2. රථකාරවග්ගො | 2. රථකාර වර්ගය |
1. ඤාතසුත්තං | 1. ඤාතභික්ඛු සූත්‍රය |
11
‘‘තීහි
‘‘තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ඤාතො භික්ඛු බහුජනහිතාය පටිපන්නො හොති බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙහි තීහි? අනුලොමිකෙ කායකම්මෙ සමාදපෙති, අනුලොමිකෙ වචීකම්මෙ සමාදපෙති, අනුලොමිකෙසු ධම්මෙසු සමාදපෙති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො ඤාතො භික්ඛු බහුජනහිතාය පටිපන්නො හොති බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’’න්ති. පඨමං.
|
11
“මහණෙනි, ධර්ම තුනකින් යුත් ප්‍රසිද්ධ භික්ෂුව බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර තුනකින්ද?
“නුසුදුසුවූ කාය කර්මයන්හි සමාදන් කරවයිද, නුසුදුසු වාක් කර්මයන්හි සමාදන් කරවයිද, නුසුදුසු මනො කර්මයන්හි සමාදන් කරවයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් ප්‍රසිද්ධ භික්ෂුතෙම බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස, දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වෙයි.
“මහණෙනි, ධර්ම තුනකින් යුත් ප්‍රසිද්ධ භික්ෂු තෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නේ වෙයි. කවර තුනකින්ද? සුදුසුවූ කාය කර්මයන්හි සමාදන් කරවයිද, සුදුසුවූ වාක් කර්මයන්හි සමාදන් කරවයිද, සුදුසුවූ මනො කර්මයන්හි සමාදන් කරවයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් භික්ෂුතෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ දෙනාට අර්ත්ථය පිණිස, දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස පිළිපන්නේ වෙයි.”
|
2. සාරණීයසුත්තං | 2. යාවජීව සරණීය සූත්‍රය |
12
‘‘තීණිමානි
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, යස්මිං පදෙසෙ රාජා ඛත්තියො මුද්ධාවසිත්තො සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. ඉදං, භික්ඛවෙ, තතියං රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරණීයං හොති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරණීයානි භවන්ති.
‘‘එවමෙවං
‘‘පුන චපරං, භික්ඛවෙ, යස්මිං පදෙසෙ භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. ඉදං, භික්ඛවෙ, දුතියං භික්ඛුස්ස යාවජීවං සාරණීයං හොති.
‘‘පුන චපරං, භික්ඛවෙ, යස්මිං පදෙසෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදං, භික්ඛවෙ, තතියං භික්ඛුස්ස යාවජීවං සාරණීයං හොති. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි භික්ඛුස්ස යාවජීවං සාරණීයානි භවන්තී’’ති. දුතියං.
|
12
“මහණෙනි, ඔටුණු පැළැන්දුවාවූ ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු කරුණු තුනක් වෙත්. කවර තුනක්ද?
“ඔටුණු පළන් ක්ෂත්රිය රජ තෙමේ යම් පෙදෙසක උපන්නේ වේද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු පළමුවැනි කාරණය වෙයි. නැවතද, ඔටුණු පළන් ක්ෂත්රිය රජ තෙමේ යම් පෙදෙසක ඔටුණු පැළැන්දේ වෙයිද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු දෙවැනි කාරණය වෙයි. මහණෙනි, නැවතද, ඔටුණු පළන් ක්ෂත්රිය රජ තෙමේ යුද්ධයකින් ජයගෙන දිනන ලද යුද්ධ ඇත්තේ, ඒ යුද්ධ භූමියට අධිපතිව වාසය කරයිද, මහණෙනි, මේ ඔටුණු පළන් ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු තුන්වැනි කාරණය වෙයි. මහණෙනි, මේ වනාහි ඔටුණු පළන් ක්ෂත්රිය රජ විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු කරුණු තුන වෙත්.
“මහණෙනි, එසේම භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහි කළ යුතු මේ කරුණු තුනක් වෙත්.කවර තුනක්ද යත්. මහණෙනි. භික්ෂු තෙමේ යම් පෙදෙසක හිස රැවුල් කපා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවුයේද. මහණෙනි. මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු පළමුවැනි කාරණය වෙයි. නැවතද මහණෙනි, භික්ෂු තෙමේ යම් පෙදෙසක මෙය දුකයයි තත්වාකාරයෙන් දැනගනීද, මෙය දුකට හේතුවයයි තත්වාකාරයෙන් දැනගනීද, මෙය දුක් නැතිකිරීමයයි තත්වාකාරයෙන් දැනගනීද, මෙය දුක් නැතිකිරීමේ මාර්ගයයයි තත්වාකායෛන් දැනගනීද, මහණෙනි, මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහි කළ යුතු දෙවැනි කාරණය වෙයි. නැවතද මහණෙනි, භික්ෂුතෙමේ යම් පෙදෙසක ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිත, අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් තෙමේම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට, අවබෝධකොට වාසය කරයිද, මහණෙනි, මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකළයුතු තුන්වැනි කාරණය වෙයි. මහණෙනි, මේ භික්ෂුව විසින් ජීවිතාන්තය දක්වා සිහිකටයුතු කරුණු තුන වෙත්.”
|
3. ආසංසසුත්තං | 3. නිරාස සූත්‍රය |
13
‘‘තයොමෙ
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො ආසංසො? ඉධ
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො විගතාසො? ඉධ, භික්ඛවෙ, රාජා හොති ඛත්තියො මුද්ධාවසිත්තො. සො සුණාති - ‘ඉත්ථන්නාමො කිර ඛත්තියො ඛත්තියෙහි ඛත්තියාභිසෙකෙන අභිසිත්තො’ති. තස්ස න එවං හොති - ‘කුදාස්සු නාම මම්පි ඛත්තියා ඛත්තියාභිසෙකෙන අභිසිඤ්චිස්සන්තී’ති! තං කිස්ස හෙතු? යා හිස්ස, භික්ඛවෙ, පුබ්බෙ අනභිසිත්තස්ස අභිසෙකාසා සා
(සාස්ස (සී. ස්‍යා. කං. පී.)) පටිප්පස්සද්ධා. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො විගතාසො. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
‘‘එවමෙවං
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො ආසංසො? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති කල්යාණධම්මො. සො සුණාති
‘‘කතමො ච, භික්ඛවෙ, පුග්ගලො විගතාසො? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරහං හොති ඛීණාසවො. සො සුණාති - ‘ඉත්ථන්නාමො කිර භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති. තස්ස න එවං හොති - ‘කුදාස්සු නාම අහම්පි ආසවානං ඛයා...පෙ.... සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සාමී’ති! තං කිස්ස හෙතු? යා හිස්ස, භික්ඛවෙ, පුබ්බෙ අවිමුත්තස්ස විමුත්තාසා සා පටිප්පස්සද්ධා. අයං වුච්චති, භික්ඛවෙ, පුග්ගලො විගතාසො. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසූ’’ති. තතියං.
|
13
“මහණෙනි, ලෝකයෙහි පුද්ගලයෝ තුන්දෙනෙක් ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද?
“අපෙක්ෂා රහිත පුද්ගලයාද, අපෙක්ෂා සහිත පුද්ගලයාද. අපෙක්ෂා පහකළ පුද්ගලයාද වෙත්.
“මහණෙනි, අපෙක්ෂා රහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් චණ්ඩාල කුලයෙහි හෝ, වැදි කුලයෙහි හෝ, කුළුපොතු කුලයෙහි හෝ, කම්කරු කුලයෙහි හෝ, පරමල් ඉවතලන කුලයෙහි හෝ දිළිඳුවූ, ස්වල්ප ආහාර පාන ඇති, දුක් පැවතුම් ඇති, යම් තැනෙක්හි දුකසේ කෑම ඇඳීම ලබයිද, එබඳු තැනෙක්හි උපන්නේ වෙයිද, හෙතෙම අවලක්‍ෂණවූයේ, අප්‍රිය දැකුම් ඇත්තේ, මිටි වූයේ, බොහෝ ආබාධ ඇත්තේ, කණෙක් හෝ, කුණෙක් හෝ, කොරෙක් හෝ, පක්ෂයක් පණ නැතියෙන් හෝ වූයේ ආහාර, පාන, වස්ත්‍ර, යානා, මල් ගඳ විලවුන්, සේනාසන, තෙල් පහන් නොලබන්නේ වෙයිද, හෙතෙම මෙනම් ක්ෂත්රිය තෙමේ ක්ෂත්රියයන් විසින් ක්ෂත්රියාභිෂෙකයෙන් අභිෂේක කරණ ලද්දේයයි අසන්නේය. එහෙත් ඔහුට මාද ක්ෂත්රියයෝ ක්ෂත්රියාභිෂේකයෙන් කවදා අභිෂෙක කරද්ද යන අපෙක්ෂාව (බලාපොරොත්තුව) ඇති නොවේ. මහණෙනි, මෙතෙම අපෙක්ෂා රහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, අපෙක්ෂා සහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඔටුණු පලන් ක්ෂත්රිය රජකුගේ අභිෂෙකයට සුදුසුවූ, සුදුසු වියට පැමිණියාවූ, අභිෂෙක නොකරණ ලද වැඩිමහලු පුතෙක් වෙයිද, හෙතෙම මෙනම් ක්ෂත්රිය තෙමේ ක්ෂත්රියයන් විසින් ක්ෂත්රියාභිෂෙකයෙන් අභිෂෙක කරණ ලදැයි අසන්නේ වෙයිද, ඔහුට එසේ මාද ක්ෂත්රියයෝ ක්ෂත්රියාභිෂෙකයෙන් කවදා අභිෂෙක කරද්දැයි සිතෙන්නේය. මහණෙනි, මේ තෙමේ අපෙක්ෂා සහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පහවූ අපෙක්ෂා ඇති පුද්ගලයා නම් කවරේද? මේ ලෝකයෙහි අභිෂෙක කරණ ලද්දාවූ ක්ෂත්රිය රජෙක් වෙයිද, හෙතෙම මෙනම් ක්ෂත්රිය තෙමේ ක්ෂත්රියයන් විසින් ක්ෂත්රියාභිෂෙකයෙන් අභිෂේක කරණ ලද්දේයයි අසන්නේද. ඔහුට මෙසේ මාද ක්ෂත්රියයෝ ක්ෂත්රියාභිෂේකයෙන් කවදා අභිෂෙක කරන්නාහුදැයි නොසිතෙන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, පෙර අභිෂෙක නොකරණ ලද්දහුට යම් ආශාවක් වීද, ඔහුගේ ඒ ආශාව සංසිඳුනීය. මහණෙනි, මේ පුද්ගල තෙමේ පහකළ අපෙක්ෂා ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ පුද්ගලයෝ තුන්දෙන ලෝකයෙහි ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්.
“මහණෙනි, එසේම භික්ෂූන් අතරෙහි පුද්ගලයෝ තුන් දෙනෙක් ඇත්තාහු වෙත්. විද්‍යමාන වෙත්. කවර තුන් දෙනෙක්ද? අපෙක්ෂා රහිත පුද්ගලයාද, අපෙක්ෂා සහිත පුද්ගලයාද. අපෙක්ෂා පහකළ පුද්ගලයාද වෙත්.
“මහණෙනි, අපෙක්ෂා රහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වෙයිද, පාපධර්ම ඇත්තේ වෙයිද, අපිරිසිදු කාය කර්මාදිය ඇත්තේ වෙයිද, සැක කළ යුතු පැවතුම් ඇත්තේ වෙයිද, සැඟවුනු ක්‍රියා ඇත්තේ වෙයිද, ශ්‍රමණයෙකැයි අඟවන්නාවූ අශ්‍රමණයෙක් වෙයිද, බ්රහ්මචාරියෙකැයි අඟවන්නාවූ අබ්රහ්මචාරියෙක් වෙයිද, ඇතුලත කුණුවූයේ වෙයිද, රාගාදියෙන් තෙත්වූයේ වෙයිද, හටගත් රාගාදී කුණු කසල ඇත්තේද, හෙතෙමේ, මෙනම් භික්ෂුතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරේයයි අසන්නේද, ඔහුට කවදා නම් මමද ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට එළඹ වාසය කරන්නෙම්ද යන අපේක්ෂාව නූපදින්නේය. මහණෙනි, මෙතෙමේ අපේක්ෂා රහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, අපෙක්ෂා සහිත පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ සිල්වත් වේද, යහපත් ධර්ම ඇත්තේ වේද, හෙතෙමේ, මෙනම් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙම්දැයි අදහස් වන්නේය මහණෙනි, මෙතෙමේ අපේක්ෂා සහිත පුද්ගලයායයි කියනු ලැබේ.
“මහණෙනි, පහවූ අපෙක්ෂා ඇති පුද්ගලයා නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආශ්‍රවයන් ක්ෂය කළ රහත් පුද්ගලයෙක් වෙයිද, හෙතෙමේ මෙනම් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කරන්නේයයි අසන්නේය. ඔහුට මම කවදා ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත අර්හත් ඵල සමාධිය හා අර්හත් ඵල ප්‍රඥාව තෙමේ මේ ආත්මයෙහිම විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නෙමි’ යි අදහස් නොවන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, රහත් නොවූ ඔහුට රහත් වීමට යම් අපේක්ෂාවක් වීද, ඔහුගේ ඒ අපේක්ෂාව සංසිඳුනී වෙයි. මහණෙනි, මෙතෙමේ පහවූ අපේක්ෂා ඇති පුද්ගලයායයි කියනු ලැබේ. මහණෙනි, මේ භික්ෂූන් අතරෙහි ඇත්තාවූ, විද්‍යමානවූ පුද්ගලයෝ තිදෙන වෙත්.”
|
4. චක්කවත්තිසුත්තං | 4. අරාජක චක්ක සූත්‍රය |
14
‘‘යොපි
‘‘පුන චපරං, භික්ඛු, රාජා චක්කවත්තී ධම්මිකො ධම්මරාජා ධම්මංයෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං
‘‘එවමෙවං ඛො, භික්ඛු
(භික්ඛවෙ (ක.)), තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො ධම්මරාජා ධම්මංයෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො
‘‘පුන චපරං, භික්ඛු, තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො ධම්මරාජා ධම්මංයෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති වචීකම්මස්මිං - ‘එවරූපං වචීකම්මං සෙවිතබ්බං, එවරූපං වචීකම්මං න සෙවිතබ්බ’න්ති...පෙ.... මනොකම්මස්මිං - ‘එවරූපං මනොකම්මං සෙවිතබ්බං, එවරූපං මනොකම්මං න සෙවිතබ්බ’’’න්ති.
‘‘ස
|
14
“මහණෙනි, ධර්මයෙන් යුක්තවු, ධර්මයෙන් රජ කරන්නාවූ, යම් සක්විති රජෙක් වේද, හෙතෙම රජකු නැතිව අණසක නොපවත්නේයයි වදාළේය.
“මෙසේ වදාළ කල්හි, එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ධර්මයෙන් යුත්, ධර්මයෙන් රජ කරන්නාවූ, සක්විති රජහුගේ රජ නම් කවරෙක්දැ?” යි කීය. “මහණ, (දශකුශල) ධර්මයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ. “මහණ, ධර්මයෙන් යුත්, ධර්මයෙන් රජ කරන්නාවූ, සක්විති රජතෙමේ, දශ කුශල ධර්මය ඇසුරුකොට ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ද්වජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට ගෙන, ධර්මය අධිපති කොට ගෙන, අභ්‍යන්තර ජනයාගේ රැකවරණ පරිස්සම් සලසාලයි.
“මහණ, නැවතද ධාර්මිකවූ, ධර්මයෙන් රජ කරන්නාවූ, සක්විති රජතෙමේ, ධර්මයම ඇසුරුකොට, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ද්වජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට ගෙන, ධර්මය අධිපති කොට ගෙන, රාජකාර්‍ය්‍යයන්හි නියුක්ත ක්ෂත්රියයන් කෙරෙහිද, බලසෙනග කෙරෙහිද, බ්‍රාහ්මණ ගෘහපතීන් කෙරෙහිද, නියම්ගම් ජනපද වාසීන් කෙරෙහිද, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහිද, මෘග පක්ෂීන් කෙරෙහිද රැකවරණ පරිස්සම සලසාලයි.
“මහණ, ධාර්මිකවූ, ධර්මයෙන් රජ කරන්නාවූ, ඒ සක්විති රජතෙමේ, ධර්මයම ඇසුරුකරමින්, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ධජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට ගෙන, ධර්මය අධිපති කොට ගෙන, අභ්‍යන්තර ජනයා කෙරෙහි ධාර්මික රැකවරණ පරිස්සම සලසා රාජකාර්‍ය්‍යයන්හි නියුක්ත ක්ෂත්රියයන් කෙරෙහි රැකවරණ පරිස්සම සලස්වා, බල සෙනග කෙරෙහි, බ්‍රාහ්මණ ගෘහපතීන් කෙරෙහි, නියම්ගම් ජනපද වාසීන් කෙරෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි, මෘග පක්ෂීන් කෙරෙහි රැකවරණ පරිස්සම සලස්වා ධර්මයෙන්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්‍යවූ, පරසතුරු කිසි ප්‍රාණියකු විසින් නොවැලැක්විය හැකි වෙයි.
“මහණ, එමෙන්ම ධර්මයෙන් යුක්තවූ, ධර්මරාජවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ, තථාගත තෙමේ, ධර්මයම (නවලොකොත්තර ධර්මයම) ඇසුරුකොට ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ධජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට ගෙන, ධර්මය අධිපති කොට ගෙන, කාය කර්මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය. කෙසේද? මෙබඳුවූ කාය කර්ම සේවනය කළයුතුය. මෙබඳුවූ කාය කර්ම සේවනය නොකළයුතුය කියායි.
“නැවතද, මහණ, ධාර්මිකවූ ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ධජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට ගෙන, ධර්මය අධිපති කොට ගෙන, වාක් කර්මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය. කෙසේද? මෙවැනි වාක් කර්ම සේවනය කළයුතුය. මෙවැනි වාක් කර්ම සේවනය නොකළයුතුය යනුවෙනි.
“නැවතද, මහණ, ධාර්මිකවූ ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ධජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට ගෙන, ධර්මය අධිපති කොට ගෙන, මනො කර්මයෙහි රැකවරණ පරිස්සම සලසන්නේය. කෙසේද? මෙවැනිවූ මනො කර්ම සේවනය කළයුතුය. මෙවැනිවූ මනො කර්ම සේවනය නොකළයුතුය යනුවෙනි.
“මහණ, ඒ ධාර්මිකවූ ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ධජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට ගෙන, ධර්මය අධිපති කොට ගෙන, ධර්මයම ඇසුරු කරමින්, ධර්මයට ගරු කරමින්, ධර්මයට පුදමින්, ධර්මය ධජයක් කොට ගෙන, ධර්මය කොඩියක් කොට තෙන, ධර්මය අධිපති කොට ගෙන, කාය කර්මයෙහි ධාර්මික රැකවරණ පරිස්සම සලස්වා, වාක් කර්මයෙහි, කාය කර්මයෙහි, මනො කර්මයෙහි රැකවරණ පරිස්සම සලස්වා, ධර්මයෙන්ම නිරුත්තර ධර්ම චක්‍රය පවත්වන්නේය. ඒ ධර්ම චක්‍රය ශ්‍රමණයකු විසින් හෝ, බ්‍රාහ්මණයකු විසින් හෝ, දෙවියකු විසින් හෝ, බඹකු විසින් හෝ, ලෝකයෙහි කිසිවකු විසින් හෝ වැළැක්විය නොහැක්කේය.”
|
5. සචෙතනසුත්තං | 5. පචෙතන සූත්‍රය |
15
එකං
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, රාජා අහොසි සචෙතනො
(පචෙතනො (සී. ස්‍යා. කං. පී.)) නාම. අථ ඛො, භික්ඛවෙ, රාජා සචෙතනො රථකාරං ආමන්තෙසි - ‘ඉතො මෙ, සම්ම රථකාර, ඡන්නං මාසානං අච්චයෙන සඞ්ගාමො භවිස්සති. සක්ඛිස්සසි
(සක්ඛසි (ස්‍යා. කං. පී.)) මෙ, සම්ම රථකාර, නවං චක්කයුගං කාතු’න්ති? ‘සක්කොමි දෙවා’ති ඛො, භික්ඛවෙ, රථකාරො රඤ්ඤො සචෙතනස්ස පච්චස්සොසි. අථ ඛො, භික්ඛවෙ, රථකාරො ඡහි මාසෙහි ඡාරත්තූනෙහි එකං චක්කං නිට්ඨාපෙසි. අථ ඛො, භික්ඛවෙ, රාජා සචෙතනො රථකාරං ආමන්තෙසි - ‘ඉතො මෙ, සම්ම රථකාර, ඡන්නං දිවසානං අච්චයෙන සඞ්ගාමො භවිස්සති, නිට්ඨිතං නවං චක්කයුග’න්ති? ‘ඉමෙහි ඛො, දෙව, ඡහි මාසෙහි ඡාරත්තූනෙහි එකං චක්කං නිට්ඨිත’න්ති. ‘සක්ඛිස්සසි පන මෙ, සම්ම රථකාර, ඉමෙහි ඡහි දිවසෙහි දුතියං චක්කං නිට්ඨාපෙතු’න්ති? ‘සක්කොමි දෙවා’ති ඛො, භික්ඛවෙ, රථකාරො ඡහි දිවසෙහි දුතියං චක්කං නිට්ඨාපෙත්වා නවං චක්කයුගං ආදාය යෙන රාජා සචෙතනො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා රාජානං සචෙතනං එතදවොච - ‘ඉදං තෙ, දෙව, නවං චක්කයුගං නිට්ඨිත’න්ති. ‘යඤ්ච තෙ ඉදං, සම්ම රථකාර, චක්කං ඡහි මාසෙහි නිට්ඨිතං ඡාරත්තූනෙහි යඤ්ච තෙ ඉදං චක්කං ඡහි දිවසෙහි නිට්ඨිතං, ඉමෙසං කිං නානාකරණං? නෙසාහං කිඤ්චි නානාකරණං පස්සාමී’ති. ‘අත්ථෙසං, දෙව, නානාකරණං. පස්සතු දෙවො නානාකරණ’’’න්ති.
‘‘අථ
‘‘‘කො නු ඛො, සම්ම රථකාර, හෙතු කො පච්චයො යමිදං
(යදිදං (ක.)) චක්කං ඡහි දිවසෙහි නිට්ඨිතං තං පවත්තිතං සමානං යාවතිකා අභිසඞ්ඛාරස්ස ගති තාවතිකං ගන්ත්වා චිඞ්ගුලායිත්වා භූමියං
‘‘සියා ඛො පන, භික්ඛවෙ, තුම්හාකං එවමස්ස - ‘අඤ්ඤො නූන තෙන සමයෙන සො
‘‘යස්ස කස්සචි, භික්ඛවෙ, භික්ඛුස්ස වා භික්ඛුනියා වා කායවඞ්කො පහීනො කායදොසො කායකසාවො, වචීවඞ්කො පහීනො වචීදොසො වචීකසාවො, මනොවඞ්කො පහීනො මනොදොසො මනොකසාවො
‘‘තස්මාතිහ
|
15
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි ඉසිපතනාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට “මහණෙනි” යි අඬගා වදාළ සේක. ඒ භික්ෂූහු “ස්වාමීනි” යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළෝය.
“මහණෙනි, පෙර පචෙතන නම් රජෙක් විය. මහණෙනි, එකල්හි ඒ පචෙතන රජතෙමේ රිය සාදන්නාට අඬගසා මෙසේ කීය. “යහළු රියකරුව, මාහට මෙයින් සමසකට පසු යුද්ධයක් ඇත්තේය. යහළු රියකරුව, මට අළුත් රථ චක්‍ර දෙකක් කිරීමට හැකිද?” යනුයි. මහණෙනි, “දේවයන් වහන්ස, හැක්කෙමි” යි රියකරු තෙමේ, පචෙතන රජහට උත්තර දුනි.
“මහණෙනි, ඉක්බිති, රියකරු තෙමේ සදිනක් අඩු සමසකින් එක් චක්‍රයක් නිමවීය. ඉක්බිති පචෙතන රජතෙමේ රියකරු කැඳවීය. “යහළු රියකරුව, මෙයින් සදිනකට පසු මට යුද්ධයක් ඇත්තේය. අළුත් චක්‍ර දෙකක් නිමවීදැ” යි ඇසීය. “දේවයන් වහන්ස, මේ සදිනක් අඩු සමසින් එක් චක්‍රයක් නිමියේය” යි කීය. “යහළු රියකරුව, මාහට මේ සදවසින් දෙවැනි රියසක නිමවිය හැකිද?” “දේවයන් වහන්ස, හැක්කෙමි” යි රියකරුතෙම පචෙතන රජුට උත්තර දුනි.
“මහණෙනි, ඉක්බිති රියකරු තෙමේ සදිනකින් දෙවැනි රිය සක නිමවා, අළුත් චක්‍ර දෙක ගෙන පචෙතන රජතෙමේ යම් තැනකද, එතැනට ගියේය. ගොස් පචෙතන රජහට, “දේවයන් වහන්ස, මේ නුඹ වහන්සේගේ අළුත් චක්‍ර දෙක නිමියේය” යි කීය. “යහළු රියකරුව, මේ සදිනක් අඩු සමසකින් නිමවනලද රියසකත්, සදිනකින් නිමවන ලද රියසකත් යන දෙකෙහි වෙනස කුමක්ද? මම වෙනසක් නොදැක්කෙමි” යි කීය. “දේවයන් වහන්ස, ඔවුන්ගේ වෙනසක් ඇත. දේවයන් වහන්සේ වෙනස බලනු මැනව” යි කීය.
“ඉක්බිති රියකරු තෙමේ යම් චක්‍රයක් සදිනකින් නිම කරණ ලද්දේද, එය පෙරලා හැරියේය. පෙරලා හරින ලද එය තල්ලු කළ වේගයෙන් යා යුතු තැන යම් පමණද, ඒතාක් ගොස් වැනී පොළොවෙහි වැටුනේය. යම් චක්‍රයක් සදිනක් අඩු සමසකින් නිමවීද, එය පෙරලා හැරියේය. පෙරලා හරින ලද එය තල්ලු කළ වේගයෙන් යා යුතු තැන යම් තැනැක්ද, එතැන දක්වා ගොස් අකුරෙහි (අලවංගුවෙහි) ගසනලද්දක් මෙන් සිටියේය.
“යහළු රියකරුව, යම් චක්‍රයක් සදවසකින් නිමවන ලද්දේද, පෙරලා හරින ලද්දාවූ එය තල්ලු කළ වේගය ඇතිතාක් ගොස් වැනී පොළොවෙහි වැටෙයි. ඊට හේතුව, කාරණය කුමක්ද? යහළු රියකරුව, යම් චක්‍රයක් සදිනක් අඩු සමසකින් නිමවනලදද, පෙරලා හරින ලද්දාවූ එය තල්ලු කළ වේගය ඇතිතාක් ගොස් අකුරෙහි ගසනලද්දාක් මෙන් සිටියි. ඊට හේතුව, කාරණය කිමදැ” යි ඇසීය. “දේවයන් වහන්ස, යම් චක්‍රයක් සදවසකින් නිම කරණ ලද්දේද, එහි පට්ටමත් ඇදය. දොස් සහිතය. එළය සහිතය. ගරාදිද ඇදය. දොස් සහිතය. එළය සහිතය. පට්ටමත් ඇද බැවින්, දොස් සහිත බැවින්, එළය සහිත බැවින්, ගරාදිද ඇද බැවින්, දොස් සහිත බැවින්, එළය සහිත බැවින්, බොස් ගෙඩියත් ඇද බැවින්, දොස් සහිත බැවින්, එළය සහිත බැවින්, පෙරළා යවන ලද එය වේගය ඇති තාක් ගොස් වැනී පොළොවෙහි වැටෙයි. දේවයන් වහන්ස, යම් චක්‍රයක් සදිනක් අඩු සමසකින් නිම කරණ ලද්දේද, එහි පට්ටමද නොඇදය, නිදොස්ය. එළයෙන් තොරය. ගරාදිද නොඇදය. නිදොස්ය. එළයෙන් තොරය. බොස් ගෙඩියද නොඇදය, නිදොස්ය, එළයෙන් තොරය. පට්ටමද නොඇද බැවින්, නිදොස් බැවින්, එළයෙන් තොර බැවින්, බොස් ගෙඩියද නොඇද බැවින්, නිදොස් බැවින්, එළයෙන් තොර බැවින්, පෙරළා හරින ලද එය වේගය ඇතිතාක් ගොස් අකුරෙහි ගසන ලද්දාක් මෙන් සිටියි.”
“මහණෙනි, තොප විසින් එකල්හි ඒ රියකරු තෙම අනිකෙකැයි සිතිය හැකිය. මහණෙනි, එසේ නොසිතිය යුතුය. එකල්හි ඒ රියකරු මම වීමි. මහණෙනි, මම එකල්හි ලීවල ඇදකුද දොස් වැරදි පිළිබඳ දක්ෂයෙක්මි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම දැන් වනාහි ශ්‍රාවකයන්ගේ කාය වඞ්ක, කාය දොස, කාය කසටයන් පිළිබඳ දක්ෂ වෙමි. වචී වඞ්ක, වචී දොස, වචී කසටයන් පිළිබඳ දක්ෂවෙමි. මනො වඞ්ක, මනො දොස, මනො කසටයන් පිළිබඳ දක්ෂ වෙමි.
“මහණෙනි, යම්කිසි භික්ෂුවක්හුගේ හෝ භික්ෂුණියකගේ හෝ කාය වඞ්ක, කාය දොස, කාය කසට පහනොවූයේද, වචී වඞ්ක, වචී දොස, වචී කසට පහනොවූයේද, මනො වඞ්ක, මනො දොස, මනො කසට පහනොවූයේද, මහණෙනි, ඔවුහු ඒ සදිනකින් නිම කරණ ලද චක්‍රය යම්සේද, එමෙන් මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙන් වැටෙන්නාහ.
“මහණෙනි, යම්කිසි භික්ෂුවක්හුගේ හෝ භික්ෂුණියකගේ හෝ කාය වඞ්ක, කාය දොස, කාය කසට පහවූයේද, වචී වඞ්ක, වචී දොස, වචී කසට පහවූයේද, මනො වඞ්ක, මනො දොස, මනො කසට පහවූයේද, මහණෙනි, ඔවුහු සදිනක් අඩු සමසකින් නිමවණ ලද ඒ චක්‍රය යම්සේද, එමෙන් මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි පිහිටියාහු වෙති.
“මහණෙනි, එහෙයින් කාය වංක, කාය දොස, කාය කසට පහකරන්නෙමු. වචී වංක, වචී දොස, වචී කසට පහකරන්නෙමු. මනො වංක, මනො දොස, මනො කසට පහකරන්නෙමුයි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය’ යි වදාළ සේක.
|
6. අපණ්ණකසුත්තං | 6. අපණ්ණක පටිපදා සූත්‍රය |
16
‘‘තීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අපණ්ණකපටිපදං
(අපණ්ණකතං පටිපදං (සී. පී.) ටීකාය පන සමෙති) පටිපන්නො හොති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති, භොජනෙ මත්තඤ්ඤූ හොති, ජාගරියං අනුයුත්තො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු
‘‘කථඤ්ච
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙති, රත්තියා පඨමං යාමං චඞ්කමෙන
|
16
“මහණෙනි, ධර්ම තුනකින් යුක්තවූ මහණ තෙමේ ඒකාන්ත ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පවත්තා හේතුවද පටන් ගන්නා ලද්දේ වෙයි. කවර තුනකින්ද?
“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වේද, භෝජනයෙහි පමණ දන්නේ වේද, නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම ඉන්ද්රියයන්හි වසනලද දොරටු ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් ඇසෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ ඇස සංවර කිරීම පිණිස පිළිපදියිද, චක්ෂුරෙන්ද්රිය රකීද, චක්ෂුරෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද,
“කණින් ශබ්දයක් අසා නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් කණෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ කණ සංවර කිරීම පිණිස පිළිපදියිද, සොතෙන්ද්රිය රකීද, සොතෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද,
“නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් නාසයෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ නාසය සංවර කිරීම පිණිස පිළිපදියිද, ඝාණෙන්ද්රිය රකීද, ඝාණෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද,
“දිවෙන් රසයක් දැන නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් දිවෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ දිව සංවර කිරීම පිණිස පිළිපදියිද, දිවෙන්ද්රිය රකීද, දිවෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද,
“කයින් ප්රශ්ටව්යයක් ස්පර්ශකොට නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුවකින් කයෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ කය සංවර කිරීම පිණිස පිළිපදියිද, කායෙන්ද්රිය රකීද, කායෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද,
“සිතින් ධර්මාරමුණක් දැන නිමිති වශයෙන් නොගන්නේද, අනුව්‍යඤ්ජන වශයෙන් නොගන්නේ වේද, යම් හේතුව කින් සිතෙහි අසංවරව වාසය කරන්නහුට ලාමකවූ ලෝභ, ද්වේෂ අකුසල ධර්මයෝ ගලා එන්නාහුද, ඒ සිත සංවර කිරීම පිණිස පිළිපදියිද, මනෙන්ද්‍රිය රකීද, මනෙන්ද්රියයෙහි සංවරයට පැමිණේද, මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්රියයන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම භෝජනයෙහි පමණ දන්නේ වේද, මහණෙනි, මහණතෙම නුවණින් මෙනෙහිකොට ආහාර වළඳන්නේය. කෙසේද? ක්‍රීඩා පිණිසද නොවේමය, මද වැඩීම පිණිසද නොවේමය, අඩුතැන් පිරවීම පිණිසද නොවේමය, සැරසීම පිණිසද නොවේමය, මේ ශරීරයාගේ පැවැත්ම, යැපීම පිණිසම, පීඩා දුරුකර ගැනීම පිණිස, බ්‍රහ්මචර්‍ය්‍යාවට උපකාර පිණිසම වළඳමි. මෙසේ ආහාර වැළඳීමෙන් පුරාණ වේදනාද ඉවසමි. අලුත් වේදනාද නොඋපදවන්නෙමි. නිවරද බවද, සැප විහරණයද වන්නෙමි. යනුවෙනි. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම භෝජනයෙහි පමණ දන්නේ වේ.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම නිදි දුරු කිරීමෙහි යෙදුනේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම දවල් කාලයෙහි සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, පඤ්ච නීවරණ ධර්මයන් ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි පළමුවෙනි යාමයෙහි සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි දකුණැලයෙන්, පාදයෙහි පාදය මඳක් ඉක්මවා තබා, සිහි නුවණින් යුක්තව, නැගිටිමි යන සංඥාව මෙනෙහිකොට, උතුම්වූ සයනය කරයිද, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි නැගිට, සක්මන් කිරීමෙන්ද, හිඳීමෙන්ද, පඤ්ච නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි.
“මහණෙනි, මෙසේ වනාහි මහණතෙම නිදි දුරුකිරීමෙහි යෙදුනේ වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්තවූ මහණතෙම ඒකාන්ත ප්‍රතිපදාවට පිළිපන්නේ වේ. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස පවත්නා කාරණයද පටන් ගන්නා ලද්දේ වෙයි.”
|
7. අත්තබ්යාබාධසුත්තං | 7. ව්‍යාබාධ සංවත්තන සූත්‍රය |
17
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මා අත්තබ්‍යාබාධායපි සංවත්තන්ති, පරබ්‍යාබාධායපි සංවත්තන්ති, උභයබ්‍යාබාධායපි සංවත්තන්ති. කතමෙ තයො? කායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො ධම්මා අත්තබ්‍යාබාධායපි සංවත්තන්ති, පරබ්‍යාබාධායපි සංවත්තන්ති, උභයබ්‍යාබාධායපි සංවත්තන්ති.
‘‘තයොමෙ, භික්ඛවෙ, ධම්මා නෙවත්තබ්‍යාබාධායපි සංවත්තන්ති, න පරබ්‍යාබාධායපි සංවත්තන්ති, න උභයබ්‍යාබාධායපි සංවත්තන්ති. කතමෙ තයො? කායසුචරිතං, වචීසුචරිතං, මනොසුචරිතං. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො
|
17
“මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙනෙක් තමහට දුක් පිණිසද පවතිත්. අනුන්හට දුක් පිණිසද පවතිත්. තමන් අනුන් යන දෙදෙනාටම දුක් පිණිසද පවතිත්. කවර තුන් දෙනෙක්ද යත්. කාය දුෂ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය යන මොහුයි. මහණෙනි, මේ ධර්මයෝ තුන් දෙන තමාට දුක් පිණිසද, අනුන්ට දුක් පිණිසද, දෙදෙනාටම දුක් පිණිසද පවතිත්.
“මහණෙනි, මේ ධර්මයෝ තිදෙනෙක් තමන්ට දුක් නොපණිසද, අනුන්ට දුක් නොපිණිසද, දෙදෙනාටම දුක් නොපිණිසද පවත්නාහුය. කවර තුනක්ද? කාය සුචරිතයද, වාක් සුචරිතයද, මනො සුචරිතයද වෙත්. මහණෙනි, මේ ධර්මයෝ තිදෙන තමන් දුක් නොපිණිසද, අනුන්ට දුක් නොපිණිසද, දෙදෙනාට දුක් නොපිණිසද පවතිත්.”
|
8. දෙවලොකසුත්තං | 8. දෙවලොකුප්පත්ති සූත්‍රය |
18
‘‘සචෙ
|
18
“මහණෙනි, ඉදින් වනාහි අන්යතීර්ත්ථක පරිබ්‍රාජකයෝ, ‘ඇවැත්නි, දෙව්ලොව ඉපදීම පිණිස ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නහුදැයි අසන්නාහු නම්, මෙසේ අසන ලද්දාවූ තෙපි හැකිලෙන්නාහු නොවෙත්ද, ලජ්ජාවන්නාහු නොවෙත්ද, පිළිකුල් කරන්නාහු නොවෙත්ද. “ස්වාමීනි, එසේය”. මහණෙනි, මෙසේ වනාහි තෙපි දිව්‍ය ආයුෂට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්‍ය වර්ණයට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්‍ය සැපට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්‍ය යසසට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, දිව්‍ය අධිපති බවට හැකිළෙන්නාහු නම්, ලජ්ජාවන්නාහු නම්, පිළිකුල් කරන්නාහු නම්, මහණෙනි, පළමුකොට වනාහි තොප විසින් කාය දුෂ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි. වාක් දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි. මනො දුශ්චරිතයට හැකිලිය යුතුයි. ලජ්ජා විය යුතුයි. පිළිකුල් කටයුතුයි.”
|
9. පඨමපාපණිකසුත්තං | 9. පාපනික සූත්‍රය |
19
‘‘තීහි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිං කාතුං. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු පුබ්බණ්හසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති, මජ්ඣන්හිකසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති, සායන්හසමයං න සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිං කාතුං.
‘‘තීහි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිං කාතුං. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු පුබ්බණ්හසමයං සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති, මජ්ඣන්හිකසමයං...පෙ.... සායන්හසමයං සක්කච්චං සමාධිනිමිත්තං අධිට්ඨාති. ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිං කාතු’’න්ති. නවමං.
|
19
“මහණෙනි, කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ. කවර තුනකින්ද? මහණෙනි, මේ ලෝකයෙහි වෙළඳ තෙම උදය කාලයෙහි මනාව කටයුතු නොකරයිද, දවල් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, සවස් කාලයෙහි මනාව කටයුතු නොකරයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් වෙළඳ තෙම නොලැබූ ධන ලැබීමට හෝ, ලැබූ ධනය දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ධර්ම තුනකින් යුක්තවූ මහණතෙම නොලැබූ කුසල් ලබන්ටද, ලැබූ කුසල් දියුණු කරන්ටද සුදුසු නොවේ. කවර අඞ්ග තුනකින්ද? මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි අරමුණු මනාකොට නොවඩයිද, දවල් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද, සවස් කාලයෙහි මනාකොට සමාධි නිමිත්ත නොවඩයිද, මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්ම ලැබීමට හෝ, ලැබූ කුශල ධර්ම දියුණු කිරීමට හෝ සුදුසු නොවේ.
“මහණෙනි, කරුණු තුනකින් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටත් ලැබූ ධනය දියුණු කිරීමටත් සුදුසු වෙයි. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙමේ උදය කාලයෙහි මනාකොට කටයුතු කරයිද, දවල් කාලයෙහි මනාකොට කටයුතු කරයිද, සවස් කාලයෙහි මනාකොට කටයුතු කරයිද, මහණෙනි, මේ අඞ්ග තුනෙන් යුත් වෙළඳ තෙමේ නොලැබූ ධනය ලැබීමටද ලැබූ ධනය දියුණු කිරීමටද සුදුසු වෙයි.
“මහණෙනි, එසේම ධර්ම තුනකින් යුත් මහණතෙමේ නොලැබූ කුසල ධර්මයන් ලැබීමටත්, ලැබූ කුසල ධර්මයන් දියුණු කිරීමටත් සුදුසු වෙයි. කවර තුනකින්ද? මහණෙනි, මහණතෙමේ උදය කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, දවල් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, සවස් කාලයෙහි සමාධි නිමිත්ත මනාකොට වඩයිද, මහණෙනි, මේ තුන් ධර්මයෙන් යුත් මහණ තෙමේ නොලැබූ කුශල ධර්මයන් ලැබීමටත්, ලැබූ කුශල ධර්මයන් දියුණු කිරීමටත් සුදුසු වෙයි.”
|
10. දුතියපාපණිකසුත්තං | 10. දුතිය පාපණීක සූත්‍රය |
20
‘‘තීහි
‘‘කථඤ්ච, භික්ඛවෙ, පාපණිකො විධුරො හොති? ඉධ, භික්ඛවෙ, පාපණිකො කුසලො හොති පණියං කෙතුඤ්ච වික්කෙතුඤ්ච. එවං ඛො, භික්ඛවෙ, පාපණිකො විධුරො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, පාපණිකො නිස්සයසම්පන්නො හොති? ඉධ
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු නචිරස්සෙව මහත්තං වෙපුල්ලත්තං පාපුණාති කුසලෙසු ධම්මෙසු. කතමෙහි තීහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුමා ච හොති විධුරො ච නිස්සයසම්පන්නො ච. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු චක්ඛුමා හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු චක්ඛුමා හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු විධුරො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු නිස්සයසම්පන්නො හොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති
|
20
“මහණෙනි, අංග තුනකින් යුක්තවූ වෙළඳතෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් බවටද, විපුල බවටද පැමිණේ. කවර තුනකින්ද? මහණෙනි, වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, නුවණින් යුක්තවිය ඇත්තේ වේද, උදව් උපකාර ඇත්තේ වේද, (යන මේ තුනෙනි.)
“මහණෙනි, කෙසේනම් වෙළඳ තෙම නුවණ ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම වෙළඳ බඩු දන්නේ වෙයි. මේ මිලට ගත් බඩුව, මේ මිලට විකුණු කල මෙතරම් ඇත්තේයයි දන්නේය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම නුවණ ඇත්තේ වේ.
“මහණෙනි, කෙසේ නම් වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි, වෙළඳ තෙම බඩු ගැනීමටද, විකිණීමටද දක්ෂ වෙයි. මෙසේ වනාහි වෙළඳ තෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් උදව් උපකාර ඇත්තේ වේද, මහණෙනි, ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, මහත් වස්තුව ඇත්තාවූ, යම් ගෘහපතියෝ හෝ ගෘහපති පුත්‍රයෝ වෙත්ද, ඔවුහු යම් වෙළඳකු ගැන මේ පින්වත් වෙළඳ තෙමේ නුවණ ඇත්තේය. නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේය, අඹු දරුවන් පෝෂ්‍ය කරන්ටද, අපටද කලින් කල ලාභය දෙන්නටද සමර්ත්ථයයි දැනගන්නාහුය. ඔවුහු ඒ වෙළෙන්දාට, ‘යහළුව මෙයින් අඹු දරුවන්ද පෝෂ්‍ය කරව, අපටද කලින් කල ලාභය දෙව’ යි ධනය දෙන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි වෙළඳ තෙම උදව් උපකාර ඇත්තෙක් වේ. මහණෙනි, මේ කරුණු තුනකින් යුක්තවූ වෙළඳ තෙම නොබෝ කලකින්ම ධනයෙහි මහත් විපුල බවටද පැමිණේ.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ධර්ම තුනකින් යුත් මහණතෙම ධර්මයන්හි මහත් විපුල බවට පැමිණෙන්නේය. කවර ධර්ම තුනකින්ද, මහණෙනි, මේ සස්නෙහි මහණතෙම නුවණ ඇත්තේවේද, නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, උදව් උපකාරයන්ගේ පිහිට ඇත්තේ වේද, යන කරුණු තුනය.
“මහණෙනි, කෙසේනම් මහණතෙම නුවණ ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම මේ දුකයයි තත්වාකාරයෙන් දනීද, මේ දුක් නැතිකිරීමට පැමිණෙන මාර්ගයයයි තත්වූ පරිද්දෙන් දැනගණීද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නුවණ ඇත්තේ වෙයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අකුශල කර්මයන් පහකරණු පිණිස, කුසල ධර්මයන්ගේ දියුණුව පිණිස, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද, කුශල ධර්මයන්හි බලවත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද, බහා නොතබන ලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම නුවණින් යුත් වීර්‍ය්‍යය ඇත්තේ වෙයි.
“මහණෙනි, කෙසේ නම් මහණතෙම පිහිට ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් ඒ භික්ෂූහු බහුශ්‍රුත වෙත්ද, ප්‍රගුණ කළ නිකාය ඇත්තාහුද, සූත්‍ර පිටකය දරන්නාහුද, විනය පිටකය දරන්නාහුද, උභය මාතෘකා දරන්නාහුද, ඒ භික්ෂූන් කරා කලින් කල පැමිණ ‘ස්වාමීණි, මෙය කෙසේද, මේ ධර්මයාගේ අර්ත්ථය කවරේදැ’ යි අසන්නේය. ඔහුට ඒ ආයුෂ්මත්හු නොවැටහුන දේ වටහාවත්. ප්‍රකට නොවූ දේ ප්‍රකට කෙරෙත්. නොයෙක් සැක කටයුතු ධර්මයන්හි සැක දුරුකරත්. මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පිහිට ඇත්තෙක් වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් මහණතෙම නොබෝ කලකින්ම ධර්මයන්හි මහත් බවට, විශාල බවට පැමිණෙයි.”
|