41. මෙත්තෙය්යවග්ගො | 41. මෙත්තෙය්‍ය වග්ග |
1. තිස්සමෙත්තෙය්යත්ථෙරඅපදානං | 1. මෙත්තෙය්‍ය ථේරාපදානය |
1
‘‘පබ්භාරකූටං
පවත්තඵලං භුඤ්ජිත්වා, වසති පබ්බතන්තරෙ.
|
1
“ශිලා පර්වත කූටයකවූ, විවේක ස්ථාන නම්වූ පබ්භාරයක් ඇසුරුකොට සොභිත නම් තවුසෙක් ස්වයංපතිත ඵල අනුභවකොට කඳු අතරෙහි වෙසෙයි.
|
2
‘‘අග්ගිං දාරුං ආහරිත්වා, උජ්ජාලෙසිං අහං තදා;
උත්තමත්ථං ගවෙසන්තො, බ්රහ්මලොකූපපත්තියා.
|
2
“මම එකල්හි ගිනිද, දරද ගෙනවුත් උත්තමාර්‍ත්‍ථය සොයමින් බඹලොව ඉපදීම සඳහා (එය) දැල්වීමි.
|
3
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
මමුද්ධරිතුකාමො සො, ආගච්ඡි මම සන්තිකෙ.
|
3
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පදුමුත්තර බුදුරජතෙම මා සසර දුකින් ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට වැඩි සේක. (වැඩ, මෙසේ වදාළ සේක.)
|
4
‘‘කිං කරොසි මහාපුඤ්ඤ, දෙහි මෙ අග්ගිදාරුකං;
අහමග්ගිං පරිචරෙ, තතො මෙ සුද්ධි හොහිති
(හෙහිති (සී.)).
|
4
“මහ පිණැත්තාණනි, කුමක් කෙරෙහිද? ගිනි හා දර මටද දෙව. මමද අග්නි පරිවරණය කරන්නෙමි. එයින් මාගේ ශුද්ධියද වන්නේය” කියායි.
|
5
‘‘සුභද්දකො ත්වං මනුජෙ, දෙවතෙ ත්වං පජානසි;
තුවං අග්ගිං පරිචර, හන්ද තෙ අග්ගිදාරුකං.
|
5
“මිනිසුන් අතුරෙහි ඔබ ඉතා යහපත් කෙනෙක් වෙහිය. දෙවියන් කෙරෙහි වූ තත්ත්වයද ඔබ දන්නෙහිය. ඔබ අග්නි පරිවරණය කළ මැනව. ඒකාන්තයෙන් මේ ගිනි හා දර ඔබටය” යි (තවුසා කීය.)
|
6
‘‘තතො කට්ඨං ගහෙත්වාන, අග්ගිං උජ්ජාලයී ජිනො;
න තත්ථ කට්ඨං පජ්ඣායි, පාටිහෙරං මහෙසිනො.
|
6
“ඉක්බිති බුදුරජතෙම දර ගෙන ගිනි දැල්වූහ. එහි (එම) දර නොදැල්විනි. (එය) බුදුරජුන්ගේ ප්‍රාතිහාර්‍ය්‍යයකි.
|
7
‘‘න තෙ අග්ගි පජ්ජලති, ආහුතී තෙ න විජ්ජති;
නිරත්ථකං වතං තුය්හං, අග්ගිං පරිචරස්සු මෙ.
|
7
“තාගේ ගින්න නොදැල්වේ. තාගේ යාගයක්ද නැත. (මෙය) තාගේ නිරර්ථක ව්රතයකි. මගේ ගිනි පුදව” (යයි බුදුරජතෙම වදාළ සේක.
|
8
‘‘කීදිසො සො
(තෙ (ස්‍යා. ක.)) මහාවීර, අග්ගි තව පවුච්චති;
මය්හම්පි කථයස්සෙතං, උභො පරිචරාමසෙ.
|
8
“මහා වීරයන් වහන්ස, ඔබ (විසින්) ඒ කෙබඳු ගින්නක් කියනු ලැබේද? මෙය මටද කියනු මැනව. (ඉක්බිති) අප දෙදෙනාම ගිනි පුදමු” (යයි තවුසා කීය.)
|
9
‘‘හෙතුධම්මනිරොධාය
ඉස්සාමච්ඡරියං හිත්වා, තයො එතෙ මමාහුතී.
|
9
“(දුඃඛ) ධර්මයන්ගේ නිරෝධය සඳහාවූ හේතුවත්, කෙළෙස් සන්සිඳීම සඳහාවූ හේතුවත්, ඊර්ෂ්‍යා මාත්සර්‍ය්‍යයන් හැර (දැමීම) යන මේ තුණ මාගේ ගින්නය” (යි බුදුරජතෙම වදාළ සේක.)
|
10
‘‘කීදිසො ත්වං මහාවීර, කථං ගොත්තොසි මාරිස;
ආචාරපටිපත්ති තෙ, බාළ්හං ඛො මම රුච්චති.
|
10
“මහා වීරයන් වහන්ස, ඔබ කෙබඳු කෙනෙක් වෙහිද? නිදුකාණෙනි, (ඔබ) කිනම් ගෝත්‍රයක් ඇත්තෙහිද? ඔබගේ ආචාර ප්රතිපත්තීන් දැඩිය. (එය) මට රුචි කෙරේ.” (යයි තවුසා කීය.)
|
11
‘‘ඛත්තියම්හි
සබ්බාසවපරික්ඛීණො, නත්ථි දානි පුනබ්භවො.
|
11
“(මම) ක්ෂත්රිය කුලයෙහි උපන්නේ වෙමි. අභිඥාවන්ගේ පරතෙරටද ගියේ වෙමි. සියළු ආශ්‍රවයන් ක්ෂය කළේ දැන් නැවත ඉපදීමක්ද නැතැ” යි (බුදුරජතෙම වදාළ සේක.)
|
12
‘‘යදි
නමස්සිස්සාමි තං දෙව, දුක්ඛස්සන්තකරො තුවං.
|
12
“සර්වඥයන් වහන්ස, ආලෝකකරයාණන් වහන්ස, (මෝහ නමැති) අඳුර දුරු කරණ උතුමාණන් වහන්ස, ඔබ ඉදින් (එසේ නම්) බුදුරජ වෙහිය. විශුද්ධි දෙවියාණන් වහන්ස, ඒ ඔබ වහන්සේට නමස්කාර කරන්නෙමි. ඔබ දුක් නැතිකරන්නෙහිය” යි (තවුස්තෙම කීය.)
|
13
‘‘පත්ථරිත්වාජිනචම්මං, නිසීදනමදාසහං;
නිසීද නාථ සබ්බඤ්ඤු, උපට්ඨිස්සාමහං තුවං.
|
13
“(එසේ කියා) මම අඳුන් දිවිසම් අතුරා (බුදුරජුන්හට) හිඳීමට දුනිමි. (දී මෙසේද කීමි.) ලෝකනාථයන් වහන්ස, වැඩ හිඳිනු මැනව. සර්වඥයන් වහන්ස, මම ඔබ වෙත එළඹ සිටින්නෙමි” (යයි තවුසා කීය.)
|
14
‘‘නිසීදි භගවා තත්ථ, අජිනම්හි සුවිත්ථතෙ;
නිමන්තයිත්වා සම්බුද්ධං, පබ්බතං අගමාසහං.
|
14
“භාග්‍යවත් තෙමේ මනාව අතුල අඳුන් දිවිසමෙහි වැඩහුන්සේක. මම සම්බුදුරජුන් පවරා පර්වතයට ගියෙමි.
|
15
‘‘ඛාරිභාරඤ්ච පූරෙත්වා, තින්දුකඵලමාහරිං;
මධුනා යොජයිත්වාන, ඵලං බුද්ධස්සදාසහං.
|
15
“කද පුරවා තිඹිරි ගෙඩි ගෙන ආමි. මම (එම) ගෙඩි මී සමග යොදා බුදුරජුන්හට දුනිමි.
|
16
‘‘මම නිජ්ඣායමානස්ස, පරිභුඤ්ජි තදා ජිනො;
තත්ථ චිත්තං පසාදෙසිං, පෙක්ඛන්තො ලොකනායකං.
|
16
“එකල්හි සර්වඥ තෙම ධා්යන කරන්නාවූ (මාගේ) (එම දානය) වැළඳි බුදුරජුන් දෙස බලමින් එහිදී (මාගේ) සිත පැහැදවීමි.
|
17
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
මමස්සමෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
17
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙමේ මාගේ ආශ්‍රමයෙහි හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
|
18
‘‘‘යො මං ඵලෙන තප්පෙසි, පසන්නො සෙහි පාණිභි;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
18
“යමෙක් පැහැදුනේ සියතින් (මේ) ඵලයෙන් (මා) සන්තර්පණය කෙළේද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. එය කියන්නාවූ මාගේ වචනය අසව්.
|
19
‘‘‘පඤ්චවීසතික්ඛත්තුං
සහස්සක්ඛත්තුං රාජා ච, චක්කවත්තී භවිස්සති.
|
19
“හෙතෙම පස්විසිවරක් දිව්‍ය රාජ්‍යය කරවන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය.
|
20
‘‘‘තස්ස සඞ්කප්පමඤ්ඤාය, පුබ්බකම්මසමඞ්ගිනො;
අන්නං පානඤ්ච වත්ථඤ්ච, සයනඤ්ච මහාරහං.
|
20
“පූර්ව කර්මය හා යෙදුනාවූ ඔහුගේ අදහස දැන (ඒ අනුව) මාහැඟි ආහාරද, පානද, වස්ත්‍රද, සෙනසුන්ද,
|
21
‘‘‘පුඤ්ඤකම්මෙන සංයුත්තා, නිබ්බත්තිස්සන්ති තාවදෙ;
සදා පමුදිතො චායං, භවිස්සති අනාමයො.
|
21
“(එම) කුශල කර්ම විපාකය හා යෙදුනාවූ එකෙණෙහි උපදින්නාහුය. හැම කල්හි මෙතෙම නීරෝගීවූයේ, ප්රමුදිතවූයේද වන්නේය.
|
22
‘‘‘උපපජ්ජති යං යොනිං, දෙවත්තං අථ මානුසං;
සබ්බත්ථ සුඛිතො හුත්වා, මනුස්සත්තං ගමිස්සති.
|
22
“දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ, යම් යොනියක උපදින්නේද, ඒ සිය එතන්හි සුව ඇත්තේම මිනිසත් බවට පැමිණෙන්නේය.
|
23
‘‘‘අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ;
සම්බුද්ධං උපගන්ත්වාන, අරහා සො භවිස්සති’.
|
23
“මෙතෙම වේද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වෙදත්‍රයෙහි පරතෙරට ගිය (බමුණෙක්ව) සම්බුදුරජුන් වෙත එළඹ රහත් වන්නේය.” (කියායි.)
|
24
‘‘යතො සරාමි අත්තානං, යතො පත්තොස්මි විඤ්ඤුතං;
භොගෙ මෙ ඌනතා නත්ථි, ඵලදානස්සිදං ඵලං.
|
24
“යම්තැනක පටන්කොට මාගේ අත්බව සිහි කෙරෙම්ද, යම් තැනක පටන්කොට නුවණැති බවට පැමිණියේ වෙම්ද, (ඒ මේ කාලය තුළ) මාගේ භෝග සම්පත්තියෙහි අඩුවක් නැත. ඵල දානයාගේ මේ විපාකයයි.
|
25
‘‘වරධම්මමනුප්පත්තො, රාගදොසෙ සමූහනිං;
සබ්බාසවපරික්ඛීණො, නත්ථි දානි පුනබ්භවො.
|
25
“උතුම්වූ සසුනට පැමිණියේ, රාග ද්වේෂයන් වැනසීමි. සියළු ආශ්‍රවයන් ක්ෂ කළේ වෙමි. දැන් නැවත ඉපදිමක් නැත.
|
26
‘‘කිලෙසා
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
|
26
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
27
‘‘ස්වාගතං වත මෙ ආසි, මම බුද්ධස්ස සන්තිකෙ;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
27
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
28
‘‘පටිසම්භිදා
ඡළභිඤ්ඤා සච්ඡිකතා, කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං
|
28
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මෙතේතෙය්ය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
2. පුණ්ණකත්ථෙරඅපදානං | 2. පුණ්ණක ථේරාපදානය |
29
‘‘පබ්භාරකූටං
ආබාධිකො ච සො
(ආබාධිකො ගරු (සී.)) බුද්ධො, වසති පබ්බතන්තරෙ.
|
29
“සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, ලෝකගුරුවූ පසේ බුදුරජතෙමේ හටගත් ආබාධ ඇත්තේ, ශිලා පර්වත කූටයකවූ, විවේකස්ථාන නම්වූ පබ්භාරයක් ඇසුරුකොට කඳු අතරෙහි වැඩ වෙසෙති.
|
30
‘‘මම අස්සමසාමන්තා, පනාදො ආසි තාවදෙ;
බුද්ධෙ නිබ්බායමානම්හි, ආලොකො උදපජ්ජථ
(ආසි තාවදෙ (ස්‍යා. ක.)).
|
30
“එකෙණෙහි මාගේ අසපුව හාත්පස ආලෝකයක් වීය. බුදුන් පිරිනිවන් පානා කල්හි (මෙම) ආලෝකය පහළවේ.
|
31
‘‘යාවතා වනසණ්ඩස්මිං, අච්ඡකොකතරච්ඡකා;
වාළා ච
(බ්යග්ඝා (සී.)) කෙසරී සබ්බෙ, අභිගජ්ජිංසු තාවදෙ.
|
31
“එකෙණෙහි මුළු වන ලැහැබෙහි වෘක, කළු හිස් වලස්, ව්යාඝ්ර, සිංහ යන සියළු සත්ත්වයෝ (ඔවුන්ගේ වාසස්ථානවලින්) නික්ම ආවාහුය.
|
32
‘‘උප්පාතං තමහං දිස්වා, පබ්භාරං අගමාසහං;
තත්ථද්දස්සාසිං සම්බුද්ධං, නිබ්බුතං අපරාජිතං.
|
32
“මම ඒ අස්වාභාවික සිද්ධිය දැක (බුදුරජුන් වැඩ විසූ) පර්වතයට ගියෙමි. එහිදී පිරිනිවන් පානා ලද අපරාජිතවූ සම්බුදුරජුන් දුටිමි.
|
33
‘‘සුඵුල්ලං සාලරාජංව, සතරංසිංව උග්ගතං;
වීතච්චිකංව අඞ්ගාරං, නිබ්බුතං අපරාජිතං.
|
33
“සුපිපි සල් රුකක් මෙන්ද, උදාවූ හිරු මෙන්ද, පහවූ ගිනි දැල් ඇති අඟුරු ගොඩක් මෙන්ද, පිරීගියාවූ බුදුරජුන් (උදෙසා)
|
34
‘‘තිණං කට්ඨඤ්ච පූරෙත්වා, චිතකං තත්ථකාසහං;
චිතකං සුකතං කත්වා, සරීරං ඣාපයිං අහං.
|
34
“මම එහි තණද, දරද, පුරවා චිතකයක් (සෑයක්) කෙළෙමි. මම චිතකය මැනවින් කොට බුද්ධ ශරීරය දැවීමි.
|
35
‘‘සරීරං ඣාපයිත්වාන, ගන්ධතොයං සමොකිරිං;
අන්තලික්ඛෙ ඨිතො යක්ඛො, නාමමග්ගහි තාවදෙ.
|
35
“සිරුර දවා සුවඳ දිය ඉස්සෙමි. එකෙණෙහි අහසෙහි සිටි යක්ෂයෙක් තෙම (මට) නමක් තැබීය. (කෙසේදයත්)
|
36
‘‘යං
පුණ්ණකො නාම නාමෙන, සදා හොහි තුවං
(යදා හොසි තුවං (ස්‍යා.), සදා හොහිති ත්වං (ක.)) මුනෙ.
|
36
“සියල්ල තෙමේම අවබෝධ කරගත් බුදුරජුන්ගේ යම් (ආදාහන) කෘත්‍යයක් තා විසින් සම්පූර්ණ කරණ ලදද, මුනිවරය, ඔබ හැම කල්හි “පුණ්ණක” නම් වෙහිය.
|
37
‘‘තම්හා කායා චවිත්වාන, දෙවලොකං අගච්ඡහං;
තත්ථ දිබ්බමයො ගන්ධො, අන්තලික්ඛා පවස්සති
(අන්තලික්ඛෙ පවායති (සී.)).
|
37
“(ඉක්බිති) මම ඒ අත්බැවින් ච්‍යුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි අහසෙහි දිව්‍යමය සුවඳ හමයි.
|
38
‘‘තත්රාපි නාමධෙය්යං මෙ, පුණ්ණකොති අහූ තදා;
දෙවභූතො මනුස්සො වා, සඞ්කප්පං පූරයාමහං.
|
38
“එකල්හි එහිදීද මාගේ නම “පුණ්ණක” විය. දෙවිවූයේද, මිනිස් වූයේද, (මාගේ) අදහස් (ඒවු පරිදි) සම්පූර්ණ කරමි.
|
39
‘‘ඉදං පච්ඡිමකං මය්හං, චරිමො වත්තතෙ භවො;
ඉධාපි පුණ්ණකො නාම, නාමධෙය්යං පකාසති.
|
39
“මාගේ මේ (සසරෙහි) අවසානයයි. අන්තිම භවය (දැන් මේ) පවතී. මෙහිදීද පූර්ණක නාමය ප්‍රකාශ වේ.
|
40
‘‘තොසයිත්වාන
සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
|
40
“ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ, ගෞතම බුදුරජුන් සතුටුකොට සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
41
‘‘එකනවුතිතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, තනුකිච්චස්සිදං ඵලං.
|
41
“මින් එක් අනූවන කපෙහි වු එකල්හි යම් කර්මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශරීරදාහන කෘත්‍යයාගේ මේ විපාකයයි.
|
42
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
42
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
43
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
43
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
44
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා පුණ්ණකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
44
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
3. මෙත්තගුත්ථෙරඅපදානං | 3. මෙත්තගු ථේරාපදානය |
45
‘‘හිමවන්තස්සාවිදූරෙ
තත්ථාසි අස්සමො මය්හං, විස්සකම්මෙන
(විසුකම්මෙන (සී. ස්‍යා. ක.)) මාපිතො.
|
45
“හිමවතට නුදුරෙහි අසෝක නම් පර්වතයක් විය. එහි මට විශ්වකර්මයා විසින් මවන ලද ආශ්රමයක් විය.
|
46
‘‘සුමෙධො නාම සම්බුද්ධො, අග්ගො කාරුණිකො මුනි;
නිවාසයිත්වා පුබ්බණ්හෙ, පිණ්ඩාය මෙ
(මං (සී.)) උපාගමි.
|
46
“අග්රකාරුණීකවූ සුමේධ නම් සර්වඥ මුනි තෙමේ පෙරවරුයෙහි හැඳ පොරවා මා වෙත පිඬු පිණිස එළඹි සේක.
|
47
‘‘උපාගතං
පග්ගය්හ සුගතපත්තං
(සුගතං පත්තං (සී.), සුභකං පත්තං (පී.)), සප්පිතෙලං අපූරයිං
(සප්පිතෙලෙන පූරයිං (සී.), සප්පිතෙලස්ස’පූරයිං (?)).
|
47
“(එසේ) එළඹියාවූ, මහාවීරවූ, ලෝකනායකවූ සුමේධ බුදුරජුන් (දැක) පාත්‍රය ගෙන ගිතෙලින් පිරවීමි.
|
48
‘‘දත්වානහං බුද්ධසෙට්ඨෙ, සුමෙධෙ ලොකනායකෙ;
අඤ්ජලිං පග්ගහෙත්වාන, භිය්යො
(භීයො (සී.), භීය්‍යො (පී.)) හාසං ජනෙසහං.
|
48
“මම ලෝකනායකවූ සුමේධ බුද්ධ ශ්‍රේෂ්ඨයන් කෙරෙහි (එය) පිළිගන්වා, ඇඳලි බැඳගෙන වැඩියක්ම සතුට ඉපදවීමි. (මෙසේද පැතීමි.)
|
49
‘‘ඉමිනා සප්පිදානෙන, චෙතනාපණිධීහි ච;
දෙවභූතො මනුස්සො වා, ලභාමි විපුලං සුඛං.
|
49
“මේ ගිතෙල් දන කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, දෙවිවූයේ හෝ, මනුෂ්යවුයේ හෝ මහත්වු සැප ලබමි.
|
50
‘‘විනිපාතං විවජ්ජෙත්වා, සංසරාමි භවාභවෙ;
තත්ථ චිත්තං පණිධිත්වා, ලභාමි අචලං පදං.
|
50
“දුගතිය හැර කුදු මහත් භවයෙහි සැරිසරමි. (නිවණෙහි) සිත පිහිටුවා අමෘතපදයද ලබමියි (කියායි.)
|
51
‘‘ලාභා තුය්හං සුලද්ධං තෙ, යං මං අද්දක්ඛි බ්‍රාහ්මණ;
මම දස්සනමාගම්ම, අරහත්තං භවිස්සති
(අරහා ත්වං භවිස්සසි (සී. පී.), අරහත්තං ගමිස්සසි (ස්‍යා.)).
|
51
“යම් (ඒ සර්වඥත්වයට පත්) මා (මේ) බමුණුතෙම දුටුයේද (බමුණ) එය ඔබට ලාභයකි. ඔබ විසින් එය මැනවින් ලබන ලද්දකි. ඔබ මාගේ දර්ශනය හේතුකොටගෙන රහත් වන්නෙහිය.
|
52
‘‘විස්සත්ථො
(විස්සට්ඨො (ස්‍යා. පී.), විසට්ඨො (ක.)) හොහි මා භායි, අධිගන්ත්වා මහායසං;
මමඤ්හි සප්පිං දත්වාන, පරිමොක්ඛසි ජාතියා.
|
52
“(ඔබ) විශ්වාසය ඇත්තෙක් වන්න. බිය නොවන්න. මට ගිතෙල් (දන්) දී, මහත් යශස් ලබා සසරින්ද මිදෙන්නෙහිය.
|
53
‘‘ඉමිනා
දෙවභූතො මනුස්සො වා, ලභසෙ විපුලං සුඛං.
|
53
“මේ ගිතෙල් දන කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, (ඔබ) දෙවිවූයේද, මිනිස් වූයේද, මහත් සැප ලබන්නෙහිය.
|
54
‘‘ඉමිනා
අට්ඨාරසෙ කප්පසතෙ, දෙවලොකෙ රමිස්සසි.
|
54
“මෙත් සිතින් යුතුව කළ මෙම ගිතෙල් දන කරණකොටගෙන අටලොස් සිය වන හෙවත්, එක් දහස් අටසියවන කපෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නෙහිය.
|
55
‘‘අට්ඨතිංසතික්ඛත්තුඤ්ච, දෙවරාජා භවිස්සසි;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
55
“අටතිස් වරක් දෙව් රජ වන්නේය. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
|
56
‘‘එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සසි;
චාතුරන්තො විජිතාවී, ජම්බුමණ්ඩස්ස
(ජම්බුසණ්ඩස්ස (සී. පී.)) ඉස්සරො.
|
56
“එක් පණස් වරක් සිව් මහ දිවයින් හා සිව් සයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපතිවූ (සතුරුරජුන්) ජය ගන්නා සුළුවූ, ජම්බුද්වීපයට විශේෂයෙන් අධිපතිවූ සක්විති රජ වන්නෙහිය.
|
57
‘‘මහාසමුද්දොවක්ඛොභො, දුද්ධරො පථවී යථා;
එවමෙව ච තෙ භොගා, අප්පමෙය්යා භවිස්සරෙ.
|
57
“යම්සේ මහ සයුර නොකැළඹිය හැකිද, මහ පොළොව නොසෙල්විය හැකිද, ඔබගේ භොග සම්පත්ද එසේම පමණ කළ නොහැක්කාහු වෙති.
|
58
‘‘සට්ඨිකොටී හිරඤ්ඤස්ස, චජිත්වා
(චත්වාන (සී. ක.), දත්වාන (ස්‍යා. පී.)) පබ්බජිං අහං;
කිං කුසලං ගවෙසන්තො, බාවරිං උපසඞ්කමිං.
|
58
“මම සැට කෝටියක වැඩට නොයෙදූ රන් හැර දමා, කුසල් නම් කුමක්දැයි සොයමින් බාවාරි වෙත එළඹියෙමි.
|
59
‘‘තත්ථ
තමන්ධකාරං විධමං, උප්පජ්ජි ත්වං මහාමුනි.
|
59
“එහි මම මන්ත්‍රද, ෂඩඞ්ග ලක්ෂණ ශාස්ත්‍රයද හදාරමි. මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේ ඝනාන්ධකාරය විධ්වංසනය කරමින් ලොව පහළවූ සේක
|
60
‘‘තව දස්සනකාමොහං, ආගතොම්හි මහාමුනි;
තව ධම්මං සුණිත්වාන, පත්තොම්හි අචලං පදං.
|
60
“මහා මුනීන් වහන්ස, ඔබ වහන්සේගේ දර්හනය කැමැත්තෙන් මම පැමිණියේ, ඔබ වහන්සේගේ ධර්මය අසා අමෘත පද නම් නිවනට පැමිණියේ වෙමි.
|
61
‘‘තිංසකප්පසහස්සම්හි, සප්පිං බුද්ධස්සදාසහං;
එත්ථන්තරෙ නාභිජානෙ, සප්පිං විඤ්ඤාපිතං
(විඤ්ඤාපිතා (?)) මයා.
|
61
“මම තිස්දහස් කපකට පෙර බුදුරජුන්හට ගිතෙල් දුනිමි. (එදා සිට මෙදා දක්වාවූ) මේ අතරතුර මා විසින් වචනයෙන් කියා ඉල්වා ගන්නා ලද ගිතෙලක් ගැන නොදනිමි. (සුලභ බැවිනි.)
|
62
‘‘මම සඞ්කප්පමඤ්ඤාය, උප්පජ්ජති යදිච්ඡකං;
චිත්තමඤ්ඤාය නිබ්බත්තං, සබ්බෙ සන්තප්පයාමහං.
|
62
“මාගේ අදහසට අනුව ඉදින් කැමති දැය පහළ වේද, සිත දැනගෙන මෙන් පහළවූ එය (ගෙන) මම (සෙසු) සියල්ලන් සන්තර්පණය කරමි.
|
63
‘‘අහො බුද්ධා අහො ධම්මා
(අහො බුද්ධො අහො ධම්මො (සී.) ථෙරගා. 201 ථෙරගාථාය තදට්ඨකථාය ච සංසන්දෙතබ්බං), අහො නො සත්ථු සම්පදා;
ථොකඤ්හි සප්පිං දත්වාන, අප්පමෙය්යං ලභාමහං.
|
63
“බුදුරජතෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්මය ආශ්චර්‍ය්‍යයකි. ශාස්තෘ සම්පත්තියද ආශ්චර්‍ය්‍යයකි. බුදුරජුන්හට ගිතෙල් ටිකක් දී (එය) අපමණව ලබමි.
|
64
‘‘මහාසමුද්දෙ
මම සප්පිං උපාදාය, කලභාගං න හෙස්සති
(හිස්සති (ස්‍යා. ක.), එස්සති (සී.)).
|
64
“මේරු පර්වත පාර්ශවයෙක්හි ඇති මහ සමුදුරෙහි දිය යම් පමණ වේද, (එම දිය) මාගේ (මේ) ගිතෙල් හා සසඳන කල්හි දෙතිසෙන් කොටසක්වූ (කලා භාගයකට) ද නොපැමිණෙන්නේය.
|
65
‘‘යාවතා චක්කවාළස්ස, කරියන්තස්ස
(කාරයන්තස්ස (ස්‍යා.), කයිරන්තස්ස (පී.), ආහරන්තස්ස (ක.)) රාසිතො;
මම නිබ්බත්තවත්ථානං
(මයා නිවත්ථවත්ථානං (පී.)), ඔකාසො සො න සම්මති.
|
65
“මට පහළවන්නාවු වස්ත්‍ර මුළු සක්වලෙහිම රැස් කරණ කල්හිද එම අවකාශය නොපොහොනේ වේ.
|
66
‘‘පබ්බතරාජා හිමවා, පවරොපි සිලුච්චයො;
මමානුලිත්තගන්ධස්ස, උපනිධිං
(උපනිධං (සී. ස්‍යා. ක.), උපනීයං (පී.)) න හෙස්සති.
|
66
“ඉතා උස්වූ හිමවත් පර්වත රාජයා පවා මා අලෙවි දුන් සුවඳ විලවුන් හා උපමාවකට (පමණ) නොවන්නේය.
|
67
‘‘වත්ථං
අසඞ්ඛතඤ්ච නිබ්බානං, සප්පිදානස්සිදං ඵලං.
|
67
“වස්ත්‍රද, සුවඳද, ගිතෙල්ද මෙම අත්බැව්හිදීම ලබන ලද අසංස්කෘත නිර්වාණයද (ඇත්තේ වෙමි) ගිතෙල් දනෙහි මේ විපාකයයි.
|
68
‘‘සතිපට්ඨානසයනො, සමාධිඣානගොචරො;
බොජ්ඣඞ්ගභොජනො
(... ජනනො (ස්‍යා. ක.)) අජ්ජ, සප්පිදානස්සිදං ඵලං.
|
68
“අද (මම) සතිපට්ඨාන ධර්මයන්ගෙන් යුත් සයනය කිරීම් (ආදි ඉරියව්) ඇත්තේ, සමාධි ධ්‍යාන අරමුණුකොට ඇත්තේ, සප්ත බොධ්‍යඞ්ග ධර්ම ආහාරකොට ඇත්තේ වෙමි. ගිතෙල් දනෙහි මේ විපාකයයි.
|
69
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
69
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
70
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
70
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
71
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
|
71
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
|
4. ධොතකත්ථෙරඅපදානං | 4. ධොතක ථේරාපදානය |
72
‘‘ගඞ්ගා
හංසවතියා ද්වාරෙන, අනුසන්දති තාවදෙ.
|
72
“හිමවතින් හටගන්නාවූ භාගීරථි ගඞ්ගාතොමෝ එකල්හි හංසවතී නගරයෙහි වාරයකින් ගලා බස්නීය.
|
73
‘‘සොභිතො නාම ආරාමො, ගඞ්ගාකූලෙ සුමාපිතො;
තත්ථ පදුමුත්තරො බුද්ධො, වසතෙ ලොකනායකො.
|
73
“ගං ඉවුරෙහි මැනවින් කරණ ලද සොභිත නම් ආරාමයක් විය. එහි ලෝක නායකවූ පදුමුත්තර බුදුරජ තෙම වැඩ වෙසන්නාහ.
|
74
‘‘තිදසෙහි
නිසීදි තත්ථ භගවා, අසම්භීතොව කෙසරී.
|
74
“තව්තිසාවෙහි දෙවියන් සහිත ශක්‍රයා මෙන් මනුෂ්‍යයන් විසින් පිරිවරණ ලද භාග්‍යවත් තෙමේ එහි අභීත කෙශර සිංහරාජයකු මෙන් වැඩහුන් සේක.
|
75
‘‘නගරෙ හංසවතියා, වසාමි
(අහොසිං (ස්‍යා.)) බ්රාහ්මණො අහං;
ඡළඞ්ගො නාම නාමෙන, එවංනාමො මහාමුනි.
|
75
“මම හංසවතී නගරයෙහි බමුණෙක්ව වෙසෙමි. මම නම්න් “ජළඞ්ග” නම් මුනිවරයෙක් වෙමි.
|
76
‘‘අට්ඨාරස සිස්සසතා, පරිවාරෙන්ති මං තදා;
තෙහි සිස්සෙහි සමිතො, ගඞ්ගාතීරං උපාගමිං.
|
76
“එකල්හි අටළොස් සියයක් (එක් දහස් අට සියයක්) ශිෂ්‍යයන් මා පිරිවරනු ලබයි. මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ ගඞ්ගා තීරයට එළඹියෙමි.
|
77
‘‘තත්ථද්දසාසිං සමණෙ, නික්කුහෙ ධොතපාපකෙ;
භාගීරථිං තරන්තෙහං
(තරන්තොහං (ස්‍යා. පී.)), එවං චින්තෙසි තාවදෙ.
|
77
“එහිදී කුහක ප්‍රතිපදා නැති, දොවාහළ පව් ඇති ශ්රමණයන් වහන්සේ දුටිමි. උන්වහන්සේ භාගීරථ ගඟ තරණය කරණ කල්හි මම එකෙණෙහි මෙසේ සිතීමි.
|
78
‘‘සායං පාතං
(සායපාතං (පී.)) තරන්තාමෙ, බුද්ධපුත්තා මහායසා;
විහෙසයන්ති අත්තානං, තෙසං අත්තා විහඤ්ඤති.
|
78
“මහත් කීර්ති ඇති මේ බුද්ධ පුත්‍රයෝ සවස සහ උදයෙහි (මේ ගඟ) තරණය කරන්නාහු, තමන් වෙහෙසවත්. ඔවුන් තෙමේම වෙහෙසේ.
|
79
‘‘සදෙවකස්ස ලොකස්ස, බුද්ධො අග්ගො පවුච්චති;
නත්ථි මෙ දක්ඛිණෙ කාරං, ගතිමග්ගවිසොධනං.
|
79
“දෙවියන් සහිත ලෝකයා අතුරෙන් බුදුරජතෙම අග්‍රයයි කියනු ලැබේ. (සසර) ගමන් මග පිරිසිදු වන්නාවූ දක්ෂිණාර්හයන් කෙරෙහි මාගේ පින්කමකුදු නැත.
|
80
‘‘යංනූන
කාරාපෙත්වා ඉමං කම්මං
(සෙතුං (ස්‍යා.)), සන්තරාමි ඉමං භවං.
|
80
“ගඟෙහි බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ගෙයක් (ඒ දණ්ඩක්) කරන්නේ නම් ඉතා මැනවි. මෙම පින්කම කරවා මෙම භවය තරණය කරමි” යි (කියායි.)
|
81
‘‘සතසහස්සං
සද්දහන්තො කතං කාරං, විපුලං මෙ භවිස්සති.
|
81
“මා විසින් කරණ ලද පින්කම මහත් ඵල වන්නේයයි අදහමින් මම ලක්ෂයක් (වැයකොට) දී ගෙයක් කරවීමි.
|
82
‘‘කාරාපෙත්වාන තං සෙතුං, උපෙසිං ලොකනායකං;
සිරසි අඤ්ජලිං කත්වා, ඉමං වචනමබ්රවිං.
|
82
“මම ගෙය කරවා ලෝකනායක බුදුරජුන් වෙත එළඹියෙමි. සිරසෙහි ඇඳිලි බැඳ මෙම වචනයද කීමි. (කෙසේදයත්?)
|
83
‘‘‘සතසහස්සස්ස වයං
(වයං සතසහස්සංව (ක.)), දත්වා
(කත්වා (සී. පී.)) කාරාපිතො මයා;
තවත්ථාය මහාසෙතු, පටිග්ගණ්හ මහාමුනෙ.
|
83
“මහාමුනීන් වහන්ස, මා විසින් ලක්ෂයක් වැය කොට ඔබ වහන්සේ උදෙසා මහත්වූ ගෙයක් කරවන ලදී. (එය) පිළිගනු මැනව” කියායි.
|
84
‘‘‘පදුමුත්තරො
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
84
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූද පදුමුත්තර බුදුරජ තෙමේ භික්ෂු සඞ්ඝයා මැද හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
|
85
‘‘‘යො මෙ සෙතුං අකාරෙසි, පසන්නො සෙහි පාණිභි;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
85
“යමෙක් පහන්වූයේ, සියතින් මට ගෙයක් කරවූයේද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේම පවසන්නාවූ මාගේ (වචනය) අසව්.
|
86
‘‘‘දරිතො පබ්බතතො වා, රුක්ඛතො පතිතොපියං;
චුතොපි ලච්ඡතී ඨානං, සෙතුදානස්සිදං ඵලං.
|
86
“මෙතෙම කඳුරකින් (පර්වත විවරයකින්) හෝ, පර්වතයකින් හෝ, ගසකින් හෝ වැටුනේ නමුදු (ඉන්) ගිලිහුනු කෙණෙහි (ප්‍රතිෂ්ඨා) ස්ථානයක් ලබන්නේය. සේතු (හේ දඬු) දානයාගේ මේ විපාකයයි.
|
87
‘‘‘විරූළ්හමූලසන්තානං, නිග්රොධමිව මාලුතො;
අමිත්තා නප්පසහන්ති, සෙතුදානස්සිදං ඵලං.
|
87
“වාතය තෙමේ වැඩීගිය මුල් සමූහය ඇති මහ ගසක් (බලයෙන් උදුරා නොදමන්නාක්) මෙන් පසමිතුරෝ මොහු නොමඩිත්.
|
88
‘‘‘නාස්ස චොරා පසහන්ති, නාතිමඤ්ඤන්ති ඛත්තියා;
සබ්බෙ තරිස්සතාමිත්තෙ, සෙතුදානස්සිදං ඵලං.
|
88
“මොහුගේ (දෙය) සොරු බලයෙන් පැහැර නොගනිත්. රජවරු (මොහුට) අවමන් නොකරත්. සියළු පස මිතුරන් ජය ගන්නේය. සේතු දානයාගේ මේ විපාකයයි.
|
89
‘‘‘අබ්භොකාසගතං
පුඤ්ඤකම්මෙන සංයුත්තං, න භවිස්සති වෙදනා
(තාවදෙ (ක.)).
|
89
“එලිමහනෙහි ගියේ නමුදු, දැඩි අව්වෙන් තැවුනේ නමුදු, එම සේතු දානමය පුණ්‍ය කර්මය හා යෙදුනු මොහුට (දුක්) වේදනාවෝ නොවන්නාහුය.
|
90
‘‘‘දෙවලොකෙ මනුස්සෙ වා, හත්ථියානං සුනිම්මිතං;
තස්ස සඞ්කප්පමඤ්ඤාය, නිබ්බත්තිස්සති තාවදෙ.
|
90
“දෙව් ලොවෙහි හෝ, මිනිස් ලොවෙහි හෝ මැනවින් නිර්මිත හස්ති යානයක් එකෙණෙහි ඔහුගේ අදහස් පරිදි පහළ වන්නේය.
|
91
‘‘‘සහස්සස්සා
සායං පාතං උපෙස්සන්ති, සෙතුදානස්සිදං ඵලං.
|
91
“වාත වේගයෙන් දුවන ශීඝ්‍ර වාහනවූ දහසක් සෛන්ධව අශ්වයෝ සවස හා උදෑසන තමා වෙත එළඹෙන්නාහුය.
|
92
‘‘‘ආගන්ත්වාන මනුස්සත්තං, සුඛිතොයං භවිස්සති;
වෙහාසං
(ඉහාපි (සී. ස්‍යා. පී.)) මනුජස්සෙව, හත්ථියානං භවිස්සති.
|
92
“මෙතෙම මිනිසත් බවට පැමිණ සැපවත් කෙනෙක් වන්නේය. මෙහි මිනිස්වූ කල්හිදු (ඔහුට) හස්ති යානයක් වන්නේය.
|
93
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
93
“කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නාහ.
|
94
‘‘‘තස්ස
සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො’.
|
94
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධ පුත්‍රවූ මෙතෙම, සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය” (කියායි.)
|
95
‘‘අහො මෙ සුකතං කම්මං, ජලජුත්තමනාමකෙ;
තත්ථ කාරං කරිත්වාන, පත්තොහං ආසවක්ඛයං.
|
95
“පදුමුත්තර බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද කර්මය ආශ්චර්‍ය්‍යයකි. උන්වහන්සේ කෙරහි බුහුමන්කොට මම ආශ්‍රව ක්ෂය නම්වූ නිවණට පැමිණියේ වෙමි.
|
96
‘‘පධානං පහිතත්තොම්හි, උපසන්තො නිරූපධි;
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
|
96
“(කාය-ජීවිත නිරපෙක්ෂව) වීර්‍ය්‍ය කරණ ලදුයේ වෙමි. සන්හුන්වූයේ, උපධි රහිතවූයේ, ඇතකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
97
‘‘කිලෙසා
|
97
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
98
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
98
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
99
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා ධොතකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
99
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධොතක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
5. උපසීවත්ථෙරඅපදානං | 5. උපසීව ථේරාපදානය |
100
‘‘හිමවන්තස්සාවිදූරෙ
අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
|
100
“හිමවතට නුදුරෙහි අනොම නම් පර්වතයක් විය. මට එහි මැනවින් කරණ ලද අසපුවක් විය. මනාකොට කටයුතු කොට නිමවූ පන්සැලක්ද විය.
|
101
‘‘නදී ච සන්දතී තත්ථ, සුපතිත්ථා මනොරමා;
අනූපතිත්ථෙ ජායන්ති, පදුමුප්පලකා බහූ.
|
101
“එහි මනාවූ කුඩා තොටුපලවල් ඇති මනොඥවූ නදියක් ගලා බසී. එම කුඩා තොටුපලවලට නුදුරෙහි බොහෝ පද්මොත්පලයෝ හටගනිත්.
|
102
‘‘පාඨීනා පාවුසා මච්ඡා, බලජා මුඤ්ජරොහිතා;
මච්ඡකච්ඡපසඤ්ඡන්නා
(මච්ඡකච්ඡපසම්පන්නා (?)), නදිකා සන්දතෙ තදා.
|
102
“පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ) ද, පාවුස නම් මත්ස්‍යයෝ (ලූල්ලු) ද, වලජ නම් මත්ස්‍යයෝ (වලයෝ) ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මොද්දු) ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු) යන මස් කැසුබුවන්ගෙන් ගැවසීගත්තාවූ නදිය හැම කල්හි ගලා බසී.
|
103
‘‘තිමිරා පුප්ඵිතා තත්ථ, අසොකා ඛුද්දමාලකා;
පුන්නාගා ගිරිපුන්නාගා, සම්පවන්ති මමස්සමං.
|
103
“එහි තිමිරය, අසොකය, ඛුද්දවාලක (කුඩා මල් ඇති ගස්) ය, පුන්නාග (දොඹ) ය, ගිරිපුන්නාගය (කඳුවල සෑදෙන දොඹ)ය, යන මේ වෘක්ෂයෝ පිපී ගියාහු, මාගේ අසපුවෙහි සුවඳ පතුරුවත්.
|
104
‘‘කුටජා
සාලා ච සළලා තත්ථ, චම්පකා පුප්ඵිතා බහූ.
|
104
“එහි පිපී ගියාවූ කෙලිඳ වෘක්ෂයෝද, බෝලිද්ද වනයෝද, සාල වෘක්ෂයෝද, පිපී ගියාවූ සලල වෘක්ෂයෝද, චම්පක (සපු) වෘක්ෂයෝද එහි බොහෝ වෙති.
|
105
‘‘අජ්ජුනා අතිමුත්තා ච, මහානාමා ච පුප්ඵිතා;
අසනා මධුගන්ධී ච, පුප්ඵිතා තෙ මමස්සමෙ.
|
105
“පිපීගියාවූ කුඹුක්ද, යොහොඹුද, උක්ගස්ද, (එසේම) පිපීගියාවූ පියාගස්ද, මධුගන්ධි වෘක්ෂයෝද යන මොවුහු මාගේ අසපුවෙහි බොහෝ වෙති.
|
106
‘‘උද්දාලකා පාටලිකා, යූථිකා ච පියඞ්ගුකා;
බිම්බිජාලකසඤ්ඡන්නා, සමන්තා අඩ්ඪයොජනං.
|
106
“මාගේ අසපුව හාත්පස අඩ යොදුනක් තන්හි ඇසළය, පලොල්ය, සීනිද්දය, පුවඟුය, රත්කරව්ය යන මෙකී වෘක්ෂයන්ගෙන් ගැවසීගත්තාහුය.
|
107
‘‘මාතග්ගාරා
අඞ්කොලකා බහූ තත්ථ, තාලකුට්ඨි
(තාලකූටා (සී. ස්‍යා.), තාලකුට්ඨා (පී.)) ච පුප්ඵිතා;
සෙලෙය්යකා බහූ තත්ථ, පුප්ඵිතා මම අස්සමෙ.
|
107
“පිපුණාවූ මෘතඞ්ග නම් වෘක්ෂයෝද, සත් පෙති දෑසමන්ද, පළොල්ද, නිකද, රුකඟුනද, තාලකූට නම් වෘක්ෂයෝද එහි බොහෝ වූහ.
|
108
‘‘එතෙසු
සමන්තා
|
108
“මාගේ ඒ අසපුවෙහි පිපුනාවූ හල්මල්ද බොහෝය. මේවා පිපෙන කල්හි වෘක්ෂයෝ බොහෝ ශෝභන වෙත්. එම සුවඳින් මාගේ අසපුව හාත්පස සුවඳ හමයි.
|
109
‘‘හරීතකා ආමලකා, අම්බජම්බුවිභීතකා
(විභිටකා (සී.));
කොලා භල්ලාතකා බිල්ලා, ඵාරුසකඵලානි ච.
|
109
“අරළුය, නෙල්ලිය, අඹය, ජම්බුය, බුළුය, ඩෙබරය, බදුලුය, බෙලිය, බොරළුදැමුණුය යන මේ වෘක්ෂයන්ගේ ඵලද,
|
110
‘‘තින්දුකා ච පියාලා ච, මධුකා කාසුමාරයො;
ලබුජා පනසා තත්ථ, කදලී බදරීඵලා
(මන්දරිඵලා (ක.), චන්දරීඵලා (ස්‍යා. පී.)).
|
110
“තිඹිරිය, පියල්ය, වැල්මීය, කාසුමාරිය, දෙල්ය, කොස්ය, කෙසෙල්ය, ඩෙබරය යන මොවුන්ගේ ඵලයෝද එහි බොහෝ වෙති.
|
111
‘‘අම්බාටකා බහූ තත්ථ, වල්ලිකාරඵලානි ච;
බීජපූරසපාරියො
(චිරසංරසපාකා ච (ස්‍යා.), විටපා ච සපාකා ච (පී), විදපරපදාදයො (ක.)), ඵලිතා මම අස්සමෙ.
|
111
“ඇඹරැල්ලාය, මල්ලිකාරය යන මොවුන්ගේ ඵලයෝද එහි බොහෝ වෙති. ලප්නාරන්ය, ඝපාරිය යන මේ වෘක්ෂයෝද මාගේ අසපුවෙහි හටගත් ඵල ඇත්තාහු වෙත්.
|
112
‘‘ආළකා ඉසිමුග්ගා ච, තතො මොදඵලා බහූ;
අවටා පක්කභරිතා
(සක්කරාරිතා (ක.)), පිලක්ඛුදුම්බරානි ච.
|
112
“ආලකය, ඉසිමුග්ග (වන මුං)ය, යලි මොදඵලය යන මොවුහු එහි බොහෝ වෙති. පුල්ලිය, දිඹුල්ය යන මේ වෘක්ෂයෝ හාත්පස පැසුණු ගෙඩිවලින් බරවූවාහුය.
|
113
‘‘පිප්ඵිලී මරීචා තත්ථ, නිග්රොධා ච කපිත්ථනා;
උදුම්බරකා බහවො, කණ්ඩුපණ්ණා ච හරියො
(කණ්ඩපක්කා ච පාරියො (සී. ස්‍යා. පී.)).
|
113
“පුලිලය, මිරිස්ය, නුගය, දිවුල්ය, දිඹුල් (අට්ටික්කා) කණ්ටපක්කය, පාරියය යන මෙකී වෘක්ෂයෝ එහි බොහෝ වෙති.
|
114
‘‘එතෙ චඤ්ඤෙ ච බහවො, ඵලිතා අස්සමෙ මම;
පුප්ඵරුක්ඛාපි බහවො, පුප්ඵිතා මම අස්සමෙ.
|
114
“මෙම වෘක්ෂයෝද, මෙයින් පිටත් තවත් බොහෝ වෘක්ෂයෝද, මාගේ අසපුවෙහි ඵල හටගත්තාහු වෙති. මාගේ අසපුවෙහි බොහෝ මල් හටගන්නාවූ වෘක්ෂයෝද පිරී ගියාහු වෙත්.
|
115
‘‘ආලුවා ච කළම්බා ච, බිළාලී තක්කලානි ච;
ආලකා තාලකා චෙව, විජ්ජන්ති අස්සමෙ මම.
|
115
“ආළුවය, කලම්බය, බිලාලීය, තක්කලය, ආලකය, තාලකය යන අල වර්ගයෝද මාගේ අසපුවෙහි විද්‍යමාන වෙත්.
|
116
‘‘අස්සමස්සාවිදූරෙ මෙ, මහාජාතස්සරො අහු;
අච්ඡොදකො සීතජලො, සුපතිත්ථො මනොරමො.
|
116
“මාගේ අසපුවට නුදුරෙහි පැහැදි දිය ඇති, සිසිල් දිය ඇති, මනාවූ (කුඩා) තොටුපලවල් ඇති මනොඥවූ ජාතස්සරයක් හෙවත් ස්වයංජාත (තෙමේම හටගත්) විලක් විය.
|
117
‘‘පදුමුප්පලා බහූ තත්ථ, පුණ්ඩරීකසමායුතා;
මන්දාලකෙහි
|
117
“සුදු නෙළුම් සහිත, රතු නෙළුම් සහිත හා උපුල් එහි බොහෝය. මදාරා ගස්වලික් වැසී ගිය (එම තඩාගය) නොයෙක් සුවඳ වහනය කරයි.
|
118
‘‘ගබ්භං ගණ්හන්ති පදුමා, අඤ්ඤෙ පුප්ඵන්ති කෙසරී;
ඔපුප්ඵපත්තා
|
118
“පද්මයෝ (කැකුළුවීමෙන්) ගැබ්ගනිති. ඇතැම් පද්මයෝ පිපෙත්. (ඇතැම් පියුම්හි) පිපුනාවූ පත්‍රයෝ සිටිත්. පද්ම කර්ණිකාවෝද බොහෝ වෙති.
|
119
‘‘මධු භිසම්හා සවති, ඛීරං සප්පි මුලාළිභි;
සමන්තා තෙන ගන්ධෙන, නානාගන්ධසමෙරිතා.
|
119
“නෙළඹලවලින් මීද, නෙළුඹු දැලිවලින් කිරි හා ගිතෙල්ද වැගිරේ. නොයෙක් සුගන්ධ වහනය වූවාහු හාත්පස එම සුවඳින් යුක්තය.
|
120
‘‘කුමුදා
ජාතස්සරස්සානුකූලං, කෙතකා පුප්ඵිතා බහූ.
|
120
“කුමුදු සුවඳද, අඹමල් සුවඳද පමුණුවන වාතයෝ විද්‍යමාන වෙති. ස්වයංජාත විල ලඟ ඉවුරෙහි ඒ අතට නැමුණු, පිපුණු වැටකෙයියා ගස් බොහෝය.
|
121
‘‘සුඵුල්ලා
කුම්භිලා සුසුමාරා ච, ගහකා තත්ථ ජායරෙ.
|
121
“මැනවින් පිපුණු සුවඳවත් බඳුවදද, සෙතවාරී පුෂ්පයෝද එහි වෙති. කිඹුලෝද (සූ සූ හඬ නඟමින් දිය මතුපිට කටින් දිය බුබුළු නංවන්නාවූ) සුංසුමාරයෝද, ජලජ චණ්ඩ සත්ත්වයෝ එහි හටගනිති.
|
122
‘‘උග්ගාහකා අජගරා, තත්ථ ජාතස්සරෙ බහූ;
පාඨීනා පාවුසා මච්ඡා, බලජා මුඤ්ජරොහිතා.
|
122
“උඩට මතුවී ගොදුරු ඩැහැගන්නෝද, පිඹුරෝද එම ජාතස්සරයෙහි බොහෝ වෙති. (එය) පෘඨිත (පෙටි)යෝද, පාවුස නම්වූ ලේල්ලුද, වලජ නම් වලයෝද, මුඤ්ජ නම්වූ මොද්දුද, රොහිත නම්වූ රෙහෙරුද යන මෙකී මස් කැසුබුවන්ගෙන් ගැවසි ගත්තේය. යලි, හුණුපුපුළන්ගෙන්ද, (එම විල) ගහණය. පරෙවියෝය, රවිහංසයෝය, කුකුත්ථක නම් පක්ෂීහුය, නදීවර නම් පක්ෂීහුය,
|
123
‘‘මච්ඡකච්ඡපසඤ්ඡන්නා, අථො පපටකාහි
(පම්පටකෙහි (සී.), සපටකෙහි (ස්‍යා.), පප්පටකෙහි (පී)) ච;
පාරෙවතා රවිහංසා, කුකුත්ථා
(කුක්කුත්ථා (ස්‍යා. ක.), කුත්ථකා (පී.)) ච නදීචරා.
|
123 |
124
‘‘දින්දිභා
(ටිට්ටිභා (පී.)) චක්කවාකා ච, පම්පකා ජීවජීවකා;
කලන්දකා උක්කුසා ච, සෙනකා උද්ධරා බහූ.
|
124
“දින්දිභ නම් කිරළ පක්ෂීහුය, චක්කවාක නම්වූ සක්වා ලිහිණියෝය, චම්පක නම් පක්ෂීහුය, ජීව-ජීව යන අනුකරණයෙන් හඬන ජීව ජීවක පක්ෂීහුය, ලෙහෙනුන්ය, උක්කුස නම්වූ කබරුස්සෝය, සෙනක නම්වූ උකුස්සෝය, උඩර නම්වූ පක්ෂීහුය යන මොවුහු එහි බොහෝ වෙති.
|
125
‘‘කොට්ඨකා සුකපොතා ච, තුලියා චමරා බහූ;
කාරෙනියො
(කාසෙනියා (ස්‍යා.)) ච තිලකා
(කිලකා (ක.)), උපජීවන්ති තං සරං.
|
125
“කොඨක නම් පක්ෂීහුය, සුව (ගිරා) පෝතකයෝය, කකුළුවෝය, සෙමරුය යන මෙකී සත්වයෝද, එහි බොහෝ වෙති. කාරෙණිය, තිලකය යන මොවුහුද එම විල ඇසුරුකොට ජීවත් වෙත්.
|
126
‘‘සීහා බ්යග්ඝා ච දීපී ච, අච්ඡකොකතරච්ඡකා;
වානරා කින්නරා චෙව, දිස්සන්ති මම අස්සමෙ.
|
126
“සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, දිවියෝද, වලස්සුද, කොක්නහවෝද, කරබාන වලස්සුද, වඳුරෝද, කිඳුරෝද මාගේ අසපුවෙහි දෘශ්‍යමාන වෙත්.
|
127
‘‘තානි ගන්ධානි ඝායන්තො, භක්ඛයන්තො ඵලානහං;
ගන්ධොදකං පිවන්තො ච, වසාමි මම අස්සමෙ.
|
127
“මම එම සුවඳ ආඝ්‍රාණය කරමින් ඵල වර්ග බුදිමින්, සුවඳ දිය පානය කරමින් මාගේ අසපුවෙහි වෙසෙමි.
|
128
‘‘එණීමිගා වරාහා ච, පසදා ඛුද්දරූපකා;
අග්ගිකා
|
128
“එහි මෘගයෝද, හූරෝද, පසද මෘගයෝද, (ඔවුනට වඩා කුඩා ස්වරූප ඇති) ඛුද්දරූපකයෝද, අග්ගිකජොතික නම් සත්ත්වයෝද මාගේ අසපුවෙහි වෙසෙත්.
|
129
‘‘හංසා කොඤ්චා මයූරා ච, සාලිකාපි ච කොකිලා;
මජ්ජාරිකා
(මඤ්ජරිකා (සී. ස්‍යා. පී.)) බහූ තත්ථ, කොසිකා පොට්ඨසීසකා.
|
129
“හංසයෝද, කොස්වාලිහිණියෝද, මොණරුද, සැළලිහිණියෝද, කොවුලෝද, මඤ්ජරීක නම් සත්ත්වයෝද, බකමුහුණෝද, පොඨසීස නම් පක්ෂීහුද එහි බොහෝ වෙති.
|
130
‘‘පිසාචා දානවා චෙව, කුම්භණ්ඩා රක්ඛසා බහූ;
ගරුළා පන්නගා චෙව, වසන්ති මම අස්සමෙ.
|
130
“පිශාචයෝද, අසුරයෝද, කුම්භාණ්ඩයෝද, රකුසෝද බොහෝ වෙති. (එසේම) ගුරුලෝද, සර්පයෝද, මාගේ අසපුවෙහි වෙසෙති.
|
131
‘‘මහානුභාවා ඉසයො, සන්තචිත්තා සමාහිතා;
කමණ්ඩලුධරා
ජටාභාරභරිතාව
(තෙ ජටාභාරභරිතා (සී. පී.), ජටාභාරභරිතා ච (ස්‍යා.)), වසන්ති මම අස්සමෙ.
|
131
“මහත් ආනුභාව ඇති, සන්හුන් සිත් ඇති, එකඟවූ පැන් කෙණ්ඩි දරන්නාවූ, අඳුන් දිවි සම් උතුරු සළු කොට හඳින්නාවූ ඒ සියළු ඎෂීහු, දළමඬුලු බරින් යුතුවූවාහු මාගේ අසපුවෙහි වෙසෙත්.
|
132
‘‘යුගමත්තඤ්ච
ලාභාලාභෙන සන්තුට්ඨා, වසන්ති මම අස්සමෙ.
|
132
“වියදඬු පමණ දුර බලන්නාවූ, ප්‍රාඥවූ, ශාන්ත පැවතුම් ඇති, ලාභ අලාභ දෙකින්ම සමසේ සතුටුවන්නාවූ (ඎෂීහු) මාගේ අසපුවෙහි වෙසෙත්.
|
133
‘‘වාකචීරං ධුනන්තා තෙ, ඵොටෙන්තාජිනචම්මකං;
සබලෙහි උපත්ථද්ධා, ගච්ඡන්ති අම්බරෙ තදා.
|
133
“වැහැරි සිවුරු කම්පා කරවමින්, අඳුන් දිවි සම් පොළොහරිමින්, ධ්‍යාන බලයන්ගෙන් ස්ථිරබවට පත් ඔවුහු හැමකල්හි අහසෙහි යෙත්.
|
134
‘‘න තෙ දකං ආහරන්ති, කට්ඨං වා අග්ගිදාරුකං;
සයඤ්ච උපසම්පන්නා, පාටිහීරස්සිදං ඵලං.
|
134
“ඔවුහු දිය හෝ, කෘෂ්ඨ හෝ, අග්නිදාරුන් හෝ ගෙන නොඑති. එම දිය ආදීහු තෙමේම ඔවුන් ලඟට පැමිණියාහු වෙති. ප්‍රාතිහාර්‍ය්‍යයාගේ මේ විපාකයයි.
|
135
‘‘ලොහදොණිං
කුඤ්ජරාව මහානාගා, අසම්භීතාව කෙසරී.
|
135
“ඔවුහු ලොහෝ භාජනයක් ගෙන කුඤ්ජර නම්වූ මහා හස්ති රාජයන් මෙන්ද, නිර්භීත කේශර සිංහයන් මෙන්ද වන මැදෙහි වෙසෙත්.
|
136
‘‘අඤ්ඤෙ ගච්ඡන්ති ගොයානං, අඤ්ඤෙ පුබ්බවිදෙහකං
(පුබ්බවිදෙහනං (ස්‍යා. පී. ක.));
අඤ්ඤෙ ච උත්තරකුරුං, සකං බලමවස්සිතා
(බලමපස්සිතා (ස්‍යා. පී. ක.)).
|
136
“(මේ ඎෂීන්ගෙන්) ස්වකීය ධ්‍යාන බලයෙන් වසඟවූ ඇතැමෙක් පූර්වවිදෙහයට යෙත්. ඇතැමෙක් උතුරුකුරු දිවයිනට යෙත්. (ගොස්) ඒ ඒ තැනින් පිණ්ඩපාතය ගෙනවුත් (සියළුදෙනම) එකතුව හිඳ වළඳත්.
|
137
‘‘තතො පිණ්ඩං ආහරිත්වා, පරිභුඤ්ජන්ති එකතො;
සබ්බෙසං පක්කමන්තානං, උග්ගතෙජාන තාදිනං.
|
137
“උග්රවූ තෙද ඇති, තාදී ගුණ ඇති, එසේ අහසින් යන්නාවූ සියළු ඎෂීන්ගේ අඳුන්දිවි සම් හඬින් එකල්හි වනය (එක පැහැර) හඬ නැඟුනාක් මෙන් වෙයි.
|
138
‘‘අජිනචම්මසද්දෙන
එදිසා තෙ මහාවීර, සිස්සා උග්ගතපා මම.
|
138
“මහා වීරයන් වහන්ස, උග්‍ර තපස් ඇති මෙබඳු ශිෂ්‍යයෝ මාගේ (අසපුවෙහි වෙසෙත්.) ඔවුන් විසින් පිරිවරන ලද මම මාගේ අසපුවෙහි වෙසෙමි.
|
139
‘‘පරිවුතො අහං තෙහි, වසාමි මම අස්සමෙ;
තොසිතා සකකම්මෙන, විනීතාපි සමාගතා.
|
139
“ස්වකීය (ධ්‍යානාදී) කටයුතුවල යෙදෙනු කැමති ස්වීය (ධ්‍යානාදී) කර්ම කරණකොටගෙනම (අනුන්ට තුටු කරවන ලද) සිල්වත්වූ, ප්‍රාඥවූ, (මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා යන) අප්රමාන්ය ධර්මයන් විෂයයෙහි දක්ෂවූ රැස්වූ මෙම ශිෂ්‍යයෝ මා සතුටු කළාහුය.
|
140
‘‘ආරාධයිංසු මං එතෙ, සකකම්මාභිලාසිනො;
සීලවන්තො ච නිපකා, අප්පමඤ්ඤාසු කොවිදා.
|
140 |
141
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
සමයං සංවිදිත්වාන, උපගච්ඡි විනායකො.
|
141
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, විනායකවූ පදුමුත්තර බුදුරජතෙම (එය) සුදුසු කාලයයි දැන එතැනට එළඹිසේක.
|
142
‘‘උපගන්ත්වාන සම්බුද්ධො, ආතාපී නිපකො මුනි;
පත්තං පග්ගය්හ සම්බුද්ධො, භික්ඛාය මමුපාගමි.
|
142
“එළඹ, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතුවූ, ප්‍රාඥවූ, මෞන ගුණ ඇති (එම) සර්වඥ තෙමේ පාත්‍රය ගෙන පිඬු පිණිස මා වෙත එළඹි සේක.
|
143
‘‘උපාගතං මහාවීරං, ජලජුත්තමනායකං;
තිණසන්ථරං
(තිණත්ථරං (ස්‍යා.), තිණත්ථතං (ක.)) පඤ්ඤාපෙත්වා, සාලපුප්ඵෙහි ඔකිරිං.
|
143
“එසේ වැඩියාවූ පදුමුත්තර බුදුරජුන්(ට) වැඩහිඳීම සඳහා තණ ඇතිරියක් පණවා (එහි) සල්මල් විසිරවීමි.
|
144
‘‘නිසාදෙත්වාන
ඛිප්පං පබ්බතමාරුය්හ, අගළුං
(අගරුං (සී.)) අග්ගහිං අහං.
|
144
“සම්බුදු රජුන් එම (අසුනෙහි) වඩාහිඳුවා, ප්‍රීතියෙන් පිනාගියේ (එසේ) ප්‍රීතියෙන්ම, සැලෙන සිත් ඇත්තේ, මහා පර්වතයට නැගීමට අගිල් (රැස්කොට) ගතිමි.
|
145
‘‘කුම්භමත්තං ගහෙත්වාන, පනසං දෙවගන්ධිකං;
ඛන්ධෙ ආරොපයිත්වාන, උපගච්ඡිං විනායකං.
|
145
“කළගෙඩියක් පමණවූ දිව්‍යමය සුවඳ ඇති ඉදුනු කොස් ගෙඩියක්ද කරෙහි තබාගෙන බුදුරජුන් වෙත එළඹියෙමි.
|
146
‘‘ඵලං
පසන්නචිත්තො සුමනො, බුද්ධසෙට්ඨං අවන්දිහං.
|
146
“මම බුදුරජුන්ට එම (කොස්) ගෙඩිය පිළිගන්වා අගිල්ද ආලේප කළෙමි. (එසේම)
|
147
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
ඉසිමජ්ඣෙ
|
147
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙම ඎෂීන් මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
|
148
‘‘‘යො මෙ ඵලඤ්ච අගළුං, ආසනඤ්ච අදාසි මෙ;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
148
“යමෙක් මට මේ කොස් ගෙඩිද, අගිල්ද, ආසනයද දුන්නේ නම් හේ (කවරෙක්දැයි) මම තොපට කියමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
|
149
‘‘‘ගාමෙ
ඉමස්ස චිත්තමඤ්ඤාය, නිබ්බත්තිස්සති භොජනං.
|
149
“ගමෙහි හෝ, යලි අරණෙහි හෝ, ශෛල පර්වතයන්හි විවේකයට සුදුසු ස්ථාන නම්වූ පබ්භාරයන්හි (කඳු බෑවුම්වල) හෝ, ගුහාවන්හි හෝ, (වසන) මොහුගේ කැමැත්තට අනුව බොජුන් පහළවන්නේය.
|
150
‘‘‘දෙවලොකෙ මනුස්සෙ වා, උපපන්නො අයං නරො;
භොජනෙහි ච වත්ථෙහි, පරිසං තප්පයිස්සති.
|
150
“මිනිස් තෙම දෙව්ලොව හෝ, මිනිස් ලොව උපන්නේ, භෝජනයන් කරණකොටගෙනද, වස්ත්‍රයන් කරණකොටගෙනද, පිරිස තෘප්තිමත් කරන්නේය.
|
151
‘‘‘උපපජ්ජති යං යොනිං, දෙවත්තං අථ මානුසං;
අක්ඛොභභොගො හුත්වාන, සංසරිස්සතියං නරො.
|
151
“දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යෝනියක උපදී නම්, නොකැළඹුණු භෝග සම්පත් ඇත්තේව මෙම මිනිස් තෙම සසර සැරිසරන්නේය.
|
152
‘‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
සහස්සක්ඛත්තුං රාජා ච, චක්කවත්තී භවිස්සති.
|
152
“(මෙතෙම) කප් තිස් දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය.
|
153
‘‘‘එකසත්තතික්ඛත්තුඤ්ච, දෙවරජ්ජං කරිස්සති;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
153
“එක් සැත්තෑ වරක් දිව්‍ය රාජ්‍යය කරවන්නේය. (කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යයන් (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
|
154
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
154
“මින් කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුළයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළවන්නේය.
|
155
‘‘‘තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො
((උපසීවො නාම නාමෙන, හෙස්සති සත්ථු සාවකො) (ස්‍යා.));
සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරිස්සතිනාසවො’.
|
155
“උන්වහන්සේගේ ධර්මයෙහි දායාදීවූ, ධර්මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස බුද්ධ පුත්‍රවූ (මේ තෙම) සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වසන්නේය” කියායි.
|
156
‘‘සුලද්ධලාභො ලද්ධො මෙ, යොහං අද්දක්ඛිං නායකං;
තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනං.
|
156
“(එසේ කියන ලද්දේ) යමෙක් පිළිබඳව නම් ඒ මම ලෝක නායකයන් වහන්සේ දුටිමි. මා විසින් මැනවින් ලබන ලදී. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණ ලදී.
|
157
‘‘ගාමෙ
මම සඞ්කප්පමඤ්ඤාය, භොජනං හොති මෙ සදා.
|
157
“ගමෙහි හෝ, යලි අරණෙහි හෝ ශෛල පර්වතයන්හි විවේකයට සුදුසු ස්ථාන නම්වූ පබ්හාරයන්හි හෝ, ගුහාවන්හි හෝ, (වසන) මාගේ කැමැත්තට අනුව හැමකල්හි මට බොජුන් පහළවේ.
|
158
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
158
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
159
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
159
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
160
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා උපසීවො
(උපසිවො (ක.)) ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
160
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපසීව තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
6. නන්දකත්ථෙරඅපදානං | 6. නන්දක ථේරාපදානය |
161
‘‘මිගලුද්දො
පසදං මිගමෙසන්තො, සයම්භුං අද්දසං අහං
(ජිනං (සී.)).
|
161
“පෙර මම මහ වෙනෙහි වැද්දෙක් වීමි. පසඳ මෘගයෙකු සොයන්නේ (එහිදී) සියල්ල තෙමේම දත් බුදුරජුන් දිටිමි.
|
162
‘‘අනුරුද්ධො
විවෙකකාමො සො ධීරො, වනමජ්ඣොගහී තදා.
|
162
“පස් මරුන් දිනූ, සියල්ල තෙමේම දත්, ප්‍රාඥවූ අනුරුද්ධ නම් එම සර්වඥ තෙම විවේක සැප කැමැත්තේ වනයට පිවිසියේ වේ.
|
163
‘‘චතුදණ්ඩෙ ගහෙත්වාන, චතුට්ඨානෙ ඨපෙසහං;
මණ්ඩපං සුකතං කත්වා, පද්මපුප්ඵෙහි ඡාදයිං.
|
163
“මම (දඬු සතරක් එක්කොට කෙළවරකින් බැඳ සාදාගත්) චතු දණ්ඩය ගෙන, දඬු සතර තැනක පිහිටන සේ (දිගහැර) තැබීමි. (එසේ තබා) මැනවින් මඩුවක් කොට නෙළුම් මල්වලින් වැසීමි.
|
164
‘‘මණ්ඩපං
ධනුං තත්ථෙව නික්ඛිප්ප, පබ්බජිං අනගාරියං.
|
164
“(එසේ) මඩුව (නෙළුමින්) වසා බුදුරජුන්හට වැන්දෙමි. දුන්න එහෙම තබා අනගාර්‍ය්‍ය නම්වූ ශාසනයෙහි පැවිදිවීමි.
|
165
‘‘නචිරං පබ්බජිතස්ස
(පබ්බජිතස්ස අචිරං (සී.)), බ්යාධි මෙ උදපජ්ජථ;
පුබ්බකම්මං සරිත්වාන, තත්ථ කාලඞ්කතො අහං.
|
165
“පැවිදිවී නොබෝ කලකින් මට රෝගයක් ඇතිවිය. පූර්ව කර්මය ගැන සිහිපත් කොට මම එහි කළුරිය කෙළෙමි.
|
166
‘‘පුබ්බකම්මෙන සංයුත්තො, තුසිතං අගමාසහං;
තත්ථ සොණ්ණමයං බ්යම්හං, නිබ්බත්තති යදිච්ඡකං.
|
166
“(ඒ පසේ බුදුරජුන්හට කුටිය පිදීමේ) පූර්ව කර්මය හා යෙදුනේ, මම තුෂිත දිව්‍ය ලෝකයෙහි උපනිමි. එහි කැමති දෑ ලැබෙන රුවන් මුවා විමනක් පහළවේ.
|
167
‘‘සහස්සයුත්තං හයවාහිං, දිබ්බයානමධිට්ඨිතො;
ආරුහිත්වාන තං යානං, ගච්ඡාමහං යදිච්ඡකං.
|
167
“අධිෂ්ඨාන කරණ ලද්දාවූ මම දහසක් හසුන් යෙදූ ඒ දිව්‍යමය යානයට නැගී කැමති තැනකට යෙමි.
|
168
‘‘තතො
සමන්තා යොජනසතං, මණ්ඩපො මෙ ධරීයති.
|
168
“එම යානයෙන් ගෙන යනු ලබන්නාවූ දෙවිවූ මාගේ හාත්පස යොදුන් සියයක් තන්හි මට මණ්ඩපයක් දරයි.
|
169
‘‘සයනෙහං තුවට්ටාමි, අච්ඡන්නෙ
(අච්චන්තං (සී.), අච්චන්ත (පී.)) පුප්ඵසන්ථතෙ;
අන්තලික්ඛා ච පදුමා, වස්සන්තෙ නිච්චකාලිකං.
|
169
“මම අතිශයින් මල් අතුරණ ලද යහනෙහි නිදමි. නිරතුරුවම අහසිනුදු නෙළුම් මල් වැසි වසී.
|
170
‘‘මරීචිකෙ ඵන්දමානෙ, තප්පමානෙ ච ආතපෙ;
න මං තාපෙති ආතාපො, මණ්ඩපස්ස ඉදං ඵලං.
|
170
“මිරිඟු දිය සැලෙන, අව් පහරන කල්හිදු (එම) අව්ව මා නොතවයි. මණ්ඩප දානයාගේ මේ විපාකයයි.
|
171
‘‘දුග්ගතිං සමතික්කන්තො, අපායා පිහිතා මම;
මණ්ඩපෙ රුක්ඛමූලෙ වා, සන්තාපො මෙ න විජ්ජති.
|
171
“දුගතිය ඉක්මවූයේ වෙමි. මට අපායයෝ වසන ලද්දාහු වෙති. මණ්ඩපයෙහි හෝ, වෘක්ෂ මූලයෙහි හෝ හුන්නාවූ මට සන්තාපයක් නොවේ.
|
172
‘‘මහීසඤ්ඤං අධිට්ඨාය, ලොණතොයං තරාමහං;
තස්ස මෙ සුකතං කම්මං, බුද්ධපූජායිදං ඵලං.
|
172
“පෘථිවි සංඥාවෙන් ඉටා (පොළොව සේ වීමට අදිටන් කොට) මම සයුර තරණය කරමි. ඒ මා විසින් මැනවින් කරණ ලද කර්ම ඵලයයි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
173
‘‘අපථම්පි
(අබ්භම්හි (ස්‍යා. ක.)) පථං කත්වා, ගච්ඡාමි අනිලඤ්ජසෙ;
අහො මෙ සුකතං කම්මං, බුද්ධපූජායිදං ඵලං.
|
173
“නොමගද මගකොට අහසෙහි යෙමි. මා විසින් මනාකොට කරණ ලද කර්මය ආශ්චර්‍ය්‍යයයි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
174
‘‘පුබ්බෙනිවාසං
ආසවා මෙ පරික්ඛීණා, බුද්ධපූජායිදං ඵලං.
|
174
“පෙර විසූ කඳ පිළිවෙල දනිමි. දිවැස පිරිසිදු කරණ ලදී. මාගේ ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහ. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
175
‘‘ජහිතා පුරිමා ජාති, බුද්ධස්ස ඔරසො අහං;
දායාදොම්හි ච සද්ධම්මෙ, බුද්ධපූජායිදං ඵලං.
|
175
“පෙර ජාතීහු අතහැර දමන ලදහ. බුදුරජුන්ගේ ඖරස පුත්‍රයෙක් වීමි. සද්ධර්මයෙහි දායාදී (උරුමය ඇත්තෙක්) වෙමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
176
‘‘ආරාධිතොම්හි
ධම්මධජො ධම්මදායාදො
(ධම්මාදාසො (ක.)), බුද්ධපූජායිදං ඵලං.
|
176
“ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජුන් ආරාධනය (සතුටු) කෙළෙමි. ධර්මයට ධජයක් වූයේ, ධර්මයට දායාදීද වෙමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
|
177
‘‘උපට්ඨිත්වාන සම්බුද්ධං, ගොතමං සක්යපුඞ්ගවං;
පාරඞ්ගමනියං මග්ගං, අපුච්ඡිං ලොකනායකං.
|
177
“ශාක්‍ය කුල තිලකවූ ගෞතම බුදුරජුන් වෙත එළඹ සිට (එම) බුදුරජුන්ගෙන් නිවන් මග විචාළෙමි.
|
178
‘‘අජ්ඣිට්ඨො කථයී බුද්ධො, ගම්භීරං නිපුණං පදං;
තස්සාහං ධම්මං සුත්වාන, පත්තොම්හි ආසවක්ඛයං.
|
178
“(මා විසින්) ආරාධනය කරණ ලද බුදුරජතෙම ගැඹුරුවූ, සියුම්වූ ඒ නිර්වාන පදය වදාළ සේක. මම උන්වහන්සේගේ (ඒ) ධර්මය අසා ආශ්රවක්ෂය නම්වූ නිවනට පැමිණියෙමි.
|
179
‘‘අහො මෙ සුකතං කම්මං, පරිමුත්තොම්හි ජාතියා;
සබ්බාසවපරික්ඛීණො, නත්ථි දානි පුනබ්භවො.
|
179
“මා විසින් මැනවින් කරණ ලද කර්මය ආශ්චර්‍ය්‍යයකි. (නැවත සසරෙහි) ඉපදීමෙන් මිදුනේ වෙමි. ක්ෂය කළ සියළු ආශ්‍රවයන් ඇත්තේ වෙමි. දැන් නැවත ඉපදීමක් නැත.
|
180
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
180
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
181
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
181
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
182
‘‘පටිසම්භිදා
ඉත්ථං සුදං ආයස්මා නන්දකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
182
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නන්දක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
7. හෙමකත්ථෙරඅපදානං | 7. හේමක ථේරාපදානය |
183
‘‘පබ්භාරකූටං
අස්සමං සුකතං කත්වා, පණ්ණසාලෙ වසී තදා.
|
183
“එකල්හි අනෝම නම් තවුසෙක් තෙම ශෛල පර්වතයෙක්හි විවේකයට සුදුසු ස්ථානයක්වූ පබ්භාරයක් ඇසුරුකොට මනා අසපුවක් කොට එම පන්සැලෙහි විසීය.
|
184
‘‘සිද්ධං තස්ස තපො කම්මං, සිද්ධිපත්තො සකෙ බලෙ;
සකසාමඤ්ඤවික්කන්තො, ආතාපී නිපකො මුනි.
|
184
“ඔහුගේ තපොකර්මය සිද්ධිප්රාප්තය. (එසේම හෙතෙම) ස්වකීය ධ්‍යාන බලයෙහිද සිද්ධිප්රාප්තය. ස්වීය ශ්‍රාමාණ්‍ය ගුණයෙන් මැඩපවත්වන ලද කෙළෙස් ඇත්තෙක. කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙක. ප්‍රාඥයෙක. ඎෂිවරයෙක.
|
185
‘‘විසාරදො සසමයෙ, පරවාදෙ ච කොවිදො;
පට්ඨො භූමන්තලික්ඛම්හි, උප්පාතම්හි ච කොවිදො.
|
185
“විශාරදයෙක. ස්වසමය පරසමයන්හි දක්ෂයෙක. පොළොවෙහි හා අහසෙහි ප්‍රකට කෙණෙක. උත්පාත ශාස්ත්‍රයෙහි දක්ෂයෙක.
|
186
‘‘වීතසොකො නිරාරම්භො, අප්පාහාරො අලොලුපො;
ලාභාලාභෙන සන්තුට්ඨො, ඣායී ඣානරතො මුනි.
|
186
“එකල්හි පහවූ ශෝක ඇති, නිරාරම්භකවූ, ස්වල්පාහාරයකින් යැපෙන, ලොල් බැව් නැති, ලාභාලාභ දෙක්හි (සමව) සතුටුවන, ධ්‍යාන ඇති, ධ්‍යානයෙහි ඇළුනාවූ, මෞන ගුණ යුතු,
|
187
‘‘පියදස්සී නාම සම්බුද්ධො, අග්ගො කාරුණිකො මුනි;
සත්තෙ තාරෙතුකාමො සො, කරුණාය ඵරී තදා.
|
187
“සර්වඥවූ, අග්‍ර කාරුණීකවූ පියදස්සී නම් ඒ බුදුරජතෙම සත්ත්වයන් (සසර සයුරින්) එතර කරනු කැමැත්තේ මහා කරුණාව පැතිරවීය.
|
188
‘‘බොධනෙය්යං
චක්කවාළසහස්සම්පි, ගන්ත්වා ඔවදතෙ මුනි.
|
188
“පියදස්සී බුදුරජතෙමේ ධර්මාවබෝධයෙහි සමත් කෙනෙකු දැක සක්වලවල් දහසකට වුවද ගොස් (විනෙය්ය ජනයනට) අවවාද කරයි.
|
189
‘‘මමුද්ධරිතුකාමො
න දිට්ඨො මෙ ජිනො පුබ්බෙ, න සුතොපි ච කස්සචි.
|
189
“ඒ බුදුරජතෙම මා සසර සයුරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට වැඩිසේක. මා විසින් ඊට පෙර බුදුරජතෙම නොදක්නා ලදී. කිසිවෙකුගෙන් (උන්වහන්සේ ගැන) නොඅසන ලද්දේ වෙමි.
|
190
‘‘උප්පාතා සුපිනා මය්හං, ලක්ඛණා සුප්පකාසිතා;
පට්ඨො භූමන්තලික්ඛම්හි, නක්ඛත්තපදකොවිදො.
|
190
“මම උන්වහන්සේ ගැන උත්පාතය, සුපිනය, ලක්ෂණය යන මේ ශාස්ත්‍රයෝ මැනවින් පවසන ලදහ. මම පොළොවෙහි හා අහසෙහි පතළාවූ කෙනෙක් වෙමි.
|
191
‘‘සොහං බුද්ධස්ස සුත්වාන, තත්ථ චිත්තං පසාදයිං;
තිට්ඨන්තො
(භුඤ්ජන්තො (සී. පී. ක.)) වා නිසින්නො වා, සරාමි නිච්චකාලිකං.
|
191
“නක්ෂත්ර පදයන්හිද දක්ෂ වෙමි. මම ඒ ශාස්ත්‍රයන්ගෙන් බුදුරජුන්ගේ (තොරතුරු) අසා එහි සිත පැහැදවීමි. අනුභව කරමින්ද, හිඳිමින්ද නිතරම (ඒ පිළිබඳව) සිහි කරමි.
|
192
‘‘මයි
බුද්ධං අනුස්සරන්තස්ස, පීති මෙ හොති තාවදෙ.
|
192
“මෙසේ මා සිතන කල්හි බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන්නාවූ මට එකෙනෙහි ප්‍රීතිය ඇතිවිය.
|
193
‘‘කාලඤ්ච
සම්පත්තෙපි න ජානාමි, අයං බුද්ධො මහාමුනි.
|
193
“නැවත සුදුසු කාලය එළඹ බුදුරජතෙම මා සමීපයට වැඩි සේක. (එසේ) පැමිණි කල්හිදු මේ මහාමුනිවූ බුදුරජතෙමේයයි නොදනිමි.
|
194
‘‘අනුකම්පකො කාරුණිකො, පියදස්සී මහාමුනි;
සඤ්ජානාපෙසි අත්තානං, ‘අහං බුද්ධො සදෙවකෙ’.
|
194
“(සත්ත්ව ලෝකයට) අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ පියදස්සී බුදුරජතෙම මම දෙවියන් සහිත ලෝකයෙහි සර්වඥ වෙමැයි තෙමේම දැන්වූහ.
|
195
‘‘සඤ්ජානිත්වාන සම්බුද්ධං, පියදස්සිං මහාමුනිං;
සකං චිත්තං පසාදෙත්වා, ඉදං වචනමබ්රවිං.
|
195
“මහාමුනිවූ පියදස්සී බුදුරජුන්යයි හැඳින සිය සිත පහදවා මෙම වචනය කීමි.
|
196
‘‘‘අඤ්ඤෙ
(සබ්බෙ (ස්‍යා.)) පීඨෙ ච පල්ලඞ්කෙ, ආසන්දීසු නිසීදරෙ;
තුවම්පි සබ්බදස්සාවී, නිසීද රතනාසනෙ’.
|
196
“අන්‍යයෝ පුටුවෙහිද, පළඟෙහිද, දික් සඟලා පුටුවෙහිද හිඳිත්. සියල්ල දක්නාවූ බුදුරජාණන් වහන්ස, (ඔබද) රුවන් හසුනෙහි හිඳිනු මැනව.
|
197
‘‘සබ්බරතනමයං පීඨං, නිම්මිනිත්වාන තාවදෙ;
පියදස්සිස්ස මුනිනො, අදාසිං ඉද්ධිනිම්මිතං.
|
197
“(මෙසේ කියා) එකෙනෙහි සර්වරත්නමය පුටුවක් මවා ඎද්ධියෙක් නිර්මිතවූ එම පුටුව පියදස්සී බුදුරජුන්හට දුනිමි.
|
198
‘‘රතනෙ ච නිසින්නස්ස, පීඨකෙ ඉද්ධිනිම්මිතෙ;
කුම්භමත්තං ජම්බුඵලං, අදාසිං තාවදෙ අහං.
|
198
“ඎද්ධියෙන් නිර්මිත කරණ ලද රුවන් පුටුවෙහි වැඩහුන් (බුදුරජුන්හට) එකෙණෙහි මම කළයක් පමණවූ ජම්බු ඵලයක් දුනිමි.
|
199
‘‘මම හාසං ජනෙත්වාන, පරිභුඤ්ජි මහාමුනි;
තදා චිත්තං පසාදෙත්වා, සත්ථාරං අභිවාදයිං.
|
199
“බුදුරජතෙම මාගේ සතුට උපදවමින් (එය) වැළදූ කල්හි සිත පහදවා ශාස්තෘන් වහන්සේ වැන්දෙමි.
|
200
‘‘පියදස්සී තු භගවා, ලොකජෙට්ඨො නරාසභො;
රතනාසනමාසීනො, ඉමා ගාථා අභාසථ.
|
200
“ලොක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රේෂ්ඨවූ, රුවන් හසුනෙහි වැඩහුන් පියදස්සී භාග්‍යවත් තෙමේ මෙම ගාථාවන් වදාළ සේක.
|
201
‘‘‘යො මෙ රතනමයං පීඨං, අමතඤ්ච ඵලං අදා;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
201
“යමෙක් මට රුවන් මුවා පුටුවක්ද, අමා වැනි (දඹ) ඵලයක්ද, දුන්නේ නම් හේ (කවරෙක්දැයි) කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
|
202
‘‘‘සත්තසත්තති
පඤ්චසත්තතික්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති.
|
202
“(මෙතෙම) සත් සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. සත් සැත්තෑ වරක් සක්විති රජ වන්නේය.
|
203
‘‘‘ද්වත්තිංසක්ඛත්තුං
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
203
“දෙවෙන්ද්රව දෙතිස් වරක් දිව්‍ය රාජ්‍ය කරන්නේය. (කරවනු ලබන්නාවූ) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
|
204
‘‘‘සොණ්ණමයං
ලොහිතඞ්ගමයඤ්චෙව, ලච්ඡති රතනාමයං.
|
204
“රන්මුවාවූද, රිදීමුවාවූද, පියුම රා මිණිමුවාවූද, රුවන්මුවාවූද මැනවින් කළ බොහෝ පර්‍ය්‍යඞ්ක ලබන්නේය.
|
205
‘‘‘චඞ්කමන්තම්පි මනුජං, පුඤ්ඤකම්මසමඞ්ගිනං;
පල්ලඞ්කානි අනෙකානි, පරිවාරෙස්සරෙ තදා.
|
205
“පුණ්‍ය කර්මය සහ යෙදුනාවූ සක්මන් කරන්නාවූ මේ මනුෂ්‍යයා එකල්හි බොහෝ පර්‍ය්‍යඞ්කයෝ පිරිවරත්.
|
206
‘‘‘කූටාගාරා
ඉමස්ස චිත්තමඤ්ඤාය, නිබ්බත්තිස්සන්ති තාවදෙ.
|
206
“කූටාගාරයෝද, ප්‍රාසාදයෝද, මාහැඟි සයනාසනද මොහුගේ සිත දැනගෙන මෙන් එකෙණෙහි පහළ වෙත්.
|
207
‘‘‘සට්ඨි නාගසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
සුවණ්ණකච්ඡා මාතඞ්ගා, හෙමකප්පනවාසසා
(හෙමකප්පනිවාසනා (සී. ස්‍යා.), හෙමකප්පනිවාසසා (ක.)).
|
207
ඇතුන්ගේ පා විදිනා තොමර හා අකුසු (හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගින ලද සියළු අලංකාරයන්ගෙන් සරසන ලද සැට දහසක් ඇත්තුද, හෙම් වැනි වත් ඇඳවූ රන්පොරොදු බැඳි ඇත්තුද මොහු පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
|
208
‘‘‘ආරූළ්හා ගාමණීයෙහි, තොමරඞ්කුසපාණිභි;
ඉමං පරිචරිස්සන්ති, රත්නපීඨස්සිදං ඵලං.
|
208 |
209
‘‘‘සට්ඨි අස්සසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
ආජානීයාව ජාතියා, සින්ධවා සීඝවාහිනො.
|
209
“අවිගත් අත් ඇති, සන්නාහ සන්නද්ධවූ, ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගන ලද, ජන්මයෙන්ම ආජානීයවූ, ශීඝ්‍රවාහී සෛන්ධවවූ සැටදහසක් අශ්වයෝද මොහු නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
|
210
‘‘‘ආරූළ්හා ගාමණීයෙහි, ඉල්ලියාචාපධාරිභි;
තෙපිමං පරිචරිස්සන්ති, රත්නපීඨස්සිදං ඵලං.
|
210 |
211
‘‘‘සට්ඨි රථසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
දීපා අථොපි වෙයග්ඝා, සන්නද්ධා උස්සිතද්ධජා.
|
211
“දුනුගත් අත් ඇති, සන්නාහසන්නද්ධවූ ග්‍රාමණීන් විසින් නහින ලද ඔසවන ලද ධජ ඇති, සන්නද්ධවූ දිවිසමින් වළඳන ලද රථද, ව්යාඝ්ර සමින් වළඳන ලද රථදැයි මෙසේ සැට දහසක් රථයෝ මා නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
|
212
‘‘‘ආරූළ්හා
පරිවාරෙස්සන්තිමං නිච්චං, රත්නපීඨස්සිදං ඵලං.
|
212 |
213
‘‘‘සට්ඨි ධෙනුසහස්සානි, දොහඤ්ඤා පුඞ්ගවූසභෙ;
වච්ඡකෙ ජනයිස්සන්ති, රත්නපීඨස්සිදං ඵලං.
|
213
“දෙවීමට සුදුසුවූ සැට දහසක් ධෙනූහු අතිශ්‍රේෂ්ඨවූ වස්සන් උපදවත්. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
|
214
‘‘‘සොළසිත්ථිසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
විචිත්තවත්ථාභරණා, ආමුක්කමණිකුණ්ඩලා.
|
214
“මැනවින් අලංකාර කරණ ලද සොළොස් දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු, නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. රත්නපීඨ දානයාගේ මේ විපාකයයි.
|
215
‘‘‘අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
පරිවාරෙස්සන්තිමං නිච්චං, රත්නපීඨස්සිදං ඵලං.
|
215 |
216
‘‘‘අට්ඨාරසෙ කප්පසතෙ, ගොතමො නාම චක්ඛුමා;
තමන්ධකාරං විධමිත්වා, බුද්ධො ලොකෙ භවිස්සති.
|
216
“මින් අටලොස් සියවන කපෙහි පසැස් ඇත්තාවූ ගෞතම බුදුරජතෙමේ ඝනාන්ධකාරය නසා ලොව පහළ වන්නාහ.
|
217
‘‘‘තස්ස
තොසයිත්වාන සත්ථාරං, සාසනෙභිරමිස්සති.
|
217
“උන්වහන්සේගේ දර්ශනය නිසා ආකිඤ්චනව හෙවත් ධන රැස්කිරීම් නොමැතිව පැවිදි වන්නේය. ශාස්තෲන් වහන්සේ තුටුකොට සසුනෙහි සිත් අලවා වසන්නේය.
|
218
‘‘‘තස්ස
සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො’.
|
218
උන්වහන්සේගේ ධර්මය අසා කෙළෙස් නසන්නේය. සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය” කියායි.
|
219
‘‘වීරියං
උත්තමත්ථං පත්ථයන්තො, සාසනෙ විහරාමහං.
|
219
“යොගක්ෂෙම නම්වු නිවන දක්වාම මා උසුලාගෙන යන මාගේ ධුරවාහක ගවයා වීර්‍ය්‍යයයි. මම උත්තමාර්ත්‍ථයවූ නිවන පතන්නේ සසුනෙහි වෙසෙමි.
|
220
‘‘ඉදං පච්ඡිමකං මය්හං, චරිමො වත්තතෙ භවො;
සබ්බාසවා පරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
|
220
“මේ මාගේ අවසානයයි. අන්තිම භවය මේ පවතී. දැන් නැවත ඉපදීමක් නැත.
|
221
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
221
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
222
‘‘ස්වාගතං
|
222
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
223
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා හෙමකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති;
|
223
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් හේමක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
8. තොදෙය්යත්ථෙරඅපදානං | 8. තොදෙය්‍ය ථේරාපදානය |
224
‘‘රාජා අජිතඤ්ජයො
(රාජාසි විජයො (සී. අට්ඨ.), රාජා විජිතජයො (ස්‍යා.)) නාම, කෙතුමතීපුරුත්තමෙ;
සූරො වික්කමසම්පන්නො, පුරමජ්ඣාවසී තදා.
|
224
“කෙතුමතී නම් උතුම් නගරයෙහි විජය නම් රජෙක් විය. (හෙතෙම) ශූරය. වික්‍රම සම්පන්නය. එකල්හි හේ (එම කේතුමතී) පුරයෙහි අධිපතිව විසීය.
|
225
‘‘තස්ස රඤ්ඤො පමත්තස්ස, අටවියො සමුට්ඨහුං;
ඔතාරා
(උත්තරා (ස්‍යා.), ඔචරා (පී.)) තුණ්ඩිකා චෙව, රට්ඨං විද්ධංසයුං තදා.
|
225
“ප්‍රමාදවූ එම රජුගේ (දුර්වල අවස්ථාව දැන) වනචාරීහු නැගී සිටියහ. සිදුරු සොයන්නෝද, මුඛරයෝද, එකල්හි රට නැසූහ.
|
226
‘‘පච්චන්තෙ කුපිතෙ ඛිප්පං, සන්නිපාතෙසිරින්දමො;
භටෙ චෙව බලත්ථෙ ච, අරිං නිග්ගාහයි තදා.
|
226
“රජතෙම ප්රත්යන්තය කුපිතවූ කල්හි භටයන්ද, බලසෙනගද එකල්හි වහා රැස්කරවීය. සතුරාට නිග්‍රහද කළේය.
|
227
‘‘හත්ථාරොහා අනීකට්ඨා, සූරා ච චම්මයොධිනො;
ධනුග්ගහා ච උග්ගා ච, සබ්බෙ සන්නිපතුං තදා.
|
227
“හස්ත්යාරෝහකයෝද, ආරක්ෂකයෝද, චර්මයෝදීහුද, උග්රවූ ධනුර්ධරයෝද, යන සියල්ලෝද එකල්හි රැස්වූහ.
|
228
‘‘ආළාරිකා ච කප්පකා, න්හාපකා මාලකාරකා;
සූරා විජිතසඞ්ගාමා, සබ්බෙ සන්නිපතුං තදා.
|
228
“අරක්කැමියෝද, කරනැවෑමියෝද, දියවඩන්නෝද, මල්කරුවෝද, ශූරවූ සංග්රාම ඇති සියල්ලෝ එකල්හි රැස්වූහ.
|
229
‘‘ඛග්ගහත්ථා
ලුද්දා විජිතසඞ්ගාමා, සබ්බෙ සන්නිපතුං තදා.
|
229
“එකල්හි කඩු ගත් අත් ඇති පුරුෂයෝද, දුනු ගත් අත් ඇත්තෝද, සන්නාහ සන්නද්ධයෝද, රෞද්‍රවූ වැද්දෝද යන සංග්රාම දිනූ වීරයෝ සියළු දෙනම රැස්වූහ.
|
230
‘‘තිධාපභින්නා
සුවණ්ණකච්ඡාලඞ්කාරා, සබ්බෙ සන්නිපතුං තදා.
|
230
“බඳින ලද රන් පොරොදුවලින් අලංකාර කරණ ලද්දාවූ ත්රීමද ගලන ඇත්තුද, සැට වයස් ඉක්ම ගිය පිරිහෙන බල ඇති ඇත්තුද යන මේ සියල්ලෝ එකල්හි රැස්වූහ.
|
231
‘‘ඛමා සීතස්ස උණ්හස්ස, උක්කාරුහරණස්ස ච;
යොධාජීවා කතකම්මා, සබ්බෙ සන්නිපතුං තදා.
|
231
“ශීතෝෂ්ණයෙන් ඉවසන, යුද බිමට ආලෝකය දෙන්නාක් වැනිවූ. යුද කිරීමට ආජීවය කොට ඇති, කරණ ලද කටයුතු ඇති සියල්ලෝ එහි රැස්වූහ.
|
232
‘‘සඞ්ඛසද්දං
එතෙහි තෙ හාසයන්තා, සබ්බෙ සන්නිපතුං තදා.
|
232
“සක්හඬද, බෙර හඬද, තවත් (නොයෙක්) කම්පා කරන්නාවූ ශබ්දද යන මොවුන්ගෙන් සියල්ලන් සතුටු කරවමින් ඔවුහු එකල්හි රැස්වූහ.
|
233
‘‘තිසූලකොන්තිමන්තෙහි
(තිසූලකොන්තමන්තෙහි (සී.), කවචෙහි තොමරෙහි (සී.), ධනූහි තොමරෙහි (ස්‍යා.)) ච;
කොට්ටෙන්තානං නිපාතෙන්තා
(කොට්ටයන්තා නිවත්තෙන්තා (ස්‍යා.)), සබ්බෙ සන්නිපතුං තදා.
|
233
“ත්‍රිශූලය, කොන්තය, මන්ත්‍රය යන මොවුන්ගෙන්ද, කවචයන්ගෙන්ද හා තෝමරයන්ගෙන්ද කොටනු ලබන්නන් හෙළමින් සියල්ලෝ එකල්හි රැස්වූහ.
|
234
‘‘කිමෙවාතිනිසාමෙත්වා
(කවචානිවාසෙත්වා (ස්‍යා.)), සරාජා අජිතඤ්ජයො
(අජිනං ජිනො (සී.), අජිතඤ්ජිනො (ස්‍යා.));
සට්ඨි පාණසහස්සානි, සූලෙ උත්තාසයිං තදා.
|
234
“ජයගත නොහැකි යුද්ධයක් දිනූ එම රජතෙම කෙසේ හෝ එය නිමවා එකල්හි සැටදහසක් ප්‍රාණීන් හුළෙහි තැති ගන්වීය. (තැබවිය.)
|
235
‘‘සද්දං මානුසකාකංසු, අහො රාජා අධම්මිකො;
නිරයෙ පච්චමානස්ස, කදා අන්තො භවිස්සති.
|
235
“අහෝ රජතෙම, අධාර්මිකය. නිරයෙහි පැසෙන්නාවූ ඔහුගේ (එම දුකෙහි) අවසානය කවදා වන්නේදැයි මනුෂ්‍යයෝ ශබ්ද කළාහුය.
|
236
‘‘සයනෙහං තුවට්ටෙන්තො, පස්සාමි නිරයෙ තදා;
න සුපාමි දිවාරත්තිං, සූලෙන තජ්ජයන්ති මං.
|
236
“එකල්හි මම සයනයෙහි පෙරළෙමින් නිරයෙහි (මෙන්) සයනය කරමි. දිවා රෑ දෙක්හි නොදනිමි. මා හුලින් (හුල තබන අයුරින්) තැතිගන්වත්.
|
237
‘‘කිං පමාදෙන රජ්ජෙන, වාහනෙන බලෙන ච;
න තෙ පහොන්ති ධාරෙතුං, තාපයන්ති
(තාසයන්ති (සී. ස්‍යා.)) මමං සදා.
|
237
“ප්‍රමාදවූ රාජ්‍යයෙන්ද, වාහනයෙන්ද, බලයෙන්ද කවර ප්‍රයෝජනද? ඒ සියල්ලෝ මා (නිරයෙන් වලක්වා) දරන්නට නොපොහොසත් වෙත්. හැම කල්හි මා තැතිගන්වත්.
|
238
‘‘කිං මෙ පුත්තෙහි දාරෙහි, රජ්ජෙන සකලෙන ච;
යංනූන පබ්බජෙය්යාහං, ගතිමග්ගං විසොධයෙ.
|
238
“පුත්‍රයන්ගෙන් හෝ, අඹුවන්ගෙන් හෝ, සකල රාජ්‍යයෙන් හෝ මට ඇති ප්‍රයෝජන කිම? මම සුගති මාර්ගය පිරිසිදු කිරීම සඳහා පැවිදි වන්නෙම් නම් ඉතා මැනවයි සිතීය.
|
239
‘‘සට්ඨි
සුවණ්ණකච්ඡෙ මාතඞ්ගෙ, හෙමකප්පනවාසසෙ.
|
239
“ඇතුන්ගේ පා විදිනා තොමර හා අකුසු (හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගින ලද, සියළු අලඞ්කාරයන්ගෙන් සරසන ලද, සැට දහසක් ඇත්තුද, හෙමවත් ඇඳ, රන් පොරොදු බැඳි සංග්රාමවචර ඇතුන්ද, එතැන්හිම අපෙක්ෂා රහිතව මම අතහැර දැමීමි. ස්වකීය (මිනිසුන් හුල තැබීමේ) පාප කර්මයෙන් තැති ගත්තේ, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි (පැවිදිවිමට) නික්ම ගියෙමි.
|
240
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, තොමරඞ්කුසපාණිභි;
සඞ්ගාමාවචරෙ ඨානෙ, අනපෙක්ඛො විහායහං;
සකකම්මෙන සන්තත්තො, නික්ඛමිං අනගාරියං.
|
240 |
241
‘‘සට්ඨි
ආජානීයෙව ජාතියා, සින්ධවෙ සීඝවාහනෙ.
|
241
“අහුගත් අත් ඇති, සන්නාහ සන්නද්ධවූ ග්‍රාමණීන් (ගම් ප්‍රධානීන්) විසින් නගින ලද, ජන්මයෙන්ම ආ ආජාණීයවූ, ශීඝ්‍රවාහී සෛන්ධවවූ සැටදහසක් අශ්වයෝ වෙත් නම් ඒ සියල්ලද හැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි (පැවිදිවිමට) නික්ම ගියෙමි.
|
242
‘‘ආරූළ්හෙ ගාමණීයෙහි, චාපහත්ථෙහි වම්මිභි;
පහාරෙත්වාන
(පහායිත්වාන (සී. පී.), ඡඩ්ඩයිත්වාන (ස්‍යා.)) තෙ සබ්බෙ, නික්ඛමිං අනගාරියං.
|
242 |
243
‘‘සට්ඨි
දීපෙ අථොපි වෙයග්ඝෙ, සන්නද්ධෙ උස්සිතද්ධජෙ;
තෙ සබ්බෙ පරිහාරෙත්වා
(පරිවජ්ජෙත්වා (ස්‍යා.), පරිහායිත්වා (පී.)), පබ්බජිං අනගාරියං.
|
243
“ඔසවන ලද ධජ ඇති, සන්නද්ධවූ දිවිසමින් වළඳන ලද රථද, ව්යාඝ්ර සමින් වළඳන ලද රථ දැයි මෙසේ සැට දහසක් රථයෝ වූවාහුද, ඒ සියල්ල හැරදමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
244
‘‘සට්ඨි
තායොපි
(ගාවියො (ස්‍යා.), ධෙනුයො (ක.)) ඡඩ්ඩයිත්වාන, පබ්බජිං අනගාරියං.
|
244
“කිරි වැගිරෙන බැවින් නිතරම (බුරුළුවල) ලොහෝ බඳුන් දරන සියළු සැට දහසක් දෙන්නු වෙත්ද, එම දෙන්නු හැර දමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි
|
245
‘‘සට්ඨි ඉත්ථිසහස්සානි, සබ්බාලඞ්කාරභූසිතා;
විචිත්තවත්ථාභරණා, ආමුක්කමණිකුණ්ඩලා.
|
245
“මැනවින් අලංකාර කරණ ලද සැට දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණි කොඬොල් ඇත්තාහු, දිග ඇසි පිහාටු ඇත්තාහු, සිනා සහිත වූවාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු, (වෙත්ද?) ඒ සියළු ස්ත්‍රීන් හඬවමින් අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
246
‘‘අළාරපම්හා හසුලා, සුසඤ්ඤා තනුමජ්ඣිමා;
තා හිත්වා කන්දමානායො, පබ්බජිං අනගාරියං.
|
246 |
247
‘‘සට්ඨි ගාමසහස්සානි, පරිපුණ්ණානි සබ්බසො;
ඡඩ්ඩයිත්වාන තං රජ්ජං, පබ්බජිං අනගාරියං.
|
247
“සියල්ලෙන් සම්පූර්ණවූ සැටදහසක් ගම්ද, එම රාජ්‍යයද හැරදමා අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
|
248
‘‘නගරා
භාගීරථීනදීතීරෙ, අස්සමං මාපයිං අහං.
|
248
“මම නගරයෙන් නික්ම හිමවතට එළඹියෙමි. භාගීරථී ඉවුරෙහි අසපුවක් කෙළෙමි.
|
249
‘‘පණ්ණසාලං කරිත්වාන, අග්යාගාරං අකාසහං;
ආරද්ධවීරියො පහිතත්තො, වසාමි අස්සමෙ අහං.
|
249
“මම පන්සැලක්ද කොට, ගිනිහල් ගෙයක්ද කෙළෙමි. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ (කාය ජීවිත නිරපෙක්ෂව) අතහැර දැමූ ආත්ම ඇත්තේ මම (එම) අසපුවෙහි වෙසෙමි.
|
250
‘‘මණ්ඩපෙ රුක්ඛමූලෙ වා, සුඤ්ඤාගාරෙ ච ඣායතො;
න තු විජ්ජති තාසො මෙ, න පස්සෙ භයභෙරවං.
|
250
“මඩුවෙක්හි හෝ රුක්මුලක හෝ, හිස් ගෙයක හෝ ධ්‍යාන කරන්නාවූ මට තැති ගැනීමක් නැත. භය ජනක අරමුනක් නොදකිමි.
|
251
‘‘සුමෙධො නාම සම්බුද්ධො, අග්ගො කාරුණිකො මුනි;
ඤාණාලොකෙන ජොතන්තො, ලොකෙ උප්පජ්ජි තාවදෙ.
|
251
“අග්‍ර කාරුණීකවූ, මොනෙය්‍ය ගුණ යුත්, සුමේධ නම් සර්වඥ තෙමේ ඤාණාලෝකය බබුළුවමින් එකෙනෙහි ලොව පහළවිය.
|
252
‘‘මම අස්සමසාමන්තා, යක්ඛො ආසි මහිද්ධිකො;
බුද්ධසෙට්ඨම්හි උප්පන්නෙ, ආරොචෙසි මමං තදා.
|
252
“මගේ අසපුව හාත්පස මහා ඎද්ධි ඇති යක්ෂයෙක් විය. (හෙතෙම) බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ලොව පහළවූ එකල්හි මට (එය) දැන්වීය. (කෙසේද යත්?)
|
253
‘‘බුද්ධො
තාරෙති ජනතං සබ්බං, තම්පි සො තාරයිස්සති.
|
253
“සුමේධ නම්වූ, පසැස් ඇති බුදුරජතෙම ලොව පහළවිය. හෙතෙම සියළු ජන සමූහයා සසර සයුරින් එතර කරති. ඔබද එතර කරන්නාහ” (කියායි.)
|
254
‘‘යක්ඛස්ස වචනං සුත්වා, සංවිග්ගො ආසි තාවදෙ;
බුද්ධො බුද්ධොති චින්තෙන්තො, අස්සමං පටිසාමයිං.
|
254
“යක්ෂයාගේ වචනය අසා එකෙනෙහි (ප්‍රීතියෙන්) සැළුනේ වෙමි. “බුදුරජය, බුදුරජය” යි සිතමින් අසපුව පිළියෙළ කෙළෙමි.
|
255
‘‘අග්ගිදාරුඤ්ච ඡඩ්ඩෙත්වා, සංසාමෙත්වාන සන්ථතං;
අස්සමං අභිවන්දිත්වා, නික්ඛමිං විපිනා අහං.
|
255
“ගින්දර බැහැරකොට, ඇතිරිලි පිළියෙළකොට තබා අසපුවට වැඳ මම මහ වනයෙන් නික්මීමි.
|
256
‘‘තතො චන්දනමාදාය, ගාමා ගාමං පුරා පුරං;
දෙවදෙවං ගවෙසන්තො, උපගච්ඡිං විනායකං.
|
256
“එම වනයෙන් සඳුන් ගෙන, ගමින් ගමටද, නගරයෙන් නගරයටද, විනායකවූ බුදුරජුන් සොයමින් (උන්වහන්සේ වෙත) ගියෙමි.
|
257
‘‘භගවා
චතුසච්චං පකාසෙන්තො, බොධෙති ජනතං බහුං.
|
257
“එසමයෙහි ලෝකනායකවූ සුමේධ භාග්‍යවත් තෙමේ චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ ජන සමුහයාට ධර්මාවබෝධය කරවති.
|
258
‘‘අඤ්ජලිං
සම්බුද්ධං අභිවාදෙත්වා, ඉමා ගාථා අභාසහං.
|
258
“මම ඇඳිලි බැඳ, හිසෙහි සඳුන් තබාගෙන සම්බුදු රජුන් වැඳ, මෙම ගාථාවන් කීමි.
|
259
‘‘‘වස්සිකෙ පුප්ඵමානම්හි, සන්තිකෙ උපවායති;
ත්වං වීර ගුණගන්ධෙන, දිසා සබ්බා පවායසි.
|
259
“දෑසමන් පිපෙන කල්හි සමීපයෙහි (අවට) සුවඳ හමයි. එසේම, වීරයන් වහන්ස, ඔබගේ ගුණ සුවඳින් සියළු දිගුන් හමායයි.
|
260
‘‘‘චම්පකෙ නාගවනිකෙ, අතිමුත්තකකෙතකෙ;
සාලෙසු පුප්ඵමානෙසු, අනුවාතං පවායති.
|
260
“සපු, නා, කෝඹු, වැටකේ, සල් යන මෙකී මල් පිපෙන කල්හි සුලඟට අනුව (සුලං හමන අතට) හමා යයි.
|
261
‘‘‘තව
පූජෙමි තං මහාවීර, ලොකජෙට්ඨ මහායස’.
|
261
“(එසේම) ඔබවහන්සේගේ (ගුණ) සුවඳ අසා හිමවතෙහි සිට (මෙහි) ආමි. ලෝක ජ්යෙෂ්ඨයානන් වහන්ස, මහත් යසස් ඇත්තාණන් වහන්ස, මහා වීරයාණන් වහන්ස, ඔබ වහන්සේ පුදමි.
|
262
‘‘වරචන්දනෙනානුලිම්පිං, සුමෙධං ලොකනායකං;
සකං චිත්තං පසාදෙත්වා, තුණ්හී අට්ඨාසි තාවදෙ.
|
262
“සුමේධ ලෝක නායකයාණන් උතුම් සඳුනෙන් ආලේප කෙළෙමි. එකෙණෙහි සිය සිත පහදවා නිශ්ශබ්දව සිටියේය.
|
263
‘‘සුමෙධො නාම භගවා, ලොකජෙට්ඨො නරාසභො;
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
263
“ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ සුමේධ නම් භාග්‍යවත් තෙමේ භික්ෂු සංඝයා මැද හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
|
264
‘‘‘යො මෙ ගුණෙ පකිත්තෙසි, චන්දනඤ්ච අපූජයි;
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
264
“යමෙක් මාගේ ගුණ කීර්තනය කළේද, සඳුනෙන් පිදීද, හේ කවරෙක්දැයි මම ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ වචනය අසව්.
|
265
‘‘‘ආදෙය්යවාක්යවචනො, බ්රහ්මා උජු පතාපවා;
පඤ්චවීසතිකප්පානි, සප්පභාසො භවිස්සති.
|
265
“(මෙතෙම) සියල්ලන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ, ශ්‍රේෂ්ඨවූයේ, ඎජු, ප්රතාපවත්වූයේ වේ. පස්විසි කපක් මුළුල්ලෙහි ප්‍රභා සහිත කෙනෙක් වන්නේය.
|
266
‘‘‘ඡබ්බීසතිකප්පසතෙ, දෙවලොකෙ රමිස්සති;
සහස්සක්ඛත්තුං රාජා ච, චක්කවත්තී භවිස්සති.
|
266
“කප් සවිසි සියයක් හෙවත් දෙදහස් හසිය කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය.
|
267
‘‘‘තෙත්තිංසක්ඛත්තුං
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
267
“ශක්‍ර දේවේන්ද්රව දෙතිස් වරක් රාජ්‍යය කරන්නේය. (කරවනු ලබන්නාවූ) මහත්වූ ප්‍රදේශ රාජ්‍ය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
|
268
‘‘‘තතො
පුඤ්ඤකම්මෙන සංයුත්තො, බ්රහ්මබන්ධු භවිස්සති.
|
268
“ඉන් චුතවූයේ මේ මිනිස් තෙමේ මිනිසත් බවට යන්නේ නම් (මෙම) පුණ්‍ය කර්මය හා යෙදුනේ, බ්‍රාහ්මණයෙක් වන්නේය. (කෙබඳු බ්‍රාහ්මණයෙක්ද යත්?)
|
269
‘‘‘අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදාන පාරගූ;
තිලක්ඛණෙන සම්පන්නො, බාවරී නාම බ්රාහ්මණො.
|
269
“වෙද හදාරන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, වේදත්‍රයෙහි පරතෙරට ගියාවූ, ලක්‍ෂණත්‍රයකින් යුක්තවූ බාවාරි නම් බමුණෙකි.
|
270
‘‘‘තස්ස සිස්සො භවිත්වාන, හෙස්සති මන්තපාරගූ;
උපගන්ත්වාන සම්බුද්ධං, ගොතමං සක්යපුඞ්ගවං.
|
270
“එම බාවාරී බමුණාගේ ශිෂ්‍යයෙක්ව, මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට ගියේ, ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෞතම බුදුරජුන් වෙත එළඹ,
|
271
‘‘‘පුච්ඡිත්වා
සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරිස්සතිනාසවො’.
|
271
“තියුණු ප්‍රශ්න විචාරා, මාර්ගය වඩා, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය” (කියායි.)
|
272
‘‘තිවිධග්ගි නිබ්බුතා මය්හං, භවා සබ්බෙ සමූහතා;
සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
|
272
“මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
273
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
273
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
274
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
274
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
275
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා තොදෙය්යො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
275
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තොදෙය්‍ය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
9. ජතුකණ්ණිත්ථෙරඅපදානං | 9. ඡතු කණ්ණික ථේරාපදානය |
276
‘‘නගරෙ
සමප්පිතො කාමගුණෙ, පරිචාරෙමහං තදා.
|
276
“මම හංසවතී නගරයෙහි සිටු පුත්‍රයෙක් වීමි. එකල්හි මම (සියළු) කාම ගුණයන්හි යෙදුනේ පිරිවර සහතව වසමි.
|
277
‘‘තතො
තත්ථ නච්චෙහි ගීතෙහි, පරිචාරෙමහං තදා.
|
277
“ගෙවල් ලකුණු දන්නෝ (ප්‍රාසාද තුණක්) ගොඩනැගූහ. (එම) තුන් පහයට නැගී එහි මම නෘත්‍යයන්ගෙන්ද, ගීතයන්ගෙන්ද යුතුව එකල්හි පිරිස් සහිතව වෙසෙමි.
|
278
‘‘තූරියා
නච්චන්තා
(රඤ්ජන්තී (ස්‍යා.), රජ්ජන්තා (ක.)) ඉත්ථියො සබ්බා, හරන්තියෙව මෙ මනො.
|
278
“මට කුළු තාලම් ආදියෙන් යුත් තූර්‍ය්‍යයෝ ගසන ලදහ. සියළු ස්ත්‍රීහු නටන්නාවූ මාගේ සිත පැහැරගනිත්මය.
|
279
‘‘චෙලාපිකා
(චෙලාවකා (ස්‍යා.), වෙලාමිකා (පී.)) ලාමණිකා
(වාමනිකා (ස්‍යා. පී.)), කුඤ්ජවාසී තිමජ්ඣිකා
(කුඤ්ජවා සීහිමජ්ඣිතා (ස්‍යා.), කුජ්ජා වා සීහිමජ්ඣිකා (පී.));
ලඞ්ඝිකා සොකජ්ඣායී ච, පරිවාරෙන්ති මං සදා.
|
279
“පිලිහිස සිසාරන්නියෝද, මිටි අය මෙන් නටන්නියෝද, සිහදෙනෙකු මෙන් මැද පෙදෙස පෙන්වමින් නටන්නියෝද, උඩට මතුවෙමින් නටන්නියෝද, ශෝකීව සිතන්නවුන් මෙන් නටන්නියෝද, හැම කල්හි මා පිරිවරත්.
|
280
‘‘වෙතාළිනො කුම්භථූනී, නටා ච නච්චකා බහූ;
නටකා නාටකා චෙව, පරිවාරෙන්ති මං සදා.
|
280
“වන්දිභට්ටයෝද, කුම්භථූන නම් එක් මුහුණින් යුත් තූර්ය්ය විශේෂය වයන්නෝද, යන මෙකී නළු නිලියෝ බොහෝ වෙති. මෙම නළු නිලියෝ හැම කල්හි මා පිරිවරත්.
|
281
‘‘කප්පකා න්හාපකා සූදා, මාලාකාරා සුපාසකා
(සුමාපකා (සී. ස්‍යා.));
ජල්ලා මල්ලා ච තෙ සබ්බෙ, පරිවාරෙන්ති මං සදා.
|
281
“කරණැවෑමියෝද, දියවඩන්නෝද, අරක්කැමියෝද, මල්කරුවෝද, මැනවින් පසැට කෙළින්නෝද, ජල්ල ක්රීඩකයෝද, මලල ක්රීඩකයෝද, යන මෙකී සියල්ලෝම හැම කල්හිම මා පිරිවරත්.
|
282
‘‘එතෙසු කීළමානෙසු, සික්ඛිතෙ කතුපාසනෙ;
රත්තින්දිවං න ජානාමි, ඉන්දොව තිදසඞ්ගණෙ.
|
282
“(ශිල්පයන්හි) හික්මුනාවූ, පලපුරුදුකම් ඇති මොවුන් ක්‍රීඩා කරණ කල්හි තව්තිසාවෙහි ශක්‍රයා මෙන් රෑ දාවල් නොදනිමි.
|
283
‘‘අද්ධිකා පථිකා සබ්බෙ, යාචකා වරකා බහූ;
උපගච්ඡන්ති තෙ නිච්චං, භික්ඛයන්තා මමං ඝරං.
|
283
“දීර්ඝ මාර්ගයට පිළිපන්නෝද, මගියෝද, යාචකයෝද, (තැනක් නියමයක් නොමැතිව) ඇවිදින්නෝද යන බොහෝවූ මොවුහු නිතර ඉල්වමින් මාගේ ගෙට පැමිණෙත්.
|
284
‘‘සමණා
වඩ්ඪයන්තා මමං පුඤ්ඤං, ආගච්ඡන්ති මමං ඝරං.
|
284
“නිරුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රවූ ශ්‍රමණයෝද, බ්‍රාහ්මණයෝද, මාගේ පිණ වැඩි කරන්නාහු, මාගේ ගෘහයට පැමිණෙත්.
|
285
‘‘පටගා
(පටකා (සී. ස්‍යා.), පදකා (පී.)) ලටුකා
(ලටකා (සී.)) සබ්බෙ, නිගණ්ඨා පුප්ඵසාටකා;
තෙදණ්ඩිකා
|
285
“පටකස, ලටකය, පුප්ඵසාටකය, තෙදණ්ඩිකය, එකසිඛය, යන සියළු නිඝණ්ඨයෝ මාගේ ගෘහයට පැමිණෙත්.
|
286
‘‘ආජීවකා විලුත්තාවී, ගොධම්මා දෙවධම්මිකා;
රජොජල්ලධරා එතෙ, ආගච්ඡන්ති මමං ඝරං.
|
286
“විලුත්තාචිය, ගොධම්මය, දෙවධම්මිකය, රජොජල්ලධරය යන මේ ආජීවකයෝ මාගේ ගෘහයට පැමිණෙත්.
|
287
‘‘පරිත්තකා සන්තිපත්තා
(පරිවත්තකා සිද්ධිපත්තා (සී. ස්‍යා. පී.)), කොධපුග්ගනිකා
(කොණ්ඩපුග්ගණිකා (සී.), කොණ්ඩපුග්ගලිකා (පී.)) බහූ;
තපස්සී වනචාරී ච, ආගච්ඡන්ති මමං ඝරං.
|
287
“පරිවත්තකය, සිද්ධිපත්තය යන තවුසෝද, කොණ්ඩය, පුග්ගණිකාය යන වනචාරීහුද මාගේ ගෘහයට බොහෝ පැමිණෙත්.
|
288
‘‘ඔඩ්ඩකා දමිළා චෙව, සාකුළා මලවාළකා
(මලයාලකා (සී. ස්‍යා. පී.));
සවරා යොනකා චෙව, ආගච්ඡන්ති මමං ඝරං.
|
288
“ඔඩ්ඩකය, දමිළය, සාකුළය, මලයාලකය, යබරය, යොනකය යන මොවුහු මාගේ ගෘහයට පැමිණෙත්.
|
289
‘‘අන්ධකා
ආරාවචීනරට්ඨා ච, ආගච්ඡන්ති මමං ඝරං.
|
289
“අන්ධකයෝද, මුණ්ඩකයෝද, කොලකයෝද, සානුවින්දකයෝද, ආරාවචීන රාෂ්ට්රිකයෝද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
|
290
‘‘අලසන්දකා
(අලසන්තා (ක.)) පල්ලවකා, ධම්මරා නිග්ගමානුසා
(බබ්බරා භග්ගකාරුසා (සී.));
ගෙහිකා
(රොහිතා (සී.), බාහිකා (පී.)) චෙතපුත්තා ච, ආගච්ඡන්ති මමං ඝරං.
|
290
“අලඝන්දකයෝද, පල්ලවකයෝද, බබ්බරයෝද, භග්ගකාරුසයෝද, රෝහිතයෝද, චෙතපුත්තකයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
|
291
‘‘මාධුරකා කොසලකා, කලිඞ්ගා
(කාසිකා (සී.)) හත්ථිපොරිකා;
ඉසිණ්ඩා මක්කලා චෙව, ආගච්ඡන්ති මමං ඝරං.
|
291
“මාධුරකයෝද, කොසලකයෝද, නාසිකයෝද, හස්ථිපොරකයෝද, ඉසිණ්ඩකයෝද, මක්කලයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
|
292
‘‘චෙලාවකා ආරබ්භා
(අරම්මා (සී. පී.)) ච, ඔඝුළ්හා
(ඔක්කලා (සී.)) මෙඝලා බහූ;
ඛුද්දකා සුද්දකා චෙව, ආගච්ඡන්ති මමං ඝරං.
|
292
“චෙලාවකයෝද, අරම්මයෝද, ඔක්කලයෝද, මෙඝලයෝද, ඛුද්දකයෝද, සුද්දකයෝද යන බොහෝ දෙන මාගේ ගෘහයට පැමිණෙත්.
|
293
‘‘රොහණා සින්ධවා චෙව, චිතකා එකකණ්ණිකා;
සුරට්ඨා අපරන්තා ච, ආගච්ඡන්ති මමං ඝරං.
|
293
“රෝහණයෝද, සින්ධවකයෝද, චිතකයෝද, එකකණ්ණිකයෝද, සුරට්ඨයෝද, අපරන්තයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
|
294
‘‘සුප්පාරකා කුමාරා
(කිකුමාරා (සී. පී.)) ච, මල්ලසොවණ්ණභූමිකා
(මලයා සොණ්ණභූමිකා (සී. ස්‍යා. පී.));
වජ්ජීතඞ්ගා
(වජ්ජී තාරා (සී.), වජ්ජීහාරා (ස්‍යා. පී.)) ච තෙ සබ්බෙ, ආගච්ඡන්ති මමං ඝරං.
|
294
“සුප්පාරකයෝද, කිකුමාරයෝද, මලයයෝද, සොණ්ණභූමිකයෝද, විජ්ජිතාරාවෝද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
|
295
‘‘නළකාරා
කම්මාරා කුම්භකාරා ච, ආගච්ඡන්ති මමං ඝරං.
|
295
“(බටවලින් වැඩ කරණ) නළකාරයෝද, (රෙදි වියන) පෙෂකාරයෝද, (සම් වැඩ කරණ) චම්මකාරයෝද, (වඩු වැඩ කරණ) තච්ඡකයෝද, (කඹුරු වැඩ කරන) කම්මාරයෝද, (හැලි වලන් සාදන) කුම්භකාරයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
|
296
‘‘මණිකාරා ලොහකාරා, සොණ්ණකාරා ච දුස්සිකා;
තිපුකාරා ච තෙ සබ්බෙ, ආගච්ඡන්ති මමං ඝරං.
|
296
“(මැණික් වැඩ කරන) මැණික්කාරයෝද, (ලොහෝ වැඩ කරන) ලෝහකාරයෝද, (රන් වැඩ කරන) සොණ්ණකාරයෝද, (රෙදි වැඩ කරන) දුස්සිකයෝද, (ඊයම් වැඩ කරන) තිපුකරයෝද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
|
297
‘‘උසුකාරා භමකාරා, පෙසකාරා ච ගන්ධිකා;
රජකා තුන්නවායා ච, ආගච්ඡන්ති මමං ඝරං.
|
297
“(ඊ වැඩ කරන) උසුකාරයෝද, (ලියන වඩු වැඩ කරන) භමකාරයෝද, (රෙදි වියන) පෙෂකාරයෝද, (සුවඳ සාදන හෝ විකුණන) ගන්ධිකයෝද, (රෙදි සෝදන පොවන) රජකයෝද, (රෙදි මහන) තුණ්ණවායෝද මාගේ ගෘහයට පැමිණෙත්.
|
298
‘‘තෙලිකා
සූපිකා සූපරක්ඛා ච, ආගච්ඡන්ති මමං ඝරං.
|
298
“(තෙල් සාදන හෝ විකුණන) තෙලිකයෝද, (දර අදින) කට්ඨහාරයෝද, (ජලය අදින) උදහාරයෝද, (පණිවුඩ ගෙනයන) පෙස්සිකයෝද, (සූප සාදන) සූපිකයෝද, (සූප රකින) සූපරක්ඛයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
|
299
‘‘දොවාරිකා
හත්ථාරුහා හත්ථිපාලා, ආගච්ඡන්ති මමං ඝරං.
|
299
“(දොරටුපාලකම් කරන) දොවාරිකයෝද, (බල ඇණියෙහිවූ) අණිකට්ඨයෝද, (තුති පැසසුම් කරන) වන්දිකයෝද, (ගැබ් මල හෝ පරමල් බැහැර ලන) පුප්ඵඡඩ්ඩකයෝද, (ඇතුන් පිට නගින) හත්ථාරුහයෝද, (ඇතුන් බලන) හත්ථපාලකයෝද මාගේ ගෘහයට පැමිණෙත්.
|
300
‘‘ආනන්දස්ස
සත්තවණ්ණෙන රතනෙන, ඌනත්ථං
(ඌනත්තං (සී. ස්‍යා. පී.)) පූරයාමහං.
|
300
“ප්‍රමාදීවූ ආනන්ද මහරජුට මම සත්රුවන් දුනිමි. මම (ඔහුගේ පවා) අඩු බැව් (අඩු පාඩු) පිරවීමි.
|
301
‘‘යෙ මයා කිත්තිතා සබ්බෙ, නානාවණ්ණා බහූ ජනා;
තෙසාහං චිත්තමඤ්ඤාය, තප්පයිං රතනෙනහං.
|
301
“මා විසින් මැනවැයි පසසන ලද යමෙක් වෙත් නම් ඒ සියල්ලෝ නා නා ජාතිවලට අයත් බොහෝ දෙන වෙති. මම ඔවුන්ගේ සිත් දැන රුවනින් තෘප්ත කෙළෙමි.
|
302
‘‘වග්ගූසු භාසමානාසු, වජ්ජමානාසු භෙරිසු;
සඞ්ඛෙසු ධමයන්තෙසු, සකගෙහෙ රමාමහං.
|
302
“මිහිරි වදන් කියන කල්හි, බෙර වයන කල්හි, සක් පිඹින කල්හි මම ස්වකීය ගෘහයෙහි සිත් අලවා වෙසෙමි.
|
303
‘‘භගවා තම්හි සමයෙ, පදුමුත්තරනායකො;
වසීසතසහස්සෙහි, පරික්ඛීණාසවෙහි සො.
|
303
“එසමයෙහි භාග්‍යවත්වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ ක්ෂය කළ ආශ්‍රවයන් ඇති, රහත් භික්ෂූන් ලක්ෂයක් සමග වීථියට පිළිපන් සේක. පසැස් ඇති සර්වඥ තෙම සියළු දිගුන් ආලෝකවත් කරමින් ප්‍රදීප වෘක්ෂයක් මෙන් බබලයි.
|
304
‘‘භික්ඛූහි සහිතො වීථිං, පටිපජ්ජිත්ථ චක්ඛුමා;
ඔභාසෙන්තො දිසා සබ්බා, දීපරුක්ඛොව ජොතති.
|
304 |
305
‘‘වජ්ජන්ති
පභා නිද්ධාවතෙ තස්ස, සතරංසීව උග්ගතො.
|
305
“බුදුරජුන් වඩින කල්හි සියළු භෙරීහු වාදනය කෙරෙත්. උදාවූ හිරු මෙන් උන්වහන්සේගේ රැස් විහිදෙයි.
|
306
‘‘කවාටන්තරිකායාපි, පවිට්ඨෙන ච රස්මිනා;
අන්තොඝරෙසු විපුලො, ආලොකො ආසි තාවදෙ.
|
306
“කවුළු අතරින් පිවිසි රැසින් ඇතුළු ගෙහිද එකෙනෙහි මහත්වූ ආලෝකයෙක් විය.
|
307
‘‘පභං දිස්වාන බුද්ධස්ස, පාරිසජ්ජෙ අවොචහං;
නිස්සංසයං බුද්ධසෙට්ඨො, ඉමං වීථිමුපාගතො.
|
307
“මම බුදුරජුන්ගේ රැස් දැක පිරිසට මෙසේ කීමි. (කෙසේද යත්) “නිසැකව බුද්ධ ශ්‍රේෂ්ඨ තෙම මෙම වීථියට එළඹියේය” (කියායි.)
|
308
‘‘ඛිප්පං ඔරුය්හ පාසාදා, අගමිං අන්තරාපණං;
සම්බුද්ධං අභිවාදෙත්වා, ඉදං වචනමබ්රවිං.
|
308
“වහා පහයෙන් බැස ඇතුළු වීථියට ආයෙමි. සම්බුදුරජුන්ට මෙම වචනයද කීමි. (කෙබඳු වචනයක්ද යත්?)
|
309
‘‘‘අනුකම්පතු මෙ බුද්ධො, ජලජුත්තමනායකො;
වසීසතසහස්සෙහි, අධිවාසෙසි සො මුනි’.
|
309
“පදුමුත්තර නම්වූ බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා කරන සේකවා” යනුයි. එම බුදුරජතෙම ලක්ෂයක් රහතුන් සමග එම ආරාධනය පිළිගත්සේක.
|
310
‘‘නිමන්තෙත්වාන සම්බුද්ධං, අභිනෙසිං සකං ඝරං;
තත්ථ අන්නෙන පානෙන, සන්තප්පෙසිං මහාමුනිං.
|
310
“සම්බුදු රජුන් පවරා ස්වකීය ගෘහයට වැඩමවීමි. එහි ආහාරපානයෙන් බුදුරජුන් වැළඳවීමි.
|
311
‘‘භුත්තාවිං කාලමඤ්ඤාය, බුද්ධසෙට්ඨස්ස තාදිනො;
සතඞ්ගිකෙන තූරියෙන, බුද්ධසෙට්ඨං උපට්ඨහිං.
|
311
“වළඳා අවසන්වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ (දැක) සුදුසු කලැයි දැන, තාදී ගුණ ඇති එම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට ශතඞ්ගික තූර්‍ය්‍යයන්ගෙන් උවටැන් කෙළෙමි.
|
312
‘‘පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො;
අන්තොඝරෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
312
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙම ඇතුළු ගෙයි හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
|
313
‘‘‘යො
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
313
“යමෙක් තූර්‍ය්‍යයන්ගෙන් මට උවටැන් කෙළේද, මට ආහාර පානයන් දුන්නේද, (හේ කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නාවූ මාගේ වචනය අසව්.
|
314
‘‘‘පහූතභක්ඛො හුත්වාන, සහිරඤ්ඤො සභොජනො;
චතුදීපෙ එකරජ්ජං, කාරයිස්සතියං නරො.
|
314
“රැස් කළ (සම්පත්) අනුභව කරන්නෙක්ව අමුරන් සහිතව, බොජුන් සහිතව, මේ මිනිස් තෙම සිව් මහ දිවයිනෙහි එකාතපත්‍රකොට රාජ්‍යය කරවන්නේය.
|
315
‘‘‘පඤ්චසීලෙ
සමාදාය පවත්තෙන්තො, පරිසං සික්ඛාපයිස්සති.
|
315
“පන්සිල් සමාදන්ව, ඉක්බිති දශ කර්ම පථයන්ද සමාදන්ව පවත්වමින් පිරිස හික්මවන්නේය.
|
316
‘‘‘තූරියසතසහස්සානි, භෙරියො සමලඞ්කතා;
වජ්ජයිස්සන්තිමං නිච්චං, උපට්ඨානස්සිදං ඵලං.
|
316
“මැනවින් අලංකාර කරණ ලද ස්ත්‍රීහු මොහුට නිතර තූර්ය්යයන් ලක්ෂයක් වාදනය කරන්නාහුය.
|
317
‘‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
චතුසට්ඨික්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති.
|
317
“කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. සූසැට වරක් දෙව්ලොව ශක්‍ර දේවේන්ද්රව දිව්‍ය රාජ්‍යය කරන්නේය.
|
318
‘‘‘චතුසට්ඨික්ඛත්තුං රාජා, චක්කවත්තී භවිස්සති;
පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
|
318
“සූසැට වරක් සක්විති රජ වන්නේය. (කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නොහැකිය.
|
319
‘‘‘කප්පසතසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො;
ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
|
319
“(මින්) කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
|
320
‘‘‘උපපජ්ජති යං යොනිං, දෙවත්තං අථ මානුසං;
අනූනභොගො හුත්වාන, මනුස්සත්තං ගමිස්සති.
|
320
“දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යෝනියක උපදින්නේ නම් අනූනවූ භෝග සම්පත් ඇත්තේය. (යලි) මිනිසත් බවට පැමිණෙන්නේය.
|
321
‘‘‘අජ්ඣායකො භවිත්වාන, තිණ්ණං වෙදාන පාරගූ;
උත්තමත්ථං ගවෙසන්තො, චරිස්සති මහිං ඉමං.
|
321
“වේද හදාරන්නේව, වේදත්‍රයෙහි පරතෙරෙට ගියේ උත්මාර්ත්ථයවූ (නිවන) සොයමින් මෙම පෘථිවියෙහි හැසිරෙන්නේය.
|
322
‘‘‘සො පච්ඡා පබ්බජිත්වාන, සුක්කමූලෙන චොදිතො;
ගොතමස්ස භගවතො, සාසනෙභිරමිස්සති.
|
322
“කුශල මූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව, ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි සිත් අලවා වසන්නේය.
|
323
‘‘‘ආරාධයිත්වාන සම්බුද්ධං, ගොතමං සක්යපුඞ්ගවං;
කිලෙසෙ ඣාපයිත්වාන, අරහායං භවිස්සති’.
|
323
“මෙතෙම ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ, ගෞතම බුදුරජුන් සතුටුකොට කෙළෙස් දවා රහත් වන්නේය.
|
324
‘‘විපිනෙ බ්යග්ඝරාජාව, මිගරාජාව කෙසරී;
අභීතො විහරාමජ්ජ, සක්යපුත්තස්ස සාසනෙ.
|
324
“මහ වනයෙහි ව්යාඝ්ර රාජයෙකු මෙන්ද, කෙශර සිංහ රාජයෙකු මෙන්ද, අද ශාක්‍යපුත්‍රවූ බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි නිර්භීතව වෙසෙමි.
|
325
‘‘දෙවලොකෙ
නිබ්බත්තිං මෙ න පස්සාමි, උපට්ඨානස්සිදං ඵලං.
|
325
“දෙව්ලොව වුවද, මිනිස් ලොව වුවද, දිළිඳු බැව්හි හෝ, දුගතියක හෝ මාගේ ඉපදීමක් නොදකිමි. (බුදුරජුන්ට) උවටැන් කිරීමේ විපාකයයි.
|
326
‘‘විවෙකමනුයුත්තොම්හි
නාගොව බන්ධනං ඡෙත්වා, විහරාමි අනාසවො.
|
326
“සන්සුන් වූයේ, උපධි රහිත වූයේ, විවේකයෙහි යෙදුනේ වෙමි. ඇත් රජෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වසමි.
|
327
‘‘කිලෙසා
|
327
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
328
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
328
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
329
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
ඉත්ථං සුදං ආයස්මා ජතුකණ්ණිත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
329
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඡතු කණ්ණික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|
10. උදෙනත්ථෙරඅපදානං | 10. උදෙන ථේරාපදානය |
330
‘‘හිමවන්තස්සාවිදූරෙ
අස්සමො සුකතො මය්හං, පණ්ණසාලා සුමාපිතා.
|
330
“හිමවතට නුදුරුව පදුම නම් පර්වතයක් විය. මට (එහි) අසපුවක් මැනවින් කරණ ලදී. පන්සලක්ද කොට නිමවන ලදී.
|
331
‘‘නදියො සන්දරෙ තත්ථ, සුපතිත්ථා මනොරමා;
අච්ඡොදකා සීතජලා, සන්දරෙ නදියො සදා.
|
331
“මනාවූ කුඩා තොටුපොලවල් ඇති, මනොඥවූ නදිහු එහි ගලා බසිත්. එම නදීහු හැම කල්හි පිරිසිදු දිය ඇත්තාහුය. (එසේම) සිහිල් දිය ඇත්තාහුය. සුන්දරවෙති.
|
332
‘‘පාඨීනා
සොභෙන්තා නදියො එතෙ, වසන්ති නදියා සදා.
|
332
“පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ)ද, පාවුස නම් මත්ස්‍යයෝ (ලූල්ලු)ද, වලජ නම් මත්ස්‍යයෝ (වලයෝ)ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මොද්දු)ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු)ද, යන මොවුහු නදිය හොබවන්නාවූ හැම කල්හිම (එම) නදියෙහිම වසත්.
|
333
‘‘අම්බජම්බූහි සඤ්ඡන්නා, කරෙරිතිලකා තථා;
උද්දාලකා පාටලියො, සොභෙන්ති මම අස්සමං.
|
333
“අඹ, දඹ රුක්වලින් වැසීගිය නදියද, එසේම කරෙරිය, තිලකය (මදයට)ය, උද්දාලක (ඇසළ)ය, පාටලී (පළොල්)ය යන මෙකී වෘක්ෂයෝ මාගේ අසපුව හොබවත්.
|
334
‘‘අඞ්කොලකා බිම්බිජාලා, මායාකාරී ච පුප්ඵිතා;
ගන්ධෙන උපවායන්තා, සොභෙන්ති මම අස්සමං.
|
334
“පිපීගිය අඞ්කොලක (රුකඟුණ)ය, බිම්බිජාලය, මායාකාරීය යන මෙකී වෘක්ෂයන්ගෙන් සුවඳින් (යුතු වාතය හමන්නාවු) මාගේ අසපුව හොබවත්.
|
335
‘‘අතිමුත්තා සත්තලිකා, නාගා සාලා ච පුප්ඵිතා;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභෙන්ති මම අස්සමං.
|
335
“මැනවින් පීගිය අතිමුත්ත (යොහොඹු)ය, සත්තලික (සත්පෙති දෑසමන්)ය, නාග (නා)ය, සාල (සල්)ය, යන මොවුහු දිව සුවඳ හමවමින් මාගේ අසපුව හොබවත්.
|
336
‘‘කොසම්බා සළලා නීපා, අට්ඨඞ්ගාපි ච පුප්ඵිතා
(අට්ඨඞ්ගා ච සුපුප්ඵිතා (සී.), කට්ඨඞ්ගා ච සුපුප්ඵිතා (පී.));
දිබ්බගන්ධං සම්පවන්තා, සොභෙන්ති මම අස්සමං.
|
336
“කොසම්බ (කොසඹ)ය, සල්ලය, නිප (කොළොම්)ය, අඨඞ්ගය යන වෘක්ෂයෝ පිපී ගියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
|
337
‘‘හරීතකා ආමලකා, අම්බජම්බුවිභීතකා;
කොලා භල්ලාතකා බිල්ලා, ඵලානි බහු අස්සමෙ.
|
337
“අරළුය, නෙල්ලිය, අඹය, දඹය, බුළුය, ඩෙබරය, බදුළුය, බෙලිය යන මෙකී ඵලයෝ අසපුවෙහි බොහෝ වෙති.
|
338
‘‘කලම්බා
දිබ්බගන්ධං
(දිබ්බගන්ධා (සී. ස්‍යා. පී.) එවං පරත්ථපි) සම්පවන්තා, සොභෙන්ති මම අස්සමං.
|
338
“කළම්බ (කොලොම්), කන්දලී (බිම් කෙහෙල්) එහි මාගේ අසපුවෙහි පිපෙත්. දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
|
339
‘‘අසොකපිණ්ඩිවාරී
දිබ්බගන්ධං සම්පවන්තා, සොභෙන්ති මම අස්සමං.
|
339
“අසෝක, පිණ්ඩිය, චවරීය, කොසඹය, යන මෙකී වෘක්ෂයෝ පිපී ගියාහු, දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
|
340
‘‘පුන්නාගා ගිරිපුන්නාගා, තිමිරා තත්ථ පුප්ඵිතා;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභෙන්ති මම අස්සමං.
|
340
“පුන්නාහ (දොඹ)ය, ගිරිපුන්නාහය, තිමිරය යන මේ වෘක්ෂයෝ එහි පිපීගියාහු දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
|
341
‘‘නිග්ගුණ්ඩී සිරිනිග්ගුණ්ඩී, චම්පරුක්ඛෙත්ථ පුප්ඵිතා;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභෙන්ති මම අස්සමං.
|
341
“කිග්ගුණ්ඩි (තික)ය, සිරිනිග්ගුණ්ඩි (සිරීනික)ය, සපුය යන මේ වෘක්ෂයෝ පිපීගියාහු දිව සුවඳ හමමින් මාගේ අසපුව හොබවත්.
|
342
‘‘අවිදූරෙ
මන්දාලකෙහි සඤ්ඡන්නා, පදුමුප්පලකෙහි ච.
|
342
“අසපුවට නුදුරෙහි පොකුණකි. එම පුෂ්කරණී තොමෝ සක්වා ලිහිණියන් විසින් හඬනගන ලද්දීය. මන්දාලක පුෂ්පයන්ගෙන්ද, පියුම්, උපුල් මල්වලින්ද ගැවසී ගත්තීය.
|
343
‘‘අච්ඡොදකා
අච්ඡා ඵලිකසමානා, සොභෙන්ති මම අස්සමං.
|
343
“පැහැදි දිය ඇත්තීය. සිසිල් ජලයද ඇත්තීය. මනාවූ කුඩා තොටු පොළවල් ඇත්තීය. මනරම් වූවාය. පළිඟු මෙන් පැහැදිලිය. (එබඳුවූ පුෂ්කරණී තොමෝ) මාගේ අසපුව හොබවයි.
|
344
‘‘පදුමා පුප්ඵරෙ තත්ථ, පුණ්ඩරීකා ච උප්පලා;
මන්දාලකෙහි සඤ්ඡන්නා, සොභෙන්ති මම අස්සමං.
|
344
“එහි රන් පියුම්ද, හෙළ පියුම්ද, උපුල්ද (යන මේ පුෂ්පයෝ) පිපෙත්. මන්දාලක පුෂ්පයන්ගෙන්ද ගැවසි ගත්තීය. (එම පුෂ්කරණී තොමෝ) මාගේ අසපුව හොබවයි.
|
345
‘‘පාඨීනා පාවුසා මච්ඡා, බලජා මුඤ්ජරොහිතා;
විචරන්තාව තෙ තත්ථ, සොභෙන්ති මම අස්සමං.
|
345
“පාඨින නම් මත්ස්‍යයෝ (පෙටියෝ)ද, පාවුස නම් මත්ස්‍යයෝ (ලූල්ලු)ද, වලජ නම් මත්ස්‍යයෝ (වලජයෝ)ද, මුඤ්ජ නම් මත්ස්‍යයෝ (මුද්දු)ද, රොහිත නම් මත්ස්‍යයෝ (රෙහෙරු)ද, යන මොවුහු එහි (පොකුණෙහි) හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
|
346
‘‘කුම්භීලා සුසුමාරා ච, කච්ඡපා ච ගහා බහූ;
ඔගහා අජගරා ච, සොභෙන්ති මම අස්සමං.
|
346
“කුම්භිලයෝද, සුංසුමාරයෝද, යන චණ්ඩ ජලජ සත්ත්වයෝද, කැසුබුවෝද, ඔගුහ නම් සත්ත්වයෝද, අප්සරයෝද (පිඹුරෝ)ද, බොහෝ වෙති. ඔවුහු මාගේ අසපුව හොබවත්.
|
347
‘‘පාරෙවතා රවිහංසා, චක්කවාකා නදීචරා;
දින්දිභා සාළිකා චෙත්ථ, සොභෙන්ති මම අස්සමං.
|
347
“පරවියෝය, පරවි හංසයෝය, චක්රවාකයෝ (සක්වා ලිහිණියෝ)ය, නදීවරයෝය, දින්දිභයෝ (කීරළු)ය, සාළිකයෝය (සැලලිහිණියෝ)ය යන මොවුහු මෙහි මාගේ අසපුව හොබවත්.
|
348
‘‘නයිතා අම්බගන්ධී ච, කෙතකා තත්ථ පුප්ඵිතා;
දිබ්බගන්ධං සම්පවන්තා, සොභෙන්ති මම අස්සමං.
|
348
“නයිතාය, අම්බගන්ධීය, කෙතකි (වැටකේ)ය, යන මෙකී වෘක්ෂයෝ පිපීගියාහු එහි දිව සුවඳ මාගේ අසපුව හොබවත්.
|
349
‘‘සීහා බ්යග්ඝා ච දීපී ච, අච්ඡකොකතරච්ඡකා;
අනුසඤ්චරන්තා පවනෙ, සොභෙන්ති මම අස්සමං.
|
349
“සිංහයෝය, ව්‍යාඝ්‍රයෝය, දිවියෝය, වලස්සුය, කොක්නහවෝය, කරබානා වලස්සුය, යන මොවුහු මහ වෙනෙහි හැසිරෙන්නාහු, මාගේ අසපුව හොබවත්.
|
350
‘‘ජටාභාරෙන භරිතා, අජිනුත්තරවාසනා;
අනුසඤ්චරන්තා පවනෙ, සොභෙන්ති මම අස්සමං.
|
350
“අඳු දිවිසම් හැඳි, ජටාහාරයෙන් බරවූ (තවුසෝ) මහ වෙනෙහි හැසිරෙන්නාහු, මාගේ අසපුව හොබවත්.
|
351
‘‘අජිනානිධරා
අප්පාහාරාව තෙ සබ්බෙ, සොභෙන්ති මම අස්සමං.
|
351
“මේ තවුසෝ අඳුන් දිවි සම් දරන්නෝය. ප්රාඥයෝය. සන්හුන් පැවතුම් ඇත්තෝය. අල්පාහාර ඇත්තෝය. ඒ සියල්ලෝ මාගේ අසපුව හොබවත්.
|
352
‘‘ඛාරිභාරං
මූලඵලානි භුඤ්ජන්තා, වසන්ති අස්සමෙ තදා.
|
352
“එකල්හි ඔවුහු පිරිකර බර (කද) ගෙන වනයට පිවිස මුල් හා ගෙඩි අනුභව කරන්නාහු, හැම කල්හි අසපුවෙහි වසත්.
|
353
‘‘න
සබ්බෙසං ආනුභාවෙන, සයමෙවාහරීයති.
|
353
“ඔවුහු දර හෝ, පා දෝනා දිය හෝ ගෙන නොයෙත්. සියල්ලන්ගේ ආනුභාවයෙන් (ඒවා) තෙමේම ගෙන එයි. (පැමිණෙයි.)
|
354
‘‘චුල්ලාසීතිසහස්සානි, ඉසයෙත්ථ සමාගතා;
සබ්බෙව ඣායිනො එතෙ, උත්තමත්ථගවෙසකා.
|
354
“අසූහාරදහසක් ඎෂීහු මෙහි රැස්වූහ. මේ සියල්ලෝම ධ්‍යාන කරන්නෝය. උත්තමාර්ත්‍ථයවූ විමුක්තිය සොයන්නෝය.
|
355
‘‘තපස්සිනො බ්‍රහ්මචාරී, චොදෙන්තා අප්පනාව තෙ;
අම්බරාවචරා සබ්බෙ, වසන්ති අස්සමෙ තදා.
|
355
“සියල්ලෝ තපස්වීහුය. බ්‍රහ්මචාරීහුය. අර්පණා ව්‍රතයෙහි (සිත) මෙහෙයවූවෝය. අහසෙහි හැසිරෙන්නෝය. එකල් (මොවුහු මාගේ) අසපුවෙහි වෙසෙත්.
|
356
‘‘පඤ්චාහං සන්නිපතන්ති, එකග්ගා සන්තවුත්තිනො;
අඤ්ඤොඤ්ඤං අභිවාදෙත්වා, පක්කමන්ති දිසාමුඛා.
|
356
“පස් දිනකට වරක් එකඟවූ සන්හුන් පැවතුම් ඇති මොවුහු රැස්වෙති. (රැස්ව) ඔවුනොවුනට වැඳ, ඒ ඒ දිශාභිමුඛවූවාහු, යෙත්.
|
357
‘‘පදුමුත්තරො නාම ජිනො, සබ්බධම්මාන පාරගූ;
තමන්ධකාරං විධමං, උප්පජ්ජි තාවදෙ ජිනො.
|
357
“සියළු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම, එකෙනෙහි මොහඳුර දුරුකරමින් ලොව පහළවූහ.
|
358
‘‘මම
සො මෙ සංසිත්ථ සම්බුද්ධං, ජලජුත්තමනායකං.
|
358
“මාගේ අසපුව හාත්පස (සමීපයෙහි) මහා ඎද්ධි ඇති යක්ෂයෙක් විය. හෙතෙම පදුමුත්තර නම් බුදුරජුන්හට ප්‍රශංසා කළේය. (කෙසේද යත්?)
|
359
‘‘එස බුද්ධො සමුප්පන්නො, පදුමුත්තරො මහාමුනි;
ඛිප්පං ගන්ත්වාන සම්බුද්ධං, පයිරූපාස මාරිස.
|
359
“නිදුකාණෙනි, මේ මහා මුනිවූ පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය. වහා ගොස් එම සම්බුදු රජුන් භජනය කරනු මැනව” (කියායි.)
|
360
‘‘යක්ඛස්ස වචනං සුත්වා, විප්පසන්නෙන චෙතසා;
අස්සමං සංසාමෙත්වාන, නික්ඛමිං විපිනා තදා.
|
360
“එකල්හි යක්ෂයාගේ වචනය අසා, පැහැදි සිතින් අසපුව පිළියෙළකොට තබා මහවනයෙන් නික්මුනෙමි.
|
361
‘‘චෙළෙව ඩය්හමානම්හි, නික්ඛමිත්වාන අස්සමා;
එකරත්තිං නිවාසෙත්වා
(නිවසිත්වා (සී.), නිවාසෙන (?)), උපගච්ඡිං විනායකං.
|
361
“වස්ත්‍රය ගිනි ඇවිලගත් කල්හි මෙන් අසපුවෙන් නික්ම එක් රැයක් (මග) වැස බුදුරජුන් වෙත එළඹියෙමි.
|
362
‘‘පදුමුත්තරො
චතුසච්චං පකාසෙන්තො, දෙසෙසි අමතං පදං.
|
362
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පදුමුත්තර බුදුරජතෙම, සිව් සස් පවසමින් අමෘත පදය දේශනා කළ සේක.
|
363
‘‘සුඵුල්ලං පදුමං ගය්හ, උපගන්ත්වා මහෙසිනො;
පසන්නචිත්තො සුමනො, බුද්ධස්ස අභිරොපයිං.
|
363
“මනාව පිපුණු පියුමක් ගෙන (බුදුරජුන් වෙත) එළඹ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මහර්ෂීවූ සර්වඥයන් වහන්සේට පිදීමි.
|
364
‘‘පූජයිත්වාන
එකංසං අජිනං කත්වා, සන්ථවිං ලොකනායකං.
|
364
“(මෙසේ) පදුමුත්තර නම්වූ බුදුරජාණන් වහන්සේට පුදා ලෝකනායකවූ තථාගතයන්හට ස්තූති කෙළෙමි. (කෙසේදයත්?)
|
365
‘‘යෙන ඤාණෙන සම්බුද්ධො, වසතීහ අනාසවො;
තං ඤාණං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
365
“යම් සර්වඥතා ඥානයක් කරණකොටගෙන සම්බුදු රජතෙම ආශ්‍රව රහිතව මෙලෙව්හි වැඩ වෙසේද, එම ඤාණය කීර්තනය කරන්නෙමි. (එය) පවසන්නාවූ මාගේ වචනය අසව්.
|
366
‘‘‘සංසාරසොතං ඡින්දිත්වා, තාරෙසි සබ්බපාණිනං;
තව ධම්මං සුණිත්වාන, තණ්හාසොතං තරන්ති තෙ.
|
366
“(ඔබ) සසර සැඩ කපා සියළු ප්‍රාණීන් (සසර සයුරින්) එතර කෙරෙහිය. ඒ සත්ත්වයෝ ඔබ වහන්සේගේ ධර්මය අසා තෘෂ්ණාව නමැති සැඩ පහර තරණය කෙරෙත්.
|
367
‘‘‘තුවං
පරායණො පතිට්ඨා ච, දීපො ච ද්විපදුත්තම
(දිපදුත්තම (සී. ස්‍යා. පී.)).
|
367
“විපදෝතතමවූ බුදුරජාණන් වහන්ස, ඔබ සත්ත්වයනට ශාස්තෘ වෙහිය. කොඩියක්ද, ධජයක්ද, යාග ස්ථම්භයක්ද වෙහිය. ආරක්ෂාවද, පිහිටද වෙහිය.
|
368
‘‘‘යාවතා ගණිනො ලොකෙ, සත්ථවාහා පවුච්චරෙ;
තුවං අග්ගොසි සබ්බඤ්ඤු, තව අන්තොගධාව තෙ.
|
368
“ලෙව්හි යම්තාක් ගණ ප්‍රධානීහු සාර්ත්ථවාහයෝයයි කියනු ලබත්ද, සර්වඥයන් වහන්ස, (ඔවුනට) ඔබ අග්‍ර වෙහිය. ඔවුහු ඔබ වහන්සේටම ඇතුළත් වෙත්.
|
369
‘‘‘තව ඤාණෙන සබ්බඤ්ඤු, තාරෙසි ජනතං බහුං;
තව දස්සනමාගම්ම, දුක්ඛස්සන්තං කරිස්සරෙ.
|
369
“සර්වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ නුවණ කරණකොටගෙන බොහෝ දෙන (සසර සයුරින්) එතර කෙරෙහිය. ඔවුහු ඔබ වහන්සේගේ දර්ශනය නිසා දුක් කෙළවර කෙරෙත්.
|
370
‘‘‘යෙ කෙචිමෙ ගන්ධජාතා, ලොකෙ වායන්ති චක්ඛුම;
තව ගන්ධසමො නත්ථි, පුඤ්ඤක්ඛෙත්තෙ මහාමුනෙ’.
|
370
“පසැස් ඇතියාණන් වහන්ස, ලෙව්හි යම්කිසි සුගන්ධ සමූහයක් හමත් නම් මහා මූනීන් වහන්ස, පින් කෙත්හිවූ ඔබගේ ගුණ සුවඳ වැනි අනික් සුවඳක් නැත.
|
371
‘‘‘තිරච්ඡානයොනිං නිරයං, පරිමොචෙසි
(පරිමොචෙහි (ස්‍යා. ක.)) චක්ඛුම;
අසඞ්ඛතං පදං සන්තං, දෙසෙසි
(දෙසෙහි (ස්‍යා. ක.)) ත්වං මහාමුනෙ’.
|
371
“පසැස් ඇතියාණන් වහන්ස, තිරිසන් ගතියද, නිරයද ඔබ දුරු කෙළෙහිය. මහා මුනීන් වහන්ස, ඔබ අසංස්කෘතවූ ශාන්ත පදය හෙවත් නිවන දේශනා කෙළෙහිය.” (කියායි.)
|
372
‘‘පදුමුත්තරො
භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
|
372
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජතෙම භික්ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.
|
373
‘‘‘යො
තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
|
373
“යමෙක් තෙම පහන්වූයේ, සියතින් මාගේ සර්වඥතා ඥානය පිදීද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. (එසේ) පවසන්නාවූ මාගේ වචනය අසව්.
|
374
‘‘‘තිංසකප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති;
සහස්සක්ඛත්තුං රාජා ච, චක්කවත්තී භවිස්සති’.
|
374
“(මෙතෙම) කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් සක්විති රජ වන්නේය” (කියායි.)
|
375
‘‘සුලද්ධලාභං ලද්ධොම්හි, තොසයිත්වාන සුබ්බතං;
සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
|
375
“(මම) මනා ව්‍රත ඇති බුදුරජුන් තුටුකොට උතුම් ලාභයක් ලැබුයේ වෙමි. සියලු ආශ්‍රවය (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන් ආශ්‍රව රහිතව වෙසෙමි.
|
376
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
|
376
“ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
|
377
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
|
377
“මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
|
378
‘‘පටිසම්භිදා
ඉත්ථං සුදං ආයස්මා උදෙනො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
|
378
“සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදෙන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
|