ත්‍රිපිටකය
50. කිඞ්කණිපුප්ඵවග්ගො 50. කිඞ්කනි පුප්ඵිය වග්ග
1. තිකිඞ්කණිපුප්ඵියත්ථෙරඅපදානං 1. තිකිඞ්කණි පුප්ඵිය ථේරාපදානය
2. පංසුකූලපූජකත්ථෙරඅපදානං 2. පංසුකූල පූජක ථේරාපදානය
3. කොරණ්ඩපුප්ඵියත්ථෙරඅපදානං 3. කොරණ්ඩ පුප්ඵිය ථේරාපදානය
4. කිංසුකපුප්ඵියත්ථෙරඅපදානං 4. කිංසුක පුප්ඵිය ථේරාපදානය
5. උපඩ්ඪදුස්සදායකත්ථෙරඅපදානං 5. උපඩ්ඪ දුස්ස දායක ථේරාපදානය
6. ඝතමණ්ඩදායකත්ථෙරඅපදානං 6. ඝත මණ්ඩදායක ථේරාපදානය
7. උදකදායකත්ථෙරඅපදානං 7. උදක දායක ථේරාපදානය
8. පුලිනථූපියත්ථෙරඅපදානං 8. පුලින ථූපිය ථේරාපදානය
9. නළකුටිදායකත්ථෙරඅපදානං 9. නළකුටි දායක ථේරාපදානය
93
‘‘හිමවන්තස්සාවිදූරෙ , හාරිතො නාම පබ්බතො;
සයම්භූ නාරදො නාම, රුක්ඛමූලෙ වසී තදා.
93
“හිමවතට නුදුරෙහි හාරිත නම් පර්‍වතයක් විය. එකල්හි සියල්ල තෙමේම දත් නාරද බුදුරජතෙම රුක් මුලක වැඩ විසූහ.
94
‘‘නළාගාරං කරිත්වාන, තිණෙන ඡාදයිං අහං;
චඞ්කමං සොධයිත්වාන, සයම්භුස්ස අදාසහං.
94
“මම බටවලින් කුටියක් කොට තෘණවලින් සෙවෙනි කෙළෙමි. (එසේම) මම සක්මනක්ද පිරිසිදු කරවා බුදුරජුන්හට දුනිමි.
95
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
95
“මම මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
96
‘‘තත්ථ මෙ සුකතං බ්‍යම්හං, නළකුටිකනිම්මිතං;
සට්ඨියොජනමුබ්බෙධං, තිංසයොජනවිත්ථතං.
96
“බටවලින් කළ කුටිය පිදීම හේතුකොගෙන එහි (දෙව්ලොව) මට මැනවින් කරන ලද නිර්මිතවූ විමානය සැට යොදුනක් උසය. තිස් යොදුනක් පුළුලුය.
97
‘‘චතුද්දසෙසු කප්පෙසු, දෙවලොකෙ රමිං අහං;
එකසත්තතික්ඛත්තුඤ්ච, දෙවරජ්ජමකාරයිං.
97
“මම තුදුස් කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා විසීමි. එක් සැත්තෑවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.
98
‘‘චතුතිංසතික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
98
“මම සූතිස්වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැයි ගිණිය නොහැකිය.
99
‘‘ධම්මපාසාදමාරුය්හ, සබ්බාකාරවරූපමං;
යදිච්ඡකාහං විහරෙ, සක්‍යපුත්තස්ස සාසනෙ.
99
“සියළු ආකාරයෙන් උතුම් උපමා ඇති ධර්‍ම නමැති ප්‍රාසාදයට නැගී ශාක්‍යපුත්‍රවූ බුදුරජුන්ගේ සසුනෙහි මම කැමතිතාක්ම වසමි.
100
‘‘එකතිංසෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, නළකුටියිදං ඵලං.
100
“මින් තිස් එක්වන කපෙහි වු එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බටින් කළ කුටියක් පිදීමෙහි මේ විපාකයයි.
101
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
101
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
102
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
102
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
103
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
103
10. පියාලඵලදායකත්ථෙරඅපදානං 10. පියාල ඵලදායක ථේරාපදානය