6. අබ්යාකතවග්ගො | 6. අව්‍යාකත වර්ගය |
1. අබ්‍යාකතසුත්තං | 1. අව්‍යාකත වත්ථු සූත්‍රය |
54
අථ
‘‘දිට්ඨිනිරොධා ඛො, භික්ඛු, සුතවතො අරියසාවකස්ස විචිකිච්ඡා නුප්පජ්ජති අබ්යාකතවත්ථූසු. ‘හොති තථාගතො පරං මරණා’ති ඛො, භික්ඛු, දිට්ඨිගතමෙතං; ‘න හොති තථාගතො පරං මරණා’ති ඛො, භික්ඛු, දිට්ඨිගතමෙතං; ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති ඛො, භික්ඛු, දිට්ඨිගතමෙතං; ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති ඛො, භික්ඛු, දිට්ඨිගතමෙතං. අස්සුතවා, භික්ඛු, පුථුජ්ජනො දිට්ඨිං නප්පජානාති, දිට්ඨිසමුදයං නප්පජානාති, දිට්ඨිනිරොධං නප්පජානාති, දිට්ඨිනිරොධගාමිනිං පටිපදං නප්පජානාති. තස්ස සා දිට්ඨි පවඩ්ඪති, සො න පරිමුච්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
‘‘සුතවා ච ඛො, භික්ඛු, අරියසාවකො දිට්ඨිං පජානාති, දිට්ඨිසමුදයං පජානාති, දිට්ඨිනිරොධං පජානාති, දිට්ඨිනිරොධගාමිනිං පටිපදං පජානාති. තස්ස සා දිට්ඨි නිරුජ්ඣති, සො පරිමුච්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි
‘‘‘හොති
‘‘සුතවා ච ඛො, භික්ඛු, අරියසාවකො විප්පටිසාරං පජානාති, විප්පටිසාරසමුදයං පජානාති, විප්පටිසාරනිරොධං පජානාති
|
54
“ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය.
“ස්වාමීනි, ශ්‍රුතවත්වූ (ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්රාවකයාට අව්‍යාකෘත වස්තූන්හි (ප්‍රකාශ නොකළ) යම් හෙයකින් විචිකිච්ඡාව (සැකය) නූපදිද. එයට හේතු කවරේද, එයට ප්‍රත්‍යය කවරේද?
“මහණෙනි, ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්රාවකයාට දෘෂ්ටි නිරෝධයෙන් අව්‍යාකෘත (ප්‍රකාශ නොකළ) වස්තූන්හි විචිකිච්ඡාව නුපදියි.
“සත්ත්වයා මරණින් මතු වේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. (2) සත්ත්වයා මරණින් මතු නොවේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. සත්ත්වයා මරණින් මතු වේද නොවේදැයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. සත්ත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය.
“ඇසූ පිරූ තැන් නැති පෘථග්ජන භික්ෂුතෙම දෘෂ්ටිය නොම දනියි. දෘෂ්ටිය ඇතිවීමේ හේතුව නොම දනියි. දෘෂ්ටි නිරෝධය (නැතිකිරිම) නොම දනියි. දෘෂ්ටි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නොම දනියි. ඔහුගේ ඒ දෘෂ්ටිය වැඩෙයි. හෙතෙම ඉපදීමෙන් නොමිදෙයි. ජරාව, මරණය, ශෝකය, වැළපිම, දුක්, දොම්නස හා සිත් තැවුල්වලින් නොමිදෙයි.
“ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකවූ භික්ෂුතෙම දෘෂ්ටිය දනියි. දෘෂ්ටිය ඇතිවීමේ හේතුව දනියි. දෘෂ්ටි නිරෝධය දනියි. දෘෂ්ටි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දනියි. ඒ භික්ෂුවට ඒ දෘෂ්ටිය නිරුද්ධ වෙයි. හෙතෙම ඉපදීමෙන් මිදෙයි. ජරාව, මරණය, ශෝකය, වැළපිම, දුක, දොම්නස හා සිත් තැවුල්වලින් මිදෙයි.
“මෙසේ දත්, මෙසේ දන්නා, ඇසූ පිරූ තැන් ඇති, ආර්‍ය්‍ය ශ්‍රාවක භික්ෂු තෙම මෙසේ බලයි. සත්ත්වයා මරණින් මතු වේයයි නොපවසයි. සත්ත්වයා මරණින් මතු නොවේයයි නොපවසයි. සත්ත්වයා මරණින් මතු වේද නොවේදැයි නොපවසයි. සත්ත්වයා මරණින් මතු නොම වෙයි, නොම නොවේයයි නොපවසයි. මෙසේ මෙය දන්නා ඇසූ පිරූ තැන් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක භික්ෂුතෙම ප්‍රකාශ නොකළ කරුණුවල ප්‍රකාශ නොකරණ ස්වභාව ඇත්තේ වෙයි.
“මෙසේ දන්නා ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක භික්ෂුතෙම ප්‍රකාශ නොකළ කරුණවල තැති නොගනියි. කම්පා නොවෙයි. නොසෙල්වෙයි. බියට නොපැමිණෙයි. සත්ත්වයා මරණින් මතු වේ යන මෙය තෘෂ්ණාව අනුව ගිය අදහසකි. වැටහීම අනුව ගිය අදහසකි. මෙය වැටහීම ඇත්තකුගේ අදහසකි. මෙය ප්‍රමාදයට හේතුය. මෙය ප්‍රමාදය අනුව ගිය අදහසකි. මෙය විපිළිසර (පසුතැවිල්ලකි.)සත්ත්වයා මරණින් මතු නොවේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. සත්ත්වයා මරණින් මතු වේද නොවේදැයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය. සත්ත්වයා මරණින් මතු නොමවෙයි. නොම නොවේයයි මහණතෙම මෙය දෘෂ්ටි ගත්තේය.
“අශ්‍රුතවත් පෘතග්ජන භික්ෂුව විපිළිසර නොදනියි. විපිළිසර ඇතිවීමේ හේතුව නොදනියි. විපිළිසර නිරෝධය (නැතිකිරීම) නොදනියි. විපිළිසරය නිරුද්ධ කිරීමේ (නැතිකිරීමේ) ප්‍රතිපදාව නොදනියි. ඔහුගේ ඒ විපිළිසරය (පසුතැවිල්ල) වැඩෙයි. හෙතෙම ඉපදීමෙන් නොමිදෙයි. ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, වැළපිම හා දුක්, දොම්නස් සිත් තැවුල්වලින් නොමිදෙයි.
“ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්‍රාවක භික්ෂුතෙම වනාහි විපිළිසරය දනියි. විපිළිසර ඇතිවීමේ හේතුව දනියි. විපිළිසර නිරෝධය දනියි. විපිළිසර නිරුද්ධකිරීමේ ප්‍රතිපදාව දනියි. හෙතෙම ඉපදීමෙන් මිදෙයි. ජරා, මරණ, ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස, දුක්වලින් නොමිදෙයි.
“මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක භික්ෂුතෙම සත්ත්වයා මරණින් මතු වේයයි ප්‍රකාශ නොකරයි. සත්ත්වයා මරණින් මතු නොවේයයි ප්‍රකාශ නොකරයි. සත්ත්වයා මරණින් මතු වේය නොවේයයි ප්‍රකාශ නොකරයි. සත්ත්වයා මරණින් මතු නොමවේ නොම නොවේයයි ප්‍රකාශ නොකරයි. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ප්‍රකාශ නොකල වස්තූන්හි ප්‍රකාශ නොකළ ධර්ම ඇත්තේ වෙයි. මෙසේ දන්නාවු, මෙසේ දක්නාවු, ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේ බලන්නේ, ප්‍රකාශ නොකළ වස්තූන්හි තැති නොගනියි. කම්පා නොවෙයි. හදිසි බියට නොපැමිණෙයි. මහණෙනි, යම් හෙයකින් ශ්‍රුතවත්වූ ආර්‍ය්‍ය ශ්රාවකයාට ප්‍රකාශ නොකළ වස්තූන්හි විචිකිච්ඡාව නූපදිද, මේ එයට හේතුවයි.”
|
2. පුරිසගතිසුත්තං | 2. පුරිසගති සූත්‍රය |
55
‘‘සත්ත ච
(සත්ත (සී.), සත්ත ච ඛො (ක.)), භික්ඛවෙ, පුරිසගතියො දෙසෙස්සාමි අනුපාදා ච පරිනිබ්බානං
(පරිනිබ්බාණං (සී.)). තං සුණාථ
‘‘ඉධ
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති - ‘නො චස්ස නො ච මෙ සියා, න භවිස්සති න මෙ භවිස්සති, යදත්ථි යං භූතං තං පජහාමී’ති උපෙක්ඛං පටිලභති. සො භවෙ න රජ්ජති, සම්භවෙ න රජ්ජති, අත්ථුත්තරි පදං සන්තං සම්මප්පඤ්ඤාය පස්සති. තඤ්ච ඛ්වස්ස පදං න සබ්බෙන සබ්බං සච්ඡිකතං හොති, තස්ස න සබ්බෙන සබ්බං මානානුසයො පහීනො හොති, න සබ්බෙන සබ්බං භවරාගානුසයො පහීනො හොති, න සබ්බෙන සබ්බං අවිජ්ජානුසයො පහීනො හොති. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසංසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා
‘‘ඉධ
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති - නො චස්ස නො ච මෙ සියා...පෙ.... සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්චපරිනිබ්බායී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසංසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා උපහච්ච තලං නිබ්බායෙය්ය. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති - නො චස්ස නො ච මෙ සියා...පෙ.... සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්චපරිනිබ්බායී හොති.
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති - නො චස්ස නො ච මෙ සියා...පෙ.... සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසඞ්ඛාරපරිනිබ්බායී හොති. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසංසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා පරිත්තෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නිපතෙය්ය. සා තත්ථ අග්ගිම්පි ජනෙය්ය, ධූමම්පි ජනෙය්ය, අග්ගිම්පි ජනෙත්වා ධූමම්පි ජනෙත්වා තමෙව පරිත්තං තිණපුඤ්ජං වා කට්ඨපුඤ්ජං වා පරියාදියිත්වා අනාහාරා නිබ්බායෙය්ය. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති - නො චස්ස නො ච මෙ සියා...පෙ.... සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසඞ්ඛාරපරිනිබ්බායී හොති.
‘‘ඉධ
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති - ‘නො චස්ස නො ච මෙ සියා, න භවිස්සති න මෙ භවිස්සති, යදත්ථි යං භූතං තං පජහාමී’ති උපෙක්ඛං පටිලභති. සො භවෙ න රජ්ජති, සම්භවෙ න රජ්ජති, අත්ථුත්තරි පදං සන්තං සම්මපඤ්ඤාය පස්සති. තඤ්ච ඛ්වස්ස පදං න සබ්බෙන සබ්බං සච්ඡිකතං හොති, තස්ස න සබ්බෙන සබ්බං මානානුසයො පහීනො හොති, න සබ්බෙන සබ්බං භවරාගානුසයො පහීනො හොති, න සබ්බෙන සබ්බං අවිජ්ජානුසයො පහීනො හොති. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. සෙය්යථාපි, භික්ඛවෙ, දිවසංසන්තත්තෙ අයොකපාලෙ හඤ්ඤමානෙ පපටිකා නිබ්බත්තිත්වා උප්පතිත්වා මහන්තෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නිපතෙය්ය. සා තත්ථ අග්ගිම්පි ජනෙය්ය, ධූමම්පි ජනෙය්ය, අග්ගිම්පි ජනෙත්වා ධූමම්පි ජනෙත්වා තමෙව මහන්තං තිණපුඤ්ජං
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අනුපාදාපරිනිබ්බානං? ඉධ, භික්ඛවෙ, භික්ඛු එවං පටිපන්නො හොති - ‘නො චස්ස නො ච මෙ සියා, න භවිස්සති න මෙ භවිස්සති, යදත්ථි යං භූතං තං පජහාමී’ති උපෙක්ඛං පටිලභති. සො භවෙ න රජ්ජති, සම්භවෙ න රජ්ජති, අත්ථුත්තරි
|
55
“මහණෙනි, සප්ත පුරිස ගතිද, අනුපාදා පරිනිර්වාණයද දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට සිහි කරව්. දේශනා කරන්නෙමි.” - “එසේය ස්වාමීනි” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, සප්ත පුරිස ගති (පුද්ගලයන් ස්වභාව හත) කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. මෙසේ නොවුයේය, මට මෙසේ නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් වුවක් ඇද්ද, එය දුරු කරන්නෙමියි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවිමෙහි නොඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්වාණ පදයක් ඇද්ද, සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. හෙද වනාහි ඔහුට ඒ නිර්වාණ පදය සියල්ලෙන් සියල්ල ප්රත්යක්ෂවූයේ නොවෙයි. ඔහුට සර්වප්රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. ඔහුට සර්වප්රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. ඔහුට සර්වප්රකාරයෙන් අවිද්‍යාව නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. හෙතෙම ඔරම්භාගිය සංයෝජන (මෑත බැඳුම්) පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී නම් අවිහාදියෙහි ඉපිද, එහි ආයුෂයෙන් භාගයක් නොඉක්මවා රහත්ව පිරිනිවෙන අනාගාමි පුද්ගලයා වෙයි.
“මහණෙනි, යම්සේ දවල් කාලයෙහි ඉතා රත්වු යකඩ කබල නැසෙන කල්හි, එහි පතුරු ඇතිවී, විහිසිවී කලෙහි හැපී නිවෙන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම භික්ෂුව මෙසේම පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් (වූවක්) ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ශාන්තවු මත්තෙහි නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඒ පදයද වනාහි සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුට සර්වප්රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ වූයේ නොවෙයි. ඔහුට සර්වප්රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වෙයි. ඔහුට සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වෙයි. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී වේ.
(1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්වප්රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. (2) හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී වේ.
(1) “මහණෙනි, යම්සේ දවසක් ගිනියම්වූ යකඩ කබලක් තලනා කල්හි එහි පතුරු ඇතිවී, උඩ පැන තලෙහි හැපී, නිවෙන්නේද, (2) මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්වප්රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ.
(1) “මහණෙනි, යම්සේ දවසක් ගිනියම්වූ යකඩ කබලක් තලනා කල්හි එහි පතුරු ඇතිවී, උඩ පැන තලෙහි හැපී, නිවෙන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්වප්රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්ෂය වීමෙන් උපහච්ච පරිනිබ්බායී (අවිහාදියෙහි ඉපිද ආයුෂ භාගයක් නොඉක්මවා රහත්ව පිරිනිවෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
“මහණෙනි, දවසේ ගිනියම්වූ යකඩ කබලක් තළන කල්හි එහි පතුරු නැග, උඩට නැගී, තලෙහි හැපී නිවෙන්නේය. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්වප්රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී (උත්සාහයක් නැතිව රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
“මහණෙනි, යම් සේ දවසක් ගිනියම්වූ යකඩ කබල සොළවන කල්හි පතුරු නැග, උඩට පැන කුඩා තණ රොදක හෝ, කුඩා දර ගොඩක හෝ වැටෙන්නේය. ඒ ගිනියම්වූ පතුර එහි ගිනිද උපදවන්නේය. දුම්ද උපදවන්නේය. ගිනිද උපදවා, දුම්ද උපදවා, එම කුඩා තණ රොද හෝ ලී ගොඩ හෝ විටින් ගෙන, අහර නැත්තේ නිවෙන්නේය. මහණෙනි, එපරිද්දෙන් මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්වප්රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී අනාගාමී පුද්ගලයා වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මෙසේ පිළිපන්නේ වෙයි. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්වප්රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී අනාගාමී පුද්ගලයා වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මෙසේ පිළිපන්නේ වෙයි. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්ෂය වීමෙන් සසංඛාර පරිනිබ්බායී (උත්සාහයෙන් රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
“මහණෙනි, යම් සේ දවසක් ගිනියම්වූ යකඩ කබල තළන කල්හි පතුරු නැග, උඩට පැන ලොකු තණ රොදක හෝ, ලොකු දර ගොඩක හෝ වැටෙන්නේද. ඒ පතුර එහි ගිනිද ඇති කරවන්නේය. දුම්ද ඇති කරවන්නේය. ගිනිද ඇතිකොට, දුම්ද ඇතිකොට, එම ලොකු තණ රොද හෝ දර ගොඩ හෝ වටින් ගෙන, අහර නැත්තේ නිවෙන්නේය. මහණෙනි, එපරිද්දෙනම් මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්වප්රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්ෂය වීමෙන් සසංඛාර පරිනිබ්බායී අනාගාමී පුද්ගලයා වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මෙසේ පිළිපන්නේ වෙයි. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්වප්රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. මත්තෙහි ශාන්තවූ නිර්වාණ පදයක් ඇද්ද මනා ප්‍රඥාවෙන් දකියි. ඒ පදයද වනාහි සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ වෙයි. ඔහුගේ සර්වප්රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ නුවූයේ වෙයි. සර්වප්රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නුවූයේ වෙයි. අවිද්‍යාව නම් සිතිවිල්ල ප්‍රහීණ නුවූයේ වෙයි. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්ෂය කිරීමෙන් උද්ධංසොත අකනිට්ඨගාමී (ශුද්ධවාස භූමියෙහි ඉපිද පිළිවෙළින් අකනිටා බඹලොව දක්වා ගොස් අකනිටා බඹලොවදී පිරිනිවෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
“මහණෙනි, දවසක් ගිනියම්වූ ගිනි කබලක් තළන කල්හි පතුරු නැග, උඩ පැන, ලොකු තණ රොදක හෝ දර ගොඩක හෝ වැටෙන්නේය. ඒ පතුර එහි ගිනිද උපදවන්නේය. දුම්ද උපදවන්නේය. ගිනිද ඇතිකොට, දුම්ද ඇතිකොට, ඒ මහත්වූ තණ රොද හෝ මහත්වූ දර ගොඩ හෝ වටකොට පඳුරුද දවන්නේය. වනයද දවන්නේය. පඳුරුද දවා, වනයද දවා, අමු පැලෑටි ආදියෙහි අන්තය හෝ, කොළවල අන්තය හෝ, ගල්වල අන්තය හෝ, ජළය කෙළවරකොට ඇති හෝ රම්‍යවූ බිම් පෙදෙසකට පැමිණ එය ගිනි නොගෙන නිවෙන්නේය. මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති නොවන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. මතු ශාන්තවු නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් දකියි. ඔහුගේ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ නොවෙයි. ඔහුගේ මානය නම් සිතිවිල්ල සර්වප්රකාරයෙන් ප්‍රහීණ නොවූයේ වේ. ඔහුගේ භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ නොවූයේ වේ. සර්වප්රකාරයෙන් අවිද්‍යානුසය ප්‍රහීණ නොවූයේ වේ. හෙතෙම පඤ්ච ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් උද්ධංසොත අකනිට්ඨගාමී අනාගාමී පුද්ගලයා වෙයි. මහණෙනි, මේ සප්ත පුරුෂ ගතීහු වෙති.
“මහණෙනි, අනුපාදා පරිනිර්වානය කවරේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ පිළිපන්නේ වෙයි. ‘නොවූයේය. මට නොවන්නේය. ඇති නොවන්නේය. මට ඇති වන්නේය. යම් යම් භූතයක් ඇද්ද, එය දුරු කරමි’ යි උපෙක්ෂාව ලබයි. හෙතෙම භවයෙහි නොඇලෙයි. ඇතිවීමෙහි නොඇලෙයි. ශාන්තවු මත්තෙහි ඇති නිර්වාණ පදයක් ඇද්ද, එය සම්‍යක් ප්‍රඥාවෙන් බලයි. ඒ නිර්වාණ පදයද සර්වප්රකාරයෙන් ප්රත්යක්ෂ කරණ ලද්දේ වෙයි. ඔහුට සර්වප්රකාරයෙන් මානය නම් සිතිවිල්ල ප්‍රහීණ වූයේ වෙයි. සර්වප්රකාරයෙන් භවරාගය නම් සිතිවිල්ල ප්‍රහීණ වූයේ වෙයි. සර්වප්රකාරයෙන් අවිද්‍යාව නම් සිතිවිල්ල ප්‍රහීණ වූයේ වෙයි. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවු අර්හත් ඵල සමාධියත්, අර්හත් ඵල ප්‍රඥාවත් (රහත් නුවණ) මේ ආත්මයෙහි තමාම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙය අනුපාදා පරිනිර්වාණය නම් වේ.
“මහණෙනි, මේ සප්ත ගතීහු වෙති. මහණෙනි, මේ අනුපාදා පරිනිර්වාණය වේ.
|
3. තිස්සබ්‍රහ්මාසුත්තං | 3. තිස්ස බ්‍රහ්ම සූත්‍රය |
56
එවං
අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි - ‘‘ඉමං, භික්ඛවෙ, රත්තිං ද්වෙ දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො, භික්ඛවෙ, එකා දෙවතා මං එතදවොච - ‘එතා, භන්තෙ, භික්ඛුනියො විමුත්තා’ති. අපරා දෙවතා මං එතදවොච
තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි - ‘‘කතමෙසානං ඛො දෙවානං එවං ඤාණං හොති - ‘සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසො’’’ති? තෙන ඛො පන සමයෙන තිස්සො නාම භික්ඛු අධුනාකාලඞ්කතො අඤ්ඤතරං බ්රහ්මලොකං උපපන්නො හොති. තත්රාපි නං එවං ජානන්ති - ‘‘තිස්සො බ්රහ්මා මහිද්ධිකො මහානුභාවො’’ති.
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙවං - ගිජ්ඣකූටෙ පබ්බතෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අද්දසා ඛො තිස්සො බ්රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව
‘‘සබ්බෙසඤ්ඤෙව ඛො, තිස්ස, බ්රහ්මකායිකානං දෙවානං එවං ඤාණං හොති - ‘සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසො’’’ති? ‘‘න ඛො, මාරිස මොග්ගල්ලාන, සබ්බෙසං බ්රහ්මකායිකානං දෙවානං එවං ඤාණං හොති - ‘සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසො’’’ති.
‘‘යෙ ඛො තෙ, මාරිස මොග්ගල්ලාන, බ්රහ්මකායිකා දෙවා බ්රහ්මෙන ආයුනා සන්තුට්ඨා බ්රහ්මෙන වණ්ණෙන බ්රහ්මෙන සුඛෙන බ්රහ්මෙන යසෙන බ්රහ්මෙන ආධිපතෙය්යෙන සන්තුට්ඨා, තෙ උත්තරි නිස්සරණං යථාභූතං නප්පජානන්ති. තෙසං න එවං ඤාණං හොති - ‘සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසො’ති. යෙ ච ඛො තෙ, මාරිස මොග්ගල්ලාන, බ්රහ්මකායිකා දෙවා බ්රහ්මෙන ආයුනා අසන්තුට්ඨා, බ්රහ්මෙන වණ්ණෙන බ්රහ්මෙන සුඛෙන බ්රහ්මෙන යසෙන බ්රහ්මෙන ආධිපතෙය්යෙන අසන්තුට්ඨා, තෙ ච උත්තරි නිස්සරණං යථාභූතං
‘‘ඉධ, මාරිස මොග්ගල්ලාන, භික්ඛු උභතොභාගවිමුත්තො හොති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති - ‘අයං ඛො ආයස්මා උභතොභාගවිමුත්තො. යාවස්ස කායො ඨස්සති තාව නං දක්ඛන්ති දෙවමනුස්සා. කායස්ස භෙදා න නං දක්ඛන්ති
‘‘ඉධ පන, මාරිස මොග්ගල්ලාන, භික්ඛු පඤ්ඤාවිමුත්තො හොති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති
‘‘ඉධ පන, මාරිස මොග්ගල්ලාන, භික්ඛු කායසක්ඛී හොති. තමෙනං දෙවා එවං ජානන්ති - ‘අයං ඛො ආයස්මා කායසක්ඛී. අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො ඉන්ද්රියානි සමන්නානයමානො - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා’ති. එවම්පි ඛො, මාරිස මොග්ගල්ලාන, තෙසං දෙවානං ඤාණං හොති - ‘සඋපාදිසෙසෙ වා සඋපාදිසෙසොති, අනුපාදිසෙසෙ වා අනුපාදිසෙසො’’’ති.
‘‘ඉධ පන, මාරිස මොග්ගල්ලාන, භික්ඛු දිට්ඨිප්පත්තො හොති...පෙ.... සද්ධාවිමුත්තො හොති...පෙ.... ධම්මානුසාරී හොති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති - ‘අයං ඛො ආයස්මා ධම්මානුසාරී
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තිස්සස්ස බ්රහ්මුනො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙවං - බ්රහ්මලොකෙ අන්තරහිතො ගිජ්ඣකූටෙ පබ්බතෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා
‘‘න
‘‘ඉධ, මොග්ගල්ලාන, භික්ඛු සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. තමෙනං තෙ දෙවා එවං ජානන්ති - ‘අයං ඛො ආයස්මා සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. අප්පෙව නාම අයමායස්මා අනුලොමිකානි සෙනාසනානි පටිසෙවමානො කල්යාණමිත්තෙ භජමානො
|
56
“මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ, ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් වනාහි දේවතාවෝ දෙදෙනෙක් රාත්‍රිය ඉක්ම ගිය කල්හි දැකුම් කලු පැහැයෙන් මුළු ගිජුකුළු පෙදෙස බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමුණුනාහ. පැමිණ එකත්පසෙක සිටියාවු එක් දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය.
“ස්වාමිනි, මේ භික්ෂුණීහු මිදුණාහු වෙති.” (යනුවෙනි) අනික් දේවතාවා, “ස්වාමිනි, මේ භික්ෂුණීහු අනුපාදිශෙෂ වූවාහු මනාකොට මිදුණාහු වෙති.” යි මෙසේ සැළ කළහ. ශාස්තෲන් වහන්සේ දේවතාවන්ගේ වචනයට එකඟවූ සේක. ඉක්බිති ඒ දේවතාවෝ ශාස්තෲන් වහන්සේ එකඟවූ සේකැයි භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණාකොට එහිම අතුරුදහන් වූහ.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මේ රාත්‍රියෙහි දේවතාවෝ දෙදෙනෙක් මනහර රාත්‍රියෙහි පැහැපත් වර්ණයෙන් මුළු ගිජුකුළු පෙදෙස ආලෝකකොට මා යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ මා වැඳ එකත්පසෙක සිටියහ. මහණෙනි, එකත්පසෙක සිටියාවූ එක් දේවතාවෙක් මට මෙසේ සැළ කළේය. “ස්වාමිනි, මේ භික්ෂුණීහු මිදුනාහුය.” අනික් දේවතාවා මට මෙසේ සැළ කළේය. “ස්වාමිනි, මේ භික්ෂුණීහු අනුපාදිශෙෂයහ. මනාකොට මිදුණාහ.”
“මහණෙනි, ඒ දේවතාවෝ මෙය මට සැළ කළහ. මෙය සැළ කොට මට වැඳ ප්රදක්ෂිණාකොට එතැන්හි අතුරුදහන්වූහ. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වැඩ සිටියේ වෙයි. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. ‘සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, කවර නම් දෙවියන්ට මෙබඳු ඥානයක් වේද? එකල්හි වනාහි තිස්ස නම් භික්ෂුව ලඟදී කළුරිය කළේ එක්තරා බ්‍රහ්ම ලෝකයක උපන්නේ වෙයි. එහිද තිස්ස බ්‍රහ්ම තෙමේ මහර්ධි ඇත්තෙක, මහානුභාව ඇත්තෙකැයි ඔහු ගැන දනිත්.”
ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම යම්සේ වනාහි යම්සේ වනාහි හකුළුවන ලද අතක් දිගු කෙරේද, දිගු කරණ ලද අතක් හකුළුවාද, එපරිද්දෙන් ගිජුකුළු පව්වෙහි අතුරුදහන්වූයේ, ඒ බ්‍රහ්ම ලෝකයෙහි පහළ විය. තිස්ස බ්‍රහ්ම තෙම, එන්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ දුරින්ම දැක්කේමය. දැක, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය. “නිදුක්වූ මොග්ගල්ලානයෙනි, එනු මැනවි. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, යහපත් ගමනක් වේවා! මෙහි ඒම පිණිස බොහෝ කලකින් මේ පැමිණීම කෙළේය. මේ ආසනය පණවන ලදී. වැඩ හිඳිනු මැනවි. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයනි” යි (කීයේය.) ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටියේමය. තිස්ස බ්‍රහ්ම තෙමේද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ තිස්ස බ්‍රහ්මයාට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම මෙසේ කීයේය.
“තිස්යය, සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, තිස්සය, කවර දෙවියන්ට මෙබඳු ඥානයක් වේද?
“නිදුක්වූ මොග්ගල්ලානයෙනි, ‘සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, බ්‍රහාමකායික දෙවියන්ට මේ ඥානය වෙයි.” - “සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, තිස්සය, සියලුම බ්‍රහාමකායික දෙවියන්ට මේ ඥානය වේද?” “නිදුක්වූ මොග්ගල්ලානයෙනි, ‘සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, බ්‍රහාමකායික දෙවියන්ට මේ ඥානය නොවෙයි. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, බ්‍රහ්මවූ ආයුෂයෙන් සතුටුවූ බ්‍රහ්මවූ වර්ණයෙන් බ්‍රහ්මවූ සැපයෙන් බ්‍රහ්මවූ කීර්තියෙන් ආධිපත්‍යයෙන් සතුටුවූ යම් බ්‍රහ්ම කායිකයෝ වෙද්ද, ඒ මත්තෙහි මිදීම තතුසේ නොදනීද, ඔවුන්ට මේ ඥානය නොවෙයි. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, බ්‍රහ්මවූ, ආයුෂයෙන් අසතුටුවූ, වර්ණයෙන්, සැපයෙන්, කීර්තියෙන් බ්‍රහ්මවූ ආධිපත්‍යයෙන් අසතුටු වුවාහු ඒ මතු මිදීමද තතුසේ දනිද්ද, ඔවුන්ට සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයිද, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයිද, මේ ඥානය වෙයි.
“නිදුක්වූ මොග්ගල්ලානයෙනි, මෙහි මහණතෙම උභතොභාග විමුක්ත වූයේ (අර්හත් ඵලයෙහි අරූපධ්‍යාන පාදකොට විමුක්තවුයේ) වෙයි. ඒ කාරණය දෙවියෝ මෙසේ දනිත්. උභතොභාග විමුක්තවූ ආයුෂ්මත්තෙම ඔහුගේ කය යම්තාක්ද, ඒතාක් මෙහි පෙණෙත්. ශරීරයාගේ බිඳීමෙන් මනුෂ්‍යයෝ ඔහු නොදකිත්. නිදුක්වූ මොග්ගල්ලානයෙනි, අනුපාදිශෙෂයෙහි අනුපාදිශෙෂයයි ඒ දෙවියන්ට මේ ඥානය වෙයි. ආයුෂ්මත් මොග්ගල්ලානයෙනි, මෙහි මහණ පඤ්ඤා විමුක්ත (එකෙනෙහි අර්හත් ඵලය ලත්) වේද, ඒ දෙවියෝ ඒ කරුණ මෙසේ දනිත්. මේ ආයුෂ්මත්වු පඤ්ඤා විමුක්ත තෙම යම්තාක් ඔහුගේ කය තිබේද, ඒතාක් ඔහු දෙවි මිනිස්සු දකිත්. කායයාගේ බිඳීමෙන් පසු දෙවි මිනිස්සු ඔහු නොදකිත්.
“නිදුක්වු මොග්ගල්ලානයෙනි, මෙසේද ඒ දෙවියන්ගේ අනුපාදිශෙෂයෙහි හෝ අනුපාදිශෙෂයයි ඥානයක් වෙයි. මහණෙනි, මෙහි වනාහි භික්ෂුව ‘කායසක්ඛි’ වූයේද, අප්පණිහිත (විමොක්ෂයෙන් විමුක්තවූ) වෙයි. මේ කරුණ දෙවියෝ මෙසේ දනිත්. (2) ‘මේ ආයුෂ්මත් ‘කායසක්ඛි’ තෙම අනුලොම්වූ සේනාසනයන්, සේවනය කරන්නේ, කළ්‍යාණ මිත්‍රයන් භජනය කරන්නේ, හාත්පසින් ඉණද්‍රියයන් හික්මවනු ලබන්නේ, යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර කෙළවරකොට ඇති ඒ නිරුත්තර රහත්බව මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරන්නේ නම් ඉතා යෙහෙක.
“නිදුක්වූ මොග්ගල්ලානය, සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයි, මෙසේද ඒ දෙවියන්ට ඥානයක් වෙයි. නිදුක්වූ මොග්ගල්ලානය, මෙහි වනාහි භික්ෂු තෙම “දිට්ඨිප්පත්ත” වූයේ (පුඤ්ඤත්ත විමොක්ෂයෙන් විමුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකයා සොතාපත්තිඵල, සකෘදාගාමීඵල, අනාගාමී මාර්ගඵල, අර්හත් මාර්ග යන මේ මධ්යමාර්ගඵල සයෙහි දිට්ඨිප්පත්ත නම්.
(2) ‘මේ ආයුෂ්මත් ‘දිට්ඨිප්පත්ත’ තෙම අනුලොම්වූ සේනාසනයන්, සේවනය කරන්නේ, කළ්‍යාණ මිත්‍රයන් භජනය කරන්නේ, හාත්පසින් ඉණද්‍රියයන් හික්මවනු ලබන්නේ, යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර කෙළවරකොට ඇති ඒ නිරුත්තර රහත්බව මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරන්නේ නම් ඉතා යෙහෙක. (සද්ධාවිමුත්ත) වූයේ වෙයි. අනිමිත්ත විමොක්ෂයෙන් විමුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවකතෙම මතු සත් තැන්හිම සද්ධාවිමුත්ත නම්. ධම්මානුසාරී වූයේ වෙයි. (සුඤ්ඤත විමොක්ෂයෙන් විමුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රොතාපත්ති මාර්ග ඝණයෙහි ධම්මානුසාරි නම්.) ඒ කරුණ ඒ දෙවියෝ මෙසේ දනිත්. මේ ආයුෂ්මත් ධම්මසාරීතෙම (2) මේ ආයුෂ්මත් ‘සද්ධාවිමුත්ත’ තෙම අනුලොම්වූ සේනාසනයන්, සේවනය කරන්නේ, කළ්‍යාණ මිත්‍රයන් භජනය කරන්නේ, හාත්පසින් ඉණද්‍රියයන් හික්මවනු ලබන්නේ, යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර කෙළවරකොට ඇති ඒ නිරුත්තර රහත්බව මෙලොවම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරන්නේ නම් ඉතා යෙහෙක.
ඉක්බිති ආයුෂමත් මහාමොග්ගල්ලාන තෙම තිස්ස බ්‍රහ්මයාගේ වචනයට සතුටුවී අනුමෝදන්ව, යම්සේ වනාහි බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිගු කරන්නේද, දිගු කරණ ලද අතක් හකුළුවන්නේද, එපරිද්දෙන්ම බ්‍රහ්ම ලෝකයෙහි අතුරුදහන්වූයේ ගිජිකුළු පව්වෙහි පහළවිය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම තිස්ස බ්‍රහ්මයා සමග කථා සල්ලාපය යම් පමණද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට දැන්වීය.
“මොග්ගල්ලානය, තිස්ස බ්‍රහ්මයා විසින් තොපට සත්වැනිවූ අනිමිත්ත විහාරී පුද්ගලයා ප්‍රකාශ නොකළේය.”
“භාග්‍යවතුන් වහන්සේ යම් ඒ සත්වැනි අනිමිත්ත විහාරී පුද්ගලයා දේශනා කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලයයි. සුගතයන් වහන්ස, එයට මේ කාලයයි. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරා ගන්නාහුය.
“එසේ නම් මොග්ගල්ලානය, අසව. මනාකොට සිහි කරව. දේශනා කරන්නෙමි” “එසේය, ස්වාමිනි” යි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“මොග්ගල්ලානය, මේ ශාසනයෙහි භික්ෂු තෙම සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්තවූ චිත්ත සමාධියක් වේද, එයට සමවැද වාසය කරයි. ඔහු ගැන දෙවියෝ මෙසේ දනිත්. ‘මේ ආයුෂ්මත් තෙම සියලු නිමිති සිහි නොකිරීමෙන් නිමිති ඇල්ලීම් නැති සිතේ එකඟ කමට පත්වී සිටියි. මේ ආයුෂ්මත්තෙම යෝග්‍යවු සේනාසනයන් සේවනය කරන්නේ කළ්‍යාණ මිත්‍රයන් භජනය කරන්නේ, ඉන්ද්රිය සමත්ථයට පමුණුවන්නේ, යමක් පිණිස කුල පුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම අනගාරිය නම්වු ශාසනයෙහි පැවිදි වෙද්ද, බඹසර අවසන්කොට ඇති නිරුත්තර රහත්බව මෙලෙව්හිදීම තෙමේ යහපත් ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරන්නේ නම් ඉතා යෙහෙක යනුයි.
“මොග්ගල්ලානය, එපරිද්දෙන්ම සවුපාදිශෙෂයෙහි සවුපාදිශෙෂයයි මෙසේ ඥානය ඇතිවෙයි.”
|
4. සීහසෙනාපතිසුත්තං | 4. සීහ - දානඵල සූත්‍රය |
57
එවං මෙ සුතං - එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො සීහො සෙනාපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සීහො සෙනාපති භගවන්තං එතදවොච - ‘‘සක්කා නු ඛො, භන්තෙ, සන්දිට්ඨිකං දානඵලං පඤ්ඤාපෙතු’’න්ති?
‘‘තෙන හි, සීහ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි, සීහ, ඉධ ද්වෙ පුරිසා - එකො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, එකො පුරිසො සද්ධො දානපති
‘‘යො
‘‘තං කිං මඤ්ඤසි, සීහ, කං නු ඛො
‘‘තං කිං මඤ්ඤසි, සීහ, කස්ස නු ඛො අරහන්තො පඨමං පටිග්ගණ්හන්තා පටිග්ගණ්හෙය්යුං - ‘යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො’’’ති? ‘‘යො සො, භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කින්තං තස්ස අරහන්තො පඨමං පටිග්ගණ්හන්තා පටිග්ගණ්හිස්සන්ති! යො ච ඛො සො, භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො තස්සෙව අරහන්තො පඨමං පටිග්ගණ්හන්තා පටිග්ගණ්හෙය්යුං’’’.
‘‘තං කිං මඤ්ඤසි, සීහ, කස්ස නු ඛො අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙය්යුං - ‘යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො’’’ති? ‘‘යො සො, භන්තෙ, පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, කින්තං තස්ස අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙස්සන්ති! යො ච ඛො සො, භන්තෙ, පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො තස්සෙව අරහන්තො පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙය්යුං’’
‘‘තං
‘‘තං
‘‘තං කිං මඤ්ඤසි, සීහ, කො නු ඛො කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය - ‘යො වා සො පුරිසො අස්සද්ධො මච්ඡරී කදරියො පරිභාසකො, යො වා සො පුරිසො සද්ධො දානපති අනුප්පදානරතො’’’ති
‘‘යානිමානි, භන්තෙ, භගවතා සන්දිට්ඨිකානි දානඵලානි අක්ඛාතානි, නාහං එත්ථ භගවතො සද්ධාය ගච්ඡාමි. අහම්පි එතානි ජානාමි. අහං, භන්තෙ, දායකො දානපති, මං අරහන්තො පඨමං අනුකම්පන්තා අනුකම්පන්ති. අහං, භන්තෙ, දායකො දානපති, මං අරහන්තො පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමන්ති. අහං, භන්තෙ, දායකො දානපති, මය්හං අරහන්තො පඨමං පටිග්ගණ්හන්තා පටිග්ගණ්හන්ති
|
57
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සීහ නම් සේනාපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ සීහ සේනාපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය.
“ස්වාමිනි, සාන්දෘෂ්ටික (මෙලොවදී පෙනෙන) දාන ඵලය ප්‍රකාශ කරන්නට හැකි සේක්ද?”
“එසේ නම් සීහය, එයම මෙහිදී වාචාරන්නෙමි. යම් සේ ඔබට රුචිවන්නේ නම් ප්‍රකාශ කරව. සීහය මේ ලෝකයෙහි පුරුෂයෝ දෙදෙනෙකි.
“එක් පුරුෂයෙක් අශ්රද්ධාවත්ය. මසුරුය. තද මසුරුය. අපහාස කරන්නේය. එක් පුරුෂයෙක් සැදැහැවත්ය, දානපතිය, දීමෙහි ඇළුනේය. සීහය කුමක් සිතන්නෙහිද? (2) රහතුන් වහන්සේලා යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, (2) මින් කවරනම් පුරුෂයෙකුට අනුකම්පා කරන්නාහු අනුකම්පා කෙරෙත්ද?”
(1) “ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, (2) කිමෙක්ද, ස්වාමින් වහන්සේලා ඔහුට අනුකම්පා කරන්නාහු අනුකම්පා කෙරෙත්ද, (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද,)සඩ’ ඔහුටම රහතුන් වහන්සේලා පළමුව අනුකම්පා කරන්නාහු අනුකම්පා කරන්නහුය.”
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, (2) කවරකු වෙත රහතුන් වහන්සේලා පැමිණෙන්නාහු පැමිණෙද්ද?”
(1) “ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, (2) කිමෙක්ද, රහතුන් වහන්සේලා ඔහු වෙත පළමුව පැමිණෙන්නාහු පැමිණෙත්ද? (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, ඔහු වෙතම රහතුන් වහන්සේලා පළමුව පැමිණෙන්නාහු පැමිණෙත්.
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, සීහය, රහතුන් වහන්සේලා පළමුව කාගේ දානය පිළිගන්නාහු පිළිගනිද්ද?
“ස්වාමිනි, (1) යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, කිමෙක්ද, ඔහුගේ (දානය) රහතුන් වහන්සේලා පලමු පිළිගන්නාහු පිළිගනිද්ද? (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, ඔහුගේම (දානය) රහතුන් වහන්සේලා පළමුව පිළිගන්නාහු පිළිගනිත්.”
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, සීහය, රහතුන් වහන්සේලා කවරෙකුට පළමුව ධර්මය දේශනා කරන්නාහු දේශනා කරද්ද?
(1) “ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, කිමෙක්ද ඔහුට රහතුන් වහන්සේලා පළමුව ධර්මය දේශනා කරන්නාහු දේශන කෙරද්ද ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, ඔහුටම රහතුන් වහන්සේලා පළමුව ධර්මය දේශනා කරන්නාහු දේශනා කරත්.
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, කවරෙකුගේ යහපත් කීර්ති ශබ්දය නැගී යේද?”
(1) “ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, ස්වාමීනි, ඔහුගේ යහපත් කීර්ති ශබ්දය නැගී යන්නේද? (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද,)සඩ’ ඔහුටම රහතුන් වහන්සේලා පළමුව අනුකම්පා කරන්නාහු අනුකම්පා කරන්නහුය. ඔහුගේම යහපත් කීර්ති ශබ්දය නැගී යන්නේය.”
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, කවරෙක් වනාහි ඉදින් ක්ෂත්රිය පිරිසකටද, ඉදින් බ්‍රාහ්මණ පිරිසකටද, ඉදින් ගෘහපති පිරිසකටද, යන යම් යම්ම පිරිසක් වෙත පැමිණෙන්නේ නම් නොහැකිලී, නිර්භයව පැමිණෙන්නේද?”
“කිමෙක්ද ස්වාමිනි, (1) “ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, ඔහු වනාහි ඉදින් ක්ෂත්රිය පිරිසකටද, ඉදින් බ්‍රාහ්මණ පිරිසකටද, ඉදින් ගෘහපති පිරිසකටද, යන යම් යම්ම පිරිසක් වෙත පැමිණෙන්නේ නම් නොහැකිලී, නිර්භයව පිරිස් වෙත පැමිණේද?” (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, නොහැකිලී, නිර්භයව, පිරිස් වෙත පැමිණෙන්නේ වේ.”
(1) සීහය, කුමකැයි සිතන්නෙහිද? යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, සීහය කුමකැයි සිතන්නෙහිද? කවරෙක් කායයාගේ බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපදින්නේද?”
(1) “ස්වාමිනි, යම් ඒ පුරුෂයෙක් අශ්‍රද්‍ධාවත්ද, මසුරුද, තද මසුරුද, අපහාස කරන්නේද, කිමෙක්ද, ස්වාමිනි හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේද?” (3) යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්‍ධාවත්ද, දානපතිද, දීමෙහි ඇළුනේද, හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.”
“ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ සය වැදෑරුම් සාන්දෘෂ්ටික දානඵලයෝ දේශනා කරණ ලදුද, මම මෙහිලා භාග්‍යවතුන් වහන්සේට ඇදහීමෙන් නොයමි. මමද මෙය දනිමි. ස්වාමීනි, මම දායකවුයෙම්, දානපතිවු මාවෙත රහතුන් වහන්සේලා පළමුව අනුකම්පා කරන්නාහු අනුකම්පා කරත්. ස්වාමීනි, මම දායකවූයෙම් දානපතිවූ මා වෙත රහතුන් වහන්සේලා පළමුව පැමිණෙන්නාහු පැමිණෙත්. ස්වාමීනි, මම දායකවුයෙම්, දානපතිවුයෙම්, (මාගේ දානය රහතුන් වහන්සේලා පළමුව පිළිගන්නාහු පිළිගනිත්. ස්වාමිනි, මම දායකවූයෙම්, දානපති වූයෙම්, රහතුන් වහන්සේලා ධර්මය දේශනා කරන්නාහු, මට පළමුව ධර්මය දේශනා කරත්. ස්වාමිනි, මම දායකවූයෙම්, දානපති වූයෙම්, ‘සීහ සේනාපති දායකය, කාරකය, සංඝයාට උපස්ථාන කරන්නෙකැ’ යි මාගේ යහපත් කීර්ති ඝෝෂාව නැගී ගියේ වෙයි. ස්වාමිනි, මම දායකවූයෙම්, දානපති වූයෙම්, මම ක්ෂත්රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන යම් යම් ඒ පිරිසක් වෙත එළඹෙම්ද, නිර්භයව, නොහැකිලී එළඹෙමි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සාන්දෘෂ්ටික දාන ඵල සයක් දේශනා කරණ ලද්දේද, ඒවා පිළිබදව, මෙහිලා මම භාග්‍යවතුන් වහන්සේට ශ්‍රද්ධාවෙන් යමි. මමද එය දනිමි.” “සීහය, දායකවූ, දානපතිවූ තැනැත්තේ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වු ස්වර්ග ලෝකයෙහි උපදනේයයි. ස්වාමිනි, යමක් මට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේද, මම එය නොදනිමි. මෙහි වනාහි ඇදහීමෙන් යම්.”
“සීහය, දායකවූ දානපති තෙමේ කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වු ස්වර්ග ලෝකයෙහි උපදනේය. එය එසේමය.”
|
5. අරක්ඛෙය්‍යසුත්තං | 5. අරක්ඛෙය්‍ය ධම්ම සූත්‍රය |
58
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, තථාගතස්ස අරක්ඛෙය්යානි, තීහි ච අනුපවජ්ජො. කතමානි චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්යානි? පරිසුද්ධකායසමාචාරො, භික්ඛවෙ, තථාගතො; නත්ථි තථාගතස්ස කායදුච්චරිතං යං තථාගතො රක්ඛෙය්ය - ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසී’ති. පරිසුද්ධවචීසමාචාරො, භික්ඛවෙ, තථාගතො; නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං යං තථාගතො රක්ඛෙය්ය - ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසී’ති. පරිසුද්ධමනොසමාචාරො, භික්ඛවෙ, තථාගතො; නත්ථි තථාගතස්ස මනොදුච්චරිතං යං තථාගතො රක්ඛෙය්ය - ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසී’ති. පරිසුද්ධාජීවො, භික්ඛවෙ, තථාගතො; නත්ථි තථාගතස්ස මිච්ඡාආජීවො යං තථාගතො රක්ඛෙය්ය - ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසී’ති. ඉමානි චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්යානි.
‘‘කතමෙහි තීහි අනුපවජ්ජො? ස්වාක්ඛාතධම්මො
‘‘සුපඤ්ඤත්තා ඛො පන මෙ, භික්ඛවෙ, සාවකානං නිබ්බානගාමිනී පටිපදා. යථාපටිපන්නා මම සාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ
‘‘අනෙකසතා ඛො පන මෙ, භික්ඛවෙ, සාවකපරිසා ආසවානං ඛයා...පෙ.... සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සති - ‘ඉතිපි තෙ න අනෙකසතා සාවකපරිසා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී’ති. නිමිත්තමෙතං, භික්ඛවෙ, න සමනුපස්සාමි. එතමහං, භික්ඛවෙ, නිමිත්තං
‘‘ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි තථාගතස්ස අරක්ඛෙය්යානි, ඉමෙහි ච තීහි අනුපවජ්ජො’’ති. පඤ්චමං.
|
58
“මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් නොරැකියයුතු කරුණු සතරක් වෙති. කරුණු තුනකින් දොස් නොකිය හැකිවේ.
“තථාගතයන්ගේ ඒ නොරැකියයුතු කරුණු සතර කවරේද? මහණෙනි, තථාගතතෙම පිරිසිදුව කයේ පැවතුම් ඇත්තෙකි. මගේ මෙය අනෙකෙක් දැන නොගනීවායි යමක් තථාගතයන් වහන්සේ රකින්නේනම්, එබඳු කාය දුශ්චරිතයක් තථාගතයන්ට නැත. මහණෙනි, තථාගතතෙම පිරිසිදු වචනයේ පැවතුම් ඇත්තේය. මගේ මෙය අනෙකෙක් දැන නොගනීවායි යමක් තථාගතතෙම ආරක්ෂා කරන්නේනම්, එබඳු වචනයේ වරදක් තථාගතයන්ට නැත. මහණෙනි, තථාගතතෙම පිරිසිදු හිතේ පැවතුම් ඇත්තේය. මගේ මෙය අනෙකෙක් දැන නොගනීවායි යමක් තථාගතතෙම ආරක්ෂා කරන්නේනම්, එබඳු හිතේ වරදක් තථාගතයන් වහන්සේට නැත. මහණෙනි, තථාගතතෙම පිරිසිදු ආජීවය (දිවි පැවැත්ම) ඇත්තෙක. මගේ මෙය අනෙකෙක් නොදනීවායි යමක් රකින්නේනම්, එබඳු වැරදි දිවි පැවැත්මක් තථාගතයන්ට නැත. මේ සතර තතාගතයන් වහන්සේගේ නොරැකියයුතු කරුණු සතර වෙති.
“කවර තුනෙකින් දොස් නොකිය යුතුද? තථාගතයන් වහන්සේ මනාව දෙසූ ධර්මය ඇත්තේය. මහණෙනි, මෙහිලා ඒ මට (2) ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ, කරුණු සහිතව මෙසේද ඔබ මනාව ධර්මය නොදෙසූවෙකැයි චෝදනා කරන්නේද, මහණෙනි, මෙබඳු කාරණයක් නොදක්නෙමි. මහණෙනි, මම මේ කාරණයද නොදක්නේ, ක්ෂෙම ප්‍රාප්ත වූයේ, අභය ප්‍රාප්ත වුයේ, විශාරදත්වයට පැමිණියේ වාසය කරමි.”
“මහණෙනි, මා විසින් ශ්රාවකයින්ට නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව මනාකොට පණවන ලදී. එසේ පිළිපන් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද (සිතේ නිදහස) ප්‍රඥා විමුක්තියද, මෙලෙව්හිම තුමූ ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කෙරෙත්. ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ, කරුණු සහිතව මෙසේද ඔබ මනාව ධර්මය නොදෙසූවෙකැයි චෝදනා කරන්නේද, මහණෙනි, මෙබඳු කාරණයක් නොදක්නෙමි. මහණෙනි, මම මේ කාරණයද නොදක්නේ, ක්ෂෙම ප්‍රාප්ත වූයේ, අභය ප්‍රාප්ත වුයේ, විශාරදත්වයට පැමිණියේ වාසය කරමි. (කෙසේද) යම් සේ පිළිපන් තථාගත ශ්‍රාවකයෝ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් පව් නැති චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලෙව්හිම තුමූ උසස් නුවණින් දැන, එයට පැමිණ වාසය කරන්නෝද, මෙබඳු ප්‍රතිපදාවෝ නොපනවන ලද්දෝයයි චෝදනා කරන්නාහුද, මහණෙනි, මෙබඳු කාරණයක් නොදක්නෙමි. මෙබඳු කාරණයක් නොදක්නාවූ මම ක්ෂෙම ප්‍රාප්තවූයේ, අභය ප්‍රාප්ත වූයේ, විශාරදත්වයට පැමිණියේ, වාසය කරමි.
“මහණෙනි, නොයෙක් සිය ගනන් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලෙව්හිම තෙමේ මනාකොට දැන එයට පැමිණ වාසය කෙරෙත්ද, එහි වනාහි ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ, ඒ නොයෙක් සිය ගණන් ශ්‍රාවක පිරිස ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, ප්‍රඥා විමුක්තියද නොලැබුයේයයි කරුණු සහිතව කියාද, මහණෙනි, මෙබඳු කාරණයක් නොදක්නෙමි. මහණෙනි, මේ කාරණයෙහිද, මම කරුණක් නොදක්නේ, ක්ෂෙම ප්‍රාප්තවූයේ, අභය ප්‍රාප්ත වූයේ, විශාරදත්වයට පැමිණියේ, වාසය කරමි.
“මේ කරුණු තුනෙන් දොස් නොකිය හැකිය. මහණෙනි, තථාගතයන් වහන්සේ පිළිබඳ නොරැකිය හැකි මේ සතර කාරණයෝය. මේ කරුණු තුනින් දොස් නොකිය හැකිය.”
|
6. කිමිලසුත්තං | 6. කිම්බිල චිරඨිතික සූත්‍රය |
59
එවං මෙ සුතං - එකං සමයං භගවා කිමිලායං විහරති නිචුලවනෙ
(වෙළුවනෙ (සී. ස්‍යා. කං. පී.) අ. නි. 5.202; 7.40). අථ ඛො ආයස්මා කිමිලො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා
‘‘ඉධ
‘‘කො
|
59
“මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගරය සමීපයෙහිවූ වෙළුවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය.
“ස්වාමීනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය විරස්ථායී නොවේද? හේතු කවරේද?”
“කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි භික්ෂූහුද, භික්ෂුණීහුද, උපාසකවරුද, උපාසිකාවරුද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, ධර්මයෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, සඞ්ඝයා කෙරෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, ශික්ෂාවෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, සමාධියෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, අප්‍රමාදයෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, පිළිසඳරෙහි අකීකරුවූවෝ, අගෞරවවූවෝ, වාසය කරත්ද, කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය චිරස්ථායි නොවේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.”
“ස්වාමිනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් හෙයකින් සද්ධර්මය චිරස්ථායී වේද, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද? “කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි මේ ශාසනයෙහි භික්ෂූහුද, භික්ෂුණිහුද, උපාසකවරුද, උපාසිකාවරුද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, ධර්මයෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, සඞ්ඝයා කෙරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, සමාධිය කෙරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, අප්‍රමාදයෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, පිළිසඳරෙහි ගෞරව සහිතව, කීකරුව වෙසෙද්ද, කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු යම් හෙයකින් සද්ධර්මය චිරස්ථායි වේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.”
|
7. සත්තධම්මසුත්තං | 7. පටිසල්ලීනභික්ඛු සූත්‍රය |
60
‘‘සත්තහි
|
60
“මහණෙනි, කරුණු සතකින් යුක්තවු භික්ෂුව කල් නොයවාම ආශ්‍රවයන් ක්ෂය වූයේ, අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලෙව්හිම තෙමේ යහපත් ඥානයෙන් දැන ප්රත්යක්ෂනොට වාසය කරන්නේය.
“කවර කරුණු සතකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශ්රද්ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, විවේකයෙන් යුක්ත වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, සිහි ඇත්තේ වේද, ප්‍රඥා ඇත්තේ වේද, මහණෙනි, කරුණු සතකින් යුක්තවු භික්ෂුව කල් නොයවාම ආශ්‍රවයන් ක්ෂය වූයේ, අනාශ්‍රවවූ චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලෙව්හිම තෙමේ යහපත් ඥානයෙන් දැන ප්රත්යක්ෂනොට වාසය කරන්නේය.
|
8. පචලායමානසුත්තං | 8. පචලායන සූත්‍රය |
61
එවං මෙ සුතං - එකං සමයං භගවා භග්ගෙසු විහරති සුසුමාරගිරෙ භෙසකළාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො මගධෙසු කල්ලවාළපුත්තගාමෙ
(කල්ලවාලමුත්තගාමෙ (ස්‍යා.)) පචලායමානො නිසින්නො
‘‘පචලායසි නො ත්වං, මොග්ගල්ලාන, පචලායසි නො ත්වං, මොග්ගල්ලානා’’ති? ‘‘එවං, භන්තෙ’’
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙය්යාසි අනුවිචාරෙය්යාසි, මනසා
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, උභො කණ්ණසොතානි ආවිඤ්ඡෙය්යාසි
(ආවිඤ්ජෙය්යාසි (සී. ස්‍යා.)), පාණිනා ගත්තානි අනුමජ්ජෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, උට්ඨායාසනා උදකෙන අක්ඛීනි අනුමජ්ජිත්වා
(පනිඤ්ජිත්වා (ක.)) දිසා අනුවිලොකෙය්යාසි
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, ආලොකසඤ්ඤං මනසි කරෙය්යාසි, දිවාසඤ්ඤං අධිට්ඨහෙය්යාසි - යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා. ඉති විවටෙන
(විවට්ටෙන (ස්‍යා.), මිද්ධවිගතෙන (ක.)) චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙය්යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
‘‘නො
‘‘නො
‘‘තස්මාතිහ, මොග්ගල්ලාන, එවං සික්ඛිතබ්බං - ‘න උච්චාසොණ්ඩං පග්ගහෙත්වා කුලානි උපසඞ්කමිස්සාමී’ති. එවඤ්හි තෙ, මොග්ගල්ලාන, සික්ඛිතබ්බං. සචෙ, මොග්ගල්ලාන, භික්ඛු උච්චාසොණ්ඩං පග්ගහෙත්වා කුලානි උපසඞ්කමති, සන්ති හි, මොග්ගල්ලාන, කුලෙසු කිච්චකරණීයානි. යෙහි මනුස්සා ආගතං භික්ඛුං න මනසි කරොන්ති, තත්ර භික්ඛුස්ස එවං හොති - ‘කොසු නාම ඉදානි මං ඉමස්මිං කුලෙ පරිභින්දි, විරත්තරූපා දානිමෙ මයි මනුස්සා’ති. ඉතිස්ස අලාභෙන මඞ්කුභාවො, මඞ්කුභූතස්ස උද්ධච්චං, උද්ධතස්ස අසංවරො, අසංවුතස්ස ආරා චිත්තං සමාධිම්හා.
‘‘තස්මාතිහ, මොග්ගල්ලාන, එවං සික්ඛිතබ්බං - ‘න විග්ගාහිකකථං කථෙස්සාමී’ති. එවඤ්හි තෙ, මොග්ගල්ලාන, සික්ඛිතබ්බං. විග්ගාහිකාය, මොග්ගල්ලාන, කථාය සති
එවං වුත්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච - ‘‘කිත්තාවතා නු ඛො, භන්තෙ, භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සාන’’න්ති?
‘‘ඉධ, මොග්ගල්ලාන, භික්ඛුනො සුතං හොති - ‘සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති; එවඤ්චෙතං, මොග්ගල්ලාන, භික්ඛුනො සුතං හොති - ‘සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති. සො සබ්බං ධම්මං අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය
|
61
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාර නම් පර්වතය අසල මිගදාය නම්වූ භෙස කලාවනයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටියේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටිනු දැක බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිග හරින්නේ යම් සේද, දිග හරින ලද අතක් හකුළුවන්නේ යම් සේද, එපරිද්දෙන්ම භගුරට සුංසුමාර පර්වතය ආසන්නයෙහි මිගදාය නම්වූ භෙස කලාවනයෙහි අන්තර්ධානවූයේ, මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි ආයුෂ්මත්වූ මොග්ගල්ලාන ස්ථවිරයන් ඉදිරියෙහි පහළවිය. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ සිට වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.
“මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද? මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද?” - “ස්වාමීනි, එසේය.”
“එසේ නම් මොග්ගල්ලානය, යම් සංඥාවක් ඇතිව වාසය කරන්නාවු ඔබ මැලි ගතියට බැස ගන්නෙහිද, ඒ සංඥාව මෙනෙහි නොකරව. ඒ සංඥාව බහුල වශයෙන් මෙනෙහි නොකරව. යම් සේ මෙසේ වාසය කරණ ඔබට මැලි ගතිය පහවන්නේය යන කරුණු පවතී. මෙසේ වාසය කරණ ඔබට ඉදින් ඒ මැලි ගතිය පහනොවන්නේ නම්, එබැවින් අසන ලද ධර්මයක් සිතින් නැවත කල්පනා කරව. නැවත සිහි කරව. සිතින් නැවත විමසව. සිත මෙහෙයවා බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, මොග්ගල්ලානය, එබැවින් ඔබ දෙකන් සිදුරු යා කරන්නෙහිය. අතින් ශරීරය පිරිමදින්නෙහිය. (2) යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ අස්නෙන් නැගිට ඇස් තෙමා දිශාවන් බලව. නැකැත් තරු හා තරු රූප බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ ආලෝක සංඥාව සිහි කරව. දහවලය යන සංඥාව සිතින් ගනුව. ‘දවාල යම් සේද, රාත්‍රියත් එසේය. රාත්‍රිය යම් සේද, දවාලත් එසේය’ යි මෙසේ විවෘතවූ වට නොකළ සිතින් ප්‍රභා සහිත සිත වඩව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේ නම්, එතැන් පටන් ඔබ ඉදිරිය, පසුව යන හැඟීම ඇත්තේ, අභ්‍යන්තර ගත ඉන්ද්රියයන්ගෙන් විවේකවූ සිතින් ඒ සක්මනට බසුව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ නිදි මැලි ගතිය ඉදින් දුරු නොවේද, ඉක්බිති මොග්ගල්ලානය, ඔබ පයින් පය එකට තබා සීහ සෙය්යාව කරව. සිහි ඇත්තේ, මනා දැනීම් ඇත්තේ, උත්ථාන (නැගිටීමේ) සංඥාව මෙනෙහි කොට මොග්ගල්ලානය, පිබිදියාවූ ඔබ නිද්‍රා සුඛය, ස්පර්ශ සුඛය, මැලි බවෙහි සුඛය යන මෙහි නොයෙදුණේ වාසය කරන්නෙමියි වහාම නැගිටිය යුතුය.
“මෙසේ වනාහි ඔබ හික්මිය යුතුය. එහෙයින් මොග්ගල්ලානය, මෙහිලා බලවත් ගිජුකම දැඩිකොට ගෙන කුලයන් වෙත නොඑළඹෙන්නෙමියි මෙසේ හික්මිය යුතුය. මොග්ගල්ලානය, ඔබ මෙසේද හික්මිය යුතුයි. මොග්ගල්ලානය, ඉදින් මහණතෙම බලවත් ගිජුකම දැඩිකොට ගෙන කුලයන් වෙත පැමිණේද, මොග්ගල්ලානය, කුලයන්හි කළයුතු වැඩ ඇත. යම් හෙයකින් මිනිස්සු පැමිණියාවූ භික්ෂුව සිහි නොකෙරෙති. එකල්හි භික්ෂුවට, ‘දැන් මා කෙරෙහි මේ මිනිස්සු වෙනස්වූවා සේය. දැන් මේ මිනිස්සු මා කෙරෙහි කලකිරුණාහු වැනිය’ යි මෙබඳු සිතක් වෙයි. මෙසේ ඒ භික්ෂුවට අලාභයෙන් මකු බවද, මකු ගතිය ඇත්තහුට උද්ධච්චය (සිතේ නොන්සුන්කම) ද උද්ධච්චවූවහුට අසංවරයද, අසංවරවූවහුට සිත සමාධියෙන් දුරු වීමද වේ.
“මොග්ගල්ලානය, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුය. ‘කලහයට හේතුවන කථාව නොකරන්නෙමි’ යි කියායි. මොග්ගල්ලානය, ඔබ මෙසේද හික්මිය යුතුය. මොග්ගල්ලානය, කලහයට හේතුවූ කථාව ඇති කල්හි බහුලව කථා කිරීම බලාපොරොත්තු විය යුතුය. බහුල කථාව ඇති කල්හි නොසන්සුන් කමද, නොසන්සුන්කම ඇත්තහුට අසංවරයද, අසංවරය ඇත්තහුට, සිත සමාධියෙන් දුරු වීමද වේ.
“මොග්ගල්ලානය, මම සියල්ලන් සමගම එක්වීම හොඳයයි නොකියමි. මොග්ගල්ලානය, මම සියල්ලන් සමගම එක්වීම නරකයයිද නොකියමි. මොග්ගල්ලානය, මම ගිහියන් හා පැවිද්දන් සමග එක්වීම වර්ණනා නොකරමි. යම් ඒ ස්වල්පවු ශබ්දයන් ඇති, ස්වල්පවූ ඝොෂාවන් ඇති, මිනිසුන්ගේ ශබ්ද නැති, මිනිසුන්ගේ රහස් බවට සුදුසු, විවේක වාසයට සුදුසු, යම් ඒ සේනාසනයෝ වෙද්ද, ඒ සේනාසනයන් සමග එක්වුම වර්ණනා කරමි.
“මෙසේ වදාළ කල්හි ආයුෂමත් මහා මොග්ගල්ලායන තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. “ස්වාමීනි, කොපමණකින් භික්ෂුතෙම කොටින් (අතිශයින්) නිවුනේ වෙයිද, කාමාදී බැමිවලින් අතිශයින් නිදහස ලැබූයේ වෙයිද, අතිශයින් බ්රහ්මවාරීවූයේ වෙයිද, දෙවි මිනිසුන්ට උතුම් වුයේ වෙයිද,
“මොග්ගල්ලානය, මේ ශාසනයෙහි භික්ෂුවට සියලු ධර්මයෝ අභිනිවෙසයට (-ඇලීමට) නුසුදුසුයයි ශ්‍රුතයක් (-අසනලද්දක්) වෙයි. මොග්ගල්ලානය, මෙහි භික්ෂුවට සියලු ධර්මයෝ අභිනිවෙසයට නුසුදුසුය කියා මේ ශ්‍රුතයක් වෙයිද, හෙතෙම සියලු ධර්මයන් දැන ගනියි. සියලු ධර්මයන් දැනගෙන සියලු ධර්මයන් පිරිසිඳ දනියි. සියලු ධර්මයන් පිරිසිඳ දැන, සැපවු හෝ දුක්වූ හෝ, සැප දුක් දෙකින් තොරවූ හෝ, යම් කිසි වේදනාවක් විඳියි. හෙතෙම ඒ වේදනාවන්හි අනිත්‍යය දකිමින් වාසය කරයි. නොඇලීම් වශයෙන් බලමින් වාසය කරයි. නිරෝධය (වේදනා සිත් නැති කිරීම) අනුව බලමින් වාසය කරයි. දුරු කිරීම අනුව බලමින් වාසය කරයි.
“එසේ අනිත්‍යය, විරාගය, නිරෝධය, පටිනිස්සග්ගය අනුව බලමින් වසන්නේ මේ ලෝකයෙහි කිසිවක් (දැඩිව අල්ලා ගැනීම් වශයෙන්) නොගනියි. එසේ නොගන්නේ ත්‍රස්ත නොවෙයි. ත්‍රස්ත නොවන්නේ තමා තුළම පිරිනිවේ.
“ඉපදීම අවසන්ය. බඹසර වැස නිමවන ලදී. සිවු මගින් කටයුතු දේ කරණ ලදි. මේ ආත්ම භාවයෙන් පසු අනිකක් නැතැයි දැන ගනියි. මොග්ගල්ලානය, මෙපමණකින් භික්ෂුව කොටින් තෘෂ්ණාව රැස් කිරීමෙන් මිදුනේ වෙයි. අතිශයින් තැන්පත්වූයේ, කාමාදී බැඳුම්වලින් නිදහස ලැබූයේ, අතිශයින් බ්‍රහ්මචාරී වුයේ, අතිශයින් (සිවු මගින් කටයුතු දේ) අවසන් වුයේ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.”
|
9. මෙත්තසුත්තං | 9. මා පුඤ්ඤභායී සූත්‍රය |
62
(ඉතිවු. 22 ඉතිවුත්තකෙපි) ‘‘මා
‘‘තත්ර සුදං, භික්ඛවෙ, බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං, භික්ඛවෙ, සක්කො අහොසිං දෙවානමින්දො; අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්ස මය්හං, භික්ඛවෙ, ඉමානි සත්ත රතනානි අහෙසුං, සෙය්යථිදං - චක්කරතනං, හත්ථිරතනං, අස්සරතනං, මණිරතනං, ඉත්ථිරතනං, ගහපතිරතනං, පරිණායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පන මෙ, භික්ඛවෙ, පුත්තා අහෙසුං සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසි’’න්ති
(අජ්ඣාවසන්ති (ස්‍යා.) අජ්ඣාවසති (සී. ක.)).
‘‘පස්ස පුඤ්ඤානං විපාකං, කුසලානං සුඛෙසිනො
(සුඛෙසිනං (සී.));
මෙත්තං චිත්තං විභාවෙත්වා, සත්ත වස්සානි භික්ඛවො
(භික්ඛවෙ (ක.));
සත්තසංවට්ටවිවට්ටකප්පෙ
‘‘සංවට්ටමානෙ
විවට්ටමානෙ ලොකස්මිං, සුඤ්ඤබ්රහ්මූපගො අහුං.
‘‘සත්තක්ඛත්තුං මහාබ්රහ්මා, වසවත්තී තදා අහුං;
ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජමකාරයිං.
‘‘චක්කවත්තී
මුද්ධාවසිත්තො
‘‘අදණ්ඩෙන අසත්ථෙන, විජෙය්ය පථවිං ඉමං;
අසාහසෙන කම්මෙන
(ධම්මෙන (සී. ස්‍යා.)), සමෙන අනුසාසි තං.
‘‘ධම්මෙන රජ්ජං කාරෙත්වා, අස්මිං පථවිමණ්ඩලෙ;
මහද්ධනෙ මහාභොගෙ, අඩ්ඪෙ අජායිහං කුලෙ.
‘‘සබ්බකාමෙහි සම්පන්නෙ
(සම්පුණ්ණෙ (ක.)), රතනෙහි ච සත්තහි;
බුද්ධා සඞ්ගාහකා ලොකෙ, තෙහි එතං සුදෙසිතං.
‘‘එසො හෙතු මහන්තස්ස, පථබ්යො මෙ න විපජ්ජති
(එස හෙතු මහන්තස්ස, පුථබ්යො යෙන වුච්චති (සී. ස්‍යා.));
පහූතවිත්තූපකරණො, රාජා හොති
(හොමි (සී. ස්‍යා.)) පතාපවා.
‘‘ඉද්ධිමා යසවා හොති
(හොමි (සී. ස්‍යා.)), ජම්බුමණ්ඩස්ස
(ජම්බුසණ්ඩස්ස (සී. ස්‍යා.)) ඉස්සරො;
කො සුත්වා නප්පසීදෙය්ය, අපි කණ්හාභිජාතියො.
‘‘තස්මා
සද්ධම්මො ගරුකාතබ්බො, සරං බුද්ධානසාසන’’න්ති. නවමං;
|
62
“මහණෙනි, පින් වලට භය නොවව්. යම් ඒ පිනක් වේනම්, එය සැපතට එක්තරා නමකි. මහණෙනි, බොහෝ කල් කරණ ලද පින්වල හේතුවෙන් බොහෝ කල් කැමති විය යුතු, සිත් අදනාවූ, මන වඩන්නාවූ විපාකය වින්දෙමි. සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙමි. සත් වසක් මෛත්‍රි සිත වඩා සංවර්ත (නැසෙන) විවර්ත (වැඩෙන) කල්ප සතක් මේ ලෝතයට නැවත නොආයෙමි. මහණෙනි, මම කල්පය විනාශවන කල්හි ආභස්සර බඹලොවට පැමිණෙමි. කල්පය හටගැණෙන කල්හි හිස්වූ බඹ විමනක උපදිමි. මහණෙනි, එහි වනාහි මඩින්නාවූ, නොමැඩිය හැකි සියල්ල දක්නාවූ, යටතෙහි පවත්වන්නාවූ, මහා බ්‍රහ්මයෙක් වීමි. මහණෙනි, සතිස් වාරයක් දෙවියන්ට අධිපතිවු ශක්‍රයා වීමි. සත් රුවනින් යුත් ජනපදයන්ගේ අර්ථාවරණයට පත්, සිවු මහා දිවයින් දිනන ලද, ධාර්මිකවූ, ධර්මයට රජවූ, චක්‍රවර්ති රජ වීමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයෝ වූහ.
“ඒ කවරහුද? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මණි රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති (සිටු) රත්නය, පරිනායක (පුත්‍ර) රත්නයම සත්වෙනි වේ.
“මහණෙනි, මට සූරවූ, වීරවූ, අඟ පසඟ ඇති, අන්‍ය සේනා මැඩිය හැකි පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ සක්විති රජ තෙම සාගරය කෙළවර කොට ඇති මේ පෘථිවිය දණ්ඩනයක් නොකොට ආයුධ ආදියක් නොගෙන, ධර්මයෙන් දිනා වාසය කරයි.
“සැප සොයන්නවුනි, කුශලයන්ගේ, පුණ්‍යයන්ගේ විපාකය බලව්. මහණෙනි, සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෛත්‍රී සිත වඩා මහා කල්ප සතක් මුළුල්ලෙහි මේ ලෝකයට නැවත නොආයෙමි. ලෝකය විනාශවන කල්හි ආභස්සර බ්‍රහ්ම ලෝකයට ගියෙමි.”
“ඒ මම ලෝකය වැඩෙන කල්හි හිස්වූ බ්‍රහ්ම ලෝකයට ගියේ වෙමි. එකල්හි සත් වාරයක අනුන් වසඟයෙහි පවත්නාවූ මහා බ්‍රහ්ම වූයෙමි. සතිස් වාරයක් දෙවියන්ට අධිපතිවූයේ, දිව්‍ය රාජ්‍යය කරවූයෙමි. (නොයෙක් සිය ගණන් වාරයෙහි) දඹදිවට නායකවූ සක්විති රජ වීමි.”
“ඔටුණු පලන් ක්ෂත්රියවූ මිනිසුන්ට අධිපතියෙක් වීම්ද, ඒ මම පොළොව දඬුවමක් නැතිව, ආයුධ ආදියක් නැතිව ජයගෙන, සාහසික නොව, දැහැමෙන්, සෙමෙන්, අනුශාසනා කළෙමි. මේ පෘථිවි මණ්ඩලයෙහි දැහැමින් රාජ්‍යය කරවා මහත් ධන ඇති, මහත් සම්පත් ඇති, ධනයෙන් ආඪ්‍යවූ, සියලු කාමයන්ගෙන් හා සත් රුවනින්ද යුක්තවූ, පූජ්‍ය කුලයෙහි උපන්නෙමි.”
“ලෝකයෙහි බුදුවරයෝ සංග්‍රහ කරන්නාහු වෙත්ද, ඒ බුදුවරයන් විසින් මනාකොට මේ කරුණ දේශනා කරණ ලද්දේය. යම් හෙයකින් පොළොවට අධිපතියයි කියණු ලැබේද, මෙය උසස් බවට හේතුවකි.
“බොහෝ වස්තු, උපකරණ ඇති, තේජසින් යුත් රජ වෙමි. දඹදිවට අධිපති වූයේ, මහත් ඎද්ධි ඇති, මහත් යශස් ඇති වෙමි. එහෙයින් හීනජාති ඇත්තේ නමුදු, කවරෙක් මේ කරුණ අසා නොපහදින්නේද, පහදින්නේමය.
“එහෙයින් ගුණයෙන් මහත් බව කැමති වන්නාවූ, තමන්ගේ දියුණුව, අනුන්ගේ දියුණුව කැමැත්තහු විසින් බුදුවරයන්ගේ අනුශාසනාව සිහි කරමින් සද්ධර්මය ගරු කට යුත්තේය.”
|
10. භරියාසුත්තං | 10. සුජාතඝර සුණ්හා සූත්‍රය |
63
අථ
‘‘කිං
අථ ඛො භගවා සුජාතං ඝරසුණ්හං ආමන්තෙසි - ‘‘එහි, සුජාතෙ’’ති! ‘‘එවං, භන්තෙ’’ති ඛො සුජාතා ඝරසුණ්හා භගවතො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සුජාතං ඝරසුණ්හං භගවා එතදවොච
‘‘සත්ත ඛො ඉමා, සුජාතෙ, පුරිසස්ස භරියායො. කතමා සත්ත? වධකසමා, චොරීසමා, අය්යසමා, මාතාසමා, භගිනීසමා, සඛීසමා, දාසීසමා. ඉමා ඛො, සුජාතෙ, සත්ත පුරිසස්ස භරියායො. තාසං ත්වං කතමා’’ති? ‘‘න ඛො අහං
(නාහං (ස්‍යා.)), භන්තෙ, ඉමස්ස භගවතා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ, භන්තෙ, භගවා තථා ධම්මං දෙසෙතු යථාහං ඉමස්ස භගවතා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ජානෙය්ය’’න්ති. ‘‘තෙන හි, සුජාතෙ, සුණාහි, සාධුකං මනසි කරොහි; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො සුජාතා ඝරසුණ්හා භගවතො පච්චස්සොසි. භගවා එතදවොච -
‘‘පදුට්ඨචිත්තා
අඤ්ඤෙසු රත්තා අතිමඤ්ඤතෙ පතිං;
ධනෙන කීතස්ස වධාය උස්සුකා,
යා එවරූපා පුරිසස්ස භරියා;
‘වධා ච භරියා’ති ච සා පවුච්චති.
‘‘යං ඉත්ථියා වින්දති සාමිකො ධනං,
සිප්පං වණිජ්ජඤ්ච කසිං අධිට්ඨහං;
අප්පම්පි තස්ස අපහාතුමිච්ඡති,
යා
‘චොරී ච භරියා’ති ච සා පවුච්චති.
‘‘අකම්මකාමා
ඵරුසා ච චණ්ඩී දුරුත්තවාදිනී;
උට්ඨායකානං අභිභුය්ය වත්තති,
යා එවරූපා පුරිසස්ස භරියා;
‘අය්යා ච භරියා’ති ච සා පවුච්චති.
‘‘යා
මාතාව පුත්තං අනුරක්ඛතෙ පතිං;
තතො ධනං සම්භතමස්ස රක්ඛති,
යා එවරූපා පුරිසස්ස භරියා;
‘මාතා ච භරියා’ති ච සා පවුච්චති.
‘‘යථාපි ජෙට්ඨා භගිනී කනිට්ඨකා
(කණිට්ඨා (සී.), කනිට්ඨා (ස්‍යා.)),
සගාරවා හොති සකම්හි සාමිකෙ;
හිරීමනා
යා එවරූපා පුරිසස්ස භරියා;‘භගිනී ච භරියා’ති ච සා පවුච්චති.
‘‘යාචීධ දිස්වාන පතිං පමොදති,
සඛී සඛාරංව චිරස්සමාගතං;
කොලෙය්යකා සීලවතී පතිබ්බතා,
යා එවරූපා පුරිසස්ස භරියා;
‘සඛී ච භරියා’ති ච සා පවුච්චති.
‘‘අක්කුද්ධසන්තා වධදණ්ඩතජ්ජිතා,
අදුට්ඨචිත්තා පතිනො තිතික්ඛති;
අක්කොධනා භත්තුවසානුවත්තිනී,
යා එවරූපා පුරිසස්ස භරියා;
‘දාසී ච භරියා’ති ච සා පවුච්චති.
‘‘යාචීධ භරියා වධකාති වුච්චති,
‘චොරී ච අය්යා’ති ච යා පවුච්චති;
දුස්සීලරූපා ඵරුසා අනාදරා,
කායස්ස භෙදා නිරයං වජන්ති තා.
‘‘යාචීධ
‘දාසී ච භරියා’ති ච සා පවුච්චති;
සීලෙ ඨිතත්තා චිරරත්තසංවුතා,
කායස්ස භෙදා සුගතිං වජන්ති තා’’ති.
‘‘ඉමා
|
63
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු රැගෙන, අනේපිඬු මහ සිටුහුගේ නිවේශනය යම් තැනෙකද, එතැන්හි වැඩි සේක. වැඩ, පැනවූ අස්නෙහි හිඳගත් සේක. එකල්හි වනාහි අනේපිඬු මහ සිටුහුගේ ගෘහයෙහි මහා හඬින්, මහා ශබ්දයෙන් කථා කරන්නාහු වෙති. ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පස්ව සිටියේය. එකත්පසෙක සිටියාවූ අනාථපිණ්ඩික ගෘහපතිහුහට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ගෘහපතිය, කවර හෙයින් ඔබගේ නිවාසයෙහි මිනිස්සු මහ හඬ නඟන්නෝද, මහා ශබ්ද පවත්වන්නෝද? මසුන් අල්ලන කෙවුලන් යයි සිතමි.”
“ස්වාමිනි, මේ සුජාතා නම් ලේලිය ධනයෙන් උසස්වු කුලයකින් ගෙන එන ලදී. ඇය නැන්දා හෝ මාමා ගණන් නොගනියි. හිමියා ගණන් නොගනියි. භාග්‍යවතුන් වහන්සේටද සත්කාර නොකරයි. ගරුකාර නොකරයි. බුහුමන් නොකරයි. පූජා නොකරයි.”
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුජාතා (ලේලිය)ට “සුජාතාවනි මෙහි එව” යි ආමන්ත්‍රණය කළ සේක. “එසේය, ස්වාමීනි” යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නීය. එකත්පසෙක හුන්නාවු සුජාතාවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“සුජාතාවෙනි, පුරුෂයාට භාර්‍ය්‍යාවෝ සත් දෙනෙකි. ඒ සත්දෙන කවරහුද? වධකයකු සමානවූවා, සෙරියක සමානවූවා, ස්වාමියකු සමානවූවා, මව සමානවූවා, සොහොයුරියක සමානවූවා, යෙහෙළියක සමානවූවා, දාසියක සමානවූවා, යනුය. මේ සත්දෙන සුජාතාවෙනි, පුරුෂයාට භාර්‍ය්‍යාවෝ වෙති. ඒ භාර්ය්යාවන්ගෙන් තී කවර තැනැත්තියක්ද?”
“ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටියෙන් දේශනා කරණ ලද්දෙහි විස්තර වශයෙන් අර්ත්ථය නොදනිමි. මම භාග්‍යවතුන් වහන්සේ විසින් කෙටියෙන් දේශනා කරණ ලද්දෙහි අර්ත්ථය යම්සේ විස්තර වශයෙන් දැනගන්නෙම් නම් එසේ භාග්‍යවතුන් වහන්සේ මට ධර්මය දේශනා කරණු මැනවි.
“එසේ නම් සුජාතාවෙනි, අසව. මනාකොට මෙනෙහි කරව. දේශනා කරන්නෙමි.” - “එසේය, ස්වාමීනි” යි සුජාතා (ලේලි) භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නීය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
(1) “පුරුෂයාගේ යම් භාර්‍ය්‍යාවක් තොමෝ දූෂිත සිත් ඇත්තීද, හිතානුකම්පා නැත්තීද, පර පුරුෂයන් (කෙරෙහි) ඇළුනීද, ස්වාමියා ඉක්මවා අනිකක්හු සිතන්නීද, ධනයෙන් මිළයට ගන්නා ලද්දියක් වන්නීද, ස්වාමියාහට වධ පිණිස උත්සාහ කරන්නීද, මෙබඳුවූ ඒ භාර්‍ය්‍යා තොමෝ වධක භාර්‍ය්‍යාවයයි කියනු ලැබේ. ඕ තොමෝ වධ කරන්නීද, භාර්ය්යාද, වේයයි කියනු ලැබේ.
(2) “ස්ත්‍රියගේ ස්වාමිපුරුෂතෙම ශිල්පයද, වෙළඳාමද, සීසෑමද කරන්නේ, යම් ධනයක් ලබාද, ඒ ධනයෙන් ස්වල්පයකුදු වෙන්කර ගන්ට පුරුෂයාගේ යම් භාර්‍ය්‍යාවක් තොමෝ කැමති වන්නීද, මෙබඳුවු ඒ භාර්‍ය්‍යාව (සොර) චොර භාර්‍ය්‍යාවයයි කියනු ලැබේ.
(3) “පුරුෂයාගේ යම් භාර්‍ය්‍යාවක් තොමෝ කටයුතු කර්මාන්ත නොකරනු කැමැත්තී, මැලි සිත් ඇත්තීද. බොහෝකොට අනුභව කරන්නීද, ක්රූරද, කෝපගති ඇත්තීද, නපුරු වචන කියන්නීද, උත්සාහවත් ස්වාමියාගේ ඒ උත්සාහය යටපත්කොට පවතීද, මෙබඳුවු ඒ භාර්‍ය්‍යාව ස්වාමි භාර්‍ය්‍යාවයයි කියනු ලැබේ.
(4) “යම් ස්ත්‍රියක් තොමෝ සෑම කල්හි ස්වාමියාට හිතානුකම්පා ඇත්තිද, පුත්‍රයා රක්නා මව මෙන් ස්වාමියා රකීද, යලිදු, ස්වාමියා විසින් රැස් කරණ ලද ධනය රකීද, පුරුෂයාගේ මෙබඳුවු යම් භාර්‍ය්‍යාවක් වන්නීද, ඕතොමෝ මාතෘ භාර්ය්යායයි කියනු ලැබේ.
(5) “බාල සොහොයුරී යම්සේ වැඩිමහලු සහෝදරයා කෙරෙහි ගෞරව සහිත වන්නීද, එමෙන් ස්වකීය ස්වාමියා කෙරෙහි ලජ්ජා සිත් ඇත්තී, ස්වාමියාගේ වසඟයෙහි පවත්නීද. ඕතොමෝ භගිනි භාර්ය්යායයි කියනු ලැබේ.
(6) “මේ ලෝකයෙහි යම් ස්ත්‍රියක් තොමෝ ස්වාමියා දැක බොහෝ කලකින් ආ යහලුවකුට යහළු තැනැත්තියක් සේ සතුටු වන්නීද, කුල සම්පන්නවු, ශීලයෙන් යුක්තවූ, ස්වාමීහු දෙවිකොට පැවතුම් ඇත්තීද, පුරුෂයාගේ මෙබඳු භාර්‍ය්‍යාවක් වන්නීද, ඕතොමෝ මිත්‍ර භාර්ය්යායයි කියනු ලැබේ.
(7) “කෝප නැත්තී, හිමියා විසින් (දණ්ඩක් ගෙන තී නසන්නෙමියි) දණ්ඩ වධයෙන් තර්ජනය කරණ ලද්දී, නොකිපුනාවූම, ද්වේෂ නොවු සිත් ඇත්තී, හිමියාගේ වරද ඉවසාද, පුරුෂයාගේ මෙබඳුවු යම් භාර්‍ය්‍යාවක් තොමෝ ස්වාමිහුගේ වසඟයෙහි පවත්නීද, ඒ භාර්‍ය්‍යා තොමෝ දාසි භාර්ය්යායයි කියනු ලැබේ.
(8) “මේ ලෝකයෙහි යම් භාර්‍ය්‍යාවක් තොමෝ වධක භාර්‍ය්‍යාවයයි කියනු ලබන්නීද, චෝරී භාර්‍ය්‍යාවයයි කියනු ලබන්නීද, යම් භාර්‍ය්‍යාවක් ස්වාමී භාර්‍ය්‍යාවයයි කියනු ලබන්නීද, දුස්සීල ස්වභාව ඇති, ක්‍රූරවූ, ආදර නැත්තාවූ, ඒ භාර්‍ය්‍යාවෝ තිදෙන, කය බිඳීමෙන් මරණින් මතු නරකයට යෙත්.
(9) “මේ ලෝකයෙහි යම් මාතෘ භාර්‍ය්‍යාවක් වන්නීද, යම් භගිනි භාර්‍ය්‍යාවක් වන්නීද, යම් මිත්‍ර භාර්‍ය්‍යාවක් වන්නීද, යම් ස්ත්‍රියක් තොමෝ දාසී භාර්‍ය්‍යාවයයි කියනු ලබන්නීද, ශීලයෙහි පිහිටි බැවින් බොහෝ කල් හික්මුණු ඒ භාර්‍ය්‍යාවෝ සතර දෙන කය බිඳීමෙන් මරණින් මතු සුගතියට යෙති.
“සුජාතාවෙනි, පුරුෂයාට මේ සප්ත භාර්‍ය්‍යාවෝ වෙති. ඒ සත් දෙනාගෙන් තී කවර තැනැත්තියද?”
“ස්වාමිනි, අද පටන් මම ස්වාමියාට දාසී සමාන භාර්‍ය්‍යාවයයි දරණු ලැබේවා.”
|
11. කොධනසුත්තං | 11. සපත්තකන්ත සූත්‍රය |
64
‘‘සත්තිමෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං දුක්ඛං සයෙය්‍යා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස සුඛසෙය්යාය නන්දති. කොධනොයං, භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො, කිඤ්චාපි සො පල්ලඞ්කෙ සෙති ගොනකත්ථතෙ පටලිකත්ථතෙ කදලිමිගපවරපච්චත්ථරණෙ සඋත්තරච්ඡදෙ උභතොලොහිතකූපධානෙ; අථ ඛො සො දුක්ඛඤ්ඤෙව සෙති කොධාභිභූතො. අයං, භික්ඛවෙ, දුතියො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං න පචුරත්ථො අස්සා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස පචුරත්ථතාය නන්දති
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං න භොගවා අස්සා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස භොගවතාය නන්දති. කොධනස්ස, භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස කොධාභිභූතස්ස කොධපරෙතස්ස, යෙපිස්ස තෙ හොන්ති භොගා උට්ඨානවීරියාධිගතා
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං න යසවා අස්සා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස යසවතාය නන්දති. කොධනොයං, භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො, යොපිස්ස සො හොති යසො අප්පමාදාධිගතො, තම්හාපි ධංසති කොධාභිභූතො. අයං, භික්ඛවෙ, පඤ්චමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං න
‘‘පුන
‘‘කොධනො දුබ්බණ්ණො හොති, අථො දුක්ඛම්පි සෙති සො;
අථො අත්ථං ගහෙත්වාන, අනත්ථං අධිපජ්ජති
(අධිගච්ඡති (සී.), පටිපජ්ජති (ස්‍යා.)).
‘‘තතො
කොධාභිභූතො පුරිසො, ධනජානිං නිගච්ඡති.
‘‘කොධසම්මදසම්මත්තො
ඤාතිමිත්තා සුහජ්ජා ච, පරිවජ්ජන්ති කොධනං.
(ඉතිවු. 88 ඉතිවුත්තකෙපි) ‘‘අනත්ථජනනො කොධො, කොධො චිත්තප්පකොපනො;
භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති.
‘‘කුද්ධො අත්ථං න ජානාති, කුද්ධො ධම්මං න පස්සති;
අන්ධතමං තදා හොති, යං කොධො සහතෙ නරං.
‘‘යං
පච්ඡා සො විගතෙ කොධෙ, අග්ගිදඩ්ඪොව තප්පති.
‘‘දුම්මඞ්කුයං පදස්සෙති
(සදස්සෙති (සී.), පඨමං දස්සෙති (ස්‍යා.)), ධූමං ධූමීව පාවකො;
යතො පතායති කොධො, යෙන කුජ්ඣන්ති මානවා.
‘‘නාස්ස හිරී න ඔත්තප්පං
(න අස්ස හිරී ඔත්තප්පඤ්ච (ක.)), න වාචො හොති ගාරවො;
කොධෙන අභිභූතස්ස, න දීපං හොති කිඤ්චනං.
‘‘තපනීයානි කම්මානි, යානි ධම්මෙහි ආරකා;
තානි ආරොචයිස්සාමි, තං සුණාථ යථා තථං.
‘‘කුද්ධො හි පිතරං හන්ති, හන්ති කුද්ධො සමාතරං;
කුද්ධො හි බ්රාහ්මණං හන්ති, හන්ති කුද්ධො පුථුජ්ජනං.
‘‘යාය
තම්පි පාණදදිං සන්තිං, හන්ති කුද්ධො පුථුජ්ජනො.
‘‘අත්තූපමා හි තෙ සත්තා, අත්තා හි පරමො
(පරමං (සී. ස්‍යා.)) පියො;
හන්ති
‘‘අසිනා හන්ති අත්තානං, විසං ඛාදන්ති මුච්ඡිතා;
රජ්ජුයා බජ්ඣ මීයන්ති, පබ්බතාමපි කන්දරෙ.
‘‘භූනහච්චානි
කරොන්තා නාවබුජ්ඣන්ති
(කරොන්තො නාවබුජ්ඣති (ක.)), කොධජාතො පරාභවො.
‘‘ඉතායං කොධරූපෙන, මච්චුපාසො ගුහාසයො;
තං දමෙන සමුච්ඡින්දෙ, පඤ්ඤාවීරියෙන දිට්ඨියා.
‘‘යථා මෙතං
(එකමෙතං (ස්‍යා.), එකමෙතං (සී.)) අකුසලං, සමුච්ඡින්දෙථ පණ්ඩිතො;
තථෙව ධම්මෙ සික්ඛෙථ, මා නො දුම්මඞ්කුයං අහු.
‘‘වීතකොධා අනායාසා, වීතලොභා අනුස්සුකා
(අනිස්සුකා (සී. ස්‍යා.) තදට්ඨකථාසු පන ‘‘අනුස්සුකා’’ ත්වෙව දිස්සති);
දන්තා කොධං පහන්ත්වාන, පරිනිබ්බන්ති අනාසවා’’ති
(පරිනිබ්බිස්සථනාසවාති (ස්‍යා.), පරිනිබ්බිංසු අනාසවාති (ක.)). එකාදසමං;
|
64
“මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇතිකරන්නාවූ, මේ ධර්ම සතක් ක්‍රොධ කරණ සුළු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ වෙත්.
“ඒ සත කවරේද? මහණෙනි, සතුරා සතුරාට මෙසේ කැමතිවෙයි. ඒකාන්තයෙන් මේ තෙම දුර්වර්ණ වන්නේ නම් යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ ශරීරයේ පැහැපත් බවට සතුටු නොම වෙයි. මහණෙනි, මේ පුරුෂ තෙම ක්‍රෝධ කරණ සුල්ලෙක් වූයේ, ක්‍රෝධයෙන් මැඩුණ කෙනෙක් වූයේ, ක්‍රෝධයෙන් යුක්ත කෙනෙක් වූයේ, මනාකොට නෑවේ වේද, සුවඳ විලවුන් ගැල්වූයේ වේද, කපන ලද දැලි රැවුල් ඇත්තේ වේද, සුදු (පිරිසිදු) වස්ත්‍ර ඇන්දේ වේද, ඉක්බිති හෙතෙම ක්‍රෝධයෙන් දුර්වර්ණ වූයේම වෙයි. “මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇති කරන්නාවූ, මේ පළමුවන ධර්මය මෙයින් ක්‍රෝධ කරණ ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි. මහණෙනි, නැවතද සතුරා සතුරාට මෙසේ කැමති වෙයි. මේ තෙම දුකසේ සයනය කරන්නේ නම් ඉතා යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ සුඛශෙය්යාවම කැමති නොවෙයි. මහණෙනි, මේ පුරුෂයා ක්‍රෝධ ඇත්තේ, ක්‍රෝධයෙන් මැඩුණේ, ක්‍රෝධයෙන් යුක්තවූයේ, හුදෙක් හෙතෙම දික් ලොම් ඇති ඇතිරිලිවලින් හෝ ගෙතූ මල් ඇති ඇතිරිලිවලින් යුත් දෙපස රතුවන් කොට්ටා ඇති ඇතිරිලිවලින් හෝ රැලි එල්ලී ඇති ඇතිරිලිවලින් හෝ මුවාදී සතුන්ගේ රූප ගෙතූ ඇතිරිලිවලින් හෝ වසන ලද කවිච්චියක සයනය කෙරේද, ඉක්බිති හෙතෙම ක්‍රෝධයෙන් මඩනා ලද්දේ දුකසේ සයනය කරයි.
“මහණෙනි, මේ සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇති කරන්නාවූ, දෙවන ධර්මය ක්‍රෝධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයකුට ඇතිවෙයි.
“නැවතද මහණෙනි, සතුරා සතුරාට මෙසේ කැමති වෙයි. මේ තෙමේ බොහෝ අභිවෘද්ධියට නොපැමිණෙන්නේ නම් යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ බොහෝ අභිවෘද්ධියට සතුටු නොවෙයි. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ ඇත්තේ, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ, අයහපත් දෙයක් ගෙන මා විසින් ගන්නා ලද්දේ, යහපත් දෙයක් යයි සිතයි. අයහපත් දෙයක් ගෙන මා විසින් ගන්නා ලද්දේ යහපත් දෙයකැයි සිතයි. ක්‍රෝධයෙන් මඩනා ලද්දාවූ මේ ධර්මයෝ අන්‍යොන්‍ය ප්රතිවිරුද්ධව ගන්නා ලද්දේ දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස පවතිත්. මහණෙනි, මේ සතුරන් ඇති කරන්නාවූ, සතුරන් ප්‍රිය කරන්නාවූ, තුන්වන ධර්මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.
“මහණෙනි, නැවතද සතුරා සතුරාට මෙසේ කැමතිවෙයි. මේ තෙමේ භොග සම්පත් ඇති නොවන්නෙක් වේ නම් ඉතා යෙහෙක යනුවෙනි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාට භොග ඇති කල්හි සතුටු නොවෙයි. මහණෙනි, ක්‍රොධ කරණ සුලු, ක්‍රෝධයෙන් මැඩුණාවූ, මේ පුද්ගලයාට උත්තාන වීර්‍ය්‍යයෙන් ලබන ලද බාහු බලයෙන් පුරුදු කරණ ලද, ඩහදිය වගුරුවන ලද, ධාර්මිකවු, දැහැමින් ලද්දාවු, ඒ භොගයෝ වෙද්ද, ක්‍රෝධයෙන් මැඩුණහුගේ ඒ ධනයන්ද රජවරු තුමූ රාජ කොෂ්ටාගාරයට (-භාණ්ඩාගාරයට) යවත්. මහණෙනි, මේ සතුරන් ඇති කරන්නාවූ, සතුරන් ප්‍රිය කරන්නාවූ, මේ සතරවන ධර්මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.
“මහණෙනි, නැවතද වනාහි සතුරා සතුරාට මෙසේ සිතයි. මේ තෙමේ කීර්ති ඇත්තෙක් නොවන්නේ නම් ඉතා යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ කීර්තියට සතුටු නොවේ. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ ඇත්තේ, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ, ක්‍රෝධයෙන් යුක්තවූයේ වේද, එබඳුවූ ඔහුගේ අප්‍රමාදයෙන් ලබන ලද යම් ඒ කීර්තියක් වේද, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ එයිනුදු නැසෙයි. මහණෙනි, මේ සතුරන් ප්‍රිය කරන්නාවු, සතුරන් ඇති කරන්නාවු, මේ පස්වන ධර්මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ පැමිණෙයි.
“මහණෙනි, නැවතද වනාහි සතුරාට මෙසේ කැමති වෙයි. මේ තෙමේ මිත්‍රයන් නැත්තෙක් වන්නේ නම් ඉතා යෙහෙක කියාය. එයට හේතු කවරේද? සතුරා සතුරාට මිත්‍රයන් ඇතිවිම ගැන සතුටු නොවෙයි. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ ඇත්තේ, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ, ක්‍රෝධයෙන් යුක්තවූයේ වේද, එබඳුවූ ඔහුගේ යම් මිත්‍රාමාත්‍යයෝ වෙද්ද, නෑ සහ ලේ නෑයෝ වෙද්ද, ඔවුහුද, ක්‍රෝධයෙන් මඩනා ලද ඔහු දුරින් දුරු කෙරෙත්. මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවු, සතුරන් ඇති කරන්නාවු, මේ සයවන ධර්මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.
“මහණෙනි, නැවතද වනාහි සතුරා සතුරාට මෙසේ සිතයි. මේ තෙමේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදින්නේ නම්, ඉතා යෙහෙක කියායි. එයට හේතු කවරේද? සතුරා සතුරාගේ සුගති ගමනින් නොසතුටු වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ කරණ සුලු වූයේ, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වේද, හෙතෙම කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. හෙතෙම කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ක්‍රෝධයෙන් මඩනා ලද හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. මහණෙනි, මේ සතුරන් ප්‍රිය කරන්නාවු, සතුරන් ඇති කරන්නාවු, සත්වන ධර්මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.
“මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇතිකරන්නාවූ, මේ ධර්ම සතක් ක්‍රොධ කරණ සුළු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ වෙත්.
“ක්‍රෝධ ඇති පුද්ගල තෙම දුර්වර්ණ ඇත්තේ වේ. යලිදු හෙතෙම දුකසේ සයනය කරයි. නැවත අර්ත්ථය (වැඩීම) ගෙන අනර්ථය මා විසින් ගන්නා ලද්දේ යයි සිතයි.
“ක්‍රෝධයෙන් මැඩුනාවූ පුරුෂ තෙම කයින්ද, වචනයෙන්ද ප්‍රාණඝාත කර්ම කොට නැවත ක්‍රොධ ඇත්තේ ධන හානියට පැමිණෙයි.
“ක්‍රොධ මදයෙන් මත්වුයේ, අයසට පැමිණෙයි. ක්‍රෝධය ඇත්තාවූ ඔහු ඥාති මිත්‍රයන් හා මනා සිත් ඇති යහළුවන් දුරු කරත්.
“ක්‍රෝධය තෙම අනර්‍ත්‍ථය උපදවන්නේය. ක්‍රෝධය සිත් කෝප කරවන්නේය. ඇතුළ (තමා සිත්හි) හටගත් ඒ ක්‍රෝධය භයට හේතුවන බැව් ජන තෙම (නුවණැස් නැති හෙයින්) නොදන්නේය.
“කිපුනු පුද්ගල තෙම යහපත නොදනියි. කිපුනු පුද්ගල තෙම ධර්මය නොදක්නේය. ක්‍රෝධය යම් කාලයෙක්හි මිනිසා මඩීද, එකල්හි (ඕහට) ගන අඳුර වේ.
“කිපුනු පුද්ගල තෙම අපහසුවූ දෙය පහසුවක් මෙන් සම්පාදනය කෙරේද, හෙතෙම ක්‍රෝධය පහවූ කල්හි ගින්නෙන් දන ලද්දක්හු මෙන් තැවේ.
“ක්‍රෝධය යම් කලෙක උපදීද, එකල්හි දුම් නගින හෙයින් ධූමාග්නියයි කියන ලද ගින්න මෙන් දුර්වර්ණ මුහුණ ඇති බව ආකාරයෙන් දක්වන්නේය. යම් පරිද්දෙකින් මනුෂ්‍යයෝ කිපෙද්ද, ඔවුන්ට පාපයෙහි ලජ්ජාවක් නොවන්නේය. පාපයෙහි බියක් නොවන්නේය. වචනයෙන්ද ගරුත්වයක් නොවන්නේය. ක්‍රෝධයෙන් වැඩුණ පුද්ගලයාට කිසි පිහිටක් නොවේ.
“සමථ විදර්ශනා මාර්ගයන්ගෙන් වෙන්වූ තැවෙන්නාවූ කටයුතු වෙද්ද, ඒ කර්මයන් කියන්නෙමි. එය තත්වූ පරිද්දෙන් අසව්.”
“කිපුනු සිතැත්තේ පියා නසයි. කිපුනු සිතැත්තේ සිය මව නසයි. කිපුනු සිතැත්තේ රහතුන් වහන්සේ නසයි. කිපුනු සිතැත්තේ පෘථග්ජනයා නසයි. “
“යම් මවක් විසින් පෝෂ්‍යය කරණ ලද්දාවූ පුරුෂ තෙම ලෝකය දකීද, ජීවිතය දුන්නාවූම ඒ මවද නසයි.
“කිපුනු පුද්ගල තෙම බොහෝ ජනයන් නසන්නේද, නසනු ලබන්නාවූ ඒ සත්ත්වයෝ වනාහි තමාට බඳු උපමා ඇත්තාහ. ආත්මය වනාහි අතිශයින් ප්‍රිය වේ. කිපුනු පුද්ගල තෙම නොයෙක් අරමුණුවල මුළාවූයේ බොහෝ කාරණයන් හේතුකොටගෙන ආත්මය නසයි.
“කිපුනු පුද්ගල තෙම කඩුවෙන් ආත්මය නසයි. මුලාවූවාහු විෂ අනුභව කෙරෙති. ගෙල වැළලා මැරෙත්. පර්වතයෙන් හා කඳු රැලියෙහිද (පැන) මැරෙත්.”
“නැසුනාවූ වැඩීම් ඇති තමන් මරණයට පමුණුවන්නාවූද, කර්මයන් කරන්නාහු හටගත් ක්‍රොධ ඇත්තේ පිරිහෙන්නේයයි නොදනිත්.”
“මෙසේ මෙය ක්‍රොධ ස්වරූපයෙන් මරුහුගේ පාශය වූයේ සිත් නමැති ගුහාවෙහි හෘදය රූපය නිසා පවත්තේය. ඒ ක්‍රෝධය විදර්ශනා ප්‍රඥාවෙන්ද, වීර්ය්යයෙන්ද, (මාර්ග සම්‍යක්-) දෘෂ්ටියෙන්ද (යන මේ) දමනයෙන් මනාකොට සිඳින්නේය.”
පණ්ඩිත තෙම එකම අකුශලයවූ මේ ක්‍රෝධය සිඳින්නේය. එපරිද්දෙන්ම අපට නොසතුටු මුහුණ ඇති බව නොවේවායි (සමථ විදර්ශනා) ධර්මයෙහි හික්මෙන්නේය.”
“පහකරණ ලද ක්‍රෝධය ඇති ආයාශ රහිතවු (දැඩි ලෝභය නැත්තාවු) පහකරණ ලද මෝහය ඇති, දැමුනාහු, ක්‍රෝධය නසා ආශ්‍රව රහිත වුවාහු, පිරිනිවන් පාත්.”
|