෙහි දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.
|
34
‘‘චතුසත්තති
(සත්තසත්තති (සී.)) ක්ඛත්තුඤ්ච
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
34
“මම සත් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (කරවණ ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකියි.
|
35
‘‘උබ්බිද්ධං භවනං මය්හං, ඉන්දලට්ඨීව උග්ගතං;
සහස්සථම්භං අතුලං, විමානං සපභස්සරං.
|
35
“පැන නැංගාවූ මාගේ භවනය උඩට නැගුනු දේදුන්නක් මෙනි. දහසක් කණු ඇති අනූපමවූ (එම) විමානය පැහැ විහිදුවන්නේය.
|
36
‘‘ද්වෙ සම්පත්තී අනුභොත්වා, සුක්කමූලෙන චොදිතො;
ගොතමස්ස භගවතො, සාසනෙ පබ්බජිං අහං.
|
36
“කුශල මූලයන් මෙහෙයන ලදුයේ (දිව්‍ය-මනුෂ්‍ය) විවිධ සම්පත් අනුභවකොට මම ගෞතම බුදුන්ගේ සසුනෙහි පැවිදිවීමි.
|
37
‘‘පධානපහිතත්තොම්හි
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
|
37
“වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තේ වෙමි. එසේම උපශාන්තය. උපධි රහිතය. බැඳුම් සිඳි ඇත් රජකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි.
|
38
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා නළාගාරිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
38
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළාගාරික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
6. චම්පකපුප්ඵියත්ථෙරඅපදානං | 6. චම්පක පුප්ඵිය ථේරාපදානය |
39
‘‘හිමවන්තස්සාවිදූරෙ, ජාපලො
(චාපලො (සී.), ඡාපලො (ස්‍යා.)) නාම පබ්බතො;
බුද්ධො සුදස්සනො නාම, විහාසි පබ්බතන්තරෙ.
|
39
“හිමවතට නුදුරෙහි “චාපල” නම් පර්වතයක් විය. සුදස්සන නම් බුදුරජතෙම එහි කඳු අතරෙහි විසූහ.
|
40
‘‘පුප්ඵං හෙමවන්තං
(හෙමවතං (සී.), හෙමවණ්ණං (ස්‍යා.)) ගය්හ, ගච්ඡං වෙහායසෙනහං;
අද්දසං විරජං බුද්ධං, ඔඝතිණ්ණමනාසවං.
|
40
“හිමවත් මල් ගෙන අහසින් යන්නාවූ මම (චතුර්) සත්‍යයන් තරණය කළ ආශ්‍රව රහිත කෙළෙස් රජස් විරහිත බුදුරජුන්හට පිදීමි.
|
41
‘‘සත්ත
බුද්ධස්ස අභිරොපෙසිං, සයම්භුස්ස මහෙසිනො.
|
41
“එකල්හි මම සපු මල් සතක් හිසෙහි තබා සියල්ල තෙමේම අවබෝධ කළාවූ බුදුරජුන්හට පිදීමි.
|
42
‘‘එකත්තිංසෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
|
42
“මින් එක්වන කපෙහිවූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
43
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං
|
43
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පක පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
7. පදුමපූජකත්ථෙරඅපදානං | 7. පදුම පූජක ථේරාපදානය |
44
‘‘හිමවන්තස්සාවිදූරෙ
බුද්ධොපි සම්භවො නාම, අබ්භොකාසෙ වසී තදා.
|
44
“හිමවතට නුදුරෙහි රොමස නම් පර්වතයක් විය. එකල්හි සම්භව නම් බුදුරජ තෙම එලිමහනෙහි විසූහ.
|
45
‘‘භවනා නික්ඛමිත්වාන, පදුමං ධාරයිං අහං;
එකාහං ධාරයිත්වාන, පුන භවනුපාගමිං.
|
45
“මම භවනයෙන් නික්ම අවුත් උන්වහන්සේට පියුමක් දැරීමි. එක් දිනක් එය දරමින් සිට නැවත භවනයෙන් එළඹියෙමි.
|
46
‘‘එකනවුතිතො
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
|
46
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
47
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පදුමපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
47
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
8. තිණමුට්ඨිදායකත්ථෙරඅපදානං | 8. තිණමුඨිදායක ථේරාපදානය |
48
‘‘හිමවන්තස්සාවිදූරෙ, ලම්බකො නාම පබ්බතො;
උපතිස්සො නාම සම්බුද්ධො, අබ්භොකාසම්හි චඞ්කමි.
|
48
“හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්වතයක් විය. එහි උපතිස්ස නම් බුදුරජ තෙම එලිමහනෙහි සක්මන් කළ සේක.
|
49
‘‘මිගලුද්දො
දිස්වාන තං දෙවදෙවං, සයම්භුං අපරාජිතං.
|
49
“එකල්හි මම මහ වනයෙහි මුව වැද්දෙක් වීමි. (එහිදී) දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, (එම) බුදුරදුන් දැක,
|
50
‘‘විප්පසන්නෙන චිත්තෙන, තදා තස්ස මහෙසිනො;
නිසීදනත්ථං බුද්ධස්ස, තිණමුට්ඨිමදාසහං.
|
50
“එකල්හි මම පැහැදි සිතින් එම බුදුරදුන්හට වැඩ හිඳීම පිණිස තණ මිටක් දුනිමි.
|
51
‘‘දත්වාන දෙවදෙවස්ස, භිය්යො චිත්තං පසාදයිං;
සම්බුද්ධං අභිවාදෙත්වා, පක්කාමිං උත්තරාමුඛො.
|
51
“දේවාති දේව වූ බුදුරදුන්හට (එය) දී බෙහෙවින් සිත පැහැදවීමි. (ඉක්බිති) සම්බුදුරදුන් වැඳ, උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
|
52
‘‘අචිරං ගතමත්තං මං, මිගරාජා අපොථයි
(අහෙඨයි (සී. ස්‍යා.));
සීහෙන පොථිතො
(පාතිතො (සී. ස්‍යා.)) සන්තො, තත්ථ කාලඞ්කතො අහං.
|
52
“එසේ ගිය නොබෝ වේලාවකින් සිංහයෙක් මා පෙළීය. සිංහයා විසින් බිම පෙරළන ලද මම එහි කළුරිය කළේ වෙමි.
|
53
‘‘ආසන්නෙ මෙ කතං කම්මං, බුද්ධසෙට්ඨෙ අනාසවෙ;
සුමුත්තො සරවෙගොව, දෙවලොකං අගඤ්ඡහං.
|
53
“ආශ්‍රව රහිතවූ, බුද්ධ ශ්රේෂඨයන්වූ උන්වහන්සේ විෂයෙහි මරණාසන්නයෙහි මා විසින් කරන ලද කර්මය (කරණකොටගෙන) මම දුන්නෙන් මුදන ලද වේගවත් හීයත් මෙන් දෙව්ලොවට ගියෙමි.
|
54
‘‘යූපො
සහස්සකණ්ඩො සතභෙණ්ඩු, ධජාලු හරිතාමයො.
|
54
“එහි මාගේ පුණ්‍ය කර්මයාගෙන් නිර්මිතවූ ශෝභන ප්‍රාසාදයෙක් විය. එහි දහසක් කොටස් (බෙදුම්) ඇත්තේය. සියයක් ගෝලාකාරවූ මුදුන් ඇත්තේය. (එම මුදුන්වල එල්ලන ලද) ධජද ඇත්තේය. කොළවන් පැහැයෙන් යුක්තය.
|
55
‘‘පභා නිද්ධාවතෙ තස්ස, සතරංසීව උග්ගතො;
ආකිණ්ණො දෙවකඤ්ඤාහි, ආමොදිං කාමකාමහං.
|
55
“උදාවූ හිරු මෙන් එම ප්‍රාසාදයාගේ රශ්මියද පැතිරෙයි. මම (එහි) දිව්‍ය කන්‍යාවන් විසින් පිරිවරන ලදුයේ, කැමති පරිදි සතුටුවීමි.
|
56
‘‘දෙවලොකා චවිත්වාන, සුක්කමූලෙන චොදිතො;
ආගන්ත්වාන මනුස්සත්තං, පත්තොම්හි ආසවක්ඛයං.
|
56
“එම කුශල කර්මයෙන් මෙහෙයන ලදුයේ, දෙව් ලොවින් චුතව අවුත් මිනිස් භවයට පැමිණ ආශ්රවක්ෂයට පැමිණියේ වෙමි.
|
57
‘‘චතුන්නවුතිතො කප්පෙ, නිසීදනමදාසහං;
දුග්ගතිං නාභිජානාමි, තිණමුට්ඨියිදං ඵලං.
|
57
“මම මින් සිව් අනූවන කපෙහි හිඳීමට තණ මිටක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. තණ මිටක් දීමෙහි මේ විපාකයයි.
|
58
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං
|
58
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුඨිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
9. තින්දුකඵලදායකත්ථෙරඅපදානං | 9. තින්දුකඵලදායක ථේරාපදානය |
59
‘‘කණිකාරංව
අද්දසං විරජං බුද්ධං, ඔඝතිණ්ණමනාසවං.
|
59
“කඳු අතරෙහි වැඩහුන්නාවූ, කිණිහිරි රුකක් මෙන් බබලන (චතුර්විධ) ධර්මයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ (කෙළෙස් රජස් විරහිත) වෙස්සභූ බුදුරජුන් දුටුවෙමි.
|
60
‘‘තින්දුකං
පසන්නචිත්තො සුමනො, සයම්භුස්ස මදාසහං
(වෙස්සභුස්ස අදාසහං (සී.)).
|
60
“ගෙඩි සහිත තිඹිරි ගසක් දැක (එය) කිණිති සහිතව බිඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මම වෙස්සභූ බුදුරජුන්හට දුනිමි.
|
61
‘‘එකනවුතිතො කප්පෙ, යං ඵලමදදිං තදා;
දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
|
61
“මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිඹිරි ගෙඩි දනක් දුනිම්ද, එකල්හි (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
|
62
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා තින්දුකඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
62
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්දුකඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
10. එකඤ්ජලියත්ථෙරඅපදානං | 10. එකඤ්ජලිය ථේරාපදානය |
63
‘‘රොමසො
(රෙවතො (සී.)) නාම සම්බුද්ධො, නදීකූලෙ වසී තදා;
අද්දසං විරජං බුද්ධං, පීතරංසිංව භාණුමං.
|
63
“එකල්හි රෙවත නම් සර්වඥ තෙම ගංගා තීරයෙහි (ගංඉවුරෙහි) විසූහ. මම කෙළෙස් රජස් විරහිතවූ පීතවර්‍ණ රැස් ඇති (උදා) හිරු වැනිවුද එම බුදුරජුන් දිටිමි.
|
64
‘‘උක්කාමුඛපහට්ඨංව
ඔසධිංව විරොචන්තං, එකඤ්ජලිමකාසහං.
|
64
“කෝවයෙහි ලා තබා පිරිසිදු කළ ස්වර්ණයක් වැනිවූද, ඇවිලෙන කිහිරඟුරු මෙන් දීප්තිමත්වූද, බබලන්නාවූද, ඔසධි තාරකාවක් වැනිවූද (එම බුදුරජුන් දැක) මම එක අඤ්ජලියක් (එක වරක් පමණක් ඇඳිලි බැඳීම) කෙළෙමි.
|
65
‘‘චතුන්නවුතිතො කප්පෙ, යං අඤ්ජලිමකාසහං;
දුග්ගතිං නාභිජානාමි, අඤ්ජලියා ඉදං ඵලං.
|
65
“මින් සිව් අනූවන කපෙහි මම යම් ඇඳීලි බැඳීමක් කෙලෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඇඳිලි බැඳීමෙහි මේ විපාකයයි.
|
66
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා එකඤ්ජලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
66
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකඤ්ජලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|